යෙදුමෙන් කියවන්න

2. 1. 5. 8

2. 1. 5. 8.

2. 1. 5. 8.

49. ද‍්වෙමා භික‍්ඛවෙ පරිසා. කතමා ද‍්වෙ: විසමා ච පරිසා, සමා ච පරිසා.

49. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: විෂම පිරිස හා සමපිරිස හා දෙකය.

කතමා ච භික‍්ඛවෙ විසමා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං අධම‍්මකම‍්මානි පවත‍්තන‍්ති, ධම‍්මකම‍්මානි නප‍්පවත‍්තන‍්ති, අවිනයකම‍්මානි පවත‍්තන‍්ති, විනයකම‍්මානි නප‍්පවත‍්තන‍්ති. අධම‍්මකම‍්මානි දිප‍්පන‍්ති, ධම‍්මකම‍්මානි න දිප‍්පන‍්ති. අවිනයකම‍්මානි දිප‍්පන‍්ති, විනයකම‍්මානි න දිප‍්පන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ විසමා පරිසා. විසමත‍්තා භික‍්ඛවෙ පරිසාය අධම‍්මකම‍්මානි පවත‍්තන‍්ති, ධම‍්මකම‍්මානි නප‍්පවත‍්තන‍්ති. අවිනයකම‍්මානි පවත‍්තන‍්ති, විනයකම‍්මානි නප‍්පවත‍්තන‍්ති. අධම‍්මකම‍්මානි දිප‍්පන‍්ති, ධම‍්මකම‍්මානි න දිප‍්පන‍්ති, අවිනයකම‍්මානි දිප‍්පන‍්ති, විනයකම‍්මානි න දිප‍්පන‍්ති.

මහණෙනි, විෂම පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක අධර්‍මකර්‍මයෝ පවතිත් ද, ධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, අවිනය කර්‍මයෝ පවතිත් ද, විනයකර්‍මයෝ නො පවතිත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි මේ විෂම පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස විෂම බැවින් අධර්‍මකර්‍මයෝ පවතිත්. ධර්‍මකර්‍මයෝ නො පවතිත්. අවිනයකර්‍මයෝ පවතිත්. විනයකර්‍මයෝ නො පවතිත්. අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත වෙත්. විනයකර්‍මයෝ දීප්ත නො වෙත්.

කතමා ච භික‍්ඛවෙ සමා පරිසා: ඉධ භික‍්ඛවෙ යස‍්සං පරිසායං ධම‍්මකම‍්මානි පවත‍්තන‍්ති, අධම‍්මකම‍්මානි නප‍්පවත‍්තන‍්ති, විනයකම‍්මානි පවත‍්තන‍්ති, අවිනයකම‍්මානි නප‍්පවත‍්තන‍්ති, ධම‍්මකම‍්මානි දිප‍්පන‍්ති, අධම‍්මකම‍්මානි න දිප‍්පන‍්ති, විනයකම‍්මානි දිප‍්පන‍්ති, අවිනයකම‍්මානි න දිප‍්පන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සමා පරිසා. සමත‍්තා භික‍්ඛවෙ පරිසාය ධම‍්මකම‍්මානි පවත‍්තන‍්ති, අධම‍්මකම‍්මානි නප‍්පවත‍්තන‍්ති. විනයකම‍්මානි පවත‍්තන‍්ති, අවිනයකම‍්මානි නප‍්පවත‍්තන‍්ති. ධම‍්මකම‍්මානි දිප‍්පන‍්ති, අධම‍්මකම‍්මානි න දිප‍්පන‍්ති, විනයකම‍්මානි දිප‍්පන‍්ති, අවිනයකම‍්මානි න දිප‍්පන‍්ති. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං පරිසානං යදිදං සමා පරිසාති.

මහණෙනි, සමපිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ධර්‍මකර්‍මයෝ පවතිත් ද, අධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, විනයකර්‍මයෝ පවතිත් ද, අවිනයකර්‍මයෝ නො පවතිත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි, මේ සමපිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්‍මකර්‍මයෝ පවතිත්. අධර්‍මකර්‍මයෝ නො පවතිත්. විනයකර්‍මයෝ පවතිත්. අවිනයකර්‍මයෝ නො පවතිත්. ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. විනයකර්‍මයෝ දීප්ත වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත්. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සම පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.