යෙදුමෙන් කියවන්න

5. පරිසවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. පරිස වර්ගය

2. 1. 5. 1

2. 1. 5. 1

පඤ‍්චමස‍්ස පඨමෙ උත‍්තානාති පාකටා අප‍්පටිච‍්ඡන‍්නා. ගම‍්භීරාති ගුළ‍්හා පටිච‍්ඡන‍්නා. උද‍්ධතාති උද‍්ධච‍්චෙන සමන‍්නාගතා. උන‍්නළාති උග‍්ගතනළා, උට‍්ඨිතතුච‍්ඡමානාති වුත‍්තං හොති. චපලාති පත‍්තචීවරමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන යුත‍්තා. මුඛරාති මුඛඛරා ඛරවචනා. විකිණ‍්ණවාචාති අසංයතවචනා දිවසම‍්පි නිරත්‍ථකවචනපලාපිනො. මුට‍්ඨස‍්සතීති විස‍්සට‍්ඨසතිනො. අසම‍්පජානාති නිප‍්පඤ‍්ඤා. අසමාහිතාති චිත‍්තෙකග‍්ගතාමත‍්තස‍්සාපි අලාභිනො. පාකතින්‍ද්‍රියාති පකතියා ඨිතෙහි විවටෙහි අරක‍්ඛිතෙහි ඉන්‍ද්‍රියෙහි සමන‍්නාගතා. සුක‍්කපක‍්ඛො වුත‍්තවිපල‍්ලාසෙන වෙදිතබ‍්බො.

පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි උත්තානා යනු ප්‍රකටවූ නොවැසුණු යනුයි. ගම්භීරා යනු සැඟවුණු, වැසුණුයි. උද්ධතා යනු (නොසන්සුන් බවින්) උඩඟුබවින් යුක්තවූයි. උන්නළා යනු නැඟුණු උඩඟුබව ඇතියි. නැඟී සිටි හිස්මානය ඇත්තාහුයයි කියනලද්දේවෙයි. චපලා යනු පාසිවුරු සැරසීම් ආදියෙන් ඇතිවූ චපලබවින් යුක්ත යනුයි. මුඛරා යනු දොඩමලුවූ රළුවචන ඇත්තාවූයි. විකිණ්ණවාචා යනු අසංවර වචන ඇත්තාවූයි. දවසකුදුවුවත් නිසරුවචන කියන්නාවූයි. මුටඨස්සති යනු මුළාවූ සිහි ඇත්තාවූයි. අසම්පජානා යනු නුවණ නැත්තාවූයි. අසමාහිතා සිත එකඟකිරීම් පමණකුදු නොලැබුවාහුයි. පාකතින්‍ද්‍රියා යනු ස්වභාවයෙන්ම පිහිටි විවෘතවූ නොරක්නාලද ඉඳුරන්ගෙන් යුක්තවූවෝයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධලෙසින් දතයුතුය.

2. 1. 5. 2

2. 1. 5. 2

දුතියෙ භණ‍්ඩනජාතාති භණ‍්ඩනං වුච‍්චති කලහස‍්ස පුබ‍්බභාගො, තං තෙසං ජාතන‍්ති භණ‍්ඩනජාතා. තථා “මයං තුම‍්හෙ දණ‍්ඩාපෙස‍්සාම බන්‍ධාපෙස‍්සාමා”තිආදිවචනප‍්පවත‍්තියා සඤ‍්ජාතකලහා. අයං තාව ගිහීසු නයො. පබ‍්බජිතා පන ආපත‍්තිවීතික‍්කමවාචං වදන‍්තා කලහජාතා නාම. විවාදාපන‍්නාති විරුද‍්ධවාදං ආපන‍්නා. මුඛසත‍්තීහි විතුදන‍්තාති ගුණානං ඡින්‍දනට‍්ඨෙන දුබ‍්භාසිතා වාචා මුඛසත‍්තියොති වුච‍්චන‍්ති, තාහි විතුදන‍්තා විජ‍්ඣන‍්තා. සමග‍්ගාති එකකම‍්මං එකුද‍්දෙසො සමසික‍්ඛතාති එතෙසං කරණෙන සමග‍්ගතාය සහිතා. පියචක‍්ඛූහීති මෙත‍්තාචක‍්ඛූහි.

දෙවැන්නෙහි භණ්ඩනජාතා යනු කොලාහලයක මුල් කොටස භන්ඩනයයි කියනුලැබේ. ඔවුනට එය හටගත්තේනුයි භණ්ඩනජාතානමි. අපි නුඹලාට දඬුවම් දෙවන්නෙමු. බඳවන්නෙමුයි ආදි වචන පැවැත්වීමෙන් හටගත් කලහ ඇත්තෝයි. මෙයවූකලි ගිහියන්විෂයෙහි ක්‍රමයයි. පැවිද්දෝ වනාහි ඇවැත්ඉක්මවීම් පිළිබඳ වචන කියන්නාහු කලහජාතා නම් වෙත්. විවාදාපන්නා යනු විරුද්ධවාදයට පිළිපන්නාහුයි. මුඛසත්තීහි විතුදන්තා යනු ගුණයන් සිඳින අරුතින් නපුරුවචන මුඛසත්තියි කියනුලැබෙයි. ඒ නපුරුවචනයනගේන් විදින්නාහුයි. අනින්නාහුයි. සමග්ගා යනු එකම විනය කර්‍මය එකම උදෙසීම, සමානශික්‍ෂාපද යන මේවා කිරීමෙන් මගියෙන් යුක්තවූයි. පියචක්‍ඛුහි යනු මෛත්‍රී සහගත ඇස්වලිනි.

2. 1. 5. 3

2. 1. 5. 3

තතියෙ අග‍්ගවතීති උත‍්තමපුග‍්ගලවතී, අග‍්ගාය වා උත‍්තමාය පටිපත‍්තියා සමන‍්නාගතා. තතො විපරීතා අනග‍්ගවතී. බාහුලිකාති චීවරාදිබාහුල‍්ලාය පටිපන‍්නා. සාසනං සිථිලං ගණ‍්හන‍්තීති සාථලිකා. ඔක‍්කමනෙ පුබ‍්බඞ‍්ගමාති එත්‍ථ ඔක‍්කමනං වුච‍්චති අවගමනට‍්ඨෙන පඤ‍්ච නීවරණානි, තෙන පඤ‍්චනීවරණපූරණෙ පුබ‍්බඞ‍්ගමාති වුත‍්තං හොති. පවිවෙකෙති උපධිවිවෙකෙ නිබ‍්බානෙ. නික‍්ඛිත‍්තධුරාති තිවිධෙපි විවෙකෙ ඔරොපිතධුරා. න වීරියං ආරභන‍්තීති දුවිධම‍්පි වීරියං න කරොන‍්ති. අප‍්පත‍්තස‍්ස පත‍්තියාති පුබ‍්බෙ අප‍්පත‍්තස‍්ස ඣානවිපස‍්සනාමග‍්ගඵලවිසෙසස‍්ස පත‍්තිඅත්‍ථාය. ඉතරං පදද‍්වයං තස‍්සෙව වෙවචනං. පච‍්ඡිමා ජනතාති සද‍්ධිවිහාරිකඅන‍්තෙවාසිකජනො. දිට‍්ඨානුගතිං ආපජ‍්ජතීති ආචරියුපජ‍්ඣායෙහි කතං අනුකරොන‍්තො දිට‍්ඨස‍්ස තෙසං ආචාරස‍්ස අනුගතිං ආපජ‍්ජති නාම. සෙසං වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බං.

තෙවැන්නෙහි අග්ගවතී යනු උත්තම පුද්ගලබව ඇත්තෝයි. අග්‍රවූ හෙවත් උත්තමවූ පිළිවෙතින් යුක්තවූවෝයි. එයින් වෙනස්වූවෝ අනග්ගවතී නමි. බාහුලිකා යනු සිවුරු ආදිය බොහෝ ඇතිබවට පිළිපන්නෝයි. සසුන ලිහිල්ලෙස ගනිත්නුයි සාථලිකා නමි. ඔක්කමනෙ පුබ්බ්ංගමා යනු මෙහි ඉවත්වයාමේ අරුතින් පංචනීවරණ ඔක්කමනයයි කියනුලැබේ. එහෙයින් පංචනීවරණ පිරීමෙහි පෙරටුවෝයි කියනලද්දේවෙයි. පවිවෙකෙ යනු උපධිචිවෙකයෙහියි, නිවනෙහියි. නික්‍ඛිත්තධුරා යනු ත්‍රිවිධ විවේකයෙහිම ඉවතදැමූ වගකීම් ඇත්තෝ, බහාතැබූ වගකීම් ඇත්තෝයි. නවිරියං ආරභන්ති යනු ද්විවිධ වීර්යයම නොකරත්. අප්පතතස්ස පත්තියා පෙර නොපත් ධ්‍යානවිදර්‍ශනා මාර්‍ගඵල විශේෂයකට පැමිණීම සඳහායි. ඉතිරි පදදෙක එහිම පර්‍ය්‍යාය වචනයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනෙතවාසික ජනයායි. දිට්ටානුගතිං ආපජ්ජති යනු ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරමින් දෘෂ්ටියට, ඔවුන්ගේ පැවැත්ම අනුගතවීමයි. සෙස්ස කියනලද්දට විරුද්ධක්‍රමයෙන්ම දතයුතුයි.

2. 1. 5. 4

2. 1. 5. 4

චතුත්‍ථෙ අරියාති අරියසාවකපරිසා. අනරියාති පුථුජ‍්ජනපරිසා. “ඉදං දුක‍්ඛ”න‍්ති යථාභූතං නප‍්පජානන‍්තීති ඨපෙත්‍වා තණ‍්හං තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛසච‍්චං නාම, එත‍්තකමෙව දුක‍්ඛං, ඉතො උද‍්ධං දුක‍්ඛං නත්‍ථීති යථාසභාවතො නප‍්පජානන‍්ති. එස නයො සබ‍්බත්‍ථ. සෙසපදෙසු පන තස‍්ස දුක‍්ඛස‍්ස සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයො නාම, තස‍්සායෙව තණ‍්හාය, ද‍්වින‍්නම‍්පි වා තෙසං සච‍්චානං අච‍්චන‍්තක‍්ඛයො අසමුප‍්පත‍්ති දුක‍්ඛනිරොධො නාම, අට‍්ඨඞ‍්ගිකො අරියමග‍්ගො දුක‍්ඛනිරොධගාමිනී පටිපදා නාමාති එවං ඉමස‍්මිං සුත‍්තෙ චතූහි සච‍්චෙහි චත‍්තාරො මග‍්ගා ච චත‍්තාරි ච ඵලානි කථිතානි.

සිවු වැන්නෙහි අරියා යනු ආර්‍ය්‍යශ්‍රාවක පිරිසයි. අනරියා යනු පෘථග්ජන පිරිසයි. ඉදං දුක්‍ඛන්ති යථාභූතං නප්පජාන්නති යනු තෘෂ්ණාව හැර ත්‍රෛභූමික පංචස්කන්‍ධය දු:ඛසත්‍යය නම් වෙතියි. මෙපමණක්ම දුකය. ඉන්මත්තෙහි දුකක් නැතැයි යථාස්වභාවය වශයෙන් නොදනිත්. සියලුතන්හි මේ ක්‍රමයයි. සෙසු පදයන්හි වනාහි ඒ දුක මතුකරවන්නාවූ මුල්තෘෂ්ණාව සමුදය නමි. ඒ තෘෂ්ණාවගේ - ඒ සත්‍ය දෙකේම සම්පූර්‍ණ විනාශය, නොඉපදවීම දු:ඛ නිරෝධය නමි. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය දු:ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නමැයි මෙසේ මේ සූත්‍රයෙහි චතුරාර්ය සත්‍යයෙන් සතර මාර්‍ගද සතර ඵලද කියලදී.

2. 1. 5. 5

2. 1. 5. 5

පඤ‍්චමෙ පරිසාකසටොති කසටපරිසා කචවරපරිසා පලාපපරිසාති අත්‍ථො. පරිසාමණ‍්ඩොති පසන‍්නපරිසා සාරපරිසාති අත්‍ථො. ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තීති ඡන්‍දෙන අගතිං ගච‍්ඡන‍්ති, අකත‍්තබ‍්බං කරොන‍්තීති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. ඉමානි පන චත‍්තාරි අගතිගමනානි භණ‍්ඩභාජනීයෙ ච විනිච‍්ඡයට‍්ඨානෙ ච ලබ‍්භන‍්ති. තත්‍ථ භණ‍්ඩභාජනීයෙ තාව අත‍්තනො භාරභූතානං භික‍්ඛූනං අමනාපෙ භණ‍්ඩකෙ පත‍්තෙ තං පරිවත‍්තෙත්‍වා මනාපං දෙන‍්තො ඡන්‍දාගතිං ගච‍්ඡති නාම. අත‍්තනො පන අභාරභූතානං මනාපෙ භණ‍්ඩකෙ පත‍්තෙ තං පරිවත‍්තෙත්‍වා අමනාපං දෙන‍්තො දොසාගතිං ගච‍්ඡති නාම. භණ‍්ඩකභාජනීයවත්‍ථුඤ‍්ච ඨිතිකඤ‍්ච අජානන‍්තො මොහාගතිං ගච‍්ඡති නාම. මුඛරානං වා රාජාදිනිස‍්සිතානං වා “ඉමෙ මෙ අමනාපෙ භණ‍්ඩකෙ දින‍්නෙ අනත්‍ථම‍්පි කරෙය්‍යු”න‍්ති භයෙන පරිවත‍්තෙත්‍වා මනාපං දෙන‍්තො භයාගතිං ගච‍්ඡති නාම. යො පන එවං න ගච‍්ඡති, සබ‍්බෙසං තුලාභූතො පමාණභූතො මජ‍්ඣත‍්තො හුත්‍වා යං යස‍්ස පාපුණාති, තඤ‍්ඤෙව තස‍්ස දෙති, අයං චතුබ‍්බිධම‍්පි අගතිගමනං න ගච‍්ඡති නාම. විනිච‍්ඡයට‍්ඨානෙ පන අත‍්තනො භාරභූතස‍්ස ගරුකාපත‍්තිං ලහුකාපත‍්තීති කත්‍වා කථෙන‍්තො ඡන්‍දාගතිං ගච‍්ඡති නාම. ඉතරස‍්ස ලහුකාපත‍්තිං ගරුකාපත‍්තීති කත්‍වා කථෙන‍්තො දොසාගතිං ගච‍්ඡති නාම. ආපත‍්තිවුට‍්ඨානං පන සමුච‍්චයක‍්ඛන්‍ධකඤ‍්ච අජානන‍්තො මොහාගතිං ගච‍්ඡති නාම. මුඛරස‍්ස වා රාජපූජිතස‍්ස වා “අයං මෙ ගරුකං කත්‍වා ආපත‍්තිං කථෙන‍්තස‍්ස අනත්‍ථම‍්පි කරෙය්‍යා”ති ගරුකමෙව ලහුකාති කත්‍වා කථෙන‍්තො භයාගතිං ගච‍්ඡති නාම. යො පන සබ‍්බෙසං යථාභූතමෙව කථෙති, අයං චතුබ‍්බිධම‍්පි අගතිගමනං න ගච‍්ඡති නාම.

පස්වැන්නෙහි පරිසකසටො යනු කිළිටි පිරිස, නිසරු (රෝඩු) පිරිස, හිස් පිරිස යන අරුත්ය. පරිසමණේඩා යනු පහන් පිරිස, සරු පිරිස යන අරුත්ය. ඡන්‍ද්‍රගතිං ගච්ඡන්ති යනු ඡන්‍දයෙන් අගතියට යත්, නොකළයුත්තක් කරති යන අරුත්ය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. මේ සතර අගතියට යෑම් භාණ්ඩ බෙදීමෙහිදීද අධිකරණයෙහිදීද ලැබෙයි. එහි භාණ්ඩ බෙදීමේදී තමන්ට භාර වූවාවු භික්‍ෂූන්ට (තමන්) නොකැමති භාණ්ඩයක් ලැබුණුවිට එය මාරුකොට (තමන්ට) කැමති දෙයක් දෙන්නා ඡන්‍දාගතියට යයි නම් වෙයි. තමන්ට භාර නොවූවන්ට කැමති බඩුවක් ලැබුණුවිට එය මාරුකොට නොකැමති දෙයක් දෙන්නා දොසාගතියට යයි නමි. බෙදියයුතු භාන්ඩයන්ද ලහ බෙදා නැවත්වූ තැනද නොදන්නා මෝහයෙන් අගතියටයයි නමි. කටහැකරවූවන් හා රජුන් ඇසුරු කරන්නවුන් අතුරෙන් මොවුහු නොකැමති භාණ්ඩයක් දුනකල්හි මට අනර්‍ත්‍ථයක් කෙරෙත්යයි බියෙන් මාරුකොට කැමති දෙයක් දෙන්නා බියෙන් අගතියට යයි නමි. යමෙක් එසේ නොයන්නේද සියල්ලනට සමව ප්‍රාමාණිකවී මැදහත්ව යමක් යමෙකුට පැමිණෙයිද එයම ඔහුට දෙයි. මෙතෙමේ සතරාකාරවූම අගතියට නොයයි නමි. අධිකරණයෙහිදී වනාහි තමන්ට භාරවූවහුගේ ගරු ඇවත ලුහු ඇවතකැයි කියන්නේ ඡන්‍දයෙන් අගතියට යයි නමි. අනිකකුගේ ලුහු ඇවත ගරු ඇවතකැයි කොට කියන්නේ දේවෂයෙන් අගතියට යයි නමි. ඇවතින් නැඟී සිටියවුන් පිළිබඳව සමුච්චයක්‍ඛන්‍ධකය (චුල්ලවග්ගයේ තෙවැනි කොටස) ද නොදන්නේ මුළාවෙන් අගතියට යයිනමි. දොඩමළුවූවහුගේ හෝ රජුන් විසින් පුදනලද්දහුගේ ගරුක ඇවතක්කොට කියන්නාවූ මට මෙතෙම නපුරක් කරන්නේයයි ගරුකවුවද ලුහු ඇවතක්කොටම කියන්නේ බියෙන් අගතියට යයිනමි. යමෙක් වනාහි සියල්ලන්ට සිදුවූ පරිද්දෙන්ම කියයිද මෙතෙම සිවුවැදැරුම් අගති ගමනට නොයයි නමි.

2. 1. 5. 6

2. 1. 5. 6

ඡට‍්ඨෙ ඔක‍්කාචිතවිනීතාති දුබ‍්බිනීතා. නො පටිපුච‍්ඡාවිනීතාති න පුච‍්ඡිත්‍වා විනීතා. ගම‍්භීරාති පාළිවසෙන ගම‍්භීරා සල‍්ලසුත‍්තසදිසා. ගම‍්භීරත්‍ථාති අත්‍ථවසෙන ගම‍්භීරා මහාවෙදල‍්ලසුත‍්තසදිසා. ලොකුත‍්තරාති ලොකුත‍්තරඅත්‍ථදීපකා. සුඤ‍්ඤතාපටිසංයුත‍්තාති සත‍්තසුඤ‍්ඤං ධම‍්මමත‍්තමෙව පකාසකා අසඞ‍්ඛතසංයුත‍්තසදිසා. න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්තීති විජානනත්‍ථාය චිත‍්තං න උපට‍්ඨපෙන‍්ති, නිද‍්දායන‍්ති වා අඤ‍්ඤවිහිතා වා හොන‍්ති. උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බන‍්ති උග‍්ගහෙතබ‍්බෙ ච පරියාපුණිතබ‍්බෙ ච. කවිතාති කවීහි කතා. ඉතරං තස‍්සෙව වෙවචනං. චිත‍්තක‍්ඛරාති විචිත්‍රඅක‍්ඛරා. ඉතරං තස‍්සෙව වෙවචනං. බාහිරකාති සාසනතො බහිභූතා. සාවකභාසිතාති තෙසං තෙසං සාවකෙහි භාසිතා. සුස‍්සූසන‍්තීති අක‍්ඛරචිත‍්තතාය චෙව සරසම‍්පත‍්තියා ච අත‍්තමනා හුත්‍වා සුණන‍්ති. න චෙව අඤ‍්ඤමඤ‍්ඤං පටිපුච‍්ඡන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං අත්‍ථං වා අනුසන්‍ධිං වා පුබ‍්බාපරං වා න පුච‍්ඡන‍්ති. න ච පටිවිචරන‍්තීති පුච‍්ඡනත්‍ථාය චාරිකං න විචරන‍්ති. ඉදං කථන‍්ති ඉදං බ්‍යඤ‍්ජනං කථං රොපෙතබ‍්බං කින‍්ති රොපෙතබ‍්බං? ඉමස‍්ස කො අත්‍ථොති ඉමස‍්ස භාසිතස‍්ස කො අත්‍ථො, කා අනුසන්‍ධි, කිං පුබ‍්බාපරං? අවිවටන‍්ති පටිච‍්ඡන‍්නං. න විවරන‍්තීති න උග‍්ඝාටෙන‍්ති. අනුත‍්තානීකතන‍්ති අපාකටං කතං. න උත‍්තානිං කරොන‍්තීති පාකටං න කරොන‍්ති. කඞ‍්ඛාඨානියෙසූති කඞ‍්ඛාය කාරණභූතෙසු. සුක‍්කපක‍්ඛො වුත‍්තවිපල‍්ලාසෙන වෙදිතබ‍්බො.

සයවැන්නෙහි ඔක්කාචිතවිනීතා යනු නොහික්මුණෝයි. නොපටිපුච්ඡා විනීතා යනු විමස විමසා විනීත නොවුවෝයි. ගම්භීරා යනු සල්ලසූත්‍ර වැනි පෙළ වශයෙන් ගැඹුරු වූයි. ගම්භීරත්‍ථා මහාවේදල්ල සූත්‍රය වැනි අර්‍ත්‍ථ වශයෙන් ගැඹුරුවුයි. ලොකුත්තරා යනු ලෝකෝත්තර අර්ථ ප්‍රකට කරන්නාවූයි. සුඤ්ඤතා පටිසංයුත්තා යනු සඤ්ඤාසංඛාත සංයුත්තය වැනි ශුන්‍යවූ ධම්මාත්‍රයම ප්‍රකාශ කරන්නාවූයි. න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති යනු දැන ගැනීම සඳහා සිත නොඑළවත්. නිදත් හෝ සිත වෙනතකට යොමු වූවාහු හෝ වෙත්. උග්ගභෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතුදේද පුහුණු කළයුතුදේද යනුයි. කවිකතා යනු කවීන් විසින් කරනලදැයි සෙස්ස එහිම පර්‍ය්‍යාය වචනයි. චිත්තක්‍ඛරා යනු විසිතුරුවූ අකුරුයි. සෙස්ස එහිම පර්යාය වචනයි. බාහිරකා යනු සසුනින් පිටත වූවෝයි. සාවකභාසිතා යනු ඔවුනොවුන්ගේ ශ්‍රාවකයන් විසින් කියනලද්දාවූයි. සුස්සුසන්ති යනු අක්‍ෂරවිචිත්‍රත්වය නිසා හෝ ස්වර සම්පත්තිය (මිහිර ස්වර) නිසා සතුටු සිතැතිව අසත්. න චෙච අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති යනු අර්‍ත්‍ථය හෝ අනුසන්‍ධි (ගැලපීම) හෝ මුල අග (ගැලපීම) හෝ නොවිමසත් පටිවිචරන්ති යනු ඇසීම (විමසීම) සඳහා චාරිකාවෙහි නොයත්. ඉදං කථං යනු මේ ව්‍යංජනය කෙසේ නැංවිය යුතුද කුමකට නැංවියයුතුද යනුයි. ඉමස්සක්‍චන්‍ථො යනු මේ ප්‍රකාශයේ අර්‍ත්‍ථය කුමක්ද? අනුසන්‍ධිය කුමක්ද? මුලඅග කුමක්ද යනුයි. අවිවටං යනු වැසුණුයි. නවිවරන්ති යනු නොඅරිත්. අනුත්තානීකතං යනු නොපැහැදිලිවූයි. කඞ්ඛාඨානීයෙසු යනු සැකයට හේතුවූ තැන්හියි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.

2. 1. 5. 7

2. 1. 5. 7

සත‍්තමෙ ආමිසගරූති චතුපච‍්චයගරුකා ලොකුත‍්තරධම‍්මං ලාමකතො ගහෙත්‍වා ඨිතපරිසා. සද‍්ධම‍්මගරූති නව ලොකුත‍්තරධම‍්මෙ ගරුකෙ කත්‍වා චත‍්තාරො පච‍්චයෙ ලාමකතො ගහෙත්‍වා ඨිතපරිසා. උභතොභාගවිමුත‍්තොති ද‍්වීහි භාගෙහි විමුත‍්තො. පඤ‍්ඤාවිමුත‍්තොති පඤ‍්ඤාය විමුත‍්තො සුක‍්ඛවිපස‍්සකඛීණාසවො. කායසක‍්ඛීති කායෙන ඣානඵස‍්සං ඵුසිත්‍වා පච‍්ඡා නිරොධං නිබ‍්බානං සච‍්ඡිකත්‍වා ඨිතො. දිට‍්ඨිප‍්පත‍්තොති දිට‍්ඨන‍්තං පත‍්තො. ඉමෙ ද‍්වෙපි ඡසු ඨානෙසු ලබ‍්භන‍්ති. සද‍්ධාවිමුත‍්තොති සද‍්දහන‍්තො විමුත‍්තො. අයම‍්පි ඡසු ඨානෙසු ලබ‍්භති. ධම‍්මං අනුස‍්සරතීති ධම‍්මානුසාරී. සද‍්ධං අනුස‍්සරතීති සද‍්ධානුසාරී. ඉමෙ ද‍්වෙපි පඨමමග‍්ගසමඞ‍්ගිනො. කල්‍යාණධම‍්මොති සුන්‍දරධම‍්මො. දුස‍්සීලො පාපධම‍්මොති නිස‍්සීලො ලාමකධම‍්මො. ඉමං කස‍්මා ගණ‍්හන‍්ති? සබ‍්බෙසු හි එකසදිසෙසු ජාතෙසු සීලවන‍්තෙසු බලවගාරවං න හොති, එකච‍්චෙසු පන දුස‍්සීලෙසු සති සීලවන‍්තානං උපරි බලවගාරවං හොතීති මඤ‍්ඤන‍්තා ගණ‍්හන‍්ති. තෙ තෙන ලාභං ලභන‍්තීති තෙ භික‍්ඛූ එකච‍්චානං වණ‍්ණං එකච‍්චානං අවණ‍්ණං කථෙත්‍වා චත‍්තාරො පච‍්චයෙ ලභන‍්ති. ගථිතාති තණ‍්හාය ගන්‍ථිතා. මුච‍්ඡිතාති තණ‍්හාවසෙනෙව මුච‍්ඡිතා. අජ‍්ඣොපන‍්නාති අජ‍්ඣොසාය ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ඨිතා. අනාදීනවදස‍්සාවිනොති අපච‍්චවෙක‍්ඛිතපරිභොගෙ ආදීනවං අපස‍්සන‍්තා. අනිස‍්සරණපඤ‍්ඤාති චතූසු පච‍්චයෙසු ඡන්‍දරාගඅපකඩ‍්ඪනාය නිස‍්සරණපඤ‍්ඤාය විරහිතා ඉදමත්‍ථං එතන‍්ති අජානන‍්තා. පරිභුඤ‍්ජන‍්තීති සච‍්ඡන්‍දරාගා හුත්‍වා පරිභුඤ‍්ජන‍්ති.

සත්වැන්නෙහි ආමිසගරූ යනු සිවුපසය ගරුකොට ගත් ලෝකෝත්තර ධර්‍මය පහත්වශයෙන් ගත් පිරිසයි. සද්ධම්මගරූ යනු නවලොවුතුරා දහම ගරු කොට සිවුපසය ලුහුකොට ගෙන සිටි පිරිසයි. උභතොභාගවිමුතේතා යනු අංශදෙකින්ම මිදුණු තැනැත්තායි. පඤ්ඤා විමුතතො යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශූෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි. කායසක්‍ඛි යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශුෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි. කායසක්‍ඛි යනු ශරීරයෙන් ධ්‍යානස්පර්‍ශය විඳ පසුව නිරොධ සංඛ්‍යාත නිවන පසක්කොට සිටියේයි. දිට්ඨප්පත්තො යනු දෘෂ්ටි අන්තයට පැමිණියි. මේ දෙකම තැන්සයක ලබත්. සද්ධාධිවිමුත්තො යනු අදහමින් (විශ්වාස කරමින්) විමුක්තියට පත්වූයි. මෙයද තැන් සයක ලැබෙයි. ධර්‍මය සිහිකරන්නෙනුයි ධම්මානුසාරී නම් වේ. ශ්‍රද්ධාව සිහිකරන්නේනුයි සද්ධානුසාරී නමි. මේ දෙකම පළමුමාර්‍ගය හා එක්ව පවතින්නේයි. කල්‍යාණධම්මො යනු සුන්දර ධර්‍මයයි. දුස්සීලො පාපධම්මො යනු සිල් නැත්තේ පවිටුදහම් ඇත්තේයි මෙය කෙසේ ගනිත්ද? සියලු දෙනා එකම වැනිවූ විට සිල්වතුන් කෙරෙහි දැඩි ගෞරවයක් වෙතැයි හඟිමින් ගනිති. තෙ තෙන ලාහං ලභන්ති යනු ඒ භික්‍ෂූහු ඇතමුන්ගේ ගුණද ඇතැමුන්ගේ අගුණද කියා සිවුපසය ලබත්. ගථිතා යනු තෘෂ්ණාවෙන් ගැට ගැසුණාවූයි. මුච්ඡිතා යනු තෘෂ්ණා වශයෙන්ම සිහි මුළාවූයි. අජෙක්‍ධාපන්නා යනු අදහසෙහි ගිලී නිමාවට පමුණුවා සිටියෝයි. ආදීනව දස්සවිනො යනු ප්‍රත්‍යවෙක්‍ෂා නොකළ පරිභොගයෙහි ආදීනව නොදක්නාහුයි. අනිස්සරණපඤ්ඤා යනු සිවුපසයෙහි ඡන්‍දරාගය ඉවතට අදින්නාවූ නිස්සරණ ප්‍රඥාවෙන් තොර වූවෝයි. මේ අර්‍ත්‍ථය මෙයයයි නොදන්නාහුයි. පරිභුඤ්ජන්ති යනු ඡන්‍දරාගය ඇත්තෝ වී අනුභව කරති.

සුක‍්කපක‍්ඛෙ උභතොභාගවිමුත‍්තොතිආදීසු අයං සත‍්තන‍්නම‍්පි අරියපුග‍්ගලානං සඞ‍්ඛෙපපකාසනා – එකො භික‍්ඛු පඤ‍්ඤාධුරෙන අභිනිවිට‍්ඨො අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා සොතාපත‍්තිමග‍්ගං පාපුණාති. සො තස‍්මිං ඛණෙ ධම‍්මානුසාරී නාම හොති, සොතාපත‍්තිඵලාදීසු ඡසු ඨානෙසු කායසක‍්ඛි නාම, අරහත‍්තඵලක‍්ඛණෙ උභතොභාගවිමුත‍්තො නාම. සමාපත‍්තීහි වික‍්ඛම‍්භනවිමුත‍්තියා මග‍්ගෙන සමුච‍්ඡෙදවිමුත‍්තියාති ද‍්වික‍්ඛත‍්තුං වා ද‍්වීහි වා භාගෙහි විමුත‍්තොති අත්‍ථො. අපරො පඤ‍්ඤාධුරෙන අභිනිවිට‍්ඨො සමාපත‍්තියො නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො සුක‍්ඛවිපස‍්සකොව හුත්‍වා සොතාපත‍්තිමග‍්ගං පාපුණාති. සො තස‍්මිං ඛණෙ ධම‍්මානුසාරී නාම හොති, සොතාපත‍්තිඵලාදීසු ඡසු ඨානෙසු දිට‍්ඨිප‍්පත‍්තො නාම, අරහත‍්තඵලක‍්ඛණෙ පඤ‍්ඤාවිමුත‍්තො නාම. අපරො සද‍්ධාධුරෙන අභිනිවිට‍්ඨො අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා සොතාපත‍්තිමග‍්ගං පාපුණාති.

යහපත් අංශයෙහි උභතොභාග විමුත්තො යන ආදියෙහි ආර්‍ය්‍ය පුද්ගලයන් සත් දෙනාගේම මේ සැකෙවින් කළ ප්‍රකාශනයයි. එක් භික්‍ෂුවක් ප්‍රඥාධුරයෙන් ඇලී සිටියේ අෂ්ටසමාපත්තීන් උපදවා සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරි නම් වෙයි. සෝවාන්ඵලාදී සයතන්හි කායසක්‍කි නම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. සමාපත්තීන්ගෙන් විෂ්කම්භක විමුක්තියෙන්ද මාර්‍ගයෙන් සමුචේඡද විමුක්තියෙන්ද දෙවරක් හේ දෙගුණයකින් විමුක්තියට පත්වූයේ යන අර්‍ත්‍ථයි. අන් තැනැත්තේ ප්‍රඥාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට අසමත් වෙමින් ශුෂ්කවිදර්ශකයෙක්ම වී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරී නම් වෙයි. සොතාපත්ති ඵලාදී සය තැන්හි දිට්ඨප්පත්ත නම්වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්‍රද්ධා ධුරයෙහි නිරතවූයේ අටසමවත් උපදවා සෝවාන් මගට පැමිණියි.

සො තස‍්මිං ඛණෙ සද‍්ධානුසාරී නාම හොති, සොතාපත‍්තිඵලාදීසු ඡසු ඨානෙසු කායසක‍්ඛි නාම, අරහත‍්තඵලක‍්ඛණෙ උභතොභාගවිමුත‍්තො නාම. අපරො සද‍්ධාධුරෙන අභිනිවිට‍්ඨො සමාපත‍්තියො නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො සුක‍්ඛවිපස‍්සකොව හුත්‍වා සොතාපත‍්තිමග‍්ගං පාපුණාති. සො තස‍්මිං ඛණෙ සද‍්ධානුසාරී නාම හොති, සොතාපත‍්තිඵලාදීසු ඡසු ඨානෙසු සද‍්ධාවිමුත‍්තො නාම, අරහත‍්තඵලක‍්ඛණෙ පඤ‍්ඤාවිමුත‍්තො නාම.

හෙතෙම එකෙණෙහිද සද්ධානුසාරී නම්වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි කායසක්‍ඛිනම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්‍රද්ධාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට නොහැක්කේ ශුෂ්කවිදර්‍ශකයෙක්මවී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි සද්ධානුසාරී නම් වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි සද්ධාවිමුත්ත නම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම්වෙයි.

2. 1. 5. 8

2. 1. 5. 8

අට‍්ඨමෙ විසමාති සපක‍්ඛලනට‍්ඨෙන විසමා. සමාති නිපක‍්ඛලනට‍්ඨෙන සමා. අධම‍්මකම‍්මානීති උද‍්ධම‍්මානි කම‍්මානි. අවිනයකම‍්මානීති උබ‍්බිනයානි කම‍්මානි.

අටවැන්නෙහි විසමා යනු පැකිලීම් සහිතය යන අරුතින් විසමවූයි. සමා යනු නොපැකිලෙන අරුතින් සමවූයි. අධම්මකම්මානි යනු ධර්‍මවිරෝධී කටයුතුයි. අචිනය කම්මානි යනු විනය විරෝධී කටයුතුයි.

2. 1. 5. 9

2. 1. 5. 9

නවමෙ අධම‍්මිකාති නිද‍්ධම‍්මා. ධම‍්මිකාති ධම‍්මයුත‍්තා.

නවවැන්නෙහි අධ්ම්මිකා යනු අධාර්මිකවූයි. ධම්මිකා යනු ධර්‍මයෙන් යුක්තවූවෝයි.

2. 1. 5. 10

2. 1. 5. 10

දසමෙ අධිකරණන‍්ති විවාදාධිකරණාදිචතුබ‍්බිධං අධිකරණං. ආදියන‍්තීති ගණ‍්හන‍්ති. සඤ‍්ඤාපෙන‍්තීති ජානාපෙන‍්ති. න ච සඤ‍්ඤත‍්තිං උපගච‍්ඡන‍්තීති සඤ‍්ඤාපනත්‍ථං න සන‍්නිපතන‍්ති. න ච නිජ‍්ඣාපෙන‍්තීති න පෙක‍්ඛාපෙන‍්ති. න ච නිජ‍්ඣත‍්තිං උපගච‍්ඡන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං නිජ‍්ඣාපනත්‍ථාය න සන‍්නිපතන‍්ති. අසඤ‍්ඤත‍්තිබලාති අසඤ‍්ඤත‍්තියෙව බලං එතෙසන‍්ති අසඤ‍්ඤත‍්තිබලා. අප‍්පටිනිස‍්සග‍්ගමන‍්තිනොති යෙසං හි එවං හොති – “සචෙ අම‍්හෙහි ගහිතං අධිකරණං ධම‍්මිකං භවිස‍්සති, ගණ‍්හිස‍්සාම. සචෙ අධම‍්මිකං, විස‍්සජ‍්ජෙස‍්සාමා”ති, තෙ පටිනිස‍්සග‍්ගමන‍්තිනො නාම හොන‍්ති. ඉමෙ පන න තථා මන‍්තෙන‍්තීති අප‍්පටිනිස‍්සග‍්ගමන‍්තිනො. ථාමසා පරාමාසා අභිනිවිස‍්සාති දිට‍්ඨිථාමෙන ච දිට‍්ඨිපරාමාසෙන ච අභිනිවිසිත්‍වා. ඉදමෙව සච‍්චන‍්ති ඉදං අම‍්හාකං වචනමෙව සච‍්චං. මොඝමඤ‍්ඤන‍්ති අවසෙසානං වචනං මොඝං තුච‍්ඡං. සුක‍්කපක‍්ඛො උත‍්තානත්‍ථොයෙවාති.

දසවැන්නෙහි අධිකරණං යනු සතරාකාරවූ විවාදාධිකරණාදියයි. ආදියන්ති යනු ගනිත්. සඤ්ඤපෙන්ති යනු දන්වත්. න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති යනු දැන්වීම සඳහා නොරැස්වෙති. න ච නිජ්ක්‍ධාපෙන්ති යනු සලකා නොබලත්. න ච නිජක්‍ධත්තිං උපගච්ඡන්ති යනු ඔවුනොවුන් සලකා බැලීම සඳහා නොරැස්වෙති. අසඤ්ඤත්තිබලා යනු නොදැන්වීමම ඔවුන්ගේ බලයනුයි අසඤ්ඤත්ති බල නමි. අප්පටිනිස්සග්ගමන්තිනො යනු ‘ඉදින් අපවිසින් ගන්නා ලද අධිකරණය ධාර්මික වන්නේ නම් ගන්නෙමු. ඉදින් අධාර්මික නම් අත්හරින්නෙමු’යි යමෙකුට මෙබඳු අදහසක් වේද ඔවුහු පටිනිස්සග්ගමන්තිනො (අත්හැරීමට කථාකරන්නාහු) නම්වෙත්. මොවුහු වනාහි එසේ මන්ත්‍රණය නොකරත්නුයි අප්පටිනිස්සග්ගමන්තිනො නම් වෙත්. ථාමසා පරාමස්ස අභිනිවිස්ස යනු දෘෂ්ටි බලයෙන්ද දෘෂ්ටිගැනීමෙන්ද (ඊට) බැස යනුයි. ඉදමෙව සච්චං යනු මේ අපගේ වචනයම සත්‍යයයි. මොඝමඤ්ඤං යනු අන් අයගේ වචනය නිසරුය, හිස්ය යනුයි. යහපත් අංශය පැහැදිලි අරුත් ඇත්තේමය.

පරිසවග‍්ගො පඤ‍්චමො.

පඨමපණ‍්ණාසකං නිට‍්ඨිතං.

ප්‍රථම පණ්ණසකය නිමියේයි.