2. 1. 5. 4
2. 1. 5. 4.
2. 1. 5. 4.
45. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: අනරියා ච පරිසා, අරියා ච පරිසා.
45. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අනාර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා ආර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා දෙකයි.
කතමා ච භික‍්ඛවෙ අනරියා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං නප‍්පජානන‍්ති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං නප‍්පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං නප‍්පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප‍්පජානන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අනරියා පරිසා.
මහණෙනි, අනාර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ (තෘෂ්ණාව තබා පඤ්චස්කන්‍ධය) දුකැයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාවගේ නැවැත්ම) දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (අරීඅටඟිමග) දුඃඛනිරෝධගමී ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි මේ අනාර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ.
කතමා ච භික‍්ඛවෙ අරියා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානන‍්ති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අරියා පරිසා. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං අරියා පරිසාති.
මහණෙනි, ආර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ දුකැයී තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛසමුදයයි තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛනිරෝධයයි තත් වූ පරිදි දනිත් ද,මේ දුඃඛනිරොධගමි ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකයි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ආර්‍ය්‍ය පිරිසෙක් වේ නම්, තෙල අගී.