2. 1. 4. 7
2. 1. 4. 7.
2. 1. 4. 7.
38. එකං සමයං ආයස්මා මහාකච්චානො මධුරායං විහරති ගුන්දාවනෙ. අථ ඛො කණ්ඩරායණො බ්රාහ්මණො යෙනායස්මා මහාකච්චානො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං -පෙ- එකමන්තං නිසින්නො ඛො කණ්ඩරායණො බ්රාහ්මණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච :
38. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මධුරායෙහි වූ ගුන්‍දාවනයෙහි වැඩ වසන සේක. එකල්හි කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එලඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ හා සමග ... එකත් පසෙක හුන් කණ්ඩරායණ බමුණු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කෙළේය:
සුතං මෙතං භො කච්චාන, න සමණො කච්චානො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතීති. තයිදං භො කච්චාන, තථෙව, නහි භවං කච්චානො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං භො කච්චාන න සම්පන්නමෙවාති.
භවත් කාත්‍යායනයෙනි, ශ්‍රමණ කාත්‍යායන තෙමේ ජරාජීර්ණ වූ වියඅතට ගිය දෑමහලු වූ කල් ගිය පශ්චිම වයසට පැමිණි බ්‍රාහ්මණයන් නොවඳනේය යි ද, දැක හුනස්නෙන් නොනැඟසිටුනේ යයි ද, අස්නෙන් නො අමතනේ යයි ද, යන මෙය මා විසින් අසන ලදී. භවත් කාත්‍යායනයෙනි, ඒ කාරණය එසේ ම ය. “භවත් කාත්‍යායන තෙමේ ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පශ්චිම වයසට පැමිණි බමුණන් නො වඳනේය. දැක හුනස්නෙන් ද නැඟ නොසිටුනේය. අස්නෙනුදු නො අමතනේ ය. භවත් කාත්‍යායනයෙනි, එ කරුණ නොනිසිමැය”යි.
අත්ථි බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන වුද්ධභූමි ච අක්ඛාතා දහරභූමි ච. වුද්ධො චෙපි බ්‍රාහ්මණ හොති ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා, සො ච කාමෙ පරිභුඤ්ජති, කාමමජ්ඣාවසති, කාමපරිළාහෙන පරිඩය්හති, කාමවිතක්කෙහි ඛජ්ජති, කාමපරියෙසනාය උස්සුක්කො. අථ ඛො සො බාලො ත්ථෙව සඞ්ඛං ගච්ඡති. දහරො චෙපි බ්‍රාහ්මණ, හොති යුවා සුසුකාලකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. සො ච න කාමෙ පරිභුඤ්ජති, න කාමමජ්ඣාවසති, න කාමපරිළාහෙන පරිඩය්හති, න කාමවිතක්කෙහි ඛජ්ජති, න කාමපරියෙසනාය උස්සුක්කො. අථ ඛො සො පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
බ්‍රාහ්මණය, භාග්‍යවත් වූ (සියලු දතයුතු දේ) දන්නා වූ (සියලු දැකිය යුතු දේ හස්තමාලකයක් සේ) දක්නා වූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලද වෘද්ධභූමියෙක් හා දහරභූමියෙක් හා ඇත. බ්‍රාහ්මණය, ඉදින් උත්පත්තියෙන් අසූවයස් ඇති හෝ අනූවයස් ඇති හෝ සියක්වස් ඇති හෝ වෘද්ධයෙක් වේ නම් හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් වළඳ කෙරේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා ඉවස්නේ ද, කාමපරිළාහයෙන් දැවේ ද, කාමවිතර්කයන් විසින් කනු ලැබේ ද, කම්සුව පිරියෙස්ලියට උත්සාහවත් වූයේ ද, එකල්හි හෙ බාලයෙක යන සඞ්ඛ්‍යාවට ම යෙයි. බ්‍රාහ්මණය, ඉදින් තරුණ වූයේ මනා බොල් කළු කෙස් ඇත්තේ බහදුරු යොවුනින් සමනාවූයේ ප්‍රථම වයසින් යුක්ත දහරයෙක් හෝ වේ ද, හෙ ද වස්තුකාම ක්ලේශකාමයන් පරිභෝග නො කරනේ ද, වස්තුකාම ක්ලේශකාමයෙහි ලා නො ඉවස්නේ ද, කාමපරිදාහයෙන් නො දැවේ ද, කාමවිතර්කයන් විසින් නො කනු ලැබේ ද, කම්සුව පිරියෙස්නට උත්සාහවත් නො වේ ද, ‘එකල්හි හෙ තෙමේ පණ්ඩිත වූ ස්ථවිර නම’ යන සඞ්ඛ්‍යාවට ම යේ යි.
එවං වුත්තෙ කණ්ඩරායණො බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දහරානං සුදං භික්ඛූනං පාදෙ සිරසා වන්දති : වුද්ධා භවන්තො වුද්ධභූමියං ඨිතා. දහරා මයං දහරභූමියං ඨිතාති. අභික්කන්තං භො කච්චාන -පෙ- උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ කී කල්හි කණ්ඩරායණ බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොට ලා “වෘද්ධ වූ භවත්හු තුමූ වෘද්ධභූමියෙහි සිටියහ. දහර වූ අපි දහරභූමියෙහි සිටියමෝය” යි. තරුණ භික්ෂූන්ගේ පා (මෙසේ) සිරසින් වඳියි: භවත් කාත්‍යායනයෙනි, ඉතා මැනව ... භවත් කාත්‍යායන තෙමේ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට මා රුස්නාසේක් වා යි.