රාහුල-රට්ඨපාලත්ථෙරවත්ථු අට්ඨකථා
රාහුල-රට්ඨපාලත්ථෙරවත්ථු
රාහුල - රට්ඨපාල තෙරවරු
තතියවග්ගස්ස පඨමෙ සික්ඛාකාමානන්ති තිස්සො සික්ඛා කාමයමානානං සම්පියායිත්වා සික්ඛන්තානන්ති අත්ථො. රාහුලොති අත්තනො පුත්තං රාහුලත්ථෙරං දස්සෙති. ථෙරො කිර පබ්බජිතදිවසතො පට්ඨාය පාතොව උට්ඨහන්තො හත්ථපූරං වාලිකං උක්ඛිපිත්වා “අහො වතාහං අජ්ජ දසබලස්ස චෙව ආචරියුපජ්ඣායානඤ්ච සන්තිකා එත්තකං ඔවාදඤ්චෙව අනුසාසනිඤ්ච ලභෙය්ය”න්ති පත්ථෙති. තස්මා සික්ඛාකාමානං අග්ගො නාම ජාතොති.
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි, සික්ඛාකාමානං යනු ත්‍රිවිධ ශික්ෂා කැමැතිවන්නවුන්, සතුටින් පිළිගනිමින් හික්මෙන්නවුන් අතුරෙන්ය යන අර්ථයි. රාහුලෝ යනු තමන්ගේ පුත්‍රවූ රාහුල තෙරුන් දක්වයි. තෙරණුවෝ වනාහි පැවිදිවූ දින පටන් උදෑසන අවදිවෙමින්ම අතපුරා වැලි උඩදමා ‘අද මම බුදුන්වහන්සේගේ මෙන්ම ආචාර්ය්ය උපාධ්යායයන්ගේද සමීපයෙන් මෙපමණක් අවවාදද අනුශාසනාද ලබන්නෙනම් යෙහෙකැයි පතයි. එහෙයින් ශික්ෂාකාමීන් අතුරෙන්අග්ර නම් විය.
දුතියෙ සද්ධාපබ්බජිතානන්ති සද්ධාය පබ්බජිතානං. රට්ඨපාලොති රට්ඨං පාලෙතුං සමත්ථො, භින්නං වා රට්ඨං සන්ධාරෙතුං සමත්ථෙ කුලෙ ජාතොතිපි රට්ඨපාලොති සඞ්ඛං ගතො. සො හි සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො චුද්දසභත්තච්ඡෙදෙ කත්වා මාතාපිතරො පබ්බජ්ජං අනුජානාපෙත්වා පබ්බජිතො. තස්මා සද්ධාපබ්බජිතානං අග්ගො නාම ජාතො.
දෙවෙනි සූත්‍රයෙහි, සද්ධාපබ්බජිතානං යනු ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන්ය. රට්ඨපාලො යනු රටක් පාලනය කිරීමට සමත්වූයේ හෝ බිඳුනු රටක් එක් කිරීමට සමත් කුලයක උපන්නේ හෝයි රට්ඨපාලයයි ප්‍රසිද්ධියට ගියේය. හෙතෙමේත් බුදුන්වහන්සේගේ දම් දෙසුම අසා ලබනලද ශ්‍රද්ධාව ඇත්තේ දින තුදුසක් භත්තචජේදය (ආහාර නොගැනීම) කොට මව්පියන් පැවිද්දට කැමැති කරවා ගෙන පැවිදිවූයේයි. එබැවින් ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රනම් වූයේය.
ඉමෙසං පන උභින්නම්පි ථෙරානං පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – එතෙ කිර ද්වෙපි අතීතෙ පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ්බත්තිංසු. තෙසං දහරකාලෙ නාමං වා ගොත්තං වා න කථියති. වයප්පත්තා පන ඝරාවාසෙ පතිට්ඨාය අත්තනො අත්තනො පිතු අච්චයෙන උභොපි අත්තනො අත්තනො රතනකොට්ඨාගාරකම්මිකෙ පක්කොසාපෙත්වා අපරිමාණං ධනං දිස්වා – “ඉමං එත්තකං ධනරාසිං අය්යකපය්යකාදයො අත්තනා සද්ධිං ගහෙත්වා ගන්තුං නාසක්ඛිංසු, අම්හෙහි දානි යෙන කෙනචි උපායෙන ඉමං ධනං ගහෙත්වා ගන්තුං වට්ටතී”ති තෙ උභොපි ජනා චතූසු ඨානෙසු කපණද්ධිකාදීනං මහාදානං දාතුං ආරද්ධා. එකො අත්තනො දානග්ගෙ ආගතාගතජනං පුච්ඡිත්වා යාගුඛජ්ජකාදීසු යස්ස යං පටිභාති, තස්ස තං අදාසි, තස්ස තෙනෙව කාරණෙන ආගතපාකොති නාමං ජාතං. ඉතරො අපුච්ඡිත්වාව ගහිතගහිතභාජනං පූරෙත්වා පූරෙත්වා දෙති, තස්සපි තෙනෙව කාරණෙන අනග්ගපාකොති නාමං ජාතං, අප්පමාණපාකොති අත්ථො.
මේ තෙරවරුන් දෙදෙනාගේම ප්රශ්නකර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මේ දෙදෙනාම අතීතයෙහි පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්හ. ඔවුන්ගේ කුඩාකාලයෙහි නම හෝ ගෝත්‍රය නොකියනුලැබේ. වියපත්වූවාහු ගිහිගෙහි පිහිටා තම තමන්ගේ පියවරුන්ගේ ඇවෑමෙන් දෙදෙනාම තමතමන්ගේ රුවන් ගබඩාකරුවන් කැඳවා අපමණ ධනය දැක මෙපමණක්වූ මෙම ධනසමූහය මුතුන්මිත්තාදීහු තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවාහුය. අප දැන් යම්කිසි උපායකින් මේ ධනය ගෙනයාමට වටනේයයි සිතා දෙදෙනාම සිවු වරෙක දුගීමගී යාචකාදීන්ට මහදන්දීමට පටන් ගත්හ. එක් කෙනෙක් තමන්ගේ දානාග්‍රයෙහි ආ ආ ජනයන් විමසා කැඳ කැවිලි ආදිය අතුරෙන් යමක් යමෙකුට කැමතියයි සිතේද ඔහුට එය දුන්නේය. ඔහුට ඒ කරුණින්ම ‘ආගතයාචකො’යනුවෙන් නමක්ද විය. අනෙකා නොවිමසාම ගත්ගත් බඳුන් පුරව පුරවා දෙයි. ඔහුටද එකරුණින්ම අනග්ගපාකයයි නමක්විය. අප්‍රමාණවූ විපාක ඇත්තේ යන අර්‍ත්‍ථයි
තෙ උභොපි එකදිවසං පාතොව මුඛධොවනත්ථං බහිගාමං අගමංසු. තස්මිං සමයෙ හිමවන්තතො ද්වෙ මහිද්ධිකා තාපසා භික්ඛාචාරත්ථාය ආකාසෙන ආගන්ත්වා තෙසං සහායකානං අවිදූරෙ ඔතරිත්වා “මා නො එතෙ පස්සිංසූ”ති එකපස්සෙ අට්ඨංසු. තෙ උභොපි ජනා තෙසං ලාබුභාජනාදිපරික්ඛාරං සංවිධාය අන්තොගාමං සන්ධාය භික්ඛාය ගතානං සන්තිකං ආගම්ම වන්දිංසු. අථ නෙ තාපසා “කාය වෙලාය ආගතත්ථ මහාපුඤ්ඤා”ති ආහංසු. තෙ “අධුනාව, භන්තෙ”ති වත්වා තෙසං හත්ථතො ලාබුභාජනං ගහෙත්වා අත්තනො අත්තනො ගෙහං නෙත්වා භත්තකිච්චපරියොසානෙ නිබද්ධං භික්ඛාගහණත්ථං පටිඤ්ඤං ගණ්හිංසු.
ඒ දෙදෙනාම එක්දිනක් උදෑසනම මුවදෙවීම සඳහා පිටගමට ගියහ. එසමයෙහි හිමවතින් මහත් සෘද්ධි ඇති තාපසවරු දෙදෙනෙක් පිඬුහැසිරීම සඳහා අහසින් අවුත් ඒ යහළුවන්ගේ නුදුරෙහි බැස මොවුහු අප නොකිත්වායි එකත් පසෙක සිටියාහුය. ඒ දෙදෙනාද ඔවුන්ගේ ලබුබඳුන් ආදී පිරිකර සංවිධානය කොට ඇතුළුගම සඳහා යවනලද්දාවුන්ගේ සමීපයට අවුත් වැන්දාහුය. ඉක්බිති ඒ තාපසයෝ ‘මහපිණැත්තනි, කවර වේලාවක ආවාහුදැයි ඇසූහ. ඔවුහු ස්වාමීනි, දැන්ම’යය කියා ඔවුන්ගේ අතින් ලබුබඳුන් ගෙන තම තමන්ගේ ගෙවලට පමුණුවා බත්කිස අවසන්හි නිබඳව භික්ෂාව ගැනීම සඳහා පිළිණ ගත්තාහුය.
තෙසු එකො තාපසො සපරිළාහකායධාතුකො හොති. සො අත්තනො ආනුභාවෙන මහාසමුද්දඋදකං ද්වෙධා කත්වා පථවින්ධරනාගරාජස්ස භවනං ගන්ත්වා දිවාවිහාරං නිසීදති. සො උතුසප්පායං ගහෙත්වා පච්චාගන්ත්වා අත්තනො උපට්ඨාකස්ස ගෙහෙ භත්තානුමොදනං කරොන්තො “පථවින්ධරනාගභවනං විය හොතූ”ති වදති. අථ නං එකදිවසං උපට්ඨාකො පුච්ඡි – “භන්තෙ, තුම්හෙ අනුමොදනං කරොන්තා ‘පථවින්ධරනාගභවනං විය හොතූ’ති වදථ, මයමස්ස අත්ථං න ජානාම, කිං වුත්තං හොති ඉදං, භන්තෙ”ති? ආම, කුටුම්බිය අහං “තුම්හාකං සම්පත්ති පථවින්ධරනාගරාජසම්පත්තිසදිසා හොතූ”ති වදාමීති. කුටුම්බිකො තතො පට්ඨාය පථවින්ධරනාගරාජභවනෙ චිත්තං ඨපෙසි.
ඔවුනතුරින් එක් තවුසෙක් දැවිලිසහිත ශරීර ස්වභාවය ඇත්තේ විය. හෙතෙම තමාගේ ආනුභාවයෙන් මහමුහුදේ දිය දෙකඩ කොට පඨවින්ධරනාගරාජයාගේ භවනයට ගොස් දිවා විහරණයෙහි හිඳියි. හෙතෙම සෘතු සප්පාය ගෙන පෙරළා අවුත් තමන්ගේ උපස්ථායකයාගේ නිවසෙහි භූත්තානුමෝදනාව කරන්නේ පඨවින්ධර නාගරාජ භවනය මෙන් වේවා! පඨවින්‍ධරනාගභවනය මෙන් වේවායි කියයි. ඉක්බිති එක්දිනක උපස්ථායක තෙමේ ඔහුගෙන් ‘ස්වාමීනි, නුඹවහන්සේ අනුමෝදනය කරමින් පඨවින්ධර නාගභවනය මෙන් වේවායි කියහු. අපි එහි අදහස නොදනිමු. ස්වාමීනි. මෙය කුමක් කියනලද්දේ වේදැයි ඇසුවේය ‘එසේය, කෙළඹිය, මම ඔබගේ සැපත පඨවින්ධර නාගරාජයාගේ සැපත මෙන් වේවායි කියමි’යි තවුසා පැවසීය. එතැන්පටන් කෙළෙඹිතෙමේ පඨවින්ධරනාගභවනයට සිත ඇලවීය.
ඉතරො තාපසො තාවතිංසභවනං ගන්ත්වා සුඤ්ඤෙ සෙරිසකවිමානෙ දිවාවිහාරං කරොති. සො ආගච්ඡන්තො ගච්ඡන්තො ච සක්කස්ස දෙවරාජස්ස සම්පත්තිං දිස්වා අත්තනො උපට්ඨාකස්ස අනුමොදනං කරොන්තො “සක්කවිමානං විය හොතූ”ති වදති. අථ නං සොපි කුටුම්බියො ඉතරො සහායකො තං තාපසං විය පුච්ඡි. සො තස්ස වචනං සුත්වා සක්කභවනෙ චිත්තං ඨපෙසි. තෙ උභොපි පත්ථිතට්ඨානෙසුයෙව නිබ්බත්තා.
අනෙක් තවුසා තවුතිසාභවනයට ගොස් හිසුවූ මහරිවන විමානයක දිවාවිහරණය කරයි. හෙතෙම යමින් එමින් සක්දෙව්රජුගේ සැපත් දැක තමන්ගේ උපස්ථායකයාට අනුමෝදනා කරන්නේ සක්විමනමෙන් වේවායි කියයි. ඉක්බිත් ඒ කෙළෙඹියාද, අනෙක් යහළුවා ඒ තාපසයාගෙන් ඇසුවාක් මෙන් ඔහුගෙන් විමසීය. හෙතෙම ඔහුගේ කීම අසා ශක්‍රභවනයෙහි සිත ඇලවීය. ඒ දෙදෙනාම පැතූ තැන්හිම උපන්නාහුය.
පථවින්ධරභවනෙ නිබ්බත්තො පථවින්ධරනාගරාජා නාම ජාතො. සො නිබ්බත්තක්ඛණෙ අත්තනො අත්තභාවං දිස්වා “අමනාපස්ස වත මෙ ඨානස්ස කුලුපකතාපසො වණ්ණං කථෙසි, උරෙන පරිසක්කිත්වා විචරණට්ඨානමෙතං, නූන සො අඤ්ඤං ඨානං න ජානාතී”ති විප්පටිසාරී අහොසි. අථස්ස තංඛණෙයෙව අලඞ්කතපටියත්තානි නාගනාටකානි සබ්බදිසාසු තූරියානි පග්ගණ්හිංසු. සො තස්මිංයෙව ඛණෙ තං අත්තභාවං විජහිත්වා මාණවකවණ්ණී අහොසි. අන්වද්ධමාසඤ්ච චත්තාරො මහාරාජානො සක්කස්ස උපට්ඨානං ගච්ඡන්ති. තස්මා සොපි විරූපක්ඛෙන නාගරඤ්ඤා සද්ධිං සක්කස්ස උපට්ඨානං ගතො. සක්කො තං දූරතොව ආගච්ඡන්තං දිස්වා සඤ්ජානි. අථ නං සමීපෙ ආගන්ත්වා ඨිතකාලෙ “කහං නිබ්බත්තොසි සම්මා”ති පුච්ඡි. මා කථෙසි, මහාරාජ, උරෙන පරිසක්කනට්ඨානෙ නිබ්බත්තොම්හි, තුම්හෙ පන කල්යාණමිත්තං ලභිත්ථාති. සම්ම, ත්වං “අට්ඨානෙ නිබ්බත්තොම්හී”ති මා විතක්කයි, පදුමුත්තරදසබලො ලොකෙ නිබ්බත්තො, තස්ස අධිකාරකම්මං කත්වා ඉමංයෙව ඨානං පත්ථෙහි, උභො සුඛං වසිස්සාමාති. සො “එවං, දෙව, කරිස්සාමී”ති ගන්ත්වා පදුමුත්තරදසබලං නිමන්තෙත්වා අත්තනො නාගභවනෙ නාගපරිසාය සද්ධිං සබ්බරත්තිං සක්කාරසම්මානං සජ්ජෙසි.
පඨවින්ධර නාගභවනයෙහි උපන්නේ පඨවින්ධර නාගරාජයා නම්විය. හෙතෙම උපන් කෙණෙහි තමන්ගේ ආත්මභාවය දැක කුලුපග තවුසා සිත් නොඅලවන තැනක් මට වර්ණනා කළේය. මෙය ඒකානත්යෙන්ම උරයෙන් බඩගා හැසිරෙන තැනකි. හෙතෙම අන්තැනක් නොදන්නේදැයි විපිළිසර වූයේය. ඉක්බිති ඔහුට එකෙණෙහිම මනාව පිළියෙළ කරනලද නාට්‍යාත්මක තූර්‍ය්‍යභාණ්ඩයෝ සියලු දිශාවන්හි හඬ නැංවූහ. හෙතෙම එකෙණෙහිම ඒ අත්බැව අතහැර මානවක රුවක් ඇත්තේවිය. සතරවරම් මහරජවරු අඩමසකට වරක් සක්දෙවියන්ට උපස්ථානයට යති. එබැවින් හෙතෙමේද විරූපක්ඛ නාරජු සමඟ සක්දෙවියන්ගේ උවටැනට ගියේය. සක්දෙව් තෙමේ දුරදීම එන්නාවූ ඔහු දැක හැඳින ගත්තේය. ඉක්බිති ළඟ ට අවුත් සිටිකල්හි ඔහුගෙන් ‘යහළුව, කොහි උපන්නෙහිදැයි ඇසීය. ‘මහරජ, නොකියනු මැනවි, උරයෙන් බඩගා යන තැනක උපන්නෙමි. නුඹවහන්සේ නම් කල්‍යාණමිත්‍රයකු ලැබුයේ වන.’ ‘යහළුව, නුඹ නුසුදුසු තැනක උපන්නෙමියි සැක නොකරන්න. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක. උන්වහන්සේට පින්කම් කොට මෙතැනම ප්‍රාර්‍ත්‍ථනා කරව. අපි දෙදෙනාම සුවසේ වසන්නෙමු’යි කීවේය. හෙතෙම ‘ස්වාමීනි, එසේ කරන්නෙමැ’යි ගොස් පදුමුත්තර තථාගතයන්වහන්සේට නිමන්ත්‍රණය කොට තම නාගභවනයෙහි නාපිරිස සමඟ සියලු රෑ සත්කාර සම්මාන පිළියෙළ කළේය.
සත්ථා පුනදිවසෙ උට්ඨිතෙ අරුණෙ අත්තනො උපට්ඨාකං සුමනත්ථෙරං ආමන්තෙසි – “සුමන, අජ්ජ තථාගතො දූරං භික්ඛාචාරං ගමිස්සති, මා පුථුජ්ජනභික්ඛූ ආගච්ඡන්තු, තෙපිටකා පටිසම්භිදාප්පත්තා ඡළභිඤ්ඤාව ආගච්ඡන්තූ”ති. ථෙරො සත්ථු වචනං සුත්වා සබ්බෙසං ආරොචෙසි. සත්ථාරා සද්ධිං සතසහස්සා භික්ඛූ ආකාසං පක්ඛන්දිංසු. පථවින්ධරො නාගපරිසාය සද්ධිං දසබලස්ස පච්චුග්ගමනං ආගතො සත්ථාරං පරිවාරෙත්වා සමුද්දමත්ථකෙ මණිවණ්ණා ඌමියො මද්දමානං භික්ඛුසඞ්ඝං ඔලොකෙත්වා ආදිතො සත්ථාරං, පරියොසානෙ සඞ්ඝනවකං තථාගතස්ස පුත්තං උපරෙවතසාමණෙරං නාම ඔලොකෙන්තො “අනච්ඡරියො සෙසසාවකානං එවරූපො ඉද්ධානුභාවො, ඉමස්ස පන තරුණබාලදාරකස්ස එවරූපො ඉද්ධානුභාවො අතිවිය අච්ඡරියො”ති පීතිපාමොජ්ජං උප්පාදෙසි.
ශාස්තෘන් වහන්සේ දෙවන දිනයෙහි අරුණු, නැඟී කල්හි තමන්ගේ උපස්ථායකවූ සුමනතෙරුන්ට, ‘සුමන, අද තථාගයන් වහන්සේ දුර භික්‍ෂාචාරයකට යන්නාහ. පෘථග්ජන භික්ෂුහු නොඑත්වා! ත්‍රිපිටකධර පිළිසිඹියාපත් ඡළභිඤ්ඤාලාභී භික්‍ෂූහුම එත්වා!යි පැවසූසේක. තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ වචනය අසා සියල්ලන්ට සැළකළහ. ශාස්තෘන්වහන්සේ සමඟ ලක්ෂයක් භික්ෂූහු අහසට පිවිසියාහුය පඨවින්ධර තෙමේ නා පිරිස සමඟින් දශබලයන්වහන්සේට පෙර ගමන් පැමිණියේ ශාස්තෘන්වහන්සේ පිරිවරා මුහුදමතින් මිණිවන් රැළ මඬිමින් වඩින භික්ෂුසංඝයා බලා මුලින් ශාස්තෘන්වහන්සේද කෙළවරෙහි සංඝනවකවූ තථාගතපුත්‍ර උපරෙවතනම් සාමණේරයන්වහන්සේද බලමින් ‘සෙසු සව්වන්ගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් ආශ්චර්ය්යමත් නොවේ. මේ තරුණ ලලිත බවින්යුත් දරුවාගේ මෙබඳුවූ සෘද්ධ්‍යනුභාවයක් අතිශයින්ම ආශ්චර්‍ය්‍යය’යි ඉමහත් ප්‍රීතියක් ඉපිදවීය.
අථස්ස භවනෙ දසබලෙ නිසින්නෙ සෙසභික්ඛූසු කොටිතො පට්ඨාය නිසීදන්තෙසු සත්ථු සම්මුඛට්ඨානෙයෙව උපරෙවතසාමණෙරස්ස ආසනං පාපුණි. නාගරාජා යාගුං දෙන්තොපි ඛජ්ජකං දෙන්තොපි සකිං දසබලං ඔලොකෙති, සකිං උපරෙවතසාමණෙරං. තස්ස කිර සරීරෙ සත්ථු සරීරෙ විය ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි පඤ්ඤායන්ති. තතො නාගරාජා “අයං සාමණෙරො බුද්ධානං සදිසො පඤ්ඤායති, කිං නු ඛො හොතී”ති අවිදූරෙ නිසින්නං අඤ්ඤතරං භික්ඛුං පුච්ඡි – “අයං, භන්තෙ, සාමණෙරො දසබලස්ස කිං හොතී”ති? පුත්තො, මහාරාජාති. සො චින්තෙසි – “මහා වතායං භික්ඛු, එවරූපස්ස සොභග්ගප්පත්තස්ස තථාගතස්ස පුත්තභාවං ලභි. සරීරම්පිස්ස එකදෙසෙන බුද්ධානං සරීරසදිසං පඤ්ඤායති, මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට්ටතී”ති සත්තාහං මහාදානං දත්වා, “භන්තෙ, අහං ඉමස්ස අධිකාරකම්මස්සානුභාවෙන අයං උපරෙවතො විය අනාගතෙ එකස්ස බුද්ධස්ස පුත්තො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා අනන්තරායං දිස්වා “අනාගතෙ ගොතමබුද්ධස්ස පුත්තො භවිස්සසී”ති බ්යාකරිත්වා පක්කාමි.
ඉක්බිති, ඔහුගේ භවනයෙහි තථාගතයන්වහන්සේ වැඩහුන් කල්හි සෙසුභික්‍ෂූන් කෙළවරෙහි සිට වැඩහිඳිත්දී හාස්තෘන්වහන්සේ ඉදිරියෙහිම උපරෙවත සාමණේරයන්ට අසුනක් පැනවීය. නාරජු කැඳ දෙමින්ද කැවිලි දෙමින්ද වරක් බුදුරදුන් දෙස බලයි. වරක් උපරේවත සාමණේරයන් දෙස බලයි ඔහුගේ සිරුරෙහි තථාගතයන්ගේ සිරුරෙහි මෙන් දෙතිස් මහා පුරුෂලක්ෂණ පැනෙයි. ඉක්බිති නාරජ තෙමේ, ‘මේ සාමණේර නම බුදුවරුන්ට සමානව පෙනෙයි. මේ කිමෙක් වේදැයි නුදුරෙහි හුන් එක්තරා භික්ෂුවකගෙන් ‘ස්වාමීනි. මේ සාමණේර තෙමේ දශබලයන්වහන්සේට කවරෙක් වේදැයි ඇසීය ‘මහරජ, පුතුය.’ හෙතෙම, ‘පුදුමයෙකි, මේ භික්ෂුව මෙසේ රූපයෙන් හා යසසින් අගතැන්පත් තථාගතයන්වහන්සේගේ පුත්රභාවය ලැබීය. මොහුගේ ශරීරයද ඒකදේශයකින් බුදුන්ගේ ශරීරයට සමානව පෙනෙයි. මාද අනාගතයෙහි මෙබන්දකු වීම වටනේයයි සිතුවේය. හෙතෙම සත්දිනක් මහදන්දී ‘ස්වාමීනි, මම මේ පුණ්යකර්මයාගේ ආනුභාවයෙන් මේ උපරේවත මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ පුතෙක් වන්නෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ පුත්‍රයා වන්නෙහියයි විවරණදී වැඩිසේක.
පථවින්ධරොපි පුන අද්ධමාසෙ සම්පත්තෙ විරූපක්ඛෙන සද්ධිං සක්කස්ස උපට්ඨානං ගතො. අථ නං සමීපෙ ඨිතං සක්කො පුච්ඡි – “පත්ථිතො තෙ, සම්ම, අයං දෙවලොකො”ති? න පත්ථිතො මහාරාජාති. කිං දොසං අද්දසාති? දොසො නත්ථි, මහාරාජ, අහං පන දසබලස්ස පුත්තං උපරෙවතසාමණෙරං පස්සිං. තස්ස මෙ දිට්ඨකාලතො පට්ඨාය අඤ්ඤත්ථ චිත්තං න නමි, ස්වාහං “අනාගතෙ එකස්ස බුද්ධස්ස එවරූපො පුත්තො භවෙය්ය”න්ති පත්ථනං අකාසිං. ත්වම්පි, මහාරාජ, එකං පත්ථනං කරොහි, තෙ මයං නිබ්බත්තට්ඨානෙ න විනා භවිස්සාමාති. සක්කො තස්ස වචනං සම්පටිච්ඡිත්වා එකං මහානුභාවං භික්ඛුං දිස්වා “කතරකුලා නු ඛො නික්ඛමිත්වා අයං කුලපුත්තො පබ්බජිතො”ති ආවජ්ජෙන්තො “අයං භින්නං රට්ඨං සන්ධාරෙතුං සමත්ථස්ස කුලස්ස පුත්තො හුත්වා චුද්දස භත්තච්ඡෙදෙ කත්වා මාතාපිතරො පබ්බජ්ජං අනුජානාපෙත්වා පබ්බජිතො”ති අඤ්ඤාසි. ඤත්වා ච පන අජානන්තො විය දසබලං පුච්ඡිත්වා සත්තාහං මහාසක්කාරං කත්වා, “භන්තෙ, අහං ඉමස්ස කල්යාණකම්මස්ස නිස්සන්දෙන තුම්හාකං සාසනෙ අයං කුලපුත්තො විය අනාගතෙ එකස්ස බුද්ධස්ස සාසනෙ සද්ධාපබ්බජිතානං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා අනන්තරායං දිස්වා “ත්වං, මහාරාජ, අනාගතෙ ගොතමස්ස බුද්ධස්ස සාසනෙ සද්ධාපබ්බජිතානං අග්ගො භවිස්සසී”ති බ්යාකරිත්වා පක්කාමි. සක්කොපි අත්තනො දෙවපුරමෙව ගතො.
පටවින්‍ධර තෙමේ යළි අඩමස පැමිණිවිට විරූපාක්ෂ සමඟ සක් දෙවියන්ගේ උටවැනට ගියේය. ඉක්බිති සමීපයෙහි සිටි ඔහුගෙන් සක්දෙව් තෙමේ, ‘යහළුව, මේ දෙව් ලොව පතන ලද්දේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නොපතන ලදී.’ ‘කවර දොසක් දැක්වේහිද?’ ‘මහරජ, දොසක් නැත. මම දශබලපුතුවූ උපරෙවත සාමණේරයන් දුටුවෙමි. ඔහුදුටු කල්හි සිට මගේ සිත අන්තැනක නොනැමුනේය. ඒ මම අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ මෙබඳුවූ පුතෙක් වන්නෙම්වා’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළෙමි. ඔබද මහරජ, එක් පැතුමක් කරව. (එනම්): ‘ඒ අපි උපදින තැන නොවෙන් වන්නෙමු’යි කියාය. සක්දෙව් තෙමේ ඔහුගේ වචනය පිළිගෙන එක් මහානුභාව ඇති භික්ෂුවක දැක ‘මේ කුලපුත් තෙමේ කවර කුලයකින් නික්ම පැවිදි වූයේයදැ’යි සිහි කරන්නේ මෙතෙම බිඳුණු රටක් එක් කිරීමට හැකි කුලයක පුත්‍රයෙක්වී තුදුස් බත්සිඳීමක් කොට පැවිද්දට මව්පියන් අනුදන්වා ගෙන පැවිදි වූයේයයි දැන ගත්තේය. දැනද නොදන්නකුමෙන් තථාගයන්වහන්සේගෙන් අසි සත්දිනක් මහාසත්කාර කොට ‘ස්වාමීනි, මම මේ පුණ්යකර්මයාගේ විපාකයෙන් නුඹවහන්සේගේ සසුනෙහි මේ කුලපුත්‍රයා මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍ර වන්නෙම්යයි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක ‘මහරජ, නුඹ අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක. සක්දෙව්තෙමේද තමන්ගේ දෙවිපුරයටම ගියේය.
තෙ උභොපි නිබ්බත්තට්ඨානතො චවිත්වා දෙවමනුස්සෙසු සංසරන්තා අනෙකසහස්සකප්පෙ අතික්කමිංසු. ඉතො පන ද්වානවුතිකප්පමත්ථකෙ ඵුස්සො නාම බුද්ධො ලොකෙ උදපාදි. තස්ස පිතා මහින්දො නාම රාජා අහොසි, වෙමාතිකා තයො කනිට්ඨභාතරො. රාජා දිවසෙ දිවසෙ “මය්හංයෙව බුද්ධො මය්හං ධම්මො මය්හං සඞ්ඝො”ති මමායන්තො සයමෙව දසබලං නිබද්ධං භොජනං භොජෙති.
ඒ දෙදෙනාම උපන්තැනින් සැට දෙවිමිනිසුන් අතුරෙහි සැරසරමින් නොයෙක් කල්ප ගණන් ඉක්මවූහ. මෙයින් කල්ප අනූදෙකකට මත්තෙහි ඵුස්ස නම් බුදුරජානන්වහන්සේ ලොව පහළවූ සේක. ඔහුගේ පියා මභින්ද නම් රජ වූයේය. අන් මවුන්ගෙන් උපන් කනිටු සහෝදරයෝ තිදෙනෙක් වූහ. රජතෙමේ දිනපතා බුදු රජාණන්වහන්සේ මගේමය, මගේමයයි සංඝයා මගේමයයි මමායනය කරමින් තෙමේම දශබලයන්වහන්සේ නිබඳ වළඳවයි.
අථස්ස එකදිවසං පච්චන්තො කුපිතො. සො පුත්තෙ ආමන්තෙසි – “තාතා, පච්චන්තො කුපිතො, තුම්හෙහි වා මයා වා ගන්තබ්බං. යදි අහං ගච්ඡාමි, තුම්හෙහි ඉමිනා නියාමෙන දසබලො පරිචරිතබ්බො”ති. තෙ තයොපි එකප්පහාරෙනෙව ආහංසු – “තාත, තුම්හාකං ගමනකිච්චං නත්ථි, මයං චොරෙ විධමිස්සාමා”ති පිතරං වන්දිත්වා පච්චන්තං ගන්ත්වා චොරෙ විධමිත්වා විජිතසඞ්ගාමා හුත්වා නිවත්තිංසු. තෙ අන්තරාමග්ගෙ පාදමූලිකෙහි සද්ධිං මන්තයිංසු – “තාතා, අම්හාකං ගතක්ඛණෙයෙව පිතා වරං දස්සති, කතරං වරං ගණ්හාමා”ති? අය්යා, තුම්හාකං පිතු අච්චයෙන දුල්ලභං නාම නත්ථි, තුම්හාකං පන ජෙට්ඨභාතිකං ඵුස්සබුද්ධං පටිජග්ගනවරං ගණ්හථා”ති ආහංසු. තෙ “කල්‍යාණං තුම්හෙහි වුත්ත”න්ති සබ්බෙපි එකචිත්තා හුත්වා ගන්ත්වා පිතරං අද්දසංසු. තදා පිතා තෙසං පසීදිත්වා වරං අදාසි. තෙ “තෙමාසං තථාගතං පටිජග්ගිස්සාමා”ති වරං යාචිංසු. රාජා “අයං දාතුං න සක්කා, අඤ්ඤං වරං ගණ්හථා”ති ආහ. තාත, අම්හාකං අඤ්ඤෙන වරෙන කිච්චං නත්ථි, සචෙ තුම්හෙ දාතුකාමා, එතංයෙව නො වරං දෙථාති. රාජා තෙසු පුනප්පුනං කථෙන්තෙසු අත්තනා පටිඤ්ඤාතත්තා “න සක්කා න දාතු”න්ති චින්තෙත්වා ආහ – “තාතා, අහං තුම්හාකං වරං දෙමි, අපිච ඛො පන බුද්ධා නාම දුරාසදා හොන්ති සීහා විය එකචරා, දසබලං පටිජග්ගන්තා අප්පමත්තා භවෙය්යාථා”ති.
ඉක්බිති එක් දිනක් ඔහුගේ පසල් දනව්ව කිපියේය. නුඹලා හෝ මා හෝ යායුතුය. ඉදින් මම යන්නෙම් නම් නුඹලා විසින් මේ ක්‍රමයෙන් දශබලයන්වහන්සේට සේවය කළයුතුය.’ ඒ තිදෙනාම එක විටම පියාණෙනි, නුඹට ගමන්කිසක් නැත. අපි සොරුන් විනාශ කරන්නෙමුයි. කීවාහුය. පියා වැඳ ප්‍රත්‍යන්තයට ගොස් සොරුන් විනාශ කොට සටන ජයගෙන ආපසු පැමිණියාහුය. ඔවුහු අතරමගදී සේවකයන් සමඟ, ‘දරුවනි, අපගිය කොණෙහිම පියා වර දන්නේය. කවරවරයක් ගන්නේමුදැයි සාකච්ඡා කළාහුය. ස’වාමිවරුනි, නුඹවහන්සේලාට පියාගේ ඇවෑමෙන් දුර්ලභවූ කිසිවක් නම්නැත. නුඹවහන්සේලාගේ දෙටු බෑයන් වන ඵුස්ස බුදුන්වහන්සේ පිළිදැගුම් කිරීමේ වරය ගනු මැනවැ’යි කීවාහුය. ඔවුහු ‘නුඹලා විසින් යහපතක් කියනලදැ’යි සියල්ලෝම එක්සිත්ව ගොස් පියා දුටුවාහුය. එකල පියා ඔවුන්ට පැහැද වරයක් දුන්නේය. ඔවුහු ‘තෙමසක් තථාගතයන් පිළිදැඟුම් කරන්නෙමුය’යි වරය ඉල්ලූහ. රජතෙමේ ‘ මෙය දිය නොහැකිය. අන් වරයක් ගණුව’යි කීවේය. ‘පියාණෙනි, අපට අන්වරයකින් වැඩක් නැත. ඉදින් නුඹවහන්සේ දෙනු කැමැත්තෝ නම් අපට එම වරයම දෙනු මැනවැ’යි කීහ. රජතෙරෙම් ඔවුන් නැවත නැවතත් කියද්දී තමා පිළිණදුන් බැවින් නොදීමට නොහැකැයි සිතා, ‘දරුවනි, මම නුඹලාට වරයදෙමි. එතකුදු වුවත් බුදුවරු නම් ළංවීමට අපහසු අයවෙති. සිංහයන් මෙන් එකළාව හැසිරෙන්නෝය. බුදුන්වහන්සේ පිළිදැගුම් කරන නුඹලා අප්‍රමාද වන්නැ’යි පැවසීය.
තෙ චින්තයිංසු – “අම්හෙහි තථාගතං පටිජග්ගන්තෙහි අනුච්ඡවිකං කත්වා පටිජග්ගිතුං වට්ටතී”ති සබ්බෙපි එකචිත්තා හුත්වා දසසීලානි සමාදාය නිරාමගන්ධා හුත්වා සත්ථු දානග්ගපරිවහනකෙ තයො පුරිසෙ ඨපයිංසු. තෙසු එකො ධනධඤ්ඤුප්පාදකො අහොසි, එකො මාපකො, එකො දානසංවිධායකො. තෙසු ධනධඤ්ඤුප්පාදකො පච්චුප්පන්නෙ බිම්බිසාරො මහාරාජා ජාතො, මාපකො විසාඛො උපාසකො, දානසංවිධායකො රට්ඨපාලත්ථෙරොති. සො තත්ථ යාවජීවං කුසලං කත්වා දෙවපුරෙ නිබ්බත්තො. අයං පන රාහුලත්ථෙරො නාම කස්සපදසබලස්ස කාලෙ කිකිස්ස කාසිරඤ්ඤො ජෙට්ඨපුත්තො හුත්වා නිබ්බත්ති, පථවින්ධරකුමාරොතිස්ස නාමං අකංසු. තස්ස සත්ත භගිනියො අහෙසුං. තා දසබලස්ස සත්ත පරිවෙණානි කාරයිංසු. පථවින්ධරො ඔපරජ්ජං ලභි. සො තා භගිනියො ආහ – “තුම්හෙහි කාරිතපරිවෙණෙසු මය්හම්පි එකං දෙථා”ති. භාතික, තුම්හෙ උපරාජට්ඨානෙ ඨිතා, තුම්හෙහි නාම අම්හාකං දාතබ්බං, තුම්හෙ අඤ්ඤං පරිවෙණං කරොථාති. සො තාසං වචනං සුත්වා පඤ්ච විහාරසතානි කාරෙසි. පඤ්ච පරිවෙණසතානීතිපි වදන්ති. සො තත්ථ යාවජීවං කුසලං කත්වා දෙවපුරෙ නිබ්බත්ති. ඉමස්මිං පන බුද්ධුප්පාදෙ පථවින්ධරකුමාරො අම්හාකං බොධිසත්තස්ස අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, තස්ස සහායකො කුරුරට්ඨෙ ථුල්ලකොට්ඨිතනිගමෙ රට්ඨපාලසෙට්ඨිගෙහෙ නිබ්බත්ති.
තථාගතයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක්කොට පිළිදැඟුම් කිරීමට වටනේයයි ඔවුහු සිතූහ. සියල්ලෝම එක්කැමැත්තෝව දසසිල් සමාදන්ව පිළීගඳනැත්තෝවී ශාස්තෘන්වහන්සේට දන්දෙන තැන පාලනය කරන පුරුෂයන් තිදෙනෙකු තැබූහ. ඔවුනතුරින් එකෙක් ධනධාන්‍ය උපදවන්නෙක් වූයේය. එකෙක් මිනුම් කරුවෙක් වුයේය. එකෙක් දානසංවිධායකයෙක් වුයේය. ඔවුන්ගේ (ධනධාන්‍ය) උපදවන්නා අනාගතයෙහි බිම්බිසාර මහරජ වූයේය. මිනුම්කරුවා විශාඛ උපාසක වූයේය. දානසංවිධායක තෙමේ රට්ඨපාල වූයේය. හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව උපන්නේය. මේ රාහුල තෙරණුවෝ නම් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි කිකි රජුගේ දෙටුපුතාවී උපන්නේය. ඔහුට පඨවින්ධර කුමාරයායයි නමක් කළාහුය. ඔහුට සොහොයුරියෝ සත් දෙනෙක් වූහ. ඔවුහු බුදුන්වහන්සේට පිරිවෙන් සතක් කරවූහ. පඨවින්ධර තෙමේ යුවරජකම ලැබීය. හෙතෙම ඒ සොහොයුරියන්ට, ‘නුඹලා විසින් කරවනලද පිරිවෙන් අතුරින් මටද එකක් දෙන්නැයි කීවේය. ‘සොහොයුර, නුඹ යුවරජතනතුරෙහි සිටියෙහිය. නුඹවිසින් නම් අපට දියයුතුය. නුඹ අපට අන් පිරිවෙණක් කරව’යි කීවාහුය. හෙතෙම ඔවුන්ගේ කීම අසා විහාර පන්සියයක් කරවූයේය. පිරිවෙන් පන්සියයක්දයි කියත්, හෙතෙම එහි දිවි ඇතිතෙක් කුසල් කොට දෙවිපුරයෙහි උපන්නේය. මේ බුද්ධෝත්පාද කාලයෙහි පඨවින්ධර කුමාර තෙමේ අපගේ බෝසතුන්ගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ යහළුවා කරුරට ථුල්ලකොටඨිත නියම්ගමෙහි රට්ඨපාල සිටුගෙහි උපන්නේය.
අථ අම්හාකං දසබලො අභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන කපිලවත්ථුං ආගන්ත්වා රාහුලකුමාරං පබ්බාජෙසි. තස්ස පබ්බජ්ජාවිධානං පාළියං (මහාව· 105) ආගතමෙව. එවං පබ්බජිතස්ස පනස්ස සත්ථා අභිණ්හඔවාදවසෙන රාහුලොවාදසුත්තං අභාසි. රාහුලොපි පාතොව වුට්ඨාය හත්ථෙන වාලුකං උක්ඛිපිත්වා “දසබලස්ස චෙව ආචරියුපජ්ඣායානඤ්ච සන්තිකා අජ්ජ එත්තකං ඔවාදං ලභෙය්ය”න්ති වදති. භික්ඛුසඞ්ඝමජ්ඣෙ කථා උදපාදි “ඔවාදක්ඛමො වත රාහුලසාමණෙරො පිතු අනුච්ඡවිකො පුත්තො”ති. සත්ථා භික්ඛූනං චිත්තාචාරං ඤත්වා “මයි ගතෙ එකා ධම්මදෙසනා ච වඩ්ඪිස්සති, රාහුලස්ස ච ගුණො පාකටො භවිස්සතී”ති ගන්ත්වා ධම්මසභායං බුද්ධාසානෙ නිසින්නො භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති. රාහුලසාමණෙරස්ස ඔවාදක්ඛමභාවං කථෙම භගවාති. සත්ථා ඉමස්මිං ඨානෙ ඨත්වා රාහුලස්ස ගුණදීපනත්ථං මිගජාතකං ආහරිත්වා කථෙසි –
ඉක්බිති අපගේ භාග්‍යවතුන්වහන්සේ අභිසම්බෝධයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තෝ අනුක්රමයෙන් කිඹුල්වතට වැඩ රාහුල කුමරු පැවිදි කරවනසේක. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි අයේමය. මෙසේ පැවිදිවූ රහල් තෙරුන්ට නිතර අවවාද වශයෙන් ශාස්තෘන්වහන්සේ රාහුලොවාද සූත්‍රය දෙසූසේක. රහල් තෙරණුවෝද උදයෙන්ම අවදිව අතින් වැළි ඔසවා බුදුන්වහන්සේගෙන් මෙන්ම ආචායර්‍ය උපාධ්යායයන්ගේද සමීපයෙන් අද මෙපමණ අවවාද ලබම්වායි කියති. බික්සඟන මැද ‘රාහුල හෙරණ තෙමේ අවවාදක්‍ෂමය. පියාට සුදුසු පුතෙකි’යි කථාවක් හටගත්තේය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ සිත්හසර දැන ‘මා ගියකල්හි එක් ධර්මදේශනයක්ද වැඩෙයි. රාහුලගේ ගුණයද ප්‍රකට වන්නේය’යි වැඩමවා ධර්ම සභාවෙහි බුද්ධාසනයෙහි වැඩහුන්සේක් ‘මහණෙනි, කවරනම් කථාවකින් යුක්තව හුන්නහුදැ’යි භික්ෂූන් ඇමතූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, රාහුල තෙරණුන්ගේ අවවාදක්ෂම භාවය කීමු’යි භික්ෂූන්වහන්සේ පැවසූහ. ශාස්තෘන්වහන්සේ මේ කරුණ අරභයා රහල් තෙරණුන්ගේ ගුණය ප්‍රකට කරනු සඳහා මිගජාතකය ගෙනහැර දක්වා වදාළසේක.
“මිගං තිපල්ලත්ථමනෙකමායං, අට්ඨක්ඛුරං අඩ්ඪරත්තා පපායිං; එකෙන සොතෙන ඡමා’ස්සසන්තො, ඡහි කලාහිතිභොති භාගිනෙය්යො”ති. (ජා· 1.1.16);
ත්රිවිධශයනයක් ඇත්තාවූ නොයෙක් මායා දන්නාවූ, කුර අටක් ඇති අඩ රැයෙහි දිය බොන්නාවූ මුවාට (මුවමායං හොදින් ඉගැන්වීමි) (කෙසේදයත්) එක් නාස්තුඩුවකින් පොළොවට සුසුම් හරිමින් බෑනණුතෙමේ සවැදෑරුම් මෘගමායා කලාවෙන් (වැද්දා) ඉක්මවා සිටියි.
අථස්ස සත්තවස්සිකසාමණෙරකාලෙ “මා හෙව ඛො රාහුලො දහරභාවෙන කීළනත්ථායපි සම්පජානමුසා භාසෙය්‍යා”ති අම්බලට්ඨියරාහුලොවාදං (ම· නි· 2.107 ආදයො) දෙසෙසි. අට්ඨාරසවස්සිකසාමණෙරකාලෙ තථාගතස්ස පච්ඡතො පිණ්ඩාය පවිසන්තස්ස සත්ථු චෙව අත්තනො ච රූපසම්පත්තිං දිස්වා ගෙහසිතං විතක්කං විතක්කෙන්තස්ස “යංකිඤ්චි, රාහුල, රූප”න්තිආදිනා නයෙන මහාරාහුලොවාදසුත්තන්තං (ම· නි· 2.113) කථෙසි. සංයුත්තකෙ (සං· නි· 4.121) පන රාහුලොවාදොපි අඞ්ගුත්තරෙ (අ· නි· 4.177) රාහුලොවාදොපි ථෙරස්ස විපස්සනාචාරොයෙව. අථස්ස සත්ථා ඤාණපරිපාකං ඤත්වා අවස්සිකභික්ඛුකාලෙ අන්ධවනෙ නිසින්නො චූළරාහුලොවාදං (ම· නි· 3.416 ආදයො) කථෙසි. දෙසනාපරියොසානෙ රාහුලත්ථෙරො කොටිසතසහස්සදෙවතාහි සද්ධිං අරහත්තං පාපුණි, සොතාපන්නසකදාගාමිඅනාගාමිදෙවතානං ගණනා නත්ථි. අථ සත්ථා අපරභාගෙ අරියසඞ්ඝමජ්ඣෙ නිසින්නො ථෙරං ඉමස්මිං සාසනෙ සික්ඛාකාමානං අග්ගට්ඨානෙ ඨපෙසි.
ඉක්බිති උන්වහන්සේට සත් අවුරුදු සාමණේ කාලයෙහි ‘රාහුල, ළදරු බවින් කෙළිපිණිසවත් දැන දැන බොරු නොකීය’යි අම්බලට්ඨිය රාහුලොවාද සූත්‍රය දෙසූසේක. අටළොස්වියැති සාමණේර කාලයෙහි බුදුන්වහන්සේ පිටුපසින් පිඬුපිණිස හැසිරෙමින් ශාස්තෘන්වහන්සේගේ මෙන්ම තමාගේද රූපසම්පත්තිය දැක ගෙහසිත විතර්කයෙන් විතර්කනය කරන්නහුට ‘යං කිඤ්චි රාහුල රූපං’ යනාදි නයින් මහාරාහුලොවාද සූත්‍රාන්තය දෙසූසේක. සංයුත්ත නිකායෙහි රාහුලොවාදයද අංගුත්තර නිකායෙහි රාහුලොවාදයද තෙරුන්වහන්සේගේ විදර්ශනාචාරයමයි. ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුගේ ඥානපරිපාකය දැන උපසම්පදාවෙන් වර්ෂයක් නොපිරුණු භික්ෂුකාලයෙහි අන්ධවනයෙහි හුන්සේක් චූලරාහුලොවාදය දෙසූසේක. දෙසුම් කෙළවර රහල් තෙරණුවෝ කෙළදහසක් දෙවියන් සමඟ රහත් බවට පැමිණියහ. සෝවාන් සකෘදාගාමී අනාගාමී බවට පත් දෙවිවරුන්ගේ ගණනක් නැත. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි සඟමැද වැඩහුන්සේක් තෙරණුවන් මේ සසුනෙහි ශික්ෂාකාමීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.
සත්ථරි පන කුරුරට්ඨෙ චාරිකාය නික්ඛමිත්වා ථුල්ලකොට්ඨිතං අනුප්පත්තෙ රට්ඨපාලො කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො මාතාපිතරො අනුජානාපෙත්වා දසබලං උපසඞ්කමිත්වා සත්ථු ආණත්තියා අඤ්ඤතරස්ස ථෙරස්ස සන්තිකෙ පබ්බජි. තස්ස පබ්බජිතදිවසතො පට්ඨාය සෙට්ඨිගහපති භික්ඛූ අත්තනො නිවෙසනද්වාරෙන ගච්ඡන්තෙ දිස්වා “කිං තුම්හාකං ඉමස්මිං ගෙහෙ කම්මං, එකොව පුත්තකො අහොසි, තං ගණ්හිත්වා ගතත්ථ, ඉදානි කිං කරිස්සථා”ති අක්කොසති පරිභාසති. සත්ථා අද්ධමාසං ථුල්ලකොට්ඨිතෙ වසිත්වා පුන සාවත්ථිමෙව අගමාසි. තත්ථායස්මා රට්ඨපාලො යොනිසො මනසිකරොන්තො කම්මං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. සො සත්ථාරං අනුජානාපෙත්වා මාතාපිතරො දස්සනත්ථං ථුල්ලකොට්ඨිතං ගන්ත්වා තත්ථ සපදානං පිණ්ඩාය චරන්තො පිතු නිවෙසනෙ ආභිදොසිකං කුම්මාසං ලභිත්වා තං අමතං විය පරිභුඤ්ජන්තො පිතරා නිමන්තිතො අධිවාසෙත්වා දුතියදිවසෙ පිතු නිවෙසනෙ පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා අලඞ්කතපටියත්තෙ ඉත්ථිජනෙ අසුභසඤ්ඤං උප්පාදෙත්වා ඨිතකොව ධම්මං දෙසෙත්වා ජියා මුත්තො විය නාරාචො ආකාසං උප්පතිත්වා කොරබ්යරඤ්ඤො මිගචීරං ගන්ත්වා මඞ්ගලසිලාපට්ටෙ නිසින්නො දස්සනත්ථාය ආගතස්ස රඤ්ඤො චතුපාරිජුඤ්ඤපටිමණ්ඩිතං ධම්මං (ම· නි· 2.304) දෙසෙත්වා අනුපුබ්බෙන චාරිකං චරමානො පුන සත්ථු සන්තිකංයෙව ආගතො. එවමෙතං වත්ථු සමුට්ඨිතං. අථ සත්ථා අපරභාගෙ අරියගණමජ්ඣෙ නිසින්නො ථෙරං ඉමස්මිං සාසනෙ සද්ධාපබ්බජිතානං කුලපුත්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
ශාස්තෘන්වහන්සේ කුරුරටෙහි චාරිකාව සඳහා නික්ම ථුල්ලකොට්ඨිතයට නොපත් කල්හි රට්ඨපාල කුලපුත් තෙමේ ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා ලබනලද ශ්‍රද්ධා ඇත්තේ මවුපියන් අනුදන්වාගෙන ශාස්තෘන්වහන්සේ වෙත එළඹ ශාස්තෘන්වහන්සේගේ ඇණවීමෙන් එක්තරා තෙර කෙනකුන් සමීපයෙහි පැවිදිවූයේය. ඔහු පැවිදිවූ දිනයෙහි පටන් සිටුගෘහපති තෙමේ තම නිවස දොරටුවෙන් යන භික්ෂූන් දැක නුඹවහන්සේලාට මේ ගෙහි කවර වැඩක්ද? මේ ගෙහි එක් පුතෙක් විය ඔහුගෙ ගිහය. දැන් කුමක් කරන්නහුදැයි බණියි. නින්දා කරයි. ශාස්තෘන්වහන්සේ අඩමසක් ථුල්ලකොට්ඨිතයෙහි වැස නැවත සැවතටම වැඩිසේක. එහිදී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ යෝනිසෝ මනසිකාරයෙහි කටයුතු කොට විදසුන් වඩා රහත්බවට පැමිණියහ. හෙතෙම ශාස්තෘන් අනුදන්වාගෙන මාපියන් දැකීමට ථුල්ලකොට්ඨිතයට ගොස් එහි ගෙපිළිවෙළින් පිඬු හැසිරෙන්නේ පිය නිවසෙහි පෙරදිග සවසට අයත් (පිළුණුවූ) කුම්මාසය ලැබ එය අමාව මෙන් වළඳන්නේ පියා විසින් ඇරයුම් කරනලද්දේ ඉවසා දෙවෙනි දිනයෙහි පියනිවසෙහි පිණ්ඩපාතය වළදා අලංකාර ලෙස සැරසුණු ස්ත්රීජනයන් කෙරෙහි අසුභසංඥාව උපදවා සිටියේම දහම් දෙසා දුනුදියෙන් මිදුණු හීයක් මෙන් අහසට පැන නැඟී කොරව්‍ය රජුගේ මිගාචිරයට ගොස් මගුල්ගල්තලාවෙහි හුන්නේ (තමන්) දැක්මට පැමින රජුට සතර විනාශයන් පිළිබඳ ධර්මයක් දෙසා පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ යළි ශාස්තෘන්වහන්සේ සමීපයටම පැමිණියේය. මෙසේ මේ වස්තුව නැඟීසිටියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යසමූහයා මැද හුන්සේක් තෙරුන් මේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදිවූ කුලපුතුන් අතුරින් අගතැන්හි තැබූසේක.