යෙදුමෙන් කියවන්න

1. 14. 1. 1-10

සම්පූර්ණ පරිච්ඡේදය

1. 14. 1. 1-10.

1. 14. 1. 1-10.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං භික‍්ඛූනං රත‍්තඤ‍්ඤූනං යදිදං අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤො -පෙ- මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො, -පෙ- ඉද‍්ධිමන‍්තානං යදිදං මහාමොග‍්ගල‍්ලානො, -පෙ- ධුතවාදානං යදිදං මහාකස‍්සපො, -පෙ- දිබ‍්බචක‍්ඛුකානං යදිදං අනුරුද‍්ධො, -පෙ- උච‍්චාකුලිකානං යදිදං භද‍්දියො කාළිගොධායපුත‍්තො, -පෙ- මඤ‍්ජුස‍්සරානං යදිදං ලකුණ‍්ටකභද‍්දියො, -පෙ- සීහනාදිකානං යදිදං පිණ‍්ඩොලභාරද‍්වාජො, -පෙ- ධම‍්මකථිකානං යදිදං පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො, -පෙ- සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං යදිදං මහාකච‍්චානොති.

මහණෙනි, යම් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මෙ අග්‍ර වෙයි. … යම් ශාරීපුත්‍ර නම් මහණෙක් වේ ද, මහාප්‍රාඥ වූ මාගේ ශ්‍රාවකයන් අතුරෙහි … යම් මහා මෞද්ගල්‍යායන නම් මහණෙක් වේ ද, ඍද්ධිමතුන් අතුරෙහි … යම් මහාකාශ්‍යප නම් මහණෙක් වේ ද, ධුතවාද ඇත්තවුන් අතුරෙහි … යම් අනුරුද්ධ නම් මහණෙක් වේ ද, දිවැස් ඇතියන් අතුරෙහි … කාළිගෝධාවගේ පුත් යම් භද්දිය නම් මහණෙක් වේ ද, උසස් කුලයෙහි උපනුවන් අතුරෙහි … යම් ලකුණ්ටක භද්දිය නම් මහණෙක් වේ ද, මිහිරි කටහඬ ඇතියන් අතුරෙහි … යම් පිණ්ඩෝලභාරද්වාජ නම් මහණෙක් වේ ද, සිංහනාද කරනුවන් අතුරෙහි … යම් මන්තාණි බැමිණියගේ පුත් පුණ්ණ නම් මහණෙක් වේ ද, ධර්‍මකථිකයන් අතුරෙහි … යම් මහාකච්චාන නම් මහණෙක් වේ ද, සැකෙවින් කියූ දැයෙහි අරුත් විතරින් බෙදා දක්වන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි.

වග‍්ගො පඨමො.

පළමුවන වග යි.

1. 14. 2. 1-11.

1. 14. 2. 1-11.

එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං භික‍්ඛූනං මනොමයං කායං අභිනිම‍්මිණන‍්තානං යදිදං චුල‍්ලපන්‍ථකො, චෙතොවිවට‍්ටකුසලානං යදිදං චුල‍්ලපන්‍ථකො, -පෙ- සඤ‍්ඤාවිවට‍්ටකුසලානං යදිදං මහාපන්‍ථකො, -පෙ- අරණවිහාරීනං යදිදං සුභූති, -පෙ- දක‍්ඛිණෙය්‍යානං යදිදං සුභූති, -පෙ- ආරඤ‍්ඤකානං යදිදං රෙවතො ඛදිරවනියො, -පෙ- ඣායීනං යදිදං කඞ‍්ඛාරෙවතො, -පෙ- ආරද‍්ධවිරියානං යදිදං සොණො කොළිවීසො, -පෙ- කල්‍යාණවාක‍්කරණානං යදිදං සොණො කුටිකණ‍්ණො, -පෙ- ලාභීනං යදිදං සීවලී, -පෙ- සද‍්ධාධිමුත‍්තානං යදිදං වක‍්කලීති.

මහණෙනි, යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, මනෝමය කය මවන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, චේතෝවිවට්ට (රූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්‍ෂූන් අතුරෙහි … යම් මහාපන්‍ථක නම් මහණෙක් වේ ද, සඤ්ඤාවිවට්ට (අරූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්‍ෂූන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, කෙලෙස් රහිත විහරණ ඇතියන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, දක්‍ෂිණාර්‍හයන් අතුරෙහි … කිහිරිවන වැසි යම් රේවත නම් මහණෙක් වේ ද, අරණ්‍යවාසී මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කඞ්ඛාරේවත නම් මහණෙක් වේ ද, ධ්‍යානයෙහි ඇලුනවුන් අතුරෙහි … කොළිවීස ගෝත්‍රයෙහි උපන් යම් සෝණ නම් මහණෙක් වේ ද, පිරිපුන් වැර ඇති භික්‍ෂූන් අතුරෙහි … යම් කුටිකණ්ණසෝණ නම් මහණෙක් වේ ද, කලණ බස් තෙපලනුවන් අතුරෙහි … යම් සීවලී නම් මහණෙක් වේ ද, සිවුපසය ලබනුවන් අතුරෙහි … යම් වක්කලි නම් මහණෙක් වේ ද, බලවත් සැදැහැ ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් මේ අග්‍ර වෙයි.

වග‍්ගො දුතියො.

දෙවැනි වග යි.

1. 14. 3. 1-10.

1. 14. 3. 1-10.

එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවකානං භික‍්ඛූනං සික‍්ඛාකාමානං යදිදං රාහුලො, -පෙ- සද‍්ධාපබ‍්බජිතානං යදිදං රට‍්ඨපාලො, -පෙ- පඨමං සලාකං ගණ‍්හන‍්තානං යදිදං කුණ‍්ඩධානො, -පෙ- පටිභානවන‍්තානං යදිදං වඞ‍්ගීසො, -පෙ- සමන‍්තපාසාදිකානං යදිදං උපසෙනො වඞ‍්ගන‍්තපුත‍්තො, -පෙ- සෙනාසනපඤ‍්ඤාපකානං යදිදං දබ‍්බො මල‍්ලපුත‍්තො -පෙ- දෙවතානං පියමනාපානං යදිදං පිළින්‍දිවච‍්ඡො, -පෙ- ඛිප‍්පාභිඤ‍්ඤානං යදිදං බාහියො දාරුචීරියො, -පෙ- චිත‍්තකථිකානං යදිදං කුමාරකස‍්සපො, -පෙ- පටිසම‍්භිදාපත‍්තානං යදිදං මහාකොට‍්ඨිතොති.

මහණෙනි, යම් රාහුල නම් මහණෙක් වේ ද, මාගේ ශ්‍රාවක වූ සිඛ කැමැති භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වේ … යම් රට්ඨපාල නම් මහණෙක් වේ ද, සැදැහැයෙන් පැවිදි වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කුණ්ඩධාන නම් මහණෙක් වේ ද, පෙරට ව ලහගන්නා මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් වඞ්ගීස නම් මහණෙක් වේ ද, පිරිපුන් වැටහීම් ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ යම් උපසේන නම් මහණෙක් වේ ද, පැහැදීම එළවන මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … මල්ලරාජපුත්‍ර වූ යම් දබ්බ නම් මහණෙක් වේ ද, සෙනසුන් පණවන මාගේ ශ්‍රාවක වූ භික්‍ෂූන් අතුරෙහි … යම් පිළින්‍දිවච්ඡ නම් මහණෙක් වේ ද, දෙවියනට ප්‍රියමනාප වූ මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් දාරුචීරිය බාහිය නම් මහණෙක් වේ ද, වහා ලත් අභිඥා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් කුමාරකාශ්‍යප නම් මහණෙක් වේ ද, විසිතුරු ධර්‍මකථා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් මහාකොට්ඨිත නම් මහණෙක් වේ ද, පිළිසැඹියා ලත් මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.

වග‍්ගො තතියො.

තුන්වැනි වග යි.