2. 1. 5. 10
2. 1. 5. 10.
2. 1. 5. 10.
51. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අධම්මවාදිනී ච පරිසා, ධම්මවාදිනී ච පරිසා.
51. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධර්මවාදී පිරිස හා ධර්මවාදී පිරිස හා දෙකය.
කතමා ච භික්ඛවෙ අධම්මවාදිනී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ අධිකරණං ආදියන්ති ධම්මිකං වා අධම්මිකං වා. තෙ තං අධිකරණං ආදියිත්වා න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති, න ච නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපගච්ඡන්ති. තෙ අසඤ්ඤත්තිබලා අනිජ්ඣත්තිබලා අප්පටිනිස්සග්ගමන්තිනො තමෙව අධිකරණං ථාමසා පරාමස්සඅභිනිවිස්ස වොහරන්ති, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. අයං වුච්චති භික්ඛවෙ අධම්මවාදිනී පරිසා.
මහණෙනි, අධර්මවාදී පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු දැහැමි වූ හෝ නො දැහැමි වූ අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් නො ද හඟවත්. හැඟවීමට නො ද එළඹෙත්. නො ද දක්වත්. දැක්වීමට නො ද එළඹෙත්. නො ඇඟවීම බලය කොට ඇති, නො දැක්වීම බලය කොට ඇති ඔහු (අයුක්ති) දුරලීමට මන්ත්‍රණ නොකරන්නාහු එම අධිකරණ (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්ශ කොට එයට වැදගෙන ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි ව්‍යවහාර කෙරෙත් ද, මහණෙනි, මේ අධර්මවාදී පිරිස යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ ධම්මවාදිනී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ අධිකරණං ආදියන්ති, ධම්මිකං වා අධම්මිකං වා. තෙ තං අධිකරණං ආදියිත්වා අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති චෙව සඤ්ඤත්තිඤ්ච උපගච්ඡන්ති. නිජ්ඣාපෙන්ති චෙව නිජ්ඣත්තිඤ්ච උපගච්ඡන්ති. තෙ සඤ්ඤත්තිබලා නිජ්ඣත්තිබලා පටිනිස්සග්ගමන්තිනො න තමෙව අධිකරණං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරන්ති, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. අයං වුච්චති භික්ඛවෙ ධම්මවාදිනී පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං ධම්මවාදිනී පරිසාති.
මහණෙනි, ධර්මවාදී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු දැහැමි හෝ නො දැහැමි අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් ද හඟවත්. හැඟවීමට ද එළඹෙත්. උනුන් දක්වත්. දැක්වීමට ද එළඹෙත්. හැඟවීම බලය කොට ඇති, දැක්වීම බලය කොට ඇති (අධර්මය) දුරලීමට ම මන්ත්‍රණය කරණ සුලු ඔහු එම අධිකරණය ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්ශ කොට එයට පිවිස ව්‍යවහාර නො කෙරෙත් ද, මහණෙනි, මේ වනාහි ධර්මවාදී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ධර්මවාදී පිරිසෙක් වේ නම් තෙල අග්‍ර වේ.
පරිසවග්ගො පඤ්චමො.
පස්වන පිරිස් වග යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
උත්තානා වග්ගා අග්ගවතී අරියා කසටො ච පඤ්චමො, ඔක්කාචිතාමිසඤ්චෙව විසමා අධම්මා ධම්මියෙන චාති.
උත්තාන, වග්ග, අග්ගවතී, අරියසූත්රය හා පස්වැනි කසට සූත්‍රය ද, උක්කාචිත, ආමිස, විසම, අධම්ම, ධම්මිය සූත්‍රය ද යන මොහු (දශසූත්රයෝ) යි.
පඨමො පණ්ණාසකො සමත්තො.
ප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.