යෙදුමෙන් කියවන්න

කුණ‍්ඩධානත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

කුණ‍්ඩධානත්‍ථෙරවත්‍ථු

කුණඩදාන තෙරණුවෝ

තතියෙ පඨමං සලාකං ගණ‍්හන‍්තානන‍්ති සබ‍්බපඨමං සලාකගාහකානං භික‍්ඛූනං කුණ‍්ඩධානත්‍ථෙරො අග‍්ගොති දස‍්සෙති. සො කිර ථෙරො මහාසුභද‍්දාය නිමන‍්තිතදිවසෙ තථාගතෙ උග‍්ගනගරං ගච‍්ඡන‍්තෙ “අජ‍්ජ සත්‍ථා දූරං භික‍්ඛාචාරං ගමිස‍්සති, පුථුජ‍්ජනා සලාකං මා ගණ‍්හන‍්තු, පඤ‍්චසතා ඛීණාසවාව ගණ‍්හන‍්තූ”ති වුත‍්තෙ පඨමමෙව සීහනාදං නදිත්‍වා සලාකං ගණ‍්හි. චූළසුභද‍්දාය නිමන‍්තිතදිවසෙ තථාගතෙ සාකෙතං ගච‍්ඡන‍්තෙපි පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං අන‍්තරෙ පඨමමෙව සලාකං ගණ‍්හි, සුනාපරන‍්තජනපදං ගච‍්ඡන‍්තෙපි. ඉමෙහි කාරණෙහි ථෙරො පඨමං සලාකං ගණ‍්හන‍්තානං අග‍්ගො නාම ජාතො. කුණ‍්ඩධානොති පනස‍්ස නාමං.

තෙවැන්නෙහි පඨමං සලාකං ගණභන්තානං’ යනු සියල්ලන්ට පළමුව ලහ ගන්නාවූ භික්‍ෂූන් අතුරෙන් කුණඩදාන තෙරුන්වහන්සේ අග්‍රයයි දක්වනු ලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි මහාසුභද්‍රා විසින් නිමන්ත්‍රණය කරනුලැබූ දිනයෙහි තථාගතයන්වහන්සේ උග්ගනුවරට වඩන කල්හි ‘අද ශාස්තෘන්වහන්සේ දුරට භික්‍ෂාචාරයට වඩිනසේක පෘථග්ජනයෝ සලාකය නොගනිත්වා! පන්සියයක් ක්‍ෂීණාශ්‍රවයෝම ගිනිත්වා’යි කීකල්හි පළමුවම සිංහනාද නඟා සලාකය ගත්හ. චුල්ලසුභද්‍රා විසින් අරයුම්කරනලද දිනයෙහි තථාගතයන්වහන්සේ සාකේතයට වඩිනකල්හිඳ පන්සියයක් භික්‍ෂූන් අතුරෙහි පළමුවම සලාකය ගත්හ. සුනාපරන්ත ජනපදයට වඩින කල්හිද මේ කරුණෙහිලා තෙරුන්වහන්සේ පළමුව සලාකය ගන්නවුන් අතුරින් අග්‍රනම් වූහ. කුණ්ඩධාන යනු ඔහුගේ නමයි.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුත‍්තනයෙනෙව විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං පඨමං සලාකං ගණ‍්හන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා බුද‍්ධානං අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා සත්‍ථාරා අනන‍්තරායං දිස‍්වා බ්‍යාකතො යාවජීවං කුසලං කත්‍වා දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො කස‍්සපබුද‍්ධකාලෙ භූමට‍්ඨකදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. දීඝායුකබුද‍්ධානඤ‍්ච නාම න අන්‍වද‍්ධමාසිකො උපොසථො හොති. විපස‍්සීදසබලස‍්ස හි ඡබ‍්බස‍්සන‍්තරෙ ඡබ‍්බස‍්සන‍්තරෙ උපොසථො අහොසි, කස‍්සපදසබලො පන ඡට‍්ඨෙ ඡට‍්ඨෙ මාසෙ පාතිමොක‍්ඛං ඔසාරෙසි. තස‍්ස පාතිමොක‍්ඛං ඔසාරණකාලෙ දිසාවාසිකා ද‍්වෙ සහායකා භික‍්ඛූ “උපොසථං කරිස‍්සාමා”ති ගච‍්ඡන‍්ති. අයං භුම‍්මදෙවතා චින‍්තෙසි – “ඉමෙසං ද‍්වින‍්නං භික‍්ඛූනං මෙත‍්ති අතිවිය දළ‍්හා, කිං නු ඛො භෙදකෙ සති භිජ‍්ජෙය්‍ය, න භිජ‍්ජෙය්‍යා”ති? තෙසං ඔකාසං ඔලොකයමානා තෙසං අවිදූරෙනෙව ගච‍්ඡති.

ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙහෙත වනාහි පදුමුත්තර බුද්ධ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ කියනලද නයින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්‍ෂුවක පළමුව සලාක ගන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක බුදුවරුන් උදෙසා පින්කම්කොට තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් අනතුරක් නොදැක විවරණ දෙලද්දේ දිවිඇති තෙක් කුසල් කොට දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප බුද්ධකාලයෙහි භූම්‍යසථ දෙවියෙක්වී උපන්නේය. දීර්‍ඝායුෂ්ක බුදුවරුන්ට වනාහි අඩමසක් පාසාවූ උපෝෂථයෙක් නොවෙයි. විපස්සී බුදුන්වහන්සේට සාවුරුද්දක් අතරෙහි උපොසථය වූයේය. කාශ්‍යප බුදුරජාණන්වහන්සේ වනාහි සමසකින් සමසකින් ප්‍රාතිමොක්‍ෂය ඇතුළත්කළසේක. උන්වහන්සේගේ ප්‍රාතිමොක්‍ෂය පවත්වන කාලයෙහි දිසාවාසී යහළු භික්‍ෂුදෙනමක් උපොෂථය කරන්නෙමුයයි යත්. මේ භූම්‍යස්ථ දේවතාවා (මෙසේ) සිතුවේය. මේ භික්‍ෂූන් දෙනමගේ මිත්‍රභාවය අතිශයින් දැඩිය. කිමෙක්ද බිඳින්නකු ඇතිකල්හි බිඳෙන්නේද නැද්ද යනුවෙනි. (මෙසේ සිතා) ඔවුන්ගේ අවසරයක් බලන්නේ ඔවුනට නුදුරුව නුදුරුවම යයි.

අථෙකො ථෙරො එකස‍්ස හත්‍ථෙ පත‍්තචීවරං දත්‍වා සරීරවළඤ‍්ජනත්‍ථං උදකඵාසුකට‍්ඨානං ගන‍්ත්‍වා ධොතහත්‍ථපාදො හුත්‍වා ගුම‍්බසභාගතො නික‍්ඛමති. භුම‍්මදෙවතා තස‍්ස ථෙරස‍්ස පච‍්ඡතො පච‍්ඡතො උත‍්තමරූපා ඉත්‍ථී හුත්‍වා කෙසෙ විධුනිත්‍වා සංවිධාය බන්‍ධන‍්තී විය පිට‍්ඨිතො පංසුං පුඤ‍්ඡමානා විය සාටකං සංවිධාය නිවාසයමානා විය ච හුත්‍වා ථෙරස‍්ස පදානුපදිකා හුත්‍වා ගුම‍්බතො නික‍්ඛන‍්තා. එකමන‍්තෙ ඨිතො සහායකත්‍ථෙරො ඉමං කාරණං දිස‍්වා දොමනස‍්සජාතො “නට‍්ඨො දානි මෙ ඉමිනා භික‍්ඛුනා සද‍්ධිං දීඝරත‍්තානුගතො සිනෙහො. සචාහං එවංවිධභාවං ජානෙය්‍යං, එත‍්තකං අද‍්ධානං ඉමිනා සද‍්ධිං විස‍්සාසං න කරෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා ආගච‍්ඡන‍්තස‍්සෙවස‍්ස “හන්‍දාවුසො, තුය‍්හං පත‍්තචීවරං, තාදිසෙන පාපෙන සහායෙන සද‍්ධිං එකමග‍්ගං න ගච‍්ඡාමී”ති ආහ. තං කථං සුත්‍වා තස‍්ස ලජ‍්ජිභික‍්ඛුනො හදයං තිඛිණසත‍්තිං ගහෙත්‍වා විද‍්ධං විය අහොසි. තතො නං ආහ – “ආවුසො, කිං නාමෙතං වදසි, අහං එත‍්තකං කාලං දුක‍්කටමත‍්තම‍්පි ආපත‍්තිං න ජානාමි. ත්‍වං පන මං අජ‍්ජ ‘පාපො’ති වදසි, කිං තෙ දිට‍්ඨ”න‍්ති? කිං අඤ‍්ඤෙන දිට‍්ඨෙන, කිං ත්‍වං එවංවිධෙන අලඞ‍්කතපටියත‍්තෙන මාතුගාමෙන සද‍්ධිං එකට‍්ඨානෙ හුත්‍වා නික‍්ඛන‍්තොති? නත්‍ථෙතං, ආවුසො, මය‍්හං, නාහං එවරූපං මාතුගාමං පස‍්සාමීති. තස‍්ස යාවතතියං කථෙන‍්තස‍්සාපි ඉතරො ථෙරො කථං අසද‍්දහිත්‍වා අත‍්තනා දිට‍්ඨකාරණංයෙව අත්‍ථං ගහෙත්‍වා තෙන සද‍්ධිං එකමග‍්ගෙන අගන‍්ත්‍වා අඤ‍්ඤෙන මග‍්ගෙන සත්‍ථු සන‍්තිකං ගතො. ඉතරොපි අඤ‍්ඤෙන මග‍්ගෙන සත්‍ථු සන‍්තිකංයෙව ගතො.

ඉක්බිති එක් තෙර නමක් අනෙකාගේ අතට පාසිවුරුදී සිරුරුකිස සඳහා දිය පහසු තැනකට ගොස් දොවනලද අත්පා ඇත්තේ වනලැහැබින් නික්මෙයි. භූම්‍යස්ථ දේවතාවා ඒ තෙරුන්ගේ පිටුපසින් පිටුපසින් උතුම්රූපයක් ඇති ස්ත්‍රීයකවී කෙස් කඩා හැර ඒවා එක්කොට බඳන්නියක මෙන්ද පිටුපසින් පස් පිසදමන්නියක මෙන්ද සළුව සකසා හැඳින්නියක මෙන්දවී තෙරුන්ගේ පිය අනුව යන්නියකවී ලැහැබින් නික්මුණාය. එකත් පසෙක සිටි සහායක තෙරණුවෝ මෙකරුණ දැක දොම්නස්වූවෝ මේ භික්‍ෂුව සඟ බොහෝ කලක් පැවති මගේ ස්නේහය දැන් නටුයේය. ඉදින් මම මෙබඳු බවක් දන්නෙම් නම් පෙමණ දිගු කලක් මොහු සමඟ විශ්වාසයක් නොකරන්නෙමියි සිතා එන්නාවූම ඔහුට ‘මෙන්න. ඇවත, ඔබගේ පාසිවුරු. ඔබ වැනි පවිටකු සමඟ එක මග නොයමි’යි කීවේය. ඒ කථාව අසා ඒ ලජ්ජි භික්‍ෂුවගේ හදවත තියුණු සැතක් ගෙන විදිනලද්දේ මෙන්විය. ඉක්බිති ඔහුට, ‘ඇවැත්නි, මේ කුමක් කියහුද? මම මෙපමණ කලක් දුකුළා ඇවතක් පමණකුදු නොදනිමි. නුඹ අද මා පාපියෙකැයි කියහි ඔබ කුමක් දක්නාලද්දේදැයි ඇසීය. ‘දක්නා ලද අන්දෙයකින් කවර වැඩක්ද? නුඹ මෙබඳුවූ මනාව සැරසුණු මාගමක සමඟ එක්තැනකට වී නොනික්මුණෙහිද?’ ‘ඇවැත්නි, මෙය මට නැත මම එබඳවූ කාන්තාවක නොදකිමි. ඔහු තෙවැනිවර දක්වා කියද්දී වුවද අනෙක් තෙරහු කථාව නොපිළිගෙන තමාදුටු කරුණම අර්‍ත්‍ථගන්වා ඔහු සමඟ එක මගින් නොගොස් අනෙක් මගකින් හාස්තෘන් සමීපයට ගියහ. අනෙක් භික්‍ෂුවද අන්මගකින් ශාස්තෘන් සමීපයටම ගියේය.

තතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස උපොසථාගාරං පවිසනවෙලාය සො භික‍්ඛු තං භික‍්ඛුං උපොසථග‍්ගෙ සඤ‍්ජානිත්‍වා “ඉමස‍්මිං උපොසථග‍්ගෙ එවරූපො නාම පාපභික‍්ඛු අත්‍ථි, නාහං තෙන සද‍්ධිං උපොසථං කරිස‍්සාමී”ති නික‍්ඛමිත්‍වා බහි අට‍්ඨාසි. භුම‍්මදෙවතා “භාරියං මයා කම‍්මං කත”න‍්ති මහල‍්ලකඋපාසකවණ‍්ණෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කස‍්මා, භන‍්තෙ, අය්‍යො ඉමස‍්මිං ඨානෙ ඨිතො”ති ආහ. උපාසක, ඉමං උපොසථග‍්ගං එකො පාපභික‍්ඛු පවිට‍්ඨො, අහං තෙන සද‍්ධිං උපොසථං න කරොමීති වත්‍වා නික‍්ඛමිත්‍වා බහි ඨිතොම‍්හීති. භන‍්තෙ, මා එවං ගණ‍්හථ, පරිසුද‍්ධසීලො එස භික‍්ඛු. තුම‍්හෙහි දිට‍්ඨමාතුගාමො නාම අහං, මයා තුම‍්හාකං වීමංසනත්‍ථාය “දළ‍්හා නු ඛො ඉමෙසං ථෙරානං මෙත‍්ති, නො දළ‍්හා”ති ලජ‍්ජිඅලජ‍්ජිභාවං ඔලොකෙන‍්තෙන තං කම‍්මං කතන‍්ති. කො පන ත්‍වං සප‍්පුරිසාති? අහං එකා භුම‍්මදෙවතා, භන‍්තෙති. දෙවපුත‍්තො කථෙන‍්තොව දිබ‍්බානුභාවෙන ඨත්‍වා ථෙරස‍්ස පාදෙසු පතිත්‍වා “මය‍්හං, භන‍්තෙ, ඛමථ, එතං දොසං ථෙරො න ජානාති, උපොසථං කරොථා”ති ථෙරං යාචිත්‍වා උපොසථග‍්ගං පවෙසෙසි. සො ථෙරො උපොසථං තාව එකට‍්ඨානෙ අකාසි, මිත‍්තසන්‍ථවවසෙන න පුන තෙන සද‍්ධිං එකට‍්ඨානෙ අහොසීති. ඉමස‍්ස ථෙරස‍්ස කම‍්මං න කථියති, චුදිතකත්‍ථෙරො පන අපරාපරං විපස‍්සනාය කම‍්මං කරොන‍්තො අරහත‍්තං පාපුණි.

ඉක්බිති භික්‍ෂුසංඝයා උපොෂථාගාරයට පිවිසෙන වේලෙහි ඒ භික්‍ෂුව උපොෂථාගාරයේදී අනෙක් භික්‍ෂුව හැඳින, ‘මේ උපොෂථාගාරයෙහි මෙබඳුවූ පාපී භික්‍ෂුවක් ඇත. මම ඔහු සමඟ උපොෂථය නොකරමැයි නික්ම පිටත සිටියේය. භූම්‍යස්ථ දේවතාවා, ‘මවිසින් බැරෑරුම් දෙයක් කරනලදැ’යි මහළු උපාසක වෙසකින් ඔහු සමීපයට ගොස් ස්වාමීනි, කුමක් නිසා ආර්‍ය්‍යයන්වහන්සේ මෙතැන්හි සිටියහුදැයි ඇසීය. ‘උවසුව මෙම උපොෂථාගාරයට එක් පවිටු භික්‍ෂුවක් පිවිසියේය. මම ඔහු සමඟ උපොෂථය නොකරමි’යි කියා නික්මී පිටත සිටියේ වෙමි.’ ‘ස්වාමීනි, එසේ නොකියනු මැනව. ඒ භික්‍ෂුව පිරිසුදු සිල් ඇත්තෙකි. නුඹවහන්සේ විසින් දක්නාලද මාගම නම් මමය. නුඹවහන්සේලා විමසනු සඳහා මේ තෙරුන්ගේ මිත්‍රත්වය දැඩිද නොදැඩිදැයි ලජ්ජි අලජ්ජි භාවය බලන්නාවූ මවිසින් ඒකර්‍මය කරනලදී. ‘සත්පුරුෂය නුඹ කවුද?’ ‘ස්වාමීනි, මම එක් භූම්‍යස්ථ දේවතාවෙක්මි’යි දිව්‍යපුත්‍රයා කියන්නේ කියන්නේම දිව්‍යානුභාවයෙහි සිට තෙරුන්ගේ දෙපාලඟ වැටී ‘ස්වාමීනි, මට ක්‍ෂමා කරනුමැනව. මේ දෝෂය තෙරණුවෝ නොදනිත්, උපොෂථය කරන්නැ’යි තෙරුන්ට අයැද උපොෂථාගාරයට යැවීය. ඒ තෙරුන්වහන්සේ උපොෂථය නම් එක් තැනක කළාහුය. මිත්‍රසන්‍ථව වශයෙන් යළිඔහු සමඟ එක්තැනක නොසිටියහ. මේ තෙරුන්ගේ කර්‍මය නොකියනුලැබේ. චුදිතක තෙරුන්වහන්සේ වනාහි විදර්‍ශනාව සඳහා යළියළිත් කටයුතු කරන්නාහු රහත්බවට පැමිණියහ.

භුම‍්මදෙවතා තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන එකං බුද‍්ධන‍්තරං අපායතො න මුච‍්චිත්‍ථ. සචෙ පන කාලෙන කාලං මනුස‍්සත‍්තං ආගච‍්ඡති, අඤ‍්ඤෙන යෙන කෙනචි කතො දොසො තස‍්සෙව උපරි පතති. සො අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, ධානමාණවොතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා මහල‍්ලකකාලෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජි, තස‍්ස උපසම‍්පන‍්නදිවසතො පට‍්ඨාය එකා අලඞ‍්කතපටියත‍්තා ඉත්‍ථී තස‍්මිං ගාමං පවිසන‍්තෙ සද‍්ධිංයෙව ගාමං පවිසති, නික‍්ඛමන‍්තෙ නික‍්ඛමති. විහාරං පවිසන‍්තෙපි පවිසති, තිට‍්ඨන‍්තෙපි තිට‍්ඨතීති එවං නිච‍්චානුබන්‍ධා පඤ‍්ඤායති. ථෙරො තං න පස‍්සති, තස‍්ස පන පුරිමස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන සා අඤ‍්ඤෙසං උපට‍්ඨාති.

භූම්‍ය දේවතාවා ඒ කර්‍මයාගේ විපාකයෙන් එක් බුද්ධාන්තරයක් අපාය දුකින් නොමිදුනේය. ඉදින් වනාහි කලින්කලට මනුෂත්වයට එයිද අන්කිසිවෙකු විසින් කරනලද දෝෂය ඔහු මතට වැටෙයි. හෙතෙම අපගේ භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි බමුණු කුලයෙහි උපන්නේය. ධානමානවයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ත්‍රිවේදයන් උගෙන මහළුකල්හි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලබනලද සැදැහැ ඇත්තේ පැවිදිවූයේය. ඔහුගේ උපසපන් දිනයෙහි පටන් එක් මනාව සැරසුණු ස්ත්‍රියක් ඔහු ගමට පිවිසෙන කල්හි (ඔහු) සමඟම ගමට පිවිසෙයි. නික්මෙන විට නික්මෙයි. විහාරයට පිවිසෙන විටද සමඟ පිවිසෙයි. සිටිනවිටද සිටී. මෙසේ නිබඳව එක්ව සිටියා පෙනෙයි. තෙරණුවෝ ඇය නොදකිති. ඔහුගේ මුල් කර්‍මයෙහි විපාකයන් හෙතෙම අනූනට උපස්ථාන කරයි.

ගාමෙ යාගුභික‍්ඛං දදමානා ඉත්‍ථියො, “භන‍්තෙ, අයං එකො යාගුඋළුඞ‍්කො තුම‍්හාකං, එකො ඉමිස‍්සා අම‍්හාකං සහායිකායා”ති පරිහාසං කරොන‍්ති. ථෙරස‍්ස මහතී විහෙසා හොති. විහාරං ගතම‍්පි නං සාමණෙරා චෙව දහරභික‍්ඛූ ච පරිවාරෙත්‍වා “ධානො කොණ‍්ඩො ජාතො”ති පරිහාසං කරොන‍්ති. අථස‍්ස තෙනෙව කාරණෙන කුණ‍්ඩධානත්‍ථෙරොති නාමං ජාතං. සො උට‍්ඨාය සමුට‍්ඨාය තෙහි කයිරමානං කෙළිං සහිතුං අසක‍්කොන‍්තො උම‍්මාදං ගහෙත්‍වා “තුම‍්හෙ කොණ‍්ඩා, තුම‍්හාකං උපජ‍්ඣායා කොණ‍්ඩා, ආචරියා කොණ‍්ඩා”ති වදති. අථ නං සත්‍ථු ආරොචෙසුං – “කුණ‍්ඩධානො දහරසාමණෙරෙහි සද‍්ධිං එවං ඵරුසවාචං වදතී”ති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං භික‍්ඛූ”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං භගවා”ති වුත‍්තෙ “කස‍්මා එවං වදෙසී”ති ආහ. භන‍්තෙ, නිබද‍්ධං විහෙසං අසහන‍්තො එවං කථෙමීති. “ත්‍වං පුබ‍්බෙ කතකම‍්මං යාවජ‍්ජදිවසා ජීරාපෙතුං න සක‍්කොසි, පුන එවරූපං ඵරුසං මා වද භික‍්ඛූ”ති වත්‍වා ආහ –

ගමෙහි කැඳ පිණ්ඩපාතය දෙන ගැහැනු ‘ස්වාමීනි, මේ එක් කැඳ හැන්දක් ඔබ වහන්සේටය. එකක් මේ අපගේ යෙහෙළියටයයි පරිහාස කරත්, තෙරුන්ට මහත් වෙහෙසක් වෙයි. විහාරයට ගියහුටද හෙරණ පැවිද්දෝද තරුණ භික්‍ෂූහුද (ඔහු) පිරවරා ධාන තෙමේ කොණ්ඩයෙක් වූයේයි පරිභව කරත්, ඉක්බිති ඔහුට ඒ කරුණින්ම කුණ්ඩධාන තෙරණුවෝයයි නමක්විය. හෙතෙම නැගිට නැගිට ඔවුන් විසින් කරනුලබන කෙළිකවටකම් ඉසිලීමට නොහැක්කේ උමතුවක් ගෙන තොපි කොණ්ඩයෝය. තොපගේ උපාධ්‍යායයෝ කොණ්ඩයෝය. ආචාර්යවරු කොණ්ඩයෝයයි කියයි. ඉක්බිති ‘කුණඩධාන තෙමේ දහර සාමණේරවරුන් සමඟ මෙබඳුවූ රළුවචන කියති’යි මෙකරුණ ශාස්තෘන්වහ්නසේට සැළකළහ. ශාස්තෘන්වහන්සේ ඔහු කැඳවා ‘ඇත්තද මහණැ’යි අසා ‘භාග්‍යවතුන්වහන්ස, ඇත්ත’යි කීකල්හි කුමක් නිසා මෙසේ කියන්නේහිදැයි ඇසූසේක. ‘ස්වාමීනි, නිතර වෙහෙස නොයිවසමින් මෙසේ කියමි’යි කීවේය. ‘නුඹ පෙරකළ කර්‍මය අද දක්වා දිරවන්නට නොහැක්කෙහිය. යළි මෙබඳුවූ රළුවචනයක් නොකියව’යි පවසා මෙසේ වදාළසේක.

“මාවොච ඵරුසං කඤ‍්චි, වුත‍්තා පටිවදෙය්‍යු තං; දුක‍්ඛා හි සාරම‍්භකථා, පටිදණ‍්ඩා ඵුසෙය්‍යු තං.

‘කිසි ඵරුෂ වචනයක් නොකියන්න. කියනලද්දෝ එයට එරෙහි වන්නාහුය. එකටෙක කීම දුකෙකි. වන්දිය එය ස්පර්‍ශකරන්නේය. (එයට වනද් ගෙවිය යුත වන්නේය.)

“සචෙ නෙරෙසි අත‍්තානං, කංසො උපහතො යථා; එස පත‍්තොසි නිබ‍්බානං, සාරම‍්භො තෙ න විජ‍්ජතී”ති. (ධ· ප· 133-134);

ඉදින් තලන ලද රත්තරනක් මෙන් තමන් (හොඳ දෙයට) මෙහෙයවයිද හෙතෙම නිවනට පැමිණියේයි. එකටෙක කිරීමක් (එවිට) නොදක්නා ලැබේ.’

ඉමඤ‍්ච පන තස‍්ස ථෙරස‍්ස මාතුගාමෙන සද‍්ධිං විචරණභාවං කොසලරඤ‍්ඤොපි කථයිංසු. රාජා “ගච‍්ඡථ, භණෙ, වීමංසථා”ති පෙසෙත්‍වා සයම‍්පි මන්‍දෙනෙව පරිවාරෙන සද‍්ධිං ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා එකමන‍්තෙ ඔලොකෙන‍්තො අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ ථෙරො සූචිකම‍්මං කරොන‍්තො නිසින‍්නො හොති, සාපිස‍්ස ඉත්‍ථී අවිදූරෙ ඨානෙ ඨිතා විය පඤ‍්ඤායති.

ඒ තෙරුන් ස්ත්‍රියක සමඟ හැසිරෙන බව කොසොල් රජුටද කීවාහුය. රජතෙම් ‘සගයිනි, යවු විමසවුයි යවා තෙමේද අඩු පිරිවරක් සමඟ තෙරුන් වසන තැනට ගොස් එකත්පසෙක බලමින් සිටියේය. එකෙණෙහි තෙරණුවෝ මැසීමේ කටයුත්තෙහි නිරතව හුන්නෝ වෙති. ඒ ස්ත්‍රයද උන්වහන්සේට නුදුරුතන්හි සිටියා මෙන් පැනෙයි.

රාජා තං දිස‍්වා “අත්‍ථිදං කාරණ”න‍්ති තස‍්සා ඨිතට‍්ඨානං අගමාසි. සා තස‍්මිං ආගච‍්ඡන‍්තෙ ථෙරස‍්ස වසනපණ‍්ණසාලං පවිට‍්ඨා විය අහොසි. රාජාපි තාය සද‍්ධිංයෙව පණ‍්ණසාලං පවිසිත්‍වා සබ‍්බත්‍ථ ඔලොකෙන‍්තො අදිස‍්වා “නායං මාතුගාමො, ථෙරස‍්ස එකො කම‍්මවිපාකො”ති සඤ‍්ඤං කත්‍වා පඨමං ථෙරස‍්ස සමීපෙන ගච‍්ඡන‍්තොපි ථෙරං අවන්‍දිත්‍වා තස‍්ස කාරණස‍්ස අභූතභාවං ඤත්‍වා ආගම‍්ම ථෙරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “කච‍්චි, භන‍්තෙ, පිණ‍්ඩකෙන න කිලමථා”ති පුච‍්ඡි. ථෙරො “වට‍්ටති මහාරාජා”ති ආහ. “ජානාමි, භන‍්තෙ, අය්‍යස‍්ස කථං, එවරූපෙන ච පරික‍්කිලෙසෙන සද‍්ධිං චරන‍්තානං තුම‍්හාකං කෙ නාම පසීදිස‍්සන‍්ති, ඉතො පට‍්ඨාය වො කත්‍ථචි ගමනකිච‍්චං නත්‍ථි, අහං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමි, තුම‍්හෙ යොනිසොමනසිකාරෙ මා පමජ‍්ජිත්‍ථා”ති නිබද‍්ධං භික‍්ඛං පට‍්ඨපෙසි. ථෙරො රාජානං උපත්‍ථම‍්භකං ලභිත්‍වා භොජනසප‍්පායෙන එකග‍්ගචිත‍්තො හුත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තතො පට‍්ඨාය සා ඉත්‍ථී අන‍්තරධායි.

රජතෙමේ දැක මේ කරුනක් ඇතැයි අය සිටිතැනට ගියේය. ඔතොමේ රජු එද්දි එද්දීම තෙරුන් වසන පන්සලට පිවිසියා මෙන් වුවාය. රජද ඇය සමඟම පන්සලට පිවිස හැමතැන බලන්නේ නොදැක මේ මාගමක් නොවේ. තෙරුන්ගේ එක් කර්‍මවිපාකයකැයි සංඥාකොට පළමුව තෙරුන් සමීපයෙන් යන්නේද තෙරුන්ට නොවැඟ ඒ කරුණ බොරුවක් බව දැන අවුත් තෙරුන් වැඳ එකත්පසෙක හුන්නේ ‘කිමෙක්ද ස්වාමීනි, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවන්නහුදැයි විමසීය. තෙරහු ‘මහරජ, වටීය’යි පැවසූහ. ‘මම දනිමි ස්වාමිනි, කෙසේනම් මෙබඳුවූ කිළුටක් සමඟ හැසිරෙන නුඹවහන්සේට කවරෙක් නම් පහදිත්ද? මෙතැන්පටන් නුඹවහන්සේට කොහි හෝ යමාක් නැත. මම සිවුපසයෙන් උවටැන් කරමි. නුඹවහන්සේ නුවණින් මෙනෙහි කිරීමෙහි නොපමැවුව මැනවැයි නිබඳ භික්‍ෂාවක් පිහිටවූයේය. තෙරහු රජුගේ උපකාරය ලැබ බොජුන් සප්පායවීමෙන් එකඟ සිත් ඇත්තේවී විදසුනු වඩා රහත් බවට පැමිණියහ. එතැන්පටන් ඒ ස්ත්‍රිය අතුරුදහන් වූවාය.

මහාසුභද‍්දා උග‍්ගනගරෙ මිච‍්ඡාදිට‍්ඨිකුලෙ වසමානා “සත්‍ථා මං අනුකම‍්පතූ”ති උපොසථං අධිට‍්ඨාය නිරාමගන්‍ධා හුත්‍වා උපරිපාසාදතලෙ ඨිතා “ඉමානි පුප‍්ඵානි අන‍්තරෙ අට‍්ඨත්‍වා දසබලස‍්ස මත්‍ථකෙ විතානං හුත්‍වා තිට‍්ඨන‍්තු, දසබලො ඉමාය සඤ‍්ඤාය ස‍්වෙ පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං මය‍්හං භික‍්ඛං ගණ‍්හතූ”ති සච‍්චකිරියං කත්‍වා අට‍්ඨ සුමනපුප‍්ඵමුට‍්ඨියො විස‍්සජ‍්ජෙසි. පුප‍්ඵානි ගන‍්ත්‍වා ධම‍්මදෙසනාවෙලාය සත්‍ථු මත්‍ථකෙ විතානං හුත්‍වා අට‍්ඨංසු. සත්‍ථා තං සුමනපුප‍්ඵවිතානං දිස‍්වා චිත‍්තෙනෙව සුභද‍්දාය භික‍්ඛං අධිවාසෙත්‍වා පුනදිවසෙ අරුණෙ උට‍්ඨිතෙ ආනන්‍දත්‍ථෙරං ආහ – “ආනන්‍ද, මයං අජ‍්ජ දූරං භික‍්ඛාචාරං ගමිස‍්සාම, පුථුජ‍්ජනානං අදත්‍වා අරියානංයෙව සලාකං දෙහී”ති. ථෙරො භික‍්ඛූනං ආරොචෙසි – “ආවුසො, සත්‍ථා අජ‍්ජ දූරං භික‍්ඛාචාරං ගමිස‍්සති, පුථුජ‍්ජනා මා ගණ‍්හන‍්තු, අරියාව සලාකං ගණ‍්හන‍්තූ”ති. කුණ‍්ඩධානත්‍ථෙරො “ආහරාවුසො, සලාක”න‍්ති පඨමංයෙව හත්‍ථං පසාරෙසි. ආනන්‍දා “සත්‍ථා තාදිසානං භික‍්ඛූනං සලාකං න දාපෙති, අරියානංයෙව දාපෙතී”ති විතක‍්කං උප‍්පාදෙත්‍වා ගන‍්ත්‍වා සත්‍ථු ආරොචෙසි. සත්‍ථා “ආහරාපෙන‍්තස‍්ස සලාකං දෙහී”ති ආහ. ථෙරො චින‍්තෙසි – “සචෙ කුණ‍්ඩධානස‍්ස සලාකා දාතුං න යුත‍්තා අස‍්ස, අථ සත්‍ථා පටිබාහෙය්‍ය, භවිස‍්සති එකං කාරණ”න‍්ති. “කුණ‍්ඩධානස‍්ස සලාකං දස‍්සාමී”ති ගමනං අභිනීහරි. කුණ‍්ඩධානත්‍ථෙරො තස‍්ස පුරෙ ආගමනාව අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා ඉද‍්ධියා ආකාසෙ ඨත්‍වා “ආහරාවුසො ආනන්‍ද, සත්‍ථා මං ජානාති, මාදිසං භික‍්ඛුං පඨමං සලාකං ගණ‍්හන‍්තං න සත්‍ථා වාරෙතී”ති හත්‍ථං පසාරෙත්‍වා සලාකං ගණ‍්හි. සත්‍ථා තං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං ඉමස‍්මිං සාසනෙ පඨමං සලාකං ගණ‍්හන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මහාසුභද්‍රා තොමෝ උග්ගනුවරෙහි මිසදිටු කුලයෙහි වසන්නී ශාස්තෘන්වහන්සේ මට අනුකම්පා කෙරෙත්වායි පෙහෙවස් ඉටා පිළිගඳ රහිතවූවාම මතුමහල් තලයෙහි සිටියා ‘මේ මල් අතුරතුර නොසිට බුදුන්වහන්සේ මතුයෙහි වියනක් වී සිටීවා! බුදුන්වහන්සේ මේ සංඥාවෙන් හෙට පන්සියයක් භික්‍ෂූන් සමඟ මගේ භික්‍ෂාව ගනිත්වා’යි සත්‍යක්‍රියා කොට සමන්මල් අටමිටක් විසුරුවා හැරියාය. මල් ගොස් දහම් දෙසන වේලෙහි බුදුන්වහන්සේ මත්තෙහි වියනක්වී සිටියේය. බුදුන්වහන්සේ ඒ සමන්මල් වියන දැක සිතින්ම සුභද්‍රවගේ භික්‍ෂාව ඉවසා වදාරා දෙවන දිනයෙහි අරුණ නැගුණුකල්හි අනඳ තෙරුන්ට, ‘ආනන්දය, අපි අද දුර භික්‍ෂාචාරයකට යන්නෙමු. පෘථග්ජනයන්ට නොදී ආර්‍ය්‍යයන්ටම සලාකය දෙව’යි පැවසූසේක. තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට, ඇවැත්නි, ශාස්තෘන්වහන්සේ අද දුර භික්‍ෂාචාරයකට වඩිනසේක. පෘග්ජනයෝ නොගනිත්වා! ආර්‍ය්‍යයෝම සලාකය ගනිත්වායි සැළ කළහ. කුණ්ඩධාන තෙරුන්වහන්සේ, ‘ඇවැත්නි සලාකය ගෙනෙව’යි පළමුව අත දිගුකළහ. ‘ඇවැත්නි තථාගතයන්වහන්සේ එබඳු භික්‍ෂූන්ට සලාකය නොදෙවනසේක. ආර්‍ය්‍යයන්ටම දෙවන සේකැයි විතර්‍කයක් උපදවා ගොස් ශාස්තෘන්වහන්සේට සැළකළහ. ශාස්තෘන්වහන්සේ ‘ගෙන්වන්නාට සලාකය දෙව’යි කී සේක. ‘ඉදින් කුණඩධානට සලාක දීමට නුසුදුසු වන්නේ නම් ශාස්තෘන්වහන්සේ වළක්වන සේක. එක්කරුණක් වන්නේ’යි තෙරුන්වහන්සේ සිතා කුණ්ඩධානට සලාකය දෙන්නෙමියි ඉදිරියට ගියහ. කුණ්ඩධාන තෙරණුවෝ ඔහුගේ පැමිණීමට පෙරම අභිඥාපාදකවූ චතුර්ථධ්‍යානයට සමවැද සෘද්ධියෙන් අහසෙහි සිට ‘ඇවැත්නි ආනන්දය, ගෙනෙන්න. ශාස්තෘන්වහන්සේ මා දන්නාසේක. පළමුව සලාක ගන්නාවූ මාවැනි භික්‍ෂුවක ශාස්තෘන්වහන්සේ නොවළක්වන සේකැයි අතදිගුකොට සලාකය ගත්තාහුය. බුදුරජාණන්වහන්සේ එය අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන් මේසසුනෙහි පළමුව සලාකය ගන්නවුන් අතුරෙන් අග තැන්හි තැබූසේක.