කුණ්ඩලකෙසාථෙරීවත්ථු අට්ඨකථා
කුණ්ඩලකෙසාථෙරීවත්ථු
භද්දා කුණ්ඩලකේසී තෙරණිය
නවමෙ ඛිප්පාභිඤ්ඤානන්ති ඛිප්පාභිඤ්ඤානං භික්ඛුනීනං, භද්දා කුණ්ඩලකෙසා, අග්ගාති දස්සෙති. අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තා සත්ථු ධම්මකථං සුත්වා සත්ථාරං එකං භික්ඛුනිං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ සත්තන්නං භගිනීනං අබ්භන්තරා හුත්වා වීසති වස්සසහස්සානි දස සීලානි සමාදාය කොමාරිකබ්රහ්මචරියං චරන්තී සඞ්ඝස්ස වසනපරිවෙණං කාරෙත්වා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහනගරෙ සෙට්ඨිකුලෙ පටිසන්ධිං ගණ්හි, භද්දාතිස්සා නාමං අකංසු.
නවවැන්නෙහි ඛිප්පාභිඤ්ඤාණං යන්නෙන් වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක් භික්ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් භද්දා කුණ්ඩලකේසා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමොත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා එක් භික්ෂුණියක වහා වැටහෙන අභිඥා ඇති භික්ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තාන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඒ තොමෝ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී කාසි රජුගේ ගෙහි සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් දසසිලු සමාදන්වී කුමරි බඹසරෙහි හැසිරෙන්නී සංඝයාට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි රජගහ නුවර සිටු කුලයක පිළිසිඳ ගත්තාය. ඇයට ‘භද්දා’යි නම් කළාහුය.
තංදිවසංයෙව ච තස්මිං නගරෙ පුරොහිතපුත්තො ජාතො. තස්ස ජාතවෙලාය රාජනිවෙසනං ආදිං කත්වා සකලනගරෙ ආවුධානි පජ්ජලිංසු. පුරොහිතො පාතොව රාජකුලං ගන්ත්වා රාජානං සුඛසෙය්යං පුච්ඡි. රාජා “කුතො මෙ, ආචරිය, සුඛසෙය්යා, අජ්ජ සබ්බරත්තිං රාජනිවෙසනෙ ආවුධානි පජ්ජලිතානි දිස්වා භයප්පත්තා අහුම්හා”ති ආහ. මහාරාජ, තප්පච්චයා මා චින්තයිත්ථ, න තුම්හාකංයෙව ගෙහෙ ආවුධානි පජ්ජලිංසු, සකලනගරෙ එවං අහොසීති. කිං කාරණා, ආචරියාති? අම්හාකං ගෙහෙ චොරනක්ඛත්තෙන දාරකො ජාතො, සො සකලනගරස්ස සත්තු හුත්වා උප්පන්නො, තස්සෙතං පුබ්බනිමිත්තං. තුම්හාකං උපද්දවො නත්ථි, සචෙ පන ඉච්ඡථ, හාරෙම නන්ති. අම්හාකං පීළාය අසතියා හාරණකම්මං නත්ථීති. පුරොහිතො “මම පුත්තො අත්තනො නාමං ගහෙත්වාව ආගතො”ති සත්තුකොතෙවස්ස නාමං අකාසි. සෙට්ඨිගෙහෙපි භද්දා වඩ්ඪති, පුරොහිතගෙහෙපි සත්තුකො වඩ්ඪති. සො අත්තනො ආධාවනවිධාවනෙන කීළිතුං සමත්ථකාලතො පට්ඨාය අත්තනො විචරණට්ඨානෙ යං යං පස්සති, තං තං සබ්බං ආහරිත්වා මාතාපිතූනං ගෙහං පූරෙති. පිතා නං කාරණසහස්සම්පි වත්වා වාරෙතුං නාසක්ඛි.
එදිනයෙහිම එනුවර පුරෝහිත පුත්‍රයෙක්ද උපන්නේය. ඔහු උපන් වේලාවෙහි රජගෙදර ආදිකොට ඇති සියලු නගරයෙහි අවි දිළිසුනේය පුරෝහිත තෙමේ උදෑසනින්ම රජමාලිගයට ගොස් රජුගේ සුවින්ද විමසීය. රජතෙමේ, ‘ආචාර්ය්යය, සුවනින්දක් කොයින්ද? අද සියලු රැය රජ නිවහනෙහි දිලිසෙන ආවුධ දැක බියට පත් වූවාහු වෙමුයි කීවේය. මහරජතුමනි, එය හේතුකොටගෙන නොසිතනු මැනවි. නුඹවහන්සේගේ ගෙහි පමණක් ආවුධ නොදිලිසුණේය. සියලු නුවරෙහිම එසේ වීය’යි පුරෝහිතතෙමේ කීවේය. ‘ආචාර්‍ය්‍යයෙනි, කුමක් හෙයින්ද?’ ‘අපගේ ගෙදර සොර නැකතින් දරුවෙක් උපන්නේය. හෙතෙම සියලු නුවරට සතුරෙක්වී උපන්නේය. මෙය එයට පෙරනිමිත්තකි. නුඹවහන්සේට උවදුරක් නැත. ඉදින් ඔබවහන්සේ කැමැත්තහු නම් ඔහු භාර කරමු.’ ‘අපට පීඩාවක් නොමැති කල්හි ගෙන ඒමෙන් වැඩක් නැතැයි රජතුමා කීවේය. පුරෝහිත තෙමේ මගේ පුතා තම නම රැගෙන පැමිණියේයයි ඔහුට සත්තුකයයි නමක් කළේය. සිටුගෙහි භද්දා වැඩෙන්නීය. පුරෝහතිගෙහි සත්තුක වැඩෙයි. හෙතෙම තමන්ගේ දුව පැන ඇවිදිමින් ලෙස්සම් කිරීමට හැකි කල පටන් තමන් හැසිරෙන තන්හි යමක් දකීද? ඒ සියල්ල ගෙනවුත් මවුපියන්ගේ ගෙය පුරවයි. පියා ඔහුට කරුණු දහසක් කියාද වළක්වන්නට නොහැකි වූයේය.
අපරභාගෙ පනස්ස වයප්පත්තස්ස සබ්බාකාරෙනාපි වාරෙතුං අසක්කුණෙය්යභාවං ඤත්වා ද්වෙ නීලසාටකෙ දත්වා සන්ධිච්ඡෙදනඋපකරණඤ්ච සිඞ්ඝාටකයන්තඤ්ච හත්ථෙ දත්වා “ත්වං ඉමිනාව කම්මෙන ජීවාහී”ති නං විස්සජ්ජෙසි. සො තංදිවසතො පට්ඨාය සිඞ්ඝාටකයන්තං ඛිපිත්වා කුලානං පාසාදෙ ආරුය්හ සන්ධිං ඡින්දිත්වා පරකුලෙසු නික්ඛිත්තභණ්ඩං අත්තනා ඨපිතං විය ගහෙත්වා ගච්ඡති. සකලනගරෙ තෙන අවිලුත්තගෙහං නාම නාහොසි. එකදිවසං රාජා රථෙන නගරෙ විචරන්තො සාරථිං පුච්ඡි – “කිං නු ඛො ඉමස්මිං නගරෙ තස්මිං තස්මිං ඝරෙ ඡිද්දමෙව පඤ්ඤායතී”ති. දෙව ඉමස්මිං නගරෙ සත්තුකො නාම චොරො භිත්තිං ඡින්දිත්වා කුලානං සන්තකං හරතීති. රාජා නගරගුත්තිකං පක්කොසාපෙත්වා “ඉමස්මිං කිර නගරෙ එවරූපො නාම චොරො අත්ථි, කස්මා නං න ගණ්හසී”ති ආහ. මයං, දෙව, තං චොරං සහොඩ්ඪං පස්සිතුං න සක්කොමාති. සචෙ අජ්ජ නං චොරං ගණ්හසි, ජීවසි. සචෙ න ගණ්හසි, රාජාණං තෙ කරිස්සාමීති. එවං දෙවාති නගරගුත්තිකො සකලනගරෙ මනුස්සෙ චාරෙත්වා තං භිත්තිං ඡින්දිත්වා පරභණ්ඩං අවහරන්තං සහොඩ්ඪමෙව ගහෙත්වා රඤ්ඤො දස්සෙසි. රාජා “ඉමං චොරං දක්ඛිණද්වාරෙන නීහරිත්වා ඝාතෙථා”ති ආහ. නගරගුත්තිකො රඤ්ඤො පටිස්සුණිත්වා තං චොරං චතුක්කෙ චතුක්කෙ පහාරසහස්සෙන තාළෙන්තො ගාහාපෙත්වා දක්ඛිණද්වාරං ගච්ඡති.
මෑතකාලයෙහි වියපත් ඔහුව සියලු ආකාරයෙන්ම වැළැක්වීමට නොහැකි වන බව දැන නිල් සළු දෙකක් හන්දවා ගෙවල් බිඳින උපකරණද සිඞ්ඝාටක යන්ත්‍රයක්ද අතටදී ඔබ මේ වැඩෙන්ම ජීවත්වෙව’යි (පවසා) ඔහු මුදා හැරියේය. හෙතෙම එදින පටන් සිඞ්ඝාටක යන්ත්‍රය දමා ගසා (එමගින්) කුලගෙවලට නැග බිත්ති සිඳ වෙනත් කුලයන්හි බහා තැබූ බඩු තමා විසින් තබන ලද්දක් මෙන් ගෙනයයි. සියලු නුවරෙහි ඔහු විසින් සොරකම් නොකරනලද ගෙයක් නම් නොවීය. එක් දිනක් රජතුමා රියෙන් නුවර හැසිරෙන්නේ රියදුරාගෙන්, ‘මේ නුවරෙහි ඒ ඒ ගෙහි සිදුරක්ම පෙනෙන්නේ කිමෙක්දැ’යි ඇසුවේය. දේවයන්වහන්ස, මේ නගරයෙහි සත්තුක නම් සොරෙක් බිත්ති බිඳ කුලයන්ට අයත් දේ ගෙනයන්නේ’යයි (රියදුරා) කීවේය. රජතෙමේ නගරාරක්ෂකයා කැඳවා මේ නුවරෙහි මෙබඳු වූ සොරෙක් වෙයි. කුමක්හෙයින් ඔහු අල්ලා නොගත්තේහිදැයි ඇසුවේය. ‘දේවහන්වහන්ස, අපි සොරබඩු සහිතවූ මේසොරු දක්නට නොහැක්කෙමු’යි හෙතෙම කීය. අද ඒ සොරු අලවා ගන්නෙහි නම් ජීවත් වන්නෙහි, ඉදින් අල්ලා නොගන්නෙහි නම් ඔබට රාජඥාව කරන්නෙමි’යි රජතෙමේ කීවේය. එසේය, දේවයන්වහන්සැයි නගරාරක්ෂක තෙමේ මුළු නගරයෙහි මිනිසුන් හසුරුවා ඒ භික්ති බිඳ අනුන්ගේ බඩු පැහැර ගන්නාහු බඩුසහිතවුයේම අල්ලාගෙන රජුට දැක්වූයේය. රජතෙමේ මේ සොරු දකුණු දොරටුවෙන් පිට කොට නසව’යි පැවසීය. නගරාරක්ෂක තෙමේ රජුට පොරොන්දුවී ඒ සොරුට සිවුවර බැගින්වූ පහර දහසකින් තලා අල්වාගෙන දකුණු දොරටුවට යයි.
තස්මිං සමයෙ අයං භද්දා නාම සෙට්ඨිධීතා මහාජනස්ස කොලාහලසද්දෙන සීහපඤ්ජරං උග්ඝාටෙත්වා ඔලොකෙන්තී තං සත්තුකං චොරං තථා නීයමානං දිස්වා උභොහි හත්ථෙහි හදයං සන්ධාරෙන්තී ගන්ත්වා සිරිසයනෙ අධොමුඛා නිපජ්ජි. සා ච තස්ස කුලස්ස එකධීතා, තෙනස්සා ඤාතකා අප්පමත්තකම්පි මුඛවිකාරං සහිතුං න සක්කොන්ති. අථ නං මාතා සයනෙ නිපන්නං දිස්වා “කිං කරොසි, අම්මා”ති පුච්ඡි. එතං වජ්ඣං කත්වා නීයමානං චොරං අද්දස, අම්මාති? ආම, අම්මාති. එතං ලභමානා ජීවිස්සාමි, අලභමානාය මෙ මරණමෙවාති. තෙ තං නානප්පකාරෙනපි සඤ්ඤාපෙතුං අසක්කොන්තා “මරණා ජීවිතං සෙය්යො”ති සල්ලක්ඛෙසුං. අථස්සා පිතා නගරගුත්තිකස්ස සන්තිකං ගන්ත්වා සහස්සං ලඤ්ජං දත්වා “මය්හං ධීතා චොරෙ පටිබද්ධචිත්තා, යෙන කෙනචි උපායෙන ඉමං මුඤ්චා”ති ආහ. සො “සාධූ”ති සෙට්ඨිස්ස පටිස්සුණිත්වා චොරං ගහෙත්වා යාව සූරියස්ස අත්ථඞ්ගමනා ඉතො චිතො ච පපඤ්චාපෙත්වා සූරියෙ අත්ථඞ්ගතෙ චාරකතො එකං මනුස්සං නීහරාපෙත්වා සත්තුකස්ස බන්ධනං මොචෙත්වා සත්තුකං සෙට්ඨිගෙහං පෙසෙත්වා තෙන බන්ධනෙන ඉතරං බන්ධිත්වා දක්ඛිණද්වාරෙන නීහරිත්වා ඝාතෙසි. සෙට්ඨිදාසාපි සත්තුකං ගහෙත්වා සෙට්ඨිනො නිවෙසනං ආගමංසු. තං දිස්වා සෙට්ඨි “ධීතු මනං පූරෙස්සාමී”ති සත්තුකං ගන්ධොදකෙන න්හාපෙත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කාරෙත්වා පාසාදං පෙසෙසි. භද්දාපි “පරිපුණ්ණො මෙ සඞ්කප්පො”ති අනෙකාලඞ්කාරෙන අලඞ්කරිත්වා තං පරිචරති.
එකල්හි මේ භද්දා සිටුදියණිය මහජනයාගේ කෝලාහල ශබ්දයෙන් සිවුමැඳුරුකවුළුව හරවා බලන්නී සත්තුක සොරු එසේ ගෙනයනු ලබනු දැක දෙඅතින් ළෙහි හොවා ගෙන ගොස් සිරියහනෙහි යටිකරුව වැදහොත්තාය. ඒතොමෝත් ඒ කුලයට එකම දුවයි. එබැවින් ඇයගේ ඥාතීහු සුළුවූද මුඛවිකාරයක් උසුලන්නට නොහැක්කාහ. ඉක්බිති යහනෙහි හොත් ඇය දැක දරුව කුමක් කරහිදැයි ඇසූහ. මේ නැසිය යුත්තකු කොට ගෙනයනුලබන සොරු දැක්කහුද’යි ඇසුවාය. එසේය දරුව දටුවෙමුයි ඔවුහු කීහ. ඔහු ලබන මම ජීවත්වන්නෙමි. නොලබන්නාහු මගේ මරණයම වේයයි ඒ කීවාය. ඔවුහු ඇයට නොයෙක් අයුරින්ද හඟවන්නට නොහැක්කාහු මරණයට වඩා ජීවිතය යෙහෙකැයි සිතුවාහුය. ඉක්බිති ඇයගේ පියා නගරාරක්ෂකයා වෙතට ගොස් දහසක අල්ලසක්දී මගේ දුව සොරු කෙරෙහි පිළිබඳ සිතැත්තීය. යම්කිසි උපායකින් මොහු මුදවයි කීය. හෙතෙම මැනවැයි සිටාණන්ට පිළිණදී සොරුගෙන හිරු අවරට යනතුරු ඔබිමොබ ලතවී හිරු අවරට යනකල්හි සිරගෙයින් එක් මිනිසකු ගෙන්වා ගෙන සත්තුකගේ බැඳුම් ලිහා ඔහු සිටු ගෙදරට යවා ඒ බැඳුමෙන් අනෙකා බැඳ දකුණු දොරටුවෙන් ගෙන ගොස් නැසුවේය. සිදුදාසයෝද සත්තුක රැගෙන සිටු නිවසට ගියාහුය. ඔහු දැක සිටු තෙමේ දියණියගේ සිත සතුටු කරන්නෙමැයි සත්තුකව සුවඳ දියෙන් නහවා සියලු අබරණින් සැරසුනකු කොට පහයට යැව්වේය. භද්දාතොමෝ මගේ අදහස සපිරිණැයි අතිරේකවූ අලංකරණයන්ගෙන් සරසී ඔහුට සේවය කරමින් හැසිරෙයි.
සත්තුකො කතිපාහං වීතිනාමෙත්වා චින්තෙසි – “ඉමිස්සා පසාධනභණ්ඩකං මය්හං භවිස්සති, කෙනචි උපායෙන ඉමං ආභරණං ගහෙතුං වට්ටතී”ති සමීපෙ සුඛෙන නිසින්නකාලෙ භද්දං ආහ – “මය්හං එකං වචනං වත්තබ්බං අත්ථී”ති. සෙට්ඨිධීතා සහස්සලාභං ලභිත්වා විය තුට්ඨමානසා “විස්සත්ථං වදෙහි, අය්යා”ති ආහ. ත්වං චින්තෙසි – “මං නිස්සාය ඉමිනා ජීවිතං ලද්ධ”න්ති, අහං පන ගහිතමත්තොව චොරපපාතපබ්බතෙ අධිවත්ථාය දෙවතාය “සචාහං ජීවිතං ලභිස්සාමි, බලිකම්මං තෙ දස්සාමී”ති ආයාචිං. තං නිස්සාය මයා ජීවිතං ලද්ධං, සීඝං බලිකම්මං සජ්ජාපෙහීති. භද්දා, “අහං තස්ස මනං පූරෙස්සාමී”ති බලිකම්මං සජ්ජාපෙත්වා සබ්බං පසාධනං පසාධෙත්වා එකයානෙ ආරුය්හ සාමිකෙන සද්ධිං චොරපපාතපබ්බතං ගන්ත්වා “පබ්බතදෙවතාය බලිකම්මං කරිස්සාමී”ති අභිරුහිතුං ආරද්ධා. සත්තුකො චින්තෙසි – “සබ්බෙසු අභිරුහන්තෙසු මම ඉමිස්සා ආභරණං ගහෙතුං න ඔකාසො භවිස්සතී”ති තමෙව බලිභාජනං ගාහාපෙත්වා පබ්බතං අභිරුහි.
සත්තුකතෙමේ කිහිපදිනක් ගෙවා (මෙසේ) සිතුවේය. ‘මැයගේ පළඳනාබඩු මගේ වන්නේය. කිසියම් උපායකින් මේ අබරණ ගැනීමට වටනේය.’ මෙසේ සිතා සමීපයෙහි සුවයෙන් හුන් කල්හි, කිවයුතු එක්වචනයක් මට ඇතැයි භද්දාට කීවේය. සිටුදුවණිය දහසක්ලාභ ලබා මෙන් සතුටු සිතැත්තී ආර්‍ය්‍යය, විශ්වාස ඇතිව කියන්නැයි කීවාය. ‘මා නිසා මොහුවිසින් ජීවිතය ලබනලදැයි ඔබ සිතන්නෙහිය. මම අල්ලාගත් කෙණෙහිම චොරපපාත පර්වතයට අධිගෘහිත දෙවියන්ට ඉදින් මම ජීවිතය ලබන්නෙම් නම් ඔබට බිලිපූජාවක් දෙන්නෙමියි ආයාචනය කෙළෙමි. ඔහු නිසා මවිසින් ජීවිතය ලබනලදී. ඉක්මණින් බලිකර්මය පිළියෙළ කරවයි (සත්තුකක) කීවේය. භද්දාතොමෝ ඔහුගේ සිත සතුටින් පුරවන්නෙමැයි බලිකර්මය පිළියෙළ කොට සියලු අබරණ පැළඳ එක් යානයක නැඟී හිමියා සමඟ සොරුන් හෙළන පර්වතයට ගොස් පර්වතදෙවියාට බලිකර්මය කරන්නෙමැයි නැඟීමට පටන්ගත්තාය. සත්තුක සිතීය: සියල්ලන් නඟිනකල්හි මට මැයගේ අබරණ ගැනීමට ඉඩක් නොවන්නේය.’ මෙසේ සිතා ඒ බලිභාජනයද ගෙන්වා ගෙන පර්වතයට නැංගේය.
සො භද්දාය සද්ධිං කථෙන්තො පියකථං න කථෙති. සා ඉඞ්ගිතෙනෙව තස්ස අධිප්පායං අඤ්ඤාසි. අථ නං සො ආහ – “භද්දෙ, තව උත්තරිසාටකං ඔමුඤ්චිත්වා කායාරුළ්හං තෙ පසාධනං එත්ථ භණ්ඩිකං කරොහී”ති. සාමි මය්හං කො අපරාධොති? කිං පනාහං, බාලෙ, බලිකම්මත්ථං ආගතොති සඤ්ඤං කරොසි? අහඤ්හි ඉමිස්සා දෙවතාය යකනං උබ්බට්ඨෙත්වා දදෙය්යං, බලිකම්මාපදෙසෙන පන තව ආභරණං ගණ්හිතුකාමො හුත්වා ආගතොම්හීති. කස්ස පන, අය්ය, පසාධනං, කස්ස අහන්ති? මයං එවරූපං න ජානාම, අඤ්ඤං තව සන්තකං, අඤ්ඤං මම සන්තකන්ති. සාධු, අය්ය, එකං පන මෙ අධිප්පායං පූරෙථ, අලඞ්කතනියාමෙනෙව මෙ පුරතො ච පච්ඡතො ච ආලිඞ්ගිතුං දෙථාති. සො “සාධූ”ති සම්පටිච්ඡි. සා තෙන සම්පටිච්ඡිතභාවං ඤත්වා පුරතො ආලිඞ්ගිත්වා පච්ඡතො ආලිඞ්ගන්තී විය හුත්වා පබ්බතපපාතෙ පාතෙසි. සො පතන්තො ආකාසෙයෙව චුණ්ණවිචුණ්ණො අහොසි. තාය කතං විචිත්රභාවං දිස්වා පබ්බතෙ අධිවත්ථා දෙවතා ගුණකිත්තනවසෙන ඉමා ගාථා ආහ –
හෙතෙම භද්දා සමඟ කථා කරන්නේ ප්‍රිය කථාවක් නොකරයි. ඒ තොමෝ ඉඟියෙන්ම ඔහුගේ අදහස දැන ගත්තාය. ඉක්බිති ඇයට ඔහු (මෙසේ) කීවේය. ‘භද්දාවනි, ඔබේ සළුගලවා කය පැළඳි අබරණ මෙහි පොට්ටනියක් කරව.’ ‘ස්වාමීනි, මගේ කවර අපරාධයක්ද?’ (ඇය කීවාය.) ‘කිමෙක්ද? මම බලිකර්මය සඳහා ආයෙමියයි කල්පනා කෙළෙහිද? මම වනාහි මේ දේවතාවාගේ අක්මාව උගුළුවා කන්නෙමි. බලිකර්මයෙහි ව්‍යාජයෙන් නුඹගේ අබරණ ගනු කැමැත්තෙම්වී ආයේ වෙමි’යි (හෙතෙම කීවේය). ‘ස්වාමීනි, අබරණ කවරෙකුගේද මම කවරකුගේ වෙම්ද? එකක් ඔබ අයත්ය අනෙකක් මට අයත්යයි මෙබඳුවූ දෙයක් අපි නොදනිමු. මැනවි ආර්‍ය්‍යයෙනි, මගේ එකම කැමැත්තක් ඉටු කරන්න. සැරසුණු අයුරින් මට ඉදිරියෙන්ද පිටුපසින්ද වැළඳ ගන්නට දෙනුමැනව’යි ඕ තොමෝ කීවාය. හෙතෙම මැනවැයි පිළිගත්තේය. ඕතොමෝ ඔහුවිසින් පිළිගත්බව දැන ඉදිරියෙහි සිට වැළඳගෙන පිටුපසින්ද වැළඳගන්නී මෙන් වී පර්වත ප්‍රපාතයෙහි හෙළුවාය. හෙතෙම වැටෙන්නේ අහසෙහිදීම සුණුවිසුණු වුයේය. ඇය විසින් කරනලද විසිතුරුබව දැන පර්වතයෙහි අධිගෘහීත දේවතාවා ගුණ ප්‍රකාශ කිරීම් වශයෙන් මේ ගාථාව කීවේය.
“න සො සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, තත්ථ තත්ථ විචක්ඛණා.
“සියලුතන්හි ඒ පුරුෂතෙමේ පණ්ඩිතයෙක් නොවේ. ඒ ඒ තන්හි විචක්ෂණවූ ස්ත්‍රියද පණ්ඩිතවූවා වෙයි.”
“න සො සබ්බෙසු ඨානෙසු, පුරිසො හොති පණ්ඩිතො; ඉත්ථීපි පණ්ඩිතා හොති, මුහුත්තමපි චින්තයෙ”ති. (අප· ථෙරී 2.3.31-32);
‘සියලුතන්හි ඒ පුරුෂතෙම් පණ්ඩිතයෙක් නොවේ. මොහොතක් වුවද චින්තනය කරන්නාවූ ස්ත්‍රියද පණ්ඩිත වූවා වෙයි.”
තතො භද්දා චින්තෙසි – “න සක්කා මයා ඉමිනා නියාමෙන පුන ගෙහං ගන්තුං, ඉතොව ගන්ත්වා එකං පබ්බජ්ජං පබ්බජිස්සාමී”ති, නිගණ්ඨාරාමං ගන්ත්වා නිගණ්ඨෙ පබ්බජ්ජං යාචි. අථ නං තෙ ආහංසු – “කෙන නියාමෙන පබ්බජ්ජා හොතූ”ති? යං තුම්හාකං පබ්බජ්ජාය උත්තමං, තදෙව කරොථාති. තෙ “සාධූ”ති තස්සා තාලට්ඨිනා කෙසෙ ලුඤ්චිත්වා පබ්බාජෙසුං. කෙසා පුන වඩ්ඪන්තා රාසිරාසිවසෙන කුණ්ඩලාවත්තා හුත්වා වඩ්ඪිංසු. සා තෙනෙව කාරණෙන කුණ්ඩලකෙසා නාම ජාතා. සා අත්තනො පබ්බජිතට්ඨානෙ සබ්බසිප්පං උග්ගණ්හිත්වා “එතෙසං ඉතො උත්තරි විසෙසො නත්ථී”ති ඤත්වා ගාමනිගමරාජධානියො විචරන්තී යත්ථ යත්ථ පණ්ඩිතා අත්ථි, තත්ථ තත්ථ ගන්ත්වා තෙසං ජානනසිප්පං සබ්බමෙව උග්ගණ්හාති. අථස්සා බහූසු ඨානෙසු සික්ඛිතභාවෙන පටිවාදං දාතුං සමත්ථා න හොන්ති. සා අත්තනා සද්ධිං කථෙතුං සමත්ථං අදිස්වා යං ගාමං වා නිගමං වා පවිසති, තස්ස ද්වාරෙ වාලුකරාසිං කත්වා තත්ථ ජම්බුසාඛං ඨපෙති. “යො මම වාදං ආරොපෙතුං සක්කොති, සො ඉමං සාඛං මද්දතූ”ති සමීපෙ ඨිතානං දාරකානං සඤ්ඤං දෙති. තං සත්තාහම්පි මද්දන්තා න හොන්ති. අථ නං ගහෙත්වා පක්කමති.
ඉක්බිති භද්දාතොමෝ මෙසේ සිතුවාය: මවිසින් මේ අයුරින් යළි ගෙදර යාමට නොහැක. මෙයින්ම ගොස් එක් පැවිද්දක පැවිදි වන්නෙමි’යි (සිතා) නිගණ්ඨාරාමයකට ගොස් නිගණ්ඨයන්ගෙන් පැවිද්ද ඉල්ලූවාය. ඉක්බිති ඔවුහු ඇයට ‘කවර අයුරින් පැවිද්ද වේවාදැ’යි කීහ. නුඹවහන්සේලාගේ පැවිද්ද සඳහා යමක් උතුම් වේද එයම කරනුමැනවැයි ඕ තොමෝ කීවාය. ඔවුහු මැනවැයි තල් ඇටයෙන් ඇයගේ කෙස් ගලවා පැවිදි කළාහුය. කෙස් යළි වැඩෙන්නේ කැරලි කැරලි වශයෙන් බොකුටුව වැඩුනේය. ඕතොමෝ එකරුණින්ම ‘කුණ්ඩලකෙසා’යි නම් වූවා. ඕ තමන් පැවිදිවූ තන්හි සියලු ශිල්ප උගෙන මෙයින් මතු ඔවුන්ගේ විශේෂයක් නැත’යි දැන ගම්නියම්ගම්හි රාජධානීන්හි හැසිරෙන්නී යම් යම් තැනක පණ්ඩිතයෝ වෙත්ද ඒ ඒ තන්හි ගොස් ඔවුන් දන්නා සිල්ප සියල්ලම ගන්නීය. ඉක්බිති බොහෝ තන්හි උගත් බවින් ඇයට ප්රතිවාද දෙන්නට සමත්තු නොවෙත්. ඕ තොමෝ තමන් සමඟ කථාකිරීමට සමතකු නොදැක යම් ගමකට හෝ නියම්ගමකට පිවිසෙන්නීද එගම දොරටුවෙහි වැළිගොඩක් කොට එහි දඹ අත්තක් තබයි. යමෙක් මට වාද නගන්නට හැකි වෙයිද හෙතෙම මේ අත්ත මඬීවායි සමීපයෙහි සිටි දරුවන්ට සළකුණක් දෙයි. සත්දිනකිනුදු එය මඬින අයෙක් නොවෙත්, ඉක්බිති එය ගෙන යයි.
තස්මිං සමයෙ අම්හාකං භගවා ලොකෙ නිබ්බත්තිත්වා සාවත්ථිං උපනිස්සාය ජෙතවනෙ විහරති. කුණ්ඩලකෙසාපි ඛො අනුපුබ්බෙන සාවත්ථිං පත්වා අන්තොනගරං පවිසමානා පොරාණකනියාමෙනෙව වාලුකාරාසිම්හි සාඛං ඨපෙත්වා දාරකානං සඤ්ඤං දත්වා පාවිසි. තස්මිං සමයෙ ධම්මසෙනාපති භික්ඛුසඞ්ඝෙ පවිට්ඨෙ එකකොව නගරං පවිසන්තො වාලුකාථූපෙ ජම්බුසාඛං දිස්වා “කස්මා අයං ඨපිතා”ති පුච්ඡි. දාරකා තං කාරණං අපරිහාපෙත්වා කථෙසුං. එවං සන්තෙ ඉමං ගහෙත්වා මද්දථ, දාරකාති. තෙසු ථෙරස්ස වචනං සුත්වා එකච්චෙ මද්දිතුං න විසහිංසු, එකච්චෙ තංඛණෙයෙව මද්දිත්වා චුණ්ණවිචුණ්ණං අකංසු. කුණ්ඩලකෙසා භත්තකිච්චං කත්වා නික්ඛමන්තී තං සාඛං මද්දිතං දිස්වා “කස්සෙතං කම්ම”න්ති පුච්ඡි. අථස්සා ධම්මසෙනාපතිනා කාරාපිතභාවං කථයිංසු. සා “අත්තනො ථාමං අජානන්තො ඉමං සාඛං මද්දාපෙතුං නො විසහිස්සති, අද්ධා මහන්තො එසො භවිස්සති. අහම්පි පන ඛුද්දිකා භවන්තී න සොභිස්සාමි, අන්තොගාමමෙව පවිසිත්වා පරිසාය සඤ්ඤං දාතුං වට්ටතී”ති චින්තෙත්වා තථා අකාසි. අසීතිකුලසහස්සනිවාසෙ නගරෙ සභාගසභාගවසෙන සබ්බෙව සඤ්ජානිංසූති වෙදිතබ්බං.
එකල්හි අපගේ භාග්‍යවතුන්වහන්සේ ලොව පහළව සැවත ඇසුරුකොට දෙව්රම්හි වසනසේක. කුණ්ඩලකේසාද පිළිවෙළින් සැවතට පැමිණ ඇතුල්නුවරට පිවිසෙමින් පැරණි අයුරින්ම වැලි ගොඩෙහි අතත තබා දරුවන්ට සළකුණක් කොට ගියාය. එසමයෙහි දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ බික්සඟන පිවිසි කල්හි හුදෙකලාව නුවරට පිවිසෙන සේක් වැළි සෑයෙහි දඹ අත්ත දැක කුමක් නිසා මෙය තබන ලද්දේදැයි ඇසූසේක. දරුවෝ එකරුණ නොඅඩුව කීහ. ‘දරුවනි, එසේ ඇති කල්හි මෙය ගෙන මඩවයි කීසේක. ඔවුනතුරෙන් තෙරුන් වහන්සේගේ වචනය අසා ඇතමෙක් මැඩීමට අසමත් වූහ. ඇතමෙක් එකෙණෙහිම එය මැඩ සුණුවිසුණු කළාහුය. කුණ්ඩලකේසා තොමෝ බත්කිස කොට නික්මෙන්නී අත්ත මැඬූ බව දැන මෙය කවරකුගේ වැඩක්දැයි ඇසුවාය. ඉක්බිති ඇයට දම්සෙනෙවි තෙරුන්වහන්සේ විසින් කරවනලද බව කීවාහුය. ඕතොමෝ ‘තම ශක්තිය නොදන්නේ මේ අත්ත මඬවන්නට නොහැකිවන්නේය. ඒකානතයෙන් මහත්වූ යමෙක් වන්නේය. මමද කුඩා වන්නී නොහොබනේ වෙන්නෙමි. ඇතුල්ගමටම පිවිස පිරිසට දැනුම්දීමට වටීයයි සිතා එසේ කළාය. කුල අසූදහසක් නිවසන නගරයෙහි සභාගීය සභාගීය වශයෙන් සියල්ලෝම දැනගත්තාහුයයි දතයුතුය.
ථෙරොපි භත්තකිච්චං කත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථායං කුණ්ඩලකෙසා මහාජනපරිවුතා ථෙරස්ස සන්තිකං ගන්ත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං ඨත්වා, “භන්තෙ, තුම්හෙහි සාඛා මද්දාපිතා”ති පුච්ඡි. ආම, මයා මද්දාපිතාති. එවං සන්තෙ තුම්හෙහි සද්ධිං අම්හාකං වාදො හොතු, භන්තෙති. හොතු, භද්දෙති. කස්ස පුච්ඡා හොතු, කස්ස විස්සජ්ජනන්ති? පුච්ඡා නාම අම්හාකං පත්තා, ත්වං පන තුය්හං ජානනකං පුච්ඡාති. සා ථෙරෙන දින්නඅනුමතියා සබ්බමෙව අත්තනො ජානනකං වාදං පුච්ඡි, ථෙරො සබ්බං විස්සජ්ජෙසි. සා සබ්බං පුච්ඡිත්වා තුණ්හී අහොසි. අථ නං ථෙරො ආහ – “තයා බහුං පුච්ඡිතං, මයම්පි එකං පඤ්හං පුච්ඡාමා”ති. පුච්ඡථ, භන්තෙති. එකං නාම කින්ති? කුණ්ඩලකෙසා “න ජානාමි, භන්තෙ”ති ආහ. ත්වං එත්තකම්පි න ජානාසි, අඤ්ඤං කිං ජානිස්සසීති? සා ථෙරස්ස පාදෙසු පතිත්වා “තුම්හාකං සරණං ගච්ඡාමි, භන්තෙ”ති ආහ. මම සරණගමනකම්මං නත්ථි, සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලො ධුරවිහාරෙ වසති, තං සරණං ගච්ඡාහීති. සා “එවං කරිස්සාමි, භන්තෙ”ති සායන්හසමයෙ සත්ථු ධම්මදෙසනාවෙලාය සත්ථු සන්තිකං ගන්ත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා එකමන්තං අට්ඨාසි. සත්ථා තස්සා මද්දිතසඞ්ඛාරාය චරියාවසෙන ධම්මපදෙ ඉමං ගාථමාහ –
තෙරුන්වහන්සේද බත්කිසකොට එක් ගසක්යට වැඩහුන්සේක. ඉක්බිති මේ කුණ්ඩලකේසා තොමෝ මහජනයා විසින් පිරිවරන ලද්දී තෙරුන් සමීපයට ගොස් පිළිසඳර කොට එකත්පසෙක සිට ස්වාමීනි, නුඹවහන්සේ විසින් අත්ත මඬවන ලද්දේදැයි ඇසුවාය. ‘එසේය ම විසින් මඬවන ලදී.’ ‘එසේ ඇතිකල්හි ස්වාමීනි, නුඹවහන්සේ සමඟ අපගේ වාදයක් වන්නේය.’ (එසේ) වේවා පිනැත්තිය,’ ‘ඇසීම කාට වේද? විමසීම කාට වේද?’ ‘විමසීම නම් අපට පැමිණියේයි. නුඹවනාහි නුඹ දන්නා දෙය විමසුව’ ඕ තොමෝ තෙරුන් දුන් අනුමතියෙන් තමන් දන්නා සියලුම වාද විමසුවාය. තෙරහු සියල්ල විසඳූහ. ඕ තොමෝ සියල්ල විමසා නිහඬ වූවාය. ඉක්බිති ඇයට තෙරුන්වහන්සේ නුඹවිසින් බොහෝවක් විමසනලදී. අපිද එක් ප්‍රශ්නයක් අසමුයි කීහ. ස්වාමීනි විමසනු මැනවැයි ඕ කීවාය. ‘එක නම් කුමක්ද?’ කුණ්ඩලකෙසා, නොදනිමි ස්වාමීනියි කිවුය. ‘නුඹ පෙමණවත් නොදන්නෙහි, වෙන කුමක් දන්නෙහිදැයි තෙරණුවෝ ඇසූහ. ඕ තොමෝ එහිම තෙරුන්ගේ පාලඟ වැටී ‘ස්වාමීනි. නුඹවහන්සේ පිහිටයමැ’යි කීවාය. මා සරණයාමෙන් වැඩක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලයා අසළ විහාරයෙහි වාසය කරයි. ඔහු සරණ යවයි තෙරණුවෝ කීහ. ඕතොමෝ ‘ස්වාමීනි, එසේ කරන්නෙමැයි සවස්කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනා කාලයෙහි සමීපයට ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටියාය. ශාස්තෘන්වහන්සේ මඬනාලද සංස්කාර ඇති ඇයගේ චරිතවශයෙන් ධම්මපදයෙහි මේ ගාථාව වදාළසේක.
“සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසංහිතා; එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා උපසම්මතී”ති. (ධ· ප· 101);
‘අනර්ත්ථදායක පදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසිඳෙයිද එබඳුවූ එකගාථා පදය ශ්‍රේෂ්ඨය.’
සා ගාථාපරියොසානෙ යථාඨිතාව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා පබ්බජ්ජං යාචි. සත්ථා තස්සා පබ්බජ්ජං සම්පටිච්ඡි. සා භික්ඛුනුපස්සයං ගන්ත්වා පබ්බජි. අපරභාගෙ චතුපරිසමජ්ඣෙ කථා උදපාදි – “මහන්තා වතායං භද්දා කුණ්ඩලකෙසා, යා චතුප්පදිකගාථාවසානෙ අරහත්තං පත්තා”ති. සත්ථා තං කාරණං අට්ඨුප්පත්තිං කත්වා ථෙරිං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඕ ගාථා අවසානයෙහි සිටි අයුරින්ම පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණ පැවිද්ද ඉල්ලූවාය. ශාස්තෘන්වහන්සේ ඇයගේ පැවිද්ද පිළිගත්සේක. ඕතොමෝ භික්ෂූනී ආරාමයට ගොස් පැවිදිවූවාය. මෑතකාලයෙහි, සිවුපද ගාථාවක් අවසන්හි රහත්බවට පත් කුණ්ඩලකේසා ඒකාන්තයෙන්ම උත්තමාවකැයි සිවුපිරිසමැද කථාවක් හටගත්තේය. ශාස්තෘන්වහන්සේ ඒකාරණය අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරණිය වහා වැටහෙන අභිඥ ඇති භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.