2. 1. 4. 8
2. 1. 4. 8.
2. 1. 4. 8.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. යස්මිං භික්ඛවෙ සමයෙ චොරා බලවන්තො හොන්ති, රාජානො තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං භික්ඛවෙ සමයෙ රඤ්ඤො න ඵාසු හොති අතියාතුං වා නීයාතුං වා පච්චන්තිමෙ වා ජනපදෙ අනුසඤ්ඤාතුං. බ්රාහ්මණගහපතිකානම්පි තස්මිං සමයෙ න ඵාසු හොති අතියාතුං වා නීයාතුං වා බාහිරානි වා කම්මන්තානි පටිවෙක්ඛිතුං. එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ පාපභික්ඛූ බලවන්තො හොන්ති, පෙසලා භික්ඛූ තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං භික්ඛවෙ සමයෙ පෙසලා භික්ඛූ තුණ්හීභූතා තුණ්හීභූතා සඞ්ඝමජ්ඣෙ සංකසායන්ති පච්චන්තිමෙ වා ජනපදෙ භජන්ති. තයිදං භික්ඛවෙ හොති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං.
39. මහණෙනි, යම් කලෙක්හි සොරු බලවත් වෙත් ද, රජවරු එසමයෙහි දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ පසල්දනව්වෙයි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු නො වෙයි. එසමයෙහි බමුණු ගැහැවියන් ට ද (ඇතුළුනුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළුනුවරින්) නික්මෙන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු නො වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පවිටු භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පේශල භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කර බහා හිඳුනාහ. පසල් දනවු හෝ ඇසුරු කරන්නාහ. මහණෙනි, මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ.
යස්මිං භික්ඛවෙ සමයෙ රාජානො බලවන්තො හොන්ති, චොරා තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං භික්ඛවෙ සමයෙ රඤ්ඤො ඵාසු හොති අතියාතුං වා නීයාතුං වා, පච්චන්තිමෙ වා ජනපදෙ අනුසඤ්ඤාතුං. බ්රාහ්මණගහපතිකානම්පි තස්මිං සමයෙ ඵාසු හොති අතියාතුං වා නීයාතුං වා, බාහිරානි වා කම්මන්තානි පටිවෙක්ඛිතුං. එවමෙවං ඛො භික්ඛවෙ යස්මිං සමයෙ පෙසලා භික්ඛූ බලවන්තො හොන්ති, පාපභික්ඛූ තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං භික්ඛවෙ සමයෙ පාපභික්ඛූ තුණ්හීභූතා තුණ්හීභූතා සඞ්ඝමජ්ඣෙ සංකසායන්ති, යෙන වා පන තෙන පපතන්ති. තයිදං භික්ඛවෙ හොති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වෙත් ද, එසමයෙහි සොරු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි රජුට (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ පසල් දනවුවෙහි (කටයුතු) සංවිධාන කරන්නට හෝ පහසු වෙයි. එසමයෙහි බමුණු ගැහැවියනට ද (ඇතුළු නුවරට) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යන්නට හෝ බැහැර කටයුතු සංවිධාන කරන්නට හෝ පහසු වේ. මහණෙනි, එසේ ම යම් සමයෙක්හි පේශල භික්ෂූහු බලවත් වෙත් ද, එසමයෙහි පවිටු භික්ෂූහු දුර්වල වෙත්. මහණෙනි, එසමයෙහි පවිටු භික්ෂූහු පුන පුනා නිශ්ශබ්ද වූවාහු සඟ මැද කරබහා හිඳුනාහ. යම් මැ තැනෙක හෝ යෙත්. මහණෙනි, ඒ මේ කරුණ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස වේ.