යෙදුමෙන් කියවන්න

වජ‍්ජසුත‍්තං

2. 1. 1. 1.

2. 1. 1. 1.

වජ‍්ජසුත‍්තං

වජ්ජ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවො ති. භදන‍්තෙ ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච :

1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ද‍්වෙමානි භික‍්ඛවෙ, වජ‍්ජානි. කතමානි ද‍්වෙ? දිට‍්ඨධම‍්මිකඤ‍්ච වජ‍්ජං, සම‍්පරායිකඤ‍්ච වජ‍්ජං. කතමඤ‍්ච භික‍්ඛවෙ, දිට‍්ඨධම‍්මිකං වජ‍්ජං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පස‍්සති චොරං ආගුචාරිං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්තෙ, කසාහිපි තාළෙන‍්තෙ, වෙත‍්තෙහිපි තාළෙන‍්තෙ, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්තෙ, හත්‍ථම‍්පි ඡින්‍දන‍්තෙ, පාදම‍්පි ඡින්‍දන‍්තෙ, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්තෙ, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්තෙ, නාසම‍්පි ඡින්‍දන‍්තෙ, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්තෙ, බිලඞ‍්ගථාලිකම‍්පි කාරෙන‍්තෙ, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කාරෙන‍්තෙ, රාහුමුඛම‍්පි කාරෙන‍්තෙ, ජොතිමාලිකම‍්පි කාරෙන‍්තෙ, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කාරෙන‍්තෙ, එරකවත‍්තිකම‍්පි කාරෙන‍්තෙ, චීරකවාසිකම‍්පි කාරෙන‍්තෙ, එණෙය්‍යකම‍්පි කාරෙන‍්තෙ, බලිසමංසිකම‍්පි කාරෙන‍්තෙ, කහාපණිකම‍්පි කාරෙන‍්තෙ, ඛාරාපතච‍්ඡිකම‍්පි කාරෙන‍්තෙ, පලිඝපරිවත‍්තිකම‍්පි කාරෙන‍්තෙ, පලාලපිට‍්ඨිකම‍්පි කාරෙන‍්තෙ, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන‍්තෙ, ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්තෙ, අසිනාපි සීසං ඡින්‍දන‍්තෙ. තස‍්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම‍්මානං හෙතු චොරං ආගුචාරිං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති, කසාහිපි තාළෙන‍්ති -පෙ- අසිනාපි සීසං ඡින්‍දන‍්ති. අහං චෙව ඛො පන එවරූපං පාපං කම‍්මං කරෙය්‍යං, මම‍්පි රාජානො ගහෙත්‍වා එවරූපා විවිධා කම‍්මකාරණා කාරෙය්‍යුං: කසාහිපි තාළෙය්‍යුං -පෙ- අසිනාපි සීසං ඡින්‍දෙය්‍යුන‍්ති. සො දිට‍්ඨධම‍්මිකස‍්ස වජ‍්ජස‍්ස භීතො න පරෙසං පාභතං පලුම‍්පන‍්තො චරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දිට‍්ඨධම‍්මිකං වජ‍්ජං.

මහණෙනි, මේ වද්‍ය (අපරාධ) දෙකෙකි. කවර දෙකෙක යත්: දෘෂ්ටධර්‍මවිපාක ඇති අපරාධය හා පරලොව විපාක ඇති අපරාධ යි. මහණෙනි, ඉහාත්‍මයෙහි විපාක ඇති අපරාධය කවරේ ය යත්: මහණෙනි, මෙලොව රජවරු අපරාධ කරණ සොරු ගෙණ විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, වේවැලිනුදු තළත්, මුගුරිනුදු තළත්, අතුදු සිඳුති, අත් පා ද සිඳුති, කනුදු සිඳුති, නැහැය ද සිඳුති, කන් නාසා ද සිඳුති, බිලඞ්ගථාලික නම් වධය ද කරත්, සඞ්ඛමුණ්ඩික නම් වධය ද කරත්, රාහුමුඛ නම් වධය ද කරත්, ජෝතිමාලික නම් වධය ද කරත්, හත්‍ථපජ්ජෝතික නම් වධය ද කරත්,එරකවත්තික නම් වධය ද කරත්, චීරකවාසික නම් වධය ද කරත්, එණෙය්‍යක නම් වධය ද කරත්, බලිසමංසික නම් වධය ද කරත්, කහාපණක නම් වධය ද කරත්, ඛාරාපතච්ඡික නම් වධය ද කරත්, පලිඝපරිවත්‍තික නම් වධය ද කරත්, පලාලපිටඨික නම් වධය ද කරත්, කකියන තෙලිනුදු ඉසිත්, කීණ බල්ලන් ලා කවත්, දිවමනුහු හුල හිඳුවත්, අසිපතිනුදු හිස් සිඳුති. කිසිවෙක් තෙල සොරු දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: යම් බඳු පාපකර්‍මයන් හේතු කොට ගෙණ අපරාධකාරී සොරු ගෙණ රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කසවැලිනුදු තළත් ද, ... අසිපතිනුදු හිස් සිඳිත් ද, මම වැලිත් මෙ බඳු පව්කම් කරන්නෙම් නම්, රජදරුවෝ මයිදු ගෙණ මෙ බඳු විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, ... අසිපතිනුදු හිස සිඳිත් ය කියා යි. හෙ තෙම ඉහාත්මයෙහි වූ වරදට බියපත් වූයේ මෙරමාගේ භාණ්ඩ වොලොගන්මින් නො හැසිරෙයි මහණෙනි, මෙය දෘෂ්‍ටධාර්මිකවද්‍යය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සම‍්පරායිකං වජ‍්ජං: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඉති පටිසඤ‍්චික‍්ඛති : කායදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො අභිසම‍්පරායං, වචීදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො අභිසම‍්පරායං, මනොදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො අභිසම‍්පරායං. අහං චෙව ඛො පන කායෙන දුච‍්චරිතං චරෙය්‍යං, වාචාය දුච‍්චරිතං චරෙය්‍යං, මනසා දුච‍්චරිතං චරෙය්‍යං. කිඤ‍්ච තං, යාහං න කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍යන‍්ති. සො සම‍්පරායිකස‍්ස වජ‍්ජස‍්ස භීතො කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද‍්ධං අත‍්තානං පරිහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්පරායිකං වජ‍්ජං. ඉමානි ඛො භික‍්ඛවෙ, ද‍්වෙ වජ‍්ජානි. තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං: දිට‍්ඨධම‍්මිකස‍්ස වජ‍්ජස‍්ස භායිස‍්සාම, සම‍්පරායිකස‍්ස වජ‍්ජස‍්ස භායිස‍්සාම, වජ‍්ජභීරුනො භවිස‍්සාම. වජ‍්ජභයදස‍්සාවිනොති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බං. වජ‍්ජභීරුනො භික‍්ඛවෙ, වජ‍්ජභයදස‍්සාවිනො එතං පාටිකඞ‍්ඛං, යං පරිමුච‍්චිස‍්සති සබ‍්බවජ‍්ජෙහී ති.

මහණෙනි, සමපරායිකවද්‍ය කවරේ ය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසිවෙක් මෙසේ නුවණින් සිතයි: ‘කායදුශ්චරිතයාගේ වනාහි පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක, වාග්දුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මම වැලිත් කයින් දුසිරිත කරන්නෙම් නම්, වචනයෙන් දුසිරිත කරන්නෙම් නම්, සිතින් දුසිරිත කරන්නෙම් නම්, යම්බඳු ඒ දුසිරිතින් මම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි නූපදින්නෙම් ද! කිම් ඒ නො වේදැයි. හේ පරලොව්හි වරදින් බියපත් වූයේ කායදුශ්‍චරිතය දුරැර කායසුචරිතය වඩයි. වාග්දුශ්‍චරිතය දුරැර වාක්සුචරිතය වඩයි. මනෝදුශ්‍චරිතය දුරැර මනස්සුචරිතය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ සම්පරායිකවද්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ වද්‍ය දෙක ය. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: ඉහාත්මවිපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. පරලොව විපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. වරදෙහි බිය දක්නා සුල්ලමෝ වද්‍යභීරුක වූවමෝ වන්නම්හ යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. මහණෙනි, සියලු වරදින් මිදෙන්නේය යන යමෙක් ඇද්ද, වරදට බිය වන සුලු වරදෙහි බිය දක්නා සුල්ලහු විසින් මෙය කැමැති විය යුතුයි.