7. සුඛවග්ගො අට්ඨකථා
7. සුඛ වර්ගය
2. 2. 7. 1
2. 2. 7. 1
දුතියස්ස පඨමෙ ගිහිසුඛන්ති ගිහීනං සබ්බකාමනිප්ඵත්තිමූලකං සුඛං. පබ්බජිතසුඛන්ති පබ්බජිතානං පබ්බජ්ජාමූලකං සුඛං.
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ගිහීසුඛං යනු ගිහියන්ගේ සියලු කාමයන් ඉටුවීම මුල්කොට ඇති සුඛයයි. පබ්බජ්ජාසුඛං යනු පැවිද්දන්ගේ පැවිද්ද මුල්කොට ඇති සුඛයයි.
2. 2. 7. 2
2. 2. 7. 2
දුතියෙ කාමසුඛන්ති කාමෙ ආරබ්භ උප්පජ්ජනකසුඛං. නෙක්ඛම්මසුඛන්ති නෙක්ඛම්මං වුච්චති පබ්බජ්ජා, තං ආරබ්භ උප්පජ්ජනකසුඛං.
දෙවෙනි සූත්‍රයෙහි කාමසුඛං යනු කාමයන් අරභයා උපදින සුඛයයි. නෙක්ඛම්මසුඛං යනු පැවිද්ද නෙක්ඛම්මයයි කියනුලැබේ. එය අරභයා උපදින සුඛයයි.
2. 2. 7. 3
2. 2. 7. 3
තතියෙ උපධිසුඛන්ති තෙභූමකසුඛං. නිරුපධිසුඛන්ති ලොකුත්තරසුඛං.
තෙවැන්නෙහි උපධිසුඛං යනු ත්‍රෛභූමක සුඛයයි. නිරුපධිසුඛං යනු ලෝකෝත්තර සුඛයයි.
2. 2. 7. 4
2. 2. 7. 4
චතුත්ථෙ සාසවසුඛන්ති ආසවානං පච්චයභූතං වට්ටසුඛං. අනාසවසුඛන්ති තෙසං අපච්චයභූතං විවට්ටසුඛං.
සිවුවැන්නෙහි සාසවසුඛං යනු ආශ්‍රවයන්ට ප්‍රත්‍යයවූ සංසාරසුඛයයි. අනාසවසුඛං යනු ඒවාට ප්‍රත්‍යය නොවූ විමුක්තිසුඛයයි.
2. 2. 7. 5
2. 2. 7. 5
පඤ්චමෙ සාමිසන්ති සංකිලෙසං වට්ටගාමිසුඛං. නිරාමිසන්ති නික්කිලෙසං විවට්ටගාමිසුඛං.
පස්වැන්නෙහි සාමිසං යනු කිලුටට පමුණුවන සංසාරගාමී සුඛයයි. නිරාමිසං යනු නිකෙලෙස්වූ නිර්වාණගාමී සුඛයයි.
2. 2. 7. 6
2. 2. 7. 6
ඡට්ඨෙ අරියසුඛන්ති අපුථුජ්ජනසුඛං. අනරියසුඛන්ති පුථුජ්ජනසුඛං.
සවැන්නෙහි අරියසුඛං යනු පෘථග්ජන නොවන්නවුන්ගේ සුඛයයි. අනරියසුඛං යනු පෘථග්ජනයන්ගේ සුඛයයි.
2. 2. 7. 7
2. 2. 7. 7
සත්තමෙ කායිකන්ති කායවිඤ්ඤාණසහජාතං. චෙතසිකන්ති මනොද්වාරිකසුඛං. තං ලොකියලොකුත්තරමිස්සකං කථිතං.
සත්වැන්නෙහි කායිකං යනු කාය විඥානය සමඟ එක්ව උපන්. චෙතසිකං යනු මනෝද්වාරික සුඛයයි. එය ලෞකික ලෝකොත්තර මිශ්රකයයි කියනලදී.
2. 2. 7. 8
2. 2. 7. 8
අට්ඨමෙ සප්පීතිකන්ති පඨමදුතියජ්ඣානසුඛං. නිප්පීතිකන්ති තතියචතුත්ථජ්ඣානසුඛං. තත්ථ ලොකියසප්පීතිකතො ලොකියනිප්පීතිකං, ලොකුත්තරසප්පීතිකතො ච ලොකුත්තරනිප්පීතිකං අග්ගන්ති එවං භුම්මන්තරං අභින්දිත්වා අග්ගභාවො වෙදිතබ්බො.
අටවැන්නෙහි සප්පීතිකං යනු ප්‍රථම ද්විතීයධ්‍යාන සුඛයයි නිප්පීතිකං යනු තෘතීය චතුර්ථ ධ්‍යාන සුඛයයි. එහිලා ලෞකික සප්‍රීතික සුඛයෙන් ලෞකික නිෂ්ප්‍රීතික සුඛයද ලෝකොත්තර සප්‍රීතික සුඛයෙන් ලොකොත්තර නිෂ්ප්‍රීතික සුඛයද අග්‍රයයි මෙසේ භූමි අතර වෙනස නොබිඳ අග්‍රභාවය දැක්විය යුතුය.
2. 2. 7. 9
2. 2. 7. 9
නවමෙ සාතසුඛන්ති තීසු ඣානෙසු සුඛං. උපෙක්ඛාසුඛන්ති චතුත්ථජ්ඣානසුඛං.
නවවැන්නෙහි සාතසුඛං යනු ධ්‍යාන තුනෙහි සුඛයයි. උපෙඛා සුඛං යනු චතුර්ත ධ්‍යාන සුඛයයි.
2. 2. 7. 10
2. 2. 7. 10
දසමෙ සමාධිසුඛන්ති අප්පනං වා උපචාරං වා පත්තසුඛං. අසමාධිසුඛන්ති තදුභයං අප්පත්තසුඛං.
දසවැන්නෙහි සමාධිසුඛං යනු අර්පණාවට හෝ උපචාරයට පැමිණි සුඛයයි. අසමාධිසුඛං යනු ඒ දෙකට නොපැමිණි සුඛයයි.
2. 2. 7. 11
2. 2. 7. 11
එකාදසමෙ සප්පීතිකාරම්මණන්ති සප්පීතිකං ඣානද්වයං පච්චවෙක්ඛන්තස්ස උප්පන්නසුඛං. නිප්පීතිකාරම්මණෙපි එසෙව නයො. ද්වාදසමෙපි ඉමිනාව උපායෙන අත්ථො වෙදිතබ්බො.
එකොළොස් වැන්නෙහි සප්පීතිකාරම්මණං යනු සප්රීතිකවූ ධ්යානදෙක මෙනෙහි කිරීමෙන් උපන් සැපතයි. නිප්පීතික අරමුණෙහිද මේ ක්‍රමයමැයි. දොළොස් වැන්නෙහිද මේ ක්‍රමයෙන්ම අර්ත්ථය දතයුතුය.
2. 2. 7. 13
2. 2. 7. 13
තෙරසමෙ රූපාරම්මණන්ති රූපාවචරචතුත්ථජ්ඣානාරම්මණං, යංකිඤ්චි රූපං ආරබ්භ උප්පජ්ජනකං වා. අරූපාරම්මණන්ති අරූපාවචරජ්ඣානාරම්මණං, යංකිඤ්චි අරූපං ආරබ්භ උප්පජ්ජනකං වාති.
තෙළෙස්වැන්නෙහි රූපාරම්මණං යනු රූපාවචරචතුත්ථජ්ක්ධානක අරමුණ හෝ යම්කිසි රූපයක් අරභයා උපදින අරමුණ හෝ වෙයි. අරූපාරම්මණං යනු අරූපධ්‍යාන අරමුණයි. යම්කිසි අරූපයක් ඇරබ උපදින්නාවූ අරමුණක් හෝ වෙයි.
සුඛවග්ගො දුතියො.
දෙවෙනි වර්ගයයි.