යෙදුමෙන් කියවන්න

සාගතත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සාගතත්‍ථෙරවත්‍ථු

සාගතතෙරණුවෝ

දසමෙ තෙජොධාතුකුසලානන‍්ති තෙජොධාතුං සමාපජ‍්ජිතුං කුසලානං සාගතත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. අයඤ‍්හි ථෙරො තෙජොධාතුසමාපත‍්තියා අම‍්බතිත්‍ථනාගස‍්ස තෙජසා තෙජං පරියාදියිත්‍වා තං නාගං නිබ‍්බිසෙවනං අකාසි. තස‍්මා තෙජොධාතුකුසලානං අග‍්ගො නාම ජාතො.

දසවැන්නෙහි තෙජොධාතුකුසලානං යන්නෙන් තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ. එහෙයින් තෙජොධාතුවට සමවැදීමේ දක්‍ෂයින් අතුරෙන් අග්‍රනම්වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා අපරභාගෙ සත්‍ථුධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං තෙජොධාතුකුසලානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, සාගතමාණවොතිස‍්ස නාමං අකංසු. සො අපරභාගෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා තත්‍ථ වසීභාවං පාපුණි.

උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසඳගෙන මෑතකාලයෙහි ශාස්තාන්වහන්සේගේ ධර්‍මදේශනාව අසමින් එක් භික්‍ෂුවක තෙජෝධාතුවට සමවැදිමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට තනතුර පැතුවේය. හෙතෙම දිවිඇතිතෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතර සැරිසරනේනේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. මොහුට සාගතමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව අටසමවන් උපදවා එහි වසඟ බවට පත්වූයේය.

අථෙකදිවසං සත්‍ථා චාරිකං චරමානො කොසම‍්බිනගරසමීපං අගමාසි. තෙන ච සමයෙන නදීතිත්‍ථෙ පොරාණකනාවිකස‍්ස බහූ ආගන‍්තුකගමිකා වෙරිනො හුත්‍වා තං පොථෙත්‍වා මාරයිංසු. සො විරුද‍්ධෙන චිත‍්තෙන පත්‍ථනං පට‍්ඨපෙත්‍වා තස‍්මිංයෙව තිත්‍ථෙ මහානුභාවො නාගරාජා හුත්‍වා නිබ‍්බත‍්තො. සො විරුද‍්ධචිත‍්තත‍්තා අකාලෙයෙව වස‍්සාපෙති, කාලෙ පන න වස‍්සාපෙති, සස‍්සානි න සම‍්මා සම‍්පජ‍්ජන‍්ති. සකලරට‍්ඨවාසිනො ච තස‍්ස වූපසමනත්‍ථං අනුසංවච‍්ඡරං බලිකම‍්මං කරොන‍්ති, වසනත්‍ථාය චස‍්ස එකං ගෙහං අකංසු. සත්‍ථාපි තෙනෙව තිත්‍ථෙන උත‍්තරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො “තස‍්මිංයෙව පදෙසෙ රත‍්තිං වසිස‍්සාමී”ති අගමාසි.

ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙමින් කොඹෑනුවර සමීපයට වැඩිසේක. එසමයෙහි නදීතොටෙහි පැරණි නැවියාගේ බොහෝ ආගන්තුක ගමිකයෝ සතුරුවී ඔහු තළා මැරූහ. හෙතෙම විරුද්ධසිතින් පැතුමක් තබා ඒ තොටපලෙහිම මහත් ආනුභාව ඇති නා රජෙක්වී උපන්නේය. හෙතෙම විරුද්ධසිත් ඇතිබැවින් නොකල්හි වස්වයි. කාලයෙහි නොවස්වයි. ශශ්‍යයෝ මනාව නොහටගනිත්. සියලු රටවැසියෝ ඔහු සංසිඳවීම සඳහා අවුරුදු පතා බලිකර්‍ම කරත්. විසීම සඳහාද මොහුට එක් ගෙයක් කළාහුය. ශාස්තෘන්වහන්සේද ඒ තොටින් එතෙරවී බික්සඟන පිරිවරනලද සේක් ඒ පෙදෙසෙහිම රාත්‍රිය වසන්නෙමැයි වැඩිසේක.

අථායං ථෙරො “චණ‍්ඩො කිරෙත්‍ථ නාගරාජා”ති සුත්‍වා “ඉමං නාගරාජානං දමෙත්‍වා නිබ‍්බිසෙවනං කත්‍වා සත්‍ථු වසනට‍්ඨානං පරියාදෙතුං වට‍්ටතී”ති නාගරාජස‍්ස වසනට‍්ඨානං පවිසිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. නාගො කුජ‍්ඣිත්‍වා “කොනාමායං මුණ‍්ඩකො මය‍්හං වසනට‍්ඨානං පවිසිත්‍වා නිසින‍්නො”ති ධූපායි, ථෙරො උත‍්තරිතරං ධූපායි. නාගො, පජ‍්ජලි, ථෙරොපි උත‍්තරිතරං පජ‍්ජලිත්‍වා තස‍්ස තෙජං පරියාදියි. සො “මහන‍්තො වතායං භික‍්ඛූ”ති ථෙරස‍්ස පාදමූලෙ නිපතිත්‍වා, “භන‍්තෙ, තුම‍්හාකං සරණං ගච‍්ඡාමී”ති ආහ. මය‍්හං සරණගමනකිච‍්චං නත්‍ථි, දසබලස‍්ස සරණං ගච‍්ඡාති. සො “සාධූ”ති සරණගතො හුත්‍වා තතො පට‍්ඨාය න කඤ‍්චි විහෙඨෙති, දෙවම‍්පි සම‍්මා වස‍්සාපෙති, සස‍්සානි සම‍්මා සම‍්පජ‍්ජන‍්ති.

ඉක්බිති මේ තෙරණුවෝ මෙහි නාරජ චණ්ඩයයි අසා මේ නාරජු දමනය කොට විසනැත්තෙකු කොට ශාස්තෘන් වසන තැන පිළියෙළ කිරීමට වටනේයයි නාරජු වසන තැනට පිවිස පලක් බැඳ වැඩහුන්හ. නයා කිපී මේ කවර නම් මුඩුමහණෙක් මා වසන තැනට පිවිස හුන්නේදැයි දුම්පිට කළේය. තෙරණුවෝ වැඩිමනත් දුම්පිට කළහ. නයා දිදිළීය. තෙරණුවෝ වැඩිමනත් දිදිළී ඔහුගේ තෙද යටපත් කළේය. හෙතෙම මේ භික්‍ෂුව බලවතෙකැයි තෙරුන්ගේ පාමුල වැදෙහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේගේ සරණ යමියි කීවේය. මා සරණයාමෙන් වැඩක් නැත. බුදුරජානන්වහන්සේ සරණයවයි කීහ. හෙතෙම මැනවැයි සරණගියේ වී එතැන්පටන් කිසිවකු නොපෙළීය. වැස්සද මනාව වස්වයි. ශශ්‍යයෝද මනාව නිපදෙත්,

කොසම‍්බිවාසිනො “අය්‍යෙන කිර සාගතෙන අම‍්බතිත්‍ථකනාගො දමිතො”ති සුත්‍වා සත්‍ථු ආගමනං උදික‍්ඛමානා දසබලස‍්ස මහාසක‍්කාරං සජ‍්ජයිංසු. තෙ දසබලස‍්ස මහාසක‍්කාරං කත්‍වා ඡබ‍්බග‍්ගියානං වචනෙන සබ‍්බගෙහෙසු කාපොතිකං පසන‍්නං පටියාදෙත්‍වා පුනදිවසෙ සාගතත්‍ථෙරස‍්ස පිණ‍්ඩාය චරන‍්තස‍්ස ගෙහෙ ගෙහෙ ථොකං ථොකං අදංසු. ථෙරො අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ මනුස‍්සෙහි යාචියමානො ගෙහෙ ගෙහෙ ථොකං ථොකං පිවිත්‍වා අවිදූරං ගන‍්ත්‍වාව අනාහාරිකභාවෙන සතිං විස‍්සජ‍්ජෙත්‍වා සඞ‍්කාරට‍්ඨානෙ පති.

කොසඹෑ වැසියෝ සාගත ආර්‍ය්‍යයන්වහන්සේ විසින් අම්බතිත්‍ථක නාගයා දමනය කරනලදැයි අසා ශාස්තෘන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් මහත් සත්කාර පිළියෙළ කළාහුය. ඔවුහු දහබලන්වහන්සේට මහත් සත්කාර කොට ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ වචනයෙන් සියලුගෙවල්වල කාපොතික නම් මද්‍යපානය පිළියෙළ කොට දෙවන දිනයෙහි පිඬු පිණිස හැසිරෙන සාගත තෙරුන්ට එක් එක් ගෙහිදී ටික ටික දුන්නාහුය. තෙරණුවෝ ශික්‍ෂාපදය නොපැනවී තිබියදී මිනිසුන්විසින් අයදිනුලබන්නාහු එක් එක් ගෙහිදී ටි ටික බී ශාස්තෘන්වහන්සේගේ නොදුරට ගොස්ම නොරහත් බැවින් සිහිය අත්හැර කසළගොඩක වැටුනාහ.

සත්‍ථා කතභත‍්තකිච‍්චො නික‍්ඛමන‍්තො තං දිස‍්වා ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා විගරහිත්‍වා සික‍්ඛාපදං පඤ‍්ඤාපෙසි. සො පුනදිවසෙ සතිං ලභිත්‍වා අත‍්තනා කතකාරණං සුත්‍වා අච‍්චයං දෙසෙත්‍වා දසබලං ඛමාපෙත්‍වා උප‍්පන‍්නසංවෙගො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. එවං වත්‍ථු විනයෙ සමුට‍්ඨිතං. තං තත්‍ථ ආගතනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බං. අපරභාගෙ පන සත්‍ථා ජෙතවනෙ මහාවිහාරෙ නිසීදිත්‍වා පටිපාටියා ථෙරෙ ඨානන‍්තරෙසු ඨපෙන‍්තො සාගතත්‍ථෙරං තෙජොධාතුකුසලානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ශාස්තෘන්වහන්සේ ඔහු දැක කරනලද බත් කිස ඇති සේක් නික්මෙමින් ඔහු ගෙන්වා ගෙන විහාරයට ගොස් නින්දා කොට ශික්‍ෂාපදය පැනවූසේක. හෙතෙම දෙවැනි දිනයෙහි සිහිය ලැබ තමන් කළ කරුණ අසා ඇවත් දෙසා බුදුරජාණන්වහන්සේ ක්‍ෂමා කරවාගෙන උපන් සංවේග ඇත්තේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. මෙසේ කථාවස්තුව විනයෙහි නැඟීසිටියේය. එය එහි පැමිණි සැටියෙන්ම විස්තර වශයෙන් දතයුත්තේය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රමෙහි හිඳ තෙරුවරුන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් සාගතතෙරුන් තෙජෝධාතුවට සමවැදීමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.

රාධත්‍ථෙරවත්‍ථු

රාධතෙරණුවෝ

එකාදසමෙ පටිභානෙය්‍යකානන‍්ති සත්‍ථු ධම‍්මදෙසනාපටිභානස‍්ස පච‍්චයභූතානං පටිභානජනකානං භික‍්ඛූනං රාධත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. ථෙරස‍්ස හි දිට‍්ඨිසමුදාචාරඤ‍්ච ඔකප‍්පනියසද‍්ධඤ‍්ච ආගම‍්ම දසබලස‍්ස නවනවා ධම‍්මදෙසනා පටිභාති. තස‍්මා ථෙරො පටිභානෙය්‍යකානං අග‍්ගො නාම ජාතො.

එකොළොස් වැන්නෙහි පටිභානෙය්‍යකානං යන්නෙන් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත් ධර්‍මදේශනා වැටහෙයි. එහෙයින් තෙරණුවෝ ප්‍රතිභාහනය (වැටහීම) ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා අපරභාගෙ සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං පටිභානෙය්‍යකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං තථාගතං පරිචරිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ බ්‍රාහ‍්මණකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි, රාධමාණවොතිස‍්ස නාමං අකංසු.

උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ අනුපිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදු රජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් තථාගතයන්වහන්සේට සේවය කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර බමුණුකුලයක පිළිසිඳ ගත්තේය. මොහුට රාධමානවයයි නම් කළාහුය.

සො මහල‍්ලකකාලෙ අත‍්තනො පුත‍්තදාරෙන අබහුමතො “පබ‍්බජිත්‍වා කාලං වීතිනාමෙස‍්සාමී”ති විහාරං ගන‍්ත්‍වා ථෙරෙ පබ‍්බජ‍්ජං යාචි. “ජිණ‍්ණො මහල‍්ලකබ්‍රාහ‍්මණො”ති න කොචි පබ‍්බාජෙතුං ඉච‍්ඡි. අථෙකදිවසං බ්‍රාහ‍්මණො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා තස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා කථං සමුට‍්ඨාපෙතුකාමො “කිං, බ්‍රාහ‍්මණ, පුත‍්තදාරා තං පටිජග‍්ගන‍්තී”ති? කුතො, භො ගොතම, පටිජග‍්ගනං, මහල‍්ලකොති මං බහි නීහරිංසු. කිං පන තෙ, බ්‍රාහ‍්මණ, පබ‍්බජිතුං න වට‍්ටතීති? කො මං, භො ගොතම, පබ‍්බාජෙස‍්සති, මහල‍්ලකභාවෙන මං න කොචි ඉච‍්ඡතීති. සත්‍ථා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සඤ‍්ඤං අදාසි. ථෙරො සත්‍ථු වචනං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා රාධබ්‍රාහ‍්මණං පබ‍්බාජෙත්‍වා චින‍්තෙසි – “සත්‍ථා ඉමං බ්‍රාහ‍්මණං සාදරෙන පබ‍්බජාපෙසි, න ඛො මෙ එතං අනාදරෙන පරිහරිතුං වට‍්ටතී”ති රාධත්‍ථෙරං ආදාය ගාමකාවාසං අගමාසි. තත්‍රස‍්ස අධුනා පබ‍්බජිතත‍්තා කිච‍්ඡලාභිස‍්ස ථෙරො අත‍්තනො පත‍්තං ආවාසං දෙති, අත‍්තනො පත‍්තං පණීතපිණ‍්ඩපාතම‍්පි තස‍්සෙව දත්‍වා සයං පිණ‍්ඩාය චරති. රාධත්‍ථෙරො සෙනාසනසප‍්පායඤ‍්ච භොජනසප‍්පායඤ‍්ච ලභිත්‍වා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

හෙතෙම මහළු කල්හි තමන්ගේ අඹුදරුවන් විසින් නිගරුකරන ලද්දේ පැවිදිව කල් ගෙවන්නෙමැයි විහාරයට ගොස් තෙරවරුන්ගෙන් පැවිද්ද ඉල්වීය. දිරාපත් මහළු බමුණෙකැයි පැවිදිකරවීමට කිසිවෙක් කැමැති නොවූහ. ඉක්බිති එක් දිනක් බමුණා හාස්තෘන්වහන්සේ වෙත එළඹ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ හේතුසම්පත් දැක කථාව මතුකිරීමට කැමතිසේක් කිමෙක්ද බමුණ, අඹුදරුවෝ ඔබ පිළිදැගුම් කරත්දැයි ඇසූ සේක. ‘භවත් ගෞතමයිනි, පිළිදැගීමක් කොයින්ද? මහල්ලෙකැයි මා පිටට නෙරපූහ’යි කීවේය. ‘බමුණ, කිමෙක්ද ඔබට පැවිදිවීමට නොවටීද?’ ‘භවත්ගෞමයිනි, කවරෙක් මා පැවිදි කරන්නේද? මහළුබව නිසා කිසිවෙක් මා නොකැමති වෙති’යි බමුණා කීය. ශාස්තෘන්වහන්සේ සැරියුත්තෙරුනට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ හාස්තෘවචනය සිරසින් පිළිගෙන රාධ බමුණා පැවිදිකොට මෙසේ සිතූහ. ශාස්තෘන්වහන්සේ මේ බමුණා ආදරයෙන් පැවිදිකරවූසේක. මාවිසින් මොහු අනදරින් පරිහරණය කිරීමට නොයුතුය.’ (මෙසේ සිතා) රාධ තෙරුන් රැගෙන කුඩාගමක විසීමට ගියහ. අලුත පැවිදිවු බැවින් එහි දුෂ්කරලැබීම් ඇති මොහුට (සැරියුත්) තෙරණුවෝ තමන්ට ලැබුණු ප්‍රණීත පිණ්ඩපාතයද ඔහුටම දී තමූ පිඬු පිණිස හැසිරෙති. රාධතෙරණුවෝ යෝග්‍ය සෙනසුන්ද යෝග්‍ය භෝජනයද ලැබ සැරියුත් තෙරණුවන් සමීපයෙහි කමටහන් ගෙන නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.

අථ නං ථෙරො ගහෙත්‍වා දසබලං පස‍්සිතුං ආගතො. සත්‍ථා ජානන‍්තොව පුච‍්ඡි – “යො තෙ මයා, සාරිපුත‍්ත, නිස‍්සිතකො දින‍්නො, කීදිසං තස‍්ස, න උක‍්කණ‍්ඨතී”ති? භන‍්තෙ, සාසනෙ අභිරමිතභික‍්ඛු නාම එවරූපො භවෙය්‍යාති. අථායස‍්මතො සාරිපුත‍්තස‍්ස “සාරිපුත‍්තත්‍ථෙරො කතඤ‍්ඤූ කතවෙදී”ති සඞ‍්ඝමජ‍්ඣෙ කථා උදපාදි. තං සුත්‍වා සත්‍ථා භික‍්ඛූ ආමන‍්තෙසි – “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, සාරිපුත‍්තස‍්ස ඉදානි කතඤ‍්ඤූකතවෙදිතා, සො අතීතෙ අහෙතුකපටිසන්‍ධියං නිබ‍්බත‍්තොපි කතඤ‍්ඤූකතවෙදීයෙව අහොසී”ති. කතරස‍්මිං කාලෙ භගවාති?

ඉක්බිති (සැරියුත්) තෙරණුවෝ ඔහු රැගෙන බුදුරජාණන්වහන්සේ දැකීමට පැමිණියහ. ශාස්තෘන්වහන්සේ දනිමින්ම, ‘සාරිපුත්‍රය, මවිසින් ඔබට යම් ඇසුරුකරන්නෙක් දෙන ලද්දේද? ඔහුට කෙබඳු දෙයක නොකළකිරෙයිද? යි ඇසූසේක. ‘ස්වාමීනි, සසුනෙහි ඇලෙන භික්‍ෂුව නම් මෙබඳු වන්නේය.’ ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේට, ‘සැරියුත් තෙරණුවෝ කෘතඥයෝය. කාතවේදීහුය’යි සඟමැද කථාවක් හටගත්තේය. ඒ කථාව අසා ශාස්තෘන්වහන්සේ, භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, සාරිපුත්‍රයින්ගේ දැන් කෘතඥතාවත් කෘතවේදිත්වයත් පුදුමයක් නොවේ. හෙතෙම අතීතයෙහි අහෙතුක ප්‍රතිසන්‍ධියෙහි උපන්නේද කෘතඥකෘතවේදීම වීය’යි පැවසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි භික්‍ෂූහු විමසූහ.

අතීතෙ, භික‍්ඛවෙ, පබ‍්බතපාදම‍්හි පඤ‍්චසතමත‍්තා වඩ‍්ඪකිපුරිසා මහාඅරඤ‍්ඤං පවිසිත්‍වා දබ‍්බසම‍්භාරෙ ඡින්‍දිත්‍වා මහාඋළුම‍්පං බන්‍ධිත්‍වා නදියා ඔතාරෙන‍්ති. අථෙකො හත්‍ථිනාගො එකස‍්මිං විසමට‍්ඨානෙ සොණ‍්ඩාය සාඛං ගණ‍්හන‍්තො සාඛාභඞ‍්ගවෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො තිඛිණඛාණුකෙ පාදෙන අවත්‍ථාසි, පාදො විද‍්ධො, දුක‍්ඛවෙදනා වත‍්තන‍්ති. සො ගමනං අභිනීහරිතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව නිපජ‍්ජි. සො කතිපාහච‍්චයෙන තෙ වඩ‍්ඪකී අත‍්තනො සමීපෙන ගච‍්ඡන‍්තෙ දිස‍්වා “ඉමෙ නිස‍්සායාහං ජීවිතං ලභිස‍්සාමී”ති තෙසං අනුපදං අගමාසි. තෙ නිවත‍්තිත්‍වා හත්‍ථිං දිස‍්වා භීතා පලායන‍්ති. සො තෙසං පලායනභාවං ඤත්‍වා අට‍්ඨාසි, පුන ඨිතකාලෙ අනුබන්‍ධි.

මහණෙනි, අතීතයෙහි පර්‍වතපාදයක පන්සියයක් පමණ වූ වඩු පුරුෂයෝ මහ වනයට පිවිස ලී ගොඩවල් සිඳ මහත් පසුරක් බැඳ නදියෙන් එතෙර වෙත්. ඉක්බිති එක් ඇත්රජෙක් එක් විෂමස්ථානයක සොඬින් (කඩා) ගන්නේ අත්තකැඩී ආ වේගය ඉවසීමට නොහැක්කේ තියුණු ලීඋලක් පයෙහි ඇනී ගියේය. පා සිදුරු විය. දුක් වේදනාවෝ හටගත්හ. හෙතෙම ගමන ඉදිරියට යාමට නොහැක්කේ එහිම වැද හොත්තේය. හෙතෙම කිහිප දිනක අවෑමෙන් ඒ වඩුවන් තමන් සමීපයෙන් යනු දැක මොවුන් නිසා මම දිවි ලබන්නෙමැයි ඔවුන්ගේ පියවර අනුව ගියේය. ඔවුහු නැවතී ඇතැ දැක බියවූවාහු පලායත්. හෙතෙම ඔවුන් පලා යන බව දැන නැවතී සිටියේය. යළි ඔවුන් සිටි කල්හි ලුහුබැන්දේය.

වඩ‍්ඪකිජෙට‍්ඨකො චින‍්තෙසි – “අයං හත්‍ථි අම‍්හෙසු තිට‍්ඨන‍්තෙසු අනුබන්‍ධති, පලායන‍්තෙසු තිට‍්ඨති, භවිස‍්සති තත්‍ථ කාරණ”න‍්ති. සබ‍්බෙ තං තං රුක‍්ඛං ආරුය‍්හ තස‍්ස ආගමනං පටිමානෙන‍්තා නිසීදිංසු. සො තෙසං සන‍්තිකං ආගන‍්ත්‍වා අත‍්තනො පාදං දස‍්සෙන‍්තො පරිවත‍්තෙත්‍වා නිපජ‍්ජි. තදා වඩ‍්ඪකීනං සඤ‍්ඤා උදපාදි – “ගිලානභාවෙන, භො, එස ආගච‍්ඡති, න අඤ‍්ඤෙන කාරණෙනා”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පාදෙ පවිට‍්ඨඛාණුකං දිස‍්වා “ඉමිනා කාරණෙන එස ආගතො”ති තිඛිණවාසියා ඛාණුකකොටියං ඔධිං දත්‍වා දළ‍්හාය රජ‍්ජුයා බන්‍ධිත්‍වා කඩ‍්ඪිත්‍වා නීහරිංසු. අථස‍්ස වණමුඛං පීළෙත්‍වා පුබ‍්බලොහිතං නීහරිත්‍වා කසාවොදකෙන ධොවිත්‍වා අත‍්තනො ජානනභෙසජ‍්ජං මක‍්ඛෙත්‍වා නචිරස‍්සෙව ඵාසුකං අකංසු.

වඩු දෙටුවා ‘මේ ඇතා අපසිටි කල්හි ලුහුබඳියි. පලායන විට සිටියි. මෙහි කරුණක් වන්නේයයි සිතුවේය.’ සියල්ලෝ ඒ ඒ ගසට නැගී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් හුන්නාහුය. හෙතෙම ඔවුන් ලඟට අවුත් තමන්ගේ පය පෙරළා දක්වමින් වැද හොත්තේය. එවිට වඩුවන්ට, ‘පින්වතිනි, මෙතෙම ගිලන් බවින් එයි. වෙනත් කරුණකින් නොවේය’යි හැඟීමක් පහළවිය. ඔහුගේ ලඟට ගොස් පයෙහි පිවිසි ලීහුල දැක, ‘මෙකරුණින් මෙතෙම ආයේය’යි තියුණු වෑයකින් උල්කෙළවර හිමිකොට දැඩි රැහැනකින් බැඳ ඇද ඉවත්කළාහුය. ඉක්බිති ඔහුගේ වණමුඛය පෙළා පැරණි ලේ හරවා කහට දියෙන් සෝදා තමන් දන්නා බෙහෙත් තවරා ඉක්මණින්ම සුව කළාහුය.

හත්‍ථිනාගො ගිලානා වුට‍්ඨිතො චින‍්තෙසි – “ඉමෙ මය‍්හං බහුපකාරා, ඉමෙ මයා නිස‍්සාය ජීවිතං ලද‍්ධං, මයා ඉමෙසං කතඤ‍්ඤුනා කතවෙදිනා භවිතුං වට‍්ටතී”ති අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා සෙතං ගන්‍ධහත්‍ථිපොතකං ආනෙසි. වඩ‍්ඪකිනො හත්‍ථිපොතකං දිස‍්වා “අම‍්හාකං හත්‍ථී පුත‍්තම‍්පි ගහෙත්‍වා ආගතො”ති අතිවිය තුට‍්ඨචිත‍්තා අහෙසුං. හත්‍ථිනාගො චින‍්තෙසි – “මයි තිට‍්ඨන‍්තෙ ‘කිං නු ඛො අයං ආගතො’ති මම ආගතකාරණං න ජානිස‍්සන‍්තී”ති ඨිතට‍්ඨානතො පක‍්කාමි. හත්‍ථිපොතකො පිතු පච‍්ඡතො පච‍්ඡතො අනුපායාසි. හත්‍ථිනාගො තස‍්ස ආගතභාවං ඤත්‍වා නිවත‍්තනත්‍ථාය සද‍්දසඤ‍්ඤං අදාසි. සො පිතු කථං සුත්‍වා නිවත‍්තිත්‍වා වඩ‍්ඪකීනං සන‍්තිකං ගතො. වඩ‍්ඪකිනො “ඉමං හත්‍ථිපොතකං අම‍්හාකං දාතුං ආගතො භවිස‍්සති එසො”ති ඤත්‍වා “අම‍්හාකං සන‍්තිකෙ තයා කත‍්තබ‍්බකිච‍්චං නත්‍ථි, පිතු සන‍්තිකංයෙව ගච‍්ඡා”ති පහිණිංසු. හත්‍ථිනාගො යාවතතියං අත‍්තනො සන‍්තිකං ආගතම‍්පි පුන වඩ‍්ඪකීනංයෙව සමීපං පෙසෙසි. තතො පට‍්ඨාය වඩ‍්ඪකිනො හත්‍ථිපොතකං අත‍්තනො සන‍්තිකෙ කත්‍වා පටිජග‍්ගන‍්ති. භොජනකාලෙ එකෙකං භත‍්තපිණ‍්ඩං දෙන‍්ති, භත‍්තං තස‍්ස යාවදත්‍ථං අහොසි. සො වඩ‍්ඪකීහි අන‍්තොගහනෙ කොට‍්ටිතං දබ‍්බසම‍්භාරං ආහරිත්‍වා අඞ‍්ගණට‍්ඨානෙ රාසිං කරොති. එතෙනෙව නියාමෙන අඤ‍්ඤම‍්පි උපකාරකම‍්මං කරොති.

ඇත්රජ තෙමේ ගිලන්බවින් නැගීසිටියේය (සුවපත් වුයේ), ‘මොවුහු මට බොහෝ උපකාර වූවෝයි. මොවුන් නිසා මවිසින් දිවි ලබන ලදී. මා මොවුනට කළගුණ දන්නකු වීමට වටීයයි සිතුවේය.’ (මෙසේ සිතා) තමන් වසන තැනට ගොස් සුදු ඇත් පැටවකු රැගෙන ආවේය. වඩුවෝ ඇත්පැටවා දැක ‘අපට ඇත්දරුවකුද රැගෙන ආයේයැ’යි බෙහෙවින් සතුටු සිතැත්තෝ වූහ. ඇත්රජතෙමේ මා සිටින විට කුමක් නිසා මෙතෙම ආයේදැයි මා පැමිණි කරුණ නොදනිතියි සිතුවේය. (සිතා) සිටි තැනින් පිටත්වූයේය. ඇත්පොව්වා පියා පසුපසින් ලුහුබැඳ ගියේය. ඇත්රජතෙමේ පැටවා ආපසු එනබව දැන නවතිනු සඳහා ශබ්දසංඥාවක් කළේය. හෙතෙම පියාගේ කථාව (සංඥාව) අසා ආපසු හැරී වඩුවන් සමීපයට ගියේය. වඩුවෝ ‘මෙතෙම මේ පැටවා අපට දීමට ආයේවනැ’යි අප ලඟ ඔබ විසින් කළයුතු දෙයක් නැත. පියා සමීපයටම යවයි’ කීවාහුය. එසේ කියා ඔවුහු (පැටවා) ආපසු යැවූහ. ඇත්රජ තෙමේ තෙවැනිවර දක්වා තමන් ලඟට ආ පැටවා වඩුවන් සමීපයට යැවීය. එතැන්පටන් වඩුවෝ ඇත් පැටවා තමන් ලඟ තබාගෙන පිළිදැගුම් කරති. බොජුන් කල්හි එක් එක් බත් පිඬ බැගින් දෙති. බත ඇති පැටවාට ප්‍රමාණවත් වෙයි. හෙතෙම වඩුවන් විසින් වනය තුළ කපන ලද දැව සමූහය ගෙනවුත් එළිමහන් තැනක ගොඩ ගසයි. මේ අයුරින්මවෙනත් උපකාරද කළේය.

සත්‍ථා ඉමං කාරණං ආහරිත්‍වා පුබ‍්බෙපි සාරිපුත‍්තස‍්ස කතඤ‍්ඤූකතවෙදිභාවං දීපෙති. සාරිපුත‍්තත්‍ථෙරො හි තදා මහාහත්‍ථී අහොසි, අට‍්ඨුප‍්පත‍්තියං ආගතො ඔස‍්සට‍්ඨවීරියො භික‍්ඛු හත්‍ථිපොතකො අහොසි. සංයුත‍්තනිකායං පන පත්‍වා සකලං රාධසංයුත‍්තං, ධම‍්මපදෙ ච –

ශාස්තෘන්වහන්සේ මෙකරුණ ගෙනහැර දක්වා පෙරද සැරියුත් කෘතඥ කෘතවේදී භාවය ප්‍රකට වූයේය. සැරියුත් තෙරණුවෝ එදා මහ ඇතා වූහ. අර්‍ත්‍ථොත්පත්ති යෙහි ආවාවූ වීර්‍ය්‍යය හළ භික්‍ෂුව ඇත්පොව්වා වූයේයි වදාළසේක. සංයුත්ත නිකායට පැමිණ සියලු රාධසංයුත්තයද ධර්‍මපදයෙහිද,

“නිධීනංව පවත‍්තාරං, යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං; නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ; තාදිසං භජමානස‍්ස, සෙය්‍යො හොති න පාපියො”ති. (ධ· ප· 76) –

වරද දක්නාසුලු පාපය හෙළා දකින නිදන් තොරතුරු කියන්නකු වැනි වූ නුවණැති යම් පුද්ගලයෙක් දක්නා ලැබේද එබඳුවූ පණ්ඩිතයෙකු ඇසුරු කරන්නේය. එබන්දකු ඇසුරු කරන්නාට යහපතක්ම වෙයි. නපුරක් නොවෙයි.

ගාථා ථෙරස‍්ස ධම‍්මදෙසනා නාම. අපරභාගෙ පන සත්‍ථා පටිපාටියා ථෙරෙ ඨානන‍්තරෙසු ඨපෙන‍්තො රාධත්‍ථෙරං පටිභානෙය්‍යකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

යන ගාථාව තෙරුන්ගේ ධර්‍මදේශනාගාථා නමි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ තෙරවරුන් පිළිවෙළින් තනතුරුවලතබන සේක් රාධතෙරුන් ප්‍රතිභානය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

මොඝරාජත්‍ථෙරවත්‍ථු

මොඝරාජ තෙරණුවෝ

ද‍්වාදසමෙ ලූඛචීවරධරානන‍්ති ලූඛචීවරං ධාරෙන‍්තානං මොඝරාජා අග‍්ගොති දස‍්සෙති. අයං හි ථෙරො සත්‍ථලූඛං සුත‍්තලූඛං රජනලූඛන‍්ති තිවිධෙනපි ලූඛෙන සමන‍්නාගතං පංසුකූලං ධාරෙසි. තස‍්මා ලූඛචීවරධරානං අග‍්ගො නාම ජාතො.

දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු දරන්නන් අතුරින් අග්‍රනම්වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා නිබ‍්බත‍්ති, තතො අපරභාගෙ සත්‍ථු ධම‍්මකථං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපදසබලස‍්ස නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව කට‍්ඨවාහනනගරෙ අමච‍්චගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. අපරභාගෙ වයප‍්පත‍්තො කට‍්ඨවාහනරාජානං උපට‍්ඨහන‍්තො අමච‍්චට‍්ඨානං ලභි.

උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් භික්‍ෂුවක රළු සිවුරු දරන්නන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම කට්ඨවාහන නුවරෙහි ඇමතිගෙයක පිළිසිඳ ගත්තේය. මෑතකලායෙහි වියපත් වූයේ කට්ඨවාහන රජුට උවටැන් කරන්නේ ඇමති තනතුරක් ලැබුවේය.

තස‍්මිං කාලෙ කස‍්සපදසබලො ලොකෙ උප‍්පජ‍්ජි. කට‍්ඨවාහනරාජා “බුද‍්ධො කිර ලොකෙ උප‍්පන‍්නො”ති සුත්‍වා තං පක‍්කොසාපෙත්‍වා ආහ – “තාත, බුද‍්ධො කිර ලොකෙ උප‍්පන‍්නො, ඉමං පච‍්චන‍්තනගරං එකප‍්පහාරෙනෙව උභොහි අම‍්හෙහි තුච‍්ඡං කාතුං න සක‍්කා, ත්‍වං තාව මජ‍්ඣිමදෙසං ගන‍්ත්‍වා බුද‍්ධස‍්ස උප‍්පන‍්නභාවං ඤත්‍වා දසබලං ඉමං නගරං ආනෙහී”ති පුරිසසහස‍්සෙන සද‍්ධිං පෙසෙසි. සො අනුපුබ‍්බෙන සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මකථං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො තත්‍ථෙව පබ‍්බජිත්‍වා වීසති වස‍්සසහස‍්සානි සමණධම‍්මං අකාසි. තෙන සද‍්ධිං ගතපුරිසා පන සබ‍්බෙපි නිවත‍්තිත්‍වා පුන රඤ‍්ඤො සන‍්තිකං ආගතා.

එසමයෙහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවූ සේකැයි අසා ඔහු (ඇමති) කැඳවා ‘දරුව, බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක මේ පසල් නගරය එක්වරම අප දෙදෙනාගෙන් හිස්කිරීමට නොහැකිය. නුඹ මධ්‍යම දේශයට ගොස් බුදුරජාණන්වහන්සේ උපන්බව දැන උන්වහන්සේ මෙම නුවරට වැඩමවාගෙන එව’යි කීවේය. (මෙසේ කියා) මිනිසුන් දහසක් සමඟ යැවීය. හෙතෙම පිළිවෙළින් ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ධර්‍මකථා අසා ලැබූ සැදැහැඇත්තේ එහිම පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් කළේය. ඔහු සමඟ ගියමිනිස්සු සියල්ලෝම ආපසු හැරී රජු වෙතට පැමිණියාහුය.

අයං ථෙරො පරිපුණ‍්ණසීලො කාලං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං දසබලස‍්ස නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි, මොඝරාජමාණවොතිස‍්ස නාමං අකංසු. කට‍්ඨවාහනරාජාපි කස‍්සපස‍්ස භගවතො අධිකාරකම‍්මං කත්‍වා එකං බුද‍්ධන‍්තරං සපරිවාරො දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං දසබලස‍්ස නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව සාවත්‍ථියං පුරොහිතගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, බාවරිමාණවොතිස‍්ස නාමං අකංසු. සො අපරෙන සමයෙන තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා සොළසන‍්නං මාණවකසහස‍්සානං සිප‍්පං වාචෙන‍්තො චරති. අථස‍්ස පසෙනදිකොසලරඤ‍්ඤො කාලෙ පිතු අච‍්චයෙන පුරොහිතට‍්ඨානං අදංසු. තදා අයම‍්පි මොඝරාජමාණවො බාවරිබ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකෙ සිප‍්පං ගණ‍්හාති.

මේ තෙරණුවෝත් පිරිපුන් සිල් ඇත්තාහු කලුරියකොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම සැවතෙහි බමුණු ගෙයක පිළිසඳ ගත්හ. මොහුට මොඝරාජමානවයි නම් කළාහුය. කට්ටවාහන රජතෙමේද කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් පිරිවර සහිතව දෙවිමිනිසුන් අතුරෙහි හැසිර අපගේ දශබලයන්වහන්සේ ඉපදීමට පෙරාතුවම සැවතෙහි පෙරෙවිගෙහි පිළිසිඳ ගත්තේය. මොහුට බාවාරිමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ත්‍රිවේදය උගෙන සොළොස් දහසක් මානවකයන්ට ශිල්ප උගන්වමින් හැසිරෙයි. ඉක්බිති මොහුට පසේනදී රජුගේ කාලයෙහි පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර දුන්හ. එකල්හි මේ මොඝරාජ මානවක තෙමේත් බාවාරි මානවකයන් සමීපයෙහිම සිප්සතර හදාරයි.

අථෙකදිවසං බාවරිබ්‍රාහ‍්මණො රහොගතො අත‍්තනො සිප‍්පෙ සාරං ඔලොකෙන‍්තො සම‍්පරායිකං සාරං අදිස‍්වා “එකං පබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා සම‍්පරායිකං ගවෙසෙස‍්සාමී”ති කොසලරාජානං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො පබ‍්බජ‍්ජං අනුජානාපෙසි. සො තෙන අනුඤ‍්ඤාතො සොළසහි මාණවකසහස‍්සෙහි පරිවුතො පබ‍්බජ‍්ජත්‍ථාය නික‍්ඛමි. කොසලරාජාපි තෙන සද‍්ධිංයෙව එකං අමච‍්චං කහාපණසහස‍්සං දත්‍වා පෙසෙසි – “යස‍්මිං ඨානෙ ආචරියො පබ‍්බජති, තත්‍රස‍්ස වසනට‍්ඨානං ගහෙත්‍වා දෙථා”ති. බාවරිබ්‍රාහ‍්මණො ඵාසුකට‍්ඨානං ඔලොකෙන‍්තො මජ‍්ඣිමදෙසතො පටික‍්කම‍්ම අස‍්සකරඤ‍්ඤො ච මුළ‍්හකරඤ‍්ඤො ච සීමන‍්තරෙ ගොධාවරිතීරෙ අත‍්තනො වසනට‍්ඨානං කාරෙසි.

ඉක්බිති එක්දිනක් බාවාරි බමුණා රහසිගතවූයේ තමන්ගේ ශිල්පයෙහි හරය විමසන්නේ පාරලෞකික හරයක් නොදැක (කිසියම්) එක් පැවිද්දකින් පැවිදිව පාරලෞකික හරයක් සොයන්නෙමැයි කොසොල් රජු වෙත එළඹ තමන්ගේ පැවිද්ද අනුදන්වා ගත්තේය. හෙතෙම ඔහුවිසින් අනුදන්නාලද්දේ සොළොස් දහසක් මානවකයන් විසින් පිරිවරනලද්දේ පැවිදිවීම සඳහා නික්මුණේය. කොසොල්රජ තෙමේත් ‘යම් තනක ආචාර්‍ය්‍යවරයා පැවිදිවන්නේද එහි ඔහුට විසීමට තැනක් ගෙනදෙවවු’යි ඔහු සමඟම කහවණු ලක්‍ෂයක් යැවීය. බාවාරි බමුණු තෙමේ පහස් තැනක් බලන්නේ මධ්‍යම දේශයෙන් ඉවත්ව අස්සක රජුගේද චුළ්භක රජුගේද සීමා අතරෙහි ගොදාවරී නදී වංකයෙහි තමන්ට විසීමට තැනක් කරවීය.

අථෙකො පුරිසො ජටිලානං දස‍්සනාය ගතො තෙසං සන‍්තකෙ භූමිට‍්ඨානෙ තෙහි අනුඤ‍්ඤාතො අත‍්තනො වසනට‍්ඨානං අකාසි. තෙන කතං දිස‍්වා අපරං කුලසතං ගෙහසතං කාරෙසි. තෙ සබ‍්බෙපි සන‍්නිපතිත්‍වා “මයං අය්‍යානං සන‍්තකෙ භූමිභාගෙ වසාම, මුධා වසිතුං න කාරණං, සුඛවාසං වො දස‍්සාමා”ති එකෙකො එකෙකං කහාපණං බාවරිබ්‍රාහ‍්මණස‍්ස වසනට‍්ඨානෙ ඨපෙසි. සබ‍්බෙහිපි ආභතකහාපණා සතසහස‍්සමත‍්තා අහෙසුං. බාවරිබ්‍රාහ‍්මණො “කිමත්‍ථං එතෙ ආභතා”ති ආහ. සුඛවාසදානත්‍ථාය, භන‍්තෙති. සචාහං හිරඤ‍්ඤසුවණ‍්ණෙන අත්‍ථිකො අස‍්සං, අහං මහන‍්තං ධනරාසිං පහාය න පබ‍්බජෙය්‍යං. තුම‍්හාකං කහාපණෙ ගණ‍්හිත්‍වා ගච‍්ඡථාති. අම‍්හෙහි අය්‍යස‍්ස පරිච‍්චත‍්තං න පුන ගණ‍්හාම, අනුසංවච‍්ඡරං පන එතෙනෙව නියාමෙන ආහරිස‍්සාම, ඉමෙ ගහෙත්‍වා අය්‍යො දානං දෙතූති. බ්‍රාහ‍්මණො අධිවාසෙත්‍වා කපණද‍්ධිකවණිබ‍්බකයාචකානං දානමුඛෙ නිය්‍යාතෙසි. තස‍්ස අපරාපරං දායකභාවො සකලජම‍්බුදීපෙ පඤ‍්ඤායිත්‍ථ.

ඉක්බිති එක් පුරුෂයෙක් ජටිලයන් දැකීමට ගියේ ඔවුන් අසළ භූමියක ඔවුන් විසින් අනුදන්නාලද්දේ තමන්ට විසීමට තැනක් කළේය. ඔහුවිසින් කරනලද ගෙය දැක වෙනත් කුල සියයක් ගෙවල්සියයක් කරවීය. ඒ සියල්ලෝම එක් රැස්ව ‘අපි ආර්‍ය්‍යයන්ට අයත් භූමිභාගයෙහි වසමු. නිකම් විසීමට නොයුතුය. මොවුනට සුවවාසයක් දෙන්නෙමු’යි එකිනෙකා එක් එක් කහවණුවක් බමුණා වසන තැනෙහි තැබීය. ගෙනෙන ලද සියලුම කහවණු දහසක් පමණ විය. බාවාරි බමුණා කුමක් සඳහා මේවා ගෙනඑනලද්දේදැයි ඇසීය. ‘ස්වාමීනි, ඔබට සුවවාසයක් දීම සඳහාය’යි කීහ. ‘ඉදින් මම රන්රුවන්වලින් වැඩක් ඇත්තෙම් නම් මහත් ධනරැසක් අත්හැර පැවිදි නොවන්නෙමි. නුඹලාගේ කහවණු ගෙන යවු’යි කීවේය. ‘අප විසින් ආර්‍ය්‍යයන්ට පරිත්‍යාග කරනලද දෙය යළි නොගනිමු. අවුරුදු පතා මේ අයුරින්ම ගෙනෙන්නෙමු. මේවා ගෙන ආර්‍ය්‍යයන්වහන්සේ දන්දෙනු මැනව’යි කීහ. බමුණුතෙමේ (ඒවා) ඉවසා දුගීමගී යාචකාදීන්ට දානමුඛයෙහි පවරා දුන්නේය. ඔහු වරින්වර දන් දෙන බව සියලු දඹදිව පළටවූයේය.

තතො කාලිඞ‍්ගරට‍්ඨෙ දුන‍්නිවිට‍්ඨෙ නාම ගාමෙ ජූජකබ්‍රාහ‍්මණස‍්ස වංසෙ ජාතබ්‍රාහ‍්මණස‍්ස බ්‍රාහ‍්මණී උට‍්ඨාය සමුට‍්ඨාය බ්‍රාහ‍්මණං චොදෙති – “බාවරී, කිර දානං දෙති, ගන‍්ත්‍වා තතො හිරඤ‍්ඤසුවණ‍්ණං ආහරා”ති. සො තාය චොදියමානො සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො බාවරිස‍්ස සන‍්තිකං ගච‍්ඡමානො බාවරිම‍්හි දානං දත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා නිපජ‍්ජිත්‍වා දානං අනුස‍්සරමානෙ ගතො. ගන‍්ත්‍වා ච “දානං මෙ, බ්‍රාහ‍්මණ, දෙහි, දානං මෙ, බ්‍රාහ‍්මණ, දෙහී”ති ආහ. අකාලෙ ත්‍වං, බ්‍රාහ‍්මණ, ආගතො, සම‍්පත‍්තයාචකානං මෙ දින‍්නං, ඉදානි කහාපණං නත්‍ථීති. න මය‍්හං, බ්‍රාහ‍්මණ, බහූහි කහාපණෙහි අත්‍ථො, තව එත‍්තකං දානං දදන‍්තස‍්ස න සක‍්කා කහාපණෙහි විනා භවිතුං, මය‍්හං පඤ‍්ච කහාපණසතානි දෙහීති. බ්‍රාහ‍්මණ, පඤ‍්චපි සතානි නත්‍ථි, පුන දානකාලෙ සම‍්පත‍්තෙ ලභිස‍්සසීති. කිං පනාහං තව දානකාලෙ ආගමිස‍්සාමීති? බාවරිබ්‍රාහ‍්මණස‍්ස පණ‍්ණසාලද‍්වාරෙ වාලුකං ථූපං කත්‍වා සමන‍්තතො රත‍්තවණ‍්ණානි පුප‍්ඵානි විකිරිත්‍වා මන‍්තං ජප‍්පෙන‍්තො විය ඔට‍්ඨෙ චාලෙත්‍වා චාලෙත්‍වා “මුද‍්ධා ඵලතු සත‍්තධා”ති වදති.

ඉක්බිති කළිඟු රටෙහි දුන්නිමිට්ඨ නම් ගමෙහි පූජක බමුණාගේ වංශයෙහි උපන් බැමිණියක් නැඟිට නැඟිට බමුණාට, බාවරි දන්දෙයි. ගොස් එතැනින් රන්රුවන් ගෙනවයි චෝදනා කරයි. හෙතෙම ඇය විසින් චෝදනා කරනලද්දේ ඉවසා සිටීමට නොහැක්කේ බාවාදර සමීපයට යමින් බාවාරී දන්දී පන්සලට පිවිස වැදහෙව දානය සිහිකරන විට ගියේය. ගොස්, ‘බමුණ මට දන්දෙව, බමුණ, මට දන්දෙව’යි කීවේය. ‘බමුණ නුම නොකල්හි පැමිණියේය. මවිසිනි පැමිණි යාචකයින්ට දෙනලදී. දැන් කහවණු නැත’යි කීවේය. ‘මට හුඟකින් වැඩක් නැත. මෙපමණ දන්නෙදන්නාවූ ඔබට කහවණු නැති වීමට නොහැක. මට කහවණු පන්සියයක් දෙව’යි කීවේය. ‘බමුණ, පන්සියයක්ද නැත යළි දන්දෙන කාලය පැමිණිවිට ලබන්නේය’යි බාවාරි කීවේය. ‘කිමෙක්ද මම නුඹගේ දානකාලයට පැමිණෙම්දැ’යි බාවාරි බමුණාගේ පන්සල දොරටුවෙහි වැළි සෑයක් කොට හාත්පසින් රත්පැහැතිමල් විසුරුවා මන්ත්‍රජප කරන්නෙකු මෙන් තොල් සොළවා ‘සත්කඩකට හිස පැලේවා! සත්කඩකට හිස පැලේවා’යි කියයි.

බාවරිබ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අයං මහාතපො තපචාරං ගණ‍්හිත්‍වා චරණබ්‍රාහ‍්මණකො මය‍්හං සත‍්තදිවසමත්‍ථකෙ ‘සත‍්තධා මුද‍්ධා ඵාලතූ’ති වදති, මය‍්හඤ‍්ච ඉමස‍්ස දාතබ‍්බානි පඤ‍්ච කහාපණසතානි නත්‍ථි, එකංසෙන මං එස ඝාතෙස‍්සතී”ති. එවං තස‍්මිං සොකසල‍්ලසමප‍්පිතෙ නිපන‍්නෙ රත‍්තිභාගසමනන‍්තරෙ අනන‍්තරත‍්තභාවෙ බාවරිස‍්ස මාතා දෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. සා පුත‍්තස‍්ස සොකසල‍්ලසමප‍්පිතභාවං දිස‍්වා ආගන‍්ත්‍වා ආහ – “තාත, එස මුද‍්ධං වා මුද‍්ධඵාලනං වා න ජානාති, ත්‍වම‍්පි ලොකෙ බුද‍්ධානං උප‍්පන‍්නභාවං න ජානාසි. සචෙ තෙ සංසයො අත්‍ථි, සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡ, සො තෙ එතං කාරණං කථෙස‍්සතී”ති. බ්‍රාහ‍්මණො දෙවතාය කථං සුතකාලතො පට‍්ඨාය අස‍්සාසං ලභිත්‍වා පුනදිවසෙ උට‍්ඨිතෙ අරුණෙ සබ‍්බෙව අන‍්තෙවාසිකෙ පක‍්කොසිත්‍වා, “තාතා, බුද‍්ධො කිර ලොකෙ උප‍්පන‍්නො, තුම‍්හෙ සීඝං ගන‍්ත්‍වා ‘බුද‍්ධො වා නො වා’ති ඤත්‍වා ආගන‍්ත්‍වා මය‍්හං ආරොචෙථ, අහං සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමි. අපිච ඛො පන මය‍්හං මහල‍්ලකභාවෙන ජීවිතන‍්තරායො දුජ‍්ජානො, තුම‍්හෙ තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඉමිනා ච ඉමිනා ච නියාමෙන පඤ‍්හෙ පුච‍්ඡථා”ති මුද‍්ධඵාලනපඤ‍්හං නාම අභිසඞ‍්ඛරිත්‍වා අදාසි.

බාවාරි බමුණා සිතීය. ‘මෙතෙම මහත් තපස් ඇත්තෙකි. තපහාරය රැගෙන හැසිරෙන බමුණෙකි. දිනසතකින් මත්තෙතහි මගේ හිස සත්කඩකට පලමි’යි කියයි. මට මොහුට දියයුතු කහවනු පන්සියයක්ද නැත. මෙතෙම ඒකාන්තයෙන්ම මා මරන්නේය.’ මෙසේ ඔහුතුළ සෝතැවුල ඇතිවූ කල්හි රාත්‍රිභාගයට අනතුරුව, අනතුරු ආත්මභාවයෙහි බාවාරිගේ මව දෙවතාවකවී උපන්නී පුත්‍රයාගේ සෝතැවුලින් සපිරුණු බව දැක අවුත් මෙසේ කීවාය: ‘දරුව, මෙතෙම හිසක් හෝ හිසපැලීමක් හෝ නොදනියි. නුඹ බුදු රජාණන්වහන්සේ ලොව පහළවූබව නොදන්නෙහිය ඉදින් ඔබට සැකයක් ඇත්නම් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ අසව. හෙතෙම ඔබට මෙකරුණ කියනසේක.’ බමුණා දෙවතාවාගේ කථාව ඇසූකල පටන් අස්වැසිල්ලක් ලබා දෙවැනි දිනයෙහි අරුණ නැඟුණු කල්හි සියලු අතවැසියන් කැඳවා ‘දරුවනි, බුදුන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා ඉක්මණින් ගොස් බුදුකෙනෙක්ද නැද්දැයි දැන අවුත් මට සැළකරවු. මම ශාස්තෘන්වහන්සේ වෙතට යන්නෙමි. එසේදවුවත් මහළුබවින් මගේ ජීවිතන්තරාය නොදත හැක. නුඹලා උන්වහන්සේ වෙතට එළඹ මේ මේ අයුරින් ප්‍රශ්න අසව’යි මුද්ධඵාළන නම් වූ ප්‍රශ්නයක සකසා දුන්නේය.

තතො චින‍්තෙසි – “සබ‍්බෙ ඉමෙ මාණවා පණ‍්ඩිතා, සත්‍ථු ධම‍්මකථං සුත්‍වා අත‍්තනො කිච‍්චෙ මත්‍ථකං පත‍්තෙ පුන මය‍්හං සන‍්තිකං ආගච‍්ඡෙය්‍යුං වා නො වා”ති. අථ අත‍්තනො භාගිනෙය්‍යස‍්ස අජිතමාණවස‍්ස නාම සඤ‍්ඤං අදාසි – “ත්‍වං පන එකන‍්තෙනෙව මම සන‍්තිකං ආගන‍්තුං අරහසි, තයා පටිලද‍්ධගුණං ආගන‍්ත්‍වා මය‍්හං කථෙය්‍යාසී”ති. අථ තෙ සොළසසහස‍්සජටිලා අජිතමාණවං ජෙට‍්ඨකං කත්‍වා සොළසහි ජෙට‍්ඨන‍්තෙවාසිකෙහි සද‍්ධිං “සත්‍ථාරං පඤ‍්හං පුච‍්ඡිස‍්සාමා”ති චාරිකං චරන‍්තා ගතගතට‍්ඨානෙ, “අය්‍යා, කහං ගච‍්ඡථ, කහං ගච‍්ඡථා”ති පුච‍්ඡිතා “දසබලස‍්ස සන‍්තිකං පඤ‍්හං පුච‍්ඡිතුං ගච‍්ඡාමා”ති කොටිතො පට‍්ඨාය පරිසං සංකඩ‍්ඪන‍්තා අනෙකයොජනසතං මග‍්ගං ගතා. සත්‍ථා “තෙසං ආගමනදිවසෙ අඤ‍්ඤස‍්ස ඔකාසො න භවිස‍්සති, ඉදං ඉමිස‍්සා පරිසාය අනුච‍්ඡවිකට‍්ඨාන”න‍්ති ගන‍්ත්‍වා පාසාණචෙතියෙ පිට‍්ඨිපාසාණෙ නිසීදි. සො අජිතමාණවොපි සපරිසො තං පිට‍්ඨිපාසාණං ආරුය‍්හ සත්‍ථු සරීරසම‍්පත‍්තිං දිස‍්වා “අයං පුරිසො ඉමස‍්මිං ලොකෙ විවටච‍්ඡදො බුද‍්ධො භවිස‍්සතී”ති අත‍්තනො ආචරියෙන පහිතෙ පඤ‍්හෙ මනසා පුච‍්ඡන‍්තොව ගතො.

ඉක්බිති මෙසේ සිතීය: ‘මේ සියලුම මානවකයෝ පණ්ඩිතයහ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා තමන්ගේ වැඩ මුදුන්පත්වූ කල්හි නවැත මා සමීපයට එන්නාහු හෝ නොඑන්නාහු හෝ වෙත්. ඉක්බිති ඔහුගේ බෑණණුවන්වූ අජිත නම් මනවකයාට නුඹ වනාහි ඒකාන්තයෙන්ම මා වෙතට ඒමට යුතුවන්නෙහිය. නුඹවිසින් ලද ගුණය අවුත් මට කියව’යි සංඥාවක් දුන්නේය. ඉක්බිති ඒ සොළොස් දහසක් ජටිලයෝ අජිත මානවකයා ජ්‍යෙෂ්ඨ කොට ගෙන සොළසක්වූ දෙටු අතවැසියන් සමඟ පැන පුළුවුස්නෙමුයි චාරිකාවෙහි හැසිරෙන්නාහු ගියගිය තැන්හි ‘ආර්‍ය්‍යවරු කොහි යන්නහුද? කොහි යන්නහුදැ’යි විමසනලද්දාහු ‘බුදුන්වහන්සේ වෙතට පැන පිළිවිසීමට යන්නෙමු’යි මුල පටන් පිරිස එක්කරගනිමින් නොයෙක් යොදුන් සියගණනක් මග ගියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් පැමිණෙන දිනයෙහි අනෙකෙකුට අවකාශයක් නොවන්නේය. මෙය මේ පිරිසට සුදුසු තැනකැයි ගොස් ගල් සෑයෙහි සමතලා ගල්තලාවක වැඩහුන්සේක. ඒ පිරිසද ඒ ගල්තලාවට නැඟ ශාස්තෘන්වහන්සේගේ ශරීරසම්පත්තිය දැක ‘මේ පුරුෂතෙමේ මේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුරජාණනවහන්සේ වනසේකැයි තමන්ගේ ආචාර්‍ය්‍යවරයා විසින් එවනුලැබූ ප්‍රශ්න මනසින් විමසමින්ම ගියාහුය.

තංදිවසං තස‍්මිං ඨානෙ සම‍්පත‍්තපරිසා ද‍්වාදසයොජනිකා අහොසි. තෙසං සොළසන‍්නං අන‍්තෙවාසිකානං අන‍්තරෙ මොඝරාජමාණවො “අහං සබ‍්බෙහි පණ‍්ඩිතතරො”ති මානත්‍ථද‍්ධො, තස‍්ස එතදහොසි – “අයං අජිතමාණවො සබ‍්බෙසං ජෙට‍්ඨකො, එතස‍්ස පඨමතරං මම පඤ‍්හං පුච‍්ඡිතුං න යුත‍්ත”න‍්ති. තස‍්ස ලජ‍්ජායන‍්තො පඨමතරං පඤ‍්හං අපුච‍්ඡිත්‍වා තෙන පුච‍්ඡිතෙ දුතියො හුත්‍වා සත්‍ථාරං පඤ‍්හං පුච‍්ඡි. සත්‍ථා “මානත්‍ථද‍්ධො මොඝරාජමාණවා, න තාවස‍්ස ඤාණං පරිපාකං ගච‍්ඡති, අස‍්ස මානං නිවාරිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ආහ – “තිට‍්ඨ ත්‍වං, මොඝරාජ, අඤ‍්ඤෙ තාව පඤ‍්හෙ පුච‍්ඡන‍්තූ”ති. සො සත්‍ථු සන‍්තිකා අපසාදං ලභිත්‍වා චින‍්තෙසි – “අහං එත‍්තකං කාලං මයා පණ‍්ඩිතතරො නාම නත්‍ථීති විචරාමි, බුද‍්ධා ච නාම අජානිත්‍වා න කථෙන‍්ති. සත්‍ථාරා මම පුච‍්ඡාය දොසො දිට‍්ඨො භවිස‍්සතී”ති තුණ‍්හී අහොසි. සො අට‍්ඨහි ජනෙහි පටිපාටියා පඤ‍්හෙ පුච‍්ඡිතෙ අධිවාසෙතුං අසක‍්කොන‍්තො නවමො හුත්‍වා පුන උට‍්ඨාසි. පුනපි නං සත්‍ථා අපසාදෙසි.

එදවස එතැන්හි පැවිණි පිරිස දොළොස්යොදුනකට සෑහෙන්නක් විය. මේ සොළොස් අතවැසියන් අතුරෙහි මොඝරාජ මානවක තෙමේ ‘මම සියල්ලන්ට වඩා පඬිතයෙමැ’යි මානයෙන් දැඩිවූවෙකි. ඔහුට මෙසේ අදහස් විය. මේ අජිත මානවක තෙමේ සියල්ලවුන්ට දෙටුය. ඔහුට කලින් මම ප්‍රශ්න ඇසීම නොසුදුසුයයි ඔහුට ලජ්ජාකරමින් පළමුව ප්‍රශ්න නොවිමසා ඔහු විසින් ඇසූ කල්හි දෙවැන්නාවී ශාස්තෘන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය. ශාස්තෘන්වහන්සේ, මොඝරාජතෙමේ මානයෙන් දැඩිය. යම්තාක් මොහුගේ නුවණ මුහුකුරායයිද ඒතාක් මොහුගේ මානය දුරුකිරීමට වටීයයි සිතා මොඝරාජ, නුඹ සිටුව, අන් අය ප්‍රශ්‍න අසත්වායි වදාළසේක. හෙතෙම ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ, ‘මම මෙතෙක් කල් මට වඩා පණ්ඩිතයෙක් නැතැයි හැසිරෙමි. බුදුවරුනම් නොදැන නොකියති. ශාස්තෘන්වහන්සේ විසින් මගේ විමසීමෙහි දෝෂයක් දක්නාලද්දේ වන්නේයයි නිහඬවූයේය. හෙතෙම අටදෙනකු විසින් පිළිවෙළින් ප්‍රශ්න අසූ කල්හි ඉවසීමට නොහැක්කේ නව වැන්නාවී යළි නැඟී සිටියේය. ශාස්තෘන්වහන්සේ යළිඳු ඔහු නින්දාවට පත් කළසේක.

සො පුනපි තුණ‍්හී හුත්‍වා “සඞ‍්ඝනවකො දානි භවිතුං න සක‍්ඛිස‍්සාමී”ති පඤ‍්චදසමො හුත්‍වා පඤ‍්හං පුච‍්ඡි. අථ සත්‍ථා ඤාණස‍්ස පරිපාකභාවං ඤත්‍වා පඤ‍්හං කථෙසි. සො දෙසනාපරියොසානෙ අත‍්තනො පරිවාරෙන ජටිලසහස‍්සෙන සද‍්ධිං අරහත‍්තං පාපුණි. ඉමිනාව නියාමෙන සෙසානිපි පන‍්නරස ජටිලසහස‍්සානි අරහත‍්තං පාපුණිංසු. සබ‍්බෙපි ඉද‍්ධිමයපත‍්තචීවරධරා එහිභික‍්ඛූව අහෙසුං. සෙසජනා පන න කථියන‍්ති. අයං මොඝරාජත්‍ථෙරො තතො පට‍්ඨාය තීහි ලූඛෙහි සමන‍්නාගතං චීවරං ධාරෙති. එවං පාරායනෙ (සු· නි· 982 ආදයො) වත්‍ථු සමුට‍්ඨිතං. සත්‍ථා පන අපරභාගෙ ජෙතවනෙ නිසින‍්නො ථෙරෙ පටිපාටියා ඨානන‍්තරෙසු ඨපෙන‍්තො මොඝරාජත්‍ථෙරං ඉමස‍්මිං සාසනෙ ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ලූඛචීවරධරානං යදිදං මොඝරාජා”ති ආහ.

හෙතෙම යළිඳු නිහඬවී දැන් සංඝනවකයෙක් වීමට නොහැක්කෙමියි පසළොස් වැන්නාවී ප්‍රශ්න ඇසීය. ඉක්බිති ශාස්තාන් වහන්සේ මොහුගේ නුවණ මුහුකුරා ගිය බව දැන ප්‍රශ්නයට පිළිතුරු දුන්සේක. හෙතෙම දෙසුම අවසන්හි තමන්ගේ පිරිවර ජටිලදහස සමඟ රහත්බවට පැමිණියේය. මේ අයුරින්ම ඉතිරි ජටිල පසළොස් දහසද රහත් බවට පැමිණියාහුය. සියල්ලෝ සෘද්ධිමය පාසිවුරු දැරුවාහු ඒහි භික්‍ෂූහු වූහ. සෙසු ජනයන් ගැන නොකියැවෙයි. මේ මොඝරාජ තෙරණුවෝ එතැන්සිට ත්‍රිවිධ රූක්‍ෂයන්ගෙන් සමන්විතවූ සිවුරු දරති. මෙසේ පාරායණ වර්‍ගයෙහි කථාව පැන නැගුනේයි. ශාස්තෘන්වහන්සේ වනාහි පසුකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් තෙරවරුන් පිළිවෙළින් තනතුරුවල තබමින් මොඝරාජ තෙරුන් මේ සසුනෙහි රූක්‍ෂචීවර දරන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබීමට ‘මහණෙනි, යම් මේ මොඝරාජ තෙරණුවෝ රූක්‍ෂචීවර දරන්නාවූ මගේ ශ්‍රාවකභික්‍ෂූන් අතරෙන් අග්‍රයහයි වදාළසේක.

චතුත්‍ථවග‍්ගවණ‍්ණනා.

සතරවෙනි වර්‍ගයයි

එකචත‍්තාලීසසුත‍්තමත‍්තාය ථෙරපාළියා වණ‍්ණනා නිට‍්ඨිතා.

ස්ථවිර පාළිවණ්නාව නිමියේයි.