යෙදුමෙන් කියවන්න

2. 2. 6. 1

සම්පූර්ණ පරිච්ඡේදය

2. 2. 6. 1.

2. 2. 6. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා ලොකෙ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.

1. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් උපදනට සමත්වූවාහු ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවිමිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපනාහ.

කතමෙ ද‍්වෙ: තථාගතො ච අරහං සම‍්මාසම‍්බුද‍්ධො, රාජා ච චක‍්කවත‍්තී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා ලොකෙ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති බහුජනහිතාය බහුජනසුඛාය, බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජහු හා දෙදෙන ය. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලෝකයෙහි උපදනට සමත්වූවාහු බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවි මිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපදනාහ යි.

2. 2. 6. 2.

2. 2. 6. 2.

2. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා ලොකෙ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අච‍්ඡරියමනුස‍්සා. කතමෙ ද‍්වෙ: තථාගතො ච අරහං සම‍්මාසම‍්බුද‍්ධො, රාජා ච චක‍්කවත‍්තී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා ලොකෙ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජන‍්ති අච‍්ඡරියමනුස‍්සාති.

2. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලෝකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදනාහ.

2. 2. 6. 3.

2. 2. 6. 3.

3. ද‍්වින‍්නං භික‍්ඛවෙ පුග‍්ගලානං කාලකිරියා බහුනො ජනස‍්ස ආනුතප‍්පා හොති. කතමෙසං ද‍්වින‍්නං: තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස, රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං පුග‍්ගලානං කාලකිරියා බහුනො ජනස‍්ස ආනුතප‍්පා හොති.

3. මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්‍රවර්‍තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.

2. 2. 6. 4.

2. 2. 6. 4.

4. ද‍්වෙමෙ භික‍්ඛවෙ ථූපාරහා. කතමෙ ද‍්වෙ: තථාගතො ච අරහං සම‍්මාසම‍්බුද‍්ධො, රාජා ච චක‍්කවත‍්තී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ථූපාරහාති.

4. මහණෙනි, මේ ස්තුපාර්‍හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්‍හයෝ දෙදෙන වෙත්.

2. 2. 6. 5.

2. 2. 6. 5.

5. ද‍්වෙමෙ භික‍්ඛවෙ බුද‍්ධා. කතමෙ ද‍්වෙ: තථාගතො ච අරහං සම‍්මාසම‍්බුද‍්ධො, පච‍්චෙකබුද‍්ධො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බුද‍්ධාති.

5. මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.

2. 2. 6. 6.

2. 2. 6. 6.

6. ද‍්වෙමෙ භික‍්ඛවෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්ති. කතමෙ ද‍්වෙ: භික‍්ඛු ච ඛීණාසවො, හත්‍ථාජානීයො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්තීති.

6. මහණෙනි, මොහු දෙදෙනෙක් සේන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරත් නො බති.

2. 2. 6. 7.

2. 2. 6. 7.

7. ද‍්වෙමෙ භික‍්ඛවෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්ති. කතමෙ ද‍්වෙ: භික‍්ඛු ච ඛීණාසවො, අස‍්සාජානීයො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්තීති.

7. මහණෙනි, මොහු දෙදෙන සේන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරන කල්හි තැති නො ගණිත්.

2. 2. 6. 8.

2. 2. 6. 8.

8. ද‍්වෙමෙ භික‍්ඛවෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්ති. කතමෙ ද‍්වෙ: භික‍්ඛු ච ඛීණාසවො, සීහො ච මිගරාජා. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අසනියා ඵලන‍්තියා න සන‍්තසන‍්තීති.

8. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්.

2. 2. 6. 9.

2. 2. 6. 9.

9. ද‍්වෙමෙ භික‍්ඛවෙ අත්‍ථවසෙ සම‍්පස‍්සමානා කිම‍්පුරිසා මානුසිං වාචං න භාසන‍්ති. කතමෙ ද‍්වෙ: මා ච මුසා භණිම‍්හා, මා ච පරං අභූතෙන අබ‍්භාචික‍්ඛිම‍්හාති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අත්‍ථවසෙ සම‍්පස‍්සමානා කිම‍්පුරිසා මානුසිං වාචං න භාසන‍්තීති.

9. මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්‍යාඛ්‍යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.

2. 2. 6. 10.

2. 2. 6. 10.

10. ද‍්වින‍්නං භික‍්ඛවෙ ධම‍්මානං අතිත‍්තො අප‍්පටිවානො මාතුගාමො කාලං කරොති. කතමෙසං ද‍්වින‍්නං: මෙථුනධම‍්මසමාපත‍්තියා ච, විජායනස‍්ස ච. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ධම‍්මානං අතිත‍්තො අප‍්පටිවානො මාතුගාමො කාලං කරොතීති.

10. මහණෙනි, මේ ධර්‍ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්‍රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්‍ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.