ආනන්දත්ථෙරවත්ථු අට්ඨකථා
ආනන්දත්ථෙරවත්ථු
ආනන්ද තෙරණුවෝ
චතුත්ථස්ස පඨමෙ බහුස්සුතානන්තිආදීසු අඤ්ඤෙපි ථෙරා බහුස්සුතා සතිමන්තා ගතිමන්තා ධිතිමන්තා උපට්ඨාකා ච අත්ථි. අයං පනායස්මා බුද්ධවචනං උග්ගණ්හන්තො දසබලස්ස සාසනෙ භණ්ඩාගාරිකපරියත්තියං ඨත්වා ගණ්හි. තස්මා බහුස්සුතානං අග්ගො නාම ජාතො. ඉමස්සෙව ච ථෙරස්ස බුද්ධවචනං ගහෙත්වා ධාරණකසති අඤ්ඤෙහි ථෙරෙහි බලවතරා අහොසි, තස්මා සතිමන්තානං අග්ගො නාම ජාතො. අයමෙව චායස්මා එකපදෙ ඨත්වා සට්ඨි පදසහස්සානි ගණ්හන්තො සත්ථාරා කථිතනියාමෙනෙව සබ්බපදානි ජානාති, තස්මා ගතිමන්තානං අග්ගො නාම ජාතො. තස්සෙව චායස්මතො බුද්ධවචනං උග්ගණ්හනවීරියං සජ්ඣායනවීරියඤ්ච ධාරණවීරියඤ්ච සත්ථු උපට්ඨානවීරියඤ්ච අඤ්ඤෙහි අසදිසං අහොසි, තස්මා ධිතිමන්තානං අග්ගො නාම ජාතො. තථාගතං උපට්ඨහන්තො චෙස න අඤ්ඤෙසං උපට්ඨාකභික්ඛූනං උපට්ඨානාකාරෙන උපට්ඨහි, අඤ්ඤෙ හි තථාගතං උපට්ඨහන්තා න චිරං උපට්ඨහිංසු, න ච බුද්ධානං මනං ගහෙත්වා උපට්ඨහිංසු. අයං ථෙරො පන උපට්ඨාකට්ඨානං ලද්ධදිවසතො පට්ඨාය ආරද්ධවීරියො හුත්වා තථාගතස්ස මනං ගහෙත්වා උපට්ඨහි. තස්මා උපට්ඨාකානං අග්ගො නාම ජාතො.
සිවුවැන්නෙහි පළමුවෙනි සූත්‍රයෙහි බහුස්සුතානං යනාදියෙහි බහුශ්‍රැතවූ සතිමත්වූ ගතිමත්වූ ධිතිමත්වූ උපස්ථායකවූ අන්‍ය ස්ථවිරවරුද වෙති. මේ ආයුෂ්මතුන්වහන්සේවනාහි බුදුවදන් උගන්නෝ බුද්ධශාසනයෙහි භාණ්ඩාගාරික පර්ය්යාප්තියෙහි සිට ගත්හ. එහෙයින් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රනම්වූහ. මේ තෙරුන්ගේ බුද්ධවචනය ගෙන ධාරණය කරගැනීමේ ස්මෘතිය අන්තෙරුනට වඩා බලවත්වූයේය. එහෙයින් සතිමන්තයන් අතුරින් අග්‍රනම්වූහ. මේ ආයුෂ්මතුන්වහන්සේම එක් පදයක සිට පද සැටදහසක් ගන්නාහු ශාස්තෘන්වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම සියලු පදයන් දනිත්, එබැවින් ගතිමන්තයන් අතුරෙන් අග්‍රනම් වූහ. මේ ආයුෂ්මතුන් වහන්සේගේ බුද්ධවචනය උගෙනීමේ වීර්‍ය්‍යය, සජ්ක්ධායනය කිරීමේ වීර්‍ය්‍යය, ධාරණය කරගැනීමේ වීර්‍ය්‍යය හා ශාස්තෘන්වහන්සේට උපස්ථාන කිරීමේ වීර්‍ය්‍යයද අන්‍යයන් හා අසමානවූයේ එහෙයින් ධිතිමන්තයන් අතුරෙන් අග්‍රනම්වූහ. තථාගතයන්වහන්සේට උපස්ථාන කරන මුන්වහන්සේ අනෙක් උපස්ථායක භික්ෂූන් උවටැනි කරන ආකාරයෙන් උවටැන් නොකළහ. තථාගතයන්වහ්නසේට උපස්ථාන කරන අන්‍යයෝ බොහෝ කලක් උපස්ථාන නොකළාහුය. බුදුන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන නොකළාහුය. තෙරණුවෝ වනාහි උපස්ථායක තනතුරලද දිනයෙහි පටන් ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තෝම තථාගතයන්වහන්සේගේ සිත්ගෙන උපස්ථාන කළහ. එබැවින් උපස්ථායකයන් අතුරෙන් අග්‍රනම්වූහ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – ඉතො කිර සතසහස්සමත්ථකෙ කප්පෙ පදුමුත්තරො නාම සත්ථා ලොකෙ උප්පජ්ජි. තස්ස හංසවතී නාම නගරං අහොසි, නන්දො නාම රාජා පිතා, සුමෙධා නාම දෙවී මාතා, බොධිසත්තො උත්තරකුමාරො නාම අහොසි. සො පුත්තස්ස ජාතදිවසෙ මහාභිනික්ඛමනං නික්ඛම්ම පබ්බජිත්වා පධානමනුයුත්තො අනුක්කමෙන සබ්බඤ්ඤුතං පත්වා “අනෙකජාතිසංසාර”න්ති උදානං උදානෙත්වා සත්තාහං බොධිපල්ලඞ්කෙ වීතිනාමෙත්වා “පථවියං ඨපෙස්සාමී”ති පාදං අභිනීහරි. අථ පථවිං භින්දිත්වා හෙට්ඨා වුත්තප්පමාණං පදුමං උට්ඨාසි. තදුපාදාය භගවා පදුමුත්තරොතෙව පඤ්ඤායිත්ථ. තස්ස දෙවලො ච සුජාතො ච ද්වෙ අග්ගසාවකා අහෙසුං, අමිතා ච අසමා ච ද්වෙ අග්ගසාවිකා, සුමනො නාම උපට්ඨාකො. පදුමුත්තරො භගවා පිතු සඞ්ගහං කුරුමානො භික්ඛුසතසහස්සපරිවාරො හංසවතියා රාජධානියා වසති.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි පදුමුත්තර නම් ශාස්තෘන්වහන්සේ ලොව පහළවූසේක. උන්වහන්සේට හංසවතී නම් නුවරක් වූයේය. නන්ද නම් රජතෙමේ පියා වූයේය. සුමෙධා නම් දේවිය මව වූවාය. බෝසත් තෙමේ උත්තරකුමාර නම් වූයේය. හෙතෙම පුතෙකු උපන් දිනයෙහි මහබිනික්මන්කොට පැවිදිව කෙළෙස් තැවීමෙහි යෙදුණේ ක්‍රමයෙන් සර්වඥතාඥානයට පත්ව අනෙකජාතිසංසාරං’යි උදන් අනා සත්දිනක් බෝමැඩ ගෙවා පොළොවෙහි තබන්නෙමැයි පය එළවීය. ඉක්බිති පොළොව බිඳී යට කියනලද ප්‍රමාණ ඇති පියුමක් නැඟී සිටියේය. එය හේතකොටගෙන භාග්‍යවතුන්වහන්සේ පදුමුත්තර යනුවෙන් ප්‍රකටවූසේක. උන්වහන්සේට දේවාලය සුමෙධයයි අගසව් දෙනමක් වූහ. අමිතා අසමා යනුවෙන් අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක්වූහ. උපස්ථායක තෙමේ සුමන නම්වූයේයි. පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පිතෘසංග්‍රහය කරමින් භික්ෂූන් ලක්ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී රාජධානියෙහි වසනසේක.
කනිට්ඨභාතා පනස්ස සුමනකුමාරො නාම. තස්ස රාජා හංසවතිතො වීසයොජනසතෙ භොගගාමං අදාසි. සො කදාචි කදාචි ආගන්ත්වා පිතරඤ්ච සත්ථාරඤ්ච පස්සති. අථෙකදිවසං පච්චන්තො කුපිතො සුමනො රඤ්ඤො පෙසෙසි. රාජා “ත්වං මයා තත්ථ කස්මා ඨපිතො”ති පටිපෙසෙසි. සො චොරෙ වූපසමෙත්වා “උපසන්තො, දෙව, ජනපදො”ති රඤ්ඤො පෙසෙසි. රාජා තුට්ඨො “සීඝං මම පුත්තො ආගච්ඡතූ”ති ආහ. තස්ස සහස්සමත්තා අමච්චා හොන්ති. සො තෙහි සද්ධිං අන්තරාමග්ගෙ මන්තෙසි – “මය්හං පිතා තුට්ඨො සචෙ මෙ වරං දෙති, කිං ගණ්හාමී”ති? අථ නං එකච්චෙ “හත්ථිං ගණ්හථ, අස්සං ගණ්හථ, ජනපදං ගණ්හථ, සත්ත රතනානි ගණ්හථා”ති ආහංසු. අපරෙ “තුම්හෙ පථවිස්සරස්ස පුත්තා, න තුම්හාකං ධනං දුල්ලභං, ලද්ධම්පි චෙතං සබ්බං පහාය ගමනීයං, පුඤ්ඤමෙව එකං ආදාය ගමනීයං. තස්මා දෙවෙ වරං දදමානෙ තෙමාසං පදුමුත්තරභගවන්තං උපට්ඨාතුං වරං ගණ්හථා”ති ආහංසු. සො “තුම්හෙ මය්හං කල්යාණමිත්තා, න මෙතං චිත්තං අත්ථි, තුම්හෙහි පන උප්පාදිතං, එවං කරිස්සාමී”ති ගන්ත්වා පිතරං වන්දිත්වා පිතරා ආලිඞ්ගෙත්වා මත්ථකෙ චුම්බෙත්වා “වරං තෙ පුත්ත දෙමී”ති වුත්තෙ “ඉච්ඡාමහං, මහාරාජ, භගවන්තං තෙමාසං චතූහි පච්චයෙහි උපට්ඨහන්තො ජීවිතං අවඤ්ඣං කාතුං, ඉමං මෙ දෙව වරං දෙහී”ති ආහ. න සක්කා, තාත, අඤ්ඤං වරෙහීති. දෙව, ඛත්තියානං නාම ද්වෙ කථා නත්ථි, එතදෙව මෙ වරං දෙහි, න මම අඤ්ඤෙන අත්ථොති. තාත, බුද්ධානං නාම චිත්තං දුජ්ජානං, සචෙ භගවා න ඉච්ඡිස්සති, මයා දින්නෙපි කිං භවිස්සතීති? “සාධු, දෙව, අහං භගවතො චිත්තං ජානිස්සාමී”ති විහාරං ගතො.
උන්වහන්සේගේ කනිටු සොහොයුරා සුමන කුමාර නම්විය. ඔහුට රජතෙමේ හංසවතී නගරයෙන් යොදුන් දෙදහසෙක්හි භොගග්‍රාමයක් දුන්නේය. හෙතෙම යම් යම් විට පැමිණ පියාද බුදුන්වහන්සේද දකියි. එක්දිනක් ප්රත්යන්තය කිපියේයි. සුමන කුමර තෙමේ රජුට (දන්වා) යැවීය. රජ තෙමේ ‘මා විසින් නුඹ එහි කුමක් සඳහා තබලද්දේහිදැ’යි යළි ඔහුට දන්වා යැවීය. හෙතෙම සොරුන් සංසිදුවා ‘දෙවයන්වහන්ස, ජනපදය සංසිඳියේයයි රජුට දන්වා යැවීය. රජතෙමේ සතුටුවූයේ ඉක්මණින් මාගේ පුත්‍රයා පැමිණේවා’යි පැවසීය. ඔහුට දහසක් පමණ අමාතයයෝ වෙති. හෙතෙම ඔවුන් සමඟ අතරමගදී ‘මගේ පියා සතුටුවූයේ වෙයි. ඉදින් මට වරයක් දෙන්නේ නම් කුමක් ගන්නේම්දැ’යි සාකච්ඡා කළේය. ඉක්බිති ඔහුට ඇතැම්හු ඇතෙකු ගනුමැනව, අසකු ගනුමැනව, දනව්වක් ගනු මැනව. සත්රුවන් ගනු මැනවැ’යි කීහ. අන්‍යයෝ, නුඹවහන්සේ පෘථිවීශ්වර (රජු) ගේ පුත්‍රයාය. නුඹවහන්සේට ධනය දුර්ලභ නොවේ. මේ සියල්ල ලැබුවත් අතහැර යායුතුය. පිනිම පමණක් රැගෙන යාතුයුය. එබැවින් රජු වර දෙනකල්හි තෙමසක් පියුමුතුරා බුදුරජාණන්වහන්සේට උවටැන් කිරීමට වරයක් ගනු මැනවයි කීවාහුය. හෙතෙම, ‘නුඹලා මගේ කල්‍යාණමිත්‍රයෝයි. මේ සිත මට නැත නුඹලාවිසින්ම උපදවනලදී. එසේ කරමැ’යි ගොස් පියා වැඳ පියාවිසින් වැළඳ ‘පුත, ඔබට වරයක් දෙමි’යි කීකල්හි, ‘මහරජතුමනි. භාගයවතුන්වහන්සේ තෙමසක් සිවුපසයෙන් උවටැන් කරමින් ජීවිතය නොසිස්වූවක් කිරීමට කැමැත්තෙමි. මේ වරය මට දෙනු මැනවැ’යි කීවේය. ‘දරුව නොහැකිය. අනෙකක් ඉල්වව’ ‘දේවයන් වහන්ස, ක්ෂත්රියයන්ට කථා දෙකක්නම් නැත. මෙයම දෙන්න. මට අනෙකකින් වැඩක් නැත.’ ‘දරුව, බුදුවරුන්ගේ නම් සිත දැනීම දුෂ්කරය. ඉදින් භාග්‍යවතුවහන්සේ නොකැමති වනසේක්නම් මාදුන්කල්හිද කිමෙක් වන්නේද?’ ‘මැනවි, දේවයිනි, මම භාග්‍යවතුන්වහන්සේගේ සිත දන්නෙමැ’යි විහාරයට ගියේය.
තෙන ච සමයෙන භත්තකිච්චං නිට්ඨාපෙත්වා භගවා ගන්ධකුටිං පවිට්ඨො හොති, සො මණ්ඩලමාළෙ සන්නිපතිතානං භික්ඛූනං සන්තිකං අගමාසි. තෙ නං ආහංසු – “රාජපුත්ත, කස්මා ආගතොසී”ති? භගවන්තං දස්සනාය, දස්සෙථ මෙ භගවන්තන්ති. න මයං, රාජපුත්ත, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සත්ථාරං දට්ඨුං ලභාමාති. කො පන, භන්තෙ, ලභතීති? සුමනත්ථෙරො නාම රාජපුත්තාති. සො “කුහිං, භන්තෙ, ථෙරො”ති? ථෙරස්ස නිසින්නට්ඨානං පුච්ඡිත්වා ගන්ත්වා වන්දිත්වා “ඉච්ඡාමහං, භන්තෙ, භගවන්තං පස්සිතුං, දස්සෙථ මෙ භගවන්ත”න්ති ආහ. ථෙරො පස්සන්තස්සෙව රාජකුමාරස්ස ආපොකසිණජ්ඣානං සමාපජ්ජිත්වා මහාපථවිං උදකං අධිට්ඨාය පථවියං නිමුජ්ජිත්වා සත්ථු ගන්ධකුටියංයෙව පාතුරහොසි. අථ නං භගවා “සුමන කස්මා ආගතොසී”ති ආහ. රාජපුත්තො, භන්තෙ, භගවන්තං දස්සනාය ආගතොති. තෙන හි භික්ඛු ආසනං පඤ්ඤාපෙහීති. පුන ථෙරො පස්සන්තස්සෙව රාජකුමාරස්ස බුද්ධාසනං ගහෙත්වා අන්තොගන්ධකුටියං නිමුජ්ජිත්වා බහිපරිවෙණෙ පාතුභවිත්වා පරිවෙණෙ ආසනං පඤ්ඤාපෙසි. රාජකුමාරො ඉමානි ද්වෙ අච්ඡරියාකාරානි දිස්වා “මහන්තො වතායං භික්ඛූ”ති චින්තෙසි.
එවේලෙහි භාග්‍යවතුන්වහන්සේගේ බත්කිස නිමවා ගඳකිළියට පිවිසිසේක්වෙති. හෙතෙම මණ්ඩලමාලයෙහි වැඩ හුන්නාවූ භික්ෂූන්වහන්සේලා සමීපයට ගියේය. උන්වහන්සේලා, ‘රාජපුත්‍රය, කුමක් හෙයින් පැමිණියෙහිදැ’යි ඔහුගෙන් විමසූහ. ‘භාග්‍යවතුන් දැකීම සඳහාය. මට භාග්‍යවතුන්වහන්සේ දක්වනු මැනව’යි කීවේය. ‘රාජපුත්‍රය, අපි කැමති කැමතිවිට ශාස්තෘන්වහන්සේ දැකීමට නොලබමු! ස්වාමීනි, කවරෙක් ලබයිද? රාජපුත්‍රය, සුමන නම් තෙරුන් වහන්සේ. හෙතෙම, ස්වාමීනි, තෙරුන්වහන්සේ කොහිදැ’යි තෙරුන් හුන්තැන අසා ගොස් වැඳ, ‘ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේ දැකීමට කැමැත්තෙමි. මට දක්වනු මැනව’යි කීවේය. තෙරුන්වහන්සේ රජකුමරු බලාසිටියදීම ආපෝකසිණයට සමවැද මහපොළොවෙහි ජලය අධිෂ්ඨාන කොට පොළොව කිමිඳ ශාස්තෘන්වහන්සේගේ ගඳකිළියෙහිම පහළවූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහුගෙන් ‘සුමන, කුමක් නිසා පැමිණියෙහිදැයි ඇසූසේක. ‘ස්වාමීනි, රාජපුත්රතෙමේ භාග්‍යවතුන්වහන්සේ දැක්මට ආයේය’යි කීහ. එසේ වීනම් මහණ, අසුනක් පනවව’යි පැවසූසේක. යළි තෙරුන්වහන්සේ රජකුමරු බලා සිටියදීම බුද්ධාසනය ගෙන ඇතුල් ගඳකිළියෙහි කිමිදී පිටත පිරිවෙණෙහි පහළවී පිරිවෙණෙහි අසුන පැනවූහ. රජ කුමර තෙමේ මේ අසිරිමත් කරුණු දෙක දැක, ‘මේ භික්ෂුව ඒකාන්තයෙන්ම බලවතෙකැ’යි සිතුවේය.
භගවාපි ගන්ධකුටිතො නික්ඛමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. රාජපුත්තො භගවන්තං වන්දිත්වා පටිසන්ථාරං අකාසි. “කදා ආගතොසි රාජපුත්තා”ති වුත්තෙ, “භන්තෙ, තුම්හෙසු ගන්ධකුටිං පවිට්ඨෙසු, භික්ඛූ පන ‘න මයං ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ භගවන්තං දට්ඨුං ලභාමා’ති මං ථෙරස්ස සන්තිකං පාහෙසුං. ථෙරො පන එකවචනෙනෙව දස්සෙති, ථෙරො, භන්තෙ, තුම්හාකං සාසනෙ වල්ලභො මඤ්ඤෙ”ති. ආම රාජකුමාර, වල්ලභො එස භික්ඛු මය්හං සාසනෙති. භන්තෙ, බුද්ධානං සාසනෙ කිං කත්වා වල්ලභා හොන්තීති? දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා කුමාරාති. භගවා අහං ථෙරො විය බුද්ධසාසනෙ වල්ලභො හොතුකාමො, ස්වෙ මය්හං භික්ඛං අධිවාසෙථාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. රාජකුමාරො අත්තනො වසනට්ඨානං ගන්ත්වා සබ්බරත්තිං මහාසක්කාරං සජ්ජෙත්වා සත්ත දිවසානි ඛන්ධාවාරභත්තං නාම අදාසි.
භාග්‍යවතුන්වහන්සේද ගඳකිළියෙන් නික්ම පනවනලද අසුනෙහි හුන්සේක. රජපුත් තෙමේ භාග්‍යවතුන් වැද පිළිසඳර පැවැත්වීය. ‘රාජ පුත්‍රය, කොයි විටෙක පැමිණියෙහිදැ’යි (භාග්‍යවතුන්වහන්සේ ඇසූසේක.) ‘ස්වාමීනි, නුඹවහන්සේ ගඳකිළියට පිවිසිකල්හි අවුත් බික්සඟනට සැළ කෙලෙමි. භික්ෂූහු වනාහි අපි කැමති කැමති විට භාග්‍යවතුන් දක්නට නොලබමුයි (පවසා) මා තෙරුන් වහන්සේ සමීපයට යැවූහ. තෙරුන්වහන්සේ වනාහි එක් වචනයෙන්ම දැක්වූහ ස්වාමීනි, තෙරුන්වහන්සේ නුඹවහන්සේගේ සසුනෙහි වල්ලභයෙකැයි හැඟෙයි’යි පැවසීය. ‘එසේය, රාජකුමාරය, මේ භික්ෂුව මගේ සසුනෙහි වල්ලභයෙකි.’ ‘ස්වාමීනි, බුදුවරුන්ගේ සසුනෙහි කුමක් කොට වල්ලභයෝ වෙත්ද?’ ‘දන්දී සිල් සමාදන්ව පෙහෙවස්කම් කොටය, කුමරුව.’ ‘භාග්‍යවතුන්වහන්ස, මම තෙරුන් මෙන් බුදුසසුනෙහි වල්ලභයෙක් වනු කැමැත්තෙමි. හෙට මගේ භික්ෂාව ඉවසනු මැනවැ’යි කුමරා පැවසීය. භාග්‍යවතුන්වහන්සේ නිහඬ බවින් ඉවසූසේක. රජකුමරුවා තමන් වසන තැනට ගොස් සියලු රැය මහත් සත්කාර පිලියෙළ කොට සත්දිනක් කඳවුරු බත නම් වූවක් දුන්නේය.
සත්තමෙ දිවසෙ සත්ථාරං වන්දිත්වා, භන්තෙ, මයා පිතු සන්තිකා තෙමාසං අන්තොවස්සං තුම්හාකං පටිජග්ගනවරො ලද්ධො, තෙමාසං මෙ වස්සාවාසං අධිවාසෙථාති. භගවා “අත්ථි නු ඛො තත්ථ ගතෙන අත්ථො”ති ඔලොකෙත්වා “අත්ථී”ති දිස්වා “සුඤ්ඤාගාරෙ ඛො, රාජකුමාර, තථාගතා අභිරමන්තී”ති ආහ. කුමාරො “අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා”ති වත්වා “අහං, භන්තෙ, පුරිමතරං ගන්ත්වා විහාරං කාරෙමි, මයා පෙසිතෙ භික්ඛුසතසහස්සෙන සද්ධිං ආගච්ඡථා”ති භගවන්තං පටිඤ්ඤං ගාහාපෙත්වා පිතු සන්තිකං ගන්ත්වා “දින්නා මෙ, දෙව, භගවතා පටිඤ්ඤා, මයා පහිතෙ භගවන්තං පෙසෙය්යථා”ති වත්වා පිතරං වන්දිත්වා නික්ඛමිත්වා යොජනෙ යොජනෙ විහාරං කාරෙන්තො වීසයොජනසතං අද්ධානං ගතො. ගන්ත්වා ච අත්තනො නගරෙ විහාරට්ඨානං විචිනන්තො සොභනනාමස්ස කුටුම්බිකස්ස උය්යානං දිස්වා සතසහස්සෙන කිණිත්වා සතසහස්සං විස්සජ්ජෙත්වා විහාරං කාරෙසි. තත්ථ භගවතො ගන්ධකුටිං සෙසභික්ඛූනඤ්ච රත්තිට්ඨානදිවාට්ඨානත්ථාය කුටිලෙණමණ්ඩපෙ කාරෙත්වා පාකාරපරික්ඛෙපං ද්වාරකොට්ඨකඤ්ච නිට්ඨාපෙත්වා පිතු සන්තිකං පෙසෙසි – “නිට්ඨිතං මය්හං කිච්චං, සත්ථාරං පහිණථා”ති.
සත්වැනි දිනයෙහි ශාස්තෘන්වහන්සේ වැඳ, ‘ස්වාමීනි, මාවිසින් පියා සමීපයෙන් තෙමසක් ඇතුළ්වස නුඹවහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ලබනලදී. තෙමසක් මගේ වස් ආරාධනය ඉවසන සේක්වා’යි කීය. භාග්‍යවතුන්වහන්සේ යාමෙන් වැඩක් ඇත්දැයි බලා ඇතැයි දැක, රජකුමරුට, තථාගතවරු ශුන්‍යාගාරයෙහි කැමති වෙතැයි පැවසූසේක. කුමර තෙමේ, ‘භාග්‍යවතුන්වහන්ස, වැටහිණි. සුගතයන්වහන්ස, වැටහිණි’යි පවසා ස්වාමීනි, මම මුලින්ම ගොස් විහාරයක් කරමි. මා දන්වා එවූ විට භික්ෂූන් ලක්ෂයක් සමඟ වඩිනු මැනව’යි භාග්‍යවතුන්වහන්සේ පිළිණ කරවා ගෙන පියා වෙතට ගොස් ‘දේවයන්වහන්ස, මට භාග්‍යවතුන්වහන්සේ විසින් පිළිණ දෙන ලදී. මා දන්වා එවූ විට භාග්‍යවතුන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි කියා පියා වැඳ නික්ම යොදුනෙහි යොදුනෙහි වෙහෙරක් කරන්නේ යොදන් දෙදහසක් දුර ගියේය, ගොස් තමන්ගේ නුවරෙහි වෙහෙරට තැනක් සොයන්නේ සොහන නම් කෙළෙමියාගේ උයන දැක ලක්ෂයකින් මිළදී ගෙන ලක්ෂවත් වියදම් කොට විහාරයක් කරවීය. එහි භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක්ද සෙසු භික්ෂූන්ට රාත්රිස්ථාන දිවාස්ථාන සඳහා කුටි ලෙන් මණ්ඩපයන් කරවා පවුරු පිරිකෙව් දොර කොටුද නිමවා පියා වෙත ‘මගේ කිස නිමියේය. ශාස්තෘන්වහන්සේ පිටත් කොට එවනු මැනව’යි දන්වා යැවීය.
රාජා භගවන්තං භොජෙත්වා “භගවා සුමනස්ස කිච්චං නිට්ඨිතං, තුම්හාකං ගමනං පච්චාසීසතී”ති ආහ. භගවා භික්ඛුසතසහස්සපරිවුතො යොජනෙ යොජනෙ විහාරෙසු වසමානො අගමාසි. කුමාරො “සත්ථා ආගච්ඡතී”ති සුත්වා යොජනං පච්චුග්ගන්ත්වා ගන්ධමාලාදීහි පූජයමානො විහාරං පවෙසෙත්වා –
රජතෙමේ භාග්‍යවතුන්වහන්සේ වළඳවා ‘භාගයවතුන්වහන්ස, සුමනගේ කටයුතු නිමියේය. නුඹවහන්සේගේ වැඩීම බලාපොරොත්තු වන්නෙයයි පැවසීය. භාග්‍යවතුන්වහන්සේ ලක්ෂයක් භික්ෂූන් පිරිවරණලදසේක් යොදුනෙක් යොදුනෙක්හිවූ විහාරයන්හි වසමින් වැඩිසේක. කුමර තෙමේ ශාස්තෘන්වහන්සේ වඩිනසේකැයි අසා යොදුනක් පෙරගමන් කොට ගඳමල් ආදියෙන් පුදමින් විහාරයට වැඩම කරවා,
“සතසහස්සෙන මෙ කීතං, සතසහස්සෙන මාපිතං; සොභනං නාම උය්යානං, පටිග්ගණ්හ මහාමුනී”ති. –
‘මාවිසින් ලක්ෂයකින් මිළදී ගන්නාලද ලක්ෂයකින් නිමවූ ශොභන නම්වූ උයන මහාමුනිවරය, පිළිගනුමැනව’යි (පවසා)
විහාරං නිය්යාදෙසි. සො වස්සූපනායිකාදිවසෙ දානං දත්වා අත්තනො පුත්තදාරෙ ච අමච්චෙ ච පක්කොසාපෙත්වා ආහ – “සත්ථා අම්හාකං සන්තිකං දූරතොව ආගතො, බුද්ධා ච නාම ධම්මගරුකා න ආමිසචක්ඛුකා. තස්මා අහං ඉමං තෙමාසං ද්වෙ සාටකෙ නිවාසෙත්වා දස සීලානි සමාදියිත්වා ඉධෙව වසිස්සාමි, තුම්හෙ ඛීණාසවසතසහස්සස්ස ඉමිනාව නීහාරෙන තෙමාසං දානං දදෙය්යාථා”ති.
විහාරය පවරා දුන්නේය. හෙතෙම වස් එළඹෙන දිනයෙහි දන්දී තමන්ගේ අඹුදරුවන්ද අමාත්‍යයන්ද කැඳවා, ‘ශාස්තෘන්වහන්සේ අප සමීපයට දුර සිටම වැඩිසේක. බුදුවරයෝ නම් ධර්මයට ගරුකරන්නෝය. ආමිෂය දෙස හෙළූ ඇස් ඇත්තෝ නොවෙත්, එබැවින් මම මෙම තෙමසෙහි සළු දෙකක් හැඳ දසසිල් සමාදන්ව මෙහිම වසන්නෙමි. නුඹලා රහතන්වහන්සේලා ලක්ෂයට මේ අයුරින්ම තෙමස දන් දෙන්නෙහුය’යි කීවේය.
සො සුමනත්ථෙරස්ස වසනට්ඨානසභාගෙයෙව ඨානෙ වසන්තො යං ථෙරො භගවතො වත්තං කරොති, තං සබ්බං දිස්වා “ඉමස්මිං ඨානෙ එකන්තවල්ලභො එස ථෙරො, එතස්සෙව මෙ ඨානන්තරං පත්ථෙතුං වට්ටතී”ති චින්තෙත්වා උපකට්ඨාය පවාරණාය ගාමං පවිසිත්වා සත්තාහං මහාදානං දත්වා සත්තමෙ දිවසෙ භික්ඛුසතසහස්සස්ස පාදමූලෙ තිචීවරං ඨපෙත්වා භගවන්තං වන්දිත්වා, “භන්තෙ, යදෙතං මයා සත්තාහං ඛන්ධාවාරදානතො පට්ඨාය පුඤ්ඤං කතං, තං නෙව සක්කසම්පත්තිං, න මාරබ්රහ්මසම්පත්තිං පත්ථයන්තෙන, බුද්ධස්ස පන උපට්ඨාකභාවං පත්ථෙන්තෙන කතං. තස්මා අහම්පි භගවා අනාගතෙ සුමනත්ථෙරො විය එකස්ස බුද්ධස්ස උපට්ඨාකො හොමී”ති පඤ්චපතිට්ඨිතෙන පතිට්ඨහිත්වා වන්දි. සත්ථා තස්ස අනන්තරායං දිස්වා බ්යාකරිත්වා පක්කාමි. කුමාරො තං සුත්වා “බුද්ධා ච නාම අද්වෙජ්ඣකථා හොන්තී”ති දුතියදිවසෙ ගොතමබුද්ධස්ස පත්තචීවරං ගහෙත්වා පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්තො විය අහොසි.
හෙතෙම සුමන තෙරුන් වසන තැනට අනුරූපවූ තැනක වසන්නේ තෙරුන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේට යම් වතක් කරත්ද ඒ සියල්ල දැක ‘මේ තෙරුන් වහන්සේ ඒකාන්තයෙන්ම වල්ලභවූයේ ස්ථානයෙහිය. (කරුණු සහිතවය) මවිසින් මුන්වහන්සේගේම තනතුර පැතීමට වටීයයි සිතා පවාරණය ළංවූ විට ගමට පිවිස සත්දිනක් මහදන්දී සත්වන දිනයෙහි ලක්ෂයක්වූ භික්ෂූන්ගේ පාමුල තුන්සිවුරු තබා භාග්‍යවතුන්වහන්සේ වැඳ ‘ස්වාමීනි, මවිසින් සත්දිනක් කඳවුරු දානයේ පටන් යම් යම් පිනක් කරනලද්දේද ශක්‍ර සම්පත්තිය හෝ මාරසම්පත්තිය හෝ පතමින් නොකරනලදී. බුදුන්වහන්සේගේ උපස්ථායක භාවය පතමින් කරනලදී. එබැවින් භාග්‍යවතුන්වහන්ස, මමද අනාගතයෙහි සුමන තෙරුන් මෙන් එක් බුදු කෙනෙකුන්ට උපස්ථායක වෙමි’යි පසඟ පිහිටුවා වැන්දේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ඔහුට විවරණදී වැඩිසේක. කුමරුවා එය අසා බුදුවරුනම් සැකසහිත කථා ඇත්තෝ නොවෙතියි දෙවැනි දිනයෙහි ගෞතම බුදුන්වහන්සේගේ පාසිවුරු ගෙන පිටුපසින් පිටුපසින් යන්නහු මෙන්විය.
සො තස්මිං බුද්ධුප්පාදෙ වස්සසතසහස්සං දානං දත්වා සග්ගෙ නිබ්බත්තිත්වා කස්සපබුද්ධකාලෙ පිණ්ඩාය චරතො ථෙරස්ස පත්තග්ගහණත්ථං උත්තරිසාටකං දත්වා පූජං අකාසි. පුන සග්ගෙ නිබ්බත්තිත්වා තතො චුතො බාරාණසිරාජා හුත්වා උපරිපාසාදවරගතො ගන්ධමාදනතො ආකාසෙන ආගච්ඡන්තෙ අට්ඨ පච්චෙකබුද්ධෙ දිස්වා නිමන්තාපෙත්වා භොජෙත්වා අත්තනො මඞ්ගලඋය්යානෙ තෙසං අට්ඨ පණ්ණසාලායො කාරෙත්වා තෙසං නිසීදනත්ථාය අත්තනො නිවෙසනෙ අට්ඨ සබ්බරතනමයානි පීඨානි චෙව මණිආධාරකෙ ච පටියාදෙත්වා දස වස්සසහස්සානි උපට්ඨානං අකාසි. එතානි පාකටට්ඨානානි.
හෙතෙම ඒ බුද්ධොත්පාද කාලයෙහි අවුරුදු ලක්ෂයක් දන්දී ස්වර්ගයෙහි ඉපිද කාශ්‍යප බුද්ධකාලයෙහි පිඬු හැසිරෙන තෙර කෙනෙකුන්ට පාත්‍රය ගැනීම සඳහා උතුරු සළුවදී පූජා කළේය. නැවත දෙව්ලොව ඉපිද බරණැස් රජව මතුමහල් තලයෙහිවූයේ ගන්ධමාදනයේ සිට අහසින් වඩින්නාවූ පසේ බුදුවරුන් අට නමක් දැක කැඳවා වළඳවා තම මඟුල් උයනෙහි උන්වහන්සේලාට පන්සල් අටක් කරවා උන්වහන්සේලාට හිඳීම සඳහා තම නිවෙසෙහි සියල්ල රුවන්මයවූ පුටු අටක්ද මැණික් ආධාරකයන්ද පිළියෙළ කරවා දසදහසක් අවුරුදු උවටැන් කළේය. මේ ප්‍රකට තැන්ය.
කප්පසතසහස්සං පන දානං දදමානොව අම්හාකං බොධිසත්තෙන සද්ධිං තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චුතො අමිතොදනසක්කස්ස ගෙහෙ නිබ්බත්ති. අථස්ස සබ්බෙව ඤාතකෙ ආනන්දිතෙ පමුදිතෙ කරොන්තො ජාතොති ආනන්දොත්වෙව නාමං අකංසු. සො අනුපුබ්බෙන කතාභිනික්ඛමනෙ සම්මාසම්බොධිං පත්වා පඨමගමනෙන කපිලවත්ථුං ආගන්ත්වා තතො නික්ඛන්තෙ භගවති භගවතො පරිවාරත්ථං රාජකුමාරෙසු පබ්බජන්තෙසු භද්දියාදීහි සද්ධිං නික්ඛමිත්වා භගවතො සන්තිකෙ පබ්බජිත්වා නචිරස්සෙව ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස සන්තිකෙ ධම්මකථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
කල්ප ලක්ෂයක් දන් දෙමින්ම අපගේ බෝසතුන් සමඟ තුසී පුරෙහි ඉපිද එයින් චුතවූයේ අමිතොදන ශාක්‍යයාගේ ගෙහි උපන්නේය. ඉක්බිති මොහුට සියලු ඥතීන්ම සතුටුවූවන් ප්‍රමුදිත වූවන් කරමින් උපන්නේයයි ආනන්දයයි නම් කළාහුය. හෙතෙම, භාග්‍යවතුන්වහන්සේ පිළිවෙළින් කරනලද අබිනික්මන් ඇතිව සම්මාසම්බෝධියට පත්ව පළමු ගමනින් කිඹුල්වතට අවුත් එයින් නික්මෙනකල්හි භාග්‍යවතුන්වහන්සේට පිරිවර සඳහා රජකුමරුවරුන් පැවිදිවනකල්හි භද්දියාදීන් සමඟ නික්ම භාග්‍යවතුන් සමීපයෙහි පැවිදිවී නොබෝ කලකින්ම ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත්ත තෙරුන් සමීපයෙහි දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියේය.
තෙන ඛො පන සමයෙන භගවතො පඨමබොධියං වීසති වස්සානි අනිබද්ධා උපට්ඨාකා අහෙසුං. එකදා නාගසමාලො පත්තචීවරං ගහෙත්වා විචරි එකදා නාගිතො, එකදා උපවානො, එකදා සුනක්ඛත්තො, එකදා චුන්දො සමණුද්දෙසො, එකදා සාගතො, එකදා රාධො, එකදා මෙඝියො. තත්ථ එකදා භගවා නාගසමාලත්ථෙරෙන සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො ද්වෙධාපථං පත්තො. ථෙරො මග්ගා ඔක්කම්ම “භගවා අහං ඉමිනා මග්ගෙන ගච්ඡාමී”ති ආහ. අථ නං භගවා “එහි භික්ඛු, ඉමිනා මග්ගෙන ගච්ඡාමා”ති ආහ. සො “හන්ද භගවා තුම්හාකං පත්තචීවරං ගණ්හථ, අහං ඉමිනා මග්ගෙන ගච්ඡාමී”ති වත්වා පත්තචීවරං භූමියං ඨපෙතුං ආරද්ධො. අථ නං භගවා “ආහර භික්ඛූ”ති වත්වා පත්තචීවරං ගහෙත්වා ගතො. තස්සපි භික්ඛුනො ඉතරෙන මග්ගෙන ගච්ඡතො චොරා පත්තචීවරඤ්චෙව හරිංසු, සීසඤ්ච භින්දිංසු. සො “භගවා ඉදානි මෙ පටිසරණං, න අඤ්ඤො”ති චින්තෙත්වා ලොහිතෙන ගලන්තෙන භගවතො සන්තිකං ආගමි. “කිමිදං භික්ඛූ”ති ච වුත්තෙ තං පවත්තිං ආරොචෙසි. අථ නං භගවා “මා චින්තෙයි භික්ඛු, එතස්ස කාරණායෙව තං නිවාරයිම්හා”ති වත්වා සමස්සාසෙසි.
එකල්හි භාග්‍යවතුන්වහන්සේට ප්‍රථම බෝධියෙහි විසිවස නිබඳ නොවූ උපස්ථායකවරු වූහ. එක්දිනෙක නාගසමාල තෙරහු පාසිවුරු ගෙන හැසිරෙති. එක්දිනෙක නාගිත තෙරුන්වහන්සේය. ඇතැම් දිනක උපවාණ තෙරුන්වහන්සේය. ඇතැම් දිනෙක සුනක්ඛත්ත තෙරණුවෝය. සමහර දිනෙක චුන්දසමණුද්දේසයෝය. ඇතැම් දිනෙක සාගත තෙරණුවෝය. තවත් දිනෙක රාධ තෙරණුවෝය. ඇතැම් කලෙක මෙඝිය තෙරුන්වහන්සේය. එහිදී එක් දිනක් භාග්‍යවතුන්වහන්සේ නාගසමාල තෙරුන් සමඟ දුරුමගට පිළිපන්සේක් දෙමං සන්ධියකට පැමිණිසේක. තෙරණුවෝ මගින් ඉවත්ව, භාග්‍යවතුන්වහන්ස, මම මේ මගින් යමි’යි කීහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘එව මහණ මේ මගින් යමු’යි පැවසූසේක. හෙතෙම, ‘එසේනම් භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේගේ පාසිවුරු ගනුමැනව. මා මේ මගින් යමියි කියා පාසිවුරු බිම තැබීමට සැරසුනේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ‘ගෙනෙව මහණැ’යි පවසා පාසිවුරු ගෙන වැඩිසේක. අනෙක් මගින් යන්නාවූ ඒ භික්ෂුවගේ පාසිවුරුද සොරු පැහැර ගත්තාහුය. හිසද බින්දාහුය. හෙතෙම දැන් මට භාග්‍යවතුන්වහන්සේ පමණක්ම පිහිටය. අනෙකෙක් නොවේයයි සිතා ගලන ලෙයින් යුතුව භාග්‍යවතුන් සමීපයට ගියේය. මහණ, මේ කිමෙක්දැයි ඇසූ කල්හි එපුවත සැළ කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ‘මහණ, නොසිතව. මේ කරුණින්ම ඔබව වැළැක්වීමි’යි වදාරා අස්වැසුසේක.
එකදා පන භගවා මෙඝියත්ථෙරෙන සද්ධිං පාචීනවංසෙ මිගදායෙ ජන්තුගාමං අගමාසි. තත්රාපි මෙඝියො ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා නදීතීරෙ පාසාදිකං අම්බවනං දිස්වා “භගවා තුම්හාකං පත්තචීවරං ගණ්හථ, අහං තස්මිං අම්බවනෙ සමණධම්මං කරොමී”ති වත්වා භගවතා තික්ඛත්තුං නිවාරියමානොපි ගන්ත්වා අකුසලවිතක්කෙහි අන්වාසත්තො පච්චාගන්ත්වා තං පවත්තිං ආරොචෙසි. තම්පි භගවා “ඉමමෙව තෙ කාරණං සල්ලක්ඛෙත්වා නිවාරයිම්හා”ති වත්වා අනුපුබ්බෙන සාවත්ථිං අගමාසි. තත්ථ ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො භික්ඛුසඞ්ඝපරිවුතො භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවෙ, ඉදානිම්හි මහල්ලකො, ‘එකච්චෙ භික්ඛූ ඉමිනා මග්ගෙන ගච්ඡාමා’ති වුත්තෙ අඤ්ඤෙන ගච්ඡන්ති, එකච්චෙ මය්හං පත්තචීවරං භූමියං නික්ඛිපන්ති, මය්හං නිබද්ධුපට්ඨාකං එකං භික්ඛුං ජානාථා”ති. භික්ඛූනං ධම්මසංවෙගො උදපාදි. අථායස්මා සාරිපුත්තො උට්ඨායාසනා භගවන්තං වන්දිත්වා “අහං, භන්තෙ, තුම්හෙයෙව පත්ථයමානො සතසහස්සකප්පාධිකං අසඞ්ඛ්යෙය්යං පාරමියො පූරයිං, නනු මාදිසො මහාපඤ්ඤො උපට්ඨාකො නාම වට්ටති, අහං උපට්ඨහිස්සාමී”ති ආහ. තං භගවා “අලං, සාරිපුත්ත, යස්සං දිසායං ත්වං විහරසි, අසුඤ්ඤා වෙ සා දිසා, තව හි ඔවාදො බුද්ධානං ඔවාදසදිසො, තෙන මෙ තයා උපට්ඨාකකිච්චං අත්ථී”ති පටික්ඛිපි. එතෙනෙව උපායෙන මහාමොග්ගල්ලානං ආදිං කත්වා අසීති මහාසාවකා උට්ඨහිංසු. තෙ සබ්බෙ භගවා පටික්ඛිපි.
එක්දිනෙක භාග්‍යවතුන්වහන්සේ මෙඝිය තෙරුන් සමඟ ප්රාචීනවංසමිගාදායෙහි ජන්තුගමට වැඩිසේක. එහිදීද මේඝිය තෙමේ ජන්තුගමෙහි පිඬුපිණිස හැසිර නදී තෙරෙහි පාසාදික අඹනයට දැක ‘භාග්‍යවතුන්වහන්ස, නුඹවහන්සේ පාසිවුරු ගනු මැනව. මම ඒ අඹවනයෙහි මහණදම් කරමියි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවරක් වළක්වනු ලබන්නේද ගොස් අකුසල විතර්කයන්ගෙන් ගැලී ආපසු ඇවිත් එපුවත සැළකෙළේය. භාග්‍යවතුන්වහන්සේ ඔහුටද මේ කාරණයම සලකා ඔබ වැළැක්වීමියි පවසා පිළිවෙළින් සැවතට වැඩිසේක. එහි ගඳකිළි පිරිවෙණෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි හුන්සේක් බික්සඟන විසින් පිරිවරන ලද්දාහු භික්ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, දැන් (මම) මහල්ලෙක් වෙමි. ඇතැම් භික්ෂුහු මේ මගින් යමුයි කී කල්හි අන් මගකින් යති. ඇතැම්හු මාගේ පාසිවුරු බිම හෙළත් මට නිබඳ උපස්ථායකවූ එක් භික්ෂුවක් දැනුව’යි පැවසූසේක. භික්ෂූන්ට ධර්මසංවේගය උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නැඟිට භාග්‍යවතුන් වැඳ ‘මම ස්වාමීනි, නුඹවහන්සේවම පතමින් කල්පලක්ෂයක් අධික කොට ඇති අසංඛ්‍යක් පාරමී පිරුවෙමි. මා වැනි මහපැණවතෙක් උපස්ථායක වීම නම් නොවටීද? මම උපස්ථාන කරන්නෙමැයි පැවසූහ. භාග්‍යවතුන්වහන්සේ ඔහුට, සාරිපුත්තය, යම් දෙස ඔබ හැසිරෙහිද? එදසෙ නොසිස්ය. ඔබගේ අවවාදය බුදුවරුන්ගේ අවවාදයට සමානය. එබැවින් මට ඔබ විසින් උපස්ථාන කෘත්‍යයක් නැතැයි ප්රතික්ෂෙප කළසේක. මේ ක්‍රමයෙන්ම මහමුගලන් ආදිකොට අසූමහ සව්වෝ නැඟී සිටියාහුය. භාග්‍යවතුන්වහන්සේ ඒ සියල්ලන් ප්රතික්ෂෙප කළසේක.
ආනන්දත්ථෙරො පන තුණ්හීයෙව නිසීදි. අථ නං භික්ඛූ ආහංසු – “ආවුසො ආනන්ද, භික්ඛුසඞ්ඝො උපට්ඨාකට්ඨානං යාචති, ත්වම්පි යාචාහී”ති. යාචිත්වා ලද්ධට්ඨානං නාම, ආවුසො, කීදිසං හොති, කිං මං සත්ථා න පස්සති? සචෙ සත්ථා රොචිස්සති, “ආනන්දො මං උපට්ඨහතූ”ති වක්ඛතීති. අථ භගවා “න, භික්ඛවෙ, ආනන්දො අඤ්ඤෙහි උස්සාහෙතබ්බො, සයමෙව ජානිත්වා මං උපට්ඨහිස්සතී”ති ආහ. තතො භික්ඛූ “උට්ඨෙහි, ආවුසො ආනන්ද, උට්ඨෙහි, ආවුසො ආනන්ද, දසබලං උපට්ඨාකට්ඨානං යාචාහී”ති ආහංසු. ථෙරො උට්ඨහිත්වා චත්තාරො පටික්ඛෙපා චතස්සො ච ආයාචනාති අට්ඨ වරෙ යාචි.
අනඳ තෙරුන්වහන්සේ වනාහි නිහඬවම හුන්හ. ඉක්බිති භික්ෂූහු ඔහුට ‘ඇවැත්නි, භික්ෂුසංඝයා උපස්ථායක තනතුර ඉල්ලයි. නුඹද ඉල්වව’ කීහ. ‘ඇවැත්නි, ඉල්ලා ලත් තැන නම් කෙබඳු වේද? කිම? ශාස්තෘන්වහන්සේ මා නොදකිනසේකද? ඉදින් මට කැමතිවනසේක්නම් ආනන්ද මට උවටැන් කරවයි කියන සේකැ’යි තෙරුන්වහන්සේ පැවසූහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, ආනන්ද අන්‍යයන් විසින් උත්සාහවත් නොකළ යුත්තෙකි. තෙමේම දැන මට උපස්ථාන කරන්නේය’යි පැවසූසේක. ඉක්බිති භික්ෂූහු ‘ඇවැත්නි නැගිටින්න. ආනන්දය නැගිටින්න. ආනන්ද දශබලයන්වහන්සේගෙන් උපට්ඨායක තනතුර ඉල්වන්නැයි කීවාහුය. තෙණුවෝ නැඟිට ප්‍රතික්ෂේප සතරක්ද ආයාචනා සතරක්දැයි වර අටක් ඉල්ලූහ.
චත්තාරො පටික්ඛෙපා නාම – “සචෙ මෙ, භන්තෙ, භගවා අත්තනා ලද්ධං පණීතං චීවරං න දස්සති, පිණ්ඩපාතං න දස්සති, එකගන්ධකුටියං වසිතුං න දස්සති, නිමන්තනං ගහෙත්වා න ගමිස්සති, එවාහං භගවන්තං උපට්ඨහිස්සාමී”ති වත්වා “කං පනෙත්ථ, ආනන්ද, ආදීනවං අද්දසා”ති වුත්තෙ ආහ – “සචාහං, භන්තෙ, ඉමානි වත්ථූනි ලභිස්සාමි, භවිස්සන්ති වත්තාරො ‘ආනන්දො දසබලෙන ලද්ධං පණීතං චීවරං පරිභුඤ්ජති, පිණ්ඩපාතං පරිභුඤ්ජති, එකගන්ධකුටියං වසති, එකතො නිමන්තනං ගච්ඡති. එතං ලාභං ලභන්තො තථාගතං උපට්ඨාති, කො එවං උපට්ඨහතො භාරො’”ති? ඉමෙ චත්තාරො පටික්ඛෙපෙ යාචි.
ප්‍රතික්ෂේප සතරනම්: ස්වාමීනි, ඉදින් භාගයවතුන්වහන්සේ තමන් විසින් ලබනලද ප්‍රණීත චීවර නොදෙන සේක්ද, පිණ්ඩපාතය නොදෙන සේකද? එක ගඳකිළියෙහි විසීමට නොදෙන සේක්ද, නිමන්ත්‍රණය ගෙන නොවඩිනසේක්ද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේ උපස්ථාන කරමැයි පවසා ‘ආනන්දය, මෙහි කවරනම් ආදීනව දැක්කෙහිදැයි ඇසූකල්හි, ‘ස්වාමීනි, ඉදින් මම මේ වස්තූන් ලබන්නෙම් නම්, ආනන්‍දතෙර තථාගතයන් විසින් ලබන ලද ප්‍රණීත සිවුරු පරිභෝග කරයි, පිණ්ඩපාතය වළඳයි. එක ගඳකිළියෙහි වසයි. එක අරයුමට යයි. මේ ලාභ ලබමින් තථාගතයන්ට උවටැන් කරයි. මෙසේ උවටැන් කිරීමෙහි කවර බරෙක්දැයි කියන්නෝ වන්නාහ! මෙසේ මේ ප්රතික්ෂෙප සතර ඉල්ලූහ.
චතස්සො ආයාචනා නාම – “සචෙ, භන්තෙ, භගවා මයා ගහිතනිමන්තනං ගමිස්සති, සචාහං තිරොරට්ඨා තිරොජනපදා භගවන්තං දට්ඨුං ආගතං පරිසං ආගතක්ඛණෙයෙව භගවන්තං දස්සෙතුං ලච්ඡාමි, යදා මෙ කඞ්ඛා උප්පජ්ජති, තස්මිංයෙව ඛණෙ භගවන්තං උපසඞ්කමිතුං ලච්ඡාමි, තථා යං භගවා මය්හං පරම්මුඛෙ ධම්මං දෙසෙති, තං ආගන්ත්වා මය්හං කථෙස්සති, එවාහං භගවන්තං උපට්ඨහිස්සාමී”ති වත්වා “කං පනෙත්ථ, ආනන්ද, ආනිසංසං පස්සසී”ති වුත්තෙ ආහ – “ඉධ, භන්තෙ, සද්ධා කුලපුත්තා භගවතො ඔකාසං අලභන්තා මං එවං වදන්ති ‘ස්වෙ, භන්තෙ ආනන්ද, භගවතා සද්ධිං අම්හාකං ඝරෙ භික්ඛං ගණ්හෙය්යාථා’ති. සචෙ භගවා තත්ථ න ගමිස්සති, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙයෙව පරිසං දස්සෙතුං, කඞ්ඛඤ්ච විනොදෙතුං ඔකාසං න ලච්ඡාමි, භවිස්සන්ති වත්තාරො ‘කිං ආනන්දො දසබලං උපට්ඨාති. එත්තකම්පිස්ස භගවා අනුග්ගහං න කරොතී’ති. භගවතො ච පරම්මුඛා මං පුච්ඡිස්සන්ති ‘අයං, ආවුසො ආනන්ද, ගාථා, ඉදං සුත්තං, ඉදං ජාතකං කත්ථ දෙසිත’න්ති. සචාහං තං න සම්පාදයිස්සාමි, භවිස්සන්ති වත්තාරො – ‘එත්තකම්පි, ආවුසො, න ජානාසි, කස්මා ත්වං ඡායා විය භගවන්තං අවිජහන්තො දීඝරත්තං විචරසී’ති. තෙනාහං පරම්මුඛා දෙසිතස්සපි ධම්මස්ස පුන කථනං ඉච්ඡාමී”ති. ඉමා චතස්සො ආයාචනා යාචි. භගවාපිස්ස අදාසි.
සතර ආයාචනා නම්: ‘ස්වාමීනි, ඉඳින් මා විසින් පිළිගන්නාලද නිමන්ත්‍රණයට භාග්‍යවතුන්වහන්සේ වඩිනසේක්ද, ඉදින් මම රටට පිටින් ජනපදයට පිටතින් භාග්‍යවතුන්වහන්සේ දැකීමට ආපිරිස පැමිණි කෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දැක්වීමට ලබන්නේම්ද යම්විටෙක මට සැකයක් උපදීද එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹීමට ලබන්නෙම්ද භාග්‍යවතුන්වහන්සේ මා නොහමුවෙහි යම් දහමක් දෙසයි නම් එය අවුත් මට පවසන්නේද එසේ නම් මම භාග්‍යවතුන්වහන්සේට උපස්ථාන කරමියි කියා ‘ආනන්දය, මෙහි කවර ආනිසංශයක් දකිහිදැයි විමසූවිට මෙසේ කීහ: මෙහි ස්වාමීනි, සැදැහැති කුලපුත්තු භාග්‍යවතුන්වහන්සේගෙන් අවකාශයක් නොලබන්නාහු මට මෙසේ කියත්: ‘ස්වාමීනි ආනන්දය, හෙට භාග්‍යවතුන්වහන්සේ සමඟ අපගේ ගෙහි භික්ෂාව ගනුමැනව.’ ඉදින් භාග්‍යවතුන්වහන්සේ එහි නොයන සේක්නම් කැමැතිකැමති අවස්ථාවෙහි පිරිස දැක්වීමටද සැක දුරලීමටද අවකාශද නොලබමි. කිමේකද? ආනන්ද තෙරණුවෝ බුදුන්වහන්සේට උවටැන් කරති. මෙපමණවත් අනුග්‍රහයක් ඔහුට නොකරතිදැයි කියන්නෝද වන්නාහ. ‘ඇවැත්නි ආනන්දය, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කොහිදී දෙසන ලද්දැයි භාග්‍යවතුන්වහන්සේගේ අසම්මුඛයෙහි මගෙන් අසන්නාහ. ඉදින් මම ඔවුනට එය නොසපයන්නෙම් නම් ‘ඇවැත්නි, මෙපමණක්වත් නොදන්නෙහිද? කුමක් නිසා නුඹ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් අතනොහරිමින් දිගුකලක් හැසිරෙහිදැ’යි කියන්නෝ වන්නාහ. එහෙයින් මම (මා) නොහමුවෙහි දෙසනලද ධර්මය නැවත කීමද බලාපොරොත්තු වෙමි’යි මේ ආයාචනා සතර ඉල්ලූහ. භාග්‍යවතුන්වහන්සේද ඒවා උන්වහන්සේට දුන් සේක.
එවං ඉමෙ අට්ඨ වරෙ ගහෙත්වා නිබද්ධුපට්ඨාකො අහොසි. තස්සෙව ඨානන්තරස්ස අත්ථාය කප්පසතසහස්සං පූරිතානං පාරමීනං ඵලං පාපුණි. සො උපට්ඨාකට්ඨානං ලද්ධදිවසතො පට්ඨාය දසබලස්ස දුවිධෙන උදකෙන තිවිධෙන දන්තකට්ඨෙන හත්ථපාදපරිකම්මෙන පිට්ඨිපරිකම්මෙන ගන්ධකුටිපරිවෙණං සම්මජ්ජනෙනාති එවමාදීහි කිච්චෙහි උපට්ඨහන්තො “ඉමාය නාම වෙලාය සත්ථු ඉමං නාම ලද්ධුං වට්ටති, ඉදං නාම කාතුං වට්ටතී”ති දිවසභාගං සන්තිකාවචරො හුත්වා රත්තිභාගසමනන්තරෙ දණ්ඩදීපිකං ගහෙත්වා එකරත්තිං ගන්ධකුටිපරිවෙණං නව වාරෙ අනුපරියායති. එවඤ්හිස්ස අහොසි – “සචෙ මෙ ථිනමිද්ධං ඔක්කමෙය්ය, දසබලෙ පක්කොසන්තෙ පටිවචනං දාතුං න සක්කුණෙය්ය”න්ති. තස්මා සබ්බරත්තිං දණ්ඩදීපිකං හත්ථෙන න මුඤ්චති. ඉදමෙත්තකං වත්ථු. අපරභාගෙ පන සත්ථා ජෙතවනෙ විහරන්තො අනෙකපරියායෙන ධම්මභණ්ඩාගාරිකආනන්දත්ථෙරස්ස වණ්ණං කථෙත්වා ථෙරං ඉමස්මිං සාසනෙ බහුස්සුතානං සතිමන්තානං ගතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානඤ්ච භික්ඛූනං අග්ගට්ඨානෙ ඨපෙසීති.
මෙසේ මේ අටවරය ගෙන නිබඳඋවටැන් කරන්නා වූහ. ඒ තනතුර සඳහාම කල්පලක්ෂයක් පුරනලද පාරමීන්ගේ ප්‍රතිඵලය පැමිණිණි. හෙතෙම උපස්ථායක තනතුරලද දිනයෙහි සිට දශබලයන්වහන්සේ දෙයාකාර ජලයෙන් තුන්ආකාර දැහැටුවෙන් පාද පරිකර්‍මයෙන් පිට්ඨිපරිකර්‍මයෙන් ගඳකිළි පිරිවෙණ හැමදීමෙන්ද යන මේ ආදී කටයුතුවලින් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෘන්වහන්සේට මෙනම් දෙය ලැබීමට වටී. මෙනම් දෙය කිරීමට වටීයයි රාත්‍රිභාගය අතරතුර පන්දම් එළියක් රැගෙන එක් රැයකට ගඳකිළිපිරිවෙණ නව වරෙක වටේට යයි. උන්වහන්සේට මෙබඳු අදහසක් විය: ‘ඉදින් මට ථිනමිද්ධය ඇති වන්නේ නම් භාග්‍යවතුන්වහන්සේ කැඳවන විට පිළිවදන් දීමට නොහැකි වන්නේය’ යනුවෙනි. එබැවින් සියලු රාත්‍රියෙහි පන්දම් පහන අතින් නොමුදති. මේ කථාවස්තුව මෙපමණෙකි. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ වසනසේක් නොයෙක් ආකාරයෙන් ධර්මභාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් වර්ණනා කොට තෙරුන් මෙම සසුනෙහි බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් අතුරින්, සිහි ඇත්තවුන් අතුරින්, ගතිමන්තයන් අතුරින් ධිතිමන්තයන් අතුරින් හා උපස්ථායක භික්ෂූන් අතුරින්ද අගතනතුරෙහි තැබූසේක.