1. 14. 4. 1-16
1. 14. 4. 1-16.
1. 14. 4. 1-16.
එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො, -පෙ- සතිමන‍්තානං යදිදං ආනන්‍දො, -පෙ- ගතිමන‍්තානං යදිදං ආනන්‍දො, -පෙ- ධිතිමන‍්තානං යදිදං ආනන්‍දො, -පෙ- උපට‍්ඨාකානං යදිදං ආනන්‍දො, -පෙ- මහාපරිසානං යදිදං උරුවෙලකස‍්සපො, -පෙ- කුලප‍්පසාදකානං යදිදං කාළුදායී, -පෙ- අප‍්පාබාධානං යදිදං බක‍්කුලො, -පෙ- පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තානං යදිදං සොභිතො, -පෙ- විනයධරානං යදිදං උපාලි, -පෙ- භික‍්ඛුනොවාදකානං යදිදං නන්‍දකො, -පෙ- ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං යදිදං නන්‍දො, -පෙ- භික‍්ඛුඔවාදකානං යදිදං මහාකප‍්පිනො, -පෙ- තෙජොධාතුකුසලානං යදිදං සාගතො, -පෙ- පටිභානෙය්‍යකානං යදිදං රාධො, -පෙ- ලූඛචීවරධරානං යදිදං මොඝරාජාති.
මහණෙනි, යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද, බොහෝ ඇසූ පිරූ තැන ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි, … යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද … ධාරණස්මෘති ඇති මහණුන් අතුරෙහි … ප්‍රඥාගති ඇති … ධෘතිමත් වූ … උපස්ථායක වූ මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් උරුවේලකස්සප නම් මහණෙක් වේ ද, මහපිරිස් ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් කාළුදායී නම් මහණෙක් වේ ද, කුල පහදවන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් බක්කුල නම් මහණෙක් වේ ද, නීරෝග වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සෝභිත නම් මහණෙක් වේ ද, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් උපාලි නම් මහණෙක් වේ ද, විනයධර වූ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි …යම් නන්‍දක නම් මහණෙක් වේ ද, මෙහෙණනට ඔවා දෙන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් නන්‍ද නම් මහණෙක් වේ ද, ඉඳුරන් කෙරෙහි වැසූ දොර ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මහාකප්පින නම් මහණෙක් වේ ද, භික්‍ෂූන්ට අවවාද කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සාගත නම් මහණෙක් වේ ද, තේජෝධාතු සමාපත්තියට සමවැදීමෙහි දක්‍ෂ වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් රාධ නම් මහණෙක් වේ ද, ධර්‍මදේශනා ප්‍රතිභානයට ප්‍රත්‍යය වන කථා ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මෝඝරාජ නම් මහණෙක් වේ ද, රූක්‍ෂචීවර දරන මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
වග‍්ගො චතුත්‍ථො.
සතරවන වග යි.