2. 1. 4. 6 අට්ඨකථා
2. 1. 4. 6
2. 1. 4. 6
ඡට්ඨෙ වරණායං විහරතීති වරණා නාම එකං නගරං, තං උපනිස්සාය විහරති. කාමරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානහෙතූති කාමරාගාභිනිවෙසහෙතු, කාමරාගවිනිබන්ධහෙතු, කාමරාගපලිගෙධහෙතු, කාමරාගපරියුට්ඨානහෙතු, කාමරාගඅජ්ඣොසානහෙතූති අත්ථො. ඉදං වුත්තං හොති – ය්වායං පඤ්ච කාමගුණෙ නිස්සාය උප්පජ්ජති කාමරාගො, තස්සාභිනිවෙසාදිහෙතු. කාමරාගෙන අභිනිවිට්ඨත්තා විනිබද්ධත්තා තස්මිංයෙව ච කාමරාගෙ මහාපඞ්කෙ විය පලිගෙධත්තා අනුපවිට්ඨත්තා තෙනෙව ච කාමරාගෙන පරියුට්ඨිතත්තා ගහිතත්තා කාමරාගෙනෙව ච අජ්ඣොසිතත්තා ගිලිත්වා පරිනිට්ඨපෙත්වා ගහිතත්තාති. දිට්ඨිරාගාදිපදෙසුපි එසෙව නයො. දිට්ඨිරාගොති පනෙත්ථ ද්වාසට්ඨි දිට්ඨියො නිස්සාය උප්පජ්ජනකරාගො වෙදිතබ්බො. පුරත්ථිමෙසු ජනපදෙසූති ථෙරස්ස වසනට්ඨානතො සාවත්ථිජනපදො පුරත්ථිමදිසාභාගෙ හොති, ථෙරො ච නිසීදන්තොපි තතොමුඛොව නිසින්නො, තස්මා එවමාහ. උදානං උදානෙසීති උදාහාරං උදාහරි. යථා හි යං තෙලං මානං ගහෙතුං න සක්කොති, විස්සන්දිත්වා ගච්ඡති, තං අවසෙසකොති වුච්චති. යඤ්ච ජලං තළාකං ගහෙතුං න සක්කොති, අජ්ඣොත්ථරිත්වා ගච්ඡති, තං ඔඝොති වුච්චති, එවමෙවං යං පීතිවචනං හදයං ගහෙතුං න සක්කොති, අධිකං හුත්වා අන්තො අසණ්ඨහිත්වා බහි නික්ඛමති, තං උදානන්ති වුච්චති, එවරූපං පීතිමයවචනං නිච්ඡාරෙසීති අත්ථො.
සයවෙනි සූත්‍රයෙහි වරණායං විහරති යනු වරණා නම්වූ එක් නුවරෙකි. එය ඇසුරුකොට වෙසෙයි. කාමරාග විනිවෙස විනිබද්ධ පලිගෙධ පරියුට්ටානජෙක්ධාසානහෙතු යනු කාමරාග විනිවෙසහෙතු, කාමරාගවිනිබද්ධහෙතු, කාමරාග පලිගෙධ හේතු, කාමරාග පරියුට්ඨාන හේතු, කාමරාග අජේක්ධාසාන හේතු යන අර්‍ත්‍ථයි. මෙය කියනලද්දේ වෙයි: ‘පස්කම් ගුණයක් නිසා යම් මේ කාමරාගයක් උපදීද එයට විනිවෙසාදී හේතු (වන්නේ) කාමරාගයෙන් ඇළුණු හෙයිනි, බැඳුණු හෙයිනි. ඒ කාමරාගයෙහිම මහමඩවගුරක මෙන් පලිගෙධයන් (ආශාවන්) කිඳා ඇති බැවිනි, ඒ කාමරාගයෙන්ම මඩනාලදබැවිනි, ගන්නාලදබැවිනි, කාමරාගයෙන්ම බැසගන්නාලද බැවිනි. ගිලී අවසන්කොට ගන්නාලදබැවිනි’ දිට්ඨිරාගාදී පදයන්හිද මේ ක්‍රමයමයි. මෙහි දිට්ඨිරාගයවනාහි දෙසැට දෘෂ්ටිය නිසා උපදිනරාගයයි දතයුතුය. පුරත්ථීමෙසු ජනපදෙසු යනු තෙරුන් වසන තැනින් සැවැත් ජනපදය පෙරදිගෙහි වෙයි. තෙරණුවෝද හිඳින්නාහු එදෙසට මුහුණලාම හුන්නාහුය. එබැවින් එසේකියනලදී. උදානං උදානෙසි යනු සතුටුවදනක් පළ කළහ. යම්සේවනාහි යම් තෙලක් මිනුමට (බඳුනට) ගත නොහැකි වේද උතුරා යයි ද එය ඉතිරිය (වැඩිදෙය) යි කියනුලැබේද යම් සැඩපහරක් ඉවුරදරා සිටීමට නොහැකිවේද පිටාරගලා යයිද එය ඕඝයයි කියනුලැබේද මෙසේම යම් සතුටු වදනක් හදවතට දැරීමට නොහැකිවේද වැඩිවී ඇතුළත නොදරා පිටතට නික්මෙයිද එය උදානයයි කියනුලැබේ. මෙබඳුවූ ප්‍රීතිසහගත වචනයක් ප්‍රකාශකළේය යන අර්‍ත්‍ථයි.
2. 1. 4. 7
2. 1. 4. 7
සත්තමෙ ගුන්දාවනෙති එවං නාමකෙ වනෙ. උපසඞ්කමීති “මහාකච්චානත්ථෙරො කිර නාම අත්තනො පිතුමත්තම්පි අය්යකමත්තම්පි දිස්වා නෙව අභිවාදෙති න පච්චුට්ඨෙති න ආසනෙන නිමන්තෙතී”ති සුත්වා “න සක්කා එත්තකෙන නිට්ඨං ගන්තුං, උපසඞ්කමිත්වා නං පරිග්ගණ්හිස්සාමී”ති භුත්තපාතරාසො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. ජිණ්ණෙති ජරාජිණ්ණෙ. වුද්ධෙති වයොවුද්ධෙ. මහල්ලකෙති ජාතිමහල්ලකෙ. අද්ධගතෙති දීඝකාලද්ධානං අතික්කන්තෙ. වයොඅනුප්පත්තෙති පච්ඡිමවයං අනුප්පත්තෙ. තයිදං, භො කච්චාන, තථෙවාති, භො කච්චාන, යං තං අම්හෙහි කෙවලං සුතමෙව, තං ඉමිනා දිට්ඨෙන සමෙති. තස්මා තං තථෙව, න අඤ්ඤථා. න හි භවං කච්චානො බ්රාහ්මණෙති ඉදං අත්තානං සන්ධාය වදති. අයං කිරස්ස අධිප්පායො – අම්හෙ එවං මහල්ලකෙ දිස්වා භොතො කච්චානස්ස අභිවාදනමත්තම්පි පච්චුට්ඨානමත්තම්පි ආසනෙන නිමන්තනමත්තම්පි නත්ථීති. න සම්පන්නමෙවාති න යුත්තමෙව න අනුච්ඡවිකමෙව.
සත්වැන්නෙහි ගුන්දාවනෙ යනු එබඳු නම් ඇති වනයෙහියි. උපසඞ්කමි යනු මහාකච්චාන තෙරුන් වහන්සේ වනාහි තමාගේ පියා පමණකුත් සීයා පමණකුත් දැක නොවඳිති නැඟී නොසිටිති අසුනෙන් අරයුම් නොකරතියි අසා එපමණකින් නිගමනයට නොහැක. එළඹ ඔහු පරීක්ෂා කරන්නෙමැයි වළඳනලද උදය ආහාර ඇත්තේ ආයුෂ්මත් මහා කච්චාන තෙරණුවෝ යම් තැනක වෙත්ද එතැනට එළැඹියේය. ජිණේණ යනු ජරාවෙන් දිරිපත්වූයි. වුදේධ යනු වයසින් වැඩුණුයි. මහල්ලකෙ යනු උපතින් මහළුවූයි. අද්ධගතෙ යනු දිගුකලක් ඉක්මවූයි. වයො අනුප්පතේත යනු පැසුළුවියට එළඹුණුයි. තයිදං භො කච්චාන තථෙව යනු පින්වත් කච්චායනය අපවිසින් යමක් අසන ලද්දේද? එය මේ දුටුදෙය හා සම වෙයි. (ඔප්පුවෙයි) එය එසේමය, වෙනසක් නැත. න භි භවං කච්චානො බ්‍රාහමණො යනු මෙය තමා සඳහා කියයි. මේ වනාහි මෙහි අදහසයි: මෙසේ මහළුවූ අප දැක භවත් කච්චායනයන්ගේ වැඳීම් පමණකුදු හුනස්නෙන් නැඟිටීම් පමණකුදු අසුනින් අරයුම් කිරීම් පමණකුදු නැත. යනුයි. න සම්පන්නමෙච යනු නොයුතුය, නොසුදුසුය.
ථෙරො බ්රාහ්මණස්ස වචනං සුත්වා “අයං බ්රාහ්මණො නෙව වුද්ධෙ ජානාති න දහරෙ, ආචික්ඛිස්සාමිස්ස වුද්ධෙ ච දහරෙ චා”ති දෙසනං වඩ්ඪෙන්තො අත්ථි බ්රාහ්මණාතිආදිමාහ. තත්ථ ජානතාති සබ්බං නෙය්‍යං ජානන්තෙන. පස්සතාති තදෙව හත්ථෙ ඨපිතං ආමලකං විය පස්සන්තෙන. වුද්ධභූමීති යෙන කාරණෙන වුද්ධො නාම හොති, තං කාරණං. දහරභූමීති යෙන කාරණෙන දහරො නාම හොති, තං කාරණං. ආසීතිකොති අසීතිවස්සවයො. නාවුතිකොති නවුතිවස්සවයො. කාමෙ පරිභුඤ්ජතීති වත්ථුකාමෙ කිලෙසකාමෙති දුවිධෙපි කාමෙ කමනවසෙන පරිභුඤ්ජති. කාමමජ්ඣාවසතීති දුවිධෙපි කාමෙ ඝරෙ ඝරස්සාමිකො විය වසති අධිවසති. කාමපරියෙසනාය උස්සුකොති දුවිධානම්පි කාමානං පරියෙසනත්ථං උස්සුක්කමාපන්නො. බාලො න ථෙරොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතීති සො න ථෙරො බාලො මන්දොත්වෙව ගණනං ගච්ඡති. වුත්තං හෙතං –
තෙරණුවෝ බමුණාගේ කීම අසා මේ බමුණු තෙමේ මහල්ලන් නොදන්නේමය, තරුනයන් නොදන්නේමය. මහල්ලන්ද තරුණයන්ද විමසන්නේමැයි දේශනය ඉදිරිපත් කරන්නාහු බමුණ ඇත, යනාදිය පැවසූහ. එහි ජානතා යන දතයුතු සියල්ල දන්නාහු විසිනි. පස්සතා යනු එයම අතෙහි තැබූ නෙල්ලි ගෙඩියක් මෙන් දකින්නහු විසිනි. චුද්ධභූමි යනු යම් කරුණකින් වෘද්ධයෙක් නම් වේද ඒ කාරණයයි. දහරභූමි යනු යම් කරුණකින් දහරයෙක් (තරුණයෙක්) නම් වේද ඒ කරුණයි. ආසීතිකො යනු අසූවසක් වියපත්වූයි. නාවුතිකො යනු අනූවසක් වියපත් වූයි. කාමෙ පරිශුඤ්ජති යනු වස්තුකාම ක්ලෙශකාම යන දෙයාකාර කාමයන්හිම සිත් ඇලවීම්වශයෙන් පරිභෝග කරයි. කාමෙ මජ්ක්ධාවසති යන දෙයාකාර කාමයන්හිම ගෙහි ගෙහිමියාමෙන් වසයි. අධිපතිව වසයි. කාමපරියෙසනාය උස්සුකේකා යනු දෙයාකාරවූම කාමයන් සෙවීම සඳහා උත්සුකබවට පැමිණියේවෙයි. බාලො ථෙරොතෙ ව සංඛං ගච්ජති යනු ඒ තෙරණුවෝ බාලයෙකි, මෝඩයෙකියි සැලකිල්ලට ගනියි. මෙය කියනලද්දේය:
“න තෙන ථෙරො සො හොති, යෙනස්ස පලිතං සිරො; පරිපක්කො වයො තස්ස, මොඝජිණ්ණොති වුච්චතී”ති. (ධ· ප· 260);
‘යම්හෙයකින් යමකුගේ හිස පැසුණේ වේද හෙතෙම එයින් තෙරකෙනෙක් නොවෙති. ඔහුගේ විය මුහුකුරා ගියේය. ඔහුට මෝඩමහල්ලායි කියනුලැබේ.’
දහරොති තරුණො. යුවාති යොබ්බනෙන සමන්නාගතො. සුසුකාළකෙසොති සුට්ඨු කාළකෙසො. භද්රෙන යොබ්බනෙන සමන්නාගතොති යෙන යොබ්බනෙන සමන්නාගතො යුවා, තං යොබ්බනං භද්‍රං ලද්ධකන්ති දස්සෙති. පඨමෙන වයසාති පඨමවයො නාම තෙත්තිංස වස්සානි, තෙන සමන්නාගතොති අත්ථො. පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතීති සො එවරූපො පුග්ගලො පණ්ඩිතොති ච ථෙරොති ච ගණනං ගච්ඡති. වුත්තම්පි චෙතං –
දහරො යනු තරුණයයි. යුවා යනු යෞවණයෙන් යුක්තවූයේයි. සුසුකාළ කෙසො යනු මනාව කළුවූ කෙස් ඇත්තේයි. භද්දෙන යොබ්බනෙන සමන්නාගතො යන මෙයින් යම් තරුණබවකින් යුක්තවූ තරුනයෙක් වේද ඒ තරුණබවට මනාව ලබනලද්දකැයි දක්වයි. පඨමෙන වයසා යනු තෙතිස් වස තරුණ වයසයි. එයින් යුක්තවූයේ යන අරුත්ය පණ්ඩිතො ථෙරොතෙව සංඛං ගච්ඡති යනු ඒ එබඳුවූ පුද්ගලතෙමේ පණ්ඩිතයෙකැයිද තෙරකෙනෙකැයිද සැලකිල්ලටයයි. මෙයද කියනලදී.
“යම්හි සච්චඤ්ච ධම්මො ච, අහිංසා සංයමො දමො; ස වෙ වන්තමලො ධීරො, ථෙරො ඉති පවුච්චතී”ති. (ධ· ප· 261);
‘යමෙකු කෙරෙහි සත්‍යයද ධර්මයද අහිංසාවද සංයමය සහ දමයද වේද ඒකාන්තයෙන්ම ඒ වැමෑරූ කිළුටු ඇති පණ්ඩිත තෙමේ තෙර කෙනෙකැයි කියනුලැබේ.’
2. 1. 4. 8
2. 1. 4. 8
අට්ඨමෙ චොරා බලවන්තො හොන්තීති පක්ඛසම්පන්නා, පරිවාරසම්පන්නා, ධනසම්පන්නා, නිවාසට්ඨානසම්පන්නා, වාහනසම්පන්නා ච හොන්ති. රාජානො තස්මිං සමයෙ දුබ්බලා හොන්තීති තස්මිං සමයෙ රාජානො තාසං සම්පත්තීනං අභාවෙන දුබ්බලා හොන්ති. අතියාතුන්ති බහිද්ධා ජනපදචාරිකං චරිත්වා ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ අන්තොනගරං පවිසිතුං. නිය්යාතුන්ති “චොරා ජනපදං විලුම්පන්ති මද්දන්ති, තෙ නිසෙධෙස්සාමා”ති පඨමයාමෙ වා මජ්ඣිමයාමෙ වා පච්ඡිමයාමෙ වා නික්ඛමිතුං ඵාසුකං න හොති. තතො උට්ඨාය චොරා මනුස්සෙ පොථෙත්වා අච්ඡින්දිත්වා ගච්ඡන්ති. පච්චන්තිමෙ වා ජනපදෙ අනුසඤ්ඤාතුන්ති ගාමං වාසකරණත්ථාය සෙතුං අත්ථරණත්ථාය පොක්ඛරණිං ඛණාපනත්ථාය සාලාදීනං කරණත්ථාය පච්චන්තිමෙ ජනපදෙ අනුසඤ්ඤාතුම්පි න සුඛං හොති. බ්රාහ්මණගහපතිකානන්ති අන්තොනගරවාසීනං බ්රාහ්මණගහපතිකානං. බාහිරානි වා කම්මන්තානීති බහිගාමෙ ආරාමෙ ඛෙත්තකම්මන්තානි. පාපභික්ඛූ බලවන්තො හොන්තීති පක්ඛුත්තරා යසුත්තරා පුඤ්ඤවන්තො බහුකෙහි උපට්ඨාකෙහි ච උපට්ඨාකීහි ච සමන්නාගතා රාජරාජමහාමත්තසන්නිස්සිතා. පෙසලා භික්ඛූ තස්මිං සමයෙ දුබ්බලා හොන්තීති තස්මිං සමයෙ පියසීලා භික්ඛූ තාසං සම්පත්තීනං අභාවෙන දුබ්බලා හොන්ති. තුණ්හීභූතා තුණ්හීභූතාව සඞ්ඝමජ්ඣෙ සඞ්කසායන්තීති නිස්සද්දා හුත්වා සඞ්ඝමජ්ඣෙ නිසින්නා කිඤ්චි එකවචනම්පි මුඛං උක්ඛිපිත්වා කථෙතුං අසක්කොන්තා පජ්ඣායන්තා විය නිසීදන්ති. තයිදන්ති තදෙතං කාරණං. සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බො.
අටවැන්නෙහි චොරා බලවනේතා හොන්ති යනු පාක්ෂිකයන්ගෙන් සමන්විතවූ පිරිවරින් යුක්තවූ ධනයෙන් යුක්තවූ නිවාසස්ථානයනගෙන් සමන්විතවූ වාහනයන්ගෙන් යුක්තවූ අය වෙත්. රාජනො තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි රජවරු ඒ සම්පත් නැතිවීමෙන් දුබලවෙත්. අනියාතුං යනු පිටත දනවූ සැරිසරා කැමති කැමති කෙණෙහි ඇතුළු නගරයට පිවිසීමටයි. නිය්‍යාතුං යනු සොරු දනවු කොල්ලකත්. මඩිත්. (ඔවුන්) වළක්වන්නේමුයි පළමු යම්හිහෝ මැදුම්යම්හි හෝ පැසුළුයම්හි නික්මීමට පහසු නොවෙත්. එයින් නැඟිට සොරු මිනිසුන් පෙළා (ධනය) පැහැරගෙන යති. පච්චන්තිමෙ වා ජනපදෙ අනුස්ඤ්ඤාතුං යනු ගමෙහි වාසය කිරීම සඳහා, හේදඩු ඇතිරීම සඳහා, පොකුණු කනවනු සඳහා ශාලාවන් කරවනු සඳහාද පසල් දනව්වෙහි අනුමත කරවීමටද පහසු නොවේ. බ්රාහ්මණගහපතිකානං යනු ඇතුළු නුවර වැසි බමුණන්ගේ හා ගැහැවියන්ගේයි. බාහිරානි වා කම්මන්තානි යනු පිටගමෙහි අරමෙහි කෙත් වැඩයි. පාපභික්ඛු බලවනේතා හොන්ති යනු පාක්ෂිකයන්ගෙන් උසස්වූ කීර්තියෙන් උසස්වූ පින්වත්වූ බොහෝ උපස්ථායක උපස්ථායිකාවන්ගෙන් යුක්තවූ රාජරාජමහාමාත්යයන් විසින් ඇසුරුකරනලද්දාවූයි. පෙසලා භික්ඛු තස්මිං සමයෙ දුබ්බලා හොන්ති යනු එසමයෙහි පියසීලී භික්ෂුහු ඒ සැපත් නැතිවීමෙන් දුබලවෙත්. තුණ්භීභූතා තුණභීභූතා සංසමජේක්ධ සඤක්ධායන්ති යනු නිහඬ වූවෝම සඟමැද හුන්නාහු කිසි එක්වචනයකුදු මුවහැර කීමට නොහැකිවන්නාහු ධ්‍යාන වඩන්නවුන් මෙන් හිඳිත්. තයිදං යනු ඒ මේ කරුණයි. යහපත් පැත්ත කියනලද දෙයට විරුද්ධ අයුරින් දතයුතුය.
2. 1. 4. 9
2. 1. 4. 9
නවමෙ මිච්ඡාපටිපත්තාධිකරණහෙතූති මිච්ඡාපටිපත්තියා කාරණහෙතු පටිපජ්ජනහෙතූති අත්ථො. ඤායං ධම්මං කුසලන්ති සහවිපස්සනකං මග්ගං. එවරූපො හි සහවිපස්සනකං මග්ගං ආරාධෙතුං සම්පාදෙතුං පූරෙතුං න සක්කොති. සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බො. ඉමස්මිං සුත්තෙ සහ විපස්සනාය මග්ගො කථිතො.
නවවැන්නෙහි මිච්ඡාපටිපත්තාධිකරණ හෙතු යනු වැරදි පිළිවෙත ඇති කරන හේතුයි. පිළිපදින හේතු යන අරුත්ය. ඤායං ධම්මං කුසලං යනු විදර්ශනා සහිත මාර්ගයයි. මෙබන්දෙක් විපස්සනා සහගත මාර්ගයට එළැඹීමට සම්පාදනය කර ගැනීමට පිරීමට නොහැකිවෙයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ අයුරින් දතයුතුය. මෙම සූත්‍රයෙහිදී විදර්ශනාසහගත මාර්ගය ප්රකාශකරනලදී.
2. 1. 4. 10
2. 1. 4. 10
දසමෙ දුග්ගහිතෙහීති උප්පටිපාටියා ගහිතෙහි. බ්යඤ්ජනප්පතිරූපකෙහීති බ්යඤ්ජනසො පතිරූපකෙහි අක්ඛරචිත්රතාය ලද්ධකෙහි. අත්ථඤ්ච ධම්මඤ්ච පටිබාහන්තීති සුග්ගහිතසුත්තන්තානං අත්ථඤ්ච පාළිඤ්ච පටිබාහන්ති, අත්තනො දුග්ගහිතසුත්තන්තානංයෙව අත්ථඤ්ච පාළිඤ්ච උත්තරිතරං කත්වා දස්සෙන්ති. සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බො. ඉමස්මිං සුත්තෙ සාසනස්ස වුද්ධි ච පරිහානි ච කථිතාති.
දසවැන්නෙහි දුග්ගහිතෙහි යනු අපිළිවෙළින් ගන්නවුන් විසිනි. බ්යංජනපතිරූපකෙහි යනු බ්යංජනයෙන්ම (ලකුණෙන් පමණක්) ප්රතිරූපකයන් විසින්, අකුරු සිතීමෙන් ලබනලද්දවුන් විසින් යනුය. අත්ථංච ධම්මංච පටිබාහන්ති යනු මනාව ගන්නාලද සූත්‍රාන්තයන්ගේ අර්ත්ථකථාවද පෙළද වළහත්. තමන්ගේ වැරදිව නරකට ගන්නාලද සූත්රාන්තයනගේම අර්ත්ථයද පෙළද උත්තරීතරකොට දක්වත්. යහපත් අංශය කියනලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය. මේ සූත්‍රයෙහි සසුනේ වැඩීමද පිරිහීමද කියනලදී.
සමචිත්තවග්ගො චතුත්ථො.
සතරවෙනි සමචිත්ත වර්ගයයි.