යෙදුමෙන් කියවන්න

2. 1. 5. 6

2. 1. 5. 6.

2. 1. 5. 6.

47. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: ඔක‍්කාචිතවිනීතා පරිසා නො පටිපුච‍්ඡාවිනීතා, පටිපුච‍්ඡාවිනීතා පරිසා නො ඔක‍්කාචිතවිනීතා.

47. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.

කතමා ච භික‍්ඛවෙ ඔක‍්කාචිතවිනීතා පරිසා නො පටිපුච‍්ඡාවිනීතා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ යෙ තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතා පටිසඤ‍්ඤුත‍්තා. තෙසු භඤ‍්ඤමානෙසු න සුස‍්සූසන‍්ති න සොතං ඔදහන‍්ති, න අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨපෙන‍්ති, න ච තෙ ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤන‍්ති. යෙ පන තෙ සුත‍්තන‍්තා කවිකතා කාවෙය්‍යා චිත‍්තක‍්ඛරා චිත‍්තබ්‍යඤ‍්ජනා බාහිරකා සාවකභාසිතා. තෙසු භඤ‍්ඤමානෙසු සුස‍්සූසන‍්ති, සොතං ඔදහන‍්ති, අඤ‍්ඤාචිත‍්තං උපට‍්ඨපෙන‍්ති, තෙ ච ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤන‍්ති. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා න චෙව අඤ‍්ඤමඤ‍්ඤං පටිපුච‍්ඡන‍්ති, පටිවිචරන‍්ති. ඉදං කථං, ඉමස‍්ස ක්‍වත්‍ථොති? තෙ අවිවටඤ‍්චෙව න විවරන‍්ති, අනුත‍්තානීකතඤ‍්ච න උත‍්තානී කරොන‍්ති. අනෙකවිහිතෙසු ච කඞ‍්ඛාඨානීයෙසු ධම‍්මෙසු කඞ‍්ඛං න පටිවිනොදෙන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ ඔක‍්කාචිතවිනීතා පරිසා, නො පටිපුච‍්ඡාවිනීතා.

මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්‍ත්‍ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුද්ගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ප්‍රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.

කතමා ච භික‍්ඛවෙ පටිපුච‍්ඡාවිනීතා පරිසා නො ඔක‍්කාචිතවිනීතා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං භික‍්ඛූ යෙ තෙ සුත‍්තන‍්තා, කවිකතා කාවෙය්‍යා චිත‍්තක‍්ඛරා චිත‍්තබ්‍යඤ‍්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ‍්ඤමානෙසු න සුස‍්සූසන‍්ති, න සොතං ඔදහන‍්ති, න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති, න ච තෙ ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤන‍්ති. යෙ පන තෙ සුත‍්තන‍්තා තථාගතභාසිතා ගම‍්භීරා ගම‍්භීරත්‍ථා ලොකුත‍්තරා සුඤ‍්ඤතාපටිසඤ‍්ඤුත‍්තා, තෙසු භඤ‍්ඤමානෙසු සුස‍්සූසන‍්ති, සොතං ඔදහන‍්ති, අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති, තෙ ච ධම‍්මෙ උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤන‍්ති. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං පටිපුච‍්ඡන‍්ති, පටිවිචරන‍්ති, ඉදං කථං? ඉමස‍්ස ක්‍වත්‍ථොති, තෙ අවිවටඤ‍්චෙව විවරන‍්ති? අනුත‍්තානීකතඤ‍්ච උත‍්තානීකරොන‍්ති, අනෙකවිහිතෙසු ච කඞ‍්ඛාඨානීයෙසු ධම‍්මෙසු කඞ‍්ඛං පටිවිනොදෙන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ පටිපුච‍්ඡාවිනීතා පරිසා නො ඔක‍්කාචිතවිනීතා. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං පටිපුච‍්ඡාවිනීතා පරිසා නො ඔක‍්කාචිතවිනීතාති.

මහණෙනි, පිළිවිස හික්මුනු අවිනීත නො වූ පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ ශ්‍රාවකයන් විසින් කියන ලද, යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත් ම එය ඇසීමට කන් නතු නො කෙරෙත්. දැනගැණීමට සිත් නො එළවත්. ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො ද හඟිත්. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද (පාළිවිසින්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට කැමැති වෙත්. කන් නතු කෙරෙත්. දැනගැණීමට සිත් එළවත්. ඒ ධර්‍මයන් ද උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මය පුහුණු කොට උනුන් පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමැ? යි පිළිවිසීමට සැරිසරත්. ඒ භික්‍ෂූහු නොපිළිසන් වූ අර්‍ත්‍ථය විවර කෙරෙත්. අප්‍රකට වූ අර්‍ත්‍ථය ද ප්‍රකට කෙරෙත්. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍ම විෂයෙහි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ විනීත වූ පිළිවිස හික්මුනු පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් පිළිවිස හික්මුනු විනීත වූ පිරිසෙක් වේ ද, තෙල අගී.