යෙදුමෙන් කියවන්න

2. 1. 5. 5

2. 1. 5. 5.

2. 1. 5. 5.

46. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: පරිසකසටො ච පරිසමණ‍්ඩො ච.

46. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: කසළ පිරිස හා නිකසළ පිරිස හා දෙකයි.

කතමො ච භික‍්ඛවෙ පරිසකසටො: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ ඡන්‍දාගතිං ගච‍්ඡන‍්ති, දොසාගතිං ගච‍්ඡන‍්ති, මොහාගතිං ගච‍්ඡන‍්ති, භයාගතිං ගච‍්ඡන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ පරිසකසටො.

මහණෙනි, කසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත් ද, ද්වේෂයෙන් අගතියට යෙත් ද, මෝහයෙන් අගතියට යෙත් ද, භයින් අගතියට යෙත් ද, මහණෙනි මේ කසළ පිරිසැ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ පරිසමණ‍්ඩො: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ න ඡන්‍දාගතිං ගච‍්ඡන‍්ති, න දොසාගතිං ගච‍්ඡන‍්ති, න මොහාගතිං ගච‍්ඡන‍්ති, න භයාගතිං ගච‍්ඡන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ පරිසමණ‍්ඩො. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං පරිසාමණ‍්ඩොති.

මහණෙනි, නිකසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නො යෙත් ද, ද්වේෂයෙන් අගතියට නො යෙත් ද, මෝහයෙන් අගතියට නො යෙත් ද, භයින් අගතියට නො යෙත් ද, මහණෙනි මේ නිකසළ පිරිසැ යී කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් නිකසළ පිරිසෙක් වේ නම්, තෙල අගී.