2. 1. 5. 3
2. 1. 5. 3.
2. 1. 5. 3.
44. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අනග්ගවතී ච පරිසා, අග්ගවතී ච පරිසා.
44. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: (උතුම් පුඟුලන් ඇති හෙයින්) අග්ගවතී නම් පිරිස හා (උතුම් පුඟුලන් නැති හෙයින්) අනග්ගවතී නම් පිරිස හා දෙකයි.
කතමා ච භික්ඛවෙ අනග්ගවතී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං ථෙරා භික්ඛූ බාහුලිකා හොන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා, න විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං වුච්චති භික්ඛවෙ අනග්ගවතී පරිසා.
මහණෙනි, අනග්ගවතී පිරිස් කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්ෂූහු (සිවුරු ඈ පිරිකරින්) බාහුලික වෙත් ද, සස්න ලිහිල් කොට ගන්නාහු වෙත් ද, අවක්රමණ සඞ්ඛ්‍යාත පඤ්චනීවරණධර්මයන් පිරීමෙහි පෙරටු වෙත් ද, ප්‍රවිවේක සඞ්ඛ්‍යාත නිර්වාණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, නොලත් (ධ්‍යාන් - විදර්ශනා - මාර්ග - ඵල විශේෂයාගේ) ප්‍රාප්තිය පිණිස අනධිගත ධර්මයාගේ අධිගමය පිණිස, පසක් නො කළ ධර්මයාගේ පසක් කිරීම පිණිස වැර නො වඩත් ද, ඔවුන්ගේ (සද්ධිවිහාරිකාදී) පශ්චිමජනතාව (ඔවුන්ගේ ආචාරය අනුව යෑමය යි කියන ලද) දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික වෙයි. සාථලික වෙයි. අවක්‍රමණයෙහි පූර්වඞ්ගම වෙයි. ප්‍රවිවේකයෙහි හළ ධුර ඇති වෙයි. නො පත් ධර්මයට පැමිණීම පිණිස නො ලත් ධර්මය ලැබීම පිණිස පසක් නොකළ ධර්මය පසක් කිරීම පිණිස වැර නො වඩයි. මහණෙනි, මේ අනග්ගවතී පිරිසැ යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ අග්ගවතී පරිසා: ඉධභික්ඛවෙයස්සං පරිසායං ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා විරියං ආරභන්ති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා, විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං වුච්චති භික්ඛවෙ අග්ගවතී පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං අග්ගවතී පරිසාති.
මහණෙනි, අග්ගවතී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්ෂූහු බාහුලික නො වෙත් ද, සාථලික නො වෙත් ද, පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි හළ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, ප්රකර්ෂ විවේකයෙහි පෙරටු ව යන්නාහු වෙත් ද, නො පත් ධර්මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්මයාගේ ලැබීම පිණිස, පසක් නො කළ ධර්මයාගේ පසක් කිරීම පිණිස වැර වඩත් ද, ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද බාහුලික නො වේ සාථලික නො වේ අවක්‍රමණයෙහි හළ ධුර ඇති වේ ප්‍රවිවේකයෙහි පෙරටුව යන්නේ වේ. නො පත් ධර්මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්මයාගේ ලාභය පිණිස, පසක් නො කළ ධර්මයාගේ පසක් කිරීම පිණිස, වැර වඩයි. මහණෙනි, මේ අග්ගවතී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් අග්ගවතී පිරිසෙක් වේ නම්, තෙල අග්‍ර වේ.