බාකුලත්ථෙරවත්ථු අට්ඨකථා
බාකුලත්ථෙරවත්ථු
බක්කුල තෙරණුවෝ
චතුත්ථෙ අප්පාබාධානන්ති නිරාබාධානං. බාකුලොති ද්වීසු කුලෙසු වඩ්ඪිතත්තා එවංලද්ධනාමො ථෙරො.
සිවුවැන්නෙහි අප්පාබාධානං යනු ආබාධ රහිතවූවන් අතුරිනි. බක්කුලො යනු දෙකුලයෙක්හි වැඩුණු බැවින් මෙසේලද නම් ඇති තෙරණුවෝයි.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයං කිර අතීතෙ ඉතො කප්පසතසහස්සාධිකෙ අසඞ්ඛ්යෙය්යමත්ථකෙ අනොමදස්සිදසබලස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව බ්රාහ්මණකුලෙ පටිසන්ධිං ගණ්හිත්වා වයං ආගම්ම උග්ගහිතවෙදො වෙදත්තයෙ සාරං අපස්සන්තො “සම්පරායිකත්ථං ගවෙසිස්සාමී”ති පබ්බතපාදෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්චාභිඤ්ඤා-අට්ඨසමාපත්තිලාභී හුත්වා ඣානකීළිතාය වීතිනාමෙසි. තස්මිං සමයෙ අනොමදස්සී බොධිසත්තො සබ්බඤ්ඤුතං පත්වා අරියගණපරිවුතො චාරිකං චරති. තාපසො “තීණි රතනානි උප්පන්නානී”ති සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා දෙසනාපරියොසානෙ සරණෙසු පතිට්ඨිතො, අත්තනො ඨානං පන විජහිතුං නාසක්ඛි. සො කාලෙන කාලං සත්ථු දස්සනාය චෙව ගච්ඡති, ධම්මඤ්ච සුණාති.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි මෙයින් කල්ප ලක්ෂයක් අධිකකොට ඇති අසංඛ්‍යයකට මත්තෙහි අනොමදස්සි බුදුරජාණන්වහන්සේගේ ඉපදීමට කලින්ම බමුණු කුලයෙහි පිළිසිඳගෙන් වියට පැමිණ උගන්නාලද වේද ඇත්තේ වේදත්‍රයෙහි හරයක් නොදක්නේ පරලොව (යහපත) සඳහා සොයාන්නෙමැයි පර්‍වතපාදයක සෘෂි පැවිද්දෙන් පැවිදිව පංචාභිඥාඅෂ්ට සමාපත්ති ලාභීව ධ්යානක්රීඩාවෙන් කල්යැවීය. එසමයෙහි අනොමදස්සී බෝසතාණෝ සර්වඥතාඥානයට පත්ව ආර්‍ය්‍ය සමූහයා විසින් පිරිවරන ලද්දාහු චාරිකාවෙහි වඩිති. තවුසු තෙමේ තෙරුවන පහළවීයයි අසා ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් දහම් අසා දෙසුම කෙළවර සරණයෙහි පිහිටියේ තමන්ගේ තැන (තවුස්බව) අත්හැරීමට නොහැකිවිය. හෙතෙම කලින්කලට ශාස්තෘන් දැකීම සඳහාද යයි. දහම්ද අසයි.
අථෙකස්මිං සමයෙ තථාගතස්ස උදරවාතො උප්පජ්ජි. තාපසො සත්ථු දස්සනත්ථාය ආගතො “සත්ථා ගිලානො”ති සුත්වා “කො, භන්තෙ, ආබාධො”ති. “උදරවාතො”ති වුත්තෙ “අයං කාලො මය්හං පුඤ්ඤං කාතු”න්ති පබ්බතපාදං ගන්ත්වා නානාවිධානි භෙසජ්ජානි සමොධානෙත්වා “ඉදං භෙසජ්ජං සත්ථු උපනෙථා”ති උපට්ඨාකත්ථෙරස්ස අදාසි. සහ භෙසජ්ජස්ස උපයොගෙන උදරවාතො පටිප්පස්සම්භි. සො සත්ථු ඵාසුකකාලෙ ගන්ත්වා එවමාහ – “භන්තෙ, යදිදං මම භෙසජ්ජෙන තථාගතස්ස ඵාසුකං ජාතං, තස්ස මෙ නිස්සන්දෙන නිබ්බත්තනිබ්බත්තභවෙ ගද්දූහනමත්තම්පි සරීරෙ බ්යාධි නාම මා හොතූ”ති. ඉදමස්ස තස්මිං අත්තභාවෙ කල්යාණකම්මං.
ඉක්බිති එක් කලෙක තථාගතයන්වහන්සේට උදරවාතයක් උපන්නේය. තවුසා ශාස්තෘන්වහන්සේ දැකීම සඳහා පැමිණියේ ශාස්තෘන්වහන්සේ ගිලන්සේකැයි අසා ‘ස්වාමීනි, කවර ආබාධයක්දැයි (අසා) උදරවාතයකැයි කීකල්හි මට පින් කිරීමට මේ කාලයයි පර්වතපාදයට ගොස් නොයෙක් ආකාර බෙහෙත් එක් කොට ‘මේ බෙහෙත ශාස්තෘන්ට එළවුව මැනවැ’යි උපස්ථායක තෙරුන්ට දුන්නේය. බෙහෙත යෙදීමත් සමගම උදරවාතය සංසිඳුනේය. හෙතෙම ශාස්තෘන්වහන්සේට පහසු කාලයෙහි ගොස් මෙසේ කීය: ‘ස්වාමීනි, මගේ බෙහෙතින් තථාගතයන්වහන්සේට යම් මේ පහසුවක් හටගත්තේද ඒ පින්කමේ විපාකයෙන් මට උපනුපන් භවයෙහි කිරිදෙව්නා පමණ වූ සුළුකලකටද ශරීරව්යාධියක් නම් නොවේවා!’ මෙය ඒ අත්බැව්හි ඔහුගේ පුණ්යකර්මයයි.
සො තතො චුතො බ්රහ්මලොකෙ නිබ්බත්තිත්වා එකං අසඞ්ඛ්යෙය්යං දෙවමනුස්සෙසු සංසරන්තො පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා සත්ථාරං එකං භික්ඛුං අප්පාබාධානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො යාවතායුකං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො විපස්සීදසබලස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව බන්ධුමතීනගරෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො පුරිමනයෙනෙව ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානලාභී හුත්වා පබ්බතපාදෙ වසති.
හෙතෙම එයින් චුතවූයේ බඹලොව ඉපිද එක් අසංඛ්‍යක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක පිළිසිඳ ගෙන එක්හික්ෂුවක අල්පාබාධවූවන් අතුරෙන් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිඇති තෙක් පින්කම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී බුදුන්වහන්සේ පහළවීමට පෙරදීම බන්ධුමතී නගරයෙහි බමුණු කුලයෙහි උපන්නේ පෙර අයුරින්ම සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්යානලාභීවී පර්‍වතපාදයක වාසයකරයි.
විපස්සීබොධිසත්තොපි සබ්බඤ්ඤුතං පත්වා අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සපරිවාරො බන්ධුමතීනගරං උපනිස්සාය පිතු මහාරාජස්ස සඞ්ගහං කරොන්තො ඛෙමෙ මිගදායෙ විහරති. අථායං තාපසො දසබලස්ස ලොකෙ නිබ්බත්තභාවං ඤත්වා ආගන්ත්වා සත්ථු ධම්මකථං සුත්වා සරණෙසු පතිට්ඨාසි, අත්තනො පබ්බජ්ජං ජහිතුං නාසක්ඛි, කාලෙන කාලං පන සත්ථු උපට්ඨානං ගච්ඡති.
විපස්සී බෝසතුන්වහන්සේද සර්වඥතාඥානයට පත්ව අටසැට දහසක් භික්ෂු පිරිවර ඇත්තාහු බන්ධුමතිය ඇසුරු කොට පියමහරජුට සංග්‍රහ කරමින් ක්ෂෙමවූ මිගදායෙහි වාසය කරනසේක. ඉක්බිති මේ තවුස් තෙමේ බුදුන්වහන්සේ ලොව පහළවූ බව දැන අවුත් ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසා තිසරණයෙහි පිහිටියේය. තමාගේ (සෘෂි) පැවිද්ද අත්හැරීමට නොහැකිවිය. කලින් කලට ශාස්තෘන්වහන්සේගේ උපස්ථානයට යයි.
අථෙකස්මිං සමයෙ ඨපෙත්වා සත්ථාරඤ්චෙව ද්වෙ අග්ගසාවකෙ ච හිමවති පුප්ඵිතානං විසරුක්ඛානං වාතසම්ඵස්සෙන සෙසභික්ඛූනං මත්ථකරොගො නාම උදපාදි. තාපසො සත්ථු උපට්ඨානං ආගතො භික්ඛූ සසීසං පාරුපිත්වා නිපන්නෙ දිස්වා – “කිං, භන්තෙ, භික්ඛුසඞ්ඝස්ස අඵාසුක”න්ති පුච්ඡි. භික්ඛූනං තිණපුප්ඵකරොගො, ආවුසොති. තාපසො චින්තෙසි – “අයං කාලො මය්හං භික්ඛුසඞ්ඝස්ස කායවෙය්යාවතිකකම්මං කත්වා පුඤ්ඤං නිබ්බත්තෙතු”න්ති අත්තනො ආනුභාවෙන නානාවිධානි භෙසජ්ජානි සංකඩ්ඪිත්වා යොජෙත්වා අදාසි. සබ්බභික්ඛූනං රොගො තංඛණංයෙව වූපසන්තො.
ඉක්බිති එක් කලෙක ශාස්තෘන්වහන්සේද දෙඅගසව්වන්ද හැර හිමවතෙහි පිපුණු විෂවෘක්ෂයන්ගේ වාතය පැහැසීමෙන් සෙසු භික්ෂුන්ට මන්ථක නම්වූ රෝගයක් හටගත්තේය. තවුසා ශාස්තෘ උපස්ථානයට පැමිණියේ හිසසිට පොරවා වැද හොවින භික්ෂූන් දැක ‘ස්වාමීනි, කිම භික්ෂූසංඝයාට අපහසුවක්දැයි විචාළේය. ‘තෘණපුෂ්පක නම්වූ රෝගයයකි. ඇවැත්නි’යි (පැවසූහ) තවුසා සිතීය. ‘බික්සඟනට ශරීරවතාවත්කොට පින් උපදවන්නට මේ මට කාලයයි.’ (සිතා) තමන්ගේ ආනුභාවයෙන් නොයෙක් බෙහෙත් කඩා සංයෝග කොට දුන්නේය. සියලු භික්ෂුන්ගේම රෝගය එකෙණෙහිම සංසිදුනේය.
සො යාවතායුකං ඨත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තිත්වා එකනවුතිකප්පෙ දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපබුද්ධකාලෙ බාරාණසියං කුලගෙහෙ නිබ්බත්තො ඝරාවාසං වසන්තො “මය්හං වසනගෙහං දුබ්බලං, පච්චන්තං ගන්ත්වා දබ්බසම්භාරං ආහරිත්වා ගෙහං කරිස්සාමී”ති වඩ්ඪකීහි සද්ධිං ගච්ඡන්තො අන්තරාමග්ගෙ එකං ජිණ්ණං මහාවිහාරං දිස්වා “තිට්ඨතු තාව මය්හං ගෙහකම්මං, න තං මයා සද්ධිං ගමිස්සති, යංකිඤ්චි කත්වා පන සද්ධිං ගමනකම්මමෙව පුරෙතරං කාතුං වට්ටතී”ති තෙහෙව වඩ්ඪකීහි දබ්බසම්භාරං ගාහාපෙත්වා තස්මිං විහාරෙ උපොසථාගාරං කාරෙසි, භොජනසාලං අග්ගිසාලං දීඝචඞ්කමං ජන්තාඝරං කප්පියකුටිං වච්චකුටිං ආරොග්යසාලං කාරෙසි, යංකිඤ්චි භික්ඛුසඞ්ඝස්ස උපභොගපරිභොගං භෙසජ්ජං නාම සබ්බං පටියාදෙත්වා ඨපෙසි.
හෙතෙමේත් දිවි ඇති තෙක් සිට බඹලොව ඉපිද අනූඑක් කපක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි බරණැස කුලගෙයක උපන්නේ ගිහිගෙහි වසමින් ‘මා වසන ගෙය දුබලය. ප්‍රත්‍යන්තයට ගොස් ද්‍රව්‍ය සමූහයක් ගෙනවුත් ගෙයක් කරමැයි වඩුවන් සමඟ යන්නේ අතරමඟ එක් දිරාගිය මහවෙහෙරක් දැක ‘මගේ ගෙහි වැඩ තිබියේවා. එය මා සමඟ නොයන්නේය. යම් කිසිවක් කොට යන (තැනට) වැඩම කල් ඇතිවම කළයුතුය’යි සිතා ඒ වඩුවන් ලවාම ගෙන්වාගෙන ඒ වෙහෙරෙහි පොහොය ගෙයක් කරවූයේය. බොජුන්හලක්, ගිනිහලක්, දිගුසක්මනක්, ගිනිහල්ගෙයක්, කැසිකිළියක්, වැසිකිළියක් හා රෝහලක්ද කරවූයේය. යම් කිසිවක් භික්ෂු සංඝයාට උපභෝග පරිභෝග වස්තු හා බෙහෙත් නම් වේද සියල්ල පිළියෙළකොට තැබීය.
සො යාවජීවං කුසලං කත්වා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං දසබලස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව කොසම්බියං සෙට්ඨිගෙහෙ පටිසන්ධිං ගණ්හි. තස්ස පටිසන්ධිග්ගහණදිවසතො පට්ඨාය තං සෙට්ඨිකුලං ලාභග්ගයසග්ගප්පත්තං අහොසි. අථස්ස මාතා පුත්තං විජායිත්වා චින්තෙසි – “අයං දාරකො පුඤ්ඤවා කතාධිකාරො, යත්තකං කාලං අරොගො දීඝායුකො හුත්වා තිට්ඨති, තත්තකං අම්හාකං සම්පත්තිදායකො භවිස්සති. ජාතදිවසෙයෙව මහායමුනාය න්හාතදාරකා නිරොගා හොන්තී”ති න්හාපනත්ථාය නං පෙසෙසි. “පඤ්චමෙ දිවසෙ සීසං න්හාපෙත්වා නදීකීළනත්ථාය නං පෙසෙසී”ති මජ්ඣිමභාණකා. තත්ථ ධාතියා දාරකං නිමුජ්ජනුම්මුජ්ජනවසෙන කීළාපෙන්තියා එකො මච්ඡො දාරකං දිස්වා “භක්ඛො මෙ අය”න්ති මඤ්ඤමානො මුඛං විවරිත්වා උපගතො. ධාතී දාරකං ඡඩ්ඩෙත්වා පලාතා, මච්ඡො තං ගිලි. පුඤ්ඤවා සත්තො දුක්ඛං න පාපුණි, සයනගබ්භං පවිසිත්වා නිපන්නො විය අහොසි. මච්ඡො දාරකස්ස තෙජෙන තත්තඵාලං ගිලිත්වා ඩය්හමානො විය වෙගෙන තිංසයොජනං ගන්ත්වා බාරාණසිනගරවාසිනො මච්ඡබන්ධස්ස ජාලං පාවිසි. මහාමච්ඡා නාම ජාලෙන බද්ධා මාරියමානාව මරන්ති, අයං පන දාරකස්ස තෙජෙන ජාලතො නීහටමත්තොව මතො. මච්ඡබන්ධා ච මහාමච්ඡං ලභිත්වා ඵාලෙත්වා වික්කිණන්ති, තං පන දාරකස්ස ආනුභාවෙන අඵාලෙත්වා සකලමෙව කාජෙන හරිත්වා “සහස්සෙන දෙමා”ති වදන්තා නගරෙ විචරිංසු, කොචි න ගණ්හාති.
හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමට පෙරටුවම කොසබෑනුවර සිටුගෙයක පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් දිනයෙහි පටන් ඒ සිටුකුලය ලාභායෙන් යසසින් අතැන්පත්වූයේය. ඉක්බිති ඔහුගේ මව පුතු වදා (මෙසේ) සිතුවාය: මේ දරුවා පින් ඇත්තෙකි. කරනලද පැතුම් ඇත්තෙකි. යම්පමණ කලක් නීරෝගීව දීර්ඝායුෂ්කවී සිටීද එපමණ කලක් අපට සැපත් දෙන්නෙක් වන්නේය. උපන් දිනයේදීම මහා යමුනා නදියෙහි නහවනලද දරුවෝ නීරෝග වෙත්යයි (සිතා) නැහැවීම සඳහා ඒ දරුවා යැවූවාය. පස්වැනි දිනයෙහි හිසනහවා නදියෙහි කෙළිපිණිස ඔහුව යැවීයයි මධයම භාණ්ඩකයෝ (කියති.) එහිදී කිරීමට දරුවා දියයට දැමීම් උඩට ගැනීම් වශයෙන් ක්රීඩාකරවද්දී එක් මත්ස්‍යයෙක් දරුවා දැක මට මේ කෑමකැයි හඟින්නේ මුව අයාගෙන එළඹියේය. කිරීමව දරුවා අතහැර පළා ගියාය. මත්ස්‍යයා ඔහුව ගිල්ලේය. පින්වත් සත්ව තෙමේ දුකට නොපැමිණියේය. යහන්ගැබකට පිවිස වැදහොත්තේ මෙන්විය. මත්ස්‍යයා දරුවාගේ තේජසින් දැවුණු තලියක් ගිල දැවෙන්නකු මෙන් වේගයෙන් තිස් යොදුනක් ගොස් බරණැස් නුවර වැසි මසුන් අල්වන්නකුගේ දැලට පිවිසියේය. මහාමත්ස්යායෝ නම් දැලෙහි බැඳුනාහු මරනු ලබන්නේ මැරෙත්. මේ මතස්‍යයා වනාහි දරුවාගේ තෙදින් දැලෙන් ඉවතට ගනුලද්දේම මළේය. මසුන් අල්වන්නෝද මළමසු ලැබ පළා විකුණති. මේ මාළුවා වනාහි දරුවාගේ තෙදින් නොපළාම සියල්ල කදින් ගෙනගොස් කහවණු දහසින් දෙමු’යි කියමින් නුවරෙහි හැසිරුණාහුය. කිසිවෙක් මිළදී නොගත්තේය.
තස්මිං පන නගරෙ අපුත්තකං අසීතිකොටිවිභවං සෙට්ඨිකුලං අත්ථි. තස්ස ද්වාරමූලං පත්වා “කිං ගහෙත්වා දෙථා”ති වුත්තා “කහාපණ”න්ති ආහංසු. තෙහි කහාපණං දත්වා ගහිතො. සෙට්ඨිභරියාපි අඤ්ඤෙසු දිවසෙසු මච්ඡෙ න කෙළායති, තංදිවසං පන මච්ඡං ඵලකෙ ඨපෙත්වා සයමෙව ඵාලෙසි. මච්ඡඤ්ච නාම කුච්ඡිතො ඵාලෙන්ති, සා පන පිට්ඨිතො ඵාලෙන්තී මච්ඡකුච්ඡියං සුවණ්ණවණ්ණං දාරකං දිස්වා “මච්ඡකුච්ඡියං මෙ පුත්තො ලද්ධො”ති නාදං නදිත්වා දාරකං ආදාය සාමිකස්ස සන්තිකං අගමාසි. සෙට්ඨි තාවදෙව භෙරිං චරාපෙත්වා දාරකමාදාය රඤ්ඤො සන්තිකං ගන්ත්වා “මච්ඡකුච්ඡියං මෙ, දෙව, දාරකො ලද්ධො, කිං කරොමා”ති ආහ. පුඤ්ඤවා එස, යො මච්ඡකුච්ඡියං ආරොගො වසි, පොසෙහි නන්ති.
ඒ නුවරෙහි දරුවන් නැති අසූකෙළක් ධනය ඇති සිටුකුලයක් ඇත. ඔහුගේ දෙරටුව වෙත පැමිණ ‘කුමක් ගෙන දෙවුදැ’යි අසන ලද්දාහු කහවණයයි කීවාහුය. ඔවුන්විසින් කහවණුදී ගන්නා ලද්දේය. සිටු බිරියද අන් දිනයන්හි මසුන් (පිසීම සඳහා) පිළියෙළ නොකරන්නීය. ඒ දිනයෙහි වනාහි මත්ස්‍යයා තළියෙහි තබා තුමූම පැළුවාය. මත්ස්‍යයෝ නම් කුසින් පලනු ලබත්. ඕ වනාහි පිට දෙසින් පලන්නී මසු කුසෙහි රන්වන් දරුවා දැක මසු කුසෙන් මට පුතෙක් ලැබිණැයි හඬ නඟා දරුවා රැගෙන සැමියා සමීපයට ගියාය. සිටුතෙමේ එකෙණෙහිමබෙර හසුරුවා දරුවා රැගෙන රජු සමීපයට ගොස් ‘දේවයිනි, මසුකුසෙන් මට දරුවෙක් ලැබිණ. කුමක් කෙරෙමිදැ’යි ඇසීය. ‘යමෙක් මසුකුසෙහි නිරෝගීව විසීද ඒ මේ දරුවා පින් ඇත්තෙකි. ඔහු පෝෂණය කරව’යි රජතෙමේ පැවසීය.
අස්සොසි ඛො ඉතරං කුලං “බාරාණසියං කිර එකං සෙට්ඨිකුලං මච්ඡකුච්ඡියං දාරකං ලභී”ති. තෙ තත්ථ අගමංසු. අථස්ස මාතා දාරකං අලඞ්කරිත්වා කීළාපියමානං දිස්වා “මනාපො වතායං දාරකො”ති ගහෙත්වා පකතිං ආචික්ඛි. ඉතරා “මය්හං පුත්තො”ති ආහ. කහං තෙ ලද්ධොති. මච්ඡකුච්ඡියන්ති. න තුය්හං පුත්තො, මය්හං පුත්තොති. කහං තෙ ලද්ධොති. මයා දස මාසෙ කුච්ඡියා ධාරිතො, අථ නං නදියා කීළාපියමානං මච්ඡො ගිලීති. තුය්හං පුත්තො අඤ්ඤෙන මච්ඡෙන ගිලිතො භවිස්සති, අයං පන මයා මච්ඡකුච්ඡියං ලද්ධොති උභොපි රාජකුලං අගමංසු. රාජා ආහ – “අයං දස මාසෙ කුච්ඡියා ධාරිතත්තා අමාතා කාතුං න සක්කා, මච්ඡං ගණ්හන්තාපි වක්කයකනාදීනි බහි කත්වා ගණ්හන්තා නාම නත්ථීති මච්ඡකුච්ඡියං ලද්ධත්තා අයම්පි අමාතා කාතුං න සක්කා, දාරකො උභින්නම්පි කුලානං දායාදො හොතූ”ති. තතො පට්ඨාය ද්වෙපි කුලානි අතිවිය ලාභග්ගයසග්ගප්පත්තානි අහෙසුං. තස්ස ද්වීහි කුලෙහි වඩ්ඪිතත්තා බාකුලකුමාරොති නාමං කරිංසු.
‘බරණැස එක් සිටු කුලයක් මසු කුසින් දරුවෙකු ලැබීය’යි දරුවා විසූ මුල් කුල ගෙයටද දැනගන්නට ලැබිණ. ඔවුහු එහි ගියාහුය. ඉක්බිති ඔහුගේ මව දරුවා සරසා ක්‍රීඩා කරවනු ලබන තැනැත්තිය දැක මේ දරුවා ඒකානත්යෙන්ම ප්රියමනාපයයි (අතට) ගෙන ප්‍රකෘතිය (මුල් ස්වභාවය) ඇසුවාය. අනෙක් තැනැත්තිය ‘මගේ පුතා’යයි කීවාය. ‘ඔබ විසින් කොහෙන් ලද්දේද? ‘මසු කුසෙනි.’ ‘ඔබේ පුතා මේ නොව මගේ පුතාය.’ ‘ඔබ විසින් කොහෙන් ලබන ලද්දේද?’ ‘මවිසින් දසමසක් කුසෙහි දරන ලද්දේය. ඉක්බිති නදියෙහි ක්රීඩාකරවනු ලබන මොහු මසෙක් ගිල්ලේය.’ ‘නුඹේ පුතා අන් මසකු විසින් ගිලින ලද්දේවන්නේය. මෙතෙම වනාහි මාවිසින් මසු කුසින් ලබන ලද්දේය. දෙදෙනාම රජකුලයට ගියහ. මෙතෙම දසමසක් කුසෙන් දරන ලද බැවින් මව නැත්තෙක් කිරීමට නොහැක්කේය. මසුන් ගන්නාහු වකුගඩු අක්මාව ආදිය ඉවත් කොට (මිළදී) ගන්නාහු නම් නැත. මසු කුසෙන් ලද බැවින් මෙතෙම මව නැතතෙක් කිරීමට නොහැකිය. දරුවා කුලදෙකටම දායාදයක් වන්නේයයි රජතෙමේ කීවේය. එතැන්පටන් දෙකුලයම බෙහෙවින් ලාභයෙන් යසසින් අගපත් වූයේය. ඔහුට දෙකුලයක් විසින් වඩනලද බැවින් බක්කුල කුමාරුවායයි නම් කළාහුය.
තස්ස විඤ්ඤුතං පත්තස්ස ද්වීසුපි නගරෙසු තයො තයො පාසාදෙ කාරෙත්වා නාටකානි පච්චුපට්ඨපෙසුං. එකෙකස්මිං නගරෙ චත්තාරො චත්තාරො මාසෙ වසති. එකස්මිං නගරෙ චත්තාරො මාසෙ වුත්ථස්ස සඞ්ඝාටනාවාසු මණ්ඩපං කාරෙත්වා තත්ථ නං සද්ධිං නාටකෙහි ආරොපෙන්ති. සො සම්පත්තිං අනුභවමානො චතූහි මාසෙහි ඉතරං නගරං ගච්ඡති. තංනගරවාසීනි නාටකානි “ද්වීහි මාසෙහි උපඩ්ඪමග්ගං ආගතො භවිස්සතී”ති පච්චුග්ගන්ත්වා තං පරිවාරෙත්වා ද්වීහි මාසෙහි අත්තනො නගරං නෙන්ති, ඉතරානි නාටකානි නිවත්තිත්වා අත්තනො නගරමෙව ගච්ඡන්ති. තත්ථ චත්තාරො මාසෙ වසිත්වා තෙනෙව නියාමෙන පුන ඉතරං නගරං ගච්ඡති. එවමස්ස සම්පත්තිං අනුභවන්තස්ස අසීති වස්සානි පරිපුණ්ණානි.
වැඩිවිය පත්වූ ඔහුට නගර දෙකෙහිම ප්‍රාසාද තුන බැගින් කරවා නළුවන් තැබුවාහුය. එක් එක් නුවරෙහි සිවුමස බැගින් වසයි. එක්එක් නුවරෙහි සිවු මසෙක්හි විසූ ඔහුට පහුරුනැව්වල මණ්ඩපයක් කරවා එහි නළුවන් සමඟ ඔහු නංවත්, හෙතෙම සැපත් විඳිමින් සිවුමසින් අනතුරුව අනෙක් නගරයට යයි. නුවරවැසි නළුවෝ දෙමසකින් අඩ මගක් අවේ වනැයි පෙරගමන් කොට ඔහු පිරිවරා දෙමසකින් තමන්ගේ නුවරට පමුණුවත්. සෙසු නළුවෝ ආපසු හැරී තමන්ගේ නුවරටම යති. එහි සිවුමසක් වැස ඒ අයුරින්ම යළි අනෙක් නගරයට යයි. මෙසේ සැපත් විඳින මොහුට අසූවසක් සපිරිණි.
තස්මිං සමයෙ අම්හාකං බොධිසත්තො සබ්බඤ්ඤුතං පත්වා පවත්තිතවරධම්මචක්කො අනුක්කමෙන චාරිකං චරමානො කොසම්බිං පාපුණි, බාරාණසින්ති මජ්ඣිමභාණකා. බාකුලො සෙට්ඨිපි ඛො “දසබලො ආගතො”ති සුත්වා බහුං ගන්ධමාලං ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මකථං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි. සො සත්තාහමෙව පුථුජ්ජනො හුත්වා අට්ඨමෙ අරුණෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අථස්ස ද්වීසු නගරෙසු ගිහිකාලෙ පරිචාරිකමාතුගාමා අත්තනො කුලඝරානි ආගන්ත්වා තත්ථ වසමානා චීවරානි කත්වා පහිණිංසු. ථෙරො එකං අද්ධමාසං කොසම්බිවාසිකෙහි පහිතං චීවරං භුඤ්ජති, එකං අද්ධමාසං බාරාණසිවාසිකෙහීති. එතෙනෙව නියාමෙන ද්වීසුපි නගරෙසු යං යං උත්තමං, තං තං ථෙරස්සෙව ආහරියති. ථෙරස්ස අසීති වස්සානි අගාරමජ්ඣෙ වසන්තස්ස ද්වීහඞ්ගුලෙහි ගන්ධපිණ්ඩං ගහෙත්වා උපසිඞ්ඝනමත්තම්පි කාලං න කොචි ආබාධො නාම අහොසි. ආසීතිමෙ වස්සෙ සුඛෙනෙව පබ්බජ්ජං උපගතො. පබ්බජිතස්සාපිස්ස අප්පමත්තකොපි ආබාධො වා චතූහි පච්චයෙහි වෙකල්ලං වා නාහොසි. සො පච්ඡිමෙ කාලෙ පරිනිබ්බානසමයෙපි පුරාණගිහිසහායකස්ස අචෙලකස්සපස්ස අත්තනො කායිකචෙතසිකසුඛදීපනවසෙනෙව සකලං බාකුලසුත්තං (ම· නි· 3.209 ආදයො) කථෙත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි. එවං අට්ඨුප්පත්ති සමුට්ඨිතා. සත්ථා පන ථෙරස්ස ධරමානකාලෙයෙව ථෙරෙ යථා පටිපාටියා ඨානන්තරෙ ඨපෙන්තො බාකුලත්ථෙරං ඉමස්මිං සාසනෙ අප්පාබාධානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
එසමයෙහි අපගේ බෝසතාණෝ සර්වඥතා ඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු අනුපිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කොසඹෑ නුවරට පැමිණියහ. බරණැසටයයි මජ්ක්‍ධිම භණඩකයෝ කියති. බක්කුල සිටුතෙමේද බුදුන්වහන්සේ වැඩියහයි අසා බොහෝ ගඳමල් රැගෙන බුදුන් සමීපයට ගොස් දහම්කථා අසා ලැබු සැදැහැ ඇත්තේ පැවිදිවූයේය. හෙතෙම සත්දිනක්ම පුහුදුන් කෙනෙක්ව සිට අටවන දිනයෙහි උදෑසන පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියේය. ඉක්බිති ඔහුගේ ගිහිකල්හි දෙනුවරෙහි ඇසුරුකළ කාන්තාවෝ තමන්ගේ කුලගෙවලට අවුත් එහිම වසමින් සිවුරු කොට යැව්වාහුය. තෙරණුවෝ එක් අඩමසක් කොසඹෑ වැස්සන් විසින් එවනු ලැබූ සිවුරු පරිභොග කරති. එක් අඩමසක් බරණැස් වැස්සන් විසින් (එවනලද සිවුරු පරිභොග කරති.) එම ක්‍රමයෙන්ම දෙනුවරෙහිම යම් යම් උතුම් දෙයක් වේද එය තෙරුනට ගෙනෙනු ලබයි. ගිහිගෙහි අසූවසක් වසන්නාවූ තෙරුන්ගේ දෙඇඟිලිවලින් සුවඳ පිඬක් ගෙන සුවඳ බැලීම් පමණවූ කාලයක් පමණකුදු කිසිදු ආබාධයක් නොවීය. අසූවැනි වසෙහි සුවසේම පැවිද්දට එළඹියේය. පැවිදිවූද ඔහුට සුළුවූ ආබාධයක් හෝ සිවුපසයෙන් ඇතිවන විකලත්වයක් හෝ නොවීය. හෙතෙම පැසළුකල පිරිනිවන්පාන සමයෙහිද පැරණිගිහි යහළුවූ අචෙලකාශ්යපට තමන්ගේ කායිකචෛතසික සුවය ප්‍රකට කිරීම් වශයෙන් සියලු බක්කුල සූත්‍රාන්තය කියා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේය. මෙසේ කථාව නිමියේයි. ශාස්තෘන්වහන්සේ තෙරුන් ජීවත්ව සිටියදීම තෙරුන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් බක්කුල තෙරුන් මේ සසුනෙහි අල්පාබාධ ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තැබූසේක.