2. 1. 2. 5
2. 1. 2. 5.
2. 1. 2. 5.
15. යස්මිං භික්ඛවෙ, අධිකරණෙ ආපන්නො ච භික්ඛු චොදකො ච භික්ඛු න සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මෙතං භික්ඛවෙ, අධිකරණෙ පාටිකඞ්ඛං, දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච න ඵාසුකං විහරිස්සන්තීති.
15. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි.
යස්මිං ච ඛො භික්ඛවෙ, අධිකරණෙ ආපන්නො ච භික්ඛු චොදකො ච භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මෙතං භික්ඛවෙ, අධිකරණෙ පාටිකඞ්ඛං, න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච ඵාසුකං විහරිස්සන්තීති:
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල කැමැති විය යුතුය. දිගුකල් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) නො පවත්නේ ය. භික්ෂූහු ද සුවසේ වසන්නාහුය යි.
කථඤ්ච භික්ඛවෙ ආපන්නො භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති: ඉධ භික්ඛවෙ ආපන්නො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති, අහං ඛො අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං කායෙන. තං මං සො භික්ඛු අද්දස අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. නො චෙ අහං අකුසලං ආපජ්ජෙය්යං කඤ්චිදෙව දෙසං කායෙන, න මං සො භික්ඛු පස්සෙය්ය අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. යස්මා ච ඛො අහං අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං කායෙන. තස්මා මං සො භික්ඛු අද්දස අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. දිස්වා ච පන මං සො භික්ඛු අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන අනත්තමනො අහොසි. අනත්තමනො සමානො අනත්තමනවචනං මං සො භික්ඛු අවච. අනත්තමනවචනාහං තෙන භික්ඛුනා වුත්තො සමානො අනත්තමනො අහොසිං. අනත්තමනො සමානො පරෙසං ආරොචෙසිං. ඉති මමෙව තත්ථ අච්චයො අච්චගමා සුඞ්කදායකංව භණ්ඩස්මින්ති. එවං ඛො භික්ඛවෙ ආපන්නො භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති.
මහණෙනි, කෙසේ නම් ඇවැත් අවන් මහණ මොනොවට තෙමේ ම තමා නුවණින් බලා ද? මහණෙනි, මේ සස්නෙහි (ඇවැත්) අවන් මහණ මෙසේ නුවණින් සලකා බලයි: ‘මම වනාහි කරජ කයින් කිසිදෙසක් ම අකුසලට (අන්‍යතර ආපත්තියකට) අවන්මි. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවදනා ඒ මා දිටී. මම වැලිත් කයින් යම් ම අකුශල (ආපත්ති) යකට නො අවන්නෙම් නම්, ඒ මහණ කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවදනා මා නො දක්නේ ය. යම් හෙයෙකින් මම කයින් කිසියම් අකුශල (ආපත්ති) යකට අවන්නෙම් වේ ද, එහෙයින් ඒ මහණ කයින් කිසියම් ප්‍රදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දිටී. ඒ මහණ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මා දැක ද නො සතුටු සිත් ඇති වීය. නොසතුටු සිත් ඇත්තේ ම ඒ මහණ මට නො සතුටු බස් කීය. මම ඒ මහණහු විසින් නො සතුටු බසින් කියනු ලැබුයෙම් ම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම අනුනට සැළ කෙළෙමි. මෙසේ භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සෙයින් ඒ අධිකරණයෙහි මාගේ ම (තුන්වැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ වනාහි ඇවැත් අවන් මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලයි.
කථඤ්ච භික්ඛවෙ චොදකො භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති: ඉධ භික්ඛවෙ චොදකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: අයංඛො භික්ඛු අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං කායෙන. තාහං ඉමං භික්ඛුං අද්දසං අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. නො චෙ අයං භික්ඛු අකුසලං ආපජ්ජෙය්ය කඤ්චිදෙව දෙසං කායෙන, නාහං ඉමං භික්ඛුං පස්සෙය්යං අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. යස්මා ච ඛො අයං භික්ඛු අකුසලං ආපන්නො කඤ්චිදෙව දෙසං කායෙන, තස්මා අහං ඉමං භික්ඛුං අද්දසං අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන. දිස්වා ච පනාහං ඉමං භික්ඛුං අකුසලං ආපජ්ජමානං කඤ්චිදෙව දෙසං කායෙන, අනත්තමනො අහොසිං. අනත්තමනො සමානො අනත්තමනවචනාහං ඉමං භික්ඛුං අවචං. අනත්තමනවචනායං භික්ඛු මයා වුත්තො සමානො අනත්තමනො අහොසි. අනත්තමනො සමානො පරෙසං ආරොචෙසි. ඉති මමෙව තත්ථ අච්චයො අච්චගමා සුඞ්කදායකංව භණ්ඩස්මින්ති. එවං ඛො භික්ඛවෙ චොදකො භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති.
මහණෙනි, කෙසේ නම් චෝදනා කරණ මහණ තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා ද? මහණෙනි, මේ සස්නෙහි චෝදක භික්ෂූ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි: ‘මේ මහණ තෙමේ වනාහි කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශල (ආපත්ති) යකට අවන්නේය. මම කයින් කිසියම් ඒකදේශමාත්‍ර වූ අකුශලයකට අවදනා ඒ මහණහු දිටිමි. ඉදින් මේ මහණ කයින් කිසියම් අකුශලයකට නො අවදනේ නම්, මම කයින් යම් ම අකුශලයකට අවදනා මේ මහණහු නො දක්නෙමි. යම් හෙයෙකින් මේ මහණ තෙමේ කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවන්නේ ද, එහෙයින් මම කයින් කිසියම් දෙසක් ම අකුශලයකට අවදනා මේ මහණහු දිටිමි. කයින් කිසියම් දේශමාත්‍ර වූ අකුශලයකට අවදනා මේ මහණහු දැක ද මම නො සතුටු සිත් ඇත්තෙම් වීමි. නොසතුටු සිත් ඇත්තෙම් ම මේ මහණහට නො සතුටු බස් කීමි. මා විසින් නො සතුටු බසින් කියනු ලැබුයේ ම මේ මහණ නො සතුටු සිත් ඇති විය. නො සතුටු සිත් ඇත්තේ ම එය අනුනට සැළ කෙළේය. මෙසේ ඒ අධිකරණයෙහි ලා භාණ්ඩයෙහි සුංවත් දෙන්නකු සේ මාගේ ම (දෙවැදෑරුම්) අපරාධයෙක් මා ඔබාගෙන නැඟිනැ’ යි. මහණෙනි, මෙසේ චෝදක මහණ තෙමේ මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා බලයි.
යස්මිං භික්ඛවෙ අධිකරණෙ ආපන්නො ච භික්ඛු චොදකො ච භික්ඛු න සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච න ඵාසුකං විහරිස්සන්තීති. යස්මිං ච ඛො භික්ඛවෙ අධිකරණෙ ආපන්නො ච භික්ඛු චොදකො ච භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච ඵාසුකං විහරිස්සන්තීති.
මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවැත් අවන් භික්ෂු තෙමේ ද චෝදක භික්ෂු තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුයි: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස්කම් පිණිස කැකුළුබව පිණිස (අධිකරණය) පවත්නේ ය. භික්ෂූහු ද සැපසේ නො වසන්නාහු’ යි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ තෙමේ ද ඇවැත්නි චෝදනා කරණ මහණ තෙමේ ද තෙමේ ම තමා මොනොවට නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: ‘දිගුකල් පැවැත්ම පිණිස රළුබස් කම් පිණිස, කැකුළුබැව පිණිස අධිකරණය නො පවත්නේ ය. භික්ෂූහු ද සැපසේ වසන්නාහුය’ යි.