යෙදුමෙන් කියවන්න

මහාකප‍්පිනත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

මහාකප‍්පිනත්‍ථෙරවත්‍ථු

මහා කප්පින තෙණුවෝ

නවමෙ භික‍්ඛුඔවාදකානන‍්ති භික‍්ඛූ ඔවදන‍්තානං මහාකප‍්පිනත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. අයං කිර ථෙරො එකසමොධානස‍්මිංයෙව ධම‍්මකථං කථෙන‍්තො භික‍්ඛුසහස‍්සං අරහත‍්තං පාපෙසි. තස‍්මා භික‍්ඛුඔවාදකානං අග‍්ගො නාම ජාතො.

නව වැන්නෙහි භික්‍ඛුඔවාදකානං යන්නෙන් භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතියං කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා අපරභාගෙ සත්‍ථු ධම‍්මකථං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං භික‍්ඛුඔවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා පුරිසසහස‍්සස‍්ස ගණජෙට‍්ඨකො හුත්‍වා ගබ‍්භසහස‍්සපටිමණ‍්ඩිතං මහාපරිවෙණං කාරෙසි. තෙ සබ‍්බෙපි ජනා යාවජීවං කුසලං කත්‍වා කප‍්පිනඋපාසකං ජෙට‍්ඨකං කත්‍වා සපුත‍්තදාරා දෙවලොකෙ නිබ‍්බත‍්තා. එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිංසු.

උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාවක් අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග තනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන මිනිසු දහසකට ගණදෙටුවෙක් වී ගැබ් (කාමර) දහසකින්යුත් මහරිවෙණක් කරවීය. ඒ සියලු මිනිස්සු දිවි ඇතිතෙක් කුසල්කොට කප්පින උවසුවා දෙටු (ප්‍රධාන) කොටගෙන අඹුදරුවන් සහිතවූවෝ දෙව්ලොව උපන්නාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරුවාහුය.

අථ අම‍්හාකං සත්‍ථු නිබ‍්බත‍්තිතො පුරෙතරමෙව අයං කප‍්පිනො පච‍්චන‍්තදෙසෙ කුක‍්කුටවතීනගරෙ රාජගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, සෙසපුරිසා තස‍්මිංයෙව නගරෙ අමච‍්චකුලෙසු නිබ‍්බත‍්තිංසු. තෙසු කප‍්පිනකුමාරො පිතු අච‍්චයෙන ඡත‍්තං උස‍්සාපෙත්‍වා මහාකප‍්පිනරාජා නාම ජාතො. පුබ‍්බෙ කල්‍යාණකම‍්මකරණකාලෙ තස‍්ස ඝරසාමිනී ඉත්‍ථී සමානජාතිකෙ රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මහාකප‍්පිනරඤ‍්ඤො අග‍්ගමහෙසී ජාතා, අනොජාපුප‍්ඵසදිසවණ‍්ණතාය පනස‍්සා අනොජාදෙවීත්‍වෙව නාමං අහොසි. මහාකප‍්පිනරාජාපි සුතවිත‍්තකො අහොසි. සො පාතොව උට‍්ඨාය චතූහි ද‍්වාරෙහි සීඝං දූතෙ පෙසෙසි – “යත්‍ථ බහුස‍්සුතෙ සුතධරෙ පස‍්සථ, තතො නිවත‍්තිත්‍වා මය‍්හං ආරොචෙථා”ති.

ඉක්බිති අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම මේ කප්පින තෙමේ ප්‍රත්‍යන්ත දේශයෙහි කුක්කුටවතී නම් නුවරෙහි රජගෙහි පිළිසඳ ගත්තේය. සෙසු පුරුෂයෝ ඒ නගරයෙහිම ඇමති කුලයන්හි උපන්නාහුය. කප්පින කුමරුවා පියාගේ ඇවෑමෙන් (සේ) සත් ඔසවා මහාකප්පින රජනම් වූයේය. පෙර පින්කම් කරන කාලයෙහි ඔහුගේ ගෙහිමි කාන්තාව සමජාතිකවූ රජකුලයෙහි ඉපිද මහාකප්පින රජුගේ අගමෙහෙසියවූවාය. කටුකරඬුමල් පැහැයට සමානවූ බැවින් ඇයට අනෝජා දේවියයි නම් වූයේය. මහාකප්පින රජතෙමේද සුතචින්තකයෙක් (උගතුන් පිළිබඳව සිතන්නෙක්) වූයේය. හෙතෙම උදෑසනින්ම නැඟිට සිවු දොරටුවෙන්, ‘යම්තැනක බොහෝ ඇසූපිරූතැන් ඇති සුතධරවූ පුද්ගලයන් දකිවුද එයින් ආපසු අවුත් මට සැළකරවු’යි ඉක්මණින් දූතයන් යැවීය.

තෙන ඛො පන සමයෙන අම‍්හාකං සත්‍ථා ලොකෙ නිබ‍්බත‍්තිත්‍වා සාවත්‍ථිං උපනිස‍්සාය පටිවසති. තස‍්මිං කාලෙ සාවත්‍ථිනගරවාසිනො වාණිජා සාවත්‍ථියං උට‍්ඨානකභණ‍්ඩං ගහෙත්‍වා, තං නගරං ගන‍්ත්‍වා, භණ‍්ඩං පටිසාමෙත්‍වා, “රාජානං පස‍්සිස‍්සාමා”ති පණ‍්ණාකාරං ගහෙත්‍වා, රාජකුලද‍්වාරං ගන‍්ත්‍වා, “රාජා උය්‍යානං ගතො”ති සුත්‍වා, උය්‍යානං ගන‍්ත්‍වා, ද‍්වාරෙ ඨිතා පටිහාරකස‍්ස ආරොචයිංසු. අථ රඤ‍්ඤො නිවෙදි, තෙ රාජා පක‍්කොසාපෙත්‍වා නිය්‍යාතිතපණ‍්ණාකාරෙ වන්‍දිත්‍වා ඨිතෙ, “තාතා, කුතො ආගච‍්ඡථා”ති පුච‍්ඡි. සාවත්‍ථිතො, දෙවාති. කච‍්චි වො රට‍්ඨං සුභික‍්ඛං, ධම‍්මිකො රාජාති? ආම, දෙවාති. අත්‍ථි පන තුම‍්හාකං දෙසෙ කිඤ‍්චි සාසනන‍්ති? අත්‍ථි දෙව, න පන සක‍්කා උච‍්ඡිට‍්ඨමුඛෙහි කථෙතුන‍්ති. රාජා සුවණ‍්ණභිඞ‍්ගාරෙන උදකං දාපෙසි. තෙ මුඛං වික‍්ඛාලෙත්‍වා දසබලාභිමුඛා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා, “දෙව, අම‍්හාකං දෙසෙ බුද‍්ධරතනං නාම උප‍්පන‍්න”න‍්ති ආහංසු. රඤ‍්ඤො “බුද‍්ධො”ති වචනෙ සුතමත‍්තෙයෙව සකලසරීරං ඵරමානා පීති උප‍්පජ‍්ජි. තතො “බුද‍්ධොති, තාතා, වදථා”ති ආහ. බුද‍්ධොති, දෙව, වදාමාති. එවං තික‍්ඛත‍්තුං වදාපෙත්‍වා “බුද‍්ධොතිපදං අපරිමාණං, නාස‍්ස සක‍්කා පරිමාණං කාතු”න‍්ති තස‍්මිංයෙව පදෙ පසන‍්නො සතසහස‍්සං දත්‍වා “අපරං කිං සාසන”න‍්ති පුච‍්ඡි. දෙව ධම‍්මරතනං නාම උප‍්පන‍්නන‍්ති. තම‍්පි සුත්‍වා තථෙව තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා අපරම‍්පි සතසහස‍්සං දත්‍වා පුන “අඤ‍්ඤං කිං සාසන”න‍්ති පුච‍්ඡි. සඞ‍්ඝරතනං දෙව උප‍්පන‍්නන‍්ති. තම‍්පි සුත්‍වා තථෙව පටිඤ‍්ඤං ගහෙත්‍වා අපරම‍්පි සතසහස‍්සං දත්‍වා දින‍්නභාවං පණ‍්ණෙ ලිඛිත්‍වා, “තාතා, දෙවියා සන‍්තිකං ගච‍්ඡථා”ති පෙසෙසි. තෙසු ගතෙසු අමච‍්චෙ පුච‍්ඡි – “තාතා, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො, තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? දෙව තුම‍්හෙ කිං කත‍්තුකාමාති? අහං පබ‍්බජිස‍්සාමීති. මයම‍්පි පබ‍්බජිස‍්සාමාති. තෙ සබ‍්බෙපි ඝරං වා කුටුම‍්බං වා අනපලොකෙත්‍වා යෙ අස‍්සෙ ආරුය‍්හ ගතා තෙහෙව නික‍්ඛමිංසු.

එසමයෙහි අපගේ ශාස්තෘන්වහන්සේ ලෝකයෙහි පහළවී සැවැත්නුවර ඇසුරුකොට වාසය කරනසේක. එකල්හි සැවැත්නුවර වැසි වෙළෙන්දෝ සැවතෙහි හටගන්නා බඩු රැගෙන ඒ නුවරට ගොස් බඩු තැන්පත්කොට රජු දකින්නෙමුයයි පඬුරුගත් අත ඇත්තාහු රජමැදුරු දොරටුවට ගොස් රජු උයනට ගියේයයි අසා උයනට ගොස් දොරටුවෙහි සිටියාහු ආරක්‍ෂකයාට දැන්වූවාහුය. ඉක්බිති රජුට දැන්වූ කල්හි රජතෙමේ (ඔවුන්) කැඳවා පවරා දෙනු ලැබූ පඬුරු ඇතිව වැඳ සිටි කල්හි ‘දරුවනි, කොහි සිට අවුදැයි ඇසීය. ‘දේවයිනි, සැවතෙහි සිටය.’ ’කෙසේද ඔබලාගේ රට සුභික්‍ෂද? රජ ධාර්මිකද’ ‘සේය, දේවයනි.’’නුඹලාගේ දේශයෙහි කිසියම් පණිවිඩයක් (තොරතුරක්) තිබේ?’ දේවහන්වහන්ස ඇත. (එහෙත්) ඉඳුල් මුවින් කීමට නොහැකිය.’ රජතෙමේ රන්කෙණ්ඩියෙන් පැන්දෙවීය. ඔවුහු මුව සෝදා බුදුන්වහන්සේ දෙසට මුහුණලා ඇඳලි බැඳගෙන දේවයන්වහන්ස, අපගේ දේශයෙහි බුද්ධ නම් රත්නයක් පහළවීය’යි කීවාහුය. රජුට බුද්ධ යන වචනය අසූ කෙණෙහිම සියලුම සිරුර පැතිරෙමින් ප්‍රීතිය උපන්නේය. ඉක්බිති ‘දරුවනි, බුද්ධයයි කියවු’යි පැවසීය. ‘දේවයිනි, බුද්ධයයි කියමු.’ මෙසේ තෙවරක් කියවා, බුද්ධ යන පදය අප්‍රමාණය, ඊට ප්‍රමාණයක් කිරීමට නොහැකිය’ය’ ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැය’යි ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැ’යි ඇසීය. දේවයිනි, ධර්‍මනම් රත්නයක් උපණ. එයද අසා එසේම තෙවරක් පිළිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා යළි ‘අනෙක් කවර හසුනක්දැ’යි ඇසීය. ‘දේවයිනි, සංඝරත්නය උපණ.’ එයද අසා එසේම පලිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා දුන්බව පතෙහි ලියවා ‘දරුවනි, දේවිය සමීපයට යනු’යි යැවීය. ඔවුන් ගිය කල්හි ‘දරුවනි, බුදුරජාණන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇමතියන්ගෙන් ඇසුවේය. ‘දේවයිනි, නුඹවහන්සේ කුමක් කරනු කැමැත්තහුද?’ ‘මම පැවිදි වන්නෙමි.’ අපිද පැවිදි වන්නෙමු’ ඒ සියල්ලෝම ගෙවල් හෝ පවුල් හෝ (ගැන) නොබලා යමෙක් අසුන්පිට නැඟී ගියාහුද ඔවුන් සමඟම නික්මුණාහුය.

වාණිජා අනොජාදෙවියා සන‍්තිකං ගන‍්ත්‍වා පණ‍්ණං දස‍්සෙසුං. සා තං වාචෙත්‍වා “රඤ‍්ඤා තුම‍්හාකං බහූ කහාපණා දින‍්නා, කිං තුම‍්හෙහි කතං, තාතා”ති පුච‍්ඡි. පියසාසනං, දෙවි, ආනීතන‍්ති. අම‍්හෙපි සක‍්කා, තාතා, සුණාපෙතුන‍්ති? සක‍්කා, දෙවි, උච‍්ඡිට‍්ඨමුඛෙහි පන වත‍්තුං න සක‍්කාති. සා සුවණ‍්ණභිඞ‍්ගාරෙන උදකං දාපෙසි. තෙ මුඛං වික‍්ඛාලෙත්‍වා රඤ‍්ඤො ආරොචිතනියාමෙනෙව ආරොචෙසුං. සාපි තං සුත්‍වා උප‍්පන‍්නපාමොජ‍්ජා තෙනෙව නයෙන එකෙකස‍්මිං පදෙ තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා පටිඤ‍්ඤාගණනාය තීණි තීණි කත්‍වා නව සතසහස‍්සානි අදාසි. වාණිජා සබ‍්බානිපි ද‍්වාදස සතසහස‍්සානි ලභිංසු. අථ නෙ “රාජා කහං, තාතා”ති පුච‍්ඡි. පබ‍්බජිස‍්සාමීති නික‍්ඛන‍්තො, දෙවීති. “තෙන හි, තාතා, තුම‍්හෙ ගච‍්ඡථා”ති තෙ උය්‍යොජෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං ගතානං අමච‍්චානං මාතුගාමෙ පක‍්කොසාපෙත්‍වා “තුම‍්හෙ අත‍්තනො සාමිකානං ගතට‍්ඨානං ජානාථ අම‍්මා”ති පුච‍්ඡි. ජානාම, අය්‍යෙ, රඤ‍්ඤා සද‍්ධිං උය්‍යානකීළං ගතාති. ආම, අම‍්මා ගතා, තත්‍ථ පන ගන‍්ත්‍වා “බුද‍්ධො උප‍්පන‍්නො, ධම‍්මො උප‍්පන‍්නො, සඞ‍්ඝො උප‍්පන‍්නො”ති සුත්‍වා “දසබලස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමා”ති ගතා, තුම‍්හෙ කිං කරිස‍්සථාති? තුම‍්හෙ පන, අය්‍යෙ, කිං කත‍්තුකාමාති? “අහං පබ‍්බජිස‍්සාමි, න තෙහි වන‍්තවමනං ජිව‍්හග‍්ගෙ ඨපෙය්‍යන‍්ති. “යදි එවං, මයම‍්පි පබ‍්බජිස‍්සාමා”ති සබ‍්බාපි රථෙ යොජෙත්‍වා නික‍්ඛමිංසු.

වෙළෙන්දෝ අනෝජා දේවියගේ සමීපයට ගොස් හසුන දැක්වූවාහුය. ඕ තොමෝ කියවා, රජුවිසින් නුඹලාට බොහෝ කහවණු දෙනලදී. දරුවනි නුඹලා විසින් කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘දේවිය, සතුටු හසුනක් ගෙනෙනලදී.’ ‘දරුවනි, අපටත් අස්වන්නට හැකිද?’ ‘දේවිය හැකිය. ඉඳුල් මුවින් පවසන්නට නොහැකිය.’ ඕ රන් කෙන්ඩියෙන් ජලය දුන්නාය. ඔවුහු මුව සෝදා රජුට සැළ කළ ක්‍රමයෙන්ම සැළ කළාහුය. ඕතොමෝත් උපන් ප්‍රමුදිතබව ඇත්තී ඒ ක්‍රමයෙන්ම එක්එක් පදයෙන් තෙවරක් පිළිණගෙන පිළින ගණනට තුනක්බැගින් කොට නව ලක්‍ෂයක් දුන්නාය. වෙළෙන්දෝ සියල්ල දොළොස් ලක්‍ෂයක් ලැබූහ. ඉක්බිති ඔවුන්ගෙන් ‘දරුවනි. රජතුමා කොහිදැ’යි ඇසුවාය. දේවිය, පැවිදි වන්නෙමියි නික්මුණේය’යි දැන්වූහ. ‘එසේ වීනම් දරුවනි, තෙපි යවු’යි ඔවුන් පිටත්කොට යවා රජු සමඟ ගිය ඇමතිවරුන්ගේ මාගමුන් කැඳවා ‘යෙහෙළියනි, තෙපි තමන්ගේ හිමියන් ගිය තැන දන්නහුදැයි ඇසුවාය. ‘එසේය, ආර්‍ය්‍යාවනි, දනිමු. රජු සමඟ උයන් කෙළියට ගියාහුය.’ ‘එසේය යෙහෙළියනි, ගියාහුය, එහි ගොස් බුදුරජාණන්වහන්සේ පහළවූසේක. ධර්‍මය පහළවිණ, සංඝයා පහළවිණැයි අසා බුදුන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමුයි ගියාහුය. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇසුවාය. ‘ආර්‍ය්‍යාවනි, නුමවහන්සේ කුමක් කරනු කැමැත්තාහුද?’ ‘මම පැවිදි වන්නෙමි. ඔවුන් විසින් වැමෑරූ වමනය දිවග නොතබන්නෙමි’යි කීවාය. ‘එසේ වන්නෙනම් අපිද පැවිදිවන්නෙමු’යි රිය යොදවා නික්මුණාහුය.

රාජාපි අමච‍්චසහස‍්සෙහි සද‍්ධිං ගඞ‍්ගාතීරං පාපුණි, තස‍්මිං සමයෙ ගඞ‍්ගා පූරා හොති. අථ නං දිස‍්වා “අයං ගඞ‍්ගා පූරා හොති චණ‍්ඩමච‍්ඡාකිණ‍්ණා, අම‍්හෙහි ච සද‍්ධිං ආගතා දාසා වා මනුස‍්සා වා නත්‍ථි, යෙ නො නාවං වා උළුම‍්පං වා කත්‍වා දදෙය්‍යුං. එතස‍්ස පන සත්‍ථු ගුණා නාම හෙට‍්ඨා අවීචිතො උපරි යාව භවග‍්ගා පත්‍ථටා. සචෙ එස සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙසං අස‍්සානං ඛුරපිට‍්ඨානි මා තෙමෙන‍්තූ”ති උදකපිට‍්ඨෙන අස‍්සෙ පක‍්ඛන්‍දාපෙසුං. එකස‍්ස අස‍්සස‍්සාපි ඛුරපිට‍්ඨමත‍්තං න තෙමි, රාජමග‍්ගෙන ගච‍්ඡන‍්තා විය පරතීරං පත්‍වා පරතො අඤ‍්ඤං මහානදිං පාපුණිංසු. “දුතියා කින‍්නමා”ති පුච‍්ඡි. නීලවාහිනී නාම ගම‍්භීරතොපි පුථුලතොපි අඩ‍්ඪයොජනමත‍්තා දෙවාති. තත්‍ථ අඤ‍්ඤා සච‍්චකිරියා නත්‍ථි, තාය එව සච‍්චකිරියාය තම‍්පි අඩ‍්ඪයොජනවිත්‍ථාරං නදිං අතික‍්කමිංසු. අථ තතියං චන්‍දභාගං නාම මහානදිං පත්‍වා තම‍්පි තාය එව සච‍්චකිරියාය අතික‍්කමිංසු.

රජතෙමේද ඇමැති දහස සමඟ ගංතෙරට පැමිණියේය. එසමයෙහි වනාහි ගඟ පිරී පැවැතුණේ වෙයි. ඉක්බිති එය දැක ‘මේ ගඟ පිරී ඇත. සඬ මසුන්ගෙන් ගැවසුණේය. යමෙක් අපට නැවක් හෝ පසුරක් හෝ සදා දෙත්ද අප සමඟ ආවාවූ එබඳු දාසයෝ හෝ මිනිස්සු හෝ නැත. මේ ශාස්තෘන්වහන්සේගේ ගුණය නම් යට අවීචියෙහි පටන් මතු භවාග්‍රය දක්වා පැතුරුණේය. ඉදින් මේ ශාස්තාන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් මේ අසුන්ගේ කුර පිට පමණකුදු නොතෙමේවායි දියපිටින් අසුන් පැන්හූහ. එකද අසකුගේ කුරපිට පමණකුදු නොතෙමුණේය. රාජමාර්‍ගයෙන් යන්නාහු මෙන් පරතෙරට පැමිණියාහු පරතෙරින්ද වෙනත් නදියකට පැමිණියාහුය. එහිදී වෙනත් සත්‍යක්‍රියාවක් නැත. ඒ සත්‍යක්‍රියාවෙන්ම අඩයොදුන් පළල නදිය ඉක්මවූවාහුය. ඉක්බිති තෙවැනිවු චන්‍ද්‍රභාග නම් මහා නදියට පැමිණ එයද එම සත්‍යක්‍රියාවෙන්ම තරණය කළහ.

සත්‍ථාපි තංදිවසං පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං ඔලොකෙන‍්තො “අජ‍්ජ මහාකප‍්පිනො තියොජනසතිකං රජ‍්ජං පහාය අමච‍්චසහස‍්සපරිවාරො මම සන‍්තිකෙ පබ‍්බජිතුං ආගච‍්ඡතී”ති දිස‍්වා “මයා තෙසං පච‍්චුග‍්ගමනං කාතුං යුත‍්ත”න‍්ති පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවාරො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සයමෙව පත‍්තචීවරං ගහෙත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා චන්‍දභාගාය තීරෙ තෙසං උත‍්තරණතිත්‍ථඅභිමුඛට‍්ඨානෙ මහානිග්‍රොධරුක‍්ඛො අත්‍ථි, තත්‍ථ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා ඡබ‍්බණ‍්ණබුද‍්ධරස‍්මියො විස‍්සජ‍්ජෙසි. තෙ තෙන තිත්‍ථෙන උත‍්තරන‍්තා බුද‍්ධරස‍්මියො ඉතො චිතො ච ධාවන‍්තියො ඔලොකෙත්‍වා දසබලස‍්ස පුණ‍්ණචන්‍දසස‍්සිරිකං මුඛං දිස‍්වා “යං සත්‍ථාරං උද‍්දිස‍්ස මයං පබ‍්බජිතා, අද‍්ධා සො එසො”ති දස‍්සනෙනෙව නිට‍්ඨං ගන‍්ත්‍වා දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔණමිත්‍වා වන්‍දමානා ආගම‍්ම සත්‍ථාරං වන්‍දිංසු. රාජා ගොප‍්ඵකෙසු ගහෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි සද‍්ධිං අමච‍්චසහස‍්සෙන. සත්‍ථා තෙසං ධම‍්මකථං කථෙසි. දෙසනාපරියොසානෙ සබ‍්බෙව අරහත‍්තෙ පතිට‍්ඨාය සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිංසු. සත්‍ථා “පුබ‍්බෙ ඉමෙ චීවරදානස‍්ස දින‍්නත‍්තා අත‍්තනො පත‍්තචීවරානි ගහෙත්‍වාව ආගතා”ති සුවණ‍්ණවණ‍්ණං හත්‍ථං පසාරෙත්‍වා “එථ භික‍්ඛවො, ස‍්වාක‍්ඛාතො ධම‍්මො, චරථ බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති ආහ. සාව තෙසං ආයස‍්මන‍්තානං පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච අහොසි, වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය සත්‍ථාරං පරිවාරයිංසු.

ශාස්තෘන්වහන්සේද එදවස උදෑසන කාලයෙහි මහකුළුණු සමවතින් නැඟිට ලොව දෙස බලනසේක් අද මහාකප්පින තෙමේ යොදුන් තුනිස්යයක්වූ රාජයය අතහැර ඇමති දහස පිරිවරකොට ඇත්තේ මා සමීපයෙහි පැවිදිවීමට පැමිණෙන්නේයයි දැක මාවිසින් ඔවුන්ට පෙරගමන් කිරීමට සුදුසුයයි උදයෙන්ම සිරුර පිළිදැඟුම්කොට භික්‍ෂුසංගයා පිරිවරකොට ඇතිසේක් සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබතෙහි අහරගැනීමෙන් වෙනුවූසේක් තුමූම පාසිවුරු ගෙන අහසට පැනනඟී චන්‍ද්‍රභාග නදී තෙරෙහි ඔවුන් ගොඩනැගෙනතොට ඉදිරිපස තැනක මහනුගරුකක් ඇත. එහි පළඟින් හිඳ මුව ඔසවා සිහි එළවා සවණක් බුදුරැස් විසිරවූසේක. ඔවුහු ඒ තොටින් ගොඩනඟින්නාහු ඔබිමොබ දිවෙන බුදුරැස් බලමින් බුදුන්වහන්සේගේ පුන්සඳක සිරිය ඇති මුහුණ දැක යම් ශාස්තෘවරයකු උදෙසා අපි පැවිදිවුවෙමුද ඒකාන්තයෙන්ම මේ උන්වහන්සේයයි දැකීමෙන්ම නිශ්චයකොට දුටු තැනසිට නැමී වඳිමින් අවුත් ශාස්තෘන්වහන්සේට වැන්දාහුය. රජතෙමේ ගොප්ඇටය අල්වාගෙන ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක ඇමතිදහස සමඟ හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝම රහත්බවෙහි පිහිටා ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූහ. ශාස්තෘන්වහන්සේ මොවුහු සිවුරුදානය දුන්බැවින් තමන්ගේ සිවුරු රැගෙනම පැමිණියාහුයයි රන්වන් අත දිගුකොට ‘මහණෙනි, එවු. ධර්‍මය මනාකොට දෙසනලද්දේය. මැනවින් දුක් කෙළවර කරනු සඳහා බඹසරෙහි හැසිරෙ’වු යි පැවසූසේක. එයම ඒ ආයුෂ්මතුන්ගේ පැවිද්දද උපසම්පදාවද විය. වස්සියයක් ගිය තෙරුන්මෙන් ශාස්තෘන්වහන්සේ පිරිවැරුවාහුය.

අනොජාපි දෙවී රථසහස‍්සපරිවාරා ගඞ‍්ගාතීරං පත්‍වා රඤ‍්ඤො අත්‍ථාය ආභතං නාවං වා උළුම‍්පං වා අදිස‍්වා අත‍්තනො බ්‍යත‍්තතාය චින‍්තෙසි – “රාජා සච‍්චකිරියං කත්‍වා ගතො භවිස‍්සති, සො පන සත්‍ථා න කෙවලං තෙසංයෙව අත්‍ථාය නිබ‍්බත‍්තො, සචෙ සො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො, අම‍්හාකං රථා මා උදකෙ නිමුජ‍්ජිංසූ”ති උදකපිට‍්ඨෙන රථෙ පක‍්ඛන්‍දාපෙසි. රථානං නෙමිවට‍්ටිමත‍්තම‍්පි න තෙමි. දුතියනදිම‍්පි තතියනදිම‍්පි තෙනෙව සච‍්චකාරෙන උත‍්තරි. උත‍්තරමානා එව ච නිග්‍රොධරුක‍්ඛමූලෙ සත්‍ථාරං අද‍්දස. සත්‍ථාපි “ඉමාසං අත‍්තනො සාමිකෙ පස‍්සන‍්තීනං ඡන්‍දරාගො උප‍්පජ‍්ජිත්‍වා මග‍්ගඵලානං අන‍්තරායං කරෙය්‍ය, ධම‍්මං සොතුං ච න සක‍්ඛිස‍්සන‍්තී”ති. යථා අඤ‍්ඤමඤ‍්ඤං න පස‍්සන‍්ති, තථා අකාසි. තා සබ‍්බාපි තිත්‍ථතො උත‍්තරිත්‍වා දසබලං වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තාසං ධම‍්මකථං කථෙසි. දෙසනාපරියොසානෙ සබ‍්බා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සිංසු. සත්‍ථා “උප‍්පලවණ‍්ණා ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. ථෙරී ආගන‍්ත්‍වා සබ‍්බා පබ‍්බාජෙත්‍වා ආදාය භික‍්ඛුනිඋපස‍්සයං ගතා, සත්‍ථා භික‍්ඛුසහස‍්සං ගහෙත්‍වා ආකාසෙන ජෙතවනං අගමාසි.

අනෝජා දේවිය රියදහසක් පිරිවරකොට ඇත්තී ගංතෙරට පැමිණ රජු සඳහා ගෙනෙන ලද නැවක් හෝ පසුරක් හෝ නොදැක තමන්ගේ වියත් බවින් (මෙසේ) සිතුවාය. රජතෙමේ සත්‍යක්‍රියා කොට ගියේ වන ඒ ශාස්තෘන්වහන්සේ වනාහි හුදෙක් ඔවුන් සඳහාම පහළවූසේක් නොවෙති. ඉදින් ඒ ශාස්තෘන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් අපගේ රථයෝ ජලයෙහි නොකිමිදෙත්වායි දිය පිටින් රථයන් පැන්නුවාය. රථයන්ගේ නිම්වැටි පමණකුදු නොතෙමිණ. දෙවැනි නදියෙන්ද තෙවැනි නදියෙන්ද ඒ සත්‍ය ක්‍රියාවෙන්ම එතෙර වූවාය. එතෙර වෙමින්ම නුගරුක මුල ශාස්තෘන් වහන්සේ දුටුවාය. ශාස්තෘන්වහන්සේ ද තමන්ගේ සැමියන් දකින්නාවූ මොවුන්ට ඡන්‍දරාගය ඉපිද මාර්‍ගඵලයන්ට අන්තරාවක් කරන්නේය. එය එසේ කිරීමට නොහැක්කේයයි යම්සේ ඔවුනොවුන් නොදකිත්ද එසේ කළ සේක. ඒ සියල්ලෝ තොටින් ගොඩවී තථාගතයන් වහන්සේ වැඳ හුන්නාහුය. ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝ සෝවාන් පෙලෙහි පිහිටා ඔවුනොවුන් දුටුවාහුය. ශාස්තෘන්වහන්සේ උප්පලවණ්ණා මෙහෙණිය පැමිණේවායි සිතූසේක. තෙරණිය අවුත් සියල්ලන් පැවිදි කරවා රැගෙන භික්‍ෂූණී මෙහෙණවරකට ගියාහ. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන් දහස රැගෙන අහසින් දෙව්රමට වැඩිසේක.

අථායං මහාකප‍්පිනත්‍ථෙරො අත‍්තනො කිච‍්චං මත්‍ථකප‍්පත‍්තං ඤත්‍වා අප‍්පොස‍්සුක‍්කො හුත්‍වා ඵලසමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො අරඤ‍්ඤගතොපි රුක‍්ඛමූලගතොපි සුඤ‍්ඤාගාරගතොපි “අහො සුඛං අහො සුඛ”න‍්ති අභිණ‍්හං උදානං උදානෙසි. භික‍්ඛූ කථං උප‍්පාදෙසුං “කප‍්පිනත්‍ථෙරො රජ‍්ජසුඛං අනුස‍්සරන‍්තො උදානං උදානෙතී”ති. තෙ තථාගතස‍්ස ආරොචෙසුං. භගවා “මම පුත‍්තො මග‍්ගසුඛං ඵලසුඛං ආරබ‍්භ උදානං උදානෙසී”ති වත්‍වා ධම‍්මපදෙ ඉමං ගාථමාහ –

ඉක්බිති මේ මහාකප්පින තෙරණුවෝ තමන්ගේ කටයුතු මුදුන් පැමිණිබව දැන අල්පොත්සාහී වී පලසමවත් සුවෙන් කල් යවන්නාහු ආරණ්‍යගතවූවෝද වාක්‍ෂමුලගත වූවෝද ශුන්‍යාගාර ගතවූවෝද නිතරම අහෝ සැපය, අහෝ සැපය’යි උදන් අනති. භික්‍ෂූහු, කප්පින තෙරණුවෝ රාජ්‍ය සැපය සිහිකරමින් උදන් අනති’යි කථාවක් ඉපදෙව්වාහුය. ඔවුහු (ඒබව) තථාගතයන්වහන්සේට සැළකළහ. තථාගතයන්වහන්සේ මාපුතු මාර්‍ගසැප හා ඵලසැප අරභයා උදන් අනතියි වදාරා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.

“ධම‍්මපීති සුඛං සෙති, විප‍්පසන‍්නෙන චෙතසා;

ධර්‍මයෙන් සතුටුවූ තැන්ත්තේ පැහැදුනු මනසින් යුතුව සුවසේ හොවී

අරියප‍්පවෙදිතෙ ධම‍්මෙ, සදා රමති පණ‍්ඩිතො”ති. (ධ· ප· 79);

පණ්ඩිත තෙමේ ආර්‍ය්‍යයන් විසින් දන්නාලද ධර්‍මයෙහි හැමදා සිති අලවයි.

අථෙකදිවසං සත්‍ථා තස‍්ස අන‍්තෙවාසිකභික‍්ඛුසහස‍්සං ආමන‍්තෙත්‍වා ආහ – “කච‍්චි වො, භික‍්ඛවෙ, ආචරියො ධම‍්මං දෙසෙතී”ති. න භගවා දෙසෙති, අප‍්පොස‍්සුක‍්කො දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරති, කස‍්සචි ඔවාදමත‍්තම‍්පි න දෙතීති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං, කප‍්පින, අන‍්තෙවාසිකානං ඔවාදමත‍්තම‍්පි න දෙසී”ති? සච‍්චං භගවාති. බ්‍රාහ‍්මණ, මා එවං කරි, අජ‍්ජ පට‍්ඨාය අන‍්තෙවාසිකානං ධම‍්මං දෙසෙහීති. “සාධු, භන‍්තෙ”ති ථෙරො සත්‍ථු කථං සිරවරෙන සම‍්පටිච‍්ඡිත්‍වා එකසමොධානෙයෙව සමණසහස‍්සස‍්ස ධම‍්මං දෙසෙත්‍වා සබ‍්බෙ අරහත‍්තං පාපෙසි. අපරභාගෙ සත්‍ථා සඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නො පටිපාටියා ථෙරෙ ඨානන‍්තරෙසු ඨපෙන‍්තො මහාකප‍්පිනත්‍ථෙරං භික‍්ඛුඔවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඉක්බිති එක් දිනෙක ශාස්තාන්වහන්සේ උන්වහන්සේගේ (තෙරුන්ගේ) අතවැසි දහසක් භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, තොපගේ ආචාර්‍ය්‍යවරයා කොහි දහම් දෙසත්දැයි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, දහම් නොදෙසයි. අල්පොත්සාභීවූයේ ඉහාත්ම සුඛවිහරණයෙහි යෙදුණේ වාසයකරයි. කිසිවකුට අවවාදමාත්‍රයකුදු නොදෙයි’යි කීහ. ශාස්තෘන් වහන්සේ තෙරුන් කැඳවා, ‘කප්පින ඔබ අතවැසියන්ට අවවාදමාත්‍රයකුදු නොදෙහි යන්න සත්‍යයක්දැ?යි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, සතයයකි.’ ‘බ්‍රාහ්මණය, එසේ නොකරව අදපටන් අතවැස්සන්ට ධර්‍මය දෙසව.’ ‘මැනවි ස්වාමීනි’යි, තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ කථාව සිරසින් පිළිගෙන එකම කුළුගැන්වීමකින් මහණුන්දහසට ධර්‍මය දෙසා සියල්ලන් රහත්බවට පැමිණවූහ. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ සඟ මැද වැඩහුන්සේක් පිළිවෙළින් තෙරුන් තනතුරුවල තබමින් මහාකප්පින තෙරණුවන් භික්‍ෂූන්ට ඔවදන් කරන්නන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.