යෙදුමෙන් කියවන්න

8. සනිමිත‍්තවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. සනිමිත්ත වර්ගය

2. 2. 8. 1

2. 2. 8. 1

තතියස‍්ස පඨමෙ සනිමිත‍්තාති සකාරණා. දුතියාදීසුපි එසෙව නයො. නිදානං හෙතු සඞ‍්ඛාරො පච‍්චයො රූපන‍්ති සබ‍්බානිපි හි එතානි කාරණවෙවචනානෙව.

තෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සනිමිත්තා යනු කරුණු සහිතවූයේයි. දෙවෙනි සූත්‍රාදියෙහිද මේ ක්‍රමයමයි. නිදාන, හෙතු, සඞ්ඛාර පච්චය, රූප යන මේ සියල්ල කාරණයන්නට පර්‍ය්‍යායවචනයි.

2. 2. 8. 7

2. 2. 8. 7

සත‍්තමෙ සවෙදනාති පච‍්චයභූතාය සම‍්පයුත‍්තවෙදනාය සතියෙව උප‍්පජ‍්ජන‍්ති, නාසතීති අත්‍ථො. අට‍්ඨමනවමෙසුපි එසෙව නයො.

සත්වෙනි පූත්‍රයෙහි ස්වෙදනා යනු ප්‍රත්‍යයවූ එක්ව යෙදුණු වේදනාව ඇති කල්හිම උපදිත්. නොමැතිවිට නැත යන අරුත්ය.

2. 2. 8. 8

2. 2. 8. 8

දසමෙ සඞ‍්ඛතාරම‍්මණාති පච‍්චයනිබ‍්බත‍්තං සඞ‍්ඛතධම‍්මං ආරම‍්මණං කත්‍වාව උප‍්පජ‍්ජන‍්ති. නො අසඞ‍්ඛතාරම‍්මණාති අසඞ‍්ඛතං පන නිබ‍්බානං ආරබ‍්භ න උප‍්පජ‍්ජන‍්ති. න හොන‍්තීති මග‍්ගක‍්ඛණෙ න හොන‍්ති නාම, ඵලෙ පත‍්තෙ නාහෙසුන‍්ති. එවමෙතෙසු දසසුපි ඨානෙසු යාව අරහත‍්තා දෙසනා දෙසිතාති.

අටවෙනි නවවෙනි සුත්‍රයන්හිද එම ක්‍රමයමයි. දසවැන්නෙහි සඞ්ඛතාරම්මණා යනු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කෘත ධර්‍ම අරමුණු කොට උපදිත්. නො අසඞ්ඛතාරම්මණා යනු අසංසකෘතවූ නිර්‍වාණය අරභයා නොඋපදිත්. න හොන්ති යනු මාර්‍ගක්‍ෂණයෙහි නොවෙත් නමි. ඵලය පැමිණිවිට නොවූහයි. මෙසේ මේ ස්ථාන දශයෙහි අරහත්බව දක්වා දේශනය දක්වලදී.

සනිමිත‍්තවග‍්ගො තතියො.

තෙවෙනි වර්‍ගයයි