යෙදුමෙන් කියවන්න

6. පුග‍්ගලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

6. පුග්ගල වර්ගය

2. 2. 6. 1

2. 2. 6. 1

දුතියපණ‍්ණාසකස‍්ස පඨමෙ චක‍්කවත‍්තිනා සද‍්ධිං ගහිතත‍්තා “ලොකානුකම‍්පායා”ති න වුත‍්තං. එත්‍ථ ච චක‍්කවත‍්තිනො උප‍්පත‍්තියා ද‍්වෙ සම‍්පත‍්තියො ලභන‍්ති, බුද‍්ධානං උප‍්පත‍්තියා තිස‍්සොපි.

දෙවෙනි පණ්ණාසකයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සක්විති රජු සමඟින් ගත් බැවින් ලෝකයාට අනුකම්පාව සඳහාය යන්න නොකියනලදී. මෙහිද සක්විති රජුගේ උපතින් සැප දෙකක් ලැබෙයි. බුදුවරුන්ගේ උපතින් තුනක්ද ලබයි.

2. 2. 6. 2

2. 2. 6. 2

දුතියෙ අච‍්ඡරියමනුස‍්සාති ආචිණ‍්ණමනුස‍්සා අබ‍්භුතමනුස‍්සා.

දෙවෙනි සූත්‍රයෙහි අච්ඡරියමනුස්සා යනු පුරුදුකළ මිනිස්සුයි. පුදුමසහගත මිනිස්සුයි.

2. 2. 6. 3

2. 2. 6. 3

තතියෙ බහුනො ජනස‍්ස අනුතප‍්පා හොතීති මහාජනස‍්ස අනුතාපකාරී හොති. තත්‍ථ චක‍්කවත‍්තිනො කාලකිරියා එකචක‍්කවාළෙ දෙවමනුස‍්සානං අනුතාපං කරොති, තථාගතස‍්ස කාලකිරියා දසසු චක‍්කවාළසහස‍්සෙසු.

තුන්වැන්නෙහි බහුනො ජනස්ස අනුතප්පා හොති යනු මහජනයාට තැවුල් ඇතිකරන්නෙවෙයි. එහි සක්විති රජුගේ මරණයෙන් එක් සක්වළක දෙවිමිනිසුන්ට තැවුල ඇති කරයි. තථාගතයන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් දසදහසක් සක්වළෙහි දෙවිමිනිසුන්ට තැවුල ඇතිකෙරෙයි.

2. 2. 6. 4

2. 2. 6. 4

චතුත්‍ථෙ ථූපාරහාති ථූපස‍්ස යුත‍්තා අනුච‍්ඡවිකා. චක‍්කවත‍්තිනො හි චෙතියං පටිජග‍්ගිත්‍වා ද‍්වෙ සම‍්පත‍්තියො ලභන‍්ති, බුද‍්ධානං චෙතියං පටිජග‍්ගිත්‍වා තිස‍්සොපි.

සතර වැන්නෙහි ථූපාරහා යනු ස්තූපයට යුතු, සුදුසු අයයි. සක්විති රජුගේ චෛත්‍යයට සත්කාරකොට සැප දෙකක් ලබත්. බුදුවරුන්ගේ වෛත්‍යයට සත්කාරකොට සැප තුනකි.

2. 2. 6. 5

2. 2. 6. 5

පඤ‍්චමෙ බුද‍්ධාති අත‍්තනො ආනුභාවෙන චත‍්තාරි සච‍්චානි බුද‍්ධා.

පස්වැන්නෙහි බුද්ධා යනු තමන්ගේ ආනුභාවයෙන් සතර සත්‍යයන් අවබෝධකළ අයයි.

2. 2. 6. 6

2. 2. 6. 6

ඡට‍්ඨෙ ඵලන‍්තියාති සද‍්දං කරොන‍්තියා. න සන‍්තසන‍්තීති න භායන‍්ති. තත්‍ථ ඛීණාසවො අත‍්තනො සක‍්කායදිට‍්ඨියා පහීනත‍්තා න භායති, හත්‍ථාජානීයො සක‍්කායදිට‍්ඨියා බලවත‍්තාති. සත‍්තමට‍්ඨමෙසුපි එසෙව නයො.

සයවැන්නෙහි ඵලන්තියා යනු ශබ්ද කරන්නියෝයි. න සන්තසන්ති යනු බිය නොවෙත්. එහි කෙලෙසුන් දුරුකළ පුද්ගලයා තමන්ගේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීන කළ බැවින් බිය නොවෙයි. ආජානීය හස්තියා සත්කාය දෘෂ්ටිය බලවත්බැවින් (බිය නොවෙයි)

2. 2. 6. 7

2. 2. 6. 7

නවමෙ කිංපුරිසාති කින‍්නරා. මානුසිං වාචං න භාසන‍්තීති මනුස‍්සකථං න කථෙන‍්ති. ධම‍්මාසොකස‍්ස කිර එකං කින‍්නරං ආනෙත්‍වා දස‍්සෙසුං. සො “කථාපෙථ න”න‍්ති ආහ. කින‍්නරො කථෙතුං න ඉච‍්ඡති. එකො පුරිසො “අහමෙතං කථාපෙස‍්සාමී”ති හෙට‍්ඨාපාසාදං ඔතාරෙත්‍වා ද‍්වෙ ඛාණුකෙ කොට‍්ටෙත්‍වා උක‍්ඛලිං ආරොපෙසි. සා උභතොපස‍්සෙහි පතති. තං දිස‍්වා කින‍්නරො “කිං අඤ‍්ඤං එකං ඛාණුකං කොට‍්ටෙතුං න වට‍්ටතී”ති එත‍්තකමෙව ආහ. පුන අපරභාගෙ ද‍්වෙ කින‍්නරෙ ආනෙත්‍වා දස‍්සෙසුං. රාජා “කථාපෙථ නෙ”ති ආහ. තෙ කථෙතුං න ඉච‍්ඡිංසු. එකො පුරිසො “අහමෙතෙ කථාපෙස‍්සාමී”ති තෙ ගහෙත්‍වා අන‍්තරාපණං අගමාසි. තත්‍ථෙකො අම‍්බපක‍්කඤ‍්ච මච‍්ඡෙ ච අද‍්දස, එකො කබිට‍්ඨඵලඤ‍්ච අම‍්බිලිකාඵලඤ‍්ච. තත්‍ථ පුරිමො “මහාවිසං මනුස‍්සා ඛාදන‍්ති, කථං තෙ කිලාසිනො න හොන‍්තී”ති ආහ. ඉතරො “කථං ඉමෙ එතං නිස‍්සාය කුට‍්ඨිනො න හොන‍්තී”ති ආහ. එවං මානුසිං වාචං කථෙතුං සක‍්කොන‍්තාපි ද‍්වෙ අත්‍ථෙ සම‍්පස‍්සමානා න කථෙන‍්තීති.

සත්වෙනි අටවෙනි සූත්‍රයන්හිද මේ ක්‍රමයමයි. නවවෙනි සූත්‍රයෙහි කිමපුරිසා යනු කිඳුරෝයි. මානුසි චාචං න භාසන්ති යනු මිනිස් කතා නොකියයි. ධර්‍මශෝක රජුට එක් කිඳුරකු ගෙනවුත් දැක්වූයේය. රජතෙමේ මොහු කථාකරවන්නැයි කීවේය. කිඳුරා කථා කිරීමට නොකැමතිය. එක් පුරුෂයෙක් මම මොහු කථා කරවන්නෙමැයි මතු මහලින් බස්වා කණු දෙකක් සිටුවා සැළියක් එහි තැබීය. ඒ සැළිය දෙපසින් වැටෙයි. කිඳුරා එය දැක කිම? තවත් එක් කණුවක් සිටුවීමට නොවටීදැයි මෙපමණක්ම කීවේය. යළි පසු කලෙක කිඳුරන් දෙදෙනකු රජුට දැක්වූහ. රජතෙමේ මොවුන් කථාකරවහුයයි කීවේය. ඔවුහු කථා කිරීමට නොකැමති වූහ. රක්පුරුෂයෙක් මම මොවුන් කථාකරවන්නෙමැයි (ඔවුන්) ගෙන අවන්හලක් තුළට ගියේය. එහිදී එකෙක් අඹ ගෙඩියක්ද මසුන්ද දුටුවේය. එකෙක් දිවුල් ගෙඩියක්ද බිලින් ගෙඩියක්ද දුටුවේය. එහිදී පළමු කිඳුරා ‘මිනිස්සු මහාවිෂ කති. කෙසේ නම් සුදුකබර රෝගීහු නොවෙත්දැයි ඇසීය. අනෙක් කිඳුරා කෙසේනම් මේ මිනිස්සු මෙය නිසා කුෂ්ට රෝගීහු නොවෙත්දැයි කීවේය. මෙසේ මිනිස්බස කථා කිරීමට හැකි නමුත් කරුණු දෙකක් දකිමින් කථානොකරති.

2. 2. 6. 10

2. 2. 6. 10

දසමෙ අප‍්පටිවානොති අනුකණ‍්ඨිතො අපච‍්චොසක‍්කිතො.

දසවැන්නෙහි අප්පටිවානො යනු උකටලී නොවූයේයි. පසුබට නොවූයේයි.

2. 2. 6. 11

2. 2. 6. 11

එකාදසමෙ අසන‍්තසන‍්නිවාසන‍්ති අසප‍්පුරිසානං සන‍්නිවාසං. න වදෙය්‍යාති ඔවාදෙන වා අනුසාසනියා වා න වදෙය්‍ය, මා වදතූති අත්‍ථො. ථෙරම‍්පාහං න වදෙය්‍යන‍්ති අහම‍්පි ථෙරං භික‍්ඛුං ඔවාදානුසාසනිවසෙන න වදෙය්‍යං. අහිතානුකම‍්පීති අහිතං ඉච‍්ඡමානො. නො හිතානුකම‍්පීති හිතං අනිච‍්ඡමානො. නොති නං වදෙය්‍යන‍්ති “අහං තව වචනං න කරිස‍්ස”න‍්ති නං වදෙය්‍යං. විහෙඨෙය්‍යන‍්ති වචනස‍්ස අකරණෙන විහෙඨෙය්‍යං. පස‍්සම‍්පිස‍්ස නප‍්පටිකරෙය්‍යන‍්ති පස‍්සන‍්තොපි ජානන‍්තොපි අහං තස‍්ස වචනං න කරෙය්‍යං. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සුක‍්කපක‍්ඛෙ පන සාධූති නං වදෙය්‍යන‍්ති “සාධු භද‍්දකං සුකථිතං තයා”ති තස‍්ස කථං අභිනන්‍දන‍්තො නං වදෙය්‍යන‍්ති අත්‍ථො.

එකොළොස්වැන්නෙහි අසතං සන්නිවාසං යනු දුදනන්ගේ, අසත්පුරුෂයන්ගේ එක්ව විසීමයි. න වදෙය්‍ය යනු අවවාදයෙන් හෝ අනුශාසනයෙන් නොකියන්නේයි. නොකියව යන අරුත්ය. ථෙරම්පහං න වදෙය්‍යං යනු මමද ස්ථවිර භික්‍ෂුවට අවවාද අනුශාසනාවශයෙන් නොකියන්නෙමි. අභිතානුකම්පී යනු අයහපතක් කැමති වන්නේයි. නො හිතානුකම්පී යනු යහපතක් නොකැමැත්තේයි. නොති තං වදෙය්‍යං යනු මම ඔබගේ වචනය නොකරන්නෙමැයි ඔහුට කියන්නෙමි යනුයි. විහෙසෙය්‍යං යනු වචනය (කීදෙය) නොකිරීමෙන් වෙහෙසවන්නෙමි පස්සම්පිස්ස න පටිකරෙය්‍යං යනු දකිමින්ද දනිමින්ද මම ඔබගේ වචනය නොකරන්නෙමි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය. යහපත් අංශයෙහි සාධූති නං වදෙය්‍යං යනු ඔබ විසින් මනාදෙයක් හොඳ දෙයක් මනාව කියනලදැයි ඔහුගේ කීමට සතුටු වෙමින් ඔහුට කියන්නෙමි යන අර්‍ත්‍ථයි.

2. 2. 6. 12

2. 2. 6. 12

ද‍්වාදසමෙ උභතො වචීසංසාරොති ද‍්වීසුපි පක‍්ඛෙසු අඤ‍්ඤමඤ‍්ඤං අක‍්කොසනපච‍්චක‍්කොසනවසෙන සංසරමානා වාචා වචීසංසාරො. දිට‍්ඨිපළාසොති දිට‍්ඨිං නිස‍්සාය උප‍්පජ‍්ජනකො යුගග‍්ගාහලක‍්ඛණො පළාසො දිට‍්ඨිපළාසො නාම. චෙතසො ආඝාතොති කොපො. සො හි චිත‍්තං ආඝාතෙන‍්තො උප‍්පජ‍්ජති. අප‍්පච‍්චයොති අතුට‍්ඨාකාරො, දොමනස‍්සන‍්ති අත්‍ථො. අනභිරද‍්ධීති කොපොයෙව. සො හි අනභිරාධනවසෙන අනභිරද‍්ධීති වුච‍්චති. අජ‍්ඣත‍්තං අවූපසන‍්තං හොතීති සබ‍්බම‍්පෙතං නියකජ‍්ඣත‍්තසඞ‍්ඛාතෙ අත‍්තනො චිත‍්තෙ ච සද‍්ධිවිහාරිකඅන‍්තෙවාසිකසඞ‍්ඛාතාය අත‍්තනො පරිසාය ච අවූපසන‍්තං හොති. තස‍්මෙතන‍්ති තස‍්මිං එතං. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

[missing trans]

පුග‍්ගලවග‍්ගො පඨමො.

පළමුවෙනි වර්‍ගයයි