යෙදුමෙන් කියවන්න

2. 1. 5. 1

2. 1. 5. 1.

2. 1. 5. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

42. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: උත‍්තානා ච පරිසා ගම‍්භීරා ච පරිසා.

42. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: නොගැඹුරු (ප්‍රකට) පිරිස හා ගැඹුරු (මුවහ) පිරිස හා යන දෙකය.

කතමා ච භික‍්ඛවෙ උත‍්තානා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ උද‍්ධතා හොන‍්ති උන‍්නලා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතී අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා. අයං වුච‍්චති භික‍්ඛවෙ උත‍්තානා පරිසා.

මහණෙනි, නොගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු වික්‍ෂිප්ත සිත් ඇති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ ඇති වෙත් ද, චපල වෙත් ද, රළුවදන් ඇති වෙත් ද, පලප් ඇති වෙත් ද, මුෂිතස්මෘති වෙත් ද, සම්‍යක්ප්‍රඥා නැති වෙත් ද, සමාධිගත සිත් නැති වෙත් ද, එකඟ නො වූ සිත් ඇති වෙත් ද, භ්‍රාන්ත සිත් ඇති වෙත් ද, (සංවර නොකෙළෙන්) පියවි ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ උත්තාන (නොමුවහ) පිරිස යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ ගම‍්භීරා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ අනුද‍්ධතා හොන‍්ති අනුන‍්නළා අචපලා අමුඛරා අවිකිණ‍්ණවාචා උපට‍්ඨිතසතී සම‍්පජානා සමාහිතා එකග‍්ග චිත‍්තා සංවුතින්‍ද්‍රියා. අයං වුච‍්චති භික‍්ඛවෙ ගම‍්භීරා පරිසා. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං ගම‍්භීරා පරිසාති.

මහණෙනි, ගැඹුරු පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු වික්‍ෂිප්ත සිත් නැති වෙත් ද, උස් ව නැඟූනු මාන නළ නැති වෙත් ද, චපල නො වෙත් ද, රළුවදන් නැති වෙත් ද, අසංවෘත වචන නැති වෙත් ද, එළඹසිටි සිහි ඇති වෙත් ද, සම්‍යක් ප්‍රඥා ඇති වෙත් ද, සමාධිගත සිත් ඇති වෙත් ද, එකඟ වූ සිත් ඇති වෙත් ද, සංවර කළ ඉඳුරන් ඇති වෙත් ද, මහණෙනි, මේ ගම්භීර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් ගැඹුරු පිරිසෙක් වේ නම්, තෙල අග්‍ර වේ.