2. 1. 5. 7
2. 1. 5. 7.
2. 1. 5. 7.
48. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: ආමිසගරු පරිසා නො සද්ධම්මගරු, සද්ධම්මගරු පරිසා නො ආමිසගරු.
48. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය.
කතමා ච භික්ඛවෙ ආමිසගරු පරිසා නො සද්ධම්මගරු: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ගිහීනං ඔදාතවසනානං සම්මුඛා අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං භාසන්ති, අසුකො භික්ඛු උභතොභාගවිමුත්තො, අසුකො පඤ්ඤාවිමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨප්පත්තො, අසුකො සද්ධාවිමුත්තො, අසුකො ධම්මානුසාරී, අසුකො සද්ධානුසාරී, අසුකො සීලවා කල්යාණධම්මො, අසුකො දුස්සීලො පාපධම්මොති. තෙ තෙන ලාභං ලභන්ති. තෙ තං ලාභං ලභිත්වා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. අයං වුච්චති භික්ඛවෙ ආමිසගරු පරිසා නො සද්ධම්මගරු.
මහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතෝභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්ශක ක්ෂීණාස්රව) ප්රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්යානස්පර්ශ කොට නිවන් පසක් කළ) කාය සාක්ෂියෙක. අසෝ මහණ දෘෂ්ටප්රාප්තයෙක. අසෝ මහණ (ශ්රද්ධාධුරයෙන් වැද කෙලෙසුන් නැසූ බැවින්) ශ්රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ (ප්රඥාධුරයෙන් වැද සෝවන්මඟ ගන්නා බැවින්) ධර්මානුසාරියෙක, අසෝ මහණ (සැදැහැයෙන් වැද සමවන් නොසපයා සෝවන් මගට පිළිපන්) ශ්රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණ දහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ බෙණෙත් ද, ඔහු එයින් ලාභ ලබත්. ඔහු මැසූනාහු මුසපත්වූවාහු (එහි) ගැලුනාහු ආදීනව නො දක්නාහු නිස්සරණප්රඥා නැත්තාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කරණ සද්ධර්මය ගරු නොකරණ පිරිස වෙයි.
කතමා ච භික්ඛවෙ සද්ධම්මගරු පරිසා නො ආමිසගරු: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ගිහීනං ඔදාතවසනානං සම්මුඛා න අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං භාසන්ති: අසුකො භික්ඛු උභතොභාගවිමුත්තො, අසුකො පඤ්ඤාවිමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨප්පත්තො, අසුකො සද්ධාවිමුත්තො, අසුකො ධම්මානුසාරී, අසුකො සද්ධානුසාරී, අසුකො සීලවා කල්යාණධම්මො, අසුකො දුස්සීලො පාපධම්මොති. තෙ තෙන ලාභං ලභන්ති. තං ලාභම්පි ලභිත්වා අගථිතා අමුච්ඡිතා අනජ්ඣොසන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. අයං වුච්චති භික්ඛවෙ සද්ධම්මගරු පරිසා නො ආමිසගරු. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං සද්ධම්මගරු පරිසා නො ආමිසගරුති.
මහණෙනි, සද්ධර්මය ගරු කරණ (ආමිෂය) ගරු නොකරණ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට ‘අසෝ මහණ උභතෝභාග විමුක්තයෙක, අසෝ මහණ ප්රඥාවිමුක්තයෙක, අසෝ මහණ කායසාක්ෂියෙක, අසෝ මහණ දෘෂ්ටප්රාප්තයෙක, අසෝ මහණ ශ්රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ ධර්මානුසාරියෙක, අසෝ මහණ ශ්රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණදහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ නො බෙණෙත්. ඔහු ලාභ ද ලබා නො මැසූනාහු මුසපත් නො වූවාහු (එහි) නො ගැලුනාහු ආදීනව දක්නාහු නිඃසරණප්රඥා ඇත්තාහු පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ සද්ධර්මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සද්ධර්මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසෙක් වේ නම් තෙල අගී.