2. 1. 4. 6
2. 1. 4. 6.
2. 1. 4. 6.
37. එකං සමයං ආයස්මා මහාකච්චානො වරණායං විහරති කද්දමදහතීරෙ. අථ ඛො ආරාමදණ්ඩො බ්රාහ්මණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආරාමදණ්ඩො බ්රාහ්මණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච :
37. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වරණායෙහි කදදමදහතීරයෙහි වසන සේක. එකල්හි ආරාමදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සම්මෝදනකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ආරාමදණ්ඩ බ්‍රාහ්මණ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙය කී ය.
කො නු ඛො භො කච්චාන, හෙතු, කො පච්චයො යෙන ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති, ගහපතිකාපි ගහපතිකෙහි විවදන්තීති?
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්ෂත්රියයෝ ද ක්ෂත්රියයන් හා සමග විවාද කෙරෙත් නම්, බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙත් නම්, ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
[මහාකච්චානො:]
[කසයින්තෙරහු:]
කාමරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානහෙතු ඛො බ්‍රාහ්මණ, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති, ගහපතිකාපි ගහපතිකෙහි විවදන්තීති.
බ්‍රාහ්මණය, කාමරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුමය යන මේ හේතු කොට ගෙණ ම ක්ෂත්රියයෝ ද ක්ෂත්රියයන් හා සමග විවාද කෙරෙති. බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙති. ගැහැවියෝ ද ගැහැවියන් හා සමග විවාද කෙරෙති.
[ආරාමදණ්ඩො:]
[රුප්දඬුබමුණු:]
කො පන භො කච්චාන, හෙතු කො පච්චයො යෙන සමණාපි සමණෙහි විවදන්තීති?
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශ්‍රමණයෝ ද ශ්රමණයන් හා සමග විවාද කෙරෙත් නම්, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?
[මහාකච්චානො:]
[කසයින්තෙරහු:]
දිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානහෙතු ඛො බ්‍රාහ්මණ, සමණාපි සමණෙහි විවදන්තීති.
බ්‍රාහ්මණය, දෘෂ්ටිරාගයෙහි වැද ගැණුම ය, වෙසෙසින් බැඳීම ය, එරුණු ය, මැඩැගැණුම ය, ගිල ගැණුම ය යන මේ හේතු කොට ගෙණ ශ්‍රමණයෝ ද ශ්රමණයන් හා සමග විවාද කෙරෙත්.
[ආරාමදණ්ඩො:]
[රුප්දඬුබමුණු:]
අත්ථි පන භො කච්චාන, කොචි ලොකස්මිං යො ඉමං චෙව කාමරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමං ච දිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තොති?
භවත් කාත්‍යායනයෙනි, යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වී ද, මේ දිට්ඨිරාගවිනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කිසිවෙක් ලෝකයෙහි ඇත් ද?
[මහාකච්චානො:]
[කසයින්තෙරහු:]
අත්ථි බ්‍රාහ්මණ ලොකස්මිං යො ඉමඤ්චෙව කාමරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්චදිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තොති.
බ්‍රාහ්මණය, ලෝකයෙහි යමෙක් මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූයේ ද, මේ දිටඨිරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වී ද එබඳු කෙනෙක් ඇත.
[ආරාමදණ්ඩො:]
[රුප්දඬුබමුණු:]
කො පන සො භො කච්චාන, ලොකස්මිං යො ඉමඤ්චෙව කාමගරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තොති?
භවත් කාත්‍යායනයෙනි, යම් කෙනෙක් ලෝකයෙහි මේ කාමරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානය ඉක්ම වූ හු නම්, යම් කෙනෙක් මේ දිට්ඨිරාග විනිවේස විනිබන්ධ පලිගේධ පරියුට්ඨාන අජ්ඣොසානයත් ඉක්ම වූහු නම්, ඔහු කවරහ?
[මහාකච්චානො:]
[කසයින්තෙරහු:]
අත්ථි බ්‍රාහ්මණ, පුරත්ථිමෙසු ජනපදෙසු සාවත්ථී නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්‍රාහ්මණ, භගවා ඉමඤ්චෙව කාමරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තොති.
බ්‍රාහ්මණය,පෙරදිග දනව්වෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන සේක. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ කාමරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ඉක්ම වූ සේක. මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ද ඉක්ම වූ සේකැ යි.
එවං වුත්තෙ ආරාමදණ්ඩො බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පුථුවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි : නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස -පෙ- යො හි සො භගවා ඉමඤ්චෙව කාමරාගවිනිවෙසවිනිබන්ධ පලිගෙධ පරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගවිනිවෙසවිනිබන්ධ පලිගෙධ පරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තොති.
මෙසේ කී කල්හි ආරාමදණ්ඩ බ්‍රාහ්මණ හුනස්නෙන් නැගී සිට උතුරුසළුව එකස් කොට ලා දකුණු දණමඩල පොළොවෙහි හැන භාග්‍යවතුන් වහන්සේ වසන දසට ඇඳිලි බැඳ යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්‍යවසාය ඉක්ම වූහු ද, මේ දෘෂ්ටිරාග විනිවේශ විනිබන්ධ පරිගේධ පර්‍ය්‍යුත්‍ථාන අධ්යවසායයත් ද ඉක්ම වූහු ද ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා යි තෙවරක් උදන් ඇනී.
අභික්කන්තං භො කච්චාන -පෙ- සෙය්යථාපි භො කච්චාන නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා කච්චානෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො කච්චාන තං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් කාත්‍යායනයෙනි, ඉතා මැනැවි ... භවත් කාත්‍යායනයෙනි, යම්සේ යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ පිළිසන් වූවක් විවර කරන්නේ හෝ මංමුළා වූවකුහට මග කියන්නේ හෝ ‘ඇස් ඇත්තාහු රූප දක්නාහුය’ යි අඳුරෙහි තෙල්වැටුප් හෝ දරන්නේ වේ ද, එසේ ම භවත් කාත්‍යායනයන් විසින් නොයෙක් නියරින් ධර්මය ද දේශනා කරණ ලද. භවත් කාත්‍යායනයෙනි, තෙල මම ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද ශරණ කොට යෙමි. භවත් කාත්‍යායනයෝ අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට මා රුස්නා සේක්වා යි.