උරුවෙලකස්සපත්ථෙරවත්ථු අට්ඨකථා
උරුවෙලකස්සපත්ථෙරවත්ථු
උරුවෙලකස්සප තෙරණුවෝ
දුතියෙ මහාපරිසානන්ති මහාපරිවාරානං උරුවෙලකස්සපො අග්ගොති දස්සෙති. අඤ්ඤෙසඤ්හි ථෙරානං කඤ්චි කාලං පරිවාරො මහා හොති කඤ්චි කාලං අප්පො, ඉමස්ස පන ථෙරස්ස ද්වීහි භාතිකෙහි සද්ධිං එකං සමණසහස්සං නිබද්ධපරිවාරොව අහොසි. තෙසු එකෙකස්මිං එකෙකං පබ්බාජෙන්තෙ ද්වෙ සමණසහස්සානි හොන්ති, ද්වෙ ද්වෙ පබ්බාජෙන්තෙ තීණි සහස්සානි හොන්ති. තස්මා සො මහාපරිවාරානං අග්ගො නාම ජාතො. කස්සපොති පනස්ස ගොත්තං. උරුවෙලායං පබ්බජිතත්තා උරුවෙලකස්සපොති පඤ්ඤායිත්ථ.
දෙවන සූත්‍රයෙහි මහාපරිසානං යන්නෙන් මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි දෙබෑයන් සමග ශ්‍රමණයින් දහසක් නිබඳ පිරිවර වූයේය. ඔවුනතුරින් එක් කෙනෙකු එක්කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවනකල්හි දෙදහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. එහෙයින් හෙතෙම මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූයේය. කස්සප යන මොහුගේ ගෝත්‍රයයි. උරුවේලාවෙහි පැවිදිවූ බැවින් ‘උරුවෙලකස්සප’යි ප්‍රසිද්ධ විය.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා වයප්පත්තො සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං මහාපරිසානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට්ටතී”ති සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා තිචීවරෙන අච්ඡාදෙත්වා සත්ථාරං වන්දිත්වා මහාපරිසානං අග්ගභාවත්ථං පත්ථනං අකාසි. සත්ථා අනන්තරායං දිස්වා අනාගතෙ ගොතමබුද්ධස්ස සාසනෙ මහාපරිසානං අග්ගො භවිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් කළ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් භික්ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අගබව පැතුවේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක.
සොපි කුලපුත්තො යාවජීවං කල්යාණකම්මං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉතො ද්වෙනවුතිකප්පමත්ථකෙ ඵුස්සබුද්ධස්ස වෙමාතිකකනිට්ඨභාතා හුත්වා නිබ්බත්තො, පිතා මහින්දරාජා නාම. අපරෙ පනස්ස ද්වෙ කනිට්ඨභාතරො අහෙසුං. එවං තෙ තයො භාතරො විසුං විසුං ඨානන්තරං ලභිංසු. තෙ හෙට්ඨා වුත්තනයෙනෙව කුපිතං පච්චන්තං වූපසමෙත්වා පිතු සන්තිකා වරං ලභිත්වා “තෙමාසං දසබලං පටිජග්ගිස්සාමා”ති වරං ගණ්හිංසු. අථ නෙසං එතදහොසි – “අම්හෙහි දසබලං පටිජග්ගන්තෙහි අනුච්ඡවිකං කාතුං වට්ටතී”ති එකං අමච්චං උප්පාදකට්ඨානෙ ඨපෙත්වා එකං ආයවයජානනකං කත්වා එකං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස පරිවෙසකට්ඨානෙ ඨපෙත්වා අත්තනා දස සීලානි සමාදාය තෙමාසං සික්ඛාපදානි රක්ඛිංසු. තෙ තයො අමච්චා හෙට්ඨා වුත්තනයෙනෙව ඉමස්මිං බුද්ධුප්පාදෙ බිම්බිසාරවිසාඛරට්ඨපාලා ජාතා.
ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස බුදුන්වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් කනිටු බෑයාවී උපන්නේය. පියා මහින්ද නම් රජවිය. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් වූහ. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව තනතුරු ලැබූහ. ඔවුහු යට කියනලද ක්‍රමයෙන් කිපියාවූ ප්රත්යන්තය සංසිඳුවා පියාවෙතින් වරලැබ තෙමසක් බුදුන්වහන්සේ පිළිදැගුම් කරන්නෙමුයි වරයක් ගත්තාහුය. ඉක්බිති ඔවුනට මෙසේ අදහසක් විය. ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. එක් අමතියකු නිෂ්පාදක ස්ථානයෙහි තබා එකෙකු අයවැය දන්නෙකුකොට එකෙකු බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්ෂාපද රැක්කාහුය. ඒ ඇමතිවරු තිදෙන යටකියන ලද අයුරින්ම මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අයවූහ.
තෙ පන රාජකුමාරා වුත්ථවස්සෙ දසබලෙ සහත්ථා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පච්චයපූජාය පූජෙත්වා යාවජීවං කල්යාණකම්මං කත්වා අම්හාකං දසබලස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව බ්රාහමණකුලෙ නිබ්බත්තිත්වා අත්තනො ගොත්තවසෙන තයොපි ජනා කස්සපා එව නාම ජාතා. තෙ වයප්පත්තා තයො වෙදෙ උග්ගණ්හිංසු. තෙසං ජෙට්ඨභාතිකස්ස පඤ්ච මාණවකසතානි පරිවාරො අහොසි, මජ්ඣිමස්ස තීණි, කනිට්ඨස්ස ද්වෙ. තෙ අත්තනො ගන්ථෙ සාරං ඔලොකෙන්තා දිට්ඨධම්මිකමෙව පස්සිංසු, න සම්පරායිකං. අථ නෙසං ජෙට්ඨභාතා අත්තනො පරිවාරෙන සද්ධිං උරුවෙලං ගන්ත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා උරුවෙලකස්සපො නාම ජාතො, මහාගඞ්ගානදීවඞ්කෙ පබ්බජිතො නදීකස්සපො නාම ජාතො, ගයාසීසෙ පබ්බජිතො ගයාකස්සපො නාම ජාතො.
ඒ රජකුමරුවෝ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේට පෙරටුවම බමුණුකුලයක ඉපිද තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවාහුය. වියපත් ඔවුහු ත්‍රිවේදයන් උගත්තාහුය. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවරවූහ. මැඳුම් බෑයාට තුන්සියයකි. කනිටු බෑයාට දෙසියයකි. ඔවුහු තමන්ගේ ග්රන්ථයෙහි හරය බලන්නාහු ඉහාත්මයෙහිම බැලුවාහුය. පරලොව අයත් දෙය නොබැලුවාහුය. ඉක්බිති ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිපර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නම් වූයේය. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වූයේය. ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්තේ ගයා කස්සප නම්විය.
එවං තෙසු ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා තත්ථ වසන්තෙසු බහූනං දිවසානං අච්චයෙන අම්හාකං බොධිසත්තො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පටිවිද්ධසබ්බඤ්ඤුතඤ්ඤාණො අනුක්කමෙන ධම්මචක්කං පවත්තෙත්වා පඤ්චවග්ගියෙ ථෙරෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා යසදාරකප්පමුඛෙ පඤ්චපඤ්ඤාස සහායකෙපි විනෙත්වා සට්ඨි අරහන්තෙ “චරථ, භික්ඛවෙ, චාරික”න්ති බහුජනහිතාය චාරිකං පෙසෙත්වා භද්දවග්ගියෙ විනෙත්වා උරුවෙලකස්සපස්ස හෙතුං දිස්වා “මයි ගතෙ තයො භාතිකා සපරිවාරා අරහත්තං පාපුණිස්සන්තී”ති ඤත්වා එකකො අදුතියො උරුවෙලකස්සපස්ස වසනට්ඨානං ගන්ත්වා වසනත්ථාය අග්යාගාරං යාචිත්වා තත්ථ කතං නාගදමනං ආදිං කත්වා අඩ්ඪුඩ්ඪසහස්සෙහි පාටිහාරියෙහි උරුවෙලකස්සපං සපරිවාරං විනෙත්වා පබ්බාජෙසි. තස්ස පබ්බජිතභාවං ඤත්වා ඉතරෙපි ද්වෙ භාතරො සපරිවාරා ආගන්ත්වා පබ්බජිංසු, සබ්බෙපි එහිභික්ඛූ ඉද්ධිමයපත්තචීවරධරා අහෙසුං.
මෙසේ ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදිව එහි වසන කල්හි බොහෝ දිනකට පසුව අපගේ බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්මලද සර්වඥතාඥාන ඇත්තාහු අනුපිළිවෙළින් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත්බවෙහි පිහිටුවා යසදාරකයන් ප්‍රමුඛවූ පස්පණස් යහළුවන්ද හික්මවා රහතුන් සැටනම ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව සඳහා චාරිකාවෙහි හැසිරෙවුයයි යවා භද්‍රවර්ගීයයන් හික්මවා උරුවෙල් කසුප්ගේ හේතුව දැක ‘මා ගිය කල්හි දහසක් පිරිවර ඇති තුන්බෑයන් රහත්බවට පැමිණෙති’යි දැන හුදෙකලාව දෙවැන්නකු නොමැතිව උරුවෙල් කසුප් වසනතැනට ගොස් විසීම සඳහා ගිනිහල්ගෙය ඉල්වා එහිදී කරනලද නාගදමනය ආදිකොට ඇති ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් පිරිස් සහිත උරුවේල කාශ්‍යප හික්මවා පැවිදි කරවූයේය. ඔහු පැවිදිවූ බව දැන පිරිස් සහිත සෙසු දෙබෑයෝද අවුත් පැවිදිවූහ. සියල්ලෝම සෘද්ධිමය පාත්‍රචීවරධාරී එහිභික්‍ෂූහු වූහ.
සත්ථා තං සමණසහස්සං ආදාය ගයාසීසං ගන්ත්වා පිට්ඨිපාසාණෙ නිසින්නො “කථංරූපා නු ඛො එතෙසං ධම්මදෙසනා සප්පායා”ති ඔලොකෙන්තො “ඉමෙ අග්ගිං පරිචරන්තා විචරිංසු, ඉමෙසං තයො භවෙ ආදිත්තාගාරසදිසෙ කත්වා දස්සෙතුං වට්ටතී”ති ආදිත්තපරියායසුත්තං (මහාව· 54) දෙසෙසි. දෙසනාපරියොසානෙ සබ්බෙව අරහත්තං පත්තා. සත්ථා තෙහි පරිවුතො පුබ්බෙ බිම්බිසාරරඤ්ඤො දින්නපටිඤ්ඤත්තා රාජගහනගරෙ ලට්ඨිවනුය්යානං අගමාසි. රාජා දසබලස්ස ආගතභාවං සුත්වා ද්වාදසනහුතෙහි බ්රාහ්මණගහපතිකෙහි සද්ධිං සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා සබ්බාවන්තං පරිසං ඔලොකෙත්වා මහාජනං උරුවෙලකස්සපස්ස නිපච්චකාරං කරොන්තං දිස්වා “ඉමෙ මය්හං වා කස්සපස්ස වා මහන්තභාවං න ජානන්ති, සවිතක්කා ච නාම දෙසනං සම්පටිච්ඡිතුං න සක්කොන්තී”ති චින්තෙත්වා, “කස්සප, තුය්හං උපට්ඨාකානං විතක්කං ඡින්දා”ති ථෙරස්ස සඤ්ඤං අදාසි. ථෙරො සත්ථු වචනං සම්පටිච්ඡිත්වා උට්ඨායාසනා සත්ථාරං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා තාලප්පමාණං ආකාසං උප්පතිත්වා ඉද්ධිවිකුබ්බනං දස්සෙත්වා “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මි, සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති වත්වා ඔරුය්හ දසබලස්ස පාදෙ වන්දි. එතෙනුපායෙන සත්තමෙ වාරෙ සත්තතාලප්පමාණං ආකාසං අබ්භුග්ගන්ත්වා පුන ආගන්ත්වා දසබලස්ස පාදෙ වන්දිත්වා එකමන්තං නිසීදි.
ශාස්තෘන්වහන්සේ ඒ මහණුන් දහසගෙන ගයා ශීර්ෂයට ගොස් සමතලා ගලක්මත වැඩහුන්සේක් මොවුනට කවරනම්වූ ධර්ම දේශනයක් ගැලපේදැයයි බලන්නාහු ‘මොවුහු ගිනි දෙවියන් පුදමින් හැසිරුනාහුය. මොවුනට භවත්‍රය ගිනිගෙයක් සමාන කොට දැක්වීමට වටීය’යි ආදිත්තපරියාය සූත්‍රය දෙසූසේක. දෙසුම කෙළවර සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් විසින් පිරිවරණලද්දාහු පෙරදීම බිම්සර රජුට දුන් පිළිණ ඇති බැවින් රජගහනුවර ලට්ඨිවනොද්‍යානයට වැඩිසේක. රජතෙමේ බුදුන්වහන්සේ වැඩිබව අසා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමඟ ශාස්තෘන් වෙත එළඹ වැඳ එකන්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ සියල්ලන් ඇතුළත්වූ පිරිස දෙස බලනසේක් මහජනයා උරුවෙල් කසුප්ට ගරුකරනු දැක මොවුහු මගේ හෝ කසුප්ගේ මහත්බව නොදනිති. සැක ඇත්තෝ නම් දේශනාව වටහා ගැනීමට නොහැක්කෝ වෙතියි සිතා කාශ්‍යපය, නුඹේ උපස්ථායකයන්ගේ සැකය සිඳුවයි තෙරුන්ට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේට පසඟ පිහිටුවීමෙන් වැඳ තල්ගසක් පමණවූ අහසට පැන නැඟස සෘද්ධිවිකුර්වණයන් දක්වා ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෲය. මම ශ්රාවකයා වෙමි’යි කියා බැස බුදුන්වහන්සේගේ පාවැන්දාහ. මේ ක්‍රමයෙන් සත්වැනි වාරයෙහි තල්ගස්සතක් පමණ අහසට නැඟ යළි අවුත් බුදුන්වහන්සේගේ පා නමැඳ එකත්පසෙක හුන්හ.
තස්මිං කාලෙ මහාජනො “අයං ලොකෙ මහාසමණො”ති සත්ථරි නිබ්බිතක්කො ජාතො, අථස්ස සත්ථා ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ රාජා එකාදසනහුතෙහි බ්රාහ්මණගහපතිකෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨිතො, එකනහුතං උපාසකත්තං පටිවෙදෙසි. තෙපි උරුවෙලකස්සපස්ස පරිවාරා සහස්සමත්තා භික්ඛූ අත්තනො ආසෙවනවසෙන චින්තෙසුං – “අම්හාකං පබ්බජිතකිච්චං මත්ථකං පත්තං, බහි ගන්ත්වා කිං කරිස්සාමා”ති උරුවෙලකස්සපත්ථෙරංයෙව පරිවාරෙත්වා විචරිංසු. තෙසු එකෙකස්මිං එකෙකං නිස්සිතකං ගණ්හන්තෙ ද්වෙ සහස්සානි හොන්ති, ද්වෙ ද්වෙ ගණ්හන්තෙ තීණි සහස්සානි හොන්ති. තතො පට්ඨාය යත්තකා තෙසං නිස්සිතකා, තත්තකෙ කථෙතුං වට්ටතීති. ඉදමෙත්ථ වත්ථු. අපරභාගෙ පන සත්ථා ජෙතවනෙ විහරන්තො ථෙරං මහාපරිසානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
එකල්හි මහජනයා මෙතෙම ලෝකයෙහි මහාශුමණයයා ශාස්තෘන්වහන්සේ කෙරෙහි නිසැක ඇත්තේවිය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසූසේක. දෙසුම කෙළෙවර රජතෙමේ එකොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසකබව ප්‍රකාශ කළේය. ඒ උරුවෙල් කසුප්ගේ දහසක් පමණවූ පිරිවර භික්ෂූහු තමන්ගේ පුරුදුකිරීම් වශයෙන් සිතුවාහුය: ‘අපගේ පැවිදිකිස මුදුන්පත් විය. පිටත ගොස් කුමක් කරන්නෙමුදැ’යි උරුවෙල් කසුප් තෙරුන්ම පිරිවරා හැසුරුණාහුය. ඔවුන් එකිනෙකා එක් එක් ආශ්‍රය කරන්නෙකු ගත්කල්හි දෙදෙහසෙකි. දෙදෙනෙකු බැගින් ගන්නා කල්හි තුන්දහසක් වේයයි මෙතැන් පටන් ඔවුන් ඇසුරු කරන්නාහු යම් පමණවෙත්ද එපමණක් කීමට වටීය යනු මේ මෙහි කථාවස්තුවයි. මෑත කාලයෙහි වනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසයකරනසේක් තෙරුන්වහන්සේ මහපිරිස් ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
කාළුදායිත්ථෙරවත්ථු
කාළුදායී තෙරණුවෝ
තතියෙ කුලප්පසාදකානන්ති කුලං පසාදෙන්තානං. අයං හි ථෙරො අදිට්ඨබුද්ධදස්සනංයෙව සුද්ධොදනමහාරාජස්ස නිවෙසනං පසාදෙසි, තස්මා කුලප්පසාදකානං අග්ගො නාම ජාතො.
තුන්වැන්නෙහි කුලප්පසාදකානං යනු කුලපහදන්නවුන් අතුරින්ය. මේ තෙරණුවෝ නුදුටු බුදුන් දැකීම් ඇති සුදොවුන් මහරජුගේ නිවෙස්න පැහැදවූහ. එබැවින් කුලපහදන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තො සත්ථු ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං කුලප්පසාදකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං බොධිසත්තස්ස මාතුකුච්ඡියං පටිසන්ධිග්ගහණදිවසෙ කපිලවත්ථුස්මිංයෙව අමච්චගෙහෙ පටිසන්ධිං ගණ්හි. ජාතදිවසෙ බොධිසත්තෙන සද්ධිංයෙව ජාතොති තංදිවසංයෙව තං දුකූලචුම්බුටකෙ නිපජ්ජාපෙත්වා බොධිසත්තස්ස උපට්ඨානත්ථාය නයිංසු. බොධිසත්තෙන හි සද්ධිං බොධිරුක්ඛො රාහුලමාතා චතස්සො නිධිකුම්භියො ආරොහනියහත්ථී කණ්ඩකො ඡන්නො කාළුදායීති ඉමෙ සත්ත එකදිවසෙ ජාතත්තා සහජාතා නාම අහෙසුං. අථස්ස නාමග්ගහණදිවසෙ සකලනගරස්ස උදග්ගචිත්තදිවසෙ ජාතොති උදායීත්වෙව නාමං අකංසු. ථොකං කාළධාතුකත්තා පන කාළුදායී නාම ජාතො. සො බොධිසත්තෙන සද්ධිං කුමාරකීළං කීළන්තො වුද්ධිං අගමාසි.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේ පියුමුතුරා බුදුන්කල හංසවතී නුවර කලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ දම් දෙසුම අසමින් එක් භික්ෂුවක කුලපහදවන්නවුන් අතුරෙන් අගතැන්හි තබන්නාවූ බුදුරජාණන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ අපගේ බෝසතුන් මවුකුස පිළිසිඳ ගන්නා දිනයෙහි කිඹුල්වතෙහිම ඇමති ගෙයක පිළිසිඳ ගත්තේය. උපන් දිනයෙහි බෝසතුන් සමඟම උපන්නේයයි එදිනම ඔහු දුහුල් ආධාරකයක හොවා බෝසතුනට උවටැන් සඳහා යැවූහ. බෝසතුන් සමඟ බෝරුක, රහල්මව, සිවුමහ නිදන්සැළි, නැඟයායුතු ඇත, කන්ථක අසු, ඡන්න හා කාළුදායී යන මේ සත එක් දිනෙක උපන් බැවින් එකට උපන්නාහු නම් වූවාහුය. ඉක්බිති ඔහුට නම්දෙන දිනයෙහි සියලු නුවරුන්ගේ සතුටුසිත් ඇති දිනයෙහි උපන්නේයයි උදායී යනුවෙන් නම් කළාහුය. මඳක් කළුස්වභාවය ඇති බැවින් කාළුදායී නම් වූයේය. හෙතෙම බෝසතුන් සමඟ කුමරකෙළි කෙළින්නේ වැඩිවියට පැමිණියේය.
අපරභාගෙ බොධිසත්තො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා අනුක්කමෙන සබ්බඤ්ඤුතං පත්වා පවත්තිතවරධම්මචක්කො ලොකානුග්ගහං කරොන්තො රාජගහං උපනිස්සාය විහරති. තස්මිං සමයෙ සුද්ධොදනමහාරාජා “සිද්ධත්ථකුමාරො අභිසම්බොධිං පත්වා රාජගහං උපනිස්සාය වෙළුවනෙ විහරතී”ති සුත්වා පුරිසසහස්සපරිවාරං එකං අමච්චං “පුත්තං මෙ ඉධ ආනෙහී”ති පෙසෙසි. සො සට්ඨියොජනමග්ගං ගන්ත්වා දසබලස්ස චතුපරිසමජ්ඣෙ නිසීදිත්වා ධම්මදෙසනාවෙලාය විහාරං පාවිසි. සො “තිට්ඨතු තාව රඤ්ඤා පහිතසාසන”න්ති පරිසපරියන්තෙ ඨිතො සත්ථු ධම්මදෙසනං සුත්වා යථාඨිතොව සද්ධිං පුරිසසහස්සෙහි අරහත්තං පාපුණි. අථ නෙසං සත්ථා “එථ භික්ඛවො”ති හත්ථං පසාරෙසි, සබ්බෙ තංඛණංයෙව ඉද්ධිමයපත්තචීවරධරා වස්සසට්ඨිකත්ථෙරා විය අහෙසුං. අරහත්තං පත්තකාලතො පට්ඨාය පන අරියා නාම මජ්ඣත්තාව හොන්තීති රඤ්ඤා පහිතසාසනං දසබලස්ස න කථෙසි. රාජා “නෙව ගතො ආගච්ඡති, න සාසනං සුය්යතී”ති “එහි, තාත, ත්වං ගච්ඡා”ති තෙනෙව නියාමෙන අඤ්ඤං අමච්චං පෙසෙසි. සොපි ගන්ත්වා පුරිමනයෙනෙව සද්ධිං පරිසාය අරහත්තං පත්වා තුණ්හී අහොසි. එවං නවහි අමච්චෙහි සද්ධිං නව පුරිසසහස්සානි පෙසෙසි. සබ්බෙ අත්තනො කිච්චං නිට්ඨාපෙත්වා තුණ්හී අහෙසුං.
මෑතකාලයහි බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්ම අනු පිළිවෙළින් සර්වඥතාඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකානුග්‍රහය කරමින් රජගහනුවර ඇසුරුකොට වසනසේක. එසමයෙහි සුදොවුන් මහරජතෙමේ, ‘සිදුහත් කුමරු අභිසම්බෝධියට පත්ව රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වාසය කරති’යි අසා පුරුෂයින් දහසක් පිරිවර කොට ඇති එක් ඇමතියකු මගේ පුතු මෙහි ගෙන එව’යි යැවීය. හෙතෙම සැටයොදුන් මගගොස් බුදුන්වහන්සේගේ සිවුපිරිස මැඳ හිඳ දහම් දෙසන වේලෙහි විහාරයට පිවිසියේය. හෙතෙම රජු එවූ හසුන තිබියේවායි (සිතා) පිරිස් කෙළවරෙහි සිටියේ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා සිටි ලෙසින්ම පුරුෂයන් දහස සමඟ රහත්බවට පැමිණියේය. ඉක්බිති ඔවුන්ට ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණෙනි’යි අත දිගු කළ සේක. සියල්ලෝ එකෙණෙහිම සෘද්ධිමය පාත්‍රචීවර දරන්නාවූ වස්සියයක් ගිය තෙරවරුන් මෙන් වූවාහුය. රහත්බවට පත් කල් පටන් ආර්‍ය්‍යයෝ නම් මධ්‍යස්ථ වූවෝම වෙතියි රජු යැවූ හසුන බුදුන්වහන්සේට සැළ නොකළෝය. රජතෙමේ ‘ගියාහු නොඑන්නොමය. හසුනකුදු නොඅසනු ලැබේ’යයි ‘එව. දරුව නුඹ යව’යි ඒ අයුරින්ම වෙනත් ඇමතිවරයකු යැවීය. හෙතෙමේත් ගොස් මුල් අයුරින්ම පිරිස සමඟ රහත් බවට පත්ව නිහඬ වූයේය. මෙසේ ඇමතියන් නව දෙනකු සමඟ නවදහසක් මිනිසුන් යැවීය. සියල්ලෝ තමන්ගේ කටයුතු නිමවා නිහඬ වූවාහුය.
අථ රාජා චින්තෙසි – “එත්තකා ජනා මයි සිනෙහාභාවෙන දසබලස්ස ඉධාගමනත්ථාය න කිඤ්චි කථයිංසු, අඤ්ඤෙ ගන්ත්වාපි දසබලං ආනෙතුං න සක්ඛිස්සන්ති. මය්හං ඛො පන පුත්තො උදායී දසබලෙන සද්ධිං එකවයො සහපංසුකීළිකො, මයි චස්ස සිනෙහො අත්ථී”ති කාළුදායිං පක්කොසාපෙත්වා, “තාත, පුරිසසහස්සපරිවාරො ගන්ත්වා දසබලං ආනෙහී”ති ආහ. පඨමං ගතපුරිසා විය පබ්බජිතුං ලභන්තො ආනෙස්සාමි, දෙවාති. යංකිඤ්චි කත්වා මම පුත්තං දස්සෙහීති. “සාධු, දෙවා”ති රඤ්ඤො සාසනං ආදාය රාජගහං ගන්ත්වා සත්ථු ධම්මදෙසනාවෙලාය පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුත්වා සපරිවාරො අරහත්තඵලං පත්වා එහිභික්ඛුභාවෙ පතිට්ඨාසි. තතො චින්තෙසි – “න තාව දසබලස්ස කුලනගරං ගන්තුං එස කාලො, වසන්තසමයෙ සුපුප්ඵිතෙසු වනසණ්ඩෙසු හරිතතිණසඤ්ඡන්නාය පථවියා එස කාලො භවිස්සතී”ති කාලං පටිමානෙන්තො තස්ස කාලස්ස ආගතභාවං ඤත්වා –
ඉක්බිති රජතෙමේ මෙසේ සිතුවේය: මෙපමණ ජනයෝ මා කෙරෙහි සෙනෙහසක් නොමැති බැවින් බුදුන් වහන්සේට මෙහි පැමිණීම සඳහා කිසිවක් නොකීවාහුය. අන් අය ගොස්ද දශබලයන්වහන්සේ ගෙන්වා ගැනීමට නොහැකි වෙත්, මගේ පුත් උදායි දශබලයන් සමඟ එකම වයස් ඇත්තෙකි. වැළි කෙළෙයෙහි පටන් මා කෙරෙහිද මොහුගේ ස්නේහයක් ඇතැයි කාළුදායී කැඳවා ‘දරුව, පුරුෂයින් දහසක් පිරිවර ඇතිව ගොස් දශබලයන්වහන්සේ වැඩමවාගෙන එව’යි කීවේය. පළමුව ගිය පුරුෂයින් මෙන් පැවිදිවීමට ලබන්නේ ගෙනෙන්නෙමි දේවයිනි’යි (හෙතෙම පැවසීය) ‘යම් කිසිවක්කොට මගේ පුතු දක්වව’යි (රජතෙමේ කීවේය) ‘මැනවි දේවයිනි’යි රජුගේ හසුන ගෙන රජගහ නුවරට ගොස් ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනා වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිත වූයේ රහත් පලයට පත්ව ඒහි භික්ෂු භාවයෙහි පිහිටියේය. ඉක්බිති (හෙතෙම) සිතීය: දශබලයන්වහන්සේට කුලනගරයට යාමට මේ තවම කාලය නොවේ. වසන්ත සමයෙහි සුපිපි වන ලැහැබ් ඇති විට පොළොව නිල් තණින් ගැවසුණ විට ඒ සුදුසු කාලය වන්නේයයි කල් බලමින් ඒ කාලය ආ බව දැන,
“නාතිසීතං නාතිඋණ්හං, නාතිදුබ්භික්ඛඡාතකං; සද්දලා හරිතා භූමි, එස කාලො මහාමුනී”ති. –
‘දැඩිසීත නැත. දැඩි උණුසුම නැත. දැඩි ආහාර හිඟය හා දැඩි කුසගින්න නැත. පොළොව ළදල්ලෙන් නිල්වන්ය. මහමුනි උතුමාණෙනි, මේ (ඔබට) සුදුසු කාලයයි.’
සට්ඨිමත්තාහි ගාථාහි දසබලස්ස කුලනගරං ගමනත්ථාය ගමනවණ්ණං වණ්ණෙසි. සත්ථා “උදායී ගමනවණ්ණං කථෙති, කපිලවත්ථුනගරං ගන්තුං එස කාලො”ති වීසතිසහස්සභික්ඛුපරිවාරො අතුරිතගමනෙන චාරිකං නික්ඛමි.
සැටක් පමණවූ ගාථාවන්ගෙන් දශබලයන්වහන්සේට කුලනගරයට යාම සඳහා ගමන් වැණුම කළේය. ශාස්තෘන්වහන්සේ, ‘උදායි ගමන් වැණුම කියයි. කිඹුල්වත් නුවරට යාමට මේ කාලයයි’යි විසිදහසක් භික්ෂූ පිරිවර ඇත්තාහු මඳ ගමනින් චාරිකාවෙහි නික්මුණුසේක.
උදායිත්ථෙරො සත්ථු නික්ඛන්තභාවං ඤත්වා “පිතු මහාරාජස්ස සඤ්ඤං දාතුං වට්ටතී”ති වෙහාසං අබ්භුග්ගන්ත්වා රඤ්ඤො නිවෙසනෙ පාතුරහොසි. සුද්ධොදනමහාරාජා ථෙරං දිස්වා තුට්ඨචිත්තො මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා අත්තනො පටියාදිතස්ස නානග්ගරසභොජනස්ස පත්තං පූරෙත්වා අදාසි. ථෙරො උට්ඨාය ගමනාකප්පං දස්සෙසි. නිසීදිත්වාව භුඤ්ජ, තාතාති. සත්ථු සන්තිකං ගන්ත්වා භුඤ්ජිස්සාමි, මහාරාජාති. කහං පන, තාත, සත්ථාති? වීසතිසහස්සභික්ඛුපරිවාරො තුම්හාකං දස්සනත්ථාය චාරිකං නික්ඛන්තො, මහාරාජාති. තුම්හෙ ඉමං පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා යාව මම පුත්තො ඉමං නගරං සම්පාපුණාති, තාවස්ස ඉතොව පිණ්ඩපාතං හරථාති. ථෙරො භත්තකිච්චං කත්වා දසබලස්ස ආහරිතබ්බං භත්තං ගහෙත්වා ධම්මකථං කථෙත්වා දසබලස්ස අදස්සනෙනෙව සකලරාජනිවෙසනං සද්ධාපටිලාභං ලභාපෙත්වා සබ්බෙසං පස්සන්තානඤ්ඤෙව පත්තං ආකාසෙ විස්සජ්ජෙත්වා සයම්පි වෙහාසං අබ්භුග්ගන්ත්වා පිණ්ඩපාතං ආදාය සත්ථු හත්ථෙ ඨපෙසි, සත්ථා තං පිණ්ඩපාතං පරිභුඤ්ජි. ථෙරො සට්ඨියොජනමග්ගං යොජනපරමං ගච්ඡන්තස්ස සත්ථුනො දිවසෙ දිවසෙ රාජගෙහතො භත්තං ආහරිත්වා අදාසි. එවං වත්ථු වෙදිතබ්බං. අථ අපරභාගෙ සත්ථා “මය්හං පිතු මහාරාජස්ස සකලනිවෙසනං පසාදෙසී”ති ථෙරං කුලප්පසාදකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
උදායි තෙරණුවෝ බුදුන් නික්මුණු බව දැන පියමහරජුට සංඥාවක් දීමට වටීයයි අහසට පැන නැඟී රජුගේ නිවෙසෙහි පහළවූහ. සුදොවුන් මහරජතෙමේ තෙරුන් දැක තුටුසිත් ඇත්තේ මාහැඟි පළඟක වඩා හිඳුවා තමන්ට පිළියෙළ කරනලද නොයෙක් අග්‍රරස සහිත භෝජනයෙන් පාත්‍රය පුරවා දුන්නේය. තෙරණුවෝ නැඟිට යනසැටියක් පෙන්වූහ. හිඳගෙනම වළඳව දරුව’යි රජ කීවේය. ‘මහරජ, ශාස්තෘන් සමීපයටම ගොස් වළඳන්නෙමි’ ‘දරුව, ශාස්තෘන්වහන්සේ කොහිද?’ ‘මහරජ, විසිදහසක් භික්ෂු පිරිවර ඇත්තාහු නුඹ දැකීම සඳහා චාරිකාවෙහි නික්මුණු සේක!’ ‘නුඹ වහන්සේ මේ පිණ්ඩපාතය වළඳා යම්විටෙක මගේ පුතා මේ නගරයට සැපැමිණෙයිද එවිට ඔහුට මෙයින්ම පිණ්ඩපාතය ගෙන යනු මැනව.’ තෙරණුවෝ බත්කිසකොට බුදුන්වහන්සේට ගෙනයායුතු බත ගෙන දහම්කතා කියා බුදුන්වහන්සේ නොදැකීමෙන්ම සියලු රජනිවෙසට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාදී සියල්ලන් බලා සිටියදීම පාත්‍රය අහසෙහි මුදාහැර තෙමේත් අහසට පැන නැගී පිණ්ඩපාතය රැගෙන බුදුන්වහන්සේගේ අතෙහි තැබූහ. ශාස්තෘන්වහන්සේ එම පිණ්ඩපාතය වැළදූසේක. තෙරණුවෝ සැටයොදුන් මග යොදුනක් පරම කොට වඩින්නාවූ ශාස්තෘන්වහන්සේට දිනපතා රජ මැදුරෙන් බත් ගෙනවුත් දුන්හ. මෙසේ කථාවස්තුව දතයුතුය. ඉක්බිති මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ මගේ පිය මහරජුගේ සියලු නිවෙස්න පැහැදවීයයි තෙරුන් කුලපහදන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.