යෙදුමෙන් කියවන්න

සොභිතත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සොභිතත්‍ථෙරවත්‍ථු

සොභිතතෙරණුවෝ

පඤ‍්චමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තානන‍්ති පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානං අනුස‍්සරණසමත්‍ථානං සොභිතත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. සො කිර පුබ‍්බෙනිවාසං අනුපටිපාටියා අනුස‍්සරමානො පඤ‍්ච කප‍්පසතානි අසඤ‍්ඤිභවෙ අචිත‍්තකපටිසන්‍ධිං නයතො අග‍්ගහෙසි ආකාසෙ පදං දස‍්සෙන‍්තො විය. තස‍්මා පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තානං අග‍්ගො නාම ජාතො.

පස්වැන්නෙහි පුබ්බේනිවාසං අනුස්සරන්තානං යනු පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. හෙතෙම වනාහි පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක් මෙන් නය (ක්‍රම) වශයෙන් ගත්තේය. එබැවින් පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නවුන් අතුරෙන් අග්‍රනම් වුයේය.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා වයප‍්පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං පුබ‍්බෙනිවාසඤාණලාභීනං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලකම‍්මං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, සොභිතොතිස‍්ස නාමං අකංසු.

ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් දවස හංසවතී නුවරෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වුයේ බුදුන්වහන්සේගේ ධර්‍මය අසමින් එක්භික්‍ෂුවක පෙරවිසීම් පිළිබඳ නුවණ ලැබූවන් අතුරින් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත් නුවරෙහි බමුණුකුලයක උපන්නේය. ඔහුට සෝභිතයයි නම් කළාහුය.

සො අපරෙන සමයෙන සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා පුබ‍්බෙනිවාසඤාණෙ චිණ‍්ණවසී අහොසි. සො අනුපටිපාටියා අත‍්තනො නිබ‍්බත‍්තට‍්ඨානං අනුස‍්සරන‍්තො යාව අසඤ‍්ඤිභවෙ අචිත‍්තකපටිසන්‍ධි, තාව පටිසන්‍ධිං අද‍්දස. තතො පරං අන‍්තරෙ පඤ‍්ච කප‍්පසතානි පවත‍්තිං අදිස‍්වා අවසානෙ චුතිං දිස‍්වා “කිං නාමෙත”න‍්ති ආවජ‍්ජමානො නයවසෙන “අසඤ‍්ඤිභවො භවිස‍්සතී”ති නිට‍්ඨං අගමාසි. සත්‍ථා ඉමං කාරණං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

හෙතෙම පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මය අසා ලබනලද සැදැහැඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා පෙරවිසූ කඳපිළිවෙළ පිළිබඳ දැනුමෙහි පුරුදු කරනලද වසඟතාව ඇත්තේවිය. හෙතෙම අනුපිළිවෙළින් තමන්ගේ උපන් තැන් සිහි කරන්නේ අසංඥී භවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය දක්වා පිළිසිඳ ගැනීම් දුටුවේය. එයින් අනතුරුව අතරතුර කල්ප පන්සියයක පුවත් නොදැක අවසානයෙහි චුතිය දැක මේ කිමෙක්දැයි සිහිකරන්නේ නය වශයෙන් අසංඥීභවය වන්නේයයි නිෂ්ටාවට ගියේය. ශාස්තෘන්වහන්සේ මේ කාරණය අෙර්‍ත්‍ථාත්පත්ති කොට තෙරුන් පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නන් අතුරින් අගතැන්හි තැබූසේක.

උපාලිත්‍ථෙරවත්‍ථු

උපාලි තෙරණුවෝ

ඡට‍්ඨෙ විනයධරානං යදිදං උපාලීති විනයධරානං භික‍්ඛූනං උපාලිත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. ථෙරො කිර තථාගතස‍්සෙව සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තථාගතස‍්සෙව සන‍්තිකෙ විනයපිටකං උග‍්ගණ‍්හිත්‍වා භාරුකච‍්ඡකවත්‍ථුං, අජ‍්ජුකවත්‍ථුං, (පාරා· 158) කුමාරකස‍්සපවත්‍ථුන‍්ති ඉමානි තීණි වත්‍ථූනි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං සංසන්‍දෙත්‍වා කථෙසි. තස‍්මා විනයධරානං අග‍්ගො නාම ජාතො.

සයවැන්නෙහි විනයධරානං යදිදං උපාලි යන්නෙන් විනයධාරි භික්‍ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද අජ්ජුක වස්තුවද කුමාරකාශ්‍යප වස්තුවද යන මේ වස්තු තුන සර්‍වඥතාඥානය සමඟ සසඳා ප්‍රකාශ කළහ. එබැවින් විනයධරයන් අතුරෙන් අග්‍රනම් වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – පදුමුත‍්තරබුද‍්ධකාලෙ කිරෙස හංසවතියං කුලඝරෙ නිබ‍්බත‍්තො එකදිවසං සත්‍ථු ධම‍්මකථං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං විනයධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කප‍්පකගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, උපාලිදාරකොතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො ඡන‍්නං ඛත‍්තියානං පසාධකො හුත්‍වා තථාගතෙ අනුපියම‍්බවනෙ විහරන‍්තෙ පබ‍්බජ‍්ජත්‍ථාය නික‍්ඛමන‍්තෙහි තෙති ඡහි ඛත‍්තියෙහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තස‍්ස පබ‍්බජ‍්ජාවිධානං පාළියං (චූළව· 330) ආගතමෙව.

ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. පියුමුතුරා බුදුන් දවස මෙතෙමේ හංසවතියෙහි කුලගෙයක උපන්නේ එක්දිනක් බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක්භික්‍ෂුවක විනයධරයන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම්කොට එම තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් තඅර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපු (කරණවෑමි) ගෙයක පිළිසිඳගත්තේය. ඔහුට උපාලි දාරකයයි නම් තැබූහ. හෙතෙම වියපත්වූයේ ක්‍ෂත්‍රියයන් සයදෙනාගේ කරණවෑමියාවී තථාගතයන්වහන්සේ අනුපිය අඹවනයෙහි වසනකල්හි පැවිද්ද සඳහා නික්මෙන්නාවූ ඒ ක්‍ෂත්‍රියයන් සයදෙනා සමඟ නික්ම පැවිදිවූයේය. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි ආයේමය.

සො පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නො සත්‍ථාරං කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා “මය‍්හං, භන‍්තෙ, අරඤ‍්ඤවාසං අනුජානාථා”ති ආහ. භික‍්ඛු තව අරඤ‍්ඤෙ වසන‍්තස‍්ස එකමෙව ධුරං වඩ‍්ඪිස‍්සති, අම‍්හාකං පන සන‍්තිකෙ වසන‍්තස‍්ස විපස‍්සනාධුරඤ‍්ච ගන්‍ථධුරඤ‍්ච පරිපූරෙස‍්සතීති. ථෙරො සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. අථ නං සත්‍ථා සයමෙව සකලං විනයපිටකං උග‍්ගණ‍්හාපෙසි. සො අපරභාගෙ හෙට‍්ඨා වුත‍්තානි තීණි වත්‍ථූනි විනිච‍්ඡිනි. සත්‍ථා එකෙකස‍්මිං විනිච‍්ඡිතෙ සාධුකාරං දත්‍වා තයොපි විනිච‍්ඡයෙ අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං විනයධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

හෙතෙම පැවිදිව උපසපන් වුයේ ශාස්තෘන්වහන්සේ ලවා කමටහන් කියවා ගෙන ‘ස්වාමීනි, මට ආරණ්‍යවාසය අනුදැන වදාළමැනව’යි කීවේය. මහණ, ආරණ්‍යයෙහි වසන්නාවූ ඔබට එකම ධුතාංගයක් වැඩෙයි. ‘අප සමීපයෙහි වසන්නාවූ ඔබට වාසධුරයද ග්‍රන්‍ථධුරයද පිරෙන්නේය’යි වදාළසේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නාහු නොබෝදිනකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තමන් වහන්සේම ඔහුට සියලු විනය පිටකය උගැන්වූසේක. හෙතම මෑත කාලයෙහි යට කියනලද වස්තු තුන විනිශ්චය කළේය. ශාස්තෘන්වහන්සේ එකිනෙකක් විනිශ්චය කළකල්හි සාධුකාර දී තුන්වස්තුවේම විනිශ්චයන් අෙර්‍ත්‍ථාත්පත්ති කොට තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

නන්‍දකත්‍ථෙරවත්‍ථු

නන්‍දක තෙරණුවෝ

සත‍්තමෙ භික‍්ඛුනොවාදකානං යදිදං නන්‍දකොති අයං හි ථෙරො ධම‍්මකථං කථෙන‍්තො එකසමොධානෙ පඤ‍්ච භික‍්ඛුනීසතානි අරහත‍්තං පාපෙසි. තස‍්මා භික‍්ඛුනොවාදකානං අග‍්ගො නාම ජාතො.

සත්වැන්නෙහි, භික්‍ඛුනොවාදකානං යන්නෙහි මේ තෙරණුවෝ වනාහි ධර්‍මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්‍ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්‍ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයඤ‍්හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං භික‍්ඛුනොවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා වයප‍්පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි, පුබ‍්බෙනිවාසඤාණෙ ච චිණ‍්ණවසී අහොසි. සො චතූසු පරිසාසු සම‍්පත‍්තාසු “සබ‍්බෙසංයෙව මනං ගහෙත්‍වා කථෙතුං සක‍්කොතී”ති ධම‍්මකථිකනන්‍දකො නාම ජාතො. තථාගතොපි ඛො රොහිණීනදීතීරෙ චුම‍්බටකකලහෙ නික‍්ඛමිත්‍වා පබ‍්බජිතානං පඤ‍්චන‍්නං සාකියකුමාරසතානං අනභිරතියා උප‍්පන‍්නාය තෙ භික‍්ඛූ ආදාය කුණාලදහං ගන‍්ත්‍වා කුණාලජාතකකථාය (ජා· 2.21.කුණාලජාතක) නෙසං සංවිග‍්ගභාවං ඤත්‍වා චතුසච‍්චකථං කථෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි. අපරභාගෙ මහාසමයසුත‍්තං (දී· නි· 2.331 ආදයො) කථෙත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපෙසි. තෙසං ථෙරානං පුරාණදුතියිකා “අම‍්හෙ දානි ඉධ කිං කරිස‍්සාමා”ති වත්‍වා සබ‍්බාව එකචිත‍්තා හුත්‍වා මහාපජාපතිං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචිංසු. තාපි පඤ‍්චසතා ථෙරියා සන‍්තිකෙ පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිංසු. අතීතානන‍්තරාය පන ජාතියා සබ‍්බාව තා නන්‍දකත්‍ථෙරස‍්ස රාජපුත‍්තභාවෙ ඨිතස‍්ස පාදපරිචාරිකා අහෙසුං.

උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි මුන්වහන්සේතේ පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නාහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂුනීන්ට අවවාද දෙන්නවුන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම් කොට එම තනතුර පැතූහ. හෙතෙම දිවිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙන් සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෘන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ පිළිබඳ ඥානයෙහි පුරුදුකළ වසඟ බව ඇත්තේ විය. හෙතෙම සිවුපිරිස එක්වූ කල්හි සියල්ලවුන්ගේ සිත් ගෙන කථා කිරීමට හැක්කේනුයි ධර්‍මකථික නන්‍දක නම් වූයේය. තථාගතයන් වහන්සේද රෝහිනී නදීතෙරෙහි චුම්බටක සටනෙහිදී නික්ම පැවිදිවූ පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරවරුන්ට උකටලීබවක් ඇතිවු කල්හි ඒ භික්‍ෂූන් ගෙන කුණාල විලට ගොස් කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ සංවේගීබව දැන චතුරාර්‍ය්‍යසත්‍යය පවසා සෝවාන් පෙලෙහි පිහිටවූසේක. මෑත කාලයෙහි මහාසමය සූත්‍රය පවසා අග්‍රඵලයවූ අර්‍භත්වයෙහි පිහිටවූසේක. ඒ තෙරවරුන්ගේ පැරණි භාර්‍ය්‍යවො‍් අපි දැන් මෙහි කුමක් කරන්නෙමුදැ’යි කියා සියල්ලෝම එක්සිත්ව මහාප්‍රජාතපති ගොතමිය වෙත එළඹ පැවිද්ද ඉල්ලූවාහුය. ඒ පන්සියයම තෙරණියගේ සමීපයෙහි පැවිද්ද ද උපසම්පදාවද ලැබූහ. ගතවූ අනතුරු ජාතියෙහි ඒ සියල්ලෝම රාජාත්ම භාවයෙහි සිටි නන්‍දකස්ථවිරයන්ගේ භාර්‍ය්‍යාවරු වූහ.

තෙන සමයෙන සත්‍ථා “භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්තූ”ති ආහ. ථෙරො අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ තාසං පුරිමභවෙ අත‍්තනො පාදපරිචාරිකභාවං ඤත්‍වා චින‍්තෙසි – “මං ඉමස‍්ස භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසින‍්නං උපමායො ච කාරණානි ච ආහරිත්‍වා ධම‍්මං කථයමානං දිස‍්වා අඤ‍්ඤො පුබ‍්බෙනිවාසඤාණලාභී භික‍්ඛු ඉමං කාරණං ඔලොකෙත්‍වා ‘ආයස‍්මා නන්‍දකො යාවජ‍්ජදිවසා ඔරොධෙ න විස‍්සජ‍්ජෙති, සොභතායමායස‍්මා ඔරොධපරිවුතො’ති වත‍්තබ‍්බං මඤ‍්ඤෙය්‍යා”ති. තස‍්මා සයං අගන‍්ත්‍වා අඤ‍්ඤං භික‍්ඛුං පෙසෙසි. තා පන පඤ‍්චසතා භික‍්ඛුනියො ථෙරස‍්සෙව ඔවාදං පච‍්චාසීසන‍්ති. ඉමිනා කාරණෙන භගවා “අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ අඤ‍්ඤං අපෙසෙත්‍වා සයමෙව ගන‍්ත්‍වා භික‍්ඛුනීසඞ‍්ඝං ඔවදාහී”ති ථෙරං ආහ. සො සත්‍ථු කථං පටිබාහිතුං අසක‍්කොන‍්තො අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ චාතුද‍්දසෙ භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස ඔවාදං දත්‍වා සබ‍්බාව තා භික‍්ඛුනියො සළායතනපටිමණ‍්ඩිතාය ධම‍්මදෙසනාය සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි.

එසමයෙහි ශාස්තෘන් වහන්සේ භික්‍ෂූහු භික්‍ෂූණීන්ට අවවාද කෙරෙත්වායි පැවසූ සේක. තෙරණුවෝ තම වාරය පැමිණි කල්හි ඔවුන්ගේ පෙර ආත්ම භාවයෙහි තමන්ගේ පාදපරිචාරිකාභාවය දැන මෙසේ සිතූහ. ‘මේ භික්‍ෂුණී සංඝයා මධ්‍යයෙහි හිඳිමින් උපමාද කරුණුද ගෙනහැර දක්වමින් ධර්‍මය කියන්නාවූ මා දැක වෙනත් පූර්‍වෙනිවාසාඥානලාභී භික්‍ෂුවක් මෙකරුණ බලා ‘ආයුෂ්මත් නන්‍දක තෙර අද දක්වාත් අතොවුර නොහරියි. ආයුෂ්මතුන් අතොවුර විසින් පිරිවරණ ලද්දේ හොබනේයයි කියන්නේ වන්නේය’ එබැවින් තෙමේ නොගොස් අන් භික්‍ෂුවක යැවීය. ඒ පන්සියයක් භික්‍ෂූණීහු තෙරුන්ගේම අවවාදය බලාපොරොත්තු වෙත්. මෙකරුණින් භාග්‍යවතුන් වහන්සේ තම වාරය පැමිණි කල්හි අනෙකකු නොයවා තෙමේම ගොස් භික්‍ෂුණී සංඝයාට අවවාද කරව’යි තෙරුන්ට පැවසූ සේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ කථාව යටපත් කිරිමට නොහැකි වන්නේ තම වාරය පැමිණිකල්හි තුදුස්‍වකෙහි භික්‍ෂුණී සංඝයාට අවවාද දී ඒ සියලුම භිකෂුණීන් ෂඩ් ආයතනයන් පිළිබදඳවූ ධර්‍මදේශනාවෙන් සෝවාන් පෙලෙහි පිහිටවීය.

තා භික‍්ඛුනියො ථෙරස‍්ස ධම‍්මදෙසනාය අත‍්තමනා හුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා අත‍්තනො පටිවිද‍්ධගුණං ආරොචෙසුං. සත්‍ථා “කස‍්මිං නු ඛො ධම‍්මං දෙසෙන‍්තෙ ඉමා භික‍්ඛුනියො උපරිමග‍්ගඵලානි පාපුණෙය්‍යු”න‍්ති ආවජ‍්ජෙන‍්තො පුන “තංයෙව නන්‍දකස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පඤ‍්චසතාපි එතා අරහත‍්තං පාපුණිස‍්සන‍්තී”ති දිස‍්වා පුනදිවසෙපි ථෙරස‍්සෙව සන‍්තිකං ධම‍්මස‍්සවනත්‍ථාය පෙසෙසි. තා පුනදිවසෙ ධම‍්මං සුත්‍වා සබ‍්බාව අරහත‍්තං පත‍්තා. තංදිවසං භගවා තාසං භික‍්ඛුනීනං අත‍්තනො සන‍්තිකං ආගතකාලෙ ධම‍්මදෙසනාය සඵලභාවං ඤත්‍වා “හිය්‍යො නන්‍දකස‍්ස ධම‍්මදෙසනා චාතුද‍්දසියං චන්‍දසදිසී අහොසි, අජ‍්ජ පන‍්නරසියං චන්‍දසදිසී”ති වත්‍වා ථෙරස‍්ස සාධුකාරං දත්‍වා තදෙව ච කාරණං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං භික‍්ඛුනොවාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඒ භික්‍ෂුණීහු තෙරුන්ගේ ධර්‍මදේහනාවට සතුටු සිත් ඇත්තාහු ශාස්තෘන් සමීපයට ගොස් තමන් විසින් අවබෝධ කළ ගුණයන් සැළ කළාහුය. ශාස්තෘන්වහන්සේ ‘කවරකු නම් දහම් දෙසනකල්හි මේ භික්‍ෂුණීහු මතු මාර්‍ග ඵලයන්ට පැමිණෙන්නාහුදැයි සිහිකරනසේක් ‘යළි නන්‍දක තෙරුන්ගේ ඒ ධර්‍මදේශනාවම අසා මේ පන්සියයක් භික්‍ෂුණීහු රහත්බවට පත් වන්නාහුය’යි දැක දෙවැනි දිනයෙහිද තෙරුන්ගේම සමීපයට දහම් ඇසීම සඳහා යැවූසේක. ඔවුහු දෙවන දිනයෙහි දහම් අසා සියල්ලෝම රහත්බවට පත්වූවාහුය. එදවස භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුණීන් තමන්වෙත පැමිණිකල්හි දම්දෙසුම සඵල බව දැන ‘ඊයේ නන්‍දකගේ ධර්‍මදේශනාව තුදුස්වකෙහි සඳ වැනිය විය. අද පසළොස්වකෙහි සඳ වැනියය’ පවසා තෙරුන්ට සාධුකාරදී තෙරුන් භික්‍ෂුණීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අගය තැන්හි තැබූ සේක.

නන්‍දත්‍ථෙරවත්‍ථු

නන්‍ද තෙරණුවෝ

අට‍්ඨමෙ ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානන‍්ති ඡසු ඉන්‍ද්‍රියෙසු පිහිතද‍්වාරානං නන්‍දත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. කිඤ‍්චාපි හි සත්‍ථුසාවකා අගුත‍්තද‍්වාරා නාම නත්‍ථි, නන්‍දත්‍ථෙරො පන දසසු දිසාසු යං යං දිසං ඔලොකෙතුකාමො හොති, න තං චතුසම‍්පජඤ‍්ඤවසෙන අපරිච‍්ඡින්‍දිත්‍වා ඔලොකෙති. තස‍්මා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං අග‍්ගො නාම ජාතො.

අටවැන්නෙහි ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරානං යන්නෙන් ඉන්‍ද්‍රියසයෙහි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් නන්‍ද තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. වැළිඳු ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවැසූ දෙරටු ඇත්තෝ නම් නොවෙත්. නන්‍ද තෙරණුවෝ වනාහි දස දෙසෙහි යම් යම් දිසාවක් බලනු කැමැතතෝ වෙත්ද එදෙස චතුසම්ප්‍රජඥ වශයෙන් නොසිඳ නොබලත්, එහෙයින් ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්වූහ.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා වයප‍්පත‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කපිලවත්‍ථුපුරෙ මහාපජාපතිගොතමියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. අථස‍්ස නාමග‍්ගහණදිවසෙ ඤාතිසඞ‍්ඝං නන්‍දයන‍්තො තොසෙන‍්තො ජාතොති නන්‍දකුමාරොතෙව නාමං අකංසු.

උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියට පත්වූයේ ශාස්තෘන් සමීපයෙහි ධර්‍මය අසමින්, එක් භික්‍ෂුවක ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරසරන්නේ කපිල පුරයෙහි මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි පිළිසඳ ගත්තේය. ඉක්බිති මොහුට නම් ගන්වන දිනයෙහි ඥාතිසමූහයා ආනන්‍දයට පත්කරමින් තුටුකරමින් උපන්නේයයි නන්‍දකුමාර යනුවෙන් නම් කළාහුය.

මහාසත‍්තොපි සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො ලොකානුග‍්ගහං කරොන‍්තො රාජගහතො කපිලවත්‍ථුපුරං ගන‍්ත්‍වා පඨමදස‍්සනෙනෙව පිතරං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසි. පුනදිවසෙ පිතු නිවෙසනං ගන‍්ත්‍වා රාහුලමාතාය ඔවාදං දත්‍වා සෙසජනස‍්සපි ධම‍්මං කථෙසි. පුනදිවසෙ නන්‍දකුමාරස‍්ස අභිසෙකගෙහපවෙසනආවාහමඞ‍්ගලෙසු වත‍්තමානෙසු තස‍්ස නිවෙසනං ගන‍්ත්‍වා කුමාරං පත‍්තං ගාහාපෙත්‍වා පබ‍්බාජෙතුං විහාරාභිමුඛො පායාසි. නන්‍දකුමාරං අභිසෙකමඞ‍්ගලං න තථා පීළෙසි, පත‍්තං ආදාය ගමනකාලෙ පන ජනපදකල්‍යාණී උපරිපාසාදවරගතා සීහපඤ‍්ජරං උග‍්ඝාටෙත්‍වා “තුවටං ඛො, අය්‍යපුත‍්ත, ආගච‍්ඡෙය්‍යාසී”ති යං වාචං නිච‍්ඡාරෙසි. තං සුත්‍වා ගෙහසිතඡන්‍දරාගවසෙන ඔලොකෙන‍්තො පනෙස සත්‍ථරි ගාරවෙන යථාරුචියා නිමිත‍්තං ගහෙතුං නාසක‍්ඛි, තෙනස‍්ස චිත‍්තසන‍්තාපො අහොසි. අථ නං “ඉමස‍්මිං ඨානෙ නිවත‍්තෙස‍්සති, ඉමස‍්මිං ඨානෙ නිවත‍්තෙස‍්සතී”ති චින‍්තෙන‍්තමෙව සත්‍ථා විහාරං නෙත්‍වා පබ‍්බාජෙසි. පබ‍්බජිතොපි පටිබාහිතුං අසක‍්කොන‍්තො තුණ‍්හී අහොසි. පබ‍්බජිතදිවසතො පට‍්ඨාය පන ජනපදකල්‍යාණියා වුත‍්තවචනමෙව සරති. අථස‍්ස සා ආගන‍්ත්‍වා අවිදූරෙ ඨිතා විය අහොසි. සො අනභිරතියා පීළිතො ථොකං ඨානං ගච‍්ඡති, තස‍්ස ගුම‍්බං වා ගච‍්ඡං වා අතික‍්කමන‍්තස‍්සෙව දසබලො පුරතො ඨිතකො විය අහොසි. සො අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තං කුක‍්කුටපත‍්තං විය පටිනිවත‍්තිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව පවිසති.

මහසත් තුමෝද සර්‍වඥතා ඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු ලෝකානුග්‍රහය කරමින් ජරගහ නුවරින් කිඹුල්වතට ගොස් පළමු දැක්මෙන්ම පියරජු සෝවාන් පෙලෙහි පිහිටවූහ. දෙවන දිනයෙහි පිය නිවෙසට ගොස් රහල් මවට අවවාදදී සෙසු ජනයාටද ධර්‍මදේශනා කළහ. දෙවැනි දිනයෙහි නන්‍දකුමරුගේ අභිෂේක ගෘහප්‍රවේශ ආවාහ යන මංගල්‍යයන් පවත්නා කල්හි ඔහුගේ නිවසට ගොස් කුමරු ලවා පාත්‍රයා ගන්වා ගෙන පැවිදි කරවීමට විහාරභිමුඛව පිටත්වූහ. අභිෂේක මංගල්‍යය නන්‍දකුමරු එසෙ‍් නොපෙළීය. (එහෙත්) පාත්‍රය ගෙන යන කල්හි ජනපදකල්‍යාණිය මතුමහල්තලයටවූවා සීමැදුරු කවුළුව හැර ‘ආර්‍ය්‍ය පුත්‍රය, ඉක්මණින් එන්නැ’යි යම් වචනයක් කීවාද එය අසා ගෙහසිත ඡන්‍දරාග වශයෙන් බලමින් මෙතෙම (නන්‍දකුමාර තෙමේ) ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කැමති පරිද්දෙන් නිමිති ගැනීමට නොහැකි වූයේය. එයින් ඔහුට සිත් තැවුලක් වූයේය. ඉක්බිති මෙතැන්හි නවතින්නේය. මෙතැන්හි නවතින්නේයයි සිතන්නාවූම ඔහුට ශාස්තෘන්වහන්සේ විහාරයට පමුණුවා පැවිදි කරවූසේක. පැවිදි කරවන කල්හිද වළක්වන්නට නොහැකි වන්නේ නිශ්ශබ්ද වූයේය. පැවිදිවූ දිනයෙහි සිට ජනපද කල්‍යාණිය විසින් කියනලද වචනයම සිහිකරයි. ඉක්බිති ඔහුට ඇය අවුත් නුදුරෙහි සිටියා මෙන්විය. හෙතෙම උකටලීබවින් පෙළුනේ ටික දුරක් යයි. පදුරක් හෝ ලැහැබක් හෝ ඉක්මවද්දී ඔහුට බුදුන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාහු මෙන් පෙනෙයි. හෙතෙම ගින්නෙහි වැටුණු කුකුල් පියාපතක් මෙන් ආපසු හැරී තමන් වසන තැනටම පිවිසෙයි.

සත්‍ථා චින‍්තෙසි – “නන්‍දො අතිවිය පමත‍්තො විහරති, අනභිරතිං වූපසමෙතුං න සක‍්කොති, එතස‍්ස චිත‍්තනිබ‍්බාපනං කාතුං වට‍්ටතී”ති. තතො නං ආහ – “එහි, නන්‍ද, දෙවචාරිකං ගච‍්ඡිස‍්සාමා”ති. භගවා කථාහං ඉද‍්ධිමන‍්තෙහි ගන‍්තබ‍්බට‍්ඨානං ගමිස‍්සාමීති. ත්‍වං කෙවලං ගමනචිත‍්තං උප‍්පාදෙහි, ගන‍්ත්‍වා පස‍්සිස‍්සසීති. සො දසබලස‍්ස ආනුභාවෙන තථාගතෙනෙව සද‍්ධිං දෙවචාරිකං ගන‍්ත්‍වා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො නිවෙසනං ඔලොකෙත්‍වා පඤ‍්ච අච‍්ඡරාසතානි අද‍්දස. සත්‍ථා නන්‍දත්‍ථෙරං සුභනිමිත‍්තවසෙන තා ඔලොකෙන‍්තං දිස‍්වා, “නන්‍ද, ඉමා නු ඛො අච‍්ඡරා මනාපා, අථ ජනපදකල්‍යාණී”ති පුච‍්ඡි. භන‍්තෙ, ජනපදකල්‍යාණී ඉමා අච‍්ඡරා උපනිධාය කණ‍්ණනාසච‍්ඡින‍්නකා මක‍්කටී විය ඛායතීති. නන්‍ද, එවරූපා අච‍්ඡරා සමණධම‍්මං කරොන‍්තානං න දුල‍්ලභාති. සචෙ මෙ, භන‍්තෙ භගවා, පාටිභොගො හොති, අහං සමණධම‍්මං කරිස‍්සාමීති. විස‍්සත්‍ථො ත්‍වං, නන්‍ද, සමණධම‍්මං කරොහි. සචෙ තෙ සප‍්පටිසන්‍ධිකා කාලකිරියා භවිස‍්සති, අහං එතාසං පටිලාභත්‍ථාය පාටිභොගොති. ඉති සත්‍ථා යථාරුචියා දෙවචාරිකං චරිත්‍වා ජෙතවනමෙව පච‍්චාගඤ‍්ඡි.

ශාස්තෘන්වහන්සේ ‘නන්‍ද අතිශයින් පුමාදව වසයි. උකටලී බව සංසිදීමට නොහැක්කේය. මොහුගේ සිත නිවන්නට වටනේයයි සිතූසේක. ඉක්බිති ඔහුට ‘නන්‍දය. එන්න, දෙව්ලොව චාරිකාවක යන්නෙමු’යි පැවසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, කෙසේ නම් මම සෘද්ධිමතුන් විසින් යායුතු තැනට යන්නෙම්ද?’ නුඹ, හුදෙක් යාමේ සිත උපදවා ගනුව. ගොස් බලන්නේය.’ හෙතෙම තථාගතයන්වහන්සේගේ ආනුභාවයෙන් තථාගතයන් වහන්සේ සමඟම දේවචාරිකාවෙහි ගොස් සක්දෙව් රජුගේ නිවාසය බලා අප්සරාවන් පන්සියයක් දුටුවේය. ශාස්තෘන්වහන්සේ නන්‍දතෙරුන් සුබ නිමිති වශයෙන් ඔවුන් දෙස බලනුදැක ‘නන්‍දය, මේ අප්සරාවෝ මනාප වූවෝද (නැතහොත්) ජනපද කල්‍යාණිය දැයි ඇසූ සේක. ‘ස්වාමීනි, ජනපදකල්‍යාණිය මේ අප්සරාවන් හා සමාන කිරීමෙන් කන්නාසා සිඳීගිය කණ වැදිරියක් මෙන් හැඟෙයි.’ ‘නන්‍දය, ඉදින් භාග්‍යවතුන්වහන්සේ මට ඇප කරුවෙක් වනසේක් නම් මම මහණදම් කරන්නෙමි.’ ‘නන්‍ද, ඔබ සැකරහිතවූයේ මහණදම් කරව. ඉදින් ඔබගේ ප්‍රතිසන්‍ධි සහිතවූ කාලක්‍රියාවක් වන්නේද මම මොවුන් ලබාගැනීම සඳහා ඇපකරුවා වෙමි.’ මෙසේ ශාස්තෘන්වහන්සේ කැමති පරිද්දෙන් දේවචාරිකාවෙහි හැසිර දෙව්රමටම පෙරළා පැමිණිසේක.

තතො පට‍්ඨාය නන්‍දත්‍ථෙරො අච‍්ඡරානං හෙතු රත‍්තින්‍දිවං සමණධම‍්මං කරොති. සත්‍ථා භික‍්ඛූ ආණාපෙසි – “තුම‍්හෙ නන්‍දස‍්ස වසනට‍්ඨානෙ ‘එකො කිර භික‍්ඛු දසබලං පාටිභොගං කත්‍වා අච‍්ඡරානං හෙතු සමණධම‍්මං කරොතී’ති තත්‍ථ තත්‍ථ කථෙන‍්තා විචරථා”ති. තෙ සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා “භතකො කිරායස‍්මා නන්‍දො, උපක‍්කිතකො කිරායස‍්මා නන්‍දො, අච‍්ඡරානං හෙතු බ්‍රහ‍්මචරියං චරති, භගවා කිරස‍්ස පාටිභොගො පඤ‍්චන‍්නං අච‍්ඡරාසතානං පටිලාභාය කකුටපාදීන”න‍්ති ථෙරස‍්ස සවනූපචාරෙ කථෙන‍්තා විචරන‍්ති. නන්‍දත්‍ථෙරො තං කථං සුත්‍වා “ඉමෙ භික‍්ඛූ න අඤ‍්ඤං කථෙන‍්ති, මං ආරබ‍්භ කථෙන‍්ති, අයුත‍්තං මම කම‍්ම”න‍්ති පටිසඞ‍්ඛානං උප‍්පාදෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. අථස‍්ස අරහත‍්තපත‍්තක‍්ඛණෙයෙව අඤ‍්ඤතරා දෙවතා භගවතො එතමත්‍ථං ආරොචෙසි, සයම‍්පි භගවා අඤ‍්ඤාසියෙව. පුනදිවසෙ නන්‍දත්‍ථෙරො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එවමාහ – “යං මෙ, භන‍්තෙ භගවා, පාටිභොගො පඤ‍්චන‍්නං අච‍්ඡරාසතානං පටිලාභාය කකුටපාදීනං, මුඤ‍්චාමහං, භන‍්තෙ, භගවන‍්තං එතස‍්මා පටිස‍්සවා”ති. එවං වත්‍ථු (උදා· 22) සමුට‍්ඨිතං. සත්‍ථා අපරභාගෙ ජෙතවනවිහාරෙ විහරන‍්තො ථෙරං ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

එතැන්පටන් නන්‍ද තෙරණුවෝ අප්සරාවන් හේතුවෙන් මහණදම් කරති. ශාස්තෘන්වහන්සේ, නුඹවහන්සේලා නන්ද වසන තැන ‘එක්භික්‍ෂුවක් තථාගතයන් වහන්සේ ඇපයට තබා දෙවඟනන් ලබැගැනීම සඳහා මහණදම් කරතැයි ඒ ඒ තැන කියමි හැසිරෙවු’යි භික්‍ෂූන්ට ඇණවූසේක. ඔවුහු ශාස්තෘ වචනය පිළිගෙන ‘ආයුෂ්මත් නන්‍ද කුලීකරුවෙකි. ආයුෂ්මත් නන්‍ද මිළටගනු ලැබුවෙකි. අප්සරාවන් හේතුකොටගෙන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙයි. භාග්‍යවතුන්වහන්සේ පරෙවි පා ඇති අප්සරාවන් පන්සියයක් ලැබීම සඳහා ඇපවූසේකැ’යි තෙරුන්ගේ ශ්‍රවණෝපචාරයෙහි කියමින් හැසිරෙත්. නන්‍දතෙරණුවෝ ඒ කථාව අසා මේ භික්‍ෂුහු අනෙකකුට නොකියති. මා අරභයා කියති. මගේ ක්‍රියාව අයුතුය’යි ඥානය උපදවා විදසුන් වඩා රහත්බවට පැමිණියහ. ඉක්බිති උන්වහන්සේ රහත්බවට පත් කෙණෙහිම එක්තරා දෙවියෙක් භාග්‍යවතුන්වහන්සේට එකරුණ සැළ කළේය. භාග්‍යවතුන්වහන්සේත් තුමුම දත්සේක. දෙවන දිනයෙහි නන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ මෙසේ කීය. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට පරෙවිපා ඇති අප්සරාවන් පන්සියයක් ලබා ගැනීමට ඇපකරුවෙක් වූසේක්ද මම භාග්‍යවතුන්වහන්සේ ඒ ඇපයෙන් නිදහස් කරමි’ මෙසේ කතාවස්තුව නිමියේයි. ශාස්තෘන් වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වාසය කරනසේක් තෙරුන් ඉදුරන්හි වැසූදෙරටු ඇති අය අතුරින් අග තනතුරෙහි පිහිටවූසේක.