1. 14. 5. 1-13
1. 14. 5. 1-13.
1. 14. 5. 1-13.
එතදග‍්ගං භික‍්ඛවෙ මම සාවිකානං භික‍්ඛුනීනං රත‍්තඤ‍්ඤූනං යදිදං මහාපජාපතීගොතමී, -පෙ- මහාපඤ‍්ඤානං යදිදං ඛෙමා, -පෙ- ඉද‍්ධිමන‍්තීනං යදිදං උප‍්පලවණ‍්ණා, -පෙ- විනයධරානං යදිදං පටාචාරා, -පෙ- ධම‍්මකථිකානං යදිදං ධම‍්මදින‍්නා, -පෙ- ඣායීනං යදිදං නන්‍දා, -පෙ- ආරද‍්ධවිරියානං යදිදං සොණා, -පෙ- දිබ‍්බචක‍්ඛුකානං යදිදං සකුලා, -පෙ- ඛිප‍්පාභිඤ‍්ඤානං යදිදං භද‍්දා කුණ‍්ඩලකෙසා, -පෙ- පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තීනං යදිදං භද‍්දාකාපිලානී, -පෙ- මහාභිඤ‍්ඤප‍්පත‍්තානං යදිදං භද‍්දකච‍්චානා, -පෙ- ලූඛචීවරධරානං යදිදං කිසාගොතමී, -පෙ- සද‍්ධාධිමුත‍්තානං යදිදං සිගාලමාතාති.
මහණෙනි, යම් මහාප්‍රජාපතී ගෝතමී නම් මෙහෙණක් ඇද්ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් ඛේමා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ මහාප්‍රඥා ඇති මෙහෙණන් අතුරෙහි … යම් උප්පලවණ්ණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ඍද්ධි ඇති මෙහෙණන් අතුරෙහි … යම් පටාචාරා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ විනයධර මෙහෙණන් අතුරෙහි … යම් ධම්මදින්නා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ධර්‍ම කථික මෙහෙණන් අතුරෙහි … යම් නන්‍දා නම් මෙහෙණක් ඇද්ද, ධ්‍යානයෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සෝණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති මෙහෙණන් අතුරෙහි .. යම් සකුලා නම් මෙහෙණක් ඇද්ද, දිවැස් ඇති මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කුණ්ඩලකේසී නම් මෙහෙණක් ඇද්ද, ක්‍ෂිප්‍රාභිඥා වූ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කාපිලානී නම් මෙහෙණක් ඇද්ද, පෙර විසූ කඳපිළිවෙලින් සිහි කරණ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි … යම් භද්දකච්චානා නම් මෙහෙණක් ඇද්ද, මහා අභිඥා ලද මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් කිසාගෝතමී නම් මෙහෙණක් ඇද්ද, රූක්‍ෂ චීවර දරණ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සිගාලමාතු නම් මෙහෙණක් ඇද්ද, ශ්‍රද්ධාලක්‍ෂණයෙහි බැස ගත් මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ.
වග‍්ගො පඤ‍්චමො.
පස්වන වග යි.