පටාචාරාථෙරීවත්ථු අට්ඨකථා
පටාචාරාථෙරීවත්ථු
පටාචාරා තෙරණිය
චතුත්ථෙ විනයධරානං යදිදං පටාචාරාති පටාචාරා ථෙරී විනයධරානං අග්ගාති දස්සෙති. සා කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්ධිං ගණ්හිත්වා අපරභාගෙ සත්ථු ධම්මදෙසනං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං විනයධරානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගණ්හිත්වා සත්තන්නං භගිනීනං අබ්භන්තරා හුත්වා වීසති වස්සසහස්සානි බ්රහ්මචරියං චරිත්වා භික්ඛුසඞ්ඝස්ස පරිවෙණං කත්වා පුන දෙවලොකෙ නිබ්බත්තිත්වා එකං බුද්ධන්තරං සම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සෙට්ඨිගෙහෙ පටිසන්ධිං ගණ්හි.
සිවුවැන්නෙහි විනයධරානං යදිදිං පටාචාරා’ යන්නෙන් පටාචාරා තෙරණිය විනයධර භික්ෂුණීන් අතුරෙන් අග්‍රයයි දක්වනු ලැබේ. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ දම්දෙසුම අසන්නී එක් භික්ෂුණියක විනධර භික්ෂුණීන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ දිවිතෙක් කුසල් කොට දෙවිමිනිසුන්අතර සැරසරා කාශයප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි කිකී රජුගේ ගෙහි පිළිසඳ ගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් බඹසර හැරි බික්සඟනට පිරිවෙණක් කරවා යළි දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සැපත් විඳ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි සිටුගෙයක පිළිසිඳ ගත්තාය.
සා අපරභාගෙ වයප්පත්තා අත්තනො ගෙහෙ එකෙන කම්මකාරෙන සද්ධිං සන්ථවං කත්වා අපරභාගෙ අත්තනො සමානජාතිකං කුලං ගච්ඡන්තී කතසන්ථවස්ස පුරිසස්ස සඤ්ඤං අදාසි – “න ත්වං ස්වෙ පට්ඨාය මං පටිහාරසතෙනපි දට්ඨුං ලභිස්සසි, සචෙ තෙ කම්මං අත්ථි, ඉදානි මං ගණ්හිත්වා ගච්ඡාහී”ති. සො “එවං හොතූ”ති අනුච්ඡවිකං හත්ථසාරං ගහෙත්වා තං ආදාය නගරතො තීණි චත්තාරි යොජනානි පටික්කමිත්වා එකස්මිං ගාමකෙ වාසං කප්පෙසි.
ඕ පසුකාලයෙහි වියටපත්වූවා සමත ගෙදර එක් කම්කරුවෙකු සමඟ ඇසුරු කොට පසු කලෙක තමන්ගේ සමාජතික කුලයට යන්නී, නුඹ හෙට සිට වා දොරටු සියයකින්ද මා දැකීමට නොලබන්නෙහිය. ඉදින් (මගෙන්) වැඩක් ඇත්නම් දැන්ම මා රැගෙන යන්නැ’යි ඇසුරු කළ පුරුෂයාට සංඥාවක් දුන්නාය. හෙතෙම එසේ වේවා’යි සුදුසු හස්තසාර වස්තුව ගෙන ඇය රැගෙන නුවරින් තුන්සතර යොදුනක් ඉක්මවා එක් ගමෙක වාසය කළේය.
අථ අපරභාගෙ තස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨාසි. සා ගබ්භෙ පරිපක්කෙ “ඉදං අම්හාකං අනාථට්ඨානං, කුලගෙහං ගච්ඡාම සාමී”ති ආහ. සො “අජ්ජ ගච්ඡාම, ස්වෙ ගච්ඡාමා”ති ගන්තුං අසක්කොන්තො කාලං වීතිනාමෙසි. සා තස්ස කාරණං ඤත්වා “නායං බාලො මං නෙස්සතී”ති තස්මිං බහි ගතෙ “එකිකාව කුලගෙහං ගමිස්සාමී”ති මග්ගං පටිපජ්ජි. සො ආගන්ත්වා තං ගෙහෙ අපස්සන්තො පටිවිස්සකෙ පුච්ඡිත්වා “කුලගෙහං ගතා”ති සුත්වා “මං නිස්සාය කුලධීතා අනාථා ජාතා”ති පදානුපදිකං ගන්ත්වා සම්පාපුණි. තස්සා අන්තරාමග්ගෙව ගබ්භවුට්ඨානං අහොසි. තතො “යස්සත්ථාය මයං ගච්ඡෙය්යාම, සො අත්ථො අන්තරාමග්ගෙව නිප්ඵන්නො, ඉදානි ගන්ත්වා කිං කරිස්සාමා”ති පටිනිවත්තිංසු. පුන තස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨාසීති පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං.
මෑත කාලයෙහි ඇයගේ කුස ගැබක් පිහිටියේය. ඕතොමෝ ගැබ මුහුකුරා ගියවිට, ‘මෙය අපට පිහිට ඇති තැනක් නොවේ. කුලගෙදර යමු හිමියනි’යි කීවාය. හෙතෙම අද යමු හෙට යමුයි යාමට නොහැක්කේ කාලය ගෙව්වේය. ඕ එයට කරුණු දැන මේ බාලයා මා ගෙන නොයන්නේය’යි ඔහු පිටතට ගිය කල්හි තනිවම කුලගෙයට යන්නෙමැයි මඟයි පලිපන්නීය. හෙතෙම අවුත් ඇය ගෙහි නොදකින්නේ අසල්වැසියන් විමසා කුලගෙයට ගියායි අසා මා නිසා කුලදියණිය අනාථවූවායි පියවර අනුව ගොස් (ඇය වෙත) එළඹියේය. ඇයට මඟම දරුප්‍රසූතිය සිදුවිය. ඉක්බිති යමක් සඳහා අපි යන්නෙමුද ඒ වැඩය අතරමඟම සිදුවීය. දැන් ගොස් කුමක් කරන්නෙමුදැයි පෙරළා පැමිණියායහුය. යළි ඇයගේ කුසෙහි දරුගැබක් පිහිටියේයයි පෙර අයුරින්ම විස්තර කළයුතුය.
අන්තරාමග්ගෙ පනස්සා ගබ්භවුට්ඨානෙ ජාතමත්තෙයෙව චතූසු දිසාසු මහාමෙඝො උට්ඨහි. සා තං පුරිසං ආහ – “සාමි, අවෙලාය චතූසු දිසාසු මෙඝො උට්ඨිතො, අත්තනො වසනට්ඨානං කාතුං වායමාහී”ති. සො “එවං කරිස්සාමී”ති දණ්ඩකෙහි කුටිකං කත්වා “ඡදනත්ථාය තිණං ආහරිස්සාමී”ති එකස්මිං මහාවම්මිකපාදෙ තිණං ඡින්දති. අථ නං වම්මිකෙ නිපන්නො කණ්හසප්පො පාදෙ ඩංසි, සො තස්මිංයෙව ඨානෙ පතිතො. සාපි “ඉදානි ආගමිස්සති, ඉදානි ආගමිස්සතී”ති සබ්බරත්තිං ඛෙපෙත්වා “අද්ධා මං සො ‘අනාථා එසා’ති මග්ගෙ ඡඩ්ඩෙත්වා ගතො භවිස්සතී”ති ආලොකෙ සඤ්ජාතෙ පදානුසාරෙන ඔලොකෙන්තී වම්මිකපාදෙ පතිතං දිස්වා “මං නිස්සාය නට්ඨො පුරිසො”ති පරිදෙවිත්වා දහරදාරකං පස්සෙනාදාය මහල්ලකං අඞ්ගුලීහි ගාහාපෙත්වා මග්ගෙන ගච්ඡන්තී අන්තරාමග්ගෙ එකං උත්තානනදිං දිස්වා “ද්වෙපි දාරකෙ එකප්පහාරෙනෙව ආදාය ගන්තුං න සක්ඛිස්සාමී”ති ජෙට්ඨකං ඔරිමතීරෙ ඨපෙත්වා දහරං පරතීරං නෙත්වා පිලොතිකචුම්බටකෙ නිපජ්ජාපෙත්වා පුන නිවත්තිත්වා “ඉතරං ගහෙත්වා ගමිස්සාමී”ති නදිං ඔතරි.
අතරමඟ ඇයට දරුප්‍රසූතිය සිදුවූ කෙණෙහිම සිව්දිගින් වැසිවළාකුළක් නැඟී ආයේය. ‘හිමියනි, නොකල්හි සිවුදිගින් වැසිවළාකුළක් නැගිණි. වැසි නොවැටෙන තැනක් කිරීමට වෑයම් කරමු’යි ඕතොමෝ ඒ පුරුෂයාට කීවාය. හෙතෙම එසේ කරන්නෙමැයි දඬුවලින් කුටියක් තනා සෙවිලි කිරීම සඳහා තණ ගෙනෙන්නෙමැයි එක් තුඹසක් මුල තණ සිඳියි. ඉක්බිති තුඹසෙහි හුන් කලුනයෙක් ඔහුට දෂ්ට කළේය. හෙතෙම එතැනම වැටුනේය. ඕතොමෝත් දැන් එන්නේය. දැන එන්නේයයි (බලාපොරොත්තුවෙන්) සියලු රැය ගෙවා, ‘ඒකාන්තයෙන්ම හෙතෙම මෝ අනාථවූවකැයි මග අතහැර දමා ගියේවනැ’යි (සිතා) එළිය වැටුණු කල්හි පිය අනුව සොයා බලන්නී තුඹසමුල වැටුණහු දැක මානිසා පුරුෂයා නැසුනේයයි හඬාවැළප කුඩාදරුවා උකුළෙන් ගෙන වැඩිමහල්ලා ඇඟිලිවලින් අල්වාගෙන මගින් යන්නී අතරමඟ එක් උතුරා යන ගඟක් දැක මේ දරුවන් දෙදෙනාම එක්විටම ගෙනයාමට නොහැක්කෙමියි දෙටුදරුවා මෙතෙර තබා (කුඩා) දරුවා එතෙරට පමුණුවා කඩමාලු දරණුවක වැදහොවා යළි ආපසු අවුත් අනෙකා ගෙන යන්නෙමැයි නදියට බැස්සාය.
අථස්සා නදීමජ්ඣං පත්තකාලෙ එකො සෙනො “මංසපිණ්ඩො අය”න්ති සඤ්ඤාය දාරකං විජ්ඣිතුං ආගච්ඡති. සා හත්ථං පසාරෙත්වා සෙනං පලාපෙසි. තස්සා තං හත්ථවිකාරං දිස්වා මහල්ලකදාරකො “මං පක්කොසතී”ති සඤ්ඤාය නදිං ඔතරිත්වා සොතෙ පතිතො යථාසොතං අගමාසි. සොපි සෙනො තස්සා අසම්පත්තාය එව තං දහරදාරකං ගණ්හිත්වා අගමාසි. සා බලවසොකාභිභූතා අන්තරාමග්ගෙ ඉමං විලාපගීතං ගායන්තී ගච්ඡති –
ඉක්බිති ඇය ගඟමැඳට පැමිණිකල්හි එක් උකුස්සෙක් මේ මස්පිඬුවකැයි හැඟීමෙන් දරුවාට කෙටීමට එයි. ඕ අත විසුරුවා උකුස්සා පළවා හැරියාය. ඇයගේ ඒ හස්තවිකාරය දැක වැඩිමහළු දරුවා ‘මා කැඳවති’යි හැඟීමෙන් නදියට බැස සැඩපහරට වැටුනේ සැඩපහර අනුව (ගසාගෙන) ගියේය. ඒ උකුස්සාද ඇය නොපැමිණයදීම ඒ දරුවා ගෙන ගියේය. ඕතොමෝ බලවත් සොවින් තැවුනා අතරමඟ මේ විලාපගීතය ගයමින් යයි.
“උභො පුත්තා කාලඞ්කතා, පන්ථෙ මය්හං පතී මතො”ති.
පුත්තු දෙදෙනා කළුරිය කළහ. මගේ සැමියා මගදි මළේය.
සා එවං විලපමානාව සාවත්ථිං පත්වා කුලසභාගං ගන්ත්වාපි සොකවසෙනෙව අත්තනො ගෙහං වවත්ථපෙතුං අසක්කොන්තී “ඉමස්මිං ඨානෙ එවංවිධං නාම කුලං අත්ථි, කතරං තං ගෙහ”න්ති පටිපුච්ඡි. ත්වං තං කුලං පටිපුච්ඡිත්වා කිං කරිස්සසි? තෙසං වසනගෙහං වාතප්පහාරෙන පතිතං, තත්ථෙව තෙ සබ්බෙපි ජීවිතක්ඛයං පත්තා, අථ නෙ ඛුද්දකමහල්ලකෙ එකචිතකස්මිංයෙව ඣාපෙන්ති, පස්ස එසා ධූමවට්ටි පඤ්ඤායතීති. සා තං කථං සුත්වාව කිං තුම්හෙ වදථා”ති අත්තනො නිවත්ථසාටකං සන්ධාරෙතුං අසක්කොන්තී ජාතනියාමෙනෙව බාහා පග්ගය්හ කන්දමානා ඤාතීනං චිතකට්ඨානං ගන්ත්වා තං විලාපගීතං පරිපුණ්ණං කත්වා පරිදෙවමානා –
ඕතොමෝ මෙසේ වැළපෙමින්ම සැවතට පැමිණ කුල සභාගයට (සියමාපිය ගෙය අසළට) ගොසුවුවද ශෝකය හේතුවෙන් තමන්ගේ ගෙය වෙන්කොට දැන ගැනීමට නොහැකිවන්නී මෙතැන මෙබඳු නම් වූ ගෙයක් ඇත. ඒ ගෙය කුමක්දැයි විමසුවාය. ‘නුඹ ඒ කුලය ගැන අසා කුමක් කරන්නෙහිද? ඔවුන් වසන ගෙය සුළංපහරින් කැඩීවැටිණ. එහි සියලු දෙනාම මියගියාහුය. ඒ ලොකුකුඩා අය එක් චිතකයක දැවෙති. බලව. මේ දුම්වැඩි පෙනේය’යි කීවාහුය. ඕතොමෝ ඒ කථාව අසාම ‘නුඹලා කුමක් කියන්නහුදැයි තමන් හැඳිසළුව (ඉඟ) දරා ගැනීමට නොහැක්කී උපන් අයුරින්ම දෙඅත් දැඩිව බැඳගෙන හඬමින් නෑයන්ගේ චිතකය අසළට ගොස් විලාපගීතය සම්පූර්ණකොට හඬන්නී,
“උභො පුත්තා කාලඞ්කතා, පන්ථෙ මය්හං පතී මතො;
පුත්තු දෙදෙනා මිය ගියහ. මගේ සැමියා මඟදී මළේය.
මාතා පිතා ච භාතා ච, එකචිතකස්මිං ඩය්හරෙ”ති. –
මවද පියාද සොයුරාද එක් සෑයක දැවෙති’
ආහ. අඤ්ඤෙන ජනෙන සාටකං දින්නම්පි ඵාලෙත්වා ඵාලෙත්වා ඡඩ්ඩෙති. අථ නං දිට්ඨදිට්ඨට්ඨානෙ මහාජනො පරිවාරෙත්වා චරති. අථස්සා “අයං පටාචාරං පටපරිහරණං විනා චරතී”ති පටාචාරාතෙව නාමං අකංසු. යස්මා චස්සා සො නග්ගභාවෙන අලජ්ජීආචාරො පාකටො අහොසි, තස්මා පතිතො ආචාරො අස්සාති පටාචාරාත්වෙව නාමං අකංසු.
යි කීවාය. අන් මිනිසුන් දුන් වස්ත්‍රයද ඉරඉරා විසිකරයි. ඉක්බිති දුටුදුටු තැන මහජනයා ඇය පිරිවරා හැසිරෙයි. ඉක්බිති ඇයට වස්ත්රපරිහරණයකින් තොරව හැසිරේයයි පටාචාරායි නම් කළාහුය. යම් හෙයකින් ඇයගේ නිරුවත්බවින් ඒ ලජ්ජා නැති හැසිරීමක් ප්රකටවූයේද එහෙයින් පටු ආචාරයක් ඇයටනුයි වැටුණු පැවැත්ම ඇයටනුයි පටාචාරායි නම් කළාහුය.
සා එකදිවසං සත්ථරි මහාජනස්ස ධම්මං දෙසෙන්තෙ විහාරං පවිසිත්වා පරිසපරියන්තෙ අට්ඨාසි. සත්ථා මෙත්තාඵරණෙන ඵරිත්වා “සතිං පටිලභ, භගිනි, සතිං පටිලභ, භගිනී”ති ආහ. තස්සා සත්ථු වචනං සුත්වා බලවහිරොත්තප්පං ආගතං, සා තත්ථෙව භූමියං නිසීදි. අවිදූරෙ ඨිතො පුරිසො උත්තරිසාටකං ඛිපිත්වා අදාසි. සා තං නිවාසෙත්වා ධම්මං අස්සොසි. සත්ථා තස්සා චරියවසෙන ඉමා ධම්මපදෙ ගාථා ආහ –
ඕතොමෝ දිනක් ශාස්තෘන්වහන්සේ මහජනයාට දම් දෙසන කල්හි විහාරයට පිවිස පිරිස් කෙළවර සිටියාය. ශාස්තෘන්වහන්සේ මෙත් පතුරා නැඟණිය සිහිය ලබව. සිහිය ලබව නැඟණියයි පැවසූසේක. ඇයට ශාස්තෘන්වහන්සේගේ වචනය අසා දැඩිවිලිබියක් ආයේය. ඕ එහිම බිම හිඳගත්තාය. නුදුරෙහි සිටි මිනිසෙක් උතුරුසළුව (එදෙසෙට) විසිකොට දුන්නේය. ඕ එය හැඳ දහම් ඇසුවාය. ශාස්තෘන්වහන්සේ ඇයගේ පැවතුම් වශයෙන් මේ ධර්මපදයෙහි ගාථා වදාළසේක:
“න සන්ති පුත්තා තාණාය, න පිතා නාපි බන්ධවා; අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා.
පිහිට පිණිස පුත්තු නැත. පියෙක් නැත. නෑයෝ නැත. මාරයා විසින් යටත් කරගනු ලැබුවහුව නෑයන් අතරෙහි පිහිටක් නැත’
“එතමත්ථවසං ඤත්වා, පණ්ඩිතො සීලසංවුතො; නිබ්බානගමනං මග්ගං, ඛිප්පමෙව විසොධයෙ”ති. (ධ· ප· 288-289);
පණ්ඩිතතෙමේ සීලයෙන් සංවර වූයේ මෙය අරුත්විසින් දැන වහාම නිර්වාණගාමී මාර්ගය පිරිසුදු කරන්නේය’
සා ගාථාපරියොසානෙ යථාඨිතාව සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා පබ්බජ්ජං යාචි. සත්ථා “තස්සා භික්ඛුනිඋපස්සයං ගන්ත්වා පබ්බජා”ති පබ්බජ්ජං සම්පටිච්ඡි. සා පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පත්වා බුද්ධවචනං ගණ්හන්තී විනයපිටකෙ චිණ්ණවසී අහොසි. අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසින්නො භික්ඛුනියො පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො පටාචාරං විනයධරානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඕ ගාථාව කෙළෙවර සිටි පරිද්දෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ සිටියා පැවිද්ද ඉල්වූවාය. ඇයට භික්ෂුණී මෙහෙණවරට ගොස් පැවිදිවෙවයි පැවිද්ද පිළිගත් සේක. ඕ තොමෝ පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පත්වූවා බුදුවදන් ගන්නී විනය පිටකයෙහි පුරුදු කරනලද වසඟබව ඇත්තීවූවාය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවනයෙහි වැඩ වෙසෙමින් භික්ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් පටාචාරා තෙරණිය විනයධර භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
ධම්මදින්නාථෙරීවත්ථු
ධම්මදිනාන් තෙරණිය
පඤ්චමෙ ධම්මකථිකානන්ති ධම්මකථිකානං භික්ඛුනීනං ධම්මදින්නා අග්ගාති දස්සෙති. සා කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං පරායත්තට්ඨානෙ නිබ්බත්තිත්වා පදුමුත්තරස්ස භගවතො අග්ගසාවකස්ස සුජාතත්ථෙරස්ස අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා යාවජීවං කුසලං කත්වා සග්ගෙ නිබ්බත්ති. සබ්බං හෙට්ඨා ඛෙමාථෙරියා අභිනීහාරවසෙනෙව වෙදිතබ්බං. ඵුස්සබුද්ධකාලෙ පනෙසා සත්ථු වෙමාතිකානං තිණ්ණං භාතිකානං දානාධිකාරෙ ඨපිතකම්මිකස්ස ගෙහෙ වසමානා “එකං දෙහී”ති වුත්තා ද්වෙ අදාසි. එවං සබ්බං අපරිහාපෙන්තී දත්වා ද්වෙනවුතිකප්පෙ අතික්කම්ම කස්සපබුද්ධකාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගණ්හිත්වා සත්තන්නං භගිනීනං අබ්භන්තරා හුත්වා වීසති වස්සසහස්සානි බ්රහ්මචරියං චරිත්වා භික්ඛුසඞ්ඝස්ස වසනපරිවෙණං කාරෙත්වා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ පටිසන්ධිං ගණ්හිත්වා අපරභාගෙ විසාඛසෙට්ඨිනො ගෙහං ගතා. විසාඛසෙට්ඨි නාම බිම්බිසාරස්ස සහායකො රඤ්ඤා සද්ධිං දසබලස්ස පඨමදස්සනං ගන්ත්වා ධම්මං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨිතො, අපරභාගෙ අනාගාමිඵලං සච්ඡාකාසි.
පස්වෙනි සූත්‍රයෙහි ධම්මකථිකානං යන්නෙන් ධර්මකථික භික්ෂුණීන්වහන්සේලා අතුරින් ධම්මදිනාන් තෙරණිය අග්‍රයයි දැක්වෙයි. ඒ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි අනුන්ට අයත් තැනක ඉපිද පියුමුතුරා බුදුන්වහන්සේගේ අගසව් සුජාත තෙරුන්වහන්සේට අධිකසත්කාර කොට ඒ තනතුර පැතුවාය. ඕ දිවිඇති තෙක් කුසල්කොට දෙව්ලොව උපන්නාය. සියල්ල යට ඛෙමා තෙරණියගේ පැතුම් වශයෙන්ම දතයුතුය. ඵුස්ස බුදුන්වහන්සේගේ කාලයෙහි මෝතොමෝ ශාස්තෘන්වහන්සේගේ වේමාතික සොහොයුරන් තිදෙනාගේ දානාධිකාරයෙහි තැබූ කාර්මිකයාගේ ගෙහි වසන්නී එකක් දෙව’යි කියන ලද්දී දෙකක් දුන්නාය. මෙසේ සියල්ල, නොපිරිහෙළමින් දී කල්ප අනූ දෙකක් ඉක්මවා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි කිකී රජුගේ ගෙහි පිළිසඳ ගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව අවුරුදු විසිදහසක් බඹසර වැස බික්සඟනට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නී මේ බුද්ධෝත්පාදයෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසු කලක විශාඛ සිටුගේ ගෙට ගියාය. විශාඛ සිටුවරයා වූකලී බිම්සර රජුගේ යහළු රජෙකු සමඟ බුදුරජාණන් වහන්සේගේ පළමු දැක්ම ගොස් දහම් අසා සෝවාන් පෙළෙහි පිහිටියේ මෑත කාලයක් අනාගාමීඵලය පසක් කළේය.
සො තංදිවසං ඝරං ගන්ත්වා සොපානමත්ථකෙ ඨිතාය ධම්මදින්නාය හත්ථෙ පසාරිතෙ හත්ථං අනාලම්බිත්වාව පාසාදං අභිරුහි. භුඤ්ජමානොපි “ඉමං දෙථ, ඉමං හරථා”ති න බ්යාහරි. ධම්මදින්නා කටච්ඡුං ගහෙත්වා පරිවිසමානා චින්තෙසි – “අයං මෙ හත්ථාලම්බකං දෙන්තියාපි හත්ථං න ආලම්බි, භුඤ්ජමානොපි කිඤ්චි න කථෙති, කො නු ඛො මය්හං දොසො”ති? අථ නං භුත්තාවිං “කො නු ඛො මෙ, අය්ය, දොසො”ති පුච්ඡි. ධම්මදින්නෙ තුය්හං දොසො නත්ථි, අහං පන අජ්ජ පට්ඨාය සන්ථවවසෙන තුම්හාකං සන්තිකෙ නිසීදිතුං වා ඨාතුං වා ආහරාපෙත්වා ඛාදිතුං වා භුඤ්ජිතුං වා අභබ්බො. ත්වං සචෙ ඉච්ඡසි, ඉමස්මිං ගෙහෙ වස. නො චෙ ඉච්ඡසි, යත්තකෙන තෙ ධනෙන අත්ථො, තං ගණ්හිත්වා කුලඝරං ගච්ඡාහීති. අය්යපුත්ත, එවං සන්තෙ අහං තුම්හෙහි ඡඩ්ඩිතඛෙළං වමිතවමනං සීසෙන උක්ඛිපිත්වා න චරිස්සාමි, මය්හං පබ්බජ්ජං අනුජානාථාති. විසාඛො “සාධු, ධම්මදින්නෙ”ති රඤ්ඤො ආරොචෙත්වා ධම්මදින්නං සුවණ්ණසිවිකාය භික්ඛුනිඋපස්සයං පබ්බජ්ජත්ථාය පෙසෙසි.
හෙතෙම එදවස ගෙදර ගොස් හිණිපෙත මත්තෙහි සිටි ධම්මදින්නා විසින් අත් දිගුකළකල්හි අතෙහි නොඑල්ලීම පහයට නැඟුනේය. අනුභව කරන්නේද මෙය දෙව මෙය ගෙනෙවයි නොකීය. ධම්මදින්නා තොමෝ සැන්ද ගෙන අහරමෙහෙයෙහි යෙදෙන්නී මෙතෙම මා එල්බීමට අත දෙන කල්හිද අතෙහි නොඑල්ලුනේය. වළඳමින්ද කිසිවක් නොකියයි. ‘කිමෙක්ද මගේ වරදක්දැ’යි සිතුවාය. ඉක්බිති අහර අනුභව කළ ඔහුගෙන් ‘ආර්‍ය්‍යයෙනි, කිමෙක්ද මගේ වරදක්දැ’යි ඇසුවාය. ‘ධම්මදින්නාවනි, ඔබගේ දොසක් නැත. මම වනාහි අද පටන් එක්ව විසීම් වශයෙන් නුඹ සමීපයෙහි හිඳීමට හෝ සිටීමට හෝ ගෙන්ව ගෙන්වාගෙන කෑමට හෝ බිදීමට හෝ නොසුදුස්සෙකි. නුඹ ඉදින් කැමැත්තෙහි නම් මේ ගෙසර වසන්න. ‘නොකැමැත්තෙහි නම් යම්තාක් ධනයකින් ඔබට වැඩක් වේද ඒතාක් ගෙ කුලගෙයට යන්නැ’යි (සිටුතෙමේ) කීවේය. ‘ආර්‍ය්‍ය පුත්‍රය, මෙසේ ඇතිකල්හි මම ඔබවහන්සේ විසින් ඉවතලූ කෙළ, දැමූ වමනය හිසෙන් ඔසවාගෙන නොහැසිරෙහි. මගේ පැවිද්ද අනුදන්වනු මැනවැ’යි ඕතොමෝ කීවාය. විශාඛ තෙමේ ‘මැනවි, ධම්මදින්නාවනි’යි අනුදැන රජුට සැළකොට ධම්මදින්නාව රන්සිවිගෙයකින් භික්ෂුණී මෙහෙණවරට පැවිද්ද සඳහා යැවීය.
සා පබ්බජිත්වා චින්තෙසි – “අයං තාව සෙට්ඨි ඝරමජ්ඣෙ ඨිතොව දුක්ඛස්සන්තං අකාසි, පබ්බජ්ජං ලද්ධකාලතො පට්ඨාය පන මයාපි දුක්ඛස්සන්තං කාතුං වට්ටතී”ති ආචරියුපජ්ඣායානං සන්තිකං ගන්ත්වා, “අය්යෙ, මය්හං ආකිණ්ණට්ඨානෙ චිත්තං න රමති, ගාමකාවාසං ගච්ඡාමී”ති ආහ. ථෙරියො තස්සා මහාකුලා නික්ඛම්ම පබ්බජිතභාවෙන චිත්තං වාරෙතුං අසක්කොන්තියො තං ගහෙත්වා ගාමකාවාසං අගමංසු. සා අතීතෙ මද්දිතසඞ්ඛාරතාය නචිරස්සෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අථස්සා එතදහොසි – “මය්හං කිච්චං මත්ථකං පත්තං, ඉධ වසිත්වා කිං කරිස්සාමි, රාජගහමෙව ගච්ඡාමි, තත්ර මං නිස්සාය බහු ඤාතිසඞ්ඝො පුඤ්ඤානි කරිස්සතී”ති ථෙරියො ගහෙත්වා නගරමෙව පච්චාගතා.
ඕතොමෝ පැවිදිව (මෙසේ) සිතුවාය: ’මේ සිටුතුමා වනාහි ගෙහි සිටියේම දුක් කෙළවර කළේය. පැවිදිබව ලැබූකල පටන් මාවිසින්ද දුක් කෙළවර කිරීමට වටනේය’යි ආචාර්ය්ය උපාධ්‍යායයන් සමීපයට ගොස් අර්ය්යාවරුනි, (සමූහයාගෙන්) ගැවසුණු තන්හි මගේ සිත නොඇලෙයි. කුඩාගමක විසීමට යමැයි කීවාය. තෙරණීහු උසස් කුලයකින් නික්ම පැවිදිවූ බැවින් ඇයගේ සිත කෝප කරවීමට නොහැකි වන්නාහු ඇය රැගෙන කුඩා ගමක වාසයට ගියාහුය. ඕතොමෝ අතීතයෙහි මඬිනලද සංස්කාර ඇති බැවින් නොබෝ කලකින්ම පිළිසිඹියා සමඟ රහත් බවට පැමිණියාය. ඉක්බිති ඇයට, ‘මගේ කිස මුදුන් පැමිණියේය. මෙහි වැස කුමක් කරන්නෙම්ද? රජගහනුවරටම යමි. එහි මා නිසා බොහෝ ඥාතිසමූහයා පින් කරන්නේ’යි අදහස්විය. තෙරණියෝ ඇය රැගෙන නගරයටම ගියාහුය.
විසාඛො තස්සා ආගතභාවං ඤත්වා “සීඝං ආගතා උක්කණ්ඨිතා නු ඛො භවිස්සතී”ති සායන්හසමයෙ තස්සා සන්තිකං ගන්ත්වා අභිවාදෙත්වා එකමන්තං නිසින්නො “උක්කණ්ඨිතභාවං පුච්ඡිතුං අයුත්ත”න්ති පඤ්චක්ඛන්ධාදිවසෙන පඤ්හෙ පුච්ඡි, ධම්මදින්නා ඛග්ගෙන උප්පලනාලං ඡින්දන්තී විය පුච්ඡිතං පුච්ඡිතං විස්සජ්ජෙසි. උපාසකො ධම්මදින්නාථෙරියා ඤාණස්ස සූරභාවං ඤත්වා අත්තනො අධිගතට්ඨානෙ පටිපාටියා තීසු මග්ගෙසු සබ්බාකාරෙන පඤ්හෙ පුච්ඡිත්වා උග්ගහවසෙන අරහත්තමග්ගෙපි පුච්ඡි. ධම්මදින්නාථෙරීපි උපාසකස්ස යාව අනාගාමිඵලාව විසයභාවං ඤත්වා “ඉදානි අත්තනො විසයං අතික්කමිත්වා ධාවතී”ති තං නිවත්තෙන්තී “අච්චසරා, ආවුසො විසාඛ, පඤ්හෙ, නාසක්ඛි පඤ්හානං පරියන්තං ගහෙතුං, නිබ්බානොගධඤ්හි, ආවුසො විසාඛ, බ්රහ්මචරියං නිබ්බානපරායණං නිබ්බානපරියොසානං. ආකඞ්ඛමානො ච ත්වං, ආවුසො විසාඛ, භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි. යථා ච තෙ භගවා බ්යාකරොති, තථා නං ධාරෙය්යාසී”ති (ම· නි· 1.466) ආහ.
විශාඛ තෙමේ ඇය පැමිණෙනබව අසා, ‘යුහුව පැමිණියා උකටළීවූවා වන්නීදැ’යි සවස් කාලයෙහි ඇය සමීපයට ගොස් වැද එකත්පසෙක සිටියේ උකටළීබව ඇසීම නොසුදුසුයයි පඤ්චස්කන්ධාදී වශයෙන් ප්‍රශ්න ඇසීය. ධම්මදිනානා තෙරණිය කඩුවකින් උපුල්දඬු සිඳින්නියක මෙන් ඇසූ ඇසූ දෙය විසඳුවාය. උපාසක තෙමේ ධම්මදින්නා තෙරණියගේ ඤාණයෙහි ශුරභාවය දැන තමන් අවබෝධකළ තන්හි පිළිවෙළින් තෙමෙඟහි සියලු ආකාරයෙන් ප්‍රශ්න අසා පුරුදු කිරීම් වශයෙන් රහත් මඟෙහිද විමසීය. ධම්මදින්නා තෙරණියද අනාගාමිඵලය දක්වා පමණක්ම උපාසක තැනගේ විෂයභාවයදැන ‘දැන් තම විෂය ඉක්මවා දුව්නේය’යි ඔහු වළක්වන්නී, ‘ඇවැත්නි විශාඛ, ප්‍රශ්න ඉක්මවා නොයන්න. ප්රශ්නයන්ගේ කෙළවරට යාමට නොහැක්කේය. ඇවැත්නි විශාඛා, බඹසරවිසීම නිවන ඇතුළත්කොට ඇත්තේය. නිවන පිහිටකොට ඇත්තේය. නිවන කෙළවරකොට ඇත්තේය. ඇවැත්නි විශාඛ ඔබ (තවදුරටත්) කැමති වන්නෙහි නම් භාග්‍යවතුන් වෙත එළඹ මෙකරුණ විචාරන්නෙහිය. භාග්‍යවතුන්වහන්සේ යම්සේ ඒ ප්‍රශ්න විවරණය කරනසේක්ද? එසේ දරන්නෙහි’යයි කීවාය.
විසාඛො සත්ථු සන්තිකං ගන්ත්වා සබ්බං පුච්ඡාවිස්සජ්ජනනයං කථෙසි. සත්ථා තස්ස වචනං සුත්වා “මම ධීතාය අතීතානාගතපච්චුප්පන්නෙසු ඛන්ධෙසු තණ්හා නත්ථී”ති වත්වා ධම්මපදෙ ඉමං ගාථමාහ –
විශාඛතෙමේ ශාස්තෘන්වහන්සේ වෙත ගොස් ප්‍රශ්නවිසඳීමේ නය සියල්ල පැවසීය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා මගේ දියණියට අතීත අනාගත හා වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණාවක් නැතැයි පවසා ධර්මපදයෙහි මේ ගාථාව වදාළසේක.
“යස්ස පුරෙ ච පච්ඡා ච, මජ්ඣෙ ච නත්ථි කිඤ්චනං; අකිඤ්චනං අනාදානං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 421);
‘යමෙකුට පෙරද පසුවද මැදද කෙලෙසුන් කිසිවක් නැත්ද? කෙලෙසුන් නැති තෘෂ්ණාවෙන් අල්වා ගැනීමක් නැති ඔහු බමුණෙකැයි මම කියිම.’
තතො ධම්මදින්නාය සාධුකාරං දත්වා විසාඛං උපාසකං එතදවොච – “පණ්ඩිතා, විසාඛ, ධම්මදින්නා භික්ඛුනී, මහාපඤ්ඤා විසාඛ, ධම්මදින්නා භික්ඛුනී. මං චෙපි ත්වං, විසාඛ, එතමත්ථං පුච්ඡෙය්යාසි, අහම්පි තං එවමෙව බ්යාකරෙය්යං, යථා තං ධම්මදින්නාය භික්ඛුනියා බ්යාකතං, එසො චෙවෙතස්ස අත්ථො, එවඤ්ච නං ධාරෙහී”ති. එවමෙතං වත්ථු සමුට්ඨිතං. අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසින්නො පටිපාටියා භික්ඛුනියො ඨානන්තරෙ ඨපෙන්තො ඉදමෙව චූළවෙදල්ලං අට්ඨුප්පත්තිං කත්වා ථෙරිං ඉමස්මිං සාසනෙ ධම්මකථිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඉක්බිති ධම්මදින්නාට සාධුකාරදී විශාඛ උපාසක තැනට, විශාඛ ධම්මදින්නා භික්ෂුණිය පණ්ඩිතය: ධම්මදින්නා භික්ෂුණිය මහ නුවණැත්තීය. විශාඛ, මේ කරුණ නුඹ මගෙන් විමසන්නෙහිද? මමද එය එපරිද්දෙන්ම විසඳන්නෙමි. ධම්මදින්නා භික්ෂුණිය විසින් එය යම්සේ විසඳන ලද්දේද එයම එහි අර්ත්ථයයි. එසේම එය දරව’යි වදාළසේක. මේ කථා වස්තුව එසේනිමියේයි. ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි දෙව්රම වැඩවසනසේක් පිළිවෙළින් භික්ෂුණීන් තනතුරුවල තබමින් මේ චුල්ලවේදල්ල සූත්‍රයම අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරණිය මේ සසුනෙහි ධර්මකථික භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
නන්දාථෙරීවත්ථු
නන්ද තෙරණිය
ඡට්ඨෙ ඣායීනං යදිදං නන්දාති ඣානාභිරතානං, නන්දා ථෙරී, අග්ගාති දස්සෙති. සා කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අපරභාගෙ සත්ථු ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ඣානාභිරතානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා තතො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා අම්හාකං සත්ථු නිබ්බත්තිතො පුරෙතරමෙව මහාපජාපතිගොතමියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි, නන්දාතිස්සා නාමං අකංසු. රූපනන්දාතිපි වුච්චති. සා අපරභාගෙ උත්තමරූපභාවෙන ජනපදකල්යාණී නාම ජාතා.
සවැන්නෙහි ක්ධායීනං යදිදං නන්ද යන්නෙන් ධ්‍යානයෙහි ඇලුම්කළ භික්ෂුණීන් අතුරින් නන්ද තෙරණිය අග්‍රයයි දැක්වෙයි. ඕතොමෝ වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසු කලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්මය අසන්නී එක් භික්ෂුණියක ධ්‍යානයෙහි ඇළුම්කරන භික්ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඉක්බිති ඕතොමෝ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ ශාස්තෘන්වහන්සේ පහළවීම්ට පෙරාතුවම මහාප්‍රජාපතී ගෞතමියගේ කුස පිළිසිඳ ගත්තාය. ඇයට නන්ද’යි නම් කළාහුය. රූපනන්දයිද කියනුලැබේ. ඕතොමෝ පසු කලක උතුම් රූපස්වභායෙන් ජනපදකල්‍යාණි නම් වූවාය.
සා අම්හාකං දසබලෙ සබ්බඤ්ඤුතං පත්වා අනුපුබ්බෙන කපිලවත්ථුං ආගන්ත්වා නන්දඤ්ච රාහුලඤ්ච පබ්බාජෙත්වා පක්කන්තෙ සුද්ධොදනමහාරාජස්ස පරිනිබ්බුතකාලෙ “මහාපජාපතිගොතමී ච රාහුලමාතා ච නික්ඛමිත්වා සත්ථු සන්තිකෙ පබ්බජිතා”ති ඤත්වා “ඉමාසං පබ්බජිතකාලතො පට්ඨාය මය්හං ඉධ කිං කම්ම”න්ති මහාපජාපතියා සන්තිකං ගන්ත්වා පබ්බජි. පබ්බජිතදිවසතො පට්ඨාය “සත්ථා රූපං ගරහතී”ති සත්ථු උපට්ඨානං න ගච්ඡති, ඔවාදවාරෙ සම්පත්තෙ අඤ්ඤං පෙසෙත්වා ඔවාදං ආහරාපෙති. සත්ථා තස්සා රූපමදමත්තභාවං ඤත්වා “අත්තනො ඔවාදං අත්තනාව ආගන්ත්වා ගණ්හන්තු, න භික්ඛුනීහි අඤ්ඤා පෙසෙතබ්බා”ති ආහ. තතො රූපනන්දා අඤ්ඤං මග්ගං අපස්සන්තී අකාමා ඔවාදං අගමාසි.
ඕතොමෝ අපගේ ශාස්තෘන්වහන්සේ සර්වඥතා ඥානයට පත්ව ක්‍රමයෙන් කිඹුල්වතට අවුත් නන්ද රාහුලද පැවිදි කරවා ආපසු වැඩිකල්හි සුදොවුන් මහරජු පිරිනිවන්පෑ කල්හි මහාප්‍රජාපති ගොතමියද රහල්මවද නික්ම ශාස්තෘන්වන්සේ හමුවෙහි පැවිදිවූහයි දැන මොවුන් පැවිදිවූ කල පටන් මෙහි මට කුමන වැඩක්දැයි මහාප්‍රජාපතිය සමීපයට ගොස් පැවිදි වූවාය. පැවිදිවූ දිනයෙහි සිට ශාස්තෘන්වහන්සේ රූපයට ගරහන සේකැයි ශාස්තෘන්වහන්සේගේ උපස්ථානයට නොයයි. අවවාදවාරය එළඹි කල්හි අනිකක යවා අවවාද ගෙන්වා ගනියි. ශාස්තෘන්වහන්සේ ඇය රූපමදයෙන් මත්වූබව දැන තමන්ගේ අවවාදය තමන් අවුත් ගනිත්වා! භික්ෂුණීන් විසින් අනිකක නොයැවිය යුත්තීයයි වදාළසේක. ඉක්බිති රූපනන්දා තොමෝ අන් මගක් නොදක්නී නොකැමැත්තෙන් අවවාදයට ගියාය.
සත්ථා තස්සා චරිතවසෙන ඉද්ධියා එකං ඉත්ථිරූපං නිම්මිනිත්වා තාලවණ්ටං ගහෙත්වා බීජමානං විය අකාසි. රූපනන්දා තං දිස්වා චින්තෙසි – “අහං අකාරණෙනෙව පමත්තා හුත්වා නාගච්ඡාමි, එවරූපාපි ඉත්ථියො සත්ථු සන්තිකෙ විස්සත්ථා චරන්ති. මම රූපං එතාසං රූපස්ස කලං නාග්ඝති සොළසිං, අජානිත්වාව එත්තකං කාලං න ආගතම්හී”ති තමෙව ඉත්ථිනිමිත්තං ගණ්හිත්වා ඔලොකෙන්තී අට්ඨාසි. සත්ථා තස්සා පුබ්බහෙතුසම්පන්නතාය “අට්ඨීනං නගරං කත”න්ති (ධ· ප· 150) ධම්මපදෙ ගාථං වත්වා –
ශාස්තෘන්වහන්සේ ඇයගේ චරිත වශයෙන් සෘද්ධියෙන් එක් ස්ත්‍රීරූපයක් මවා තල්වටක් ගෙන පවන් සලන්නියක මෙන් කළසේක. රූපනන්දා ඇය දැක ‘මම නිකරුණෙහිම පමාවී නොඑමි. මෙබඳුවූ ස්ත්‍රීහුත් ශාස්තෘත් සමීපයෙහි නිසැකව හැසිරෙති. මගේ රූපය මොවුන්ගේ රූපයෙන් සොළොස් කලාවෙන් එකකුදු නොවටී. නොදැනම මෙපමණ කලක් නොආවෙමැයි ඒ ස්ත්රියම නිමිති කොට ගෙන බලමින් සිටියාය. ශාස්තෘන්වහන්සේ පෙරහේතුසම්පත් ඇති ඇයට අට්ඨිනං නගරං කතං යන ධර්මපදයෙහි ගාථාව වදාරා
“චරං වා යදි වා තිට්ඨං, නිසින්නො උද වා සය”න්ති. (සු· නි· 195) –
චරං වා යදිවා තිට්ඨිං නිසින්නො උදවා සයං යන
සුත්තං අභාසි. සා තස්මිංයෙව රූපෙ ඛයවයං පට්ඨපෙත්වා අරහත්තං පාපුණි. ඉමස්මිං ඨානෙ ඉදං වත්ථු හෙට්ඨා ඛෙමාථෙරියා වත්ථුනා සදිසමෙවාති න විත්ථාරිතං. තතො පට්ඨාය, රූපනන්දා, ඣානාභිරතානං අන්තරෙ ධුරප්පත්තා අහොසි. සත්ථා අපරභාගෙ ජෙතවනෙ නිසින්නො පටිපාටියා භික්ඛුනියො ඨානන්තරෙ ඨපෙන්තො නන්දාථෙරිං ඣායීනං අග්ගට්ඨානෙ ඨපෙසීති.
සුත්‍රය දෙසූසේක. ඒ තොමෝ ඒ රූපයෙහිම ගෙවීම හා වියැකීම පිහිටුවා රහත්බවට පැමිණියාය. මෙතැන්හි මේ කථාවස්තුව යට ඛේමා තෙරණියගේ කථාවස්තුව හා සමානවේයයි විස්තර නොකරන ලදී. එතැන්පටන් රූපනන්දාතෙරණිය ධ්‍යානයෙහි ඇලුම් කරන භික්ෂුණීන් අතරෙහි ප්රධානත්වයට පැමිණියාය. ශාස්තෘන්වහන්සේ පසුකලෙක ජේතවනයෙහි වැඩවසනසේක් පිළිවෙළින් භික්ෂුණීන් තනතරුවල තබමින් නන්දතෙරෙණිය ධ්‍යානයෙහි ඇළුම්කරන භික්ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබූසේක.
සොණාථෙරීවත්ථු
සොණා තෙරණිය
සත්තමෙ ආරද්ධවීරියානන්ති පග්ගහිතපරිපුණ්ණවීරියානං සොණා අග්ගාති දස්සෙති. අයං කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අපරභාගෙ ධම්මං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං ආරද්ධවීරියානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අපරභාගෙ ඝරාවාසෙ වුත්ථා බහූ පුත්තධීතරො ලභිත්වා සබ්බෙපි විසුං විසුං ඝරාවාසෙ පතිට්ඨාපෙසි. තෙ තතො පට්ඨාය “අයං අම්හාකං කිං කරිස්සතී”ති තං අත්තනො සන්තිකං ආගතං “මාතා”ති සඤ්ඤම්පි න කරිංසු. බහුපුත්තිකසොණා තෙසං අත්තනි අගාරවභාවං ඤත්වා “ඝරාවාසෙන කිං කරිස්සාමී”ති නික්ඛමිත්වා පබ්බජි. අථ නං භික්ඛුනියො “අයං වත්තං න ජානාති, අයුත්තං කරොතී”ති දණ්ඩකම්මං කරොන්ති. පුත්තධීතරො තං දණ්ඩකම්මං ආහරන්තිං දිස්වා “අයං යාවජ්ජදිවසා සික්ඛාමත්තම්පි න ජානාතී”ති දිට්ඨදිට්ඨට්ඨානෙ උප්පණ්ඩෙසුං. සා තෙසං වචනං සුත්වා උප්පන්නසංවෙගා “අත්තනො ගතිවිසොධනං කාතුං වට්ටතී”ති නිසින්නට්ඨානෙපි ඨිතට්ඨානෙපි ද්වත්තිංසාකාරං සජ්ඣායති. සා යථෙව පුබ්බෙ බහුපුත්තිකසොණත්ථෙරීති පඤ්ඤායිත්ථ, එවං පච්ඡා ආරද්ධවීරියසොණත්ථෙරීති පාකටා ජාතා.
සත්වැන්නෙහි ආරද්ධවිරියානං යන්නෙන් දැඩිව ගන්නාලද පිරිපුන් වීර්‍ය්‍යය ඇති භික්ෂණීන් අතුරෙන් සොණා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන මෑතකාලයෙහි ධර්මය අසන්නී එක් භික්ෂුණියක පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇති භික්ෂුණීන් අතුරින් අගතන්හි තබන ශාස්තෘන්වහ්නසේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ගෘහවාසයෙහි පිහිටියා බොහෝ දූපුතුන් ලැබ සියල්ලන්ම වෙන් වෙන්ව ගෘහවාසයෙහි පිහිටෙව්වාය. එතැන්පටන් ඔවුහු මෝ අපට කුමක් කරන්නීදැයි ඇය තමන් ලඟට පැමිණි මවයයි හැඟීමකුදු නොකළාහුය. බොහෝ පුතුන් ඇති සොණාතොමෝ තමා කෙරෙහි ඔවුන්ගේ නිගරුබව දැන ගිහිව විසීමෙන් කුමක් කරන්නෙම්දැයි නික්ම පැවිදිවූවාය. ඉක්බිති භික්ෂුණීහු ඇයට මෝ පමණ නොදනියි. නොසුදුස්සක් කරතියි දඬුවම් කරති. දුපුත්තු ඒ දඬුවම් රැගෙන එන්නිය දැක මෝතොමෝ අද දක්වාත් ශික්ෂාපද මාත්‍රයකුදු නොදන්නීයයි දුටුදුටු තැන දොෂාරෝපණය කරත්. ඕ ඔවුන්ගේ වචනය අසා උපන්සංවේග ඇත්තී තමන්ගේ ගතිය පිරිසුදු කිරීමට වටීයයි හුන්තැනද සිටි තැනද දෙතින් (කුණප) ආකාරය සජ්ජ සජ්ක්ධායනය කරයි. ඕතොමෝ යම්සේ පෙර බොහෝ පුතුන් ඇති සොණායයි ප්‍රසිද්ධ වූවාද එසේ පසුව අරඹූ වීර්‍ය්‍ය ඇති සොණා තෙරණියයයි ප්‍රකට වූවාය.
අථෙකදිවසං භික්ඛුනියො විහාරං ගච්ඡන්තියො “භික්ඛුනිසඞ්ඝස්ස උදකං තාපෙය්යාසි, සොණෙ”ති වත්වා අගමංසු. සාපි උදකතාපනතො පුරෙතරමෙව අග්ගිසාලාය චඞ්කමිත්වා චඞ්කමිත්වා ද්වත්තිංසාකාරං සජ්ඣායන්තී විපස්සනං වඩ්ඪෙසි. සත්ථා ගන්ධකුටියං නිසින්නොව ඉමං ඔභාසගාථං අභාසි –
ඉක්බිති එක්දිනක් විහාරයට යන්නාවූ භික්ෂුණීහු ‘සෝණා, භික්ෂුණී සංඝයාට ජලය උණුකරන්නැ’යි පවසා ගියාහුය ඕද දිය උණුකිරීමට කලින්ම ගිනිහලෙන් සක්මන් කරමින් දෙතිස් ආකාරය සජ්ක්ධායනය කරමින් විදසුන් වැඩුවාය. ශාස්තෘන්වහන්සේ ගඳකිළියෙහි හුන්සේක්ම මේ ඔභාස (ආලෝකයක් තුළින් ප්‍රකාශ කෙරෙන) ගාථාව වදාළ සේක.
“යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං; එකාහං ජීවිතං සෙය්යො, පස්සතො ධම්මමුත්තම”න්ති. (ධ· ප· 115);
‘යමෙක් උතුම් දහම නොදකිමින් අවුරුදු සියයක් ජීවත් වන්නේද? උතුම් දහම දක්නහුගේ එක්දිනක ජීවත්වීම වඩා අගනේය.’
සා ගාථාපරියොසානෙ අරහත්තං පත්වා චින්තෙසි – “අහං අරහත්තං පත්තා, ආගන්තුකජනො ච අනුපධාරෙත්වාව මයි අවඤ්ඤාය කිඤ්චි වත්වා බහුං අපුඤ්ඤම්පි පසවෙය්ය, තස්මා සංලක්ඛණකාරණං කාතුං වට්ටතී”ති. සා උදකභාජනං උද්ධනං ආරොපෙත්වා හෙට්ඨා අග්ගිං න අකාසි. භික්ඛුනියො ආගන්ත්වා උද්ධනං ඔලොකෙන්තියො අග්ගිං අදිස්වා “ඉමං මහල්ලිකං ‘භික්ඛුනිසඞ්ඝස්ස උදකං තාපෙහී’ති අවොචුම්හ, අජ්ජාපි උද්ධනෙ අග්ගිම්පි න කරොතී”ති ආහංසු. අය්යෙ, කිං තුම්හාකං අග්ගිනා, උණ්හොදකෙන න්හායිතුකාමා භාජනතො උදකං ගහෙත්වා න්හායථාති? තාපි “භවිස්සති එත්ථ කාරණ”න්ති ගන්ත්වා උදකෙ හත්ථං ඔතාරෙත්වා උණ්හභාවං ඤත්වා එකකුටං ආහරිත්වා උදකං ගණ්හන්ති, ගහිතගහිතට්ඨානං පරිපූරති. තදා සබ්බාව තස්සා අරහත්තෙ ඨිතභාවං ඤත්වා දහරතරා තාව පඤ්චපතිට්ඨිතෙන පාදෙසු පතිත්වා “මයං, අය්යෙ, එත්තකං කාලං තුම්හෙ අනුපධාරෙත්වා විහෙඨෙත්වා විහෙඨෙත්වා කථයිම්හ, ඛමථ නො”ති ඛමාපෙසුං. වුද්ධතරාපි උක්කුටිකං නිසීදිත්වා “ඛම, අය්යෙ”ති ඛමාපෙසුං. තතො පට්ඨාය “මහල්ලකකාලෙ පබ්බජිත්වාපි ආරද්ධවීරියභාවෙන නචිරස්සෙව අග්ගඵලෙ පතිට්ඨිතා”ති ථෙරියා ගුණො පාකටො අහොසි. අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසීදිත්වා භික්ඛුනියො පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො සොණත්ථෙරිං ආරද්ධවීරියානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඕතොමෝ ගාථා කෙළවර රහත්බවට පැමිණ ‘මම රහත්බවට පැමිණියෙමි. ආගන්තුක මිනිස්සු (එය) නොසලකාම මා කෙරෙහි අවඤාවෙන් යම්කිසිවක් කියා බොහෝ පව් ඇතිකරගන්නාහුය. එය සැලකීමට කරුණක් කිරීමට වටීයයි සිතුවාය. ඕතොමෝ දිය බඳුන උදුනට නංවා යට ගිනි (පත්තු) නොකළාය. භික්ෂුණීහු පැමිණ උදුන දකිමින් ගිනි නොදැක ‘මේ මැහැල්ලට භික්ෂුණී සංඝයාට දිය උණු කරවයි කීවෙමු. තවමත් උදුනෙහි ගිනි රැස් නොකරය’යයි කීවාහුය. ‘ආර්‍ය්‍යාවරුනි, නුඹවහන්සේලාට ගින්නෙන් කවර වැඩෙක්ද? උණුදියෙන් නහනු කැමැත්තෝ බඳුනෙන් දිය ගෙන නහනු මැනවැ’යි කීවාය. ඔවුහුද මෙහි යම්කිසි කරුණක් වන්නේයයි ගොස් දියෙහි අත බහා උණුබව දැන එක් (දියගන්නා) කැටයක් ගෙන්වා ගෙන දිය ගනිත්, ගත්ගත් තැන (යළි) පිරෙයි. එකල්හි සියල්ලෝම ඇයගේ රහත් බවෙහි නිශ්චයට ගොස් අඩුයසෙහිවූවෝ පසඟ පිහිටුවා පාලඟ වැටී ‘ආර්‍ය්‍යාවනි, මෙපමණ කලක් නුඹවහන්සේ කෙරෙහි නොවිමසා හෙළා වෙහෙසවා කථා කෙළෙමු. අපට කමාකළ මැනවැයි කමා කරවූවාහුය. වැඩිමහළුවූවෝද උක්කුටුකයෙන් හිඳ ආර්‍ය්‍යාවනි, ක්ෂමා කරන්නැයි ක්ෂමා කරවූවාහුය. එතැන්පටන් මහළු කල්හි පැවිදිවීත් ඇරඹූ වීර්ය්යභාවයෙන් නොබෝකලකින්ම අග්‍රඵලයෙහි පිහිටියායයි තෙරණියගේ ගුණය ප්රකටවිය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ජේතවනයෙහි වැඩහිඳ පිළිවෙළින් භික්ෂුණීන් තනතුරුවල තබනසේක් සොණාතෙරණිය දැඩිවගත් වීර්‍ය්‍ය ඇති භික්ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.
බකුලාථෙරීවත්ථු
සකුලා තෙරණිය
අට්ඨමෙ දිබ්බචක්‍ඛුකානං යදිදං බකුලාති දිබ්බචක්‍ඛුකානං, බකුලා ථෙරී, අග්ගාති දස්සෙති. අයං කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ්බත්තිත්වා සත්ථු ධම්මකථං සුණන්තී සත්ථාරං එකං භික්ඛුනිං දිබ්බචක්‍ඛුකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සා කප්පසතසහස්සං දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තිත්වා අපරභාගෙ සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධා පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. සා තතො පට්ඨාය දිබ්බචක්ඛුම්හි චිණ්ණවසී අහොසි. අපරභාගෙ සත්ථා ජෙතවනෙ නිසින්නො භික්ඛුනියො පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො ඉමං ථෙරිං දිබ්බචක්‍ඛුකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
අටවැන්නෙහි යදිදං සකුලා යන්නෙන් දිවැස ඇති භික්ෂුණීන් අතුරෙන් සකුලා තෙරණිය අග්‍රයයි දැක්වෙයි. මෝතොමෝත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද වියපත්වූවා ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසන්නී එක් භික්ෂුණියක දිවැස් ඇති භික්ෂුණීන් අතුරින් අගතන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය. ඒ කල්ප ලක්ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පදයෙහි සැවතෙහි කුල ගෙයක උපන්නා මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා ලද සැදැහැ ඇත්තී පැවිදිව නොබෝ කලකින්ම රහත්බවට පැමිණියාය. එතැන්පටන් දිවැසෙහි පුහුණුකරනලද වසඟබව ඇත්තී වූවාය. මෑතභාගයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම්හි වැඩසිට භික්ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් මේ තෙරණිය දිවැස් ඇති භික්ෂුණීන් අතුරින් අගතැන්හි තැබූසේක.