සීවලිත්ථෙරවත්ථු අට්ඨකථා
සීවලිත්ථෙරවත්ථු
සීවලී තෙරණුවෝ
නවමෙ ලාභීනං යදිදං සීවලීති ඨපෙත්වා තථාගතං ලාභීනං භික්ඛූනං සීවලිත්ථෙරො අග්ගොති දස්සෙති. තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි අතීතෙ පදුමුත්තරබුද්ධකාලෙ වුත්තනයෙනෙව විහාරං ගන්ත්වා පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ලාභීනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට්ටතී”ති දසබලං නිමන්තෙත්වා පුරිමනයෙනෙව සත්තාහං මහාදානං දත්වා “භගවා අහම්පි ඉමිනා අධිකාරකම්මෙන අඤ්ඤං සම්පත්තිං න පත්ථෙමි, අනාගතෙ පන එකස්ස බුද්ධස්ස සාසනෙ අහම්පි තුම්හෙහි සො එතදග්ගෙ ඨපිතභික්ඛු විය ලාභීනං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා අනන්තරායං දිස්වා “අයං තෙ පත්ථනා අනාගතෙ ගොතමස්ස බුද්ධස්ස සාසනෙ සමිජ්ඣිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි.
නවවෙනිවර්ගයෙහි, ලාභීනං යදිදං සීවලී යනු තථාගතයන්වහන්සේ හැර ලාභී භික්ෂූන්වහන්සේ අතුරින් සීවලී තෙරුන්වහන්සේ අග්‍රයහයි දක්වයි. උන්වහන්සේගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි.මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පෙර කියනලද ක්‍රමයෙන්ම විහාරයට ගොස් පිරිස් කෙළවරෙහි සිටියේ දහම් අසමින් එක් භික්ෂුවක ලාභීන් අතුරින් අගතනතුරෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙවැන්නෙකුවීම සුදුසුයයි බුදුන්වහන්සේට නිමන්ත්‍රණය කොට පෙර අයුරින්ම සත් දිනක් මහදන් දී ‘භාග්‍යවතුන්වහන්ස. මම මේ පින්කමින් අන්සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මමද නුඹවහන්සේ විසින් ඒතදග්‍රස්ථානයෙහි තබනලද ඒ භික්ෂුව මෙන් ලාභීන් අතුරින් අග්‍ර වන්නෙමියි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක නුඹගේ මේ ප්‍රාර්‍ත්‍ථනා අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි ඉටුවන්නේය’යි විවරණදී වැඩිසේක.
සොපි කුලපුත්තො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො විපස්සීබුද්ධකාලෙ බන්ධුමතීනගරතො අවිදූරෙ එකස්මිං ගාමෙ පටිසන්ධිං ගණ්හි. තස්මිං සමයෙ බන්ධුමතීනගරවාසිනො රඤ්ඤා සද්ධිං සාකච්ඡිත්වා සාකච්ඡිත්වා දසබලස්ස දානං දෙන්ති. තෙ එකදිවසං සබ්බෙව එකතො හුත්වා දානං දෙන්තා “කිං නු ඛො අම්හාකං දානමුඛෙ නත්ථී”ති මධුඤ්ච ගුළදධිඤ්ච න අද්දසංසු. තෙ “යතො කුතොචි ආහරිස්සාමා”ති ජනපදතො නගරං පවිසනමග්ගෙ පුරිසං ඨපෙසුං. තදා එස කුලපුත්තො අත්තනො ගාමතො ගුළදධිවාරකං ගහෙත්වා “කිඤ්චිදෙව ආහරිස්සාමී”ති නගරං ගච්ඡන්තො මුඛං ධොවිත්වා “ධොතහත්ථපාදො පවිසිස්සාමී”ති ඵාසුකට්ඨානං ඔලොකෙන්තො නඞ්ගලසීසමත්තං නිම්මක්ඛිකං දණ්ඩකමධුං දිස්වා “පුඤ්ඤෙන මෙ ඉදං උප්පන්න”න්ති ගහෙත්වා නගරං පවිසති. නාගරෙහි ඨපිතපුරිසො තං දිස්වා, “භො පුරිස, කස්සිමං ආහරසී”ති පුච්ඡි. න කස්සචි සාමි, වික්කිණිතුං පන මෙ ඉදං ආනීතන්ති. තෙන හි, භො පුරිස, ඉමං කහාපණං ගහෙත්වා එතං මධුඤ්ච ගුළදධිඤ්ච දෙහීති.
ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී බුදුන්වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයෙන් නුදුරෙහි එක් ගමක පිළිසිඳ ගත්තේය. එසමයෙහි බන්ධුමතී නුවර වැස්සෝ රජු සමඟ සාකච්ඡාකොට බුදුන්වහන්සේට දන්දෙකි. ඔවුහු එක්දිනක් සියල්ලන්ම එක්ව බුදුන්වහන්සේට දන්දෙන්නෝ කුමක් නම් අපගේ දානමුඛයෙහි නැද්දැයි (විමසන්නාහු) මීද මිදවූ දීද නොදුටූහ. ඔවුහු කොයි දෙසකින් හෝ ගෙනෙන්නෙමුයි ජනපදයෙන් නුවරට පිවිසෙන මාර්ගයෙහි පුරුෂයෙකු තැබුවාහුය. එකල්හි මේ කුලපුතුත් තෙමේ තමන්ගේ ගමෙන් මිදවූ දී භාජනයක් ගෙන යම්කිසිවක් ගෙනෙන්නෙමැයි නුවරට යන්නේ මුව දොවා දොවන ලද අත්පා ඇත්තේ පිවිසෙන්නෙමැයි පහසු තැනක් බලන්නේන නඟුල් හිසක් පමණවූ මැස්සන් නැති දඬු මීයක් දැක මගේ පිනෙන් මෙය උපනැයි එය ගෙන නුවරට පිවිසෙයි. නුවරුන් විසින් තබලනලද පුරුෂයා එයි දැ, ‘පින්වත් පුරුෂය, කවරකුට මෙය ගෙන යන්නෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, කිසිවකුට නොවේ. විකිණීමට මෙය මවිසින් ගෙනඑනලදැ’යි කීය. ‘එසේ වීනම් පින්වත මේ කහවණුව ගෙන මේ මීත් මිදුවුදීත් දෙව’යි කීය.
සො චින්තෙසි – “ඉදං න බහුමූලං, අයඤ්ච එකප්පහාරෙනෙව බහුං දෙති, වීමංසිතුං වට්ටතී”ති. තතො නං “නාහං එකකහාපණෙන දෙමී”ති ආහ. යදි එවං, ද්වෙ ගහෙත්වා දෙහීති. ද්වීහිපි න දෙමීති. එතෙනුපායෙන වඩ්ඪන්තං වඩ්ඪන්තං සහස්සං පාපුණි. සො චින්තෙසි – “අතිඅඤ්ඡිතුං න වට්ටති, හොතු තාව, ඉමස්ස කත්තබ්බකිච්චං පුච්ඡිස්සාමී”ති. අථ නං ආහ – “ඉදං න බහුඅග්ඝනකං, ත්වඤ්ච බහුං දෙසි, කෙන කම්මෙන ඉදං ගණ්හාසී”ති? ඉධ, භො, නගරවාසිනො රඤ්ඤා සද්ධිං පටිවිරුජ්ඣිත්වා විපස්සීදසබලස්ස දානං දෙන්තා ඉදං ද්වයං දානමුඛෙ අපස්සන්තා පරියෙසන්ති. සචෙ ඉදං ද්වයං න ලභිස්සන්ති, නාගරානං පරාජයො භවිස්සති. තස්මා සහස්සං දත්වා ගණ්හාමීති. කිං පනෙතං නාගරානමෙව වට්ටති, න අඤ්ඤෙසං දාතුං වට්ටතීති? යස්ස කස්සචි දාතුං අවාරිතමෙතන්ති. අත්ථි පන තෙ කොචි නාගරානං දානෙ එකදිවසං සහස්සං දාතාති? නත්ථි සම්මාති. ඉමෙසං පන ද්වින්නං සහස්සග්ඝනකභාවං ජානාසීති? ආම ජානාමීති. තෙන හි ගච්ඡ, නාගරානං ආචික්ඛ – “එකො පුරිසො ඉමානි ද්වෙ මූලෙන න දෙති, සහත්ථෙනෙව දාතුකාමො, තුම්හෙ ඉමෙසං ද්වින්නං කාරණා නිරුස්සුක්කා හොථා”ති. ත්වං පන මෙ ඉමස්මිං දානමුඛෙ ජෙට්ඨකභාවස්ස කායසක්ඛී හොහීති.
මෙය බොහෝ වටිනා එකක් නොවේ. මෙතෙමේත් එක් විටම බොහෝ මිලක් දෙයි. (එබැවින්) විමසීමට වටීය’යි හෙතෙම සිතීය. ඉක්බිති ‘මම මෙය එක් කහවණුවකට නොදෙමි’යි කීවේය. ‘එසේ නම් කහවණු දෙකක් ගෙනදෙව.’ ‘දෙකකටද නොදෙමි.’ මේ නයින් මිළ වැඩි කරමින් කහවණු දහසකට පැමිණියේය. හෙතෙම, ‘වඩා (මිළක් දක්වා) ඇදගෙන යාම නොසුදුසුය. මෙයින් කළ යුතු කාර්ය්යය විමසන්නෙමැ’යි සීතිය. ඉක්බිති ඔහුට කීය: ‘මෙය බොහෝ අගනා එකක් නොවේ. නුඹද බොහෝ දෙන්නෙහිය. කුමන වැඩක් සඳහා මෙය ගන්නෙහිද?’ ‘පින්වත මෙහි නගරවැසියෝ රජු සමඟ පිළිමල්ව විපස්සි බුදුරජාණන්වහන්සේට දන් දෙන්නාහු මේ දෙක දානමුඛයෙහි නොදක්නාහු සොයත්, ඉදින් මේ දෙක නොලබත් නම් නුවරුන්ට පරාජය වෙයි. එබැවින් දහසක්දී ගනිමි’ ‘කිමෙක්ද මෙය නුවරුන්ට පමණක්ම වටීද? අනෙකෙකුට දීමට නොවටීද? යම් කිසිවකුට දීමට වළහන ලද්දේ නොවෙයි (සිතා) ‘නුවරුන්ගේ දන්දීමෙහි එක් දිනක දහසක් දෙන්නෙක් ඇත්දැයි විමසීය. ‘නැත යහළුව.’ ‘මේ දෙක දහසක් වටින බව දන්නෙහිද?’ ‘එසේය දනිමි.’ එසේනම් යව, එක් පුරුෂයෙක් මේ දෙක මිලට නොදෙයි. සියතින්මදෙනු කැමැත්තේය. මේ දෙක ගැන නිසැක වෙව’යි නුවරුන්ට කියව. නුඹ වනාහි මාගේ මේ දානමුඛයෙහි දෙටු බවට කාය සාක්ෂ්‍ය වෙව’යි කීවේය.
සො ගාමවාසී පරිබ්බයත්ථං ගහිතමාසකෙන පඤ්චකටුකං ගහෙත්වා චුණ්ණං කත්වා දධිතො කඤ්ජියං වාහෙත්වා තත්ථ මධුපටලං පීළෙත්වා පඤ්චකටුකචුණ්ණෙන යොජෙත්වා එකස්මිං පදුමිනිපත්තෙ පක්ඛිපිත්වා තං සංවිදහිත්වා ආදාය දසබලස්ස අවිදූරෙ ඨානෙ නිසීදි. මහාජනෙන ආහරියමානස්ස සක්කාරස්ස අන්තරෙ අත්තනො පත්තවාරං ඔලොකයමානො ඔකාසං ඤත්වා සත්ථු සන්තිකං ගන්ත්වා “භගවා අයං මය්හං දුග්ගතපණ්ණාකාරො, ඉමං මෙ අනුකම්පං පටිච්ච ගණ්හථා”ති. සත්ථා තස්ස අනුකම්පං පටිච්ච චතුමහාරාජදත්තියෙන සෙලමයෙන පත්තෙන තං පටිග්ගහෙත්වා යථා අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සස්ස දිය්යමානං න ඛීයති, එවං අධිට්ඨාසි. සොපි කුලපුත්තො නිට්ඨිතභත්තකිච්චං භගවන්තං අභිවාදෙත්වා එකමන්තං ඨිතො ආහ – “දිට්ඨො මෙ භගවා අජ්ජ බන්ධුමතීනගරවාසිකෙහි තුම්හාකං සක්කාරො ආහරියමානො, අහම්පි ඉමස්ස කම්මස්ස නිස්සන්දෙන නිබ්බත්තනිබ්බත්තභවෙ ලාභග්ගයසග්ගප්පත්තො භවෙය්ය”න්ති. සත්ථා “එවං හොතු කුලපුත්තා”ති වත්වා තස්ස ච නගරවාසීනඤ්ච භත්තානුමොදනං කත්වා පක්කාමි.
ඒ ගම්වැසි තෙමේ වියදම සඳහා ගන්නාලද මාසකයෙන් පංචකටුකයගෙන සුණු කොට දීවලින් කැඳපෙරා එහි මීපටලය මිරිකා පංචකටුක සුණෙන් යොදා එක් නෙලුම් පතෙක බහා පිළියෙළ කොට ගෙන දශබලයන්වහන්සේට නුදුරු තැනෙක්හි මහජනයා විසින් ගෙනෙනු ලබන සත්කාරයන් අතුරෙහි තමන්ගේ අත්වර බලමින් හුන්නේය. හෙතෙම අවකාශය දැන ශාස්තෘන් සමීපයට ගොස්. ‘භාග්‍යවතුන්වහන්ස, මේ මාගේ දුප්පත් පඬුරය. මෙය මට අනුකම්පාවෙන් පිළිගනු මැනව’යි පැවසීය. ශාස්තෘන්වහන්සේ ඔහුට අනුකම්පා උපදවා චාතම්මහාරාජික දෙවිවරුන් විසින් දෙනලද ශෛලමය පාත්‍රයෙන් එය පිළිගෙන අටසැට ලක්ෂයක් භික්ෂූන්ට දෙන ලද්ද යම්සේ නොනිමෙයිද එසේ අදිටන් කළසේක. ඒ කුලපුත් තෙමේත් බත්කිස නිමවූ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ මෙසේකීය. ‘භාග්‍යවතුන්වහන්ස, අද බන්ධුමතී නගරවැසියන් විසින් නුඹවහන්සේට ගෙන එන ලබන සත්කාරය දක්නාලදී. මමද මේ කර්මයාගේ විපාකයෙන් උපනුපන් භවයෙක්හි ලාභයෙන් හා යසසින් අග්‍රප්‍රාප්ත වන්නෙමි’. ශාස්තෘන්වහන්සේ ‘කුලප්රත්රය, එසේ වේවා’යි පවසා ඔහුටද නුවර වැස්සන්ටද භූත්තානුමෝදනාවකොට පිටත්ව ගියසේක.
සොපි කුලපුත්තො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සුප්පවාසාය රාජධීතාය කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. පටිසන්ධිග්ගහණතො පට්ඨාය සායං පාතඤ්ච පණ්ණාකාරසතානි පාපුණන්ති, සුප්පවාසා සම්පත්තිං ගච්ඡති. අථ නං පුඤ්ඤවීමංසනත්ථං හත්ථෙන බීජපච්ඡිං ඵුසාපෙන්ති, එකෙකබීජතො සලාකසතම්පි සලාකසහස්සම්පි නිගච්ඡති. එකකරීසඛෙත්තතො පඤ්ඤාසම්පි සට්ඨිපි සකටානි උප්පජ්ජන්ති. කොට්ඨපූරණකාලෙපි කොට්ඨද්වාරං හත්ථෙන ඵුසාපෙන්ති, රාජධීතාය පුඤ්ඤෙන ගණ්හන්තානං ගහිතගහිතට්ඨානං පුන පූරති. පරිපුණ්ණභත්තකුම්භිතොපි “රාජධීතාය පුඤ්ඤ”න්ති වත්වා යස්ස කස්සචි දෙන්තානං යාව න උක්කඩ්ඪන්ති, න තාව භත්තං ඛීයති. දාරකෙ කුච්ඡිගතෙයෙව සත්ත වස්සානි අතික්කමිංසු.
ඒ කුලපුත් තෙමේත් දිවි ඇති තෙක් පින්කම්කොට දෙව් මිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධෝතපාදයෙහි සුප්පවාසා රජදියණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. පිළිසිඳ ගැනීමේ පටන් සවසද උදෑසනද පඬුරු පන්සියය බැගින් සුප්පවාසාව පිළිගනියි. ඉක්බිති ඇයගේ එම පින විමසනු සඳහා අතින් බිජුපැස ස්පර්ශකරවති. එක් එක් බිජුවටින් සලකා සියයක්ද සලාක දහසක්ද මතුවළුයි. එක් කිරියක්වූ කෙතකින් ගැල් පණහක්ද සැටක්ද උපදියි. (වී) කොටුව පුරවන කල්හි කොටු දොරටුව අතින් ස්පර්ශ කරවති. රජදුවණියගේපිනෙන් ගන්නන් විසින් ගත් ගත් තැන නැවත පිරෙයි. පිරුණු බත් සැලියෙන්ද රජදියණියගේ පිනැයි කියා යම්කිසිවකුට දෙන කල්හි යම්තාක් උඩට ඇද නොගනිත්ද එතෙක් බත් ක්ෂය නොවෙයි. දරුවා කුසෙහි සිටියදීම අවුරුදු සතක් ගෙවී ගියේය.
ගබ්භෙ පන පරිපක්කෙ සත්තාහං මහාදුක්ඛං අනුභොසි. සා සාමිකං ආමන්තෙත්වා “පුරෙ මරණා ජීවමානාව දානං දස්සාමී”ති සත්ථු සන්තිකං පෙසෙසි – “ගච්ඡ ඉමං පවත්තිං සත්ථු ආරොචෙත්වා සත්ථාරං නිමන්තෙහි, යඤ්ච සත්ථා වදෙති, තං සාධුකං උපලක්ඛෙත්වා ආගන්ත්වා මය්හං කථෙහී”ති. සො ගන්ත්වා තස්සා සාසනං භගවතො ආරොචෙසි. සත්ථා “සුඛිනී හොතු සුප්පවාසා කොලියධීතා, සුඛිනී අරොගා අරොගං පුත්තං විජායතූ”ති ආහ. රාජා තං සුත්වා භගවන්තං අභිවාදෙත්වා අන්තොගාමාභිමුඛො පායාසි. තස්ස පුරෙ ආගමනායෙව සුප්පවාසාය කුච්ඡිතො ධමකරණා උදකං විය ගබ්භො නික්ඛමි, පරිවාරෙත්වා නිසින්නජනො අස්සුමුඛොව හසිතුං ආරද්ධො. හට්ඨතුට්ඨො මහාජනො රඤ්ඤො පුත්තසාසනං ආරොචෙතුං අගමාසි.
ගැබ මෝරා ගිය විට සත්දිනක් මහදුක් වින්දාය. ඕතොමෝ මරණයට පෙර දිවි ඇත්තීම දන් දෙන්නෙමැයි සැමියා සමඟ සාකච්ඡාකොට, ‘යව, මෙපුවත ශාස්තෘන්වහන්සේට සැළකොට ශාස්තෘන්වහන්සේට ආරාධනා කරව. ශාස්තෘන්වහන්සේ යමක් කියන සේක්ද එය මනාව සලකාගෙන අවුත් මට කියව’යි සැමියා ශාස්තෘන්වහන්සේ වෙත පිටත් කර යැව්වාය. හෙතෙම ගොස් ඇයගේ පනිවිඩය භාග්‍යවතුන්වහන්සේට සැළකළේය. ශාස්තෘන්වහන්සේ, ‘සුප්පවාසා කොලිය දියණිය සුවපත්වේවා! සුව ඇත්තී නිරෝගවූවා නීරෝගී පුතකු බිහි කරාවායි පැවසූසේක. රජතෙමේ එය අසා භාග්‍යවතුන් වැඳ ඇතුළු ගමට අභිමුඛව ගමන් කළේය. ඔහුගේ පැමිණීමට පෙරම සුප්පවාසාවගෙන් කුසින් පැන්පෙරහනින් ජලය මෙන් ගැබ නික්මියේය. පිරිවරා සිටි ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තේම සිනහසෙන්නට පටන් ගත්හ. තුටුපහටුවූ මහජනයා රජුට සතුටුදායක පණිවිඩය සැළකිරීමට ගියහ.
රාජා තෙසං ඉඞ්ගිතං දිස්වාව “දසබලෙන කථිතකථා නිප්ඵන්නා මඤ්ඤෙ”ති චින්තෙසි. සො ආගන්ත්වා සත්ථු සාසනං රාජධීතාය ආරොචෙසි. රාජධීතා “තයා නිමන්තිතං ජීවිතභත්තමෙව මඞ්ගලභත්තං භවිස්සති, ගච්ඡ සත්තාහං දසබලං නිමන්තෙහී”ති. රාජා තථා අකාසි. සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං පවත්තයිංසු. දාරකො සබ්බෙසං ඤාතීනං සන්තත්තචිත්තං නිබ්බාපෙන්තො ජාතොති සීවලිදාරකොත්වෙවස්ස නාමං අකංසු. සො සත්ත වස්සානි ගබ්භෙ වසිතත්තා ජාතකාලතො පට්ඨාය සබ්බකම්මක්ඛමො අහොසි. ධම්මසෙනාපති සාරිපුත්තො සත්තමෙ දිවසෙ තෙන සද්ධිං කථාසල්ලාපං අකාසි. සත්ථාපි ධම්මපදෙ ගාථං අභාසි –
රජතෙමේ ඔවුන්ගේ ඉඟිය දැකම බුදුන්වහන්සේ විසින් කියනලද කථාව පලගැනුනේ වනැයි සිතීය. හෙතෙම පැමිණ ශාස්තෘන්වහන්සේගේ පණිවිඩය රජ දියණියට දැන්වීය. රජ දියණිය, ‘ඔබ විසින් නිමන්ත්‍රණය කරනලද දිවිබතම මඟුල්බතක් වන්නේය. යන්න, සත්දිනකට දශබලයන්වහන්සේට ආරාධනා කරන්නැ’යි කීවාය. රජතෙමේ එසේ කළේය. සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන් පැවැත්වූහ. දරුතෙමේ සියලු නෑයන්ගේ තැවුණු සිත නිවන්නෙක් වූයේයැයි ඔහුට සීවලීයයි නම් කළාහුය. හෙතෙම සත්වසක් ගැබෙහි විසූ බැවින් උපන්කාලයෙහි පටන්ම සියලු ක්‍රියාවන්හි දක්ෂයෙක් වූයේය. දම්සෙනෙවි සැරියුත් තෙරුන්වහන්සේ සත්වෙනි දිනයෙහි ඔහු සමඟ කථාසල්ලාප පැවැත්වූහ. ශාස්තෘන්වහන්සේද ධම්මපදයෙහි ගාථාවක් පැවසූසේක:
“යොමං පලිපථං දුග්ගං, සංසාරං මොහමච්චගා; තිණ්ණො පාරඞ්ගතො ඣායී, අනෙජො අකථංකථී; අනුපාදාය නිබ්බුතො, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 414);
‘යමෙක් මේ යාමට දුෂ්කරවූ මුළාවක්වූ දුර්ගමාර්ගයක්වූ සසර ඉක්මවූයේද එතෙර වූයේ පරතෙරට ගියේ ලාමක නොවූයේ සැකනැත්තේ දැඩිසේ නොගෙන නිවුනේ වේද? මම ඔහු බ්රාහ්මණයකැයි කියමි.’
අථ නං ථෙරො එවමාහ – “කිං පන තයා එවරූපං දුක්ඛරාසිං අනුභවිත්වා පබ්බජිතුං න වට්ටතී”ති? ලභමානො පබ්බජෙය්යං, භන්තෙති. සුප්පවාසා තං දාරකං ථෙරෙන සද්ධිං කථෙන්තං දිස්වා “කිං නු ඛො මෙ පුත්තො ධම්මසෙනාපතිනා සද්ධිං කථෙතී”ති ථෙරං උපසඞ්කමිත්වා පුච්ඡි – “මය්හං පුත්තො තුම්හෙහි සද්ධිං කිං කථෙති, භදන්තෙ”ති? අත්තනා අනුභූතං ගබ්භවාසදුක්ඛං කථෙත්වා තුම්හෙහි අනුඤ්ඤාතො පබ්බජිස්සාමීති වදතීති. සාධු, භන්තෙ, පබ්බාජෙථ නන්ති. ථෙරො තං විහාරං නෙත්වා තචපඤ්චකකම්මට්ඨානං දත්වා පබ්බාජෙන්තො, “සීවලි, න තුය්හං අඤ්ඤෙන ඔවාදෙන කම්මං අත්ථි, තයා සත්ත වස්සානි අනුභූතදුක්ඛමෙව පච්චවෙක්ඛාහී”ති. භන්තෙ, පබ්බාජනමෙව තුම්හාකං භාරො, යං පන මයා කාතුං සක්කා, තමහං ජානිස්සාමීති. සො පඨමකෙසවට්ටියා ඔහාරිතක්ඛණෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, දුතියාය ඔහාරිතක්ඛණෙ සකදාගාමිඵලෙ, තතියාය අනාගාමිඵලෙ. සබ්බෙසංයෙව පන කෙසානං ඔරොපනඤ්ච අරහත්තසච්ඡිකිරියා ච අපච්ඡා අපුරිමා අහොසි. තස්ස පබ්බජිතදිවසතො පට්ඨාය භික්ඛුසඞ්ඝස්ස චත්තාරො පච්චයා යදිච්ඡකං උප්පජ්ජන්ති. එවං එත්ථ වත්ථු සමුට්ඨිතං.
ඉක්බිති ඔහුට තෙරුන්වහන්සේ මෙසේ කීය: ‘කිමෙක්ද? ඔබ විසින් මෙබඳුවූ දුක් රැසක් විඳ පැවිදි වීමට නොවටීද?’ ‘ලබන්නේ (නම්) පැවිදි වන්නෙමි ස්වාමීනි,’ සුප්පවාසා රජ දියණිය තෙරුන් සමඟ කථාකරන්නාවූ ඔහු දැක ‘කිමෙක්ද මගේ පුතා දම්සෙනෙවි සැරියුත් හිමියන් සමඟ කථා කරේදැ’යි තෙරුන් වෙත එළඹ, ස්වාමීනි, මගේ පුතා ඔබවහන්සේ සමග කුමක් කතා කෙරේදැයි විමසුවාය. ‘තමන් විසින් විඳින ලද ගැබෙහි විසීමේ දුක කියා ඔබ විසින් අනුමත කරනලද්දේ පැවිදිවන්නෙමැයි කියති’යි තෙරහු පැවසූහ. ‘මැනවි ස්වාමීනි, ඔහු පැවිදි කරවනු මැනව.’ තෙරුන්වහන්සේ ඔහු විහාරයට පමුණුවා තචපංචක කමටහනදී පැවිදි කරවන්නාහු ‘සීවලී, ඔබට අන්‍යයන්ගේ අවවාදයෙන් වැඩක් නැත. ඔබ විසින් සත් වසක් විඳින ලද දුකම ප්රත්යවේක්ෂා කරවයි පැවසූහ. ‘ස්වාමීනි, පැවිදිකරවීමම ඔබවහන්සේගේ වගකීමය. යමක් මාවිසින් කළ හැක්කේද එය මම දනිමි. හෙතෙම පළමු කෙස්වැටිය ඉවත්කරන කෙණෙහිම සෝවාන් පෙලෙහි පිහිටියේය. දෙවැන්න ඉවත් කරන කෙණෙහි සකෘදාගාමී පෙලෙහි පිහිටියේය. තෙවැන්න ඉවත් කරන කෙණෙහි අනාගාමි පෙලෙහිද සියලු කෙස් බහා තැබීමද රහත්බව පසක් කිරීමද නොපසුව නොපෙරටුව සිදුවිය. ඔහු පැවිදිවු දින පටන් බික් සඟනට සිවුපසය කැමති පරිද්දෙන් උපදියි. මෙසේ මෙහි කථාවස්තුව නිමියේයි.
අපරභාගෙ සත්ථා සාවත්ථිං අගමාසි. ථෙරො සත්ථාරං අභිවාදෙත්වා, “භන්තෙ, මය්හං පුඤ්ඤං වීමංසිස්සාමි, පඤ්ච මෙ භික්ඛුසතානි දෙථා”ති ආහ. ගණ්හ, සීවලීති. සො පඤ්චසතෙ භික්ඛූ ගහෙත්වා හිමවන්තාභිමුඛං ගච්ඡන්තො අටවිමග්ගං ගච්ඡති. තස්ස පඨමං දිට්ඨා නිග්රොධෙ අධිවත්ථා දෙවතා සත්ත දිවසානි දානං අදාසි. ඉති සො –
මෑත කාලයක ශාස්තෘන්වහන්සේ සැවතට වැඩිසේක. තෙරණුවෝ ශාස්තෘන් වැඳ ‘ස්වාමීනි, මගේ පින විමසන්නෙමි. මට භික්ෂූන් පන්සියයක් දුනමැනවැ’යි කීහ. ‘සීවලී ගන්නැ’යි පැවසූසේක. උන්වහන්සේට නිග්රොධයෙහි අධිගෘහීත දේවතාවා සත්දිනක් දන්දුන්නේය. මෙසේ හෙතෙම:
“නිග්රොධං පඨමං පස්සි, දුතියං පණ්ඩවපබ්බතං; තතියං අචිරවතියං, චතුත්ථං වරසාගරං. “පඤ්චමං හිමවන්තං සො, ඡට්ඨං ඡද්දන්තුපාගමි; සත්තමං ගන්ධමාදනං, අට්ඨමං අථ රෙවත”න්ති.
නිග්‍රොධය පළමුව දුටුවේය. දෙවැනි පණ්ඩව පර්වතයද තෙවැනිව අචිරිවතියද සිවුවැනිව උතුම් සාගරයද පස්වැනිව හිමවතද දුටුවේය. හෙතෙම සවෙනිව ඡද්දන්තයට ආයේය. ගන්ධමාදනයට සත්වෙනිවද ඉක්බිති රේවතතෙරුන් සමීපයට අටවෙනිවද පැමිණියේය.’
සබ්බට්ඨානෙසු සත්ත සත්ත දිවසානෙව දානං අදංසු. ගන්ධමාදනපබ්බතෙ පන නාගදත්තදෙවරාජා නාම සත්තදිවසෙසු එකදිවසං ඛීරපිණ්ඩපාතං අදාසි, එකදිවසං සප්පිපිණ්ඩපාතං අදාසි. භික්ඛුසඞ්ඝො ආහ – “ආවුසො, ඉමස්ස දෙවරඤ්ඤො නෙව ධෙනුයො දුය්හමානා පඤ්ඤායන්ති, න දධිනිම්මථනං, කුතො තෙ, දෙවරාජ, ඉමං උප්පජ්ජතී”ති? “භන්තෙ, කස්සපදසබලස්ස කාලෙ ඛීරසලාකභත්තදානස්සෙතං ඵල”න්ති දෙවරාජා ආහ. අපරභාගෙ සත්ථා ඛදිරවනියරෙවතස්ස පච්චුග්ගමනං අට්ඨුප්පත්තිං කත්වා ථෙරං අත්තනො සාසනෙ ලාභග්ගයසග්ගප්පත්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
සියලු තන්හි සත් සත් දිනයන්හි දන් දුන්නාහුය. ගන්ධමාදන පව්වෙහි නාගදත්ත නම් දේවරජයා සත් දිනයන්හි එක් දිනෙක කිරි පිණ්ඩපාතයද, එක්දිනෙක ගිතෙල් පින්ඩපාතයද දුන්නේය. භික්ෂුසංඝයා මෙසේ ඇසීය: මේ දෙව්රජුගේ දොවනු ලබන දෙන්නු නොපැනෙත්. දීකැලතීමද නොපැනෙයි. දෙවිරජතුමනි, ඔබට මෙය කොයින් උපදීද?’ ‘ස්වාමීනි, කාශ්‍යප බුදුන්කල කිරිසලාකබත් දීමෙහි මේ ඵලයයැ’යි දෙව්රජතෙමේ පැවසීය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ ඛදීරවනීය රේවතතෙරුන්ගේ පෙරගමන අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන්වහන්සේ තමන්ගේ සසුනෙහි ලාභ සහ යසස් ලබන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.
වක්කලිත්ථෙරවත්ථු
වක්කලි තෙරණුවෝ
දසමෙ සද්ධාධිමුත්තානන්ති සද්ධාය අධිමුත්තානං, බලවසද්ධානං භික්ඛූනං වක්කලිත්ථෙරො අග්ගොති දස්සෙති. අඤ්ඤෙසං හි සද්ධා වඩ්ඪෙතබ්බා හොති, ථෙරස්ස පන හාපෙතබ්බා ජාතා. තස්මා සො සද්ධාධිමුත්තානං අග්ගොති වුත්තො. වක්කලීති පනස්ස නාමං.
දසවැන්නෙහි සද්ධාධිමුත්තානං යනු ශ්‍රද්ධාවෙන් අධිකතරවූවන් අතුරෙන්ය. බලවත් ශ්‍රද්ධා ඇති භික්ෂූන් අතුරෙන් වක්කලී තෙරණුවෝ අග්රවූහයි දක්වයි. අනෙක් අයගේ ශ්‍රද්ධාව වැඩිය යුතුවෙයි. තෙරුන්වහන්සේගේ වනාහි අඩුකළ යුතු වීය. එබවින් හෙතෙම දැඩිශ්රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රයයි කියනලදී. වක්කලී යනු ඔහුගේ නමයි.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයම්පි හි අතීතෙ පදුමුත්තරබුද්ධකාලෙ වුත්තනයෙනෙව විහාරං ගන්ත්වා පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං සද්ධාධිමුත්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට්ටතී”ති වුත්තනයෙනෙව සත්ථාරං නිමන්තෙත්වා සත්තාහං මහාදානං දත්වා දසබලං වන්දිත්වා, “භන්තෙ, අහම්පි ඉමිනා අධිකාරකම්මෙන තුම්හෙහි සද්ධාධිමුත්තානං එතදග්ගෙ ඨපිතභික්ඛු විය අනාගතෙ එකස්ස බුද්ධස්ස සාසනෙ සද්ධාධිමුත්තානං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා තස්ස අනන්තරායං දිස්වා බ්යාකරිත්වා පක්කාමි.
ඔහුගේ ප්‍රශ්න කර්මයෙහිමේපිළිවෙළ කථාවයි. මෙතෙමේත් අතීතයෙහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි කියනලද අයුරින්ම විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක්භික්‍ෂුවක බලවත් ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙබන්දකුවීම වටනේයයි කියනලද ක්‍රමයෙන්ම ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත්දිනක් මහදන්දී තථාගතයන් වැද ‘ස්වාමීනි, මමද මේ පින්කමින් නුඹවහන්සේ විසින් දැඩි ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තැබූ භික්ෂුව මෙන් අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි දැඩි ශ්‍රද්ධා ඇත්තවුන් අතුරෙන් අග්රවන්නෙම්යයි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේගේ ඔහුට අනතුරක් නොදැක විවරණදී වැඩිසේක.
සොපි යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං සත්ථුකාලෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ පටිසන්ධිං ගණ්හි, වක්කලීතිස්ස නාමං අකංසු. සො වුද්ධිප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා දසබලං භික්ඛුසඞ්ඝපරිවුතං සාවත්ථියං චරන්තං දිස්වා සත්ථු සරීරසම්පත්තිං ඔලොකෙන්තො සරීරසම්පත්තිදස්සනෙන අතිත්තො දසබලෙන සද්ධිංයෙව විචරති. විහාරං ගච්ඡන්තෙන සද්ධිං විහාරං ගන්ත්වා සරීරනිප්ඵත්තිං ඔලොකෙන්තොව තිට්ඨති. ධම්මසභායං නිසීදිත්වා ධම්මං කථෙන්තස්ස සම්මුඛට්ඨානෙ ඨිතො ධම්මං සුණාති. සො සද්ධං පටිලභිත්වා “අගාරමජ්ඣෙ වසන්තො නිබද්ධං දසබලස්ස දස්සනං න ලභිස්සාමී”ති පබ්බජ්ජං යාචිත්වා සත්ථු සන්තිකෙ පබ්බජි.
හෙතෙමේත් දිවිඇති තෙක් පින්කම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර බමණු කුලයෙක්හි පිළිසඳ ගත්තේය. වක්කලී යනුවෙන් ඔහුට නම් කළාහුය. හෙතෙම වැඩිවියට පැමිණියේ ත්‍රිවේදයන උගෙන බික්සඟන පිරිවරා සැවතෙහි සැරිසරන්නාවූ බුදුන්වහන්සේ දැක බුදුන්වහන්සේගේ ශරීරසම්පත්තිය බලා ශරීරසම්පත්තය දැකීමෙන් තෘප්තිමත් නොවූයේ තථාගතයන්වහනසේ සමඟම හැසිරෙයි. වෙහෙරට යන්නාවූ තථාගතයන්වහන්සේ සමඟම විහාරයට ගොස් ශරීරසම්පත්තිය බලමින්ම සිටී. ධර්මසභාවෙහි හිඳ ධර්මය දෙසන්නාවූ බුදුරජාණන්වහන්සේගේ හමුවෙහි සිටියේ ධර්මය අසයි. හෙතෙම ශ්‍රද්ධාව ලැබ ගිහිගෙයි වසන්නේ නිබඳව බුදුන්වහන්සේගේ දර්ශනය නොලබන්නේමැයි පැවිද්ද ඉල්වා ශාස්තෘන්වහන්සේ සමීපයෙහි පැවිදිවූයේය.
තතො පට්ඨාය ඨපෙත්වා ආහාරකරණවෙලං අවසෙසකාලෙ යත්ථ ඨිතෙන සක්කා දසබලං පස්සිතුං, තත්ථ ඨිතො යොනිසොමනසිකාරං පහාය දසබලං ඔලොකෙන්තොව විහරති. සත්ථා තස්ස ඤාණපරිපාකං ආගමෙන්තො දීඝම්පි අද්ධානං තස්මිං රූපදස්සනවසෙනෙව විචරන්තෙ කිඤ්චි අවත්වා “ඉදානිස්ස ඤාණං පරිපාකගතං, සක්කා එතං බොධෙතු”න්ති ඤත්වා එවමාහ – “කිං තෙ, වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො, වක්කලි, ධම්මං පස්සති, සො මං පස්සති. යො මං පස්සති, සො ධම්මං පස්සති. ධම්මඤ්හි, වක්කලි, පස්සන්තො මං පස්සති, මං පස්සන්තො ධම්මං පස්සතී”ති.
එතැන්පටන් ආහාරගැනීමේ වේලාව හැර සෙසු කල්හි යම් තැනක සිටියහු විසින් බුදුන්වහ්සේ දැකීමට හැකිවේද එහි සිටියේ නුවණින් මෙනෙහි කිරීම අත්හැර බුදුන්වහන්සේ දෙස බලමින්ම වාසය කරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වනසේක් දිගුකලක්ම ඔහු රූප දැකීම්වශයෙන්ම සැරිසරද්දී කිසිවක් නොකියා දැන් මොහුගේ ඥානය මුහුකුරා ගියේය. මෙතෙම අවබෝධකරවීමට හැකිවන්නේයයි දැන මෙසේ පැවසූසේක. ‘වක්කලී දකිනු ලැබූ මේ කුණු කයින් කවර වැඩක්ද? වක්කලී යමෙක් ධර්මය දකීද? හෙතෙම මා දකියි. වක්කලී, ධර්මය දකින්නාම මාදකියි. මා දකින්නා ධර්මය දකී.’
සත්ථරි එවං ඔවදන්තෙපි ථෙරො දසබලස්ස දස්සනං පහාය නෙව අඤ්ඤත්ථ ගන්තුං සක්කොති. තතො සත්ථා “නායං භික්ඛු සංවෙගං අලභිත්වා බුජ්ඣිස්සතී”ති උපකට්ඨාය වස්සූපනායිකාය රාජගහං ගන්ත්වා වස්සූපනායිකදිවසෙ “අපෙහි, වක්කලී”ති ථෙරං පණාමෙති. බුද්ධා ච නාම ආදෙය්යවචනා හොන්ති, තස්මා ථෙරො සත්ථාරං පටිප්ඵරිත්වා ඨාතුං අසක්කොන්තො තෙමාසං දසබලස්ස සම්මුඛෙ ආගන්තුං අවිසහන්තො “කිං දානි සක්කා කාතුං, තථාගතෙනම්හි පණාමිතො, සම්මුඛීභාවං න ලභාමි, කිං මය්හං ජීවිතෙනා”ති ගිජ්ඣකූටපබ්බතෙ පපාතට්ඨානං අභිරුහි. සත්ථා තස්ස කිලමනභාවං ඤත්වා “අයං භික්ඛු මම සන්තිකා අස්සාසං අලභන්තො මග්ගඵලානං උපනිස්සයං නාසෙය්යා”ති අත්තානං දස්සෙතුං ඔභාසං විස්සජ්ජෙසි. අථස්ස සත්ථු දිට්ඨකාලතො පට්ඨාය එව මහන්තං සොකසල්ලං පහීනං. සත්ථා සුක්ඛතළාකෙ ඔඝං ආහරන්තො විය වක්කලිත්ථෙරස්ස බලවපීතිසොමනස්සං උප්පාදෙතුං ධම්මපදෙ ඉමං ගාථමාහ –
ශාස්තෘන්වහන්සේ මෙසේ ඔවදන් දෙනකල්හිද තෙරුන්වහන්සේ බුදුන්වහන්සේගේ දර්ශනය අතහැර අන්තැනකට යාමට නොහැක්කේවෙයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ, ‘මේ භික්ෂුව සංවේගය නොලැබ අවබෝධ නොකරන්නේය’යි වස් එළඹීම ළංවූකල්හි රජගහනුවරට ගොස් වස් එළඹෙන දිනයෙහි ‘වක්කලී, ඉවත්වන්නැ’යි තෙරුන් ඉවතට යැවූසේක. බුදුවරුනම් පිලිගතයුතු වචන ඇත්තෝ වෙති. එහෙයින් තෙරණුවෝ බුදුන්වහන්සේට විරුද්ධව සිටීමට නොහැකි වන්නාහු තෙමසක් බුදුන්වහන්සේ හමුවට නොයා සිටීම නොයිවසමින්, දැන් කිරීමට හැකි කුමක්ද? තථාගතයන්වහන්සේ විසින් මම නෙරපා දමනුලද්දෙමි. හමුවීම නොලබමි. මගේ ජීවිතයෙන් කවර වැඩක්දැයි සිතා ගිජුකුළු පව්වෙහි ප්රපාතස්ථානයකට නැංගාහ. ශාස්තෘන්වහන්සේ ඔහු ක්ලාන්ත වනබව දැන, ‘මේ භික්ෂුව, මා සමීපයෙන් අස්වැසිල්ලක් නොලබන්නේ උතුම්ඵලයන්ට ඇති උපනිශ්‍රය නසාගන්නේයයි (සිතා) තමන්වහන්සේ දැක්වීමට ආලෝකයක් විහිදවූසේක. එකල්හි දිගුලක පටන්ම පැවති ඔහුගේ මහත්වූ කණස්සල්ල පහවිය. ශාස්තෘන්වහන්සේ වියළි තලයක වැසි හෙළන්නාක් මෙන් වක්කලී තෙරුන්ට බලවත් ප්‍රීතිය ඉපදවීමට ධර්මපදයෙහි මේ ගාථාව දෙසූසේක:
“පාමොජ්ජබහුලො භික්ඛු, පසන්නො බුද්ධසාසනෙ; අධිගච්ඡෙ පදං සන්තං, සඞ්ඛාරූපසමං සුඛ”න්ති. (ධ· ප· 381);
‘බුදුසසුනෙහි පහත් වූ ප්‍රමුදිතබව බහුල භික්ෂුව සංස්කාරයන් සංසිඳුවන්නාවූ සුඛසහගත ශාන්ත පදය අවබෝධ කරන්නේය.’
වක්කලිත්ථෙරස්ස ච “එහි, වක්කලී”ති හත්ථං පසාරෙසි. ථෙරො “දසබලො මෙ දිට්ඨො, එහීති අව්හායනම්පි ලද්ධ”න්ති බලවපීතිං උප්පාදෙත්වා “කුතො ගච්ඡාමී”ති අත්තනො ගමනභාවං අජානිත්වාව දසබලස්ස සම්මුඛෙ ආකාසෙ පක්ඛන්‍දිත්‍වා පඨමපාදෙන පබ්බතෙ ඨිතොයෙව සත්ථාරා වුත්තගාථං ආවජ්ජෙන්තො ආකාසෙයෙව පීතිං වික්ඛම්භෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා තථාගතං වන්දමානොව ඔතරි. අපරභාගෙ සත්ථා අරියගණමජ්ඣෙ නිසින්නො ථෙරං සද්ධාධිමුත්තානං අග්ගට්ඨානෙ ඨපෙසීති.
වක්කලී තෙරුන්ටද එව වක්කලීයි අතදිගු කළසේක. තෙරණුවෝ මවිසින් දශබලයන්වහන්සේ දක්නා ලදහ. ‘එව’යි කැඳවීමද ලබනලදැයි බලවත් සතුට උපදවා කොතනින් යම්දැයි තමා වැටෙන බව නොදැනම බුදුන්වහන්සේ හමුවෙහි අහසට පැන පළමු පයින් පව්වෙහි සිටියේම බුදුන්වහන්සේ විසින් දෙසූ ගාථාව සිහිකරමින් අහසෙහිදීම ප්‍රීතිය යටපත් කොට පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණ තථාගතයන් වඳිමින්ම බටහ. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ ආර්‍ය්‍යගණයා මධ්‍යයෙහි වැඩහුන්සේක් තෙරුන් අධිකශ්රද්ධා ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.
දුතියවග්ගවණ්ණනා.
දෙවෙනි වර්ගයයි