යෙදුමෙන් කියවන්න

මහාපජාපතිගොතමීථෙරීවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මහාපජාපතිගොතමීථෙරීවත්‍ථු

මහාපජාපතී ගොතමී තෙරණිය

ථෙරිපාළියා පඨමෙ යදිදං මහාපජාපතිගොතමීති මහාපජාපතිගොතමී ථෙරී රත‍්තඤ‍්ඤූනං අග‍්ගාති දස‍්සෙති.

ථෙරීපාළියෙහි ප්‍රථම සූත්‍රයෙහි යදිදං මහාපජාපති ගොතමි’ යන්නෙන් මහාප්‍රජාපතී ගෞතමී තෙරණිය බොහෝ රාත්‍රි දන්නාවූ භික්‍ෂුණීන් අතුරින් අග්‍ර වන්නීයයි දක්වනුලැබේ.

තස‍්සා පඤ‍්හකම‍්මෙ පන අයමනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා අපරෙන සමයෙන සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තී සත්‍ථාරං එකං භික‍්ඛුනිං රත‍්තඤ‍්ඤූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සා යාවජීවං දානං දත්‍වා සීලං රක‍්ඛිත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා පන එකස‍්මිං බුද‍්ධන‍්තරෙ දෙවලොකතො චවිත්‍වා බාරාණසියං පඤ‍්චන‍්නං දාසිසතානං ජෙට‍්ඨකදාසී හුත්‍වා නිබ‍්බත‍්ති.

ඇයගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතුමිය වනාහි පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන පසුකලෙක ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක් භික්‍ෂුණියක බොහෝ රාත්‍රිදන්නියන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට එ‍් තනතුර පැතූහ. ඕතොමෝ දිවි ඇතිතෙක් දන්දී සිල්සමාදන්ව පෙහෙවස් වැස කල්ප ලක්‍ෂයක් ඉක්මවා බරණැසෙහි පන්සියයක් දාසිනීන්ගේ දෙටු තැනැත්තියවී උපන්නාය.

අථ වස‍්සූපනායිකසමයෙ පඤ‍්ච පච‍්චෙකබුද‍්ධා නන්‍දමූලකපබ‍්භාරතො ඉසිපතනෙ ඔතරිත්‍වා නගරෙ පිණ‍්ඩාය චරිත්‍වා ඉසිපතනමෙව ගන‍්ත්‍වා “වස‍්සූපනායිකකුටියා අත්‍ථාය හත්‍ථකම‍්මං යාචිස‍්සාමා”ති චින‍්තෙසුං. කස‍්මා? වස‍්සං උපගච‍්ඡන‍්තෙන හි නාලකපටිපදං පටිපන‍්නෙනාපි පඤ‍්චන‍්නං ඡදනානං අඤ‍්ඤතරෙන ඡදනෙන ඡන‍්නෙ සද‍්වාරබද‍්ධෙ සෙනාසනෙ උපගන‍්තබ‍්බං. වුත‍්තඤ‍්හෙතං “න, භික‍්ඛවෙ, අසෙනාසනිකෙන වස‍්සං උපගන‍්තබ‍්බං, යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (මහාව· 204). තස‍්මා වස‍්සකාලෙ උපකට‍්ඨෙ සචෙ සෙනාසනං ලභති, ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභති, හත්‍ථකම‍්මං පරියෙසිත්‍වාපි කාතබ‍්බං. හත්‍ථකම‍්මං අලභන‍්තෙන සාමම‍්පි කාතබ‍්බං, න ත්‍වෙව අසෙනාසනිකෙන වස‍්සං උපගන‍්තබ‍්බං. අයමනුධම‍්මතා. තස‍්මා තෙ පච‍්චෙකබුද‍්ධා “හත්‍ථකම‍්මං යාචිස‍්සාමා”ති චීවරං පාරුපිත්‍වා සායන‍්හසමයෙ නගරං පවිසිත්‍වා සෙට‍්ඨිස‍්ස ඝරද‍්වාරෙ අට‍්ඨංසු. ජෙට‍්ඨකදාසී කුටං ගහෙත්‍වා උදකතිත්‍ථං ගච‍්ඡන‍්තී පච‍්චෙකබුද‍්ධෙ නගරං පවිසන‍්තෙ අද‍්දස. සෙට‍්ඨි තෙසං ආගතකාරණං සුත්‍වා “අම‍්හාකං ඔකාසො නත්‍ථි, ගච‍්ඡන‍්තූ”ති ආහ.

ඉක්බිති වස්එළඹෙන කාලයෙහි පසේබුදුවරු පස්නමක් නන්‍දමූලක කඳුබෑවුමෙන් (අවුත්) ඉසිපතනයෙහි බැස නුවරෙහි පිඬු හැසිර ඉසිපතනයටම ගොස් [missing trans] වස් එළඹෙන කිළියක් සඳහා අත්වැඩ ඉල්ලන්නෙමුයි සිවුරු පොරවා සැන්දෑ යාමයෙහි නුවරට පිවිස සිටුගේ ගෙදොරෙහි සිටියාහුය. දෙටුදාසිය කළයක් ගෙන දිය තොටට යන්නී නුවරට පිවිසෙන පසේබුදුවරුන් දුටුවාය. සිටුතෙමේ උනවහන්සේලා පැමිණි කරුණ අසා අපට ඉඩක් නැත. ආපසු වඩිනසේක්වායි කීවේය.

අථ තෙ නගරා නික‍්ඛන‍්තෙ ජෙට‍්ඨකදාසී කුටං ගහෙත්‍වා පවිසන‍්තී දිස‍්වා කුටං ඔතාරෙත්‍වා වන්‍දිත්‍වා ඔනමිත්‍වා මුඛං උක‍්ඛිපිත්‍වා, “අය්‍යා, නගරං පවිට‍්ඨමත‍්තාව නික‍්ඛන‍්තා, කිං නු ඛො”ති පුච‍්ඡි. වස‍්සූපනායිකකුටියා හත්‍ථකම‍්මං යාචිතුං ආගතම‍්හාති. ලද‍්ධං, භන‍්තෙති? න ලද‍්ධං උපාසිකෙති. කිං පනෙසා කුටි ඉස‍්සරෙහෙව කාතබ‍්බා, උදාහු දුග‍්ගතෙහිපි සක‍්කා කාතුන‍්ති? යෙන කෙනචි සක‍්කා කාතුන‍්ති. සාධු, භන‍්තෙ, මයං කරිස‍්සාම, ස‍්වෙ මය‍්හං භික‍්ඛං ගණ‍්හථාති නිමන‍්තෙත්‍වා පුන කුටං ගහෙත්‍වා ආගමනතිත්‍ථමග‍්ගෙ ඨත්‍වා ආගතාගතා අවසෙසදාසියො “එත්‍ථෙව හොථා”ති වත්‍වා සබ‍්බාසං ආගතකාලෙ ආහ – “අම‍්මා, කිං නිච‍්චමෙව පරස‍්ස දාසිකම‍්මං කරිස‍්සථ, උදාහු දාසිභාවතො මුච‍්චිතුං ඉච‍්ඡථා”ති. අජ‍්ජෙව මුච‍්චිතුං ඉච‍්ඡාම, අය්‍යෙති. යදි එවං, මයා පච‍්චෙකබුද‍්ධා හත්‍ථකම‍්මං අලභන‍්තා ස‍්වාතනාය නිමන‍්තිතා, තුම‍්හාකං සාමිකෙහි එකදිවසං හත්‍ථකම‍්මං දාපෙථාති. තා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සායං අටවිතො ආගතකාලෙ සාමිකානං ආරොචෙසුං. තෙ “සාධූ”ති ජෙට‍්ඨකදාසස‍්ස ගෙහද‍්වාරෙ සන‍්නිපතිංසු.

ඉක්බිති නුවරින් නික්ම යන උන්වහන්සේලා දැක දෙටු දාසිය කළය ගෙන පිවිසෙන්නී කළය බහා තබා වැඳ නැමී මුහුණ වසාගෙන ආර්‍ය්‍යවරු නගරයට පිවිසි සැණින් නික්මෙන්නාහු කුමක් නිසාදැයි ඇසුවාය. වස්එළඹීම සඳහා අවශ්‍ය කුටියකට අත්කම් ඉල්වීමට ආවෙමුයි උන්වහන්සේලා කීහ. ‘ස්වාමීනි, ලබනලදදැ’යි ඕ ඇසුවාය. ‘උපාසිකාව, නොලදැයි’ කීවාහුය. ‘කිමෙක්ද? මේ කිළිය ධනවතුන් විසින්ම කළ යුත්තක්ද දිළිඳුන් විසින්ද කළ හැක්කක්දැ’යි ඕ ඇසුවාය. ‘යම් කිසිවකු විසින් හැකිය.’ ‘මැනවි, ස්වාමීනි, අපි කරන්නෙමු. හෙට මගේ දානය පිළිගනු මැනවැ’යි ආරාධනා කොට දිය හැරගෙන ගොස් යළි කළ රැගෙන අවුත් තොටුපල මගෙහි සිට ආවාවූ සෙසු දාසියෝ මෙහිම වෙත්වායි සියල්ලන් පැමිණි විට යෙහෙළියෙනි, කිම නිබඳවම අනුනට දාසකම් කරවුද? නැතහොත් දාසභාවයෙන් මිදීමට කැමැත්තහුදැ?යි ඇසුවාය. ආර්‍ය්‍යාවනි, අදම මිදීමට කැමැත්තෙමුයි දාසියෝ කීහ. ‘එසේ නම් මවිසින් පසේබුදුවරු පස්නමක් අත්කම් නොලබන සේක් හෙට දිනට (දානය සඳහා) ඇරයුම් කරනලදසේක. නුඹලාගේ සැමියන් ලවා එක් දිනක් අත්කම් දෙවවුයි (දෙටුදාසිය කීවාය) ඔවුහු මැනවැයි පිළිගෙන සවස වනයෙන් ආකල්හි සැමියන්ට සැළ කළාහුය. ඔවුහු මැනවැයි පිළිගෙන දෙටු දැස්සාගේ ගෙදොරට රැස්වූහ.

අථ නෙ ජෙට‍්ඨකදාසී “ස‍්වෙ, තාතා, පච‍්චෙකබුද‍්ධානං හත්‍ථකම‍්මං දෙථා”ති ආනිසංසං ආචික‍්ඛිත්‍වා යෙපි න කාතුකාමා, තෙ ගාළ‍්හෙන ඔවාදෙන තජ‍්ජෙත්‍වා සබ‍්බෙපි සම‍්පටිච‍්ඡාපෙසි. සා පුනදිවසෙ පච‍්චෙකබුද‍්ධානං භත‍්තං දත්‍වා සබ‍්බෙසං දාසපුත‍්තානං සඤ‍්ඤං අදාසි. තෙ තාවදෙව අරඤ‍්ඤං පවිසිත්‍වා දබ‍්බසම‍්භාරෙ සමොධානෙත්‍වා සතං සතං හුත්‍වා එකෙකං කුටිං චඞ‍්කමනාදිපරිවාරං කත්‍වා මඤ‍්චපීඨපානීය-පරිභොජනීයාදීනි ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධානං තෙමාසං තත්‍ථෙව වසනත්‍ථාය පටිඤ‍්ඤං කාරෙත්‍වා වාරභික‍්ඛං පට‍්ඨපෙසුං. යා අත‍්තනො වාරදිවසෙ න සක‍්කොති, තස‍්සා ජෙට‍්ඨකදාසී සකගෙහතො නීහරිත්‍වා දෙති. එවං තෙමාසං පටිජග‍්ගිත්‍වා ජෙට‍්ඨකදාසී එකෙකං දාසිං එකෙකං සාටකං සජ‍්ජාපෙසි, පඤ‍්ච ථූලසාටකසතානි අහෙසුං. තානි පරිවත‍්තාපෙත්‍වා පඤ‍්චන‍්නං පච‍්චෙකබුද‍්ධානං තිචීවරානි කත්‍වා අදාසි. පච‍්චෙකබුද‍්ධා තාසං පස‍්සන‍්තීනංයෙව ආකාසෙන ගන්‍ධමාදනපබ‍්බතං අගමංසු.

ඉක්බිති ඔවුන්ට දෙටුදැස්ස හෙට නුඹලා පසේබුදුවරුන්ට අත්කම් දෙවවුයි අනුසස් පවසා යමෙක් කිරීමට නොකැමැත්තෝ වූවාහුද ඔවුනට දැඩි අවවාදයෙන් තර්ජනය කොට භාරගැන්වූවාය. ඕ තොමෝ දෙවැනිදිනයෙහි පසේබුදුවරුන්ට බත් දී සියලුම දාසපුත්‍රයන්ට සංඥාවක් දුන්නාය. ඔවුහු එකෙණෙහිම වනයට පිවිස දැව සමුහයක් රැස් කොට සියදෙනා සියදෙනා වී සක්මන්මළු ආදී පිරිවර ඇති එකිනෙක් කුටිය බැගින් තනා ඇඳ පුටු පානීය පරිභෝජනීයාදියද තබා පසේබුදුවරුන් තෙමසක් එහි විසීම සඳහා පිළිණකරවා වාර භික්‍ෂාදානයන් පිහිටෙව්වාහුය. යමෙක් තමන්ට අයත් වාර දිනයෙහි දන්දීමට නොහැකිවෙයිද ඔහුට දෙටුදැස්ස තම ගෙයින් ගෙනවුත් දෙයි. මෙසේ තෙමසක් පිළිදැඟුම් කොට දෙටුදැස්ස එක්එක් දැස්ස ලවා එක් එක් සළුවක් පිළියෙළ කරවූවාය. දළරෙදි පන්සියයක් විය. ඒවා හුවමාරුකොට පසේබුදුවරුන් පස්නමට තුන්සිවුරු කොට දුන්නාය. පසේබුදුවරු ඔවුන් බලාසිටියදීම අහසින් ගන්‍ධමාදන පර්‍වතයට වැඩියාහුය.

තාපි සබ‍්බා යාවජීවං කුසලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. තාසු ජෙට‍්ඨිකා තතො චවිත්‍වා බාරාණසියා අවිදූරෙ පෙසකාරගාමෙ පෙසකාරජෙට‍්ඨකස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති. අථෙකදිවසං පදුමවතියා පුත‍්තා පඤ‍්චසතා පච‍්චෙකබුද‍්ධා බාරාණසිරඤ‍්ඤා නිමන‍්තිතා රාජද‍්වාරං ආගන‍්ත්‍වා කඤ‍්චි ඔලොකෙන‍්තම‍්පි අදිස‍්වා නිවත‍්තිත්‍වා නගරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා තං පෙසකාරගාමං අගමංසු. සා ඉත්‍ථී පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා සම‍්පියායමානා සබ‍්බෙ වන්‍දිත්‍වා භික‍්ඛං අදාසි. තෙ භත‍්තකිච‍්චං කත්‍වා ගන්‍ධමාදනමෙව අගමංසු.

ඔවුහු සියල්ලෝද දිවි ඇති තෙක් කුසල් කොට දෙව්ලොව උපන්නාහුය. ඔවුන්ගෙන් දෙටු තැනැත්තිය එයින් සැව බරණැසට නුදුරෙහි පෙහෙර ගමෙහි දෙටුපෙහෙරාගේ ගෙහි උපන්නාය. ඉක්බිති එක්දිනක් පදුමවතියගේ පුත් පන්සියයක් පසේ බුදුවරු බරණැස් රජුවිසින් ඇමතුම් ලැබුවාහු රජ ගෙදොර දොරටුවට අවුත් බලන කිසිවකුදු නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. නොදැක ආපසු හැරී නුවරදොරටුවෙන් නික්ම ඒ පෙහෙරගමට වැඩියාහුය. ඒ ස්ත්‍රිය පසේ බුදුවරුන් දැක සතුටු වෙමින් සියල්ලන්ට වැඳ භික්‍ෂාව දුන්නාය. ඒ පසේබුදුවරු බත්කිස ගන්‍ධමාදනයටම වැඩියාහුය.

සාපි යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව දෙවදහනගරෙ මහාසුප‍්පබුද‍්ධස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, ගොතමීතිස‍්සා නාමං අකංසු. මහාමායාය කනිට‍්ඨභගිනී හොති. මන‍්තජ‍්ඣායකා බ්‍රාහ‍්මණා ලක‍්ඛණානි පරිග‍්ගණ‍්හන‍්තා “ඉමාසං ද‍්වින‍්නම‍්පි කුච‍්ඡියං වසිතදාරකා චක‍්කවත‍්තිනො භවිස‍්සන‍්තී”ති බ්‍යාකරිංසු. සුද‍්ධොදනමහාරාජා වයප‍්පත‍්තකාලෙ තා ද‍්වෙපි මඞ‍්ගලං කත්‍වා අත‍්තනො ඝරං ආනෙසි. අපරභාගෙ අම‍්හාකං බොධිසත‍්තො තුසිතපුරා චවිත්‍වා මහාමායාය දෙවියා කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි. මහාමායා තස‍්ස ජාතදිවසතො සත‍්තමෙ දිවසෙ කාලං කත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්ති. සුද‍්ධොදනමහාරාජා මහාසත‍්තස‍්ස මාතුච‍්ඡං මහාපජාපතිගොතමිං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. තස‍්මිං කාලෙ නන්‍දකුමාරො ජාතො. අයං මහාපජාපති නන්‍දකුමාරං ධාතීනං දත්‍වා සයං බොධිසත‍්තං පරිහරි.

ඕතොමෝද දිවිඇතිතෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නී අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම දෙව්දහනුවර මහාසුප්පබුද්ධගේ ගෘහයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ගොතමීයයි නමක් කළාහුය. මහාමායාවගේ කනිටු සොයොහුරිය වෙයි. මන්ත්‍රගායන බමුණෝ ලකුණු පිළිගනිමින් (බලමින්) මේ දෙන්නාගේම කුසෙහි විසූ දරුවෝ සක්විති වන්නාහුයයි ප්‍රකාශ කළාහුය. සුදොවුන් මහරජතෙමේ වියපත්කල්හි ඒ දෙදෙනාම සරණමංගල කොට තමන්ගේ ගෙදරට රැගෙන ආවේය. මැතකාලයෙහි අපගේ බෝසතාණෝ තුසීපුරෙන් සැව මහාමායා දේවියගේ කුසෙහි පිළිසඳ ගත්හ. මහාමායා දේවිය ඒ බෝසතුන් උපන් දිනයෙන් සත්වෙනි දිනයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නීය. සුදොවුන් මහරජතෙමේ බෝසතුන්ගේ සුළුමවවූ ප්‍රජාපතී ගොතමිය අගමෙහෙසුන් කළේය. එකල්හි නන්ද කුමරුවා උපන්නේය. මේ මහාප්‍රජාපතී ගෝතමිය නන්දකුමරු කිරිමවුන්ට දී තොමෝ බොසතුන් වැඩුවාය.

අපරෙන සමයෙන බොධිසත‍්තො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත්‍වා ලොකානුග‍්ගහං කරොන‍්තො අනුක‍්කමෙන කපිලවත්‍ථුං පත්‍වා නගරං පිණ‍්ඩාය පාවිසි. අථස‍්ස පිතා සුද‍්ධොදනමහාරාජා අන‍්තරවීථියංයෙව ධම‍්මකථං සුත්‍වා සොතාපන‍්නො අහොසි. අථ දුතියදිවසෙ නන්‍දො පබ‍්බජි, සත‍්තමෙ දිවසෙ රාහුලො. සත්‍ථා අපරෙන සමයෙන වෙසාලිං උපනිස‍්සාය කූටාගාරසාලායං විහරති. තස‍්මිං සමයෙ සුද‍්ධොදනමහාරාජා සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා අරහත‍්තං සච‍්ඡිකත්‍වා පරිනිබ‍්බායි. තදා මහාපජාපතිගොතමී පබ‍්බජ‍්ජාය චිත‍්තං උප‍්පාදෙසි. තතො රොහිණීනදීතීරෙ කලහවිවාදසුත‍්තපරියොසානෙ (සු· නි· 868 ආදයො) නික‍්ඛමිත්‍වා පබ‍්බජිතානං පඤ‍්චන‍්නං කුමාරසතානං පාදපරිචාරිකා සබ‍්බාව එකචිත‍්තා හුත්‍වා “මහාපජාපතියා සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බාව සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමා”ති මහාපජාපතිං ජෙට‍්ඨිකං කත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජිතුකාමා අහෙසුං. අයඤ‍්ච මහාපජාපති පඨමමෙව එකවාරං සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචමානා නාලත්‍ථ, තස‍්මා කප‍්පකං පක‍්කොසාපෙත්‍වා කෙසෙ ඡින‍්නාපෙත්‍වා කාසායානි අච‍්ඡාදෙත්‍වා සබ‍්බා තා සාකියානියො ආදාය වෙසාලිං ගන‍්ත්‍වා ආනන්‍දත්‍ථෙරෙන දසබලං යාචාපෙත්‍වා අට‍්ඨහි ගරුධම‍්මෙහි පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච අලත්‍ථ. ඉතරා පන සබ‍්බාපි එකතොව උපසම‍්පන‍්නා අහෙසුං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙතං වත්‍ථු පාළියං (චූළව· 402 ආදයො) ආගතමෙව.

මෑතකාලයක බෝසතාණෝ මහබිනික්මන් නික්ම සර්‍වඥතාඥානයට පත්ව ලොවට අනුග්‍රහය කරන්නාහු පිළිවෙළින් කිඹුල්වතට ගොස් නගරයෙහි පිඬුපිණිස පිවිසියාහුය. ඉක්බිති උන්වහන්සේගේ පියමහරජ තෙමේ වීදිය තුළදීම ධර්‍මය අසා සෝවාන්වූයේය. දෙවැනි දිනයෙහි නන්‍දකුමාරයා පැවිදිවූයේය. සත්වැනි දිනයෙහි රාහුල පැවිදිවූයේය. ශාස්තෘන්වහන්සේ අන් කලෙක වේසාලිය ඇසුරු කොට කූටාගාර ශාලාවෙහි වෙසෙනසේක. එසමයෙහි සුදොවුන් රජතෙමේ සේසත යටදීම රහත්බව පසක්කොට පිරිනිවන් පෑවේය. එකල්හි මහාප්‍රජාපති ගොතමිය පැවිද්දට සිත ඉපදවූවාය. ඉක්බිති රෝහිනී නදී තෙරදී කලහවිවාද සූත්‍රාවසානයෙහි නික්ම පැවිදිවූ කුමරුන් පන්සියයකගේ බිරියෝ සියල්ල එක්සිත් ඇත්තෝව මහා ප්‍රජාපතිය සමීපයට ගොස් සියල්ලෝම ශාස්තෘන් සමීපයෙහි පැවිදිවන්නෙමුයි මහාප්‍රජාපතිය දෙටු තැනැත්තියකොට ශාස්තෘන් සමීපයට ගොස් පැවිදිවනු කැමැත්තෝවූවාහුය. මේ මහා ප්‍රජාපතිය පළමුවම එක්වරක් ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්වන්නී නොලද්දීය. එහෙයින් කරණවෑමියකු කැඳවා කෙස් සිඳුවා කසාවත් හැඳ ඒ සියලු ශාක්‍ය කාන්තාවන් රැගෙන විශාලාවට ගොස් අනඳ තෙරුන් ලවා ශාස්තෘන්වහන්සේගෙන් ඉල්වා අෂ්ටගරුධර්‍මයන් සමඟ පැවිද්දද උපසම්පදාවද ලැබුවාය. සෙසු සියල්ලෝද එකටම උපසපන්වූවාහුය. මෙය මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාවස්තුව පෙළෙහි ආයේමය.

එවං උපසම‍්පන‍්නා පන මහාපජාපති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි, අථස‍්සා සත්‍ථා ධම‍්මං දෙසෙසි. සා සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරහත‍්තං පාපුණි. සෙසා පඤ‍්චසතා භික‍්ඛුනියො නන්‍දකොවාදසුත‍්තපරියොසානෙ (ම· නි· 3.398 ආදයො) අරහත‍්තං පාපුණිංසු. එවමෙතං වත්‍ථු සමුට‍්ඨිතං. අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ නිසින‍්නො භික‍්ඛුනියො ඨානන‍්තරෙ ඨපෙන‍්තො මහාපජාපතිං රත‍්තඤ‍්ඤූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෙසේ උපසපන්වූ මහාජ්‍රජාපතී ගෝතමිය ශාස්තෘන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිති ඇයට ශාස්තෘන්වහන්සේ ධර්‍මය දෙසූසේක. ඕ ශාස්තෘන් සමීපයෙහිම කමටහන් ගෙන රහත්බවට පැමිණියාය. සෙසු පන්සියයක් භික්‍ෂුණීහු නන්‍දකොවාදසුත්‍රාවසානයෙහි රහත්බවට පැමිණියාහුය. මෙසේ මේ කථාවස්තුව හටගත්තේය. මෑත කාලයෙහි බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩහුන්සේක් භික්‍ෂුණීන් තනතුරුවල තබමින් මහාප්‍රාපති තෙරණිය බොහෝ රාත්‍රි දන්නවුන් අතුරින් අගතනතුරෙහි තැබුසේක.

ඛෙමාථෙරීවත්‍ථු

ඛෙමා තෙරණිය

දුතියෙ ඛෙමාති එවංනාමිකා භික‍්ඛුනී. ඉතො පට‍්ඨාය ච පනස‍්සා පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථාති අවත්‍වා සබ‍්බත්‍ථ අභිනීහාරං ආදිං කත්‍වා වත‍්තබ‍්බමෙව වක‍්ඛාම.

දෙවැන්නෙහි ඛෙමා යනු මෙබදු නම් ඇති භික්‍ෂුණියයි. මෙතැන් පටන් ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයයි නොකියා සියලු තන්හි පුණ්‍යකර්‍මය (පැතුම) ආදි කොට ඇති කියයුත්තම කියමු.

අතීතෙ කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං අයං පරපරියාපන‍්නා හුත්‍වා නිබ‍්බත‍්ති. අථෙකදිවසං තස‍්ස භගවතො අග‍්ගසාවිකං සුජාතත්‍ථෙරිං නාම පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා තයො මොදකෙ දත්‍වා තංදිවසමෙව අත‍්තනො කෙසෙ විස‍්සජ‍්ජෙත්‍වා ථෙරියා දානං දත්‍වා “අනාගතෙ බුද‍්ධුප‍්පාදෙ තුම‍්හෙ විය මහාපඤ‍්ඤා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා යාවජීවං කුසලකම‍්මෙසු අප‍්පමත‍්තා හුත්‍වා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරන‍්තී කස‍්සපබුද‍්ධකාලෙ කිකිස‍්ස කාසිරඤ‍්ඤො ගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා සත‍්තන‍්නං භගිනීනං අබ‍්භන‍්තරා හුත්‍වා වීසතිවස‍්සසහස‍්සානි ගෙහෙයෙව කොමාරිබ්‍රහ‍්මචරියං චරිත්‍වා තාහි භගිනීහි සද‍්ධිං දසබලස‍්ස වසනපරිවෙණං කාරෙත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මද‍්දරට‍්ඨෙ සාගලනගරෙ රාජකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි, ඛෙමාතිස‍්සා නාමං අකංසු. තස‍්සා සරීරවණ‍්ණො සුවණ‍්ණරසපිඤ‍්ජරො විය අහොසි. සා වයප‍්පත‍්තා බිම‍්බිසාරරඤ‍්ඤො ගෙහං අගමාසි.

අතීතයෙහි වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතී නුවරෙහි මෝතොමෝ අනුන් අයත් දැස්සකවී උපන්නාය. ඉක්බිති එක්දිනක් ඒ භාග්‍යවතුන්වහන්සේගේ අගසව්වූ සුජාත තෙරුන් පිඬු හැසිරනු දැක රසකැවිලි තුනක්දී එදිනම තම කෙස් වැටිය විකුණා ගෙන තෙරුන්ට දන්දී අනාගතයෙහි බුද්ධොත්මපාදයක නුඹවහන්සේ මෙන් මහ පැනවතෙක් වන්නෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කොට දිවිඇති තෙක් කුශල කර්‍මයෙහි නොපමාව කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි කිකී නමැති කාශි රජුගේ ගෙහි පිළිසිඳගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු ගෙහිම කුමරිබඹසර හැසිර ඒ සොයුරියන් සමඟ බුදුරජාණන්වහන්සේට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මදුරට සාගලනුවර රජකුලයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ඛේමායි නම් කළාහුය. ඇයගේ සිරුරු පැහැය රන්රස කලතක් විය. වියපත්වූවා බිම්සර රජුගේ මාලිගයට ගියාය.

සා තථාගතෙ රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තෙ “සත්‍ථා කිර රූපෙ දොසං දස‍්සෙතී”ති රූපමදමත‍්තා හුත්‍වා “මය‍්හම‍්පි රූපෙ දොසං දස‍්සෙය්‍යා”ති භයෙන දසබලං දස‍්සනාය න ගච‍්ඡති. රාජා චින‍්තෙසි – “අහං සත්‍ථු අග‍්ගුපට‍්ඨාකො, මාදිසස‍්ස ච නාම අරියසාවකස‍්ස අග‍්ගමහෙසී දසබලං දස‍්සනාය න ගච‍්ඡති, න මෙ එතං රුච‍්චතී”ති. සො කවීහි වෙළුවනුය්‍යානස‍්ස වණ‍්ණං බන්‍ධාපෙත්‍වා “ඛෙමාය දෙවියා සවනූපචාරෙ ගායථා”ති ආහ. සා උය්‍යානස‍්ස වණ‍්ණං සුත්‍වා ගන‍්තුකාමා හුත්‍වා රාජානං පටිපුච‍්ඡි. රාජා “උය්‍යානං ගච‍්ඡ, සත්‍ථාරං පන අදිස‍්වා ආගන‍්තුං න ලභිස‍්සසී”ති ආහ. සා රඤ‍්ඤො පටිවචනං අදත්‍වාව මග‍්ගං පටිපජ‍්ජි. රාජා තාය සද‍්ධිං ගච‍්ඡන‍්තෙ පුරිසෙ ආහ – “සචෙ දෙවී උය්‍යානතො නිවත‍්තමානා දසබලං පස‍්සති, ඉච‍්චෙතං කුසලං. සචෙ න පස‍්සති, රාජාණාය නං දස‍්සෙථා”ති. අථ ඛො සා දෙවී දිවසභාගං උය්‍යානෙ චරිත්‍වා නිවත‍්තන‍්තී දසබලං අදිස‍්වාව ගන‍්තුං ආරද‍්ධා. අථ නං රාජපුරිසා අත‍්තනො අරුචියාව දෙවිං සත්‍ථු සන‍්තිකං නයිංසු.

ඕතොමෝ රජගහනුවර ඇසුරුකොට වේළුවනාරාමයෙහි තථාගතයන්වහන්සේ වැඩවසනකල්හි, ශාස්තෘන්වහන්සේ වනාහි රූපයෙහි දොස් දක්වනසේකැයි රූපමදයෙන් මත්වූවා මගේද රූපයෙහි දොස් දක්වනසේකැයි බියෙන් ශාස්තෘන්වහන්සේ දැකීමට නොයයි. රජතෙමේ මෙසේ සිතීය. ‘මම ශාස්තෘන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙමි. මාවැනි වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුගේ අගමෙහෙසිය තථාගතයන්වහන්සේ දැකීමට නොයයි. එය මට රුචි නොව්.’ මෙසේ සිතා හෙතෙම කවීන් ලවා වෙළුවන උයනෙහි වැණුම් රචනාකොට ඛේමා දේවියගේ සවන් වැකෙන දුරෙහි ගයවු’යි කීවේය. ඕ උයනේ වැණුම අසා යනු කැමැත්තීව රජුගෙන් විමසුවාය. රජතෙමේ ‘උයනට යන්නේ ශාස්තෘන්වහන්සේ නොදැක ඒමට නොලැබෙන්නේය’යි කීවේය. ඕ රජුට පිළිවදන් නොදීම මගට පිළිපන්නාය. රජතෙමේ ඇය සමග යන පුරුෂයන්ට, ‘ඉදින් දේවිය, උයනින් ආපසු හැරී එන්නී තථාගතයන්වහන්සේ බලන්නී නම් මැනවි. ඉදින් නොබලන්නී නම් රජඅණින් ඇයට දක්වවුයි කීවේය. ඉක්බිති ඒ දේවිය දවල් කාලය උයනෙහි හැසිර ආපසු එන්නී තථාගතයන්වහන්සේ නොදැකම යාමට පටන් ගත්තාය. ඉක්බිති රාජපුරුෂයෝ ඇයව තම නොකැමැත්තෙන්ම ශාස්තෘන්වහන්සේ සමීපයට පැමිණෙව්වාහුය.

සත්‍ථා තං ආගච‍්ඡන‍්තිං දිස‍්වා ඉද‍්ධියා එකං දෙවච‍්ඡරං නිම‍්මිනිත්‍වා තාලවණ‍්ටං ගහෙත්‍වා බීජමානං විය අකාසි. ඛෙමා දෙවී තං දිස‍්වා චින‍්තෙසි – “මානම‍්හි නට‍්ඨා, එවරූපා නාම දෙවච‍්ඡරප‍්පටිභාගා ඉත්‍ථියො දසබලස‍්ස අවිදූරෙ තිට‍්ඨන‍්ති, අහං එතාසං පරිචාරිකාපි නප‍්පහොමි, මානමදං හි නිස‍්සාය පාපචිත‍්තස‍්ස වසෙන නට‍්ඨා”ති තං නිමිත‍්තං ගහෙත්‍වා තමෙව ඉත්‍ථිං ඔලොකයමානා අට‍්ඨාසි. අථස‍්සා පස‍්සන‍්තියාව තථාගතස‍්ස අධිට‍්ඨානබලෙන සා ඉත්‍ථී පඨමවයං අතික‍්කම‍්ම මජ‍්ඣිමවයෙ ඨිතා විය මජ‍්ඣිමවයං අතික‍්කම‍්ම පච‍්ඡිමවයෙ ඨිතා විය ච වලිත‍්තචා පලිතකෙසා ඛණ‍්ඩවිරළදන‍්තා අහොසි. තතො තස‍්සා පස‍්සන‍්තියාව සද‍්ධිං තාලවණ‍්ටෙන පරිවත‍්තිත්‍වා පරිපති. තතො ඛෙමා පුබ‍්බහෙතුසම‍්පන‍්නත‍්තා තස‍්මිං ආරම‍්මණෙ ආපාථගතෙ එවං චින‍්තෙසි – “එවංවිධම‍්පි නාම සරීරං එවරූපං විපත‍්තිං පාපුණාති, මය‍්හම‍්පි සරීරං එවංගතිකමෙව භවිස‍්සතී”ති. අථස‍්සා එවං චින‍්තිතක‍්ඛණෙ සත්‍ථා ඉමං ධම‍්මපදෙ ගාථමාහ –

ශාස්තෘන්වහන්සේ ඇය එනු දැක සෘද්ධියෙන් එක් දෙවඟනක මවා විජිණිපතක් ගෙන පවන්සලන්නියක මෙන් කළසේක. ඛේමාදේවිය ඇය දැක ‘නටුවාවෙමි. මෙබඳු දෙමඟනන් බදු ස්ත්‍රීහු තථාගතයන්වහන්සේ නුදුරෙහි සිටිත්. මම මොවුන්ගේ සේවිකාවකටද නොහොබින්නී වෙමි. නිකරුණේ පවිටුසිත් වශයෙන් නටුවා වෙමි’යි නිමිති ගෙන ඒ ස්ත්‍රිය දෙසම බලමින් සිටියාය. ඉක්බිති ඇය බලාසිටියදීම තථාගතයන්වහන්සේගේ අදිටන් බලයෙන් ඒ ස්ත්‍රිය පළමුවිය ඉක්ම මැඳුම්වියෙහි සිටියාක් මෙන්ද මැඳුම්විය ඉක්ම පැසුළුවියෙහි සිටියාක් මෙන්ද රැළිවැටුනි, පැසුණු කෙස් ඇත්තී කැඩුණු ලිහිල් වූදත් ඇත්තී වූවාය. ඉක්බිති ඇය බලාසිටියදීම විජිනිපත සමඳ පෙරළී වැටුනාය. ඉක්බිති ඛෙමාදේවිය පෙර හේතුවෙන් යුක්තවූවා ඒ අරමුණ ආපාතගතවූ කල්හි මෙසේ සිතුවාය. ‘මෙබඳුවූ ශරීරයද මෙබඳු විපතට පැමිණෙයි. මගේ සිරුරද මෙබඳු ගති ඇත්තේම වන්නේය’ (යනුවෙනි) අනතුරුව ඇයට මෙසේ සිතුණු කෙණෙහි තථාගතයන්වහන්සේ ධර්‍මපදයෙහි මේ ගාථාව වදාළසේක.

“යෙ රාගරත‍්තානුපතන‍්ති සොතං, සයංකතං මක‍්කටකොව ජාලං; එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරා, අනපෙක‍්ඛිනො සබ‍්බදුක‍්ඛං පහායා”ති.

මකුළුවා තමාමකළ දැලට ඇද වැටෙන්නාක් මෙන් රාගයෙන් වැඩුනාහු (සසර) සැඬපහරට ඇදවැටෙත්, මෙයද සිඳ දමා බලාපොරොත්තු රහිතවූවෝ කම්සුව අත්හැර පැවිදිව හැසිරෙත්.

සා ගාථාපරියොසානෙ ඨිතපදෙ ඨිතායෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අගාරමජ‍්ඣෙ වසන‍්තෙන නාම අරහත‍්තං පත‍්තෙන තංදිවසමෙව පරිනිබ‍්බායිතබ‍්බං වා පබ‍්බජිතබ‍්බං වා හොති, සා පන අත‍්තනො ආයුසඞ‍්ඛාරානං පවත‍්තනභාවං ඤත්‍වා “අත‍්තනො පබ‍්බජ‍්ජං අනුජානාපෙස‍්සාමී”ති සත්‍ථාරං වන්‍දිත්‍වා රාජනිවෙසනං ගන‍්ත්‍වා රාජානං අනභිවාදෙත්‍වාව අට‍්ඨාසි. රාජා ඉඞ‍්ගිතෙනෙව අඤ‍්ඤාසි – “අරියධම‍්මං පත‍්තා භවිස‍්සතී”ති. අථ නං ආහ – “දෙවි ගතා නු ඛො සත්‍ථුදස‍්සනායා”ති. මහාරාජ, තුම‍්හෙහි දිට‍්ඨදස‍්සනං පරිත‍්තං, අහං පන දසබලං සුදිට‍්ඨමකාසිං, පබ‍්බජ‍්ජං මෙ අනුජානාථාති. රාජා “සාධු, දෙවී”ති සම‍්පටිච‍්ඡිත්‍වා සුවණ‍්ණසිවිකාය භික‍්ඛුනිඋපස‍්සයං උපනෙත්‍වා පබ‍්බාජෙසි. අථස‍්සා “ඛෙමාථෙරී නාම ගිහිභාවෙ ඨත්‍වා අරහත‍්තං පත‍්තා”ති මහාපඤ‍්ඤභාවො පාකටො අහොසි. ඉදමෙත්‍ථ වත්‍ථු. අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ නිසින‍්නො භික‍්ඛුනියො පටිපාටියා ඨානන‍්තරෙ ඨපෙන‍්තො ඛෙමාථෙරිං මහාපඤ‍්ඤානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඕතොමෝ ගාථා කෙළවර සිටි පියවරෙහි පිහිටියාම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. රහත්බවට පැමිණි ගිහිගෙහි වෙසෙන්නකු නම් එදවසම පිරිනිවිය යුතු හෝ පැවිදිවිය යුතු හෝ වෙයි. ඕ තොමෝ වනාහි තමන්ගේ ආයුසංස්කාරය පවත්නා බව දැන තමන්ගේ පැවිද්ද අනුදන්වන්නෙමැයි ශාස්තෘන්වහන්සේ වැඳ රජනිවසට ගොස් රජුට නොවැඳම සිටියාය. රජතෙමේ ආර්‍ය්‍යධර්‍මයවූ රහත්බවට පැමිණියා වන්නීයයි ඉඟියෙන්ම දැනගත්තේය. ඉක්බිති, ඇයට දේවිය ශාස්තෘන්වහන්සේ දැක්මට ගියාවෙහිදැයි කීය. ‘මහරජ, නුඹවහන්සේ විසින් දුටු දැක්ම සුළුය. මම වනාහි ශාස්තෘන්වහන්සේ මනාව දුටුවකු කෙළෙමි. මගේ පැවිද්ද අනුදන්නා මැනවැ’යි කීවාය. රජතෙමේ ‘මැනවි දේවිය’යි පිළිගෙන රන්සිවිගෙයකින් භික්‍ෂුණී ආශ්‍රමයට යවා පැවිදි කරවූයේය. ඉක්බිති ඛේමා නම් ගිහිබවෙහි වූවාම රහත්බවට පැමිණියායි ඇයගේ මහනුවණැති බව ප්‍රකට වූයේය. මේ කථාවස්තුව මෙපමණෙකි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඛේමා තෙරණිය මහ පැනවතියන් අතුරින් අගතැන්හි තැබූසේක.