වඞ්ගීසත්ථෙරවත්ථු අට්ඨකථා
වඞ්ගීසත්ථෙරවත්ථු
වංගීසතෙරණුවෝ
චතුත්ථෙ පටිභානවන්තානන්ති සම්පන්නපටිභානානං වඞ්ගීසත්ථෙරො අග්ගොති දස්සෙති. අයං කිර ථෙරො දසබලස්ස සන්තිකං උපසඞ්කමන්තො චක්ඛුපථතො පට්ඨාය චන්දෙන සද්ධිං උපමෙත්වා, සූරියෙන, ආකාසෙන, මහාසමුද්දෙන, හත්ථිනාගෙන, සීහෙන මිගරඤ්ඤා සද්ධිං උපමෙත්වාපි අනෙකෙහි පදසතෙහි පදසහස්සෙහි සත්ථු වණ්ණං වදන්තොයෙව උපසඞ්කමති. තස්මා පටිභානවන්තානං අග්ගො නාම ජාතො.
සිවුවැන්නෙහි පටිභානවන්තානං යනු ප්‍රතිභානයෙන් යුක්තවූවන් අතුරෙනි. වංගීස තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනුලැබේ. මේ තෙරහු වනාහි බුදුන් සමීපයට එළඹෙන්නාහු චක්ෂුපථයෙහි සිට සඳ හා උපමා කොට හිරු හා අහස හා මහ සමුදුර හා ඇති රජුන් හා මෘගරාජ සිංහයා හා උපමාද කොට නොයෙක් පද සියගණනින්ද පද දහස් ගණනින්ද ශාස්තෘවර්ණනාව කරන්නාහුම එළඹෙත්, එහෙයින් ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍ර නම්වූහ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ පටිසන්ධිං ගණ්හිත්වා පුරිමනයෙනෙව විහාරං ගන්ත්වා ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං පටිභානවන්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සත්ථු අධිකාරකම්මං කත්වා “අහම්පි අනාගතෙ පටිභානවන්තානං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං කත්වා සත්ථාරා බ්යාකතො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. වඞ්ගීසමාණවොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හන්තො ආචරියං ආරාධෙත්වා ඡවසීසමන්තං නාම සික්ඛිත්වා ඡවසීසං නඛෙන ආකොටෙත්වා “අයං සත්තො අසුකයොනියං නාම නිබ්බත්තො”ති ජානාති.
ඔහුගේ ප්රහනකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවරෙහි මහාධනවත් කුලයෙක පිළිසඳගෙන මුලින් කී අයුරින්ම වෙහෙරට ගොස් දහම් අසන්නේ එක් භික්ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ‘මමද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙම්යයි ප්‍රාර්ත්‍ථනාකොට ශාස්තෘන්වහන්සේ විසින් විවරණ දෙන ලද්දේ දිවිඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු ගෙයක උපන්නේය ඔහුට ඔහුට වඞ්ගීස මානවයයි නමක් කළාහුය. හෙතෙම වියපත්වූයේ ත්‍රිවේදයන් උගන්නේ ඇදුරා සතුටුකොට ඡවසීස මන්ත නම්වූ ශිල්පයක් උගෙන මළසිරුරේ හිසට නියෙන් තට්ටුකොට මේ සත්වයා අසුවල් යෝනියෙහි උපන්නේයයි දැන ගනියි.
බ්රාහ්මණා “අයං අම්හාකං ජීවිකමග්ගො”ති ඤත්වා වඞ්ගීසමාණවං පටිච්ඡන්නයානෙ නිසීදාපෙත්වා ගාමනිගමරාජධානියො චරන්තා නගරද්වාරෙ වා නිගමද්වාරෙ වා ඨපෙත්වා මහාජනස්ස රාසිභූතභාවං ඤත්වා “යො වඞ්ගීසං පස්සති, සො ධනං වා ලභති, යසං වා ලභති, සග්ගං වා ගච්ඡතී”ති වදන්ති. තෙසං කථං සුත්වා බහූ ජනා ලඤ්ජං දත්වා පස්සිතුකාමා හොන්ති. රාජරාජමහාමත්තා තෙසං සන්තිකං ගන්ත්වා “කො ආචරියස්ස ජානවිසෙසො”ති පුච්ඡන්ති. තුම්හෙ න ජානාථ, සකලජම්බුදීපෙ අම්හාකං ආචරියසදිසො අඤ්ඤො පණ්ඩිතො නාම නත්ථි, තිවස්සමත්ථකෙ මතකානං සීසං ආහරාපෙත්වා නඛෙන ආකොටෙත්වා “අයං සත්තො අසුකයොනියං නිබ්බත්තො”ති ජානාති. වඞ්ගීසොපි මහාජනස්ස කඞ්ඛඡෙදනත්ථං තෙ තෙ ජනෙ ආවාහෙත්වා අත්තනො අත්තනො ගතිං කථාපෙති. තං නිස්සාය මහාජනස්ස හත්ථතො සතම්පි සහස්සම්පි ලභති.
බමුණෝ මේ අපගේ ජීවනොපායයයි දැන වංගීසමානවකයා වැසුණු යානයක හිඳුවා ගම් නියම්ගම් රාජධානිවල හැසිරෙන්නාහු නගර දොරටුවෙහි හෝ නියම්ගම් දොරටුවෙහි තබා මහජනයා එක්රැස්වූ බව දැන, ‘යමෙක් වංගීස දකීද හෙතෙම ධනය හෝ ලබයි. කීර්තිය හෝ ලබයි. ස්වර්ගයට හෝ යයයි කියති. ඔවුන්ගේ කථාව අසා බොහෝ දෙනා අල්ලසක්දී දකිනු කැමැත්තෝ වෙත්. රාජරාජමහාමාත්යවරු ඔවුන් සමීපයට ගොස් ආචාර්‍ය්‍යයන්ගේ දැනුම් වෙසෙස කවරේදැයි අසත්. ‘නුඹලා නොදන්හුය. සියලු දඹදිව අපගේ ආචාර්‍ය්‍යවරයාට සමවූ අන් පඬවරයෙක් නම්නැත. අවරුදු තුනකට මත්තෙහි මියගියවුන්ගේද හිස ගෙන්වා නියෙන් තට්ටුකොට මේ සත්වයා අසුවල් යෝනියෙහි උපන්නේයයි දනියි.’ වංගීස තෙමේද මහජනයාගේ සැක සිඳිනු සඳහා ඒ ඒ මිනිසුන් ගෙන්වාගෙන තමතමන්ගේ උත්පත්ති ගතිය කියවයි. ඒනිසා මහජනයාගේ අතින් (කහවණු) සියයද දහසද (බැගින්) ලබයි.
බ්රාහ්මණා වඞ්ගීසමාණවං ආදාය යථාරුචිං විචරිත්වා පුන සාවත්ථිං ආගමංසු. වඞ්ගීසො ජෙතවනමහාවිහාරස්ස අවිදූරට්ඨානෙ ඨිතො චින්තෙසි – “සමණො ගොතමො පණ්ඩිතොති වදන්ති, න ඛො පන සබ්බකාලං මයා ඉමෙසංයෙව වචනං කරොන්තෙන චරිතුං වට්ටති, පණ්ඩිතානම්පි සන්තිකං ගන්තුං වට්ටතී”ති. සො බ්රාහ්මණෙ ආහ – “තුම්හෙ ගච්ඡථ, අහං න බහුකෙහි සද්ධිං ගන්ත්වා සමණං ගොතමං පස්සිස්සාමී”ති. තෙ ආහංසු – “වඞ්ගීස, මා තෙ රුච්චි සමණං ගොතමං පස්සිතුං. යො හි නං පස්සති, තං සො මායාය ආවට්ටෙතී”ති. වඞ්ගීසො තෙසං කථං අනාදියිත්වා සත්ථු සන්තිකං ගන්ත්වා මධුරපටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදි.
බමුණෝ වංගීස මානවකයා ගෙන කැමති පරිද්දෙන් හැසිර යළි සැවතට පැමිණියාහුය. වංගීසතෙමේ දෙව්රමට නුදුරුතැන්හි සිටියේය, ‘ශ්‍රමණභවත් ගෞතමයන් පණ්ඩිතයෙකැයි කියත්, හැමකල්හිම මාවිසින් මොවුන්ගේ කීම කරමින්ම හැසිරීමට නොවටියි. පඬිවරුන්ගේ සමීපයටද යායුතුය’යි සිතුවේය. හෙතෙම බමුණන්ට, ‘නුඹලා යන්න. මම බොහෝ දෙනෙකු සමඟ ගොස් ශ්‍රමණභවත් ගෞතමයන් නොදකින්නෙමි’යි කීවේය. ඔවුහු, ‘වගීස, ශ්‍රමණභවත් ගෞතමයන් දැකීම ඔබට රුචි නොවේවා! යමෙක් වනාහි ඔහු දකීද හෙතෙම ඔහුව මායාවෙන් පොළඹවා ගනීයයි කීහ. වඞ්ගීස තෙමේ ඔවුන්ගේ කථාව පිළිනොගෙන ශස්තෘන් සමීපයට ගොස් මිහිරි පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය.
අථ නං සත්ථා පුච්ඡි – “වඞ්ගීස, කිඤ්චි සිප්පං ජානාසී”ති. ආම, භො ගොතම, ඡවසීසමන්තං නාමෙකං ජානාමීති. කිං සො මන්තො කරොතීති? තිවස්සමත්ථකෙ මතානම්පි තං මන්තං ජප්පිත්වා සීසං නඛෙන ආකොටෙත්වා නිබ්බත්තට්ඨානං ජානාමීති. සත්ථා තස්ස එකං නිරයෙ උප්පන්නස්ස සීසං දස්සෙසි, එකං මනුස්සෙසු උප්පන්නස්ස, එකං දෙවෙසු, එකං පරිනිබ්බුතස්ස සීසං දස්සෙසි. සො පඨමං සීසං ආකොටෙත්වා, “භො ගොතම, අයං සත්තො නිරයං ගතො”ති ආහ. සාධු සාධු, වඞ්ගීස, සුදිට්ඨං තයා, අයං සත්තො කහං ගතොති පුච්ඡි. මනුස්සලොකං, භො ගොතමාති. අයං සත්තො කහං ගතොති? දෙවලොකං, භො ගොතමාති තිණ්ණම්පි ගතට්ඨානං කථෙසි. පරිනිබ්බුතස්ස පන සීසං නඛෙන ආකොටෙන්තො නෙව අන්තං න කොටිං පස්සති. අථ නං සත්ථා “න සක්කොසි ත්වං, වඞ්ගීසා”ති පුච්ඡි. “පස්සථ, භො ගොතම, උපපරික්ඛාමි තාවා”ති පුනප්පුනං පරිවත්තෙති. බාහිරකමන්තෙන ඛීණාසවස්ස ගතිං කථං ජානිස්සති, අථස්ස මත්ථකතො සෙදො මුච්චි. සො ලජ්ජිත්වා තුණ්හීභූතො අට්ඨාසි. අථ නං සත්ථා “කිලමසි, වඞ්ගීසා”ති ආහ. ආම, භො ගොතම, ඉමස්ස සත්තස්ස ගතට්ඨානං ජානිතුං න සක්කොමි. සචෙ තුම්හෙ ජානාථ, කථෙථාති. “වඞ්ගීස, අහං එතම්පි ජානාමි ඉතො උත්තරිතරම්පී”ති වත්වා ධම්මපදෙ ඉමා ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහුගෙන් ශාස්තෘන්වහන්සේ, ‘වංගීස, කිසි ශිල්පයක් දන්නෙහිදැ’යි ඇසුසේක. ‘භවතගෞතමයිනි, එසේය. ඡවසීසමන්ත්රය නම් එකක් දනිමි’ ‘ඒ මන්ත්‍රය කුමක් කරන්නේද?’ ‘ඒ මන්ත්‍රය ජපකොට තෙවසකට කලින් මියගියවුන්ගේද හිස නියෙන් පහරා උපන් තැන දනිමි.’ ශාස්තෘන්වහන්සේ ඔහුට නිරයෙහි උපන්නකුගේ හිසක් දැක්වූසේක. මිනිසුන් අතර උපන්නකුගේ හිසක්ද දෙවියන් අතර උපන්නකුගේ හිසක්ද පිරිනිවන් පෑ කෙනෙකුගේ හිසක්ද දැක්වූසේක. හෙතෙම පළමු හිසට පහරා ‘භවත් ගෞතමයිනි, මේ සත්වයා නිරයට ගියේයැ’යි කීවේය. ‘මැනවි වංගීස, ඔබ විසින් මනාකොට දක්නාලදී. මේ සත්වයා කොහි ගියේදැ’යි ඇසුසේක. ‘භවත් ගෞතමයිනි, මනුෂ්‍ය ලෝකයටය.’ ‘මෙතෙම කොහි ගියේයද?’ ‘භවත් ගෞතමයිනි, දෙව්ලොවටය’යි තිදෙනාගේම ගිය තැන කීවේය. පිරිනිවන් පෑවහුගේ හිස නියෙන් පහරන්නේ අන්තයක් කෙළවරක් නොදකියි. ඉක්බිති ශාස්තාන්වහන්සේ ඔහුට වංගීස, නොහැක්කෙහිදැයි ඇසූ සේක. ‘බලනු මැනව භවත් ගෞතමයිනි, තවදුරටත් පරීක්ෂා කරමි’යි යළ යළිත් පෙරළා බලාද බාහිර මන්ත්‍රයකින් ක්ෂීණාශ්රවයකුගේ ගතිය කෙසේ දැන ගනීද? ඉක්බිති ඔහුගේ හිසින් දහදිය වගුළේය. හෙතෙම ලජ්ජාවට පත්ව නිහඬව සිටියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුගෙන් ‘වංගීස, විඩා වන්නෙහිදැයි ඇසූසේක. ‘එසේය භවත් ගෞතමයිනි, මේ සත්වයා ගිය තැන දැනීමට නොහැක්කෙමි. ඉදින් ඔබවහන්සේ දන්නාසෙක් නම් කියනු මැනව.’ ‘වංගීස, මම මෙයද දනිමි. මෙයින් මත්තෙහිවූ දෙයක්වුවද දන්නෙමියි වදාරා ධර්මපදයෙහි මේ ගාථා දෙක පැවසූසේක.
“චුතිං යො වෙදි සත්තානං, උපපත්තිං ච සබ්බසො; අසත්තං සුගතං බුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
‘යමෙක් සර්වප්රකාරයෙන් සත්වයන්ගේ චුතියද උත්පත්තියද දනියිද නොඇළුණු, මනාගති ඇති අවබෝධ කල ඔහු බ්රාහ්මණයැකයි මම කියමි.’ දෙවියෝ ගාන්ධර්වයෝ හා මිනිස්සු යමෙකුගේ ගතිය නොදිත්ද? ක්ෂයකළ ආශ්‍රවයන් ඇති රහත්වූ ඔහු බ්රාහ්මණයකැයි මම කියමි.’
“යස්ස ගතිං න ජානන්ති, දෙවා ගන්ධබ්බමානුසා; ඛීණාසවං අරහන්තං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 419-420);
තතො වඞ්ගීසො ආහ – “භො ගොතම, විජ්ජාය විජ්ජං දෙන්තස්ස නාම පරිහානි නත්ථි, අහං අත්තනා ජානනකං මන්තං තුම්හාකං දස්සාමි, තුම්හෙ එතං මන්තං මය්හං දෙථා”ති. වඞ්ගීස, න මයං මන්තෙන මන්තං දෙම, එවමෙව දෙමාති. “සාධු, භො ගොතම, දෙථ මෙ මන්ත”න්ති අපචිතිං දස්සෙත්වා හත්ථකච්ඡපකං කත්වා නිසීදි. කිං, වඞ්ගීස, තුම්හාකං සමයෙ මහග්ඝමන්තං වා කිඤ්චි වා ගණ්හන්තානං පරිවාසො නාම න හොතීති? හොති, භො ගොතමාති. අම්හාකං පන මන්තො නිප්පරිවාසොති සඤ්ඤං කරොසීති? බ්රාහ්මණා නාම මන්තෙහි අතිත්තා හොන්ති, තස්මා සො භගවන්තං ආහ – “භො ගොතම, තුම්හෙහි කථිතනියාමං කරිස්සාමී”ති. භගවා ආහ – “වඞ්ගීස, මයං ඉමං මන්තං දෙන්තා අම්හෙහි සමානලිඞ්ගස්ස දෙමා”ති. වඞ්ගීසො “යංකිඤ්චි කත්වා මයා ඉමං මන්තං ගණ්හිත්වා ගන්තුං වට්ටතී”ති බ්රාහ්මණෙ ආහ. තුම්හෙ මයි පබ්බජන්තෙ මා චින්තයිත්ථ, අහං ඉමං මන්තං ගණ්හිත්වා සකලජම්බුදීපෙ ජෙට්ඨකො භවිස්සාමි. එවං සන්තෙ තුම්හාකම්පි භද්දකං භවිස්සතී”ති මන්තත්ථාය සත්ථු සන්තිකෙ පබ්බජි. සත්ථා “මන්තපරිවාසං තාව වසාහී”ති ද්වත්තිංසාකාරං ආචික්ඛි. පඤ්ඤවා සත්තො ද්වත්තිංසාකාරං සජ්ඣායන්තොව තත්ථ ඛයවයං පට්ඨපෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි.
ඉක්බිති වංගීස තෙමේ, ‘භවත් ගෞතමයිනි, විද්‍යාවෙන් විදයාව දෙන්නාට නම් වැය වීමක් නොවේ. මම තමන් දන්නා මන්ත්‍රය නුඹවහන්සේට දෙන්නෙමි. නුඹවහන්සේ මේ මන්ත්‍රය මට දෙනු මැනවැයි කීවේය. ‘වංගීස, අපි මන්ත්‍රයෙන් මන්ත්‍රය නොදෙමු. මෙසේම දෙමු.’ ‘භවත් ගෞතමයිනි, මැනවි. මන්ත්‍රය මට දෙනු මැනවැයි ගෞරවය දක්වා අත කැස ගන්වා ගෙන හුන්නේය. ‘කිමෙක්ද වංගීස, නුඹලාගේ ආගමෙහි මහාර්ඝ මන්ත්‍රයක් හෝ යම්කිසිවක් හෝ ගන්නවුන්ට පරිවාසයක් නම් නොවෙයිද?’ ‘භවත් ගෞතමයිනි, වෙයි’ ‘අපගේ මන්ත්‍රය වනාහි පරිවාස රහිතය’යි සංඥවක් කරව’ බ්‍රාහ්මණයෝ නම් මන්ත්‍රයන්ගෙන් තෘප්තිමත්වූවෝ නොවෙත්, එහෙයින් හෙතෙම භාග්‍යවතුන්වහන්සේට නුඹවහන්සේ විසින් කියනලද ක්‍රමයක් කරන්නෙමි’යි කීවේය. භාග්‍යවතුන්වහන්සේ, ‘වංගීස, අපි මේ මන්ත්‍රය දෙන්නමෝ අප සමාන ලක්ෂණය ඇත්තවුන්ට දෙමු’යි කීසෙක්. වංගීස තෙමේ ‘යම්කිසිවක් කොට මාවිසින් මේ මන්ත්‍රය ගන්වාගන්ට වටීය’යි බ්‍රාහ්මණයින්ට, නුඹලා මා පැවිදිවනකල්හි නහමක් නොසිතවු. මම මේ මන්ත්‍රය උගෙන සියල් දඹදිව්හි ජ්‍යෙෂ්ටයා වන්නෙමි. එසේ ඇති කල්හි නුඹලාටද යහපතක් වන්නේය’යි කීවේය. (එසේ කියා) මන්ත්‍රය සඳහා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි පැවිදිවූයේය. ශාස්තාන්වහන්සේ, ‘එතෙක් මන්ත්රපරිවාසය වසව’යි දෙතිස් ආකාරය පැවසූසේක. නුවණැති සත්ව තෙමේ දෙතිස් ආකාරය සජ්ක්ධායනා කරන්නේම එහි ක්ෂයව්යය පිහිටුවා විදසුන් වඩා රහත්බවට පැමිණියේය.
තස්මිං අරහත්තං පත්තෙ බ්රාහ්මණා “කා නු ඛො වඞ්ගීසස්ස පවත්ති, පස්සිස්සාම න”න්ති තස්ස සන්තිකං ගන්ත්වා “කිං, භො වඞ්ගීස, සමණස්ස ගොතමස්ස සන්තිකෙ සිප්පං සික්ඛිත”න්ති පුච්ඡිංසු. ආම, සික්ඛිතන්ති. තෙන හි එහි ගමිස්සාමාති. ගච්ඡථ තුම්හෙ, තුම්හෙහි සද්ධිං ගන්තබ්බකිච්චං මය්හං නිට්ඨිතන්ති. පඨමමෙව අම්හෙහි තුය්හං කථිතං “සමණො ගොතමො අත්තානං පස්සිතුං ආගතෙ මායාය ආවට්ටෙතී”ති. ත්වං හි ඉදානි සමණස්ස ගොතමස්ස වසං ආපන්නො, කිං මයං තව සන්තිකෙ කරිස්සාමාති ආගතමග්ගෙනෙව පක්කමිංසු. වඞ්ගීසත්ථෙරොපි යං යං වෙලං දසබලං පස්සිතුං ගච්ඡති, එකං ථුතිං කරොන්තොව ගච්ඡති. තෙන තං සත්ථා සඞ්ඝමජ්ඣෙ නිසින්නො පටිභානවන්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඔහු රහත්බවට පත් කල්හි බමුණෝ ‘වංගීසගේ පුවත් කෙසේද ඔහු විමසමු’යි ඔහු සමීපයට ගොස් ‘කිමෙක්ද වංගීස, ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි ශිල්ප උගත්හුදැයි ඇසූහ. ‘එසේය උගන්නාලදී ‘එසේනම් එව, යන්නෙමු.’ නුඹල යන්න. ‘නුඹලා සමඟ මගේ යාම නිමියේය.’ පළමුවම අප විසින්, ශ්‍රමණභවත් ගෞතමයෝ තමන් දැකීමට ආවුත් මායාවෙන් පොළඹවා ගනිති’යි නුඹට කියනලදි. නුඹද දැන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ වාසයට පැමිණියෙහිය. අපි කුමක් නුඹ සමීපයෙහි කරන්නෙමුදැ’යි ආමගින්ම ගියාහුය. වංගීස තෙරණුවෝද යම් යම් වේලක භාග්‍යවතුන් දැක්මට යන්නහුද එක් ස්තුතියක් කරමින්ම යති. එහෙයින් ශාස්තෲන්වහන්සේ සඟ මැද වැඩහුන් සේක් ඔහු ප්රතිභානවන්තයින් අතුරින් අග්‍රස්ථානයෙහි තැබූසේක.
උපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරවත්ථු
උපසේන තෙරණුවෝ
පඤ්චමෙ සමන්තපාසාදිකානන්ති සබ්බපාසාදිකානං. උපසෙනොති තස්ස ථෙරස්ස නාමං. වඞ්ගන්තබ්රාහ්මණස්ස පන සො පුත්තො, තස්මා වඞ්ගන්තපුත්තොති වුච්චති. අයං පන ථෙරො න කෙවලං අත්තනාව පාසාදිකො, පරිසාපිස්ස පාසාදිකා, ඉති පරිසං නිස්සාය ලද්ධනාමවසෙන සමන්තපාසාදිකානං අග්ගො නාම ජාතො.
පස්වැන්නෙහි සමන්තපාසාදිකානං යනු සියල්ලන් පහදවන්නවුන් අතුරිනි. උපසෙනො යනු ඒ තෙරුන්ගේ නමයි. හෙතෙම වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍රයායි. එබැවින් වඞ්ගන්ත පුත්තො යි කියනු ලැබේ. මේ තෙරුන්වහ්නසේ වනාහි හුදෙක් තමා පමණක්ම පහදවන සුලුවූයේය නොවේ. ඔහුගේ පිරිසද පහදවන සුලුයයි පිරිස නිසා ලද නමක් වශයෙන් සියල්ලන් පහදවන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.
පඤ්හකම්මෙ පනස්ස අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තො වයං ආගම්ම පුරිමනයෙනෙව සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුණමානො සත්ථාරං එකං භික්ඛුං සමන්තපාසාදිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සත්ථු අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ නාලකබ්රාහ්මණගාමෙ සාරිබ්රාහ්මණියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, උපසෙනදාරකොතිස්ස නාමං අකංසු.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්කල්හි හංසවතී නුවර කුලගෙයක උපන්නේ විය පත්ව පෙර පරිද්දෙන්ම ශාස්තෘන් සමීපයට ගොස් ධර්මය අසන්නේ එක් භික්ෂුවක සියල්ලන් පහදවන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන් දැක ශාස්තෘන් කෙරෙහි පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි නාලක බමුණු ගමෙහි සාරිබැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුට උපසෙන දරුවායි නම් කළහ.
සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා දසබලස්ස සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි. සො උපසම්පදාය එකවස්සිකො හුත්වා “අරියගබ්භං වඩ්ඪෙමී”ති එකං කුලපුත්තං අත්තනො සන්තිකෙ පබ්බාජෙත්වා උපසම්පාදෙසි. සො පවාරෙත්වා සද්ධිවිහාරිකස්ස එකවස්සිකකාලෙ අත්තනා දුවස්සො “දසබලො මං පස්සිත්වා තුසිස්සතී”ති සද්ධිවිහාරිකං ආදාය දසබලං පස්සිතුං ආගතො. සත්ථා තං වන්දිත්වා එකමන්තෙ නිසින්නං පුච්ඡි – “කතිවස්සොසි ත්වං භික්ඛූ”ති? දුවස්සො අහං භගවාති. අයං පන භික්ඛු කතිවස්සොති? එකවස්සො භගවාති. කින්තායං භික්ඛු හොතීති? සද්ධිවිහාරිකො මෙ භගවාති. අථ නං සත්ථා “අතිලහුං ඛො ත්වං, මොඝපුරිස, බාහුල්ලාය ආවත්තො”ති වත්වා අනෙකපරියායෙන විගරහි. ථෙරො සත්ථු සන්තිකා ගරහං ලභිත්වා භගවන්තං වන්දිත්වා “ඉමිනාව පුණ්ණචන්දසස්සිරිකෙන මුඛෙන සත්ථාරං පරිසමෙව නිස්සාය සාධුකාරං දාපෙස්සාමී”ති තංදිවසෙයෙව එකං ඨානං ගන්ත්වා විපස්සනාය කම්මං කත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි.
හෙතෙම වියපත්ව ත්‍රිවේදයන් උගෙන බුදුන්වහන්සේ සමීපයෙහි දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ වී ආර්‍ය්‍යගර්‍භය (ආර්‍ය්‍ය පිරිස) වඩමියි එක් කුලපුතකු තමා සමීපයෙහි පැවිදිකොට උපසපන් කළේය. හෙතෙම පවරා සද්ධිවිහාරිකයාට එක් වස් කල්හි තමා දෙවස්වූයේ බුදුන්වහන්සේ මාදැක සතුටු වන සේකැ’යි සද්ධිවිහාරිකයා රැගෙන බුදුන්වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෘන්වහන්සේ වැද එකත්පසෙක හුන්නාවූ ඔහුගෙන් මහණ, ඔබ කෙතෙක් වස් ඇත්තෙහිදැයි ඇසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, මම දෙවස් ඇත්තෙමි.’ ‘මේභික්ෂුව කෙතෙක් වස් ඇත්තේද?’ ‘භාග්‍යවතුන් වහන්ස, එක්වස් ඇත්තෙකි.’ ‘මේ භික්ෂුව ඔබේ කවරෙක් වේද’? ‘භාගයවතුන් වහන්ස, මගේ සද්ධිවිහාරිකයාය.’ ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඔහුට, ‘මොඝපුරිසය, ඔබ ඉතා ලාමකය. අධිකබවට පැමිණියෙහි’යයි කියා නොයෙක් අයුරින් නින්දා කළසේක. තෙරණුවෝ ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ භාගවතුන් වැඳ ‘මේ පුන්සඳක සොභා ඇති මුවින්ම ශාස්තෘන්වහන්සේ ලවා පිරිස නිසාම සාධුකාර දෙවන්නෙමැ’යි එදිනම එක් තැනකට ගොස් විදර්ශනාවට කටයුතු කොට නොබෝදිනකින්ම රහත් බවට පැමිණියහ.
තතො යස්මා ථෙරො මහාකුලතො නික්ඛමිත්වා පබ්බජිතො පථවිඝුට්ඨධම්මකථිකොව, තස්මා තස්ස ධම්මකථාය චෙව පසීදිත්වා මිත්තාමච්චඤාතිකුලෙහි ච නික්ඛමිත්වා බහූ කුලදාරකා ථෙරස්ස සන්තිකෙ පබ්බජන්ති. “අහං ආරඤ්ඤකො, තුම්හෙපි ආරඤ්ඤකා භවිතුං සක්කොන්තා පබ්බජථා”ති තෙරස ධුතඞ්ගානි ආචික්ඛිත්වා “සක්ඛිස්සාම, භන්තෙ”ති වදන්තෙ පබ්බාජෙති. තෙ අත්තනො බලෙන තං තං ධුතඞ්ගං අධිට්ඨහන්ති. ථෙරො අත්තනො දසවස්සකාලෙ විනයං පගුණං කත්වා සබ්බෙව උපසම්පාදෙසි. එවං උපසම්පන්නා චස්ස පඤ්චසතමත්තා භික්ඛූ පරිවාරා අහෙසුං.
ඉක්බිති, තෙරුන්වහන්සේ යම්හෙයකින් මහාකුලයකින් නික්ම පැවිදිවූයේ පොළොව හඬ නැංවූ ධර්ම කථිකයෙක් වූයේද එහෙයින් ඔහුගේ ධර්‍මකථාවෙන්ද පැහැද මිත්‍රාමාත්‍යඥතිකුලයන්ගෙන්ද නික්ම බොහෝ කුලදරුවෝ තෙරුන් සමීපයෙහි පැවිදිවෙත්. ‘මම ආරණ්‍යකයෙක්මි. නුඹලාද ආරණ්‍යකයන් වීමට හැකි වන්නාහු පැවිදි වවුයයි තෙරණුවෝ කීහ. ඔවුන් තෙළෙස් ධුතංගයන් විමසා ‘ස්වාමීනි, හැක්කෙමුයි’ කියන කල්හි පැවිදි කරවති. ඔවුහු තමන්ගේ බලයෙන් ඒ ඒ ධුතාංගය අධිෂ්ඨාන කරත්, තෙරණුවෝ තමන්ට දසවස් කල්හි විනය ප්‍රගුන කොට සියල්ලන්ම උපසපන් කරවූහ. මෙසේ ඔහුට උපසපන්වූම පන්සියයක් පමණවු භික්ෂු පිරිසක් විය.
තස්මිං සමයෙ සත්ථා ජෙතවනමහාවිහාරෙ වසන්තො “ඉච්ඡාමහං, භික්ඛවෙ, අද්ධමාසං පටිසල්ලීයිතු”න්ති භික්ඛුසඞ්ඝස්ස ආරොචෙත්වා එකවිහාරී හොති. භික්ඛුසඞ්ඝොපි “යො භගවන්තං දස්සනාය උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති කතිකං අකාසි. තදා උපසෙනත්ථෙරො “භගවන්තං පස්සිස්සාමී”ති අත්තනො පරිසාය සද්ධිං ජෙතවනං ගන්ත්වා සත්ථාරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා එකමන්තං නිසීදි. සත්ථා කථාසමුට්ඨාපනත්ථං අඤ්ඤතරං ථෙරස්ස සද්ධිවිහාරිකං ආමන්තෙසි – “මනාපානි තෙ භික්ඛු පංසුකූලානී”ති. “න ඛො මෙ, භන්තෙ, මනාපානි පංසුකූලානී”ති වත්වා උපජ්ඣායෙ ගාරවෙන පංසුකූලිකභාවං ආරොචෙසි. ඉමස්මිං ඨානෙ සත්ථා “සාධු සාධු, උපසෙනා”ති ථෙරස්ස සාධුකාරං දත්වා අනෙකපරියායෙන ගුණකථං කථෙසි. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන ඉදං වත්ථු පාළියං (පාරා· 565) ආගතමෙව. අථ සත්ථා අපරභාගෙ අරියගණමජ්ඣෙ නිසින්නො ඉමස්මිං සාසනෙ ථෙරං සමන්තපාසාදිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
එසමයෙහි ශාස්තාන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වසනසේක් ‘මහණෙනි, මම අඩමසක් විවේකීව සිටීමට කැමැත්තෙමි’යි බික්සඟනට සැළකොට හුදෙකලා වූසේක. භික්ෂු සංඝයාද යමෙක් භාග්‍යවතුන් දැක්මට එළඹෙයිද හෙතෙම පචිති ඇවැත් දෙසිය යුත්තෙයයි කතිකාවක් කළේය. එකල්හි උපසේන තෙරණුවෝ ‘භාග්‍යවතුන් දකින්නෙමි’යයි තමන්ගේ පිරිස සමඟ දෙව්රමට ගොස් ශාස්තෘන් වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෘන්වහන්සේ කථාව නංවනු සඳහා තෙරුන්ගේ එක් සද්ධිවිහාරිකයෙකු ඇමතූසේක. ‘භික්ෂුව ඔබට පංසුකූල සිවුරු මනාපද?’ ‘ස්වාමීනි, පංසුකූලසිවුරුවලට මා කැමති නැතැ’යි කියා උපාධ්‍යායයන් කෙරෙහි ගෞරවයෙන් පාංශුකූලිකබව සැළකළේය. මෙතැන්හි ශාස්තෘන්වහන්සේ ‘සාධු සාධු උපසේනය’යි පවසා තෙරුන්ට සාධුකාරදී නොයෙක් අයුරින් ගුණකථාව කළසේක. මේ මෙහි සංක්‍ෂපයයි. විස්තර වශයෙන් මෙය පෙළෙහි ආයේමය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි හුන්සේක් තෙරුන් මේ සසුනෙහි සියල්ලන් පහදවන්නවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
දබ්බත්ථෙරවත්ථු
දබ්බමල්ලපුත්තතෙරණුවෝ
ඡට්ඨෙ සෙනාසනපඤ්ඤාපකානන්ති සෙනාසනං පඤ්ඤාපෙන්තානං. ථෙරස්ස කිර සෙනාසනපඤ්ඤාපනකාලෙ අට්ඨාරසසු මහාවිහාරෙසු අසම්මට්ඨං පරිවෙණං වා අපටිජග්ගිතං සෙනාසනං වා අසොධිතං මඤ්චපීඨං වා අනුපට්ඨිතං පානීයපරිභොජනීයං වා නාහොසි. තස්මා සෙනාසනපඤ්ඤාපකානං අග්ගො නාම ජාතො. දබ්බොතිස්ස නාමං. මල්ලරාජකුලෙ පන උප්පන්නත්තා මල්ලපුත්තො නාම ජාතො.
සයවැන්නෙහි සෙනාසනපඤ්ඤපකානං යනු සෙනසුන් පනවන්නවුන් අතුරිනි. තෙරුන් සෙනසුන් පනවන කල්හි අටළොස් මහ වෙහෙරෙහි අමදිනු නොලද පිරිවෙණක් හෝ පිළිදැඟුම් නොකළ සෙනසුනක් හෝ නොසෝදන ලද ඇඳපුටුවක් හෝ නොඑළවන ලද පානීය පරිභෝජනීය ජලයක් හෝ නොවූයේය. එහෙයින් සෙනසුන් පනවන්නවුන් අතුරෙන් අග්‍ර නම් වූයේය. දබ්බො යනු ඔහුගේ නමයි. මල්ලරාජකුලයෙහි උපන් බැවින් මල්ලපුත්තො යන නම වූයේය.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයඤ්හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො වුත්තනයෙනෙව විහාරං ගන්ත්වා ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං සෙනාසනපඤ්ඤාපකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා සත්ථාරා බ්යාකතො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපදසබලස්ස සාසනස්ස ඔසක්කනකාලෙ පබ්බජි, තදා තෙන සද්ධිං අපරෙ ඡ ජනාති සත්ත භික්ඛූ එකචිත්තා හුත්වා අඤ්ඤෙ සාසනෙ අගාරවං කරොන්තෙ දිස්වා “ඉධ කිං කරොම, එකමන්තෙ සමණධම්මං කත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා”ති නිස්සෙණිං බන්ධිත්වා උච්චපබ්බතසිඛරං අභිරුහිත්වා “අත්තනො චිත්තබලං ජානන්තා නිස්සෙණිං පාතෙන්තු, ජීවිතෙ සාලයා ඔතරන්තු, මා පච්ඡානුතාපිනො අහුවත්ථා”ති වත්වා සබ්බෙ එකචිත්තා හුත්වා නිස්සෙණිං පාතෙත්වා “අප්පමත්තා හොථ, ආවුසො”ති අඤ්ඤමඤ්ඤං ඔවදිත්වා චිත්තරුචියෙසු ඨානෙසු නිසීදිත්වා සමණධම්මං කාතුං ආරභිංසු.
ඔහුගේ ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේ පියුමුතුරා බුදුන් කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද වියපත්වූයේ කීඅයුරින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්ෂුවක සෙනසුන් පනවන්නාවූ භික්ෂූන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම්කොට ඒ තනතුර පතා ශාස්තෘන් විසින් විවරණ දෙනලද්දේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ සසුනෙහි පිරිහෙනකල්හි පැවිදිවූයේය. එකල්හි ඔහු සමඟ වෙනත් සයදෙනෙකිසි සත්දෙනා එක්සිත් ඇත්තෝව සසුනට අගෞරව කරන අනයයන් දැක ‘මෙහි කුමක් කරමුද? එක් පෙදෙසක මහණදම්කොට දුක් කෙළවර කරන්නෙමු’යි හිණිමගක් බැඳ උස් පව්මුදුනකට නැඟ තමන්ගේ සිතේබලය දන්නාහු හිණිමග හෙලත්වා ජීවිතයෙහි ආශා ඇත්තෝ බසිත්වා පසුව තැවෙන්නෝ නොවෙත්වායි කියා සියල්ලෝ එක්සිත්වී හිණිමඟ හෙලා ‘ඇවැත්නි, අප්රමාදවවු’ යයි ඔවුනොවුන්ට ඔවාදී සිත්ඇලවූ තැන්හි හිඳ මහණදම් කිරීමට අරඹූහ.
තත්රෙකො ථෙරො පඤ්චමෙ දිවසෙ අරහත්තං පත්වා “මම කිච්චං නිප්ඵන්නං, අහං ඉමස්මිං ඨානෙ කිං කරිස්සාමී”ති ඉද්ධියා උත්තරකුරුතො පිණ්ඩපාතං ආහරිත්වා, “ආවුසො, ඉමං පිණ්ඩපාතං පරිභුඤ්ජථ, භික්ඛාචාරකිච්චං මමායත්තං හොතු, තුම්හෙ අත්තනො කම්මං කරොථා”ති ආහ. කිං නු ඛො මයං, ආවුසො, නිස්සෙණිං පාතෙන්තා එවං අවොචුම්හා “යො පඨමං ධම්මං සච්ඡිකරොති, සො භික්ඛං ආහරතු, තෙන ආභතං සෙසා පරිභුඤ්ජිත්වා සමණධම්මං කරිස්සන්තී”ති. නත්ථි, ආවුසොති. තුම්හෙ අත්තනො පුබ්බහෙතුනා ලභිත්ථ, මයම්පි සක්කොන්තා වට්ටස්සන්තං කරිස්සාම, ගච්ඡථ තුම්හෙති. ථෙරො තෙ සඤ්ඤාපෙතුං අසක්කොන්තො ඵාසුකට්ඨානෙ පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා ගතො. අපරො ථෙරො සත්තමෙ දිවසෙ අනාගාමිඵලං පත්වා තතො චුතො සුද්ධාවාසබ්රහ්මලොකෙ නිබ්බත්තො.
ඉක්බිති එක් තෙර කෙනෙක් පස්වෙනි දිනයෙහි රහත්බවට පැමිණ මගේ කිස නිමියේයි. මම මෙතැන්හි කුමක් කරම්දැ’යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය පරිභොග කරන්න. පිඬුසඳහා යාම මගේ වැඩක් වේවා! නුඹලා තමන්ගේ වැඩකරවු’යි කීවේය. ‘කිමෙක්ද ඇවැත්නි, අපි හිණිමග හෙලන්නාහු, ‘යමෙක් පළමුව දහම් පසක් කරන්නේද හෙතෙම භික්ෂාව ගෙනේවා! ඔහු ගෙනෙනලද්ද සෙස්සෝ පරිභොගකොට මහණදම් කරන්නාහු’යි මෙසේ කීවෙමුදැයි (අනෙක් අය ඇසූහ.)’ නැත, ඇවැත්නි,’ ‘නුඹවහන්සේ තමන්ගේ පූර්වහේතුවෙන් ලැබූහ. අපිද හැකිවන්නමෝ සසර කෙළවර කරන්නෙමු. නුමවහන්සේ යනු මැනව.’ තෙරණුවෝ ඔවුනට හඟවන්නට නොහැකි වන්නෝ පහසු තැනක පිණ්ඩපාතය වළඳා වැඩියහ. වෙනත් තෙරකෙනෙක් සත්වෙනි දිනයෙහි අනගැමි පෙලට පත්ව එයින් චුතවූයේ සුද්දාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය.
ඉතරෙපි ථෙරා තතො චුතා එකං බුද්ධන්තරං දෙවමනුස්සෙසු සංසරිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ තෙසු තෙසු කුලෙසු නිබ්බත්තා. එකො ගන්ධාරරට්ඨෙ තක්කසිලනගරෙ රාජගෙහෙ නිබ්බත්තො, එකො පබ්බතෙය්යරට්ඨෙ පරිබ්බාජිකාය කුච්ඡිම්හි නිබ්බත්තො, එකො බාහියරට්ඨෙ කුටුම්බිකගෙහෙ නිබ්බත්තො, එකො රාජගහෙ කුටුම්බිකගෙහෙ නිබ්බත්තො. අයං පන දබ්බත්ථෙරො මල්ලරට්ඨෙ අනුපියනගරෙ එකස්ස මල්ලරඤ්ඤො ගෙහෙ පටිසන්ධිං ගණ්හි. තස්ස මාතා උපවිජඤ්ඤකාලෙ කාලමකාසි, මතසරීරං සුසානං නෙත්වා දාරුචිතකං ආරොපෙත්වා අග්ගිං අදංසු. තස්සා අග්ගිවෙගසන්තත්තං උදරපටලං ද්වෙධා අහොසි. දාරකො අත්තනො පුඤ්ඤබලෙන උප්පතිත්වා එකස්මිං දබ්බත්ථම්භෙ නිපති. තං දාරකං ගහෙත්වා අය්යිකාය අදංසු. සා තස්ස නාමං ගණ්හන්තී දබ්බත්ථම්භෙ නිපතිත්වා ලද්ධජීවිතත්තා දබ්බොතිස්ස නාමං අකාසි.
සෙසු තෙරවරු එයින් චුත වූවාහු එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි ඒ ඒ කුලයන්හි උපන්නාහුය. එක්කෙනෙක් ගන්ධාර රට තක්සිලා නුවර රජගෙයක උපන්නේය. එක්කෙනෙක් පබ්බතිය රටෙහි පිරිවැජියකගේ කුසෙහි උපන්නේය. එක්කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි ගෙයක උපන්නේය. එක් කෙනෙක් රජගහනුවර කෙළෙඹි ගෙයක උපන්නේය. මේ දබ්බතෙරණුවෝ මල්ල රට අනුපිය නුවර එක් මල්ල රජෙකුගේ ගෙහි පිළිසිඳ ගත්හ. ඔහුගේ මව ප්‍රසුතියට ළංවූ කල්හි කළුරිය කළාය. මළසිරුර සොහොනට ගෙනවුත් දරසෑයට නංවා ගිනි දැල්වූහ. අග්නිවේගයෙන් තැවුණු ඇයගේ උදරය දෙකඩ වූයේය. දරුවා තමන්ගේ පින්බලයෙන් උඩට විසි වී එක් දැව කණුවක වැටුනේය. ඒ දරුවා ගෙන මිත්තනියට දුන්හ. ඈ ඔහුට නම් දෙන්නී දැන කණුවෙහි වැටී ලදදිවි ඇති බැවින් දබ්බයයි ඔහුට නම් කළාය.
තස්ස සත්තවස්සිකකාලෙ සත්ථා භික්ඛුසඞ්ඝපරිවාරො මල්ලරට්ඨෙ චාරිකං චරමානො අනුපියනිගමං පත්වා අනුපියම්බවනෙ විහරති. දබ්බකුමාරො සත්ථාරං දිස්වා දස්සනෙනෙව පසීදිත්වා පබ්බජිතුකාමො හුත්වා “අහං දසබලස්ස සන්තිකෙ පබ්බජිස්සාමී”ති අය්යිකං ආපුච්ඡි. සා “සාධු, තාතා”ති දබ්බකුමාරං ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා, “භන්තෙ, ඉමං කුමාරං පබ්බාජෙථා”ති ආහ. සත්ථා අඤ්ඤතරස්ස භික්ඛුනො සඤ්ඤං අදාසි “භික්ඛු ඉමං දාරකං පබ්බාජෙහී”ති. සො ථෙරො සත්ථු වචනං සුත්වා දබ්බකුමාරං පබ්බාජෙන්තො තචපඤ්චකං කම්මට්ඨානං ආචික්ඛි. පුබ්බහෙතුසම්පන්නො කතාභිනීහාරො සත්තො පඨමකෙසවට්ටියා ඔරොපියමානාය සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, දුතියකෙසවට්ටියා ඔරොපියමානාය සකදාගාමිඵලෙ, තතියාය අනාගාමිඵලෙ. සබ්බකෙසානං පන ඔරොපනඤ්ච අරහත්තඵලසච්ඡිකිරියා ච අපච්ඡා අපුරෙ අහොසි.
ඔහුට සත් අවුරුදු කල්හි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරා මල්ලරටෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් අනුපිය නියම්ගමට පැමිණ අනුපිය අඹවනයෙහි වාසය කරනසේක. දබ්බකුමාරයා ශාස්තෘන්වහන්සේ දැක දැකීමෙන්ම පැහැද පැවිදිවනු කැමැත්තෙවී බුදුරදුන් සමීපයෙහි පැවිදි වන්නෙමැයි මිත්තනියගෙන් ඇසීය. ඕ මැනවි දරුවයි දබ්බකුමරු රැගෙන බුදුරදුන් සමීපයට ගොස් ‘ස්වාමීනි, මේ කුමරුන්, පැවිදිකරවනු මැනවැ’යි කීවාය. බුදුරජාණන්වහන්සේ එක්තරා භික්ෂුවකට ‘භක්ෂුව, මේ දරුවා පැවිදි කරවන්නැ’යි සංඥාවක් දුන්සේක. ඒ තෙරණුවෝ ශාස්තාවචනය අසා දබ්බ කුමරුවා පැවිදි කරන්නේ තචපංචක කමටහන පැවසූහ. පෙර හේතු සම්පත් ඇති, කළ පැතුම් ඇති සත්ව තෙමේ පළමු කෙස්වැටිය බහන කෙණෙහි සෝවාන් පෙලෙහි පිහිටියේය. දෙවැනි කෙස්වැටිය බහන විට සකෘදාගාමි ඵලයෙහිද තෙවැන්න බහනවිට අනාගාමි ඵලයෙහිද සියලු කෙස් බැහීමද රහත්ඵලය පසක් කිරීමද නොපසුව නොපෙරටුව සිදුවිය.
සත්ථා මල්ලරට්ඨෙ යථාභිරන්තං විහරිත්වා රාජගහං ගන්ත්වා වෙළුවනෙ වාසං කප්පෙසි. තත්රායස්මා දබ්බො මල්ලපුත්තො රහොගතො අත්තනො කිච්චනිප්ඵත්තිං ඔලොකෙත්වා සඞ්ඝස්ස වෙය්යාවච්චකරණෙ කායං යොජෙතුකාමො චින්තෙසි – “යංනූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්යං, භත්තානි ච උද්දිසෙය්ය”න්ති. සො සත්ථු සන්තිකං ගන්ත්වා අත්තනො පරිවිතක්කං ආරොචෙසි. සත්ථා තස්ස සාධුකාරං දත්වා සෙනාසනපඤ්ඤාපකත්තඤ්ච භත්තුද්දෙසකත්තඤ්ච සම්පටිච්ඡි. අථ නං “අයං දබ්බො දහරොව සමානො මහන්තට්ඨානෙ ඨිතො”ති සත්තවස්සිකකාලෙයෙව උපසම්පාදෙසි. ථෙරො උපසම්පන්නකාලතොයෙව පට්ඨාය රාජගහං උපනිස්සාය විහරන්තානං සබ්බභික්ඛූනං සෙනාසනානි ච පඤ්ඤාපෙති, භික්ඛඤ්ච සම්පටිච්ඡිත්වා උද්දිසති. තස්ස සෙනාසනපඤ්ඤාපකභාවො සබ්බදිසාසු පාකටො අහොසි – “දබ්බො කිර මල්ලපුත්තො සභාගසභාගානං භික්ඛූනං එකට්ඨානෙ සෙනාසනානි පඤ්ඤාපෙති, දූරෙපි සෙනාසනං පඤ්ඤාපෙතියෙව. ගන්තුං අසක්කොන්තෙ ඉද්ධියා නෙතීති.
ශාස්තෘන්වහන්සේ මල්ල රටෙහි කැමැති පරිද්දෙන් වැස රජගහ නුවරට සැපත්ව වෙළුවනයෙහි විසුසේක. එහි ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරණුවෝ රහසිගත වූවාහු තමන්ගේ කටයුතු නිමාවීම බලමින් සංඝයාට වතාවත් කිරීමෙහි කය යොදනු කැමැත්තෝ, ඉදින් ‘මම සංඝයාට සෙනසුන් පනවන්නෙම්ද බත් උදෙසන්නෙම්ද නම් යෙහෙකැයි සිතූහ. හෙතෙම ශාස්තෘන් සමීපයට ගොස් තමන්ගේ අදහස දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාරදී ඔහුගේ සෙනාසන පඤ්ඤාපක බවද භත්තුද්දෙසක බවද පිළිගත් සේක. ඉක්බිති ඔහුට ‘මේ දබ්බතෙමේ දහරයෙක් (කුඩා කෙනෙක්) වූයේ මහත් තැනක සිටියේය’යි සත් අවුරුදු කල්හිම උපසපන් කරවූයේය. තෙරණුවෝ උපසපන් කාලයෙහි සිට රජගහනුවර ඇසුරුකොට වසන්නාවූ සියලු භික්ෂූන්ට සෙනසුන්ද පනවති. භික්‍ෂාවද පිළිගෙන උදෙසති. ඔහුගේ සේනාසන පඤ්ඤාපක භාවය සියලු දිශාවන්හි ප්‍රකට විය. ‘දබ්බමල්ල පුත්ත තෙරණුවෝ වනාහි සභාගී සභාගී භික්ෂූන්ට එක් එක් තැන්හි සෙනසුන් පනවති. දුරෙහිද සෙනසුන් පනවන්නේමය. යාමට නොහැකි වන්නවුන් සෘද්ධියෙන් පමුණුවන්නෝය’ යනුවෙනි.
අථ නං භික්ඛූ කාලෙපි විකාලෙපි “අම්හාකං, ආවුසො, ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං මද්දකුච්ඡිස්මිං මිගදායෙ”ති එවං සෙනාසනං උද්දිසාපෙත්වා තස්ස ඉද්ධිං පස්සන්තා ගච්ඡන්ති. සොපි ඉද්ධියා මනොමයෙ කායෙ අභිසඞ්ඛරිත්වා එකෙකස්ස ථෙරස්ස එකෙකං අත්තනා සදිසං භික්ඛුං නිම්මිනිත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගන්ත්වා “අයං මඤ්චො, ඉදං පීඨ”න්තිආදීනි වත්වා සෙනාසනං පඤ්ඤාපෙත්වා පුන අත්තනො වසනට්ඨානමෙව ආගච්ඡති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනිදං වත්ථු පාළියං ආගතමෙව. සත්ථා ඉදමෙව කාරණං අට්ඨුප්පත්තිං කත්වා අපරභාගෙ අරියගණමජ්ඣෙ නිසින්නො ථෙරං සෙනාසනපඤ්ඤාපකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඉක්බිති භිකෂූහු ඔහුට, කල්හිද නොකල්හිද ඇවැත්නි අපට ජීවකම්බ වනයෙහි සෙනසුන පනවන්න. අපට මද්දකුච්ඡියෙහි, මිගදායෙහි’යි මෙසේ සෙසුන උදෙසවානෙ ඔහුගේ සෘද්ධිය දක්නාහු යති. හෙතෙමේද සෘද්ධියෙන් මනෝමය කායයන් මවා එකිනෙක් තෙරුන්ට තමන් සමානවූ එකිනෙක් භික්ෂුවදී ඇගිල්ල දිලෙත්දී ඉදිරියෙන් ඉදිරියෙන් ගොස් මේ ඇඳය, මේ පුටුවය ආදිය කියා සෙනසුන පනවා යළි තමන් වසන තැනටම එයි. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් මේ කථාව පෙළෙහි ආයේමය. මෙකරුණම අර්‍ත්‍ථොත්පත්ති කොට මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍ය සමූහයා මැද වැඩසිටිසේක් තෙරුන් සෙනසුන් පනවන්නාවූ භික්ෂූන් අතුරෙන් අගතන්හි තැබූසේක.
පිලින්දවච්ඡත්ථෙරවත්ථු
පිළින්දිවච්ඡ තෙරණුවෝ
සත්තමෙ දෙවතානං පියමනාපානන්ති දෙවතානං පියානඤ්චෙව මනාපානඤ්ච පිලින්දවච්ඡත්ථෙරො අග්ගොති දස්සෙති. සො කිර අනුප්පන්නෙ බුද්ධෙ චක්කවත්තී රාජා හුත්වා මහාජනං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා සග්ගපරායණං අකාසි. යෙභුය්යෙන කිර ඡසු කාමසග්ගෙසු නිබ්බත්තදෙවතා තස්සෙව ඔවාදං ලභිත්වා නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා “කං නු ඛො නිස්සාය ඉමං සග්ගසම්පත්තිං ලභිම්හා”ති ආවජ්ජමානා ඉමං ථෙරං දිස්වා “ථෙරං නිස්සාය අම්හෙහි සම්පති ලද්ධා”ති සායංපාතං ථෙරං නමස්සන්ති. තස්මා සො දෙවතානං පියමනාපානං අග්ගො නාම ජාතො. පිලින්දොති පනස්ස ගොත්තං, වච්ඡොති නාමං. තදුභයං සංසන්දෙත්වා පිලින්දවච්ඡොති වුච්චති.
සත්වැන්නෙහි දෙවතානං පියමනාපානං යන්නෙන් දෙවියන්ට ප්රියවූවන්ද මනාපවූවන්ද අතුරින් පිළින්දිවච්ඡ තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනු ලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි බුදුන් පහළවීමට පෙර සක්විති රජෙක්වී මහජනයා පංචශීලයන්හි පිහිටුවා ස්වර්ගය පිහිටකොට ඇත්තවුන් කළහ. බොහෝ සෙයින් ෂඩ්විධ කාමස්වර්ගයන්හි උපන් දෙවිවරු ඔහුගේම අවවාද ලබා උපනුපන් තැන්හි තමන්ගේ සම්පත්තිය බලා කවරකු නිසා මේ ස්වර්ගසම්පත්තිය ලැබුවෙමුදැයි සිහිකරන්නාහු මේ තෙරුන් දැක තෙරුන් නිසා අපවිසින් සැපත් ලැබන ලදැයි උදේසවස තෙරුන් නමදැති. එබැවින් හෙතෙම දෙවියන්ට ප්‍රියමනාප වූවන් අතුරින් අග්‍ර නම්විය. පිළින්‍දි යනු ඔහුගේ ගෝත්‍රයයි. වචේඡා යනු නමයි. ඒ දෙක එකට ගලපා පිළින්‍දිවච්ඡයයි කියනුලැබේ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයං කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ්බත්තො පුරිමනයෙනෙව සත්ථු ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං දෙවතානං පියමනාපට්ඨානෙ ඨපෙන්තං දිස්වා තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. පිලින්දවච්ඡොතිස්ස නාමං අකංසු. සො අපරෙන සමයෙන සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා උපසම්පන්නො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. සො ගිහීහිපි භික්ඛූහිපි සද්ධිං කථෙන්තො “එහි, වසල, ගච්ඡ, වසල, ආහර, වසල, ගණ්හ, වසලා”ති වසලවාදෙනෙව සමුදාචරති. තං කථං ආහරිත්වා තථාගතං පුච්ඡිංසු – “භගවා අරියා නාම ඵරුසවාචා න හොන්තී”ති. භික්ඛවෙ, අරියානං පරවම්භනවසෙන ඵරුසවාචා නාම නත්ථි, අපිච ඛො පන භවන්තරෙ ආචිණ්ණවසෙන භවෙය්‍යාති. භන්තෙ, පිලින්දවච්ඡත්ථෙරො උට්ඨාය සමුට්ඨාය ගිහීහිපි භික්ඛූහිපි සද්ධිං කථෙන්තො, “වසල, වසලා”ති කථෙති, කිමෙත්ථ කාරණං භගවාති. භික්ඛවෙ, න මය්හං පුත්තස්ස එතං ඉදානෙව ආචිණ්ණං, අතීතෙ පනෙස පඤ්ච ජාතිසතානි වසලවාදිබ්රාහ්මණකුලෙ නිබ්බත්ති. ඉච්චෙස භවාචිණ්ණෙනෙව කථෙසි, න ඵරුසවසෙන. අරියානඤ්හි වොහාරො ඵරුසොපි සමානො චෙතනාය අඵරුසභාවෙන පරිසුද්ධොව, අප්පමත්තකම්පෙත්ථ පාපං න උපලබ්භතීති වත්වා ධම්මපදෙ ඉමං ගාථමාහ –
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙම වනාහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහ ධනවත් කුලයක උපන්නේ පෙර කියනලද අයුරින්ම ශාස්තෘන්වහන්සේගේ ධර්ම දේශනය අසන්නේ එක් භික්ෂුවක දෙවියන්ට ප්‍රියමනාපස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි සැවතෙහි බමුණු ගෙයක උපන්නේය. මොහුට පිළින්‍දිවච්ඡයයි නම් කළාහුය. හෙතෙම මෑතභාගයෙහි බුදුන්වහන්සේගේ ධර්මදේශනය අසා ලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසපන්වූයේ විදසුන් වඩා රහ්බවට පැමිණියේය. හෙතෙම ගිහියන් සමගද භික්ෂූන් සමඟද කථා කරන්නේ එව වසලය, යව වසලය, දෙව වසලය, ගනුව වසලයයි වසලවාදයෙන්ම ප්‍රකාශකරයි. ඒ කථාව ගෙනහැර තථාගතයන් වහන්සේගෙන් ‘භාග්‍යවතුන්වහන්ස, ආර්‍ය්‍යයෝ නම් පරුෂවචන ඇත්තෝ නොවෙති’යි විමසූහ. ‘මහණෙනි, ආර්‍ය්‍යවරුන්ගේ අනුන් පහත්කිරීම් වශයෙන් පරුසවචනයක් නම් නැත. එසේවුවත් භවාන්තරයෙහි පුරුදු කිරීම් වශයෙන් වන්නේය.’ ‘ස්වාමීනි, පිළින්‍දිවච්ඡතෙරහු නැඟිට නැඟිට ගිහියන් සමඟද භික්ෂූන් සමඟද කථාකරන්නාහු වසලය වසලයයි කියති. ස්වාමීනි, මෙහි කරුණ කිමේක්ද? මහණෙනි. මගේ පුතුගේ මෙය දැන් පමණක්ම පුරුදු කරනලද්දක් නොවේ. අතීතයෙහි මෙතෙම ජාති පන්සියයක් වසලවාදී බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේය. මෙසේ මෙතෙම භවපුරුද්දෙන්ම කියයි. ඵරුෂවශයෙන් නොවේ. ආර්‍ය්‍යයන්ගේ ව්‍යවහාරය ඵරුෂ සමානවුවද චෙතනාව කරණකොටගෙන අපරුෂ භාවයෙන් පිරිසුදු වූයේම වෙයි. මෙහි සුළුවුද පාපයක් හටනොගනීය’යි පවසා ධර්මපදයෙහි මේ ගාථාව දෙසූසේක.
“අකක්කසං විඤ්ඤාපනිං, ගිරං සච්චමුදීරයෙ; යාය නාභිසජෙ කඤ්චි, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
‘(යමෙක්) යම් වචනයකින් කිසිවකු කෝප නොකරන්නේද රළු නොවන අදහස් හඟවන සත්‍ය වචන ප්‍රකාශ කරන්නේද හෙතෙම බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.’
අථෙකදිවසං ථෙරො රාජගහං පිණ්ඩාය පවිසන්තො එකං පුරිසං පිප්පලීනං භාජනං පූරෙත්වා ආදාය අන්තොනගරං පවිසන්තං දිස්වා “කිං තෙ, වසල, භාජනෙ”ති ආහ. සො චින්තෙසි – “අයං සමණො මයා සද්ධිං පාතොව ඵරුසකථං කථෙසි, ඉමස්ස අනුච්ඡවිකමෙව වත්තුං වට්ටතී”ති “මූසිකවච්චං මෙ, භන්තෙ, භාජනෙ”ති ආහ. එවං භවිස්සති, වසලාති. තස්ස ථෙරස්ස දස්සනං විජහන්තස්ස සබ්බං මූසිකවච්චමෙව අහොසි. සො චින්තෙසි – “ඉමා පිප්පලියො මූසිකවච්චසදිසා පඤ්ඤායන්ති, සභාවො නු ඛො නො”ති වීමංසන්තො හත්ථෙන උප්පීළෙසි. අථස්ස උන්දූරවච්චභාවං ඤත්වා බලවදොමනස්සං උප්පජ්ජි. සො “ඉමායෙව නු ඛො එවරූපා, උදාහු සකටෙපී”ති ගන්ත්වා ඔලොකෙන්තො සබ්බාපි පිප්පලියො තාදිසාව දිස්වා හදයං හත්ථෙන සන්ධාරෙත්වා “ඉදං න අඤ්ඤස්ස කම්මං, මයා පාතොව දිට්ඨභික්ඛුස්සෙතං කම්මං, අද්ධා එකං උපායං භවිස්සති, තස්ස ගතට්ඨානං අනුවිචිනිත්වා එතං කාරණං ජානිස්සාමී”ති ථෙරස්ස ගතමග්ගං පුච්ඡිත්වා පායාසි.
ඉක්බිති එක්දිනක් තෙරුන්වහන්සේ රජගහනුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු තිප්පිලි භාජනයක පුරවා රැගෙන ඇතුළු නුවරට පිවිසෙන එක් පුරුෂයකු දැක ‘වසලය, නුඹේ භාජනයෙහි කිමෙක්දැයි ඇසූහ. හෙතෙම සිතීය: මේ ශ්‍රමණයා මා සමඟ උදෑසනම ඵරුෂ වචන කියයි. මොහුට සුදුසු දෙයක්ම කීමට වටී.’ එසේ සිතා, ‘ස්වාමීනි මගේ භාජනයෙහි මීබෙටිය’යි කීවේය. ‘වසලය, එසේ වන්නේය.’ ඒ තෙරුන් නොපෙනී යනවිට සියල්ල මීබෙටිම වූයේය. හෙතෙම සිතීය: මේ තිප්පිලි මීබෙටි සමානව පෙනේ. මේ ස්වභාවයද නැද්දැයි විමසනුයේ අතින් තද කළේය. ඉක්බිති ඔහුට මීබෙටි බව දැන බලවත් දොම්නසක් උපන්නේය. හෙතෙම මේවා පමණක් මෙබඳුවීද නැත්හොත් ගැලෙහිද එසේවීදැයි ගොස් බලන්නේ සියලුම තිප්පිලි එබඳුම වී ඇතිබව දැන අතින් පපුව දරාගෙන, ‘මෙය අනිකෙකුගේ වැඩක් නොවේ. මා උදෙන්ම දුටු භික්ෂුවගේ වැඩකි. ඒකානත්යෙන්ම (හෙතෙම) මායාවක් දන්නේය. ඔහුගිය තැන සොයා දැන ගෙන මෙකරුණ දනිමි’යි තෙරුන් ගියමග අසා (ඒ අනුව) ගියේය.
අථෙකො පුරිසො තං අතිවිය චණ්ඩිකතං ගච්ඡන්තං දිස්වා, “භො පුරිස, ත්වං අතිවිය චණ්ඩිකතොව ගච්ඡසි, කෙන කම්මෙන ගච්ඡසී”ති පුච්ඡි. සො තස්ස තං පවත්තිං ආරොචෙසි. සො තස්ස කථං සුත්වා එවමාහ – “භො, මා චින්තයි, මය්හං අය්යො පිලින්දවච්ඡො භවිස්සති, ත්වං එතදෙව භාජනං පූරෙත්වා ආදාය ගන්ත්වා ථෙරස්ස පුරතො තිට්ඨ. ‘කිං නාමෙතං, වසලා’ති වුත්තකාලෙ ච ‘පිප්පලියො, භන්තෙ’ති වද, ථෙරො ‘එවං භවිස්සති, වසලා’ති වක්ඛති. පුන සබ්බාපි පිප්පලියො භවිස්සන්තී”ති. සො තථා අකාසි. සබ්බා පිප්පලියො පටිපාකතිකා අහෙසුං. ඉදමෙත්තකං වත්ථු. අපරභාගෙ පන සත්ථා දෙවතානං පියමනාපකාරණමෙව වත්ථුං කත්වා ථෙරං දෙවතානං පියමනාපානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඉක්බිති එක් පුරුෂයෙක් ඉතා ඉක්මන් ගමන් ඇතිව යන ඔහු දැක ‘පින්වත් පුරුෂය, එබ ඉතා ඉක්මන් ගමන් ඇතිව යයි. කවර වැඩකට යන්නෙහිදැයි ඇසීය. හෙතෙම ඔහුට එපුවත සැළ කළේය. හෙතෙම ඔහුගේ කථාව අසා මෙසේ කීය: ‘පින්වත, නොසිතව, මගේ ආර්‍ය්‍යවූ පිළින්දිවච්ඡ තෙරණුවෝ වන්නාහ. නුඹ මේ භාජනයම පුරවා රැගෙන වුත් තෙරුන් ඉදිරියෙහි, සිටුව. මේ කිමෙක්ද වසලයයි කී කල්හි, ‘ස්වාමීනි, තිප්පිලිය’යි කියව. තෙරණුවෝ වසලය එසේ වන්නේයයි කියති. යළි සියල්ල තිප්පිලි වන්නේය.’ හෙතෙම එසේ කළේය. සියලු තිප්පිලි යළි මුලින් තිබූ ලෙසින්ම විය. මේ කථාවස්තුව මෙපමණෙකි. අපරභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙවියන්ට ප්රියමනාපබවම වස්තුකොට තෙරුන් දෙවියන්ට ප්රිමනාපවූවන් අතුරෙන් අග තනතුරහි තැබූසේක.
බාහියදාරුචීරියත්ථෙරවත්ථු
දාරුචිරිය තෙරණුවෝ
අට්ඨමෙ ඛිප්පාභිඤ්ඤානන්ති ඛිප්පං අධිගතඅභිඤ්ඤානං දාරුචීරියත්ථෙරො අග්ගොති දස්සෙති. අයඤ්හි ථෙරො සංඛිත්තධම්මදෙසනාපරියොසානෙ අරහත්තං පාපුණි, මග්ගඵලානං පරිකම්මකිච්චං නාහොසි. තස්මා ඛිප්පාභිඤ්ඤානං අග්ගො නාම ජාතො. බාහියරට්ඨෙ පන ජාතත්තා බාහියොතිස්ස නාමං අහොසි. සො අපරභාගෙ දාරුචීරං නිවාසෙසි. තස්මා දාරුචීරියො නාම ජාතො.
අටවැන්නෙහි ඛිප්පාභිඤ්ඤානං යන්නෙන් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරින් දාරුචීරිය තෙරුන්වහන්සේ අග්රවූහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ කෙටි දහම් දෙසුමක කෙළවර රහත්බවට පැමිණියහ. මාර්ගඵලයන්ගේ පරිකර්ම කෘත්‍යයක් නොවීය. එබැවින් වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රනම් වූහ. බාහිය රටේ උපන් බැවින් ඔහුට බාහිය යි නමක්විය. හෙතෙම පසු කලෙක දැවමය වස්ත්‍ර දැරීය. එබැවින් දාරුචීරිය නම්විය.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තො දසබලස්ස ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපදසබලස්ස සාසනස්ස ඔසක්කනකාලෙ හෙට්ඨා වුත්තෙහි භික්ඛූහි සද්ධිං සමණධම්මං කත්වා පරිපුණ්ණසීලො ජීවිතක්ඛයං පත්වා දෙවලොකෙ නිබ්බත්ති.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්ෂුවක වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට පිරිපුන් සිල් ඇත්තේ මියගොස් දෙව්ලොව උපන්නේය.
සො එකං බුද්ධන්තරං දෙවලොකෙ වසිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ බාහියරට්ඨෙ කුලගෙහෙ නිබ්බත්තො. වයං ආගම්ම ඝරාවාසං වසන්තො “වොහාරං කරිස්සාමී”ති සුවණ්ණභූමිගමනීයං නාවං අභිරුහි. නාවා ඉච්ඡිතං දෙසං අප්පත්වාව සමුද්දමජ්ඣෙ භින්නා, මහාජනො මච්ඡකච්ඡපභක්ඛො අහොසි. අයං පන එකං දාරුඛණ්ඩං ගහෙත්වා සත්තමෙ දිවසෙ සුප්පාරකපට්ටනෙ උත්තිණ්ණො මනුස්සාවාසං පත්වා “අචෙලකනියාමෙන මනුස්සෙ උපසඞ්කමිතුං අයුත්ත”න්ති අවිදූරෙ ඨානෙ එකං මහාතළාකා සෙවාලං ගහෙත්වා සරීරං වෙඨෙත්වා එකස්මිං ඨානෙ පතිතං එකං කපාලං ආදාය භික්ඛාය පාවිසි.
හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස මේ බුද්ධෝත්පාදයෙහි බාහිය රටෙහි කුලගෙයක උපන්නේ වියට පැමිණ ගිහිගෙහි වසන්නේ වෙළදාම කරන්නෙමියි ස්වර්ණභූමියට යායුතු නැවට නැංගේය. නැව බලාපොරොත්තු දෙසට නොපැමිණම මුහුද මැදදී බිඳීගියේය. මහජනයා මාළු කැසුබු ආදීන්ට බත්විය. මෙතෙම වනාහි එක් දැව කඩක් ගෙන සත්වැනි දිනයෙහි සුප්පාරක පටුනෙහි ගොඩබැස්සේ මිනිස්වාසයක් බව දැන නිරුවත් බවින් මිනිසුන් දැකීම නුසුදුසුයයි නුදුරුතන්හිවූ මහ විලෙක සෙවල ගෙන සිරුරවෙළා එක් තැනක වැටුණු කබලක් රැගෙන අහර සිඟමනෙහි ගියේය.
මනුස්සා තං දිස්වා චින්තෙසුං – “සචෙ ලොකෙ අරහන්තා නාම අත්ථි, එවංවිධෙහි භවිතබ්බං. කිං නු ඛො අය්යො උක්කට්ඨභාවෙන වත්ථං න ගණ්හාති, උදාහු දිය්යමානං ගණ්හෙය්යා”ති වීමංසන්තා නානාදිසාහි වත්ථානි ආහරිංසු. සො චින්තෙසි – “සචාහං න ඉමිනා නියාමෙන ආගමිස්සං, න මෙ එතෙ පසීදෙය්යුං, යංකිඤ්චි කත්වා ඉමෙ වඤ්චෙත්වා ජීවිකුපායං කාතුං වට්ටතී”ති වත්ථානි න පටිග්ගණ්හි. මනුස්සා භිය්යොසොමත්තාය පසන්නා මහාසක්කාරං කරිංසු. සොපි භත්තකිච්චං කත්වා අවිදූරට්ඨානෙ දෙවකුලං ගතො. මහාජනො තෙන සද්ධිංයෙව ගන්ත්වා දෙවකුලං පටිජග්ගිත්වා අදාසි. සො චින්තෙසි – “ඉමෙ මය්හං සෙවාලෙ නිවාසනමත්තෙ පසීදිත්වා එවංවිධං සක්කාරං කරොන්ති, එතෙසං මයා උක්කට්ඨෙනෙව භවිතුං වට්ටතී”ති සල්ලහුකානි රුක්ඛඵලකානි ගහෙත්වා තච්ඡෙත්වා වාකෙසු ආවුණිත්වා චීරං කත්වා නිවාසෙත්වා පාරුපිත්වා ජීවිකං කප්පෙන්තො වසි.
මිනිස්සු ඔහු දැක සිතූහ: ‘ඉදින් ලෝකෙහි රහත්හු ඇත්නම් මෙබඳු වූවන් වියයුතුය. කිමෙක්ද ආර්‍ය්‍යතෙමේ උත්කෘෂ්ට භාවයෙන් වස්ත්‍ර නොගනීද? නැතහොත් දෙනු ලබන්න ගන්නේදැ’යි විමසන්නාහු නොයෙක් දෙසින් වස්ත්‍ර ගෙනාවාහුය. හෙතෙම සිතීය: ‘ඉදින් මම මේ ක්‍රමයෙන් නොආවෙමි නම් මොවුහු මා කෙරෙහි නොපහදින්නාහුය. යම් කිසිවක් කොට මොවුන් රවටා ජීවනොපාය කිරීමට වටනේය’යි (මෙසේ සිතා) වස්ත්‍ර නොපිළිගත්තේය. මිනිස්සු බොහෝ සෙයින් පැහැදුනාහු මහත් සත්කාර කළාහුය. හෙතෙමේත් බත්කිස කොට නුදුරු තැන්හිවූ දෙවොලකට ගියේය. මහජනයා ඔහු සමඟම ගොස් දෙවොල පිළිදැගුම් කොට දුන්නේය. මොවුහු මට සෙවල හැඳීම් මාත්‍රයෙන් පැහැද මෙබඳු සත්කාර කරත්, මොවුන්ට මම උත්කෘෂ්ට බවින්ම පැවැතීමට වටීයයි හෙතෙම සිතීය. (එසේ සිතා) සැහැල්ලු රුක් ගෙඩි ගෙන තලා වැහැරි අවුණා පට්ට්යක් කොට හැඳ ජීවිකාව කරමින් වාසය කළේය.
අථ යො සො කස්සපබුද්ධකාලෙ සත්තසු ජනෙසු සමණධම්මං කරොන්තෙසු එකො භික්ඛු සුද්ධාවාසබ්රහ්මලොකෙ නිබ්බත්තො. සො නිබ්බත්තසමනන්තරමෙව අත්තනො බ්රහ්මසම්පත්තිං ඔලොකෙත්වා ආගතට්ඨානං ආවජ්ජෙන්තො සත්තන්නං ජනානං පබ්බතං ආරුය්හ සමණධම්මකරණට්ඨානං දිස්වා සෙසානං ඡන්නං නිබ්බත්තට්ඨානං ආවජ්ජෙන්තො එකස්ස පරිනිබ්බුතභාවං ඉතරෙසං පඤ්චන්නං කාමාවචරදෙවලොකෙ නිබ්බත්තභාවං ඤත්වා කාලානුකාලං තෙ පඤ්ච ජනෙ ආවජ්ජෙති. ඉමස්මිං පන කාලෙ “කහං නු ඛො”ති ආවජ්ජෙන්තො දාරුචීරියං සුප්පාරකපට්ටනං උපනිස්සාය කුහනකම්මෙන ජීවිකං කප්පෙන්තං දිස්වා “නට්ඨො වතායං බාලො, පුබ්බෙ සමණධම්මං කරොන්තො අතිඋක්කට්ඨභාවෙන අරහතාපි ආභතං පිණ්ඩපාතං අපරිභුඤ්ජිත්වා ඉදානි උදරත්ථාය අනරහාව අරහත්තං පටිජානිත්වා ලොකං වඤ්චෙන්තො විචරති, දසබලස්ස ච නිබ්බත්තභාවං න ජානාති, ගච්ඡාමි නං සංවෙජෙත්වා දසබලස්ස නිබ්බත්තභාවං ජානාපෙමී”ති තංඛණංයෙව බ්රහ්මලොකතො සුප්පාරකපට්ටනෙ රත්තිභාගසමනන්තරෙ දාරුචීරියස්ස සම්මුඛෙ පාතුරහොසි.
කාශ්‍යප බුද්ධකාලයෙහි සත්දෙනෙකු මහණදම් කරත්දී (ඔවුනතුරින්) එක් පුද්ගලයෙක් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේද හෙතෙම ඉපදීමට අනතුරුවම තමන්ගේ බ්‍රහ්ම සම්පත්තිය බලා පැමිණි තැන සිහි කරන්නේ සත් දෙනා පව්වට නැඟ මහණදම් කරනතැන දැක සෙසු සයදෙනාගේ උපන් තැන සිහිකරන්නේ එකෙකු පිරිනිවන් පෑබවද සෙසු පස්දෙනා කාමාවචර දිව්‍ය ලෝකයෙහි උපන් බවද දැන කලින් කලට ඒ පස්දෙනා සිහි කරයි. මෙකල්හි කොහිදැයි සිහි කරන්නේ දාරුචීරක පුද්ගලයා සුප්පාරක පටුන ඇසුරුකොට වංචනික ක්‍රියාවෙන් දිවි ගෙවනු දැක, ‘මේ බාලයා නටුයේවන. පෙර මහණදම් කරන්නේ අති උත්කෘෂ්ටභාවයෙන් රහත්වහන්සේ විසිනුදු ගෙනඑනලද පිණ්ඩපාතය නොවළඳා දැන් උදරාර්ත්ථය සඳහා රහතෙක් නොවීම රහත්බව හඟවා ලොව රවටමින් හැසිරෙයි. බුදුන්වහන්සේ උපන්බවද නොදනියි. යමි. ඔහු සංවේග කරවා දහබලයන්වහන්සේ පහළවූබව හඟවන්නෙමි’යි ක්ෂණයකින්ම බඹලොවින් නික්ම සුප්පාරක පටුනෙහි රාත්‍රි භාගයට අනතුරුව දාරුචීරකගේ ඉදිරියෙහි පහළවූයේය.
සො අත්තනො වසනට්ඨානෙ ඔභාසං දිස්වා බහි නික්ඛමිත්වා ඨිතො මහාබ්රහ්මං ඔලොකෙත්වා අඤ්ජලිං පග්ගය්හ “කෙ තුම්හෙ”ති පුච්ඡි. අහං තුය්හං පොරාණකසහායො අනාගාමිඵලං පත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තො. අම්හාකං පන සබ්බජෙට්ඨකො අරහත්තං පත්වා පරිනිබ්බුතො, තුම්හෙ පඤ්ච ජනා දෙවලොකෙ නිබ්බත්තා. ස්වාහං තං ඉමස්මිං ඨානෙ කුහනකම්මෙන ජීවන්තං දිස්වා දමෙතුං ආගතොති වත්වා ඉදං කාරණමාහ – “න ඛො ත්වං, බාහිය අරහා, නපි අරහත්තමග්ගං සමාපන්නො, සාපි තෙ පටිපදා නත්ථි, යාය ත්වං අරහා වා අස්ස අරහත්තමග්ගං වා සමාපන්නො”ති. අථස්ස සත්ථු උප්පන්නභාවං සාවත්ථියං වසනභාවඤ්ච ආචික්ඛිත්වා “සත්ථු සන්තිකං ගච්ඡාහී”ති තං උය්යොජෙත්වා බ්රහ්මලොකමෙව අගමාසි.
හෙතෙම තමන් වසන තැන ආලෝකයක් දැක පිටතට නික්ම සිටියේ මහබඹුදැක ඇදිලි බැඳ නුඹවහන්සේ කවරහුදැයි ඇසුවේය. මම නුඹේ පැරණි යහළුවා වූයේ අනාගාමි ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අපගේ සියල්ලන්ට දෙටුවූ තැනැත්තා රහත් බවට පැමිණ පිරිනිවියේයි. නුඹලා පස්දෙනා දෙව්ලොව උපන්නාහුය. ඒ මම නුඹ මෙතැන්හි වංචනික ක්‍රියාවෙන් ජීවත්වනු දැක දමනය කරන්නට පැමිණියෙමි’යි කියා මේ කරුණ පැවසීය. ‘බාහිය, නුඹ රහතෙක් නොවෙහි. රහත් මගට පිළිපන්නෙහිද නොවේ. යම් පිළිවෙතකින් ඔබ රහතෙක් වන්නෙහිද රහත් මගට හෝ පිළිපන්නෙහිද ඒ පිළිවෙත ඔබට නැත.’ ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ පහළවූබවද සැවතෙහි වෙසෙනබද දන්වා ශාස්තෘන් සමීපයට යවයි ඔහු උනන්දු කරවා බඹලොවටම ගියේය.
දාරුචීරියො මහාබ්රහ්මුනා සංවෙජිතො “මොක්ඛමග්ගං ගවෙසිස්සාමී”ති වීසයොජනසතං මග්ගං එකරත්තිවාසෙන ගන්ත්වා සත්ථාරං පිණ්ඩාය පවිට්ඨං අන්තරඝරෙ සම්පාපුණිත්වා සත්ථු පාදෙසු නිපතිත්වා “දෙසෙතු මෙ, භන්තෙ, භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්ම”න්ති යාවතතියං යාචි. සත්ථා “එත්තාවතා බාහියස්ස ඤාණං පරිපාකං ගත”න්ති ඤත්වා “තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සතී”ති (උදා· 10) ඉමිනා ඔවාදෙන ඔවදි. සොපි දෙසනාපරියොසානෙ අන්තරවීථියං ඨිතොව දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
දාරුචීරිය තෙමේද මහබඹු විසින් සංවේග දනවන ලද්දේ මොක්මග සොයන්නෙමැයි යොදුන් දෙදෙහසක් මග එක් රැයක් ගෙවීමෙන් ගොස් පිඬුවිස බුදුරජාණන්වහන්සේ ඇතළු ගෙට වැඩමවා උන්වහන්සේගේ පාමුල හෙව ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට ධර්මදේශනා කරත්වා! සුගතයන්වහන්සේ මට දහම් දෙසත්වා’යි තෙවෙනිවර දක්වා ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ මෙපමණකින් බාහියගේ නුවන මිහිකිරීමටට ගියේයයි දැන. ‘එසේ නම් බාහිය, දුටු දෙයෙහි දුටුදෙය පමණක් වන්නේ යම්සේද එසේ ඔබ හික්මිය යුතුය’යි මේ අවවාදයෙන් ඔවදන් දුන්සේක. දෙසුම කෙළවර අතුරුවීථියෙහි සිටියේම දෙසුම අනුව නුවණ යොමා සිවුපිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය.
සො අත්තනො කිච්චං මත්ථකප්පත්තං ඤත්වා භගවන්තං පබ්බජ්ජං යාචිත්වා අපරිපුණ්ණපත්තචීවරතාය පත්තචීවරං පරියෙසන්තො සඞ්කාරට්ඨානතො චොළක්ඛණ්ඩානි සංකඩ්ඪති. අථ නං පුබ්බවෙරිකො අමනුස්සො එකිස්සා තරුණවච්ඡාය ගාවියා සරීරෙ අධිමුච්චිත්වා ජීවිතක්ඛයං පාපෙසි. සත්ථා සාවත්ථිතො නික්ඛමන්තො අන්තරවීථියං බාහියං සඞ්කාරට්ඨානෙ පතිතං දිස්වා “ගණ්හථ, භික්ඛවෙ, බාහියස්ස දාරුචීරියස්ස සරීර”න්ති නීහරාපෙත්වා සරීරකිච්චං කාරෙත්වා චාතුමහාපථෙ චෙතියං කාරාපෙසි. තතො සඞ්ඝමජ්ඣෙ කථා උදපාදි – “තථාගතො භික්ඛුසඞ්ඝෙන බාහියස්ස සරීරජ්ඣාපනකිච්චං කාරෙසි, ධාතුයො ගහෙත්වා චෙතියං කාරෙසි, කතරමග්ගො නු ඛො තෙන සච්ඡිකතො, සාමණෙරො නු ඛො සො, භික්ඛු නු ඛො”ති චිත්තං උප්පාදයිංසු. සත්ථා තං අට්ඨුප්පත්තිං කත්වා “පණ්ඩිතො, භික්ඛවෙ, බාහියො”ති උපරි ධම්මදෙසනං වඩ්ඪෙත්වා තස්ස පරිනිබ්බුතභාවං පකාසෙසි. පුන සඞ්ඝමජ්ඣෙ කථා උදපාදි “න ච සත්ථාරා බාහියස්ස බහු ධම්මො දෙසිතො, අරහත්තං පත්තොති ච වදෙති. කිං නාමෙත”න්ති? සත්ථා “ධම්මො මන්දො බහූති අකාරණං, විසපීතකස්ස අගදො විය චෙසො”ති වත්වා ධම්මපදෙ ගාථමාහ –
හෙතෙම තමන්ගේ කිස මුදුන්පත්වූබව දැන භාග්‍යවතුන්වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වා නොපිරිපුන් පාසිවුරු ඇති බැවින් පාසිවුරු සොයන්නේ කසළගොඩකින් රෙදි කැබලි අදියි. ඉක්බිති ඔහුව පෙර සතුරුවූ අමනුෂ්‍යයෙක් කුඩා පැටවකු ඇති දෙනකගේ සිරුරෙහි පිවිස ජීවිතක්ෂට පත් කළේය. ශාස්තෘන්වහන්සේ සැවතින් නික්මෙන සේක් අතුරුවීථියෙහි කසළගොඩ අසල වැටුණු බාහිය දැක ‘මහණෙනි, බාහිය දාරුචීරියගේ සිරුර ගනුව’යි ගෙන්වාගෙන ශරීරකෘත්‍යය කොට සිවුමංසලක චෛත්‍යයක් කරවූසේක. ඉක්බිති සඟ මැද කථාවක් ඇතිවිය. තථාගතයන්වහන්සේ බික්සඟන ලවා බාහියගේ සිරුර දැවීමේ කටයුතු කරවූසේක. ධාතූන් ගෙන චෛත්‍යයක් කරවූසේක. ඔහු විසින් කවරනම් මාර්ගයක් පසක් කරන ලද්දේද? හෙතෙම සාමණේරයෙක්ද භික්ෂුවක්දැයි අදහසක් ඉපදෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ එය අථෙර් ත්පත්ති කොට මහණෙනි, බාහිය පණ්ඩිතයෙකියි මත්තෙහි දම් දෙසුම වඩා ඔහු පිරිනිවන් පෑබව ප්‍රකාශකළසේක. යළි සඟමැද, ‘ශාස්තෘන්වහන්සේ විසින් බාහියට බොහෝ දහම් නොදෙසන ලදී. රහත්බවට පත්වූවේයයිද කියනුලැබේ. මේ කුමක් නම් වේදැ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ, ‘ධර්මය ටිකය බොහෝය යනු කරුණක් නොවේ. මෙය විෂ බීවෙකුට බෙහෙතක් මෙනැයි පවසා ධර්මපදයෙහි ගාථාවක් දෙසූසේක:
“සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසංහිතා; එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා උපසම්මතී”ති. (ධ· ප· 100);
‘අනර්ත්ථපදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසිදේද එබඳුවූ එක්ගාථා පදයක් උතුමි.
දෙසනාපරියොසානෙ චතුරාසීති පාණසහස්සානි අමතපානං පිවිංසු. ඉදඤ්ච පන බාහියත්ථෙරස්ස වත්ථු සුත්තෙ (උදා· 10) ආගතත්තා විත්ථාරෙන න කථිතං. අපරභාගෙ පන සත්ථා සඞ්ඝමජ්ඣෙ නිසින්නො බාහියත්ථෙරං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
දෙසුම අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. බාහිය තෙරුන්ගේ මේ කථාවස්තුවද සූත්‍රයෙහි ආබැවින් විස්තර වශයෙන් නොකියනලදී. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ සඟමැද වැඩහුන් සේක් බාහිය තෙරුන් වහාලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.
කුමාරකස්සපත්ථෙරවත්ථු
කුමාරකස්සප තෙරණුවෝ
නවමෙ චිත්තකථිකානන්ති විචිත්තං කත්වා ධම්මං කථෙන්තානං. ථෙරො කිර එකස්සපි ද්වින්නම්පි ධම්මං කථෙන්තො බහූහි උපමාහි ච කාරණෙහි ච මණ්ඩයිත්වා බොධෙන්තො කථෙති. තස්මා චිත්තකථිකානං අග්ගො නාම ජාතො.
නවවැන්නෙහි චිත්තකථිකානං යනු විසිතුරුකොට ධර්මය දෙසන්නවුන් අතුරිනි. තෙරුන්වහන්සේ වනාහි එක්කෙනෙකුටවුවද දෙදෙනෙකුටවුවද දහම් දෙසන්නාහු බොහෝ උපමාවන්ගෙන්ද කරුණින්ද සරසා අවබෝද කරවමින් දෙසති. එබැවින් විසිතුරුකොට දෙසන්නන් අතුරින් අග්‍රනම් වූහ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ පටිසන්ධිං ගණ්හිත්වා වයප්පත්තො දසබලස්ස ධම්මකථං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං චිත්තකථිකානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙත්වා දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපබුද්ධසාසනොසක්කනකාලෙ සත්තන්නං භික්ඛූනං අබ්භන්තරො හුත්වා පබ්බතමත්ථකෙ සමණධම්මං කත්වා අපරිහීනසීලො තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා එකං බුද්ධන්තරං සම්පත්තිං අනුභවමානො අම්හාකං සත්ථු කාලෙ රාජගහෙ එකිස්සා කුලදාරිකාය කුච්ඡිම්හි උප්පන්නො. සා ච පඨමං මාතාපිතරො යාචිත්වා පබ්බජ්ජං අලභමානා කුලඝරං ගතා ගබ්භං ගණ්හි. තම්පි අජානන්තී සාමිකං ආරාධෙත්වා තෙන අනුඤ්ඤාතා භික්ඛුනීසු පබ්බජිතා. තස්සා ගබ්භනිමිත්තං දිස්වා භික්ඛුනියො දෙවදත්තං පුච්ඡිංසු, සො “අස්සමණී”ති ආහ. දසබලං පුච්ඡිංසු, සත්ථා උපාලිත්ථෙරං පටිච්ඡාපෙසි. ථෙරො සාවත්ථිනගරවාසීනි කුලානි විසාඛඤ්ච උපාසිකං පක්කොසාපෙත්වා සොධෙන්තො “පුරෙ ලද්ධො ගබ්භො, පබ්බජ්ජා අරොගා”ති ආහ. සත්ථා “සුවිනිච්ඡිතං අධිකරණ”න්ති ථෙරස්ස සාධුකාරං අදාසි.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කතාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවති නුවර කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වූයේ බුදුන්වහන්සේගේ ධර්මකථාව අසමින් එක් භික්ෂුවක විචත්‍ර කථිකයන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පතා දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පිරිහෙනකල්හි භික්ෂූන් සත්දෙනාට ඇතුළත්ව පව්ව මත්තෙහි මහණදම්කොට නොපිරිහුනු සිල් ඇත්තේ එයින් චුතව දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සම්පත් විඳිනුලබන්නේ අපගේ බුදුරදුන්ගේ කාලයෙහි රජගහ නුවර එක් කුලදැරියකගේ කුසෙහි උපන්නේය. ඕද පළමුව මව්පියන් අයැද පැවිද්ද නොලබන්නී කුලගෙයට ගියා ගැබ පිහිටිබව නොදන්නී හිමියා සතුටු කොට ඔහුවිසින් අනුදන්නාලද්දී භික්ෂූණීන් අතරෙහි පැවිදිවූවාය. ඇයගේ ගැබ් නිමිති දැක භික්ෂුණිහු දෙව්දත්ගෙන් ඇසුවාහුය. හෙතෙම අශ්රමණියකැයයි කීවේය. බුදුන්වහන්සේගෙන් විමසූහ. ශාස්තෘන්වහන්සෙ උපාලි තෙරුනට පැවරූසේක. තෙරුන්වහන්සේ සැවැත් නුවරවැසි කුලයන්ද විශාඛා උවැසියද කැඳවා (පරීක්ෂණයකින්) පිරිසිදු කරන්නාහු කලින් ලබනලද ගැබකි. පැවිද්ද නිකැලැල්යයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ මනාව විනිශ්චය කරනලද අධිකරණයකැයි තෙරුනට සාධුකාර දුන්සේක.
සා භික්ඛුනී සුවණ්ණබිම්බසදිසං පුත්තං විජායි. තං ගහෙත්වා රාජා පසෙනදිකොසලො පොසාපෙසි, කස්සපොති චස්ස නාමං කත්වා අපරභාගෙ අලඞ්කරිත්වා සත්ථු සන්තිකං නෙත්වා පබ්බාජෙසි. කුමාරකාලෙ පන පබ්බජිතත්තා භගවතා “කස්සපං පක්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස්සපස්ස දෙථා”ති වුත්තෙ “කතරකස්සපස්සාති. කුමාරකස්සපස්සා”ති එවං ගහිතනාමත්තා තතො පට්ඨාය වුඩ්ඪකාලෙපි කුමාරකස්සපොත්වෙව වුච්චති. අපිච රඤ්ඤො පොසාවනිකපුත්තත්තාපි කුමාරකස්සපොති තං සඤ්ජානිංසු.
ඒ භික්ෂුණිය රන් පිළිමයක් වැනි පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජතෙමේ ඔහුගෙන පෝෂණය කරවූයේය. කාශ්‍යපයයි ඔහුට නම්කොට මෑත භාගයෙහි සරසා ශාස්තෘන් සමීපයට පමුණුවා පැවිදි කරවූයේය. කුමාර අවධියෙහි පැවිදිවූ බැවින් භාග්‍යවතුන්වහන්සේ විසින් ‘කාශ්‍යප කැඳවවු, මේ ඵල හෝ කැවිලි හෝ කාශ්‍යපට දෙවු’යි කීකල්හි කවර කාශ්යපටදැයි (අසා) කුමාර කාශ්යපටයයි මෙසේ ගන්නාලද නම් බැවින් එතැන් පටන් මහළුකල්හිද කුමාර කාශ්‍යපයයි කියනුලැබේ. තවද රජු විසින් පෝෂණය කරවන ලද පුතකු වන බැවින්ද කුමාරකාශ්‍යප යනුවෙන්ම හැඳින්වූහ.
සො පබ්බජිතකාලතො පට්ඨාය විපස්සනාය චෙව කම්මං කරොති, බුද්ධවචනඤ්ච ගණ්හාති. අථ සො තෙන සද්ධිං පබ්බතමත්ථකෙ සමණධම්මං කත්වා අනාගාමිඵලං පත්වා සුද්ධාවාසෙ නිබ්බත්තො මහාබ්රහ්මා තස්මිං සමයෙ ආවජ්ජෙන්තො කුමාරකස්සපං දිස්වා “සහායකො මෙ විපස්සනාය කිලමති, ගන්ත්වා තස්ස විපස්සනාය නයමුඛං දස්සෙත්වා මග්ගඵලපත්තියා උපායං කරිස්සාමී”ති බ්රහ්මලොකෙ ඨිතොව පඤ්චදස පඤ්හෙ අභිසඞ්ඛරිත්වා රත්තිභාගසමනන්තරෙ කුමාරකස්සපත්ථෙරස්ස වසනට්ඨානෙ අන්ධවනෙ පාතුරහොසි. ථෙරො ආලොකං දිස්වා “කො එත්ථා”ති ආහ. “අහං පුබ්බෙ තයා සද්ධිං සමණධම්මං කත්වා අනාගාමිඵලං පත්වා සුද්ධාවාසෙ නිබ්බත්තබ්රහ්මා”ති ආහ. කෙන කම්මෙන ආගතත්ථාති? මහාබ්රහ්මා අත්තනො ආගතකාරණං දීපෙතුං තෙ පඤ්හෙ ආචික්ඛිත්වා “ත්වං ඉමෙ පඤ්හෙ උග්ගණ්හිත්වා අරුණෙ උට්ඨිතෙ තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡ, ඨපෙත්වා හි තථාගතං අඤ්ඤො ඉමෙ පඤ්හෙ කථෙතුං සමත්ථො නාම නත්ථී”ති වත්වා බ්රහ්මලොකමෙව ගතො.
හෙතෙම පැවිදිවූ කාලයෙහි සිටම විදර්ශනාව සඳහාද කටයුතු කරයි. බුදු වදන්ද උගනියි. ඉක්බිති ඔහු සමඟ පව්ව මත්තෙහි මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් ඒ මහා බ්‍රහ්මයා එකල්හි සිහි කරන්නේ කුමාර කාශ්‍යප දැක මගේ යහළුවා විදසුන් සඳහා වෙහෙසෙයි. ගොස් ඔහුට විදසුන් සඳහා ක්‍රමයක් දක්වා මගපල ඉපදවීම සඳහා උපායක් කරන්නෙමැයි බඹලොව සිටියේම පසළොස් ප්‍රශ්නයක් සකසා රාත්‍රිභාගයට අනතුරුව කුමාර කස්සප තෙරුන් වසන තැන අන්ධවනයෙහි පෙනීසිටියේ තෙරණුවෝ ආලෝකයක් දැක මෙහි කවරෙක්දැයි ඇසූහ. ‘මම පෙර ඔබ සමඟ මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් බ්‍රහ්මයා වෙමැයි කීවේය. ‘කවර කටයුත්තකට ආවාහුද?’ මහා බ්‍රහ්මයා තමන් පැමිණි කරුණ දැක්වීමට ඒ ප්‍රශ්න පවසා, නුඹද මේ ප්‍රශ්න උගෙණ අරුණ නැඟුණුකල්හි තථාගතයන් වෙත එළඹ අසව. තථාගතයන්වහන්සේ හැර මේ ප්‍රශ්න කීමට සමත්වූ අන්කෙනෙක් නම් නැතැයි කියා බඹලොවටම ගියේය.
ථෙරොපි පුනදිවසෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා මහාබ්රහ්මුනා කථිතනියාමෙනෙව පඤ්හෙ පුච්ඡි. සත්ථා කුමාරකස්සපත්ථෙරස්ස අරහත්තං පාපෙත්වා පඤ්හෙ කථෙසි. ථෙරො සත්ථාරා කථිතනියාමෙනෙව උග්ගණ්හිත්වා අන්ධවනං ගන්ත්වා විපස්සනං ගබ්භං ගාහාපෙත්වා අරහත්තං පාපුණි. තතො පට්ඨාය චතුන්නං පරිසානං ධම්මකථං කථෙන්තො බහුකාහි උපමාහි ච කාරණෙහි ච මණ්ඩෙත්වා චිත්තකථමෙව කථෙති. අථ නං සත්ථා පායාසිරඤ්ඤො පඤ්චදසහි පඤ්හෙහි පටිමණ්ඩෙත්වා සුත්තන්තෙ (දී· නි· 2.406 ආදයො) දෙසිතෙ තං සුත්තන්තං අට්ඨුප්පත්තිං කත්වා ඉමස්මිං සාසනෙ චිත්තකථිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
තෙරණුවෝද දෙවැනි දිනයෙහි ශාස්තෘන් වෙත එළඹ වැඳ මහාබ්‍රහ්මයා විසින් කියනලද අයුරින්ම ප්‍රශ්න ඇසූහ. ශාස්තෘන්වහන්සේ කුමාරකාශ්‍යප තෙරුන් රහත්බවට යොමුකොට ප්‍රශ්න විසඳූසේක. තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම උගෙන විදසුන් ගැබ් ගන්වාගෙන රහත්බවට පැමිණියහ. එතැන්පටන් සිවුපිරිසට ධර්මකථා කියන්නාහු බොහෝ දෙනාටද ටිකදෙනාටද උපමාවන්ගෙන්ද කරුණින්ද සරසා විසිතුරු කථාම කියති. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පායාසි රජුට පසළොස් ප්රශ්නයන්ගෙන් සරසා සූත්‍රාන්තය දෙසූකල්හි ඒ සූත්‍රාන්තය අෙර්ත්ථ ාපත්ති කොට තෙරුන් මෙසසුනෙහි විචිත්‍ර කථිකයන් අතුරෙන් අගතන්හි තැබූසේක.
මහාකොට්ඨිතත්ථෙරවත්ථු
මහා කොට්ඨිත තෙරණුවෝ
දසමෙ පටිසම්භිදාපත්තානන්ති චතස්සො පටිසම්භිදා පත්වා ඨිතානං මහාකොට්ඨිතත්ථෙරො අග්ගොති දස්සෙති. අයං හි ථෙරො අත්තනො පටිසම්භිදාසු චිණ්ණවසිභාවෙන අභිඤ්ඤාතෙ අභිඤ්ඤාතෙ මහාසාවකෙ උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්තොපි දසබලං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්තොපි පටිසම්භිදාසුයෙව පඤ්හං පුච්ඡති. ඉති ඉමිනා චිණ්ණවසිභාවෙන පටිසම්භිදාපත්තානං අග්ගො නාම ජාතො.
දසවැන්නෙහි පටිසමභිදාප්පත්තානං යන්නෙන් සිවු පිළිසිඹියාවන්ට පත්ව සිටියවුන් අතුරෙන් මහා කොට්ඨිත තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වනුලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි තමන්ගේ පිළිසිඹියාවන්හි පුරුදුකළ වසිතාවෙන් ප්‍රකට මහාශ්‍රාවකයන් වෙත එළම ප්‍රශ්න අසන්නාහුද භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ ප්‍රශ්න අසන්නාහුද පිළිසිඹියාවන් පිළිබඳවම ප්‍රශ්න අසති. මෙසේ මේ පුරුදුකිරීම් වශයෙන් පිළිසිඹියාපත්වූවන් අතුරෙන් අග්‍රනම් වූයේය.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ්බත්තො අපරෙන සමයෙන සත්ථු ධම්මකථං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං පටිසම්භිදාපත්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි. සො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. කොට්ඨිතමාණවොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා එකදිවසං සත්ථු ධම්මකථං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි. සො උපසම්පන්නකාලතො පට්ඨාය විපස්සනාය කම්මං කරොන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා නිච්චකාලං පටිසම්භිදාසු චිණ්ණවසී හුත්වා පඤ්හං පුච්ඡන්තො පටිසම්භිදාසුයෙව පුච්ඡති. අථ නං සත්ථා අපරභාගෙ මහාවෙදල්ලසුත්තං (ම· නි· 1.449 ආදයො) අට්ඨුප්පත්තිං කත්වා පටිසම්භිදාපත්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙමේත් පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරමහ ධනවත් කුලයක උපන්නේ පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්මකථා අසන්නේ එක් භික්ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරෙන් අග තන්හි තබන්නාවූ බුදුරජාණවහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිහිමියෙන් කුසල් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි බමුණු කුලයෙක උපන්නේය. කොට්ඨිත මානවකයයි ඔහුට කළාහුය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්ම කථාව අසාලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසපන් කාලයෙහි සිට විදර්ශනාවට කටයුතු කරන්නේ පිළිසිඹියා සමඟ රහත්බවට පත්ව නිබඳව පිළිසිඹියාවන්හි පුරුදු කරනලද වසිතාවෙන් යුක්තව පැන විමසන්නේ පිළිසිඹියාවන්හිම පැනව විමසයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි මහාවේදල්ල සූත්‍රය අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතැන්හි තැබූසේක.
තතියවග්ගවණ්ණනා.
තෙවෙනි වර්ගයයි.