යෙදුමෙන් කියවන්න

පධානසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 1. 1. 2.

2. 1. 1. 2.

පධානසුත‍්තං

පධාන සූත්‍රය

2. ද‍්වෙමානි භික‍්ඛවෙ, පධානානි දුරභිසම‍්භවානි ලොකස‍්මිං. කතමානි ද‍්වෙ: යඤ‍්ච ගිහීනං අගාරං අජ‍්ඣාවසතං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානුප‍්පදානත්‍ථං පධානං, යඤ‍්ච අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතානං සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගත්‍ථං පධානං. ඉමානි ඛො භික‍්ඛවෙ, ද‍්වෙ පධානානි දුරභිසම‍්භවානි ලොකස‍්මිං. එතදග‍්ගං භික‍්ඛවෙ, ඉමෙසං ද‍්වින‍්නං පධානානං යදිදං සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගත්‍ථං පධානං. තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගත්‍ථං පධානං පදහිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

2. මහණෙනි, ලොව්හි දුකසේ පිරිය යුතු මේ (ප්‍රධාන) වීර්‍ය්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ගිහිගෙයි වසන ගිහියන්ගේ චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍ය - භෛෂජ්‍ය - පරිෂ්කාර දීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ ද, ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්‍ධ - ක්ලේශ - අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර ලීම වූ නිවණ පිණිස යම් වීර්‍ය්‍යයෙකුත් වේ ද (යන දෙකයි.) මහණෙනි, ලොව්හි දුෂ්කර වූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ ද්විවිධ වීර්‍ය්‍යයන් අතුරෙන් සියලු උපධීන් දුරලීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ නම්, තෙල අග්‍ර වේ. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: සියලු උපධීන් දුරලීම පිණිස වීර්‍ය්‍යය වඩන්නම්හ යි. මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.

2. 1. 1. 3.

2. 1. 1. 3.

තපනීයසුත‍්තං

තපනීය සූත්‍රය

3. ද‍්වෙමෙ භික‍්ඛවෙ, ධම‍්මා තපනීයා. කතමෙ ද‍්වෙ: ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස කායදුච‍්චරිතං කතං හොති, අකතං හොති කායසුචරිතං; වචීදුච‍්චරිතං කතං හොති, අකතං හොති වචීසුචරිතං; මනොදුච‍්චරිතං කතං හොති, අකතං හොති මනොසුචරිතං; සො කායදුච‍්චරිතං මෙ කතන‍්ති තප‍්පති, අකතං මෙ කායසුචරිතන‍්ති තප‍්පති; වචීදුච‍්චරිතං මෙ කතන‍්ති තප‍්පති, අකතං මෙ වචීසුචරිතන‍්ති තප‍්පති; මනොදුච‍්චරිතං මෙ කතන‍්ති තප‍්පති, අකතං මෙ මනොසුචරිතන‍්ති තප‍්පති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ ධම‍්මා තපනීයාති.

3. මහණෙනි, මේ තපනීය (සිත් සතැවුලියෙන් තවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද වෙයි. කාය සුචරිතය නොකරණ ලද වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද වෙයි. වාක්සුචරිතය නොකරණ ලද වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද වෙයි. මනස්සුචරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් කායසුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය කරණ ලදැයි තැවෙයි. මා විසින් වාක්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් මනස්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මහණෙනි, මේ වනාහි තවන ධර්‍මයෝ දෙදෙන වෙති.

2. 1. 1. 4.

2. 1. 1. 4.

අතපනීයසුත‍්තං

අතපනීය සූත්‍රය

4. ද‍්වෙමෙ භික‍්ඛවෙ, ධම‍්මා අතපනීයා. කතමෙ ද‍්වෙ: ඉධ භික‍්ඛවෙ, එකච‍්චස‍්ස කායසුචරිතං කතං හොති, අකතං හොති කායදුච‍්චරිතං; වචීසුචරිතං කතං හොති, අකතං හොති වචීදුච‍්චරිතං; මනොසුචරිතං කතං හොති, අකතං හොති මනොදුච‍්චරිතං; සො කායසුචරිතං මෙ කතන‍්ති න තප‍්පති, අකතං මෙ කායදුච‍්චරිතන‍්ති න තප‍්පති; වචීසුචරිතං මෙ කතන‍්ති න තප‍්පති, අකතං මෙ වචීදුච‍්චරිතන‍්ති න තප‍්පති; මනො සුචරිතං මෙ කතන‍්ති න තප‍්පති, අකතං මෙ මනොදුච‍්චරිතන‍්ති න තප‍්පති. ඉමෙ ඛො භික‍්ඛවෙ, ද‍්වෙ ධම‍්මා අතපනීයාති.

4. මහණෙනි, මේ අතපනීය වූ (නොතවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද වෙයි. කායදුශ්චරිතය නොකරණ ලද වෙයි. වාක්සුචරිතය කරණ ලද වෙයි. වාග්දුශ්චරිතය නොකරණ ලද වෙයි. මනඃසුචරිතය කරණ ලද වෙයි. මනෝදුශ්චරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායසුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් කායදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාක්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනස්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මහණෙනි, මේ වනාහි අතපනීය (නොතවන) ධර්‍මයෝ දෙදෙනයි.