යෙදුමෙන් කියවන්න

2. 2. 6. 11

2. 2. 6. 11.

2. 2. 6. 11.

11. අසන‍්තසන‍්නිවාසංච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සන‍්තසන‍්නිවාසඤ‍්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති: එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච.

11. මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ...

කථඤ‍්ච භික‍්ඛවෙ අසන‍්තසන‍්නිවාසො හොති: කථඤ‍්ච අසන‍්තො සන‍්නිවසන‍්ති:

මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්:

ඉධ භික‍්ඛවෙ ථෙරස‍්ස භික‍්ඛුනො එවං හොති : ථෙරොපි මං න වදෙය්‍ය, මජ‍්ඣිමොපි මං න වදෙය්‍ය, නවොපි මං න වදෙය්‍ය, ථෙරම‍්පහං න වදෙය්‍යං. මජ‍්ඣිමම‍්පාහං න වදෙය්‍යං, නවම‍්පහං න වදෙය්‍යං. ථෙරො චෙපි මං වදෙය්‍ය, අහිතානුකම‍්පී මං වදෙය්‍ය, නො හිතානුකම‍්පී, නොති නං වදෙය්‍යං, විහෙසෙය්‍යම‍්පි නං, පස‍්සම‍්පිස‍්ස න පටිකරෙය්‍යං. මජ‍්ඣිමො චෙපි මං වදෙය්‍ය, නවො චෙපි මං වදෙය්‍ය, අහිතානුකම‍්පී මං වදෙය්‍ය; නො හිතානුකම‍්පී. නොති නං වදෙය්‍යං, විහෙසෙය්‍යම‍්පි නං, පස‍්සම‍්පිස‍්ස න පටිකරෙය්‍යං. මජ‍්ඣිමස‍්සපි භික‍්ඛුනො එවං හොති -පෙ- නවස‍්සපි භික‍්ඛුනො එවං හොති : ථෙරොපි මං න වදෙය්‍ය, මජ‍්ඣිමොපි මං න වදෙය්‍ය, නවොපි මං න වදෙය්‍ය, ථෙරම‍්පාහං න වදෙය්‍යං, මජ‍්ඣිමම‍්පහං න වදෙය්‍යං, නවම‍්පහං නං වදෙය්‍යං. ථෙරො චෙපි මං වදෙය්‍ය, අහිතානුකම‍්පී මං වදෙය්‍ය, නො හිතානුකම‍්පී, නොති නං වදෙය්‍යං, විහෙසෙය්‍යම‍්පි නං, පස‍්සම‍්පිස‍්ස න පටිකරෙය්‍යං. මජ‍්ඣිමො චෙපි මං වදෙය්‍ය, නවො චෙපි මං වදෙය්‍ය; අහිතානුකම‍්පී මං වදෙය්‍ය, නො හිතානුකම‍්පී, නොති නං වදෙය්‍යං, විහෙසෙය්‍යම‍්පි නං; පස‍්සම‍්පිස‍්ස න පටිකරෙය්‍යං. එවං ඛො භික‍්ඛවෙ අසන‍්තසන‍්නිවාසො හොති. එවං ච අසන‍්තො සන‍්නිවසන‍්ති.

මහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්‍ෂූහට මෙබඳු සිතෙක් වෙයි: වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්‍යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්‍ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ම මට කියයි. හිතානුකම්පා ඇති ව නො කියයි ඔහුට නැතැයි ද කියනෙමි. ඔහුට වෙහෙස ද කරමි, එය දක්නෙම් නමුදු පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ ද මට කියා නම්, අහිතානුකම්පා ඇති ව මට කියනේය. හිතානුකම්පා ඇති ව නො වේ. ඔහුට මම නැතැ’යි කියමි. ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මැදුම් මහණහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට නහමක් කියාවා, මැදුම් තෙර ද මට නහමක් කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියමි. මැදුම් තෙරුන්ට ද මම නහමක් කියමි. නවක භික්‍ෂූහට ද මම නහමක් කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, (මට) අහිතානුකම්පී ව කියන්නේය. හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ තෙමේ ද මට කියා නම්, අහිතානුකම්පී ව මට කියන්නේය, හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ සන්නිවාසය වේ. මෙසේ ද අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්.

කථඤ‍්ච භික‍්ඛවෙ සන‍්තසන‍්නිවාසො හොති: කථඤ‍්ච සන‍්තො සන‍්නිවසන‍්ති:

මහණෙනි, සත්පුරුෂසන්නිවාසය කෙසේය යත්: සත්පුරුෂයෝ කෙසේ නම් එක්ව වෙසෙති යත්:

ඉධ භික‍්ඛවෙ ථෙරස‍්ස භික‍්ඛුනො එවං හොති : ථෙරොපි මං වදෙය්‍ය, මජ‍්ඣිමොපි මං වදෙය්‍ය. නවොපි මං වදෙය්‍ය, ථෙරම‍්පහං වදෙය්‍යං, මජ‍්ඣිමම‍්පහං වදෙය්‍යං, නවම‍්පහං වදෙය්‍යං. ථෙරො චෙපි මං වදෙය්‍ය, හිතානුකම‍්පී මං වදෙය්‍ය, නො අහිතානුකප‍්පී, සාධූති නං වදෙය්‍යං, න විහෙසෙය්‍යං පස‍්සම‍්පිස‍්ස පටිකරෙය්‍යං. මජ‍්ඣිමො චෙපි මං වදෙය්‍ය, නවො චෙපි මං වදෙය්‍ය හිතානුකම‍්පී මං වදෙය්‍ය, නො අහිතානුකම‍්පී, සාධූති නං වදෙය්‍යං, න නං විහෙසෙය්‍යං, පස‍්සම‍්පිස‍්ස පටිකරෙය්‍යං. මජ‍්ඣිමස‍්සපි භික‍්ඛුනො එවං හොති -පෙ- නවස‍්සපි භික‍්ඛුනො එවං හොති: ථෙරොපි මං වදෙය්‍ය, මජ‍්ඣිමොපි මං වදෙය්‍ය, නවොපි මං වදෙය්‍ය, ථෙරම‍්පහං වදෙය්‍යං, මජ‍්ඣිමම‍්පහං වදෙය්‍යං, නවම‍්පහං වදෙය්‍යං. ථෙරො චෙපි මං වදෙය්‍ය, හිතානුකම‍්පී මං වදෙය්‍ය, නො අහිතානුකම‍්පී. සාධූති නං වදෙය්‍යං, න නං විහෙසෙය්‍යං, පස‍්සම‍්පිස‍්ස පටිකරෙය්‍යං. මජ‍්ඣිමො චෙපි මං වදෙය්‍ය, නවො චෙපි මං වදෙය්‍ය, හිතානුකම‍්පී මං වදෙය්‍ය නො අහිතානුකම‍්පී. සාධූති නං වදෙය්‍යං, න නං විහෙසෙය්‍යං, පස‍්සම‍්පිස‍්ස පටිකරෙය්‍යං. එවං ඛො භික‍්ඛවෙ සන‍්තසන‍්නිවාසො හොති. එවං ච සන‍්තො සන‍්නිවසන‍්තීති.

මහණෙනි, මෙ සස්නෙහි මහලු තෙරුන්ට මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් තෙරද මට කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට ද කියමි. මැදුම් තෙරුන්ට ද මම කියමි. නවක භික්‍ෂූහට ද මම කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියයි. අහිතානුකම්පී ව නො වේ, මැනවැයි ඔහුට කියමි. මම ඒ තෙරුන් නො වෙහෙසන්නෙමි. මම දක්නෙම් එයට පිළියම් කරමි. ඉදින් මධ්‍යම තෙර ද මට කියා ... නවක භික්‍ෂු තෙමේ ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියනේය. අහිතානුකම්පී ව නො කියන්නේය. (මම) මැනවැ යි ඒ තෙරුන්ට කියමි, ඒ තෙරුන් නො වෙහෙසමි, දක්නෙම් එයට පිළියම් කරමි. මධ්‍යම භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් මහණ තෙමේ ද මට කියාවා, නවක මහණ තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට කියනෙමි ... මම ද මැදුම් තෙරුන්ට කියන්නෙමි. ... මම ද නවක මහණහට කියන්නෙමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, මට හිතානුකම්පී ව කියන්නේය. අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියන්නේ නම් ... ඉදින් නවක මහණ තෙමේ ද මට කියන්නේ නම්, හිතානුකම්පී ව මට කියන්නේය, අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් පිළියම් ද කරමි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ සන්නිවාසය වෙයි. මෙසේ ම සත්පුරුෂයෝ එක්ව වෙසෙත් යයි.