යෙදුමෙන් කියවන්න

උපඤ‍්ඤාතසුත‍්තං

2. 1. 1. 5.

2. 1. 1. 5.

උපඤ‍්ඤාතසුත‍්තං.

උපඤ්ඤාත සූත්‍රය

5. ද‍්වින‍්නාහං භික‍්ඛවෙ, ධම‍්මානං උපඤ‍්ඤාසිං: යා ච අසන‍්තුට‍්ඨිතා කුසලෙසු ධම‍්මෙසු, යා ච අප‍්පටිවානිතා පධානස‍්මිං. අප‍්පටිවානී සුදාහං භික‍්ඛවෙ, පදහාමි : කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු සරීරෙ, උපසුස‍්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං, න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතීති. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, අප‍්පමාදාධිගතා බොධි, අප‍්පමාදාධිගතො අනුත‍්තරො යොගක‍්ඛෙමො.

5. මහණෙනි, මම ධර්‍මයන් දෙදෙනකුගේ ගුණ එළඹ දැන ගතිමි: (ධ්‍යානාදි) කුශලධර්‍මයන්හි (මෙතෙක් පමණියි) යම් නොතුස්නා බවෙක් වේ ද, ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යම් නොපසු බස්නා බවෙක් වේ ද (යන දෙකයි). මහණෙනි, මම නොපසු බස්නා සැහැවි ඇත්තෙම් ‘ඒකාන්තයෙන් සිරුරෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ තැබීමෙ (නැවැත්මෙ) ක් නම් නො වේ ය’ යි වැර වැඩීමි. මහණෙනි, ඒ මා විසින් සම්බෝධිය අප්‍රමාදයෙන් ලබන ලදු, අනුත්තර වූ (අර්‍හත්ඵල, නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමය අප්‍රමාදයෙන් ලබන ලදී.

තුම‍්හෙ චෙපි භික‍්ඛවෙ, අප‍්පටිවානං පදහෙය්‍යාථ : කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු සරීරෙ, උපසුස‍්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං, න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතීති. තුම‍්හෙපි භික‍්ඛවෙ, න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සථ.

මහණෙනි, තෙපි දු නො පසු බස්නා වැර වඩව: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ නැවැත්මෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තෙපි දු මඳ කලෙකින් ම යමක් (යම් රහත්ඵලක්) උදෙසා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට මොනොවට යෙත් නම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි කෙළවර වූ ඒ අනුත්තර ආර්‍ය්‍යඵලය දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාසය කරව.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: අප‍්පටිවානං පදහිස‍්සාම, කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු සරීරෙ, උපසුස‍්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං, න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතීති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: ‘මාගේ සිරුරෙහි ඒකාන්තයෙන් සම් හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, නො පසුබස්නා වැර වඩන්නම්හ, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු වේ නම්, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.