යෙදුමෙන් කියවන්න

2. 1. 5. 2

2. 1. 5. 2.

2. 1. 5. 2.

43. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා: කතමා ද‍්වෙ: වග‍්ගා ච පරිසා, සමග‍්ගා ච පරිසා.

43. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ව්‍යග්‍ර පිරිස හා සමග්‍ර පිරිස හා යන දෙකයි.

කතමා ච භික‍්ඛවෙ වග‍්ගා පරිසා. ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ වග‍්ගා පරිසා.

මහණෙනි, ව්‍යග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු හටගත් පූර්‍වභාග සටන් ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට පැමිණියාහු, උනුන් මුවසැතින් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ග පිරිසැ යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ සමග‍්ගා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සමග‍්ගා පරිසා. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං සමග‍්ගා පරිසාති.

මහණෙනි, සමග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමග වූවාහු, සතුටුවන්නාහු විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් සැසැඳුනාහු, උනුන් පියනෙතින් බලන්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍ර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි දෙපිරිස ය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් සමග්‍ර පිරිසක් වේ නම්, තෙල අග්‍ර වේ.