යෙදුමෙන් කියවන්න

භද‍්දාකාපිලානීථෙරීවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

භද‍්දාකාපිලානීථෙරීවත්‍ථු

භද්දාකාපිලානි තෙරණිය

දසමෙ පුබ‍්බෙනිවාසන‍්ති පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානං අනුස‍්සරන‍්තීනං භද‍්දා කාපිලානී අග‍්ගාති දස‍්සෙති. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාරාණසියං කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා අත‍්තනො සාමිභගිනියා සද‍්ධිං කලහං කරොන‍්තී තාය පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතෙ දින‍්නෙ, “අයං ඉමස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා අත‍්තනො වසං වත‍්තෙතී”ති පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථතො පත‍්තං ගණ‍්හිත්‍වා භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලස‍්ස පූරෙත්‍වා අදාසි. මහාජනො “බාලා අය”න‍්ති ගරහිත්‍වා, “යාය තෙ සද‍්ධිං කලහො කතො, තස‍්සා කිඤ‍්චි න කරොසි, පච‍්චෙකබුද‍්ධො තෙ කිං අපරජ‍්ඣතී”ති ආහ. සා තෙසං වචනෙන ලජ‍්ජායමානා පුන පත‍්තං ගහෙත්‍වා කලලං හාරෙත්‍වා ධොවිත්‍වා ගන්‍ධචුණ‍්ණෙන උබ‍්බට‍්ටෙත්‍වා චතුමධුරස‍්ස පූරෙත්‍වා උපරි ආසිත‍්තෙන පදුමගබ‍්භවණ‍්ණෙන සප‍්පිනා විජ‍්ජොතමානං පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා “යථා අයං පිණ‍්ඩපාතො ඔභාසජාතො, එවං ඔභාසජාතං මෙ සරීරං හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසීති සබ‍්බං මහාකස‍්සපත්‍ථෙරස‍්ස වත්‍ථුම‍්හි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

දසවැන්නෙහි පුබ්බේනිවාසං යන්නෙන් පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන භික්‍ෂූණීන් අතුරින් භද්දා කාපිලානිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් භික්‍ෂුණියක පෙරවිසීම සිහිකරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා බුදුන් නූපන් කල්හි බරණැස කුලගෙයක පිළිසිඳ ගෙන තමන්ගේ සහෝදරයාගේ බිරිය සමඟ කලහ කරන්නී ඇය පසේබුදුන්වහන්සේට පිණ්ඩපාතය දුන්කල්හි මෝ මොහුට පිණ්ඩපාතය දී තමන්ගේ වසයට ගන්නීයයි පසේබුදුන්ගේ අතින් පාත්‍රය ගෙන බත් විසිකොට මඩපුරවා දුන්නීය. මහජනයා මෝතෝමෝ පහත් තැනැත්තියකැයි නින්දා කොට යම් තැනැත්තියක විසින් නුඹ සමඟ කලහ කරන ලද්දේද? ඇයට කිසිවක් නොකෙළෙහි. පසේබුදුන්වහන්සේ නුඹට අපරාධයක් කෙළේදැයි ඇසීය. ඕතොමෝ ඔවුන්ගේ වචනයෙන් ලජ්ජා වන්නී යළි පාත්‍රය ගෙන මඩ ඉවත් කොට දොවා සුවඳසුණෙන් උලා චතුමධුර පුරවා මත්තෙහි ඉසිනලද පියුම්ගැබක පැහැය ඇති ගිතෙලින් බබලන්නක් කොට පසේබුදුන්වහන්සේගේ අතෙහි තබා යම්සේ මේ පිණ්ඩපාතය බැබළුනේ වේද? එසේ මගේ සිරුර බබළන්නේ වේවායි ප්‍රර්‍ත්‍ථනාවක් තැබුවායයි සියල්ල මහාකාශ්‍යප තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.

මහාකස‍්සපත්‍ථෙරො පන දක‍්ඛිණමග‍්ගං ගහෙත්‍වා දසබලස‍්ස සන‍්තිකං බහුපුත‍්තකනිග්‍රොධමූලං ගතො, අයං භද‍්දා කාපිලානී වාමමග‍්ගං ගණ‍්හිත්‍වා මාතුගාමස‍්ස පබ‍්බජ‍්ජාය අනනුඤ‍්ඤාතභාවෙන පරිබ‍්බාජිකාරාමං අගමාසි. යදා පන මහාපජාපතිගොතමී පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභි, තදා සා ථෙරී ථෙරියා සන‍්තිකෙ පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා අපරභාගෙ විපස‍්සනාය කම‍්මං කරොන‍්තී අරහත‍්තං පත්‍වා පුබ‍්බෙනිවාසඤාණෙ චිණ‍්ණවසී අහොසි. අථ සත්‍ථා ජෙතවනෙ නිසීදිත්‍වා භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙසු ඨපෙන‍්තො ඉමං ථෙරිං පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මහාකාශ්‍යප තෙරුන්වහන්සේ වනාහි දකුණු මග ගෙන තථාගතයන්වහන්සේ සමීපයෙහිවූ බහුපුත්තක නිග්‍රොධ මූලයට ගියහ. මේ භදදාකාපිලානිය වම්මග ගෙන මාගමුන්ට පැවිද්දට නොඅනුදත් බැවින් පරිබ්බාජිකාරාමයකට ගියාය. යම් දිනෙක මහාප්‍රජාපතී ගොතමිය පැවිද්ද ලද්දීද එකල්හි ඒ තෙරණිය තෙරණීන් සමීපයෙහි පැවිද්ද උපසම්පදාවද ලැබ මෑත කාලයෙහි විදර්‍ශනාවට කටයුතු කරන්නී රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ දැනීමේ නුවණෙහි පුරුදු කරනලද වසඟභාවය ඇත්තී වූවාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ දෙව්රම් වැඩහිඳ පිළිවෙළින් භික්‍ෂූණීන් තනතුරුවල තබනසේක් මේ තෙරණිය පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන භික්‍ෂූණීන් අතුරින් අගතැන්හි තැබූසේක.

භද‍්දාකච‍්චානාථෙරීවත්‍ථු

භද්දාකච්චානා තෙරණිය

එකාදසමෙ මහාභිඤ‍්ඤාප‍්පත‍්තානන‍්ති මහතියො අභිඤ‍්ඤායො පත‍්තානං, භද‍්දා කච‍්චානා, නාම අග‍්ගාති දස‍්සෙති. එකස‍්ස හි බුද‍්ධස‍්ස චත‍්තාරොව ජනා මහාභිඤ‍්ඤා හොන‍්ති, න අවසෙසසාවකා. අවසෙසසාවකා හි කප‍්පසතසහස‍්සමෙව අනුස‍්සරිතුං සක‍්කොන‍්ති, න තතො පරං. මහාභිඤ‍්ඤාප‍්පත‍්තා පන කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අනුස‍්සරන‍්ති. අම‍්හාකම‍්පි සත්‍ථු සාසනෙ ද‍්වෙ අග‍්ගසාවකා බාකුලත්‍ථෙරො භද‍්දා කච‍්චානාති ඉමෙ චත‍්තාරො එත‍්තකං අනුස‍්සරිතුං සක‍්ඛිංසු. තස‍්මා අයං ථෙරී මහාභිඤ‍්ඤාප‍්පත‍්තානං අග‍්ගා නාම ජාතා. භද‍්දා කච‍්චානාති තස‍්සා නාමං. භද‍්දකඤ‍්චනස‍්ස හි උත‍්තමසුවණ‍්ණස‍්ස විය තස‍්සා සරීරවණ‍්ණො අහොසි, සා තස‍්මා භද‍්දකඤ‍්චනාති නාමං ලභි, සා පච‍්ඡා කච‍්චානාත්‍වෙව සඞ‍්ඛං ගතා. රාහුලමාතායෙතං අධිවචනං.

එකොළොස්වැන්නෙහි මහාභිඤ්ඤාප්පත්තානං යන්නෙන් මහත් අභිඥාවන්ට පත්වූ භික්‍ෂුණීන් අතුරින් බද්දාකච්චානා අග්‍රයයි දැක්වෙයි. එක් බුදුවරයෙකුට සතර දෙනෙක් පමණක්ම මහා අභිඥා ඇත්තෝ වෙත්. ඉතිරි ශ්‍රාවකයෝ එසේ නොවෙත්, අවශේෂ ශ්‍රාවකයෝ වනාහි කල්පලක්‍ෂයක්ම සිහිකිරීමට හැක්කෝ වෙත්. එයින් මත්තෙහි නොවෙත්. මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවකයෝ වනාහි කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංක්‍යයක් සිහිකරති. අපගේ ශාස්තෘ ශාසනයෙහිද අගසව් දෙනම බක්කුල තෙරුන්වහන්සේ භද්දාකච්චානා තෙරණිය යන සතරදෙනා එපමණක් සිහි කිරීමට සමත් වූවාහුය. එබැවින් මෙම තෙරණිය මහා අභිඥාප්‍රාප්ත භික්‍ෂුණීන් අතුරින් අගුනම් වූහ. භද්දාකච්චානා යනු ඇයගේ නමයි. මනොඥ කාංචනයක මෙන්ද උතුම් ස්වර්‍ණයක මෙන්ද ඇයගේ ශරීරවර්‍ණය විය. ඕතොමෝ එබැවින් භද්දාකංචනායි නමක් ලැබුවාය. ඕතොමෝ පසුව කච්චානායි පළට වූවාය. මේ රාහුලමාතාවට පර්‍ය්‍යාය නාමයකි.

සා හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා අපරභාගෙ සත්‍ථු ධම‍්මකථං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං මහාභිඤ‍්ඤාප‍්පත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සුප‍්පබුද‍්ධසක‍්කස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, භද‍්දා කච‍්චානාතිස‍්සා නාමං අකංසු.

ඕ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා එක්භික්‍ෂුණියක මහා අභිඥාප්‍රාප්ත භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි සුප්පබුද්ධ ශාක්‍යයාගේ නිවසෙහි පිළිසිඳ ගත්තාය. භද්දාකච්චානායි ඇයට නම් කළාහුය.

සා වයප‍්පත‍්තා බොධිසත‍්තස‍්ස ගෙහං අගමාසි. සා අපරභාගෙ රාහුලකුමාරං නාම පුත‍්තං විජායි. තස‍්ස ජාතදිවසෙව බොධිසත‍්තො නික‍්ඛමිත්‍වා බොධිමණ‍්ඩෙ සබ‍්බඤ‍්ඤුතං පත්‍වා ලොකානුග‍්ගහං කරොන‍්තො අනුපුබ‍්බෙන කපිලවත්‍ථුං ආගම‍්ම ඤාතීනං සඞ‍්ගහං අකාසි. අපරභාගෙ පරිනිබ‍්බුතෙ සුද‍්ධොදනමහාරාජෙ මහාපජාපතිගොතමී පඤ‍්චහි මාතුගාමසතෙහි සද‍්ධිං සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජි. රාහුලමාතාපි ජනපදකල්‍යාණීපි ථෙරියා සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජි. සා පබ‍්බජිතකාලතො පට‍්ඨාය භද‍්දකච‍්චානත්‍ථෙරීත්‍වෙව පාකටා අහොසි. සා අපරභාගෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා අභිඤ‍්ඤාසු චිණ‍්ණවසී අහොසි, එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නා එකාවජ‍්ජනෙන කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං අනුස‍්සරති. තස‍්සා තස‍්මිං ගුණෙ පාකටෙ ජාතෙ සත්‍ථා ජෙතවනෙ නිසින‍්නො භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙ ඨපෙන‍්තො ඉමං ථෙරිං මහාභිඤ‍්ඤාප‍්පත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඕ වියපත් වූවා බෝසතුන්ගේ නිවසට ගියාය. පසුකලෙක රාහුලකුමරු නම් පුතකු වැදුවාය. ඔහු උපන් දිනයේම බෝසත්තෙමේ නික්ම ගොස් බෝමැඬෙහි සර්‍වඥතාවට පත්ව ලෝකානුග්‍රහය කරන්නේ අනුපිළිවෙළින් කිඹුල්වතට පැමිණ ඥාතීන්ට සංග්‍රහ කළේය. පසුකලෙක සුදොවුන් මහරජු පිරිනිවන් පෑකල්හි මහාප්‍රජාපතී ගෝතමිය පන්සියයක් මාගමුන් සමඟ පැවිදි වූවාය. රහල්මවද ජනපදකල්‍යාණියද (මහාප්‍රජාපතී) තෙරණිය වෙතට ගොස් පැවිදිවූහ. ඕ පැවිදිවූ කාලයෙහි පටන් භද්දකච්චානතෙරෙණියයි ප්‍රසිද්ධ වූවාය. මෑතකාලයෙහි විදසුන් වඩා රහත් බවට පත්වූවා අභිඥාවන්හි පුරුදුකරන ලද වසඟබව ඇත්තී වූවාය. එක් පළඟක වැඩහුන්නා එක් සිහිකිරීමකින් කල්පලක්‍ෂයක් අධික කොට ඇති අසංඛ්‍යයක් සිහි කරන්නීය. ඇයගේ එම ගුණය ප්‍රකට වූ කල්හි ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩ හිඳ භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල පිහිටුවමින් මේ තෙරණිය මහාඅභිඥාප්‍රාප්ත භික්‍ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

කිසාගොතමීථෙරීවත්‍ථු

කිසාගොතමී තෙරණිය

ද‍්වාදසමෙ ලූඛචීවරධරානන‍්ති තීහි ලූඛෙහි සමන‍්නාගතං පංසුකූලං ධාරෙන‍්තීනං, කිසාගොතමී, අග‍්ගාති දස‍්සෙති. ගොතමීති තස‍්සා නාමං, ථොකං කිසධාතුකත‍්තා පන කිසාගොතමීති වුච‍්චති. අයම‍්පි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං දුග‍්ගතකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තකාලෙ එකං කුලං අගමාසි. තත්‍ථ නං “දුග‍්ගතකුලස‍්ස ධීතා”ති පරිභවිංසු.

දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් තුන්රළු බවකින් යුත් පාංශුකූල දරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් කිසාගොතමී අග්‍රවන්නීයයි දැක්වෙයි. ගොතමී යනු ඇයගේ නමයි. මඳක් වැහැරුණු ස්වභාව ඇති බැවින් කිසාගොතමියි කියනුලැබේ. මෝතොමෝත් පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක්භක්‍ෂුණියක රළු සිවුරුදරන භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක දුවකැයි නින්දා කළාහුය.

සා අපරභාගෙ පුත‍්තං විජායි, අථස‍්සා සම‍්මානමකංසු. සො පනස‍්සා දාරකො ආධාවිත්‍වා පරිධාවිත්‍වා කීළනවයෙ ඨිතො කාලමකාසි, තස‍්සා සොකො උදපාදි. සා “අහං ඉමස‍්මිංයෙව ගෙහෙ හතලාභසක‍්කාරා හුත්‍වා පුත‍්තස‍්ස ජාතකාලතො පට‍්ඨාය සක‍්කාරං පාපුණිං, ඉමෙ මය‍්හං පුත‍්තං බහි ඡඩ‍්ඩෙතුම‍්පි වායමෙය්‍යු”න‍්ති පුත‍්තං අඞ‍්කෙනාදාය “පුත‍්තස‍්ස මෙ භෙසජ‍්ජං දෙථා”ති ගෙහද‍්වාරපටිපාටියා විචරති. දිට‍්ඨදිට‍්ඨට‍්ඨානෙ මනුස‍්සා “කත්‍ථ තෙ මතකස‍්ස භෙසජ‍්ජං දිට‍්ඨපුබ‍්බ”න‍්ති පාණිං පහරිත්‍වා පරිහාසං කරොන‍්ති. සා තෙසං කථාය නෙව සඤ‍්ඤත‍්තිං ගච‍්ඡති. අථ නං එකො පණ‍්ඩිතපුරිසො දිස‍්වා, “අයං පුත‍්තසොකෙන චිත‍්තවික‍්ඛෙපං පත‍්තා භවිස‍්සති, එතිස‍්සා පන භෙසජ‍්ජං න අඤ‍්ඤො ජානිස‍්සති, දසබලොව ජානිස‍්සතී”ති චින‍්තෙත්‍වා එවමාහ – “අම‍්ම, තව පුත‍්තස‍්ස භෙසජ‍්ජං අඤ‍්ඤො ජානන‍්තො නාම නත්‍ථි, සදෙවකෙ පන ලොකෙ අග‍්ගපුග‍්ගලො දසබලො ධුරවිහාරෙ වසති, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡාහී”ති. සා “සච‍්චං පුරිසො කථෙතී”ති පුත‍්තමාදාය තථාගතස‍්ස බුද‍්ධාසනෙ නිසින‍්නවෙලාය පරිසපරියන‍්තෙ ඨත්‍වා “පුත‍්තස‍්ස මෙ භෙසජ‍්ජං දෙථ භගවා”ති ආහ.

මීතොමෝ මෑත කාලයෙහි පුතකු වැදුවාය. ඉක්බිති ඇයට ගෞරව කළාහුය. ඒ දරුවා වනාහි දුවපැන කෙළින වියෙහි සිටියේ කළුරිය කළේය. ඇයට දුකක් උපන්නේය. ඕතොමෝ, ‘මම මේ ගෙදරදීම පිරිහුණු ලාභසත්කාර ඇත්තියකවී පුතු උපන් කල්හි පටන් සත්කාරයට පැමිණියෙමි. මොවුහු මේ මගේ පුතු පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට බෙහෙතක් දෙන්නැයි ගෙදොරෙහි පිළිවෙළින් හැසිරෙයි. දුටු දුටු තන්හි මිනිස්සු මියගිය ඔහුට කොහි බෙහෙත් දුටුවිරූදැයි අතින් ගසා නින්දා කරත්. ඒ තොමෝ ඔවුන්ගේ කථාව නොසලකමින් යයි. ඉකිබිති කිසියම් නුවණැති මිනිසෙක් ඇය දැක මෝ පුතුසොවින් සිත්වියවුලට පත්වූවාවන්නීයයි මැයට වනාහි බොහෙත් අනිකෙක් නොදනියි. බුදුරජාණන් වහන්සේම දන්නා සේකැයි සිතා මෙසේ කීවේය. දරුව, නුඹගේ පුතුට බෙහෙත් දන්නා අනෙකෙක් නම් නැත. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලවූ බුදුරජාණන්වහන්සේ සමීප විහාරයෙහි වැඩවසන සේක. උන්වහන්සේ වෙතට ගොස් විමසුව.’ ඕතොමෝ (මේ) මිනිසා ඇත්තක් කියන්නේයයි පුතු රැගෙන බුදුරජාණන්වහන්සෙ බුද්ධාසනයෙහි හුන්වේලාවෙහි පිරිස කෙළවර සිට භාග්‍යවතුන්වහන්ස, මගේ පුතුට බෙහෙතක් දෙනු මැනවැයි කීවාය.

සත්‍ථා තස‍්සා උපනිස‍්සයං දිස‍්වා “භද‍්දකං තෙ ගොතමි කතං භෙසජ‍්ජත්‍ථාය ඉධාගච‍්ඡන‍්තියා, ගච‍්ඡ නගරං පවිසිත්‍වා කොටිතො පට‍්ඨාය සකලනගරං චරිත්‍වා යස‍්මිං ගෙහෙ කොචි මතපුබ‍්බො නත්‍ථි, තතො සිද‍්ධත්‍ථකං ආහරා”ති ආහ. සා “සාධු, භන‍්තෙ”ති තුට‍්ඨමානසා අන‍්තොනගරං පවිසිත්‍වා පඨමගෙහෙයෙව “දසබලො මම පුත‍්තස‍්ස භෙසජ‍්ජත්‍ථාය සිද‍්ධත්‍ථකං ආහරාපෙති, සිද‍්ධත්‍ථකං මෙ දෙථා”ති ආහ. “හන්‍ද ගොතමී”ති නීහරිත්‍වා අදංසු. අහං එවං ගහෙතුං න සක‍්කොමි, ඉමස‍්මිං ගෙහෙ කොචි මතපුබ‍්බො නාම නත්‍ථීති? කිං වදෙසි ගොතමි, කො ඉධ මතකෙ ගණෙතුං සක‍්කොතීති? “තෙන හි අලං නාහං ගණ‍්හිස‍්සාමි, දසබලො මං යත්‍ථ මතපුබ‍්බො නත්‍ථි, තතො නං ගණ‍්හාපෙතී”ති ආහ. සා ඉමිනාව නියාමෙන තතියඝරං ගන‍්ත්‍වා චින‍්තෙසි – “සකලනගරෙ අයමෙව නියාමො භවිස‍්සති, ඉදං හිතානුකම‍්පකෙන බුද‍්ධෙන දිට‍්ඨං භවිස‍්සතී”ති සංවෙගං ලභිත්‍වා තතොව බහි නික‍්ඛමිත්‍වා ආමකසුසානං ගන‍්ත්‍වා පුත‍්තං හත්‍ථෙන ගහෙත්‍වා, “පුත‍්තක, අහං ඉමං මරණං තවෙව උප‍්පන‍්නන‍්ති චින‍්තෙසිං, න පනෙතං තවෙව, මහාජනසාධාරණො එස ධම‍්මො”ති වත්‍වා පුත‍්තං ආමකසුසානෙ ඡඩ‍්ඩෙත්‍වා ඉමං ගාථමාහ –

ශාස්තෘන්වහන්සේ ඇයගේ උපනිශ්‍රය දැක, ‘ගෝතමිය, බෙහෙත් සඳහා මෙහි පැමිණි ඔබ විසින් මනාදෙයක් කරනලදී. යන්න, නුවරට පිවිස කෙළවරෙහි පටන් සියලු නුවර හැසිර යම් ගෙයක කිසියම් මියගිය පුද්ගලයෙක් නැත්ද ඒ ගෙයින් අබ ගෙනෙව’යි පැවසූසේක. ඕ තොමෝ මැනවි ස්වාමීනිය සතුටු සිතැත්තී ඇතුල්නුවරට පිවිස පළමු ගෙහිදීම බුදුරජාණන්වහන්සේ මගේ පුතුට බෙහෙත් සඳහා අබ ගෙන්වන සේක. මට අබ දෙනු මැනවැයි කීවාය. මැනවි, ගෝතමියයි පවසා (අබ) ගෙනවුත් දුන්නාහුය. ‘මෙය මෙසේ ගැනීමට නොහැක. මේ ගෙහි කිසියම් පළපුද්ගලයෙක් නැත්දැ’යි ඇසුවාය. ‘ගෝතමිය, කුමක් කියෙහිද? කවරෙක් මෙහි මළවුන් ගණන් කිරීමට හැක්කේද? ඔවුහු කීහ. එසේ වීනම් මෙය මම නහමක් නොගනිමි. දශබලයන්වහන්සේ යම් තැනක මළකෙනෙක් ඇත්ද එම ගෙයින් අබ මා ලවා නොගන්වනසේකැයි ඇය කීවාය. ඕතොමේ මේ අයුරින්ම තෙවැනි ගෙයට ගොස් සිතුවාය: සියලු නගරයෙහි මේ ක්‍රමයම වන්නේය. මෙය හිතානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ විසින් මෙය දක්නා ලද්දේ වන්නේයයි සංවේගය ලැබ එයින් පිටතට නික්ම අමුසොහොනට (මළපුතු) ගෙන ගොස් පුතු අතින් ගෙන ‘පුත, මම මේ මරණය නුඹටම උපන් දෙයකැයි සිතුවෙමි. මෙය නුඹට පමණක්වූවක් නොවේ. මේ ධර්‍මය මහජනයාට සාධාරණවූවකැයි පවසා පුතු අමු සොහොනෙහි දමා මේ ගාථාව කීවාය.

“න ගාමධම‍්මො නො නිගමස‍්ස ධම‍්මො, න චාපියං එකකුලස‍්ස ධම‍්මො; සබ‍්බස‍්ස ලොකස‍්ස සදෙවකස‍්ස, එසෙව ධම‍්මො යදිදං අනිච‍්චතා”ති. (අප· ථෙරී 2.3.82);

යම් මේ අනිත්‍යතාවක් වේද? එය ගමකට අයත් දහමක් නොවේ. නියම් ගමකට අයත් දහමක නොවේ. එක්කුලයකට උරුමවූ දහමක්ද නොවේ මෙය දෙවියන් සහිත සියලු ලෝකයේ ධර්‍මයයි.

එවඤ‍්ච පන වත්‍වා සත්‍ථු සන‍්තිකං අගමාසි. අථ නං සත්‍ථා “ලද‍්ධො තෙ, ගොතමි, සිද‍්ධත්‍ථකො”ති ආහ. නිට‍්ඨිතං, භන‍්තෙ, සිද‍්ධත්‍ථකෙන කම‍්මං, පතිට‍්ඨං පන මෙ දෙථාති ආහ. අථස‍්සා සත්‍ථා ධම‍්මපදෙ ඉමං ගාථමාහ –

මෙසේද කියා ශාස්තෘන්වහන්සේ සමීපයට ගියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයගෙන්, ගෝතමිය, ඔබවිසින් අබ ලබානලදදැයි ඇසූ සේක. ‘ස්වාමීනි, අබවලින් (ගතයුතු) වැඩය නිමාවිය. පිහිටක් දෙනුමැනවැයි ඕතොමෝ කීවාය. ඉක්බිති ඇයට ශාස්තෘන්වහන්සේ ධම්මපදයෙහි මේ ගාථාව දෙසූ සේක.

“තං පුත‍්තපසුසම‍්මත‍්තං, බ්‍යාසත‍්තමනසං නරං; සුත‍්තං ගාමං මහොඝොව, මච‍්චු ආදාය ගච‍්ඡතී”ති. (ධ· ප· 287);

‘මහසැඬවතුරත් නිදිගත් ගමක් ගසාගෙන යන්නාක් මෙන් මාරයා පුතුන් හා ගයන් (හේතුවෙන්) මත්වූ තදින් ඇලුණු මනසක් ඇති මිනිසා රැගෙන යයි.’

සා ගාථාපරියොසානෙ යථාඨිතාව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය පබ‍්බජ‍්ජං යාචි, සත්‍ථා පබ‍්බජ‍්ජං අනුජානි. සා තික‍්ඛත‍්තුං සත්‍ථාරං පදක‍්ඛිණං කත්‍වා වන්‍දිත්‍වා භික‍්ඛුනිඋපස‍්සයං ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා නචිරස‍්සෙව යොනිසොමනසිකාරෙ කම‍්මං කරොන‍්තී විපස‍්සනං වඩ‍්ඪෙසි. අථස‍්සා සත්‍ථා ඉමං ඔභාසගාථමාහ –

ඔතොමෝ ගාථාව අවසන්හි සිටි පරිද්දෙන්ම සෝවාන්පෙලෙහි පිහිටා පැවිද්ද ඇයැද සිටියාය. ශාස්තෘන්වහන්සේ පැවිද්ද අනුදත්සේක. ඕතොමෝ තෙවරක් ශාස්තෘන්වහන්සේ පැදකුණු කොට වැඳ මෙහෙණවරකට ගොස් පැවිදි වූවාය. උපසපන් බව ලැබ නොබෝ දිනකින්ම නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නී විදසුන් වැඩුවාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඇයට මෙම ඔභාස ගාථාව පැවසූසේක.

“යො ච වස‍්සසතං ජීවෙ, අපස‍්සං අමතං පදං; එකාහං ජීවිතං සෙය්‍යො, පස‍්සතො අමතං පද”න‍්ති. (ධ· ප· 114);

‘අමා පදය (නිවන) නොදකිමින් යමෙක් අවුරුදු සියයක් ජීවත් වේද? අමාපදය දක්නහුගේ එක්දින ජීවිතය ශ්‍රේෂ්ඨය.’

සා ගාථාපරියොසානෙ අරහත‍්තං පත‍්තා පරික‍්ඛාරවලඤ‍්ජෙ පරමුක‍්කට‍්ඨා හුත්‍වා තීහි ලූඛෙහි සමන‍්නාගතං චීවරං පාරුපිත්‍වා විචරි. අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ නිසින‍්නො භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙ ඨපෙන‍්තො ඉමං ථෙරිං ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඕතොමෝ ගාථාවගේ අවසන්හි රහත්බව පැමිණියා පිරිකර පරිහරණයෙහි පරම උත්කෘෂ්ටවූවාවී තුන් රළුබවකින් යුත් සිවුරු පොරවා හැසිරුණාය. මෑත කාලයෙහි භාග්‍යවතුන්වහන්සේ දෙව්රමෙහි වැඩ හුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් මේ තෙරණිය රළු සිවුරුදරණ භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.

සිඞ‍්ගාලකමාතාථෙරීවත්‍ථු

සිගාලකමතා තෙරණිය

තෙරසමෙ සද‍්ධාධිමුත‍්තානන‍්ති සද‍්ධාලක‍්ඛණෙ අභිනිවිට‍්ඨානං, සිඞ‍්ගාලකමාතා, අග‍්ගාති දස‍්සෙති. අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලඝරෙ නිබ‍්බත‍්තා සත්‍ථු ධම‍්මකථං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං සද‍්ධාධිමුත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තා සමානජාතිකං කුලං ගන‍්ත්‍වා එකං පුත‍්තං විජායි, තස‍්ස සිඞ‍්ගාලකකුමාරොති නාමං අකංසු. සාපි තෙනෙව කාරණෙන සිඞ‍්ගාලකමාතා නාම ජාතා. සා එකදිවසං සත්‍ථු ධම‍්මකථං සුත්‍වා පටිලද‍්ධසද‍්ධා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජි. පබ‍්බජිතකාලතො පට‍්ඨාය සද‍්ධින්‍ද්‍රියං අධිමත‍්තං පටිලභි. සා ධම‍්මස‍්සවනත්‍ථාය විහාරං ගන‍්ත්‍වා දසබලස‍්ස සරීරසම‍්පත‍්තිං ඔලොකයමානාව තිට‍්ඨති. සත්‍ථා තස‍්සා සද‍්ධාලක‍්ඛණෙ අභිනිවිට‍්ඨභාවං ඤත්‍වා සප‍්පායං කත්‍වා පසාදනීයමෙව ධම‍්මං දෙසෙසි. සාපි ථෙරී සද‍්ධාලක‍්ඛණමෙව ධුරං කත්‍වා අරහත‍්තං පාපුණි. අථ නං සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ නිසීදිත්‍වා භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙ ඨපෙන‍්තො ඉමං ථෙරිං සද‍්ධාධිමුත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

තෙළෙස්වැන්නෙහි සද්ධාධිමුත්තානං යන්නෙන් ශ්‍රද්ධාලක්‍ෂණයෙහි මනාව පිවිසි භික්‍ෂුණීන් අතුරින් සිගාලකමාතාව අග්‍රයයි දැක්වෙයි. අගුයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුණියක ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අග තන්හි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර සිටුකුලයක උපන්නා සමානජාතික කුලයකට ගොස් එක් පුතෙකු වැදුවාය. ඔහුට සිගාලක කුමාරයයි නම් කළාහුය. ඕතොමෝද එකරුණින්ම සිගාලකමාතා නම් වූවාය. ඕතොමෝ එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා ලදශ්‍රද්ධාව ඇත්තී භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි පැවිදිවූවාය. පැවිදිවූ කල පටන් සද්ධින්‍ද්‍රිය අධිමාත්‍රව (ශද්ධා නැමති ඉන්‍ද්‍රිය ඉතා අධික ලෙස) ලැබුවාය. ඕතොමේ දහම් ඇසීම සඳහා විහාරයට ගොස් භාග්‍යවතුන්වහන්සේගේ ශරීරනිෂ්පත්තිය බලමින්ම සිටින්නීය. ශාස්තෘන්වහන්සේ ඇයගේ ශ්‍රද්ධාලක්‍ෂණයෙහි දැඩිසේ පිවිසුණුබව දැන යෝග්‍ය දෙයක්කොට පැහැදෙනසුලුවූම දහමක් දෙසනසේක. ඒ තෙරණියද ශ්‍රද්ධා ලක්‍ෂණයම ධුරයකොට රහත්බවට පැමිණියාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මෑතකාලයෙහි දෙව්රම වැඩ හිඳ භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් මෙම තෙරණිය ශ්‍රද්ධාධිමුක්තකවූ භික්‍ෂුණීන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

පඤ‍්චමවග‍්ගවණ‍්ණනා.

තෙරසසුත‍්තපටිමණ‍්ඩිතාය ථෙරිපාළියා වණ‍්ණනා නිට‍්ඨිතා.

ථෙරීපාළි වණ්ණනාව නිමියේයි.