යෙදුමෙන් කියවන්න

උප‍්පලවණ‍්ණාථෙරීවත්‍ථු අට‍්ඨකථා

උප‍්පලවණ‍්ණාථෙරීවත්‍ථු

උප්පලවණ්ණා තෙරණිය

තතියෙ උප‍්පලවණ‍්ණාති නීලුප‍්පලගබ‍්භසදිසෙනෙව වණ‍්ණෙන සමන‍්නාගතත‍්තා එවංලද‍්ධනාමා ථෙරී. සා කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා අපරභාගෙ මහාජනෙන සද‍්ධිං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං ඉද‍්ධිමන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී කස‍්සපබුද‍්ධකාලෙ බාරාණසිනගරෙ කිකිස‍්ස කාසිරඤ‍්ඤො ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා සත‍්තන‍්නං භගිනීනං අබ‍්භන‍්තරා හුත්‍වා වීසති වස‍්සසහස‍්සානි බ්‍රහ‍්මචරියං චරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස පරිවෙණං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා.

තුන්වැන්නෙහි උප්පලවණ්නා යනු නිලුපුල් ගැබකට සමානවූ වර්‍ණයෙන් යුක්තවූ බැවින් එසේ ලබනලද නම්ඇති තෙරණියයි. ඕ වනාහි පියුමුතුරා, බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසුකලෙක මහජනයා සමඟ බුදුන් සමීපයට ගොස් දහම් අසන්නී එක් භික්‍ෂුණියක සෘද්ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී එම තනතුර පැතුවාය. ඕතොමෝ දිවි ඇතිතෙක් කුසල්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නී කාශ්‍යප බුදුන්කල බරණැස් නුවර කිකී නම් කාශි රජුගේ ගෙහි පිළිසිඳ ගෙන සොහොයුරියන් සත් දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු බඹසර වැස බික්සඟනට පිරිවෙණක් කරවා දෙව්ලොව උපන්නී

තතො චවිත්‍වා පුන මනුස‍්සලොකං ආගච‍්ඡන‍්තී එකස‍්මිං ගාමෙ සහත්‍ථා කම‍්මං කත්‍වා ජීවනකට‍්ඨානෙ නිබ‍්බත‍්තා. සා එකදිවසං ඛෙත‍්තකුටිං ගච‍්ඡන‍්තී අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං සරෙ පාතොව පුප‍්ඵිතං පදුමපුප‍්ඵං දිස‍්වා තං සරං ඔරුය‍්හ තඤ‍්චෙව පුප‍්ඵං ලාජපක‍්ඛිපනත්‍ථාය පදුමිනියා පත‍්තඤ‍්ච ගහෙත්‍වා කෙදාරෙ සාලිසීසානි ඡින්‍දිත්‍වා කුටිකාය නිසින‍්නා ලාජෙ භජ‍්ජිත්‍වා පඤ‍්ච ලාජසතානි ගණෙසි. තස‍්මිං ඛණෙ ගන්‍ධමාදනපබ‍්බතෙ නිරොධසමාපත‍්තිතො වුට‍්ඨිතො එකො පච‍්චෙකබුද‍්ධො ආගන‍්ත්‍වා තස‍්සා අවිදූරෙ අට‍්ඨාසි. සා පච‍්චෙකබුද‍්ධං දිස‍්වා ලාජෙහි සද‍්ධිං පදුමපුප‍්ඵං ගහෙත්‍වා කුටිතො ඔරුය‍්හ ලාජෙ පච‍්චෙකබුද‍්ධස‍්ස පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පදුමපුප‍්ඵෙන පත‍්තං පිධාය අදාසි. අථස‍්සා පච‍්චෙකබුද‍්ධෙ ථොකං ගතෙ එතදහොසි – “පබ‍්බජිතා නාම පුප‍්ඵෙන අනත්‍ථිකා, අහං පුප‍්ඵං ගහෙත්‍වා පිළන්‍ධිස‍්සාමී”ති ගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථතො පුප‍්ඵං ගහෙත්‍වා පුන චින‍්තෙසි – “සචෙ, අය්‍යො, පුප‍්ඵෙන අනත්‍ථිකො අභවිස‍්ස, පත‍්තමත්‍ථකෙ ඨපෙතුං න අදස‍්ස, අද‍්ධා අය්‍යස‍්ස අත්‍ථො භවිස‍්සතී”ති පුන ගන‍්ත්‍වා පත‍්තමත්‍ථකෙ ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධං ඛමාපෙත්‍වා, “භන‍්තෙ, ඉමෙසං මෙ ලාජානං නිස‍්සන්‍දෙන ලාජගණනාය පුත‍්තා අස‍්සු, පදුමපුප‍්ඵස‍්ස නිස‍්සන්‍දෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ පදෙ පදෙ පදුමපුප‍්ඵං උට‍්ඨහතූ”ති පත්‍ථනං අකාසි. පච‍්චෙකබුද‍්ධො තස‍්සා පස‍්සන‍්තියාව ආකාසෙන ගන්‍ධමාදනපබ‍්බතං ගන‍්ත්‍වා තං පදුමං නන්‍දමූලකපබ‍්භාරෙ පච‍්චෙකබුද‍්ධානං අක‍්කමනසොපානසමීපෙ පාදපුඤ‍්ඡනං කත්‍වා ඨපෙසි.

එයින් සැව නැවත මිනිස්ලොවට එමින් එක්ගමක සියතින් වැඩකොට දිවිගෙවන තැනක උපන්නීය. ඕ තොමෝ එක්දිනක් කුඹුරෙහි කිළියට (පැලට) යන්නී අතරමඟ එක්විලක උදයෙන්ම පිපුණු නෙළුම්මලක් දැක ඒ විලට බැස ඒ මලද විලඳ බැද පන්සියයක් විලඳ ගණන් කළාය. එකෙණෙහි ගන්‍ධමාදන පව්වෙහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටි එක් පසේබුදුකෙනෙක් අවුත් ඇයට නුදුරු තන්හි වැඩසිටියහ. ඕතොමෝ පසේබුදුන්වහන්සේ දැක විලඳ සමඟ නෙළුම්මල ගෙන කුටියෙන් බැස විලඳ පසේබුදුන්වහන්සේගේ පාත්‍රයෙහි බහා නෙළුම්මලින් පාත්‍රය වසා දුන්නීය. ඉක්බිති ඇයට පසේබුදුන්වහන්සේ මඳදුරක් වැඩිකල්හි, ‘පැවිද්දෝ නම් මලින් වැඩක් නැත්තාහුය. මම මල ගෙන පළඳින්නෙමැයි සිතුවාය. ගොස් පසේබුදුන්ගේ අතින් මල ගෙන, ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ මලින් වැඩක් නැත්තෙක් වන්නාහු නම් පාත්‍රය මත්තෙහි තැබීමට නොදෙන්නහුය. ඒකාන්තයෙන්ම උන්වහන්සේට වැඩක් ඇත්තේයයි සිතුවාය. (එසේ සිතා) යළිගොස් පාත්‍රය මත්තෙහි තබා පසේබුදුන් ක්‍ෂමා කරවාගෙන ස්වාමීනි, මට මේ විලඳ (දීමේ) පිනෙන් විලඳ ගණනට පුත්තු වෙත්වා! නෙළුම්මල දීමේ පිනෙන් උපනුපන් තැන පියවරින් පියවරට නෙළුම්මල් නැඟේවායි පැතුමක් කළාය. පසේබුදුන්වහන්සේ ඇය බලා සිටියදීම අහසින් ගන්‍ධමාදනයට ගොස් ඒ නෙළුම්මල නන්‍දමූලක ප්‍රාග්භාරයෙහි පසේබුදුන්වහන්සේලා පයතබන හිණ සමීපයෙහි පාපිස්නක් කොට තැබූසේක.

සාපි තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන දෙවලොකෙ පටිසන්‍ධිං ගණ‍්හි, නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය චස‍්සා පදෙ පදෙ මහාපදුමපුප‍්ඵං උට‍්ඨාසි. සා තතො චවිත්‍වා පබ‍්බතපාදෙ එකස‍්මිං පදුමස‍්සරෙ පදුමගබ‍්භෙ නිබ‍්බත‍්ති. තං නිස‍්සාය එකො තාපසො වසති, සො පාතොව මුඛධොවනත්‍ථාය සරං ගන‍්ත්‍වා තං පුප‍්ඵං දිස‍්වා චින‍්තෙසි – “ඉදං පුප‍්ඵං සෙසෙහි මහන‍්තතරං, සෙසානි ච පුප‍්ඵිතානි, ඉදං මකුළිතමෙව, භවිතබ‍්බමෙත්‍ථ කාරණෙනා”ති උදකං ඔතරිත්‍වා තං පුප‍්ඵං ගණ‍්හි. තං තෙන ගහිතමත‍්තමෙව පුප‍්ඵිතං. තාපසො අන‍්තොපදුමගබ‍්භෙ නිපන‍්නදාරිකං අද‍්දස. දිට‍්ඨකාලතො පට‍්ඨාය ච ධීතුසිනෙහං ලභිත්‍වා පදුමෙනෙව සද‍්ධිං පණ‍්ණසාලං නෙත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජාපෙසි. අථස‍්සා පුඤ‍්ඤානුභාවෙන අඞ‍්ගුට‍්ඨකෙ ඛීරං නිබ‍්බත‍්ති. සො තස‍්මිං පුප‍්ඵෙ මිලාතෙ අඤ‍්ඤං නවපුප‍්ඵං ආහරිත්‍වා තං නිපජ‍්ජාපෙසි. අථස‍්සා ආධාවනවිධාවනෙන කීළිතුං සමත්‍ථකාලතො පට‍්ඨාය පදවාරෙ පදවාරෙ පදුමපුප‍්ඵං උට‍්ඨාසි, කුඞ‍්කුමරාසිස‍්ස වියස‍්සා සරීරවණ‍්ණො අහොසි. සා අප‍්පත‍්තා දෙවවණ‍්ණං, අතික‍්කන‍්තා මානුසවණ‍්ණං අහොසි. සා පිතරි ඵලාඵලත්‍ථාය ගතෙ පණ‍්ණසාලායං ඔහීයති.

ඕ තොමෝද ඒ පින්කමෙහි විපාකයෙන් දෙව්ලොව පිළිසිඳ ගත්තාය. උපන්කල පටන් ඇයගේ පියවරින් පියවරට නෙළුම්මල් නැඟුනේය. ඕතොමෝ එයින් සැව පර්‍වතපාදයක එක් මහ නෙළුම් විලක පියුම් ගැබක උපන්නීය. ඒ විල ඇසුරුකොට එක් තවුසෙක් වසයි. හෙතෙම උදයෙන්ම මුවදෙවුනා පිණිස විලට ගොස් ඒ මල දැක සිතුවේය: මේ මල අනෙක් ඒවාට වඩා ලොකුය. අනෙක් මල් පිපී ඇත. මෙය හැකිළී ඇත. මෙහි කිසියම් කරුණක් ඇත.’ (මෙසේ සිතා) දියට බැස ඒ මල ගත්තේය. එය ඔහු විසින් ගත් කෙණෙහිම පිපුණි. තවුසා පියුම් ගැබ ඇතළත හොත් දැරිය දුටුවේය. දුටුකල්හි පටන් දුහිතෘස්නෙහය ලැබ පියුම සමඟම පන්සලට ගෙනවුත් ඇඳෙහි වැදහෙව්වේය. ඉක්බිති ඔහුට ඇයගේ පින්බෙලෙන් මහපට ඇඟිල්ලෙහි කිරි නිපැදිණ. හෙතෙම ඒ මල මැලවුණු කල්හි වෙනත් අලුත් මලක් ගෙනවුත් ඇය වැදහෙව්වේය. ඉක්බිති ඇයට දුවපැන ඇවිදිමින් සෙල්ලම් කිරීමට හැකි කාලයෙහි පටන් පියවරින් පියවරට නෙළුම්මල් මතුව එයි. ඇයගේ සිරුරුපැහැය කොකුම් රැසක මෙන් වෙයි. ඕ දේවවර්‍ණයට නොපැමිණියා මනුෂ්‍යවර්‍ණය ඉක්මවූවාය.

අථෙකදිවසං තස‍්සා වයප‍්පත‍්තකාලෙ පිතරි ඵලාඵලත්‍ථාය ගතෙ එකො වනචරකො තං දිස‍්වා චින‍්තෙසි – “මනුස‍්සානං නාම එවංවිධං රූපං නත්‍ථි, වීමංසිස‍්සාමි න”න‍්ති තාපසස‍්ස ආගමනං උදික‍්ඛන‍්තො නිසීදි. සා පිතරි ආගච‍්ඡන‍්තෙ පටිපථං ගන‍්ත්‍වා තස‍්ස හත්‍ථතො කාජකමණ‍්ඩලුං අග‍්ගහෙසි, ආගන‍්ත්‍වා නිසින‍්නස‍්ස චස‍්ස අත‍්තනා කරණවත‍්තං දස‍්සෙසි. තදා සො වනචරකො මනුස‍්සභාවං ඤත්‍වා තාපසං අභිවාදෙත්‍වා නිසීදි. තාපසො තං වනචරකං වනමූලඵලාඵලෙහි ච පානීයෙන ච නිමන‍්තෙත්‍වා, “භො පුරිස, ඉමස‍්මිංයෙව ඨානෙ වසිස‍්සසි, උදාහු ගමිසස‍්සී”ති පුච‍්ඡි. ගමිස‍්සාමි, භන‍්තෙ, ඉධ කිං කරිස‍්සාමීති. ඉදං තයා දිට‍්ඨකාරණං එත‍්තො ගන‍්ත්‍වා අකථෙතුං සක‍්ඛිස‍්සසීති. සචෙ, අය්‍යො, න ඉච‍්ඡති, කිං කාරණා කථෙස‍්සාමීති තාපසං වන්‍දිත්‍වා පුන ආගමනකාලෙ මග‍්ගසඤ‍්ජානනත්‍ථං සාඛාසඤ‍්ඤඤ‍්ච රුක‍්ඛසඤ‍්ඤඤ‍්ච කරොන‍්තො පක‍්කාමි.

ඕතොමෝ පියා පලවැල සඳහා ගියකල්හි එක් වනචාරියෙක් ඇය දැක ‘මිනිසුන්ට නම් මෙබඳු රූපයක් නැත. මෙය විමසන්නෙමැයි තවුසාගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් හුන්නේය. ඕ පියා එනකල්හි ඉදිරිමාර්‍ගයට ගොස් ඔහුගේ අතින් කදමල්ල ගත්තාය. අවුත් හුන්නහුට තමන්විසින් කරනවත් දැක්වූවාය. එකල්හි ඒ වනචාරී පුද්ගලයා මිනිස්බව දැන තවුසාට වැඳ හුන්නේය. තවුසා ඒ වනචාරියාටවනමුල් පලවැලින්ද පියයුතු දියෙන්ද නිමන්ත්‍රණය කොට, පින්වත් පුරුෂය, මෙතැන්හිම වන්නෙහිද නැතහොත් යන්නෙහිදැයි විමසීය. ස්වාමීනි, යන්නෙමි. මෙහි කුමක් කරන්නෙම්දැයි (හෙතෙම කීය.) ඔබ විසින් දුටු මේ කාරණය මෙයින් ගොස් නොකියා සිටීමට හැක්කෙහිදැයි තවුසා ඇසීය. ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ නොකැමැති වෙත්නම් කුමක් නිසා කියන්නෙමිදැයි තවුසා වැඳ යළි එන කල්හි මඟ දැන ගැනීම සඳහා අතු නිමිත්තද ගස් නිමිත්තද කරමින් ගියේය.

සො බාරාණසිං ගන‍්ත්‍වා රාජානං අද‍්දස, රාජා “කස‍්මා ආගතොසී”ති පුච‍්ඡි. “අහං, දෙව, තුම‍්හාකං වනචරකො පබ‍්බතපාදෙ අච‍්ඡරියං ඉත්‍ථිරතනං දිස‍්වා ආගතොම‍්හී”ති සබ‍්බං පවත‍්තිං කථෙසි. සො තස‍්ස වචනං සුත්‍වා වෙගෙන පබ‍්බතපාදං ගන‍්ත්‍වා අවිදූරෙ ඨානෙ ඛන්‍ධාවාරං නිවෙසෙත්‍වා වනචරකෙන චෙව අඤ‍්ඤෙහි ච පුරිසෙහි සද‍්ධිං තාපසස‍්ස භත‍්තකිච‍්චං කත්‍වා නිසින‍්නවෙලාය තත්‍ථ ගන‍්ත්‍වා අභිවාදෙත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසීදි. රාජා තාපසස‍්ස පබ‍්බජිතපරික‍්ඛාරභණ‍්ඩං පාදමූලෙ ඨපෙත්‍වා, “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ කිං කරොම, ගච‍්ඡාමා”ති ආහ. ගච‍්ඡ, මහාරාජාති. ආම, ගච‍්ඡාමි, භන‍්තෙ. අය්‍යස‍්ස පන සමීපෙ විසභාගපරිසා අත්‍ථීති අස‍්සුම‍්හ, අසාරුප‍්පා එසා පබ‍්බජිතානං, මයා සද‍්ධිං ගච‍්ඡතු, භන‍්තෙති. මනුස‍්සානං චිත‍්තං නාම දුත‍්තොසයං, කථං බහූනං මජ‍්ඣෙ වසිස‍්සතීති. අම‍්හාකං රුචිතකාලතො පට‍්ඨාය සෙසානං ජෙට‍්ඨකට‍්ඨානෙ ඨපෙත්‍වා පටිජග‍්ගිස‍්සාමි, භන‍්තෙති.

හෙතෙමේත් බරණැසට ගොස් රජු බැහැ දුටුවේය. රජතෙමේ කුමක් නිසා පැමිණියෙහිදැයි ඇසුවේය. ‘දේවයන් වහන්ස, මම නුඹවහන්සේගේ වනචාරියෙක්මි. පර්‍වතපාදයක ආශ්චර්‍ය්‍යමත් ස්ත්‍රීරත්නයක් දැක පැමිණියෙමි’යි සියලු පුවත් පැවසීය. හෙතෙම (රජතෙමේ) ඔහුගේ වචනය අසා ඉක්මණින් පර්‍වතපාදයට ගොස් නුදුරු තන්හි කඳවුරක් තනවා වනචාරියාද සුළුපිරිසක්ද සමඟින් තවුසා බත් කිස කොට හුන් වේලෙහි එහි ගොස් වැඳ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. රජතෙමේ තවුසාගේ පැවිදි පිරිකරබඩු පාමුල තබා ස්වාමීනි, මෙතැන කුමක් කරමුද? යම්හයි කීවේය. ‘යන්න මහරජැ’යි තවුසා පැවසීය. ‘යමි ස්වාමීනි, ආර්‍ය්‍යයන්වහන්සේ සමීපයෙහි අසමාන (විරුද්ධලිංගික) පිරිසක් ඇත්දැයි (රජතෙමේ විමසීය.) ‘ඇත්තෝ වෙමු.’ ‘එය පැවිද්දන්ට ප්‍රමාදයට හේතුවකි. මා සමඟ යේවා ස්වාමීනි’යි රජතුසා කීවේය. ‘මිනිසුන්ගේ සිත් නම් සතුටුකරවීම දුෂ්කරය. කෙසේ නම් බොහෝදෙනා මැද වසන්නේද?’ ‘මට කැමති කාලයෙහි සිට සෙස්සන්ට දෙටු තැනෙහි තබා පිළිදැඟුම් කිරීමට හැකිවන්නෙමි, ස්වාමීනි’යි රජතෙමේ පැවසීය.

සො රඤ‍්ඤො කථං සුත්‍වා දහරකාලෙ ගහිතනාමවසෙනෙව, “අම‍්ම, පදුමවතී”ති ධීතරං පක‍්කොසි. සා එකවචනෙනෙව පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා පිතරං අභිවාදෙත්‍වා අට‍්ඨාසි. අථ නං පිතා ආහ – “ත්‍වං, අම‍්ම, වයප‍්පත‍්තා, ඉමස‍්මිං ඨානෙ රඤ‍්ඤා දිට‍්ඨකාලතො පට‍්ඨාය වසිතුං අයුත‍්තා, රඤ‍්ඤා සද‍්ධිං ගච‍්ඡ, අම‍්මා”ති. සා “සාධු, තාතා”ති පිතු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා අභිවාදෙත්‍වා පරොදමානා අට‍්ඨාසි. රාජා “ඉමිස‍්සා පිතු චිත‍්තං ගණ‍්හාමී”ති තස‍්මිංයෙව ඨානෙ කහාපණරාසිම‍්හි ඨපෙත්‍වා අභිසෙකං අකාසි. අථ නං ගහෙත්‍වා අත‍්තනො නගරං ආනෙත්‍වා ආගතකාලතො පට‍්ඨාය සෙසඉත්‍ථියො අනොලොකෙත්‍වා තාය සද‍්ධිංයෙව රමති. තා ඉත්‍ථියො ඉස‍්සාපකතා තං රඤ‍්ඤො අන‍්තරෙ පරිභින්‍දිතුකාමා එවමාහංසු – “නායං, මහාරාජ, මනුස‍්සජාතිකා, කහං නාම තුම‍්හෙහි මනුස‍්සානං විචරණට‍්ඨානෙ පදුමානි උට‍්ඨහන‍්තානි දිට‍්ඨපුබ‍්බානි, අද‍්ධා අයං යක‍්ඛිනී, නීහරථ නං මහාරාජා”ති. රාජා තාසං කථං සුත්‍වා තුණ‍්හී අහොසි.

හෙතෙම රජුගේ කථාව අසා කුඩාකල ගත් නම වශයෙන්ම ‘දුව, පදුමවතී’යි දියණිය කැඳවීය. ඕ එක්වදනින්ම පන්සලෙන් නික්ම පියා වැඳ සිටියාය. ඉක්බිති ඇයට පියා (මෙසේ) කීවේය. දරුව නුඹ වියපත් වූවාය. මෙතැන්හිද රජුවිසින් දුටු කාලයෙහි පටන් විසීමට අපහසුය. දරුව රජු සමඟම යව’ ඕ මැනවැයි පියවදන පිළිගෙන වැඳ අඬමින් සිටියාය. රජතෙමේ මැයගේ පියාගේ සිත ගනිමියි එතැන්හිම කහවණුගොඩක තබා අභිෂේක කළේය. ඉක්බිති ඇය රැගෙන තම නුවරට ගෙනවුත් ආකල පටන් සෙසු ස්ත්‍රීන්දෙස නොබලා ඇය සමඟම රමනය කරයි. ඊර්‍ෂ්‍යාව ස්වභාවය කොට ඇති ඒ ස්ත්‍රීහු ඇය රජු කෙරෙන් බිඳිනු කැමැත්තාහු, මෙසේ කීවාහුය. ‘මහරජ, මෝ මනුෂ්‍ය ජාතිකවුවක් නොවේ. නුඹවහන්සේවිසින් කොහිදී නම් මිනිසුන් හැසිරෙන කල්හි පියුම් නැඟෙනු දුටුවිරූද? ඒකාන්තයෙන්ම මෝ යකින්නකි. මහරජතුමනි, මැය පිටමං කරලනු මැනව.’ රජතෙමේ ඔවුන්ගේ කථාව අසා නිහඬ වූයේය.

අථස‍්ස අපරෙන සමයෙන පච‍්චන‍්තො කුපිතො. සො “ගරුගබ‍්භා පදුමවතී”ති තං නගරෙ ඨපෙත්‍වා පච‍්චන‍්තං අගමාසි. අථ තා ඉත්‍ථියො තස‍්සා උපට‍්ඨායිකාය ලඤ‍්ජං දත්‍වා “ඉමිස‍්සා දාරකං ජාතමත‍්තමෙව අපනෙත්‍වා එකං දාරුඝටිකං ලොහිතෙන මක‍්ඛෙත්‍වා සන‍්තිකෙ ඨපෙහී”ති ආහංසු. පදුමවතියාපි නචිරස‍්සෙව ගබ‍්භවුට‍්ඨානං අහොසි. මහාපදුමකුමාරො එකකොව කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි. අවසෙසා එකූනපඤ‍්චසතා දාරකා මහාපදුමකුමාරස‍්ස මාතුකුච‍්ඡිතො නික‍්ඛමිත්‍වා නිපන‍්නකාලෙ සංසෙදජා හුත්‍වා නිබ‍්බත‍්තිංසු. අථස‍්ස “න තාවායං සතිං පටිලභතී”ති ඤත්‍වා උපට‍්ඨායිකා එකං දාරුඝටිකං ලොහිතෙන මක‍්ඛෙත්‍වා සමීපෙ ඨපෙත්‍වා තාසං ඉත්‍ථීනං සඤ‍්ඤං අදාසි. තා පඤ‍්චසතාපි ඉත්‍ථියො එකෙකා එකෙකං දාරකං ගහෙත්‍වා චුන්‍දකාරකානං සන‍්තිකං පෙසෙත්‍වා කරණ‍්ඩකෙ ආහරාපෙත්‍වා අත‍්තනා අත‍්තනා ගහිතදාරකෙ තත්‍ථ නිපජ‍්ජාපෙත්‍වා බහි ලඤ‍්ඡනං කත්‍වා ඨපයිංසු.

ඉක්බිති අන්කලෙක මේ රජුගේ ප්‍රත්‍යන්තය කිපියේය. හෙතෙම පදුමාවතී ගැබ්බර ඇත්තීයයි ඇය නුවරෙහි තබා ප්‍රත්‍යන්තයට ගියේය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇයගේ උපස්ථායිකාවට අත්ලස්දී මැයට දරුවකු උපන් කෙණෙහිම බැහැර කොට එක් දැව ගැටයක් ලෙයින් මුසු කොට ලඟ තබවයි කීවාහුය. පදුමවතියටද නොබෝ කලකින්ම දරුප්‍රසූතිය විය. මහාපදුමකුමාරතෙමේ තනිවම කුසෙහි විසීය. සෙසු එකුන්පන්සියයක් දරුවෝ මහාපදුම කුමරු මව් කුසින් නික්ම උපන් කල්හි සංසෙදජවී උපන්නාහුය. ඉක්බිති ‘මෝතොමෝ තවමත් සිහි නොලබන්නීය’යි දැන ඒ උපස්ථායිකාව එක් දැව ගැටයක් ලෙයින් මුසුකොට ඇයගේ සමීපයෙහි තබා ඒ ස්ත්‍රීන්ට සංඥාවක් දුන්නාය. ඒ පන්සියයක් ස්ත්‍රීහු එකිවෙකා එකිනෙක් දරුවා රැගෙන ලියවන වඩුවන් වෙත යවා කරඬුව බැගින් ගෙන්වා තම තමන් විසින් ගන්නාලද දරුවන් එහි හොවා පිටත සලකුණක් කොට තැබුවාහුය.

පදුමවතීපි ඛො සඤ‍්ඤං ලභිත්‍වා තං උපට‍්ඨායිකං “කිං විජාතම‍්හි, අම‍්මා”ති පුච‍්ඡි. සා තං සන‍්තජ‍්ජෙත්‍වා “කුතො ත්‍වං දාරකං ලභිස‍්සසී”ති වත්‍වා “අයං තෙ කුච‍්ඡිතො නික‍්ඛන‍්තදාරකො”ති ලොහිතමක‍්ඛිතං දාරුඝටිකං පුරතො ඨපෙසි. සා තං දිස‍්වා දොමනස‍්සප‍්පත‍්තා “සීඝං නං ඵාලෙත්‍වා අපනෙහි, සචෙ කොචි පස‍්සෙය්‍ය ලජ‍්ජිතබ‍්බං භවෙය්‍යා”ති ආහ. සා තස‍්සා කථං සුත්‍වා අත්‍ථකාමා විය දාරුඝටිකං ඵාලෙත්‍වා උද‍්ධනෙ පක‍්ඛිපි.

පදුමවතීද සිහි ලැබ ඒ උපස්ථායිකාවගෙන් ‘මෑණියනි, කුමක් වැදුවෙමිදැයි ඇසුවාය. ඕතොමෝ ඇය බියපත් කොට නුඹ කොයින් දරුවකු ලබන්නේහිදැයි කියා මේ නුඹේ කුසින් නික්මුණු දරුවායයි ලෙහෙවැකුණු දැව ගැටය ඉදිරියෙන් තැබුවාය. ඕතොමෝ එය දැක දොම්නසට පත්වූවා ‘ඉක්මණින් එය පළා ඉවත්කරව. ඉදින් කිසිවෙක් දකින්නේද ලැජ්ජාවියයුතු වන්නේය’යි කීවාය. ඕ ඇයගේ කථාව අසා වැඩකැමැත්තියක මෙන් දැවගැටය පළා උදුනෙහි දැමුවාය.

රාජාපි පච‍්චන‍්තතො ආගන‍්ත්‍වා නක‍්ඛත‍්තං පටිමානෙන‍්තො බහිනගරෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා නිසීදි. අථ තා පඤ‍්චසතා ඉත්‍ථියො රඤ‍්ඤො පච‍්චුග‍්ගමනං ආගන‍්ත්‍වා ආහංසු – “ත්‍වං, මහාරාජ, න අම‍්හාකං සද‍්දහසි, අම‍්හෙහි වුත‍්තං අකාරණං විය හොති. ත්‍වං මහෙසියා උපට‍්ඨායිකං පක‍්කොසාපෙත්‍වා පටිපුච‍්ඡ, දාරුඝටිකං තෙ දෙවී විජාතා”ති. රාජා තං කාරණං න උපපරික‍්ඛිත්‍වාව “අමනුස‍්සජාතිකා භවිස‍්සතී”ති තං ගෙහතො නික‍්කඩ‍්ඪි. තස‍්සා රාජගෙහතො සහ නික‍්ඛමනෙනෙව පදුමපුප‍්ඵානි අන‍්තරධායිංසු, සරීරච‍්ඡවිපි විවණ‍්ණා අහොසි. සා එකිකාව අන‍්තරවීථියා පායාසි. අථ නං එකා වයප‍්පත‍්තා මහල‍්ලිකා ඉත්‍ථී දිස‍්වා ධීතුසිනෙහං උප‍්පාදෙත්‍වා “කහං ගච‍්ඡසි අම‍්මා”ති ආහ. ආගන‍්තුකම‍්හි, වසනට‍්ඨානං ඔලොකෙන‍්තී විචරාමීති. ඉධාගච‍්ඡ, අම‍්මාති වසනට‍්ඨානං දත්‍වා භොජනං පටියාදෙසි.

රජතෙමේද ප්‍රත්‍යන්තයෙන් පැමිණි නැකත්මොහොතක් බලාපොරොත්තු වෙමින් නගරයෙන් පිටත කඳවුර තනා හුන්නේය. ඉක්බිති ඒ පන්සියයක් ස්ත්‍රීහු රජුට පෙරගමන් අවුත්, මහරජතුමනි, නුඹවහන්සේ අප නොහදහන්නහුය. අප කීදෙය කරුණු නැත්තක් මෙන්විය. නුඹවහන්සේ මෙහෙසියගේ අප කීදෙය කරුණු නැත්තක් මෙන්විය. නුඹවහන්සේ මෙහෙසියගේ උපස්ථායිකාව කැඳවා, විමසනු මැනව. නුඹවහන්සේගේ දේවිය දැවගැටයක් වැදුවායයි කීවාහුය. රජතෙමේ එම කරුණු නොවිසාම නොමිනිස්ජාති ඇත්තියක් වන්නේයයි ඇය ගෙයින් ඇද දැමුවේය. ඇය රජගෙයින් නික්මීමත් සමඟ නෙළුම්මල් අතුරුදහන් විය. සිරුරුසිවියද දුර්වර්ණ විය. ඕ හුදෙකළාව අතුරු වීථියෙහි ගමන් කළාය. ඉක්බිති එක් වියපත් මහළු ස්ත්‍රියක් ඇය දැක දුහිතෘ ස්නේහය උපදවා ‘දරුව කොහි යන්නෙහිදැයි ඇසුවාය. ‘ආගන්තුක ස්ත්‍රියක් වෙමි. විසීමට තැනක් සොයමින් හැසිරෙමි’යි කීවාය. ‘දරුව මෙහි එව’යි විසීමට තැනක් දී බොජුන් පිළියෙළ කොට දුන්නාය.

තස‍්සා ඉමිනාව නියාමෙන තත්‍ථ වසමානාය තා පඤ‍්චසතා ඉත්‍ථියො එකචිත‍්තා හුත්‍වා රාජානං ආහංසු – “මහාරාජ, තුම‍්හෙසු යුද‍්ධං ගතෙසු අම‍්හෙහි ගඞ‍්ගාදෙවතාය ‘අම‍්හාකං දෙවෙ විජිතසඞ‍්ගාමෙ ආගතෙ බලිකම‍්මං කත්‍වා උදකකීළං කරිස‍්සාමා’ති පත්‍ථිතං අත්‍ථි, එතමත්‍ථං, දෙව, ජානාපෙමා”ති. රාජා තාසං වචනෙන තුට‍්ඨො ගඞ‍්ගායං උදකකීළං කාතුං අගමාසි. තාපි අත‍්තනා අත‍්තනා ගහිතං කරණ‍්ඩකං පටිච‍්ඡන‍්නං කත්‍වා ආදාය නදිං ගන‍්ත්‍වා තෙසං කරණ‍්ඩකානං පටිච‍්ඡාදනත්‍ථං පාරුපිත්‍වා පාරුපිත්‍වා උදකෙ පතිත්‍වා කරණ‍්ඩකෙ විස‍්සජ‍්ජෙසුං. තෙපි ඛො කරණ‍්ඩකා සබ‍්බෙ සහ ගන‍්ත්‍වා හෙට‍්ඨාසොතෙ පසාරිතජාලම‍්හි ලග‍්ගිංසු. තතො උදකකීළං කීළිත්‍වා රඤ‍්ඤො උත‍්තිණ‍්ණකාලෙ ජාලං උක‍්ඛිපන‍්තා තෙ කරණ‍්ඩකෙ දිස‍්වා රඤ‍්ඤො සන‍්තිකං ආනයිංසු. රාජා කරණ‍්ඩකෙ දිස‍්වා “කිං, තාතා, කරණ‍්ඩකෙසූ”ති ආහ. න ජානාම, දෙවාති. සො තෙ කරණ‍්ඩකෙ විවරාපෙත්‍වා ඔලොකෙන‍්තො පඨමං මහාපදුමකුමාරස‍්ස කරණ‍්ඩකං විවරාපෙසි. තෙසං පන සබ‍්බෙසම‍්පි කරණ‍්ඩකෙසු නිපජ‍්ජාපිතදිවසෙයෙව පුඤ‍්ඤිද‍්ධියා අඞ‍්ගුට‍්ඨතො ඛීරං නිබ‍්බත‍්ති. සක‍්කො දෙවරාජා තස‍්ස රඤ‍්ඤො නික‍්කඞ‍්ඛභාවත්‍ථං අන‍්තොකරණ‍්ඩකෙ අක‍්ඛරානි ලිඛාපෙසි “ඉමෙ කුමාරා පදුමවතියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තා බාරාණසිරඤ‍්ඤො පුත‍්තා, අථ නෙ පදුමවතියා සපත‍්තියො පඤ‍්චසතා ඉත්‍ථියො කරණ‍්ඩකෙසු පක‍්ඛිපිත්‍වා උදකෙ ඛිපිංසු, රාජා ඉමං කාරණං ජානාතූ”ති. කරණ‍්ඩකෙ විවරිතමත‍්තෙ රාජා අක‍්ඛරානි වාචෙත්‍වා දාරකෙ දිස‍්වා මහාපදුමකුමාරං උක‍්ඛිපිත්‍වා “වෙගෙන රථෙ යොජෙථ, අස‍්සෙ කප‍්පෙථ, අහං අජ‍්ජ අන‍්තොනගරං පවිසිත්‍වා එකච‍්චානං මාතුගාමානං පියං කරිස‍්සාමී”ති පාසාදං ආරුය‍්හ හත්‍ථිගීවාය සහස‍්සභණ‍්ඩිකං ඨපෙත්‍වා භෙරිං චරාපෙසි “යො පදුමවතිං පස‍්සති, සො ඉමං සහස‍්සං ගණ‍්හතූ”ති.

ඇය මේ අයුරින් එහි වසනකල්හි ඒ පන්සියයක් ස්ත්‍රීහු එක්සිත්ව රජුව ‘මහරජතුමනි, නුඹවහන්සේ කඳවුරට ගිය කල්හි අපගේ දේවයන් වහන්සේ දිනුසටන් ඇතිව පැමිණිකල්හි බලිකර්‍මයක් කොට ජලක්‍රීඩා කරන්නෙමුයයි අප විසින් ගංගා දේවතාවට කරනලද පැතුමක් ඇත. දේවයන්වහන්ස, මෙකරුණ දන්වන්නෙමුයි කීවාහුය. රජතෙමේ ඔවුන්ගේ වචනයෙන්, සතුටු වූයේ ගඟෙහි ජලක්‍රීඩා කිරීමට ගියේය. ඔවුහුද තමතමන් ගත් කරඬුව සඟවා රැගෙන නදියට ගොස් ඒ කරඬු සඟවාලනු සඳහා (රෙදිකඩ) පොරව පොරවා දියට වැටී කරඬු පා කොට හැරියාහුය. ඒ කරඬු සියල්ලම ගොස් ගඟ පහළ හෙළූ. දැලෙහි ලැගුණේය. ඉක්බිති දිය කෙළි කොට රජු ගොඩට ආකල්හි දැල ඔසවන්නාහු ඒ කරඬු දැක රජු වෙතට යැවූහ. රජතෙමේ කරඬු බලා ‘දරුවනි, කරඬුවල කුමක්දැයි ඇසුවේය. දේවයන්වහන්ස, නොදනිමු’යි කීහ. හෙතෙම ඒ කරඬු අරවා බලන්නේ පළමුව මහා පදුම කුමරාගේ කරඬුව විවරකරවූයේය. ඒ සියල්ලන්ටම කරඬුවල වැදහෙවූ දිනයෙහිම පුණ්‍ය සෘද්ධියෙන් මහපොට ඇඟිල්ලෙහි කිරි නිපන්නේය. සක්දෙව් රජ තෙමේ ඒ රජුගේ නිසැක බවට කරඬුව ඇතුළෙහි ‘මේ කුමරවරු පදුමවතියගේ කුසෙහි උපන්නාවූ බරණැස්රජුගේ පුත්‍රයෝයි. පදුමවතියට සතුරුවූ පන්සියයක් ස්ත්‍රීහු ඔවුන් කරඬුවල බහා දියෙහි දැමූහ. රජතෙමේ මෙකරුණ දනීවා’යි අකුරු ලියවූයේය. කරඬුව විවරකළ කෙණෙහි රජතෙමේ අකුරු කියවා දරුවන් දැක මහා පදුම කුමරුවන් ඔසවාගෙන ‘ඉක්මණින් රිය යොදවූ. අසුන් සරසවු. මම අද ඇතුළුනුවරට පිවිස ඇතැම් මාගමුන්ට ප්‍රිය දෙයක් කරන්නෙමැ’යි පහයට නැඟ ඇතෙකුගේ ගෙලක දහසින් බැඳි පියල්ලක් තබා, යමෙක් පදුමවතිය දකියිද මේ දහස ගනීවායි නුවර බෙර හැසිරවීය.

තං කථං සුත්‍වා පදුමවතී මාතුයා සඤ‍්ඤං අදාසි – “හත්‍ථිගීවතො සහස‍්සං ගණ‍්හ, අම‍්මා”ති. අහං එවරූපං ගණ‍්හිතුං න විසහාමීති. සා දුතියම‍්පි තතියම‍්පි වුත‍්තෙ, “කිං වත්‍වා ගණ‍්හාමි අම‍්මා”ති ආහ. “මම ධීතා, පදුමවතිං දෙවිං පස‍්සතී”ති වත්‍වා ගණ‍්හාහීති. සා “යං වා තං වා හොතූ”ති ගන‍්ත්‍වා සහස‍්සචඞ‍්කොටකං ගණ‍්හි. අථ නං මනුස‍්සා පුච‍්ඡිංසු – “පදුමවතිං දෙවිං පස‍්සසි, අම‍්මා”ති. “අහං න පස‍්සාමි, ධීතා කිර මෙ පස‍්සතී”ති ආහ. තෙ “කහං පන සා, අම‍්මා”ති වත්‍වා තාය සද‍්ධිං ගන‍්ත්‍වා පදුමවතිං සඤ‍්ජානිත්‍වා පාදෙසු නිපතිංසු. තස‍්මිං කාලෙ සා “පදුමවතී දෙවී අය”න‍්ති ඤත්‍වා “භාරියං වත ඉත්‍ථියා කම‍්මං කතං, යා එවංවිධස‍්ස රඤ‍්ඤො මහෙසී සමානා එවරූපෙ ඨානෙ නිරාරක‍්ඛා වසී”ති ආහ. තෙපි රාජපුරිසා පදුමවතියා නිවෙසනං සෙතසාණීහි පරික‍්ඛිපාපෙත්‍වා ද‍්වාරෙ ආරක‍්ඛං ඨපෙත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා සුවණ‍්ණසිවිකං පෙසෙසි. සා “අහං එවං න ගමිස‍්සාමි, මම වසනට‍්ඨානතො පට‍්ඨාය යාව රාජගෙහං එත්‍ථන‍්තරෙ වරපොත්‍ථකචිත‍්තත්‍ථරණෙ අත්‍ථරාපෙත්‍වා උපරි සුවණ‍්ණතාරකවිචිත‍්තං චෙලවිතානං බන්‍ධාපෙත්‍වා පසාධනත්‍ථාය සබ‍්බාලඞ‍්කාරෙසු පහිතෙසු පදසාව ගමිස‍්සාමි, එවං මෙ නාගරා සම‍්පත‍්තිං පස‍්සිස‍්සන‍්තී”ති ආහ. රාජා “පදුමවතියා යථාරුචිං කරොථා”ති ආහ. තතො පදුමවතී සබ‍්බපසාධනං පසාධෙත්‍වා “රාජගෙහං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි. අථස‍්සා අක‍්කන‍්තඅක‍්කන‍්තට‍්ඨානෙ වරපොත්‍ථකචිත‍්තත්‍ථරණානි භින්‍දිත්‍වා පදුමපුප‍්ඵානි උට‍්ඨහිංසු. සා මහාජනස‍්ස අත‍්තනො සම‍්පත‍්තිං දස‍්සෙත්‍වා රාජනිවෙසනං ආරුය‍්හ සබ‍්බෙ චිත‍්තත්‍ථරණෙ තස‍්සා මහල‍්ලිකාය පොසාවනිකමූලං කත්‍වා දාපෙසි.

ඒ කථාව අසා පදුමවතී මවට ‘මෑණියනි, ඇත්ගෙලෙන් දහස ගන්නැයි’ සංඥාවක් කළාය. ‘මම මෙබන්දක් ගැනීමට අපොහොසත් වෙමි’යි ඇය කීවාය. ඒ දෙවනු තෙවනුවත් කී කල්හි ‘දරුව කුමක් නිසා ගනිම්දැ’යි ඇසුවාය. ‘මගේ දියණිය පදුමවතී දේවිය නමැයි කියා ගනුව’යි පදුමවතී කීවාය. ඕ කුමනදෙයක් හෝ වේවායි ගොස් දහසින් යුත් පෙට්ටිය ගත්තාය. ඉක්බිති මිනිස්සු ඇයගෙන් ‘මෑණියනි, පදුමවතී දේවිය දුටුවෙහිදැයි ඇසූහ. ‘මම නොදකිමි. මගේ දුව දකියි කීවාය. ඔවුහු මෑණියනි, ඇය කොහිදැයි අසා ඇය සමඟ ගොස් පදුමවතිය හැඳින පාමුල හොත්තාහ. එකල්හි ඒතොමෝ මේ පදුමවතී දේවියයි දැන ‘යම් තැනැත්තියක් මෙබඳුවූ රජකුගේ මෙහෙසිය වූවා මෙබඳු තැනක ආරක්‍ෂා රහිතව විසුවාද ඒ ස්ත්‍රිය විසින් බැරෑරුම් වැඩක් කරන ලදැ’යි කීවාය. ඒ රාජ පුරුෂයෝත් පදුමවතියගේ නිවෙස්න සුදු තිරවලින් වටකොට දොරටුවෙහි රැකවල් තබා ගොස් රජුට සැළකළාහුය. රජතෙමේ රන්සිවිගෙයක් යැව්වේය. ඕ තොමෝ ‘මම මෙසේ නොයමි. මා වසන තැන සිට රජගෙය දක්වා මෙදැතුරෙහි උතුම් නියඳින් තැනූ විසිතුරු අතුරුණු අතුරුවා මත්තෙහි රන්වන් තරුවලින් විසිතුරු රෙදි වියන් බන්දවා පළඳනාවන් සඳහා සියලු අලංකාරයන් එවූ කල්හි පයින්ම යන්නෙමි. මෙසේ නුවරවැස්සෝ මගේ සැපත් බලන්නහුය’යි කීවාය. රජතෙමේ ‘පදුමවතියට කැමති දෙයක් කරවුය’යි කීහ. ඉකිබිති පදුමවතී සියලු පළඳනාවන් පැළඳ රජගෙයට යන්නෙමැයි මඟට පිළිපන්නාය. ඉක්බිති ඇයගේ පියතැබූ පියතැබූ තැන උතුම් නියඳින් තැනූ විසිතුරු අතුරුණු බිඳී නෙළුම්මල් පැන නැංගේය. ඕතොමෝ මහජනයාට තමාගේ සැපත් දක්වා රජනාවෙස්නට නැඟ සියලුම ඒ අතුරුණු ඒ මහළු ස්ත්‍රියට පෝෂණය වෙනුවෙන් ගෙවියයුතු මුදල් කොට දෙවෙව්වාය.

රාජාපි ඛො තා පඤ‍්චසතා ඉත්‍ථියො පක‍්කොසාපෙත්‍වා “ඉමායො තෙ දෙවි දාසියො කත්‍වා දෙමී”ති ආහ. සාධු, මහාරාජ, එතාසං මය‍්හං දින‍්නභාවං සකලනගරෙ ජානාපෙහීති. රාජා නගරෙ භෙරිං චරාපෙසි – “පදුමවතියා දූබ‍්භිකා පඤ‍්චසතා ඉත්‍ථියො එතිස‍්සා එව දාසියො කත්‍වා දින‍්නා”ති. සා “තාසං සකලනගරෙන දාසිභාවො සල‍්ලක‍්ඛිතො”ති ඤත්‍වා “අහං මම දාසියො භුජිස‍්සා කාතුං ලභාමි දෙවා”ති රාජානං පුච‍්ඡි. තව ඉච‍්ඡා දෙවීති. එවං සන‍්තෙ තමෙව භෙරිචාරිකං පක‍්කොසාපෙත්‍වා “පදුමවතිදෙවියා අත‍්තනො දාසියො කත්‍වා දින‍්නා පඤ‍්චසතා ඉත්‍ථියො සබ‍්බාව භුජිස‍්සා කතාති පුන භෙරිං චරාපෙථා”ති ආහ. සා තාසං භුජිස‍්සභාවෙ කතෙ එකූනානි පඤ‍්චසත‍්තපුත‍්තානි තාසංයෙව හත්‍ථෙ පොසනත්‍ථාය දත්‍වා සයං මහාපදුමකුමාරංයෙව ගණ‍්හි.

රජතෙමේද ඒ පන්සියයක් ස්ත්‍රීන් කැඳවා ඔවුන් ඒ දේවියගේ දැස්සන් කොට දෙමියි කීවේය. ‘මැනවි මහරජ, මොවුන් (දැස්සන් කොට) දුනබව සියලු නගරයෙහි දන්වාලුව මැනවැ’යි කීවාය. රජතෙමේ පදුමවතියගේ සතුරුවූ පන්සියයක් ස්ත්‍රිහ් ඇයටම දැස්සන් කොට දෙන ලද්දාහුයයි නුවර බෙර හසුරුවාලීය. ඕතොමෝ සියලු නුවරුන් විසින් ඒ ස්ත්‍රීන්ගේ දැසි බව සලකන ලද්දෙයයි දැන, ‘මම මගේ දැස්සන් දැසි බවින් නිදහස් වූවන් කිරීමට ලබමි දෙවයිනි’යි රජුගෙන් විමසුවාය. ‘දේවිය, ඔබගේ කැමැත්තක් යයි රජතෙමේ කීවේය. ‘එසේ ඇති කල්හි එම බෙරවයන්න්ම කැඳවා පදුමවතී දේවිය විසින් තමන්ට දැස්සන් කොට දෙනලද පන්සියයක් ස්ත්‍රීහු සියල්ලෝම දැසි බවෙන් නිදහස් කරන ලදහයි යළි බෙර හසුරුලුව මැනවැයි කීවාය. ඕතොමෝ ඔවුන් දැසි බවින් නිදහස්කළ කල්හි එකුන් පන්සියයක් පුතුන් ඔවුන්ගේම අතෙහි වැඩීම සඳහාදී තොමෝ මහාපදුම කුමරුව ගත්තාය.

අථ අපරභාගෙ තෙසං කුමාරානං කීළනවයෙ සම‍්පත‍්තෙ රාජා උය්‍යානෙ නානාවිධං කීළනට‍්ඨානං කාරෙසි. තෙ අත‍්තනො සොළසවස‍්සුද‍්දෙසිකකාලෙ සබ‍්බෙව එකතො හුත්‍වා උය්‍යානෙ පදුමසඤ‍්ඡන‍්නාය මඞ‍්ගලපොක‍්ඛරණියා කීළන‍්තා නවපදුමානි පුප‍්ඵිතානි පුරාණපදුමානි ච වණ‍්ටතො පතන‍්තානි දිස‍්වා “ඉමස‍්ස තාව අනුපාදින‍්නකස‍්ස එවරූපා ජරා පාපුණාති, කිමඞ‍්ගං පන අම‍්හාකං සරීරස‍්ස. ඉදම‍්පි හි එවංගතිකමෙව භවිස‍්සතී”ති ආරම‍්මණං ගහෙත්‍වා සබ‍්බෙව පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා උට‍්ඨායුට‍්ඨාය පදුමකණ‍්ණිකාසු පල‍්ලඞ‍්කෙන නිසීදිංසු.

ඉක්බිති මෑතකාලයෙහි ඒ කුමරුන්ගේ කෙළිවයස පැමිණි කල්හි රජතෙමේ උයනෙහි නොයෙක් කෙළින තැන් කරවීය. ඔවුහු තමන්ගේ සොළොස්වියැති කාලයෙහි සියල්ලෝම එක්වී පියුමින් ගැවසුණු මඟුල් පොකුණෙහි කෙළින්නාහු පිපෙන අලුත් පියුම්ද නටුවෙන (ගලැවී) වැටෙන පරණ පියුම්ද දැක කෙලෙස් නැති මේ දෙයටද මෙබඳුවූ ‘ජරාව පැමිණෙයි. අපගේ ශරීරයට වනාහි කියනුම කිම? මෙයද මේ ස්වභාවය ඇත්තේ වන්නේමයයි අරමුණු ගෙන සියල්ලෝම පච්චේක බුද්ධඤාණය උපදවා නැඟිට නැඟිට පියුම් කෙණිවල පළඟින් හුන්නාහුය.

අථ තෙහි සද‍්ධිං ආගතා රාජපුරිසා බහුගතං දිවසං ඤත්‍වා “අය්‍යපුත‍්තා තුම‍්හාකං වෙලං ජානාථා”ති ආහංසු. තෙ තුණ‍්හී අහෙසුං. තෙ පුරිසා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං – “කුමාරා දෙව, පදුමකණ‍්ණිකාසු නිසින‍්නා, අම‍්හෙසු කථෙන‍්තෙසුපි වචීභෙදං න කරොන‍්තී”ති. යථාරුචියා තෙසං නිසීදිතුං දෙථාති. තෙ සබ‍්බරත‍්තිං ගහිතාරක‍්ඛා පදුමකණ‍්ණිකාසු නිසින‍්නනියාමෙනෙව අරුණං උට‍්ඨාපෙසුං. පුරිසා පුනදිවසෙ උපසඞ‍්කමිත්‍වා “දෙවා වෙලං ජානාථා”ති ආහංසු. න මයං දෙවා, පච‍්චෙකබුද‍්ධා නාම මයන‍්ති. අය්‍යා, තුම‍්හෙ භාරියං කථං කථෙථ, පච‍්චෙකබුද‍්ධා නාම තුම‍්හාදිසා න හොන‍්ති, ද‍්වඞ‍්ගුලකෙසමස‍්සුධරා කායෙ පටිමුක‍්කඅට‍්ඨපරික‍්ඛාරා හොන‍්තීති. තෙ දක‍්ඛිණහත්‍ථෙන සීසං පරාමසිංසු. තාවදෙව ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, අට‍්ඨ පරික‍්ඛාරා කායෙ පටිමුක‍්කාව අහෙසුං. තතො පස‍්සන‍්තස‍්සෙව මහාජනස‍්ස ආකාසෙන නන්‍දමූලකපබ‍්භාරං අගමංසු.

ඉක්බිති ඔවුන් සමඟ පුරුෂයෝ දිනය බොහෝ ගෙවීගිය බව දැන ආර්‍ය්‍යපුත්‍රවරුනි, නුඹවහන්සේලාගේ කාලය දනුමැනවැයි කීවාහුය. ඔවුහු නිශ්ශබ්දවූහ. පුරුෂයෝ ගොස් රජුට දේවයිනි, කුමරුවෝ පියුම් කෙණිවල හුන්නාහු අප කථා කරනවිට කථා නොකරතියි සැළ කළාහුය. කැමැති පරිද්දෙන් ඔවුන්ට හිඳීමට දෙවුයයි රජතෙමේ පැවසීය. ඔවුහු සියලු රැයෙහි ගන්නාලද රැකවල් ඇත්තාහු පියුම්කෙණිවල හුන් අයුරින්ම අරුණ නංවාලූහ. පුරුෂයෝ දෙවන දිනයෙහි එළඹ, දේවයිනි, කාලය දනු මැනවැයි කීවාහුය. ‘අපි දේවයෝ නොවෙමු. අපි පසේබුදුවරු වෙමු’යි ඔවුහු කීහ. ආර්‍ය්‍යවරුනි, නුඹවහන්සේලා බැරෑරුම් කථාවක් කියන්නාහුය. පසේබුදුවරුනම් නුඹවහන්සේලා වැන්නාහු නොවෙත්. දැඟුල් කෙස් රැවුල් ඇති සිරුරෙහි පැළඳගත් අටපිරිකර ඇති වෙයි’යි කීහ. ඔවුහු ‘නුඹලා බැරෑරුම් දෙයක් නොකියහු’යි දකුණු අතින් හිස පිරිමැද්දාහුය. එකෙණෙහිම ගිහිලක්‍ෂණය අතුරුදහන් වූයේය. සිරුරෙහි අටපිරිකර පැළඳුනේ විය. ඉක්බිති මහජනයා බලාසිටියදීම අහසින් නන්‍දමූලක ප්‍රාග්භාරයට වැඩියහ.

සාපි ඛො, පදුමවතී දෙවී, “අහං බහුපුත‍්තා හුත්‍වා නිපුත‍්තා ජාතා”ති හදයසොකං පත්‍වා තෙනෙව සොකෙන කාලං කත්‍වා රාජගහනගරද‍්වාරගාමකෙ සහත්‍ථෙන කම‍්මං කත්‍වා ජීවනකට‍්ඨානෙ නිබ‍්බත‍්ති. අපරභාගෙ කුලඝරං ගන‍්ත්‍වා එකදිවසං සාමිකස‍්ස ඛෙත‍්තං යාගුං හරමානා තෙසං අත‍්තනො පුත‍්තානං අන‍්තරෙ අට‍්ඨ පච‍්චෙකබුද‍්ධෙ භික‍්ඛාචාරවෙලාය ආකාසෙන ගච‍්ඡන‍්තෙ දිස‍්වා සීඝං සීඝං ගන‍්ත්‍වා සාමිකස‍්ස ආරොචෙසි – “පස‍්ස, අය්‍ය, පච‍්චෙකබුද‍්ධෙ, එතෙ නිමන‍්තෙත්‍වා භොජෙස‍්සාමා”ති. සො ආහ – “සමණසකුණා නාමෙතෙ අඤ‍්ඤත්‍ථාපි එවං චරන‍්ති, න එතෙ පච‍්චෙකබුද‍්ධා”ති. තෙ තෙසං කථෙන‍්තානංයෙව අවිදූරෙ ඨානෙ ඔතරිංසු. සා ඉත්‍ථී තංදිවසං අත‍්තනො භත‍්තඛජ‍්ජභොජනං තෙසං දත්‍වා “ස‍්වෙපි අට‍්ඨ ජනා මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. සාධු, උපාසිකෙ, තව සක‍්කාරො එත‍්තකොව හොතු, ආසනානි ච අට‍්ඨෙව හොන‍්තු, අඤ‍්ඤෙපි බහූ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා තව චිත‍්තං පසාදෙය්‍යාසීති. සා පුනදිවසෙ අට‍්ඨ ආසනානි පඤ‍්ඤාපෙත්‍වා අට‍්ඨන‍්නං සක‍්කාරසම‍්මානං පටියාදෙත්‍වා නිසීදි.

ඒ පදුමාවතී දේවියද මම බොහෝ පුතුන් ඇත්තී වී පුතුන් නැත්තී වූවායයි හදවත වියලීමට පත්ව ඒ රෝගයෙන්ම කළුරිය කොට රජගහනුවර දෙරටු ගමක සියතින් වැඩ කොට ජීවත්වන තැනක උපන්නේය. ඉක්බිති මෑතකාලයෙහි පතිකුලයට ගියා එක්දිනක් සැමියාගේ කෙතට කැඳ ගෙනයන්නී ඒ තමන්ගේ පුතුන් අතුරෙන් පසේබුදුවරුන් අට නමක් පිඬු හැසිරෙන කාලයෙහි අහසින් එනු දැක වහවහා ගොස් සැමියාට, ‘ස්වාමීනි, පසේබුදුවරුන් බලන්න. උන්වහනස්ලේලාට නිමන්ත්‍රණය කොට වළඳවන්නෙමු’යි සැළ කළාය. ‘මොවුහු මහණ ලිහිණිනම් වෙත්. අන් දිනවලත් මෙසේ හැසිරෙත්. මේ පසේබුදුවරු නොවෙති’යි හෙතෙම කීවේය. ඒ පසේබුදුන්වහන්සේලා ඔවුන් කථාකරමින් සිටියදීම නුදුරු තන්හි බිමට බට සේක. ඒ ස්ත්‍රිය එදින තමන් ලබන කෑයුතු බිදියයුතුද උන්වහන්සේලාටදී හෙට අටදෙනාවහන්සේම මගේ භික්‍ෂාව ගනු මැනවැයි කීවාය. ‘මැනවි, උවැසිය, ඔබේ සත්කාරය මෙපමණක්ම වේවා! ආසනද අටක්ම වේවා! අනෙක් බොහෝ පසේබුදුවරුන් දැක ඔබේ සිත දරන්නේය (සැනසෙන්නේය)යි පැවසූසේක. ඕතොමෝ දෙවෙනි දිනයෙහි අසුන් අටක් පනවා අටනමකට සත්කාරසම්මාන පිළියෙළ කොට හුන්නාය.

නිමන‍්තිතපච‍්චෙකබුද‍්ධා සෙසානං සඤ‍්ඤං අදංසු – “මාරිසා, අජ‍්ජ අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා සබ‍්බෙව තුම‍්හාකං මාතු සඞ‍්ගහං කරොථා”ති. තෙ තෙසං වචනං සුත්‍වා සබ‍්බෙව එකතො ආකාසෙන ආගන‍්ත්‍වා මාතු-ගෙහද‍්වාරෙ පාතුරහෙසුං. සාපි පඨමං ලද‍්ධසඤ‍්ඤතාය බහූපි දිස‍්වා න කම‍්පිත්‍ථ, සබ‍්බෙපි තෙ ගෙහං පවෙසෙත්‍වා ආසනෙසු නිසීදාපෙසි. තෙසු පටිපාටියා නිසීදන‍්තෙසු නවමො අඤ‍්ඤානි අට‍්ඨ ආසනානි මාපෙත්‍වා සයං ධුරාසනෙ නිසීදි. යාව ආසනානි වඩ‍්ඪන‍්ති, තාව ගෙහං වඩ‍්ඪති. එවං තෙසු සබ‍්බෙසුපි නිසින‍්නෙසු සා ඉත්‍ථී අට‍්ඨන‍්නං පච‍්චෙකබුද‍්ධානං පටියාදිතං සක‍්කාරං පඤ‍්චසතානම‍්පි යාවදත්‍ථං දත්‍වා අට‍්ඨ නීලුප‍්පලහත්‍ථකෙ ආහරිත්‍වා නිමන‍්තිතපච‍්චෙකබුද‍්ධානංයෙව පාදමූලෙ ඨපෙත්‍වා ආහ – “මය‍්හං, භන‍්තෙ, නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරවණ‍්ණො ඉමෙසං නීලුප‍්පලානං අන‍්තොගබ‍්භවණ‍්ණො විය හොතූ”ති පත්‍ථනං අකාසි. පච‍්චෙකබුද‍්ධා මාතු අනුමොදනං කත්‍වා ගන්‍ධමාදනංයෙව අගමංසු.

නිමන්ත්‍රණය කරනලද පසේබුදුවරු සෙසු පසේ බුදුන්වහන්සේලාට ‘නිදුකාණෙනි, අද අන් තැනක නොගොස් සියල්ලෝම නුඹවහන්සේලාගේ මවට සංග්‍රහකරනු මැනව’යි සංඥාවක් දුන්නාහුය. ඒ පසේබුදුවරු උන්වහන්සේලොගේ වචනය අසා සියල්ලෝම එක්ව අහසින් අවුත් මවගේ ගේදොරකඩ පහළවූවාහුය. ඕතොමෝත් පළමුව ලැබූ සංඥාව නිසා බොහෝ දෙනෙකු දැකද නොසැළුනාය. සියල්ලන්ම ඒ ගෙන පිවිසුවා අසුන්හි වැඩ හින්දෙව්වාය. උන්වහන්සේලාද පිළිවෙළින් වැඩහිදිනාකල්හි නවවෙනි පසේබුදුන්වහන්සේ අන් අසුන් අටක් මවා තමන්වහන්සේ සමීප අසුනෙහි වැඩහිඳිති. යම්තාක් අසුන් වැඩේද ඒතාක් ගෙයද වැඩෙයයි. මෙසේ උන්වහන්සේලා සියලුදෙනා වැඩහුන් කල්හි ඒ ස්ත්‍රිය අටදෙනාවහන්සේට පිළියෙළ කළ සත්කාරය පන්සියයක් දෙනාවහන්සේටද ඇති තෙක්දී නිලුපුල් අටමිටක් ගෙනවුත් නිමන්ත්‍රණය කරනලද පසේබුදුන්වහන්සේලාගේම පාමුල තබා ‘ස්වාමීනි, උපනුපන් තැන මගේ ශරීරවර්‍ණය මේ නිලුපුල්වල ඇතුල් ගැබේ පැහැය වේවා’යි පැවසුවාය. පසේබුදුවරු මවට අනුමෙවෙනිකොට ගන්‍ධමාදනයටම වැඩියහ.

සාපි යාවජීවං කුසලං කත්‍වා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සෙට‍්ඨිකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි, නීලුප‍්පලගබ‍්භසමානවණ‍්ණතාය චස‍්සා උප‍්පලවණ‍්ණාත්‍වෙව නාමං අකංසු. අථස‍්සා වයප‍්පත‍්තකාලෙ සකලජම‍්බුදීපරාජානො ච සෙට‍්ඨිනො ච සෙට‍්ඨිස‍්ස සන‍්තිකං පහිණිංසු – “ධීතරං අම‍්හාකං දෙතූ”ති. අපහිණන‍්තො නාම නාහොසි. තතො සෙට‍්ඨි චින‍්තෙසි – “අහං සබ‍්බෙසං මනං ගහෙතුං න සක‍්ඛිස‍්සාමි, උපායං පනෙකං කරිස‍්සාමී”ති ධීතරං පක‍්කොසාපෙත්‍වා “පබ‍්බජිතුං අම‍්ම සක‍්ඛිස‍්සසී”ති ආහ. තස‍්සා පච‍්ඡිමභවිකත‍්තා පිතුවචනං සීසෙ ආසිත‍්තසතපාකතෙලං විය අහොසි, තස‍්මා පිතරං “පබ‍්බජිස‍්සාමි, තාතා”ති ආහ. සො තස‍්සා සක‍්කාරං කත්‍වා භික‍්ඛුනිඋපස‍්සයං නෙත්‍වා පබ‍්බාජෙසි. තස‍්සා අචිරපබ‍්බජිතාය එව උපොසථාගාරෙ කාලවාරො පාපුණි. සා දීපං ජාලෙත්‍වා උපොසථාගාරං සම‍්මජ‍්ජිත්‍වා දීපසිඛාය නිමිත‍්තං ගණ‍්හිත්‍වා පුනප‍්පුනං ඔලොකයමානා තෙජොකසිණාරම‍්මණං ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා අරහත‍්තං පාපුණි. අරහත‍්තඵලෙන සද‍්ධිංයෙව ච ඉද‍්ධිවිකුබ‍්බනෙ චිණ‍්ණවසී අහොසි. සා අපරභාගෙ සත්‍ථු යමකපාටිහාරියකරණදිවසෙ “අහං, භන‍්තෙ, පාටිහාරියං කරිස‍්සාමී”ති සීහනාදං නදි. සත්‍ථා ඉදං කාරණං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ජෙතවනවිහාරෙ නිසින‍්නො පටිපාටියා භික‍්ඛුනියො ඨානන‍්තරෙ ඨපෙන‍්තො ඉමං ථෙරිං ඉද‍්ධිමන‍්තීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඕතොමෝත් දිවිඇතිතෙක් කුසල්කොට එයින් සැවවූවා දෙව්ලොව ඉපිද මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි සිටු කුලයක පිළිසඳ ගත්තාය. නිලුපුල් ගැබකට සමාන පැහැය ඇතිබිවින් ඇය උප්පලවණ්ණායි නම් කළාහුය. ඉක්බිති ඇය වියපත් කල්හි සියලු දඹදිව රජවරුද සිටුවරුද ‘අපට දුව දෙන්නැ’යි සිටාණන් වෙතට පණිවිඩ යැව්වාවහුය. පණිවිඩ නොයැව්වෙක් නම් නොවීය. ඉක්බිති සිටුතෙමේ ‘මම සියල්ලන්ගේ සිත් ගැනීමට නොහැක්කෙමි. එක් උපායක් කරන්නෙමියි සිතුවේය. එසේ සිතා, දුවණිය කැඳවා ‘දියණිය, පැවිදිවීමට හැක්කහිදැ’යි ඇසුවේය. ඇයගේ පශ්චිමභවිකත්වය නිසා ඒ වචනය හිසේ වත්කළ සියවරක් පැසවූ තෙලක් මෙන්විය. එබැවින් ‘පියාණෙනි, පැවිදිවන්නෙමි’යි පියාට කීවාය. හෙතෙම ඇයට සත්කාර කොට භික ෂුණී ආශ්‍රමයකට පමුනුවා පැවිදි කරවූයේය. ඇය පැවිදිවූ නොබෝ දිනකින්ම පොහොය ගෙහි සේවාමුරය පැමිණියේය. ඕතොමෝ පහන දල්වා පොහොයගෙය හැමඳ පහන්සිළුවෙහි නිමිති ගෙන සිටියාම යළියළිත් බලන්නී තෙජෝකසිණය අරමුණුකොට ධ්‍යානය උපදවා එයම පාදකකොට රහත් බවට පැමිණියාය. රහත්පලය සමඟම සෘද්ධිපෑමෙහි පුරුදුකරනලද වසඟබව ඇත්තීවූවාය. ඕතොමෝ පසු කලෙක ශාස්තාන්වහන්සේ යමක ප්‍රාතිහාර්‍ය්‍යය කරන දිනයෙහි ‘මම ස්වාමීනි, ප්‍රාතිහාර්‍ය්‍යය. කරන්නෙමැ’යි සිංහහඬ නැඟුවාය. ශාස්තෘන්වහන්සේ මෙකරුණ අර්‍ත්‍ථොත්පත්ති කොට ජේතවන විහාරයෙහි වැඩහුන්සේක් පිළිවෙළින් භික්‍ෂුණීන් තනතුරුවල තබමින් මේ තෙරණිය සෘද්ධිමත් භික්‍ෂුණීන් අතුරෙන් අගතැන්හි තැබුසේක.