1. 16. 8. 9-24
1. 16. 8. 9-24.
1. 16. 8. 9-24.
අමතං තෙ භික්ඛවෙ පමාදිංසු, යෙ කායගතාසතිං පමාදිංසු.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා කෙරෙත් ද, ඔහු අමෘතය පමා කෙරෙත්.
අමතං තෙ භික්ඛවෙ නප්පමාදිංසු, යෙ කායගතාසතිං නප්පමාදිංසු.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා නො කෙරෙත් ද, ඔහු අමෘතය පමා නො කෙරෙත්.
අමතං තෙසං භික්ඛවෙ පම්මුට්ඨං, යෙසං කායගතාසති පම්මුට්ඨා.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත ද, ඔවුන්ට අමෘතය විස්මෘත වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අපම්මුට්ඨං, යෙසං කායගතාසති අපම්මුට්ඨාති.
මහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත නො වේ ද, ඔවුනට අමෘතය විස්මෘත නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අනාසෙවිතං, යෙසං කායගතාසති අනාසෙවිතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ ආසෙවිතං, යෙසං කායගතාසති ආසෙවිතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අභාවිතං, යෙසං කායගතාසති අභාවිතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වඩනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩනා ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ භාවිතං, යෙසං කායගතාසති භාවිතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වඩන ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩන ලද වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අබහුලීකතං, යෙසං කායගතාසති අබහුලීකතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ බහුලීකතං, යෙසං කායගතාසති බහුලීකතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අනභිඤ්ඤාතං, යෙසං කායගතාසති අනභිඤ්ඤාතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය විශිෂ්ටඥානයෙන් නො දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අභිඤ්ඤාතං, යෙසං කායගතාසති අභිඤ්ඤාතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අපරිඤ්ඤාතං, යෙසං කායගතාසති අපරිඤ්ඤාතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය (භූතපරිඥාවශයෙන්) පිරිසිඳ නොදන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ පරිඤ්ඤාතං, යෙසං කායගතාසති පරිඤ්ඤාතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පිරිසිඳ දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද වෙයි.
අමතං තෙසං භික්ඛවෙ අසච්ඡිකතං, යෙසං කායගතාසති අසච්ඡිකතා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද නො වෙයි.
අමතං තෙසං භික්ඛවෙ සච්ඡිකතං, යෙසං කායගතාසති සච්ඡිකතාති.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද වේ යි.
[අමත] වග්ගො අට්ඨමො.
අටවෙනි [අමා] වග යි.
එකකනිපාතස්ස සුත්තසහස්සං සමත්තං.
ඒකක නිපාතයෙහි සූත්ර දහස නිමි.