1. 16. 8. 1-8
1. 16. 8. 1-8.
1. 16. 8. 1-8.
අමතං තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං න පරිභුඤ්ජන්ති.
මහණෙනි, යම් කෙනෙක් අමෘතසදෘශ කායගතාසතිය පරිභෝග ධ්‍යාන-සමාපජ්ජනයෙන් නො කෙරෙද් ද, ඔහු අමෘත සඞ්ඛ්‍යාත නිර්වාණය නො වළඳත්.
අමතං තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං පරිභුඤ්ජන්ති.
මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද, ඔහු අමෘතය වළඳත්.
අමතං තෙසං භික්ඛවෙ අපරිභුත්තං, යෙසං කායගතාසති අපරිභුත්තා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය නො වළඳනා ලදී.
අමතං තෙසං භික්ඛවෙ පරිභුත්තං, යෙසං කායගතාසති පරිභුත්තාති.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලදි.
අමතං තෙසං භික්ඛවෙ පරිහීනං, යෙසං කායගතාසති පරිහීනා.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය පිරිහින.
අමතං තෙසං භික්ඛවෙ අපරිහීනං, යෙසං කායගතාසති අපරිහීනා.
මහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය නො පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය නො පිරිහින.
අමතං තෙසං භික්ඛවෙ විරද්ධං, යෙසං කායගතාසති විරද්ධා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය අනධිගමයෙන් වරදනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වරදනා ලදී.
අමතං තෙසං භික්ඛවෙ ආරද්ධං, යෙසං කායගතාසති ආරද්ධා.
මහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සැපැයිනි ද, ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි.