2. 1. 4. 9
2. 1. 4. 9.
2. 1. 4. 9.
40. ද‍්වින‍්නාහං භික‍්ඛවෙ මිච‍්ඡාපටිපත‍්තිං න වණ‍්ණෙමි, ගිහිස‍්ස වා පබ‍්බජිතස‍්ස වා. ගිහී වා භික‍්ඛවෙ පබ‍්බජිතො වා මිච‍්ඡාපටිපන‍්නො මිච‍්ඡාපටිපත‍්තාධිකරණහෙතු නාරාධකො හොති ඤායං ධම‍්මං කුසලං.
40. මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්‍ණනා නො කරමි. මහණෙනි, වරදවා පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට නො හැකි වෙයි.
ද‍්වින‍්නාහං භික‍්ඛවෙ සම‍්මාපටිපත‍්තිං වණ‍්ණෙමි, ගිහිස‍්ස වා පබ‍්බජිතස‍්ස වා. ගිහී වා භික‍්ඛවෙ පබ‍්බජිතො වා සම‍්මාපටිපන‍්නො සම‍්මාපටිපත‍්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලන‍්ති.
මහණෙනි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ නිවැරදි පිළිපැදුම වර්‍ණනා කරමි. මහණෙනි, නිවැරදි ව පිළිපන් ගිහියා වේව යි පැවිද්දා වේව යි නිවැරදි පිළිපැදුම් හේතුයෙන් විදර්‍ශනා සහිත මාර්‍ගය පුරන්නට හැකි වෙයි.
2. 1. 4. 10.
2. 1. 4. 10.
41. යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ දුග‍්ගහිතෙහි සුත‍්තන‍්තෙහි බ්‍යඤ‍්ජනපතිරූපකෙහි අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච පටිබාහන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනාහිතාය පටිපන‍්නා බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අපුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං අන‍්තරධාපෙන‍්ති.
41. මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ (ශබ්දචින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්‍රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස ද බොහෝ දෙනාට නොසුව පිණිස ද බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස ද දෙවිමිනිසුනට අහිත පිණිස ද දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්.
යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ සුග‍්ගහිතෙහි සුත‍්තන‍්තෙහි න බ්‍යඤ‍්ජනපතිරූපකෙහි අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුලොමෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනහිතාය පටිපන‍්නා බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ පුඤ‍්ඤං පසවන‍්ති. තෙ චිමං සද‍්ධම‍්මං ඨපෙන‍්තීති.
මහණෙනි, යම් මහණ කෙනෙක් මැනැවින් ගන්නා ලද ව්‍යඤ්ජන ප්‍රතිරූපක නොවූ (අක්‍ෂරචින්තායෙන් වැරදි ලෙස අදහස ගන්නට නොනිසි) සූත්‍රාන්තයෙන් අර්‍ත්‍ථ ද ධර්‍මය ද අනුව පවත්නාහු ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිසුනට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු ය. මහණෙනි, ඒ මහණහු බොහෝ කුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත් යී.
සමචිත‍්තවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි සමසිත්වගයි.