යෙදුමෙන් කියවන්න

සොණකුටිකණ‍්ණත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

සොණකුටිකණ‍්ණත්‍ථෙරවත්‍ථු

කුටිකණ්ණ සොණ තෙරණුවෝ

අට‍්ඨමෙ කල්‍යාණවාක‍්කරණානන‍්ති වාක‍්කරණං වුච‍්චති වචනකිරියා, මධුරවචනානන‍්ති අත්‍ථො. අයඤ‍්හි ථෙරො දසබලෙන සද‍්ධිං එකගන්‍ධකුටියා තථාගතස‍්ස මධුරෙන සරෙන ධම‍්මකථං කථෙසි. අථස‍්ස සත්‍ථා සාධුකාරං අදාසි. තස‍්මා සො කල්‍යාණවාක‍්කරණානං අග‍්ගො නාම ජාතො. සොණොති තස‍්ස නාමං, කොටිඅග‍්ඝනකං පන කණ‍්ණපිළන්‍ධනං ධාරෙසි. තස‍්මා කුටිකණ‍්ණොති වුච‍්චති, කොටිකණ‍්ණොති අත්‍ථො.

අටවැනිවර්‍ගයෙහි කල්‍යාණවාක්කරණානං යන්නෙහි වචනක්‍රියාව ‘වාකකරණං’යි කියනු ලැබේ. මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන්ය යන අරුත්ය. මේ තෙරුන්වහන්සේ දහබලයන්වහන්සේ සමඟ එක් ගඳකිළියෙහි තථාගතයන්වහන්සේගේ මධුරස්වරයෙන් දහම් දෙසූහ. ශාස්තෘන්වහන්සේ ඔහුට සාධුකාර දුන්සේක. එහෙයින් හෙතෙම මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්විය. ඔහුට සෝණයයි නම් කළාහුය. කෙළක් අගනා කන් පළඳනාවක් දැරීය. එහෙයින් ‘කුටිකණ්ණ’යි කියනුලැබේ. කෙළක් අගනා කන් ඇත්තේ යනු අර්‍ත්‍ථයි.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි පදුමුත‍්තරබුද‍්ධකාලෙ පුරිමනයෙනෙව මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨත්‍වා සත්‍ථු ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං කල්‍යාණවාක‍්කරණානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ කල්‍යාණවාක‍්කරණානං අග‍්ගෙන භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා දසබලං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා, “භන‍්තෙ, යං භික‍්ඛුං තුම‍්හෙ ඉතො සත‍්තදිවසමත්‍ථකෙ කල්‍යාණවාක‍්කරණානං අග‍්ගට‍්ඨානෙ ඨපයිත්‍ථ, අහම‍්පි ඉමස‍්ස අධිකාරකම‍්මස‍්ස ඵලෙන අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ තථාරූපො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා තස‍්ස අනන‍්තරායං දිස‍්වා “අනාගතෙ ගොතමබුද‍්ධස‍්ස සාසනෙ කල්‍යාණවාක‍්කරණානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

ඔහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේත් පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පෙර කියනලද ක්‍රමයෙන්ම මහජනයාසමඟ විහාරයට ගොස්පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක් භික්‍ෂුවක කලණ වදන් ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍රවීමට වටීයයි සිතා දශබලයන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත් දිනක් මහදන්දී, ස්වාමීනි, නුඹවහන්සේ විසින් යම්භික්‍ෂුවක මෙයින් දින සතකට පෙර කලණවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූ සේක්ද මමද මේ පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි එවැන්නෙක් වෙම්වා’යි අර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ එයට අනතුරක් නොමැති බව දැන අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුනට අග්‍ර වන්නේහිය’යි විවරණදී වැඩිසේක.

සොපි යාවජීවං කුසලං කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො අම‍්හාකං දසබලස‍්ස උප‍්පත‍්තිතො පුරෙතරමෙව දෙවලොකා චවිත්‍වා කාළියා නාම කුරරඝරිකාය උපාසිකාය කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. සා පරිපක‍්කෙ ගබ‍්භෙ රාජගහනගරෙ අත‍්තනො කුලනිවෙසනං ආගතා.

හෙතෙමේත් දිවි ඇති තෙක් කුසල් කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවියන්ද මිනිසුන්ද අතුරෙහි සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමට කලින්ම දෙව්ලොවින් සැව කාලි නම් ඇති කුරරඝරිකවූ උපාසිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඕ ගැබ මුහුකුරා ගිය කල්හි රජගහනුවරෙහි තමන්ගේ කුලනිවසට ආවාය.

තස‍්මිං සමයෙ අම‍්හාකං සත්‍ථා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො ඉසිපතනෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ දසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිංසු. තත්‍ථ එකො අට‍්ඨවීසතියා යක‍්ඛසෙනාපතීනං අබ‍්භන‍්තරෙ සාතාගිරො නාම යක‍්ඛො දසබලස‍්ස ධම‍්මකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය චින‍්තෙසි – “කිං නු ඛො අයං එවං මධුරධම‍්මකථා මම සහායෙන හෙමවතෙන සුතා න සුතා”ති? සො දෙවසඞ‍්ඝස‍්ස අන‍්තරෙ ඔලොකෙන‍්තො තං අපස‍්සිත්‍වා “අද‍්ධා මම සහායො තිණ‍්ණං රතනානං උප‍්පන‍්නභාවං න ජානාති, ගච‍්ඡාමි දසබලස‍්ස චෙව වණ‍්ණං කථෙස‍්සාමි, පටිවිද‍්ධධම‍්මඤ‍්ච ආරොචෙස‍්සාමී”ති අත‍්තනො පරිසාය සද‍්ධිං රාජගහමත්‍ථකෙන තස‍්ස සන‍්තිකං පායාසි.

එසමයෙහි අපගේ ශාස්තාන්වහන්සේ සර්‍වඥතාවට පත්ව ඉසිපතනයෙහි දම්සක් පැවත්වූසේක. දම්සක් පැවැත්මෙහිදී දසදහසක් සක්වළ දෙවියෝ රැස්වූහ. එහි අටවිස්සක්වූ යක්‍ෂසේනාපතීන් අතුරෙන් එක් සාතාගිර නම්වූ යක්‍ෂයෙක් තාථාගතයන්වහන්සේගේ ධර්‍මකථාව අසා සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ සිතීය. ‘කිම මෙම මිහිරි ධර්‍මකථාව මගේ යහළු හෙමවත විසින් අසන ලද්දේද නැද්ද’ යනුවෙනි. හෙතෙම දේවසමූහයා අතරත බලන්නේ ඔහු නොදැක, ‘ඒකාන්තයෙන්ම මගේ යහලුවා තුනුරුවන් පහළවූ බව නොදනියි යමි. ඔහුට දශබලයන්වහන්සේගේ වර්‍ණණාවද කියමි. අවබෝධ කළ ධර්‍මයද සැලකරමි’යි තමන්ගේ පිරිස සමඟ රජගහනුවරට උඩ අහසින් ඔහුගේ සමීපයට ගියේය.

හෙමවතොපි තියොජනසහස‍්සං හිමවන‍්තං අකාලපුප‍්ඵිතං දිස‍්වා “මම සහායෙන සාතාගිරෙන සද‍්ධිං හිමවන‍්තකීළිතං කීළිස‍්සාමී”ති අත‍්තනො පරිසාය සද‍්ධිං රාජගහමත්‍ථකෙනෙව පායාසි. තෙසං ද‍්වින‍්නම‍්පි අග‍්ගබලකායා කුලඝරිකාය කාළිඋපාසිකාය නිවෙසනමත්‍ථකෙ සමාගන‍්ත්‍වා “තුම‍්හෙ කස‍්ස පරිසා, මයං සාතාගිරස‍්ස. තුම‍්හෙ කස‍්ස පරිසා, මයං හෙමවතස‍්සා”ති ආහංසු. තෙ හට‍්ඨතුට‍්ඨාව ගන‍්ත්‍වා තෙසං යක‍්ඛසෙනාපතීනං ආරොචයිංසු. තෙපි තංඛණඤ‍්ඤෙව උපාසිකාය නිවෙසනමත්‍ථකෙ සමාගච‍්ඡිංසු. සාතාගිරො හෙමවතං ආහ – “කහං, සම‍්ම, ගච‍්ඡසී”ති? තව සන‍්තිකං සම‍්මාති. කිංකාරණාති? හිමවන‍්තං පුප‍්ඵිතං දිස‍්වා තයා සද‍්ධිං තත්‍ථ කීළිස‍්සාමීති. ත්‍වං පන, සම‍්ම, කහං ගච‍්ඡසීති? තව සන‍්තිකං, සම‍්මාති. කිංකාරණාති? ත්‍වං හිමවන‍්තස‍්ස කෙන පුප‍්ඵිතභාවං ජානාසීති? න ජානාමි, සම‍්මාති. සුද‍්ධොදනමහාරාජස‍්ස පුත‍්තො සිද‍්ධත්‍ථකුමාරො දසසහස‍්සිලොකධාතුං කම‍්පෙත්‍වා පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණො දසසහස‍්සචක‍්කවාළදෙවතානං මජ‍්ඣෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තස‍්ස පවත‍්තිතභාවං න ජානාසීති? න ජානාමි, සම‍්මාති. ත්‍වං එත‍්තකමෙව ඨානං පුප‍්ඵිතන‍්ති අඤ‍්ඤාසි, තස‍්ස පන පුරිසස‍්ස සක‍්කාරත්‍ථාය සකලදසසහස‍්සචක‍්කවාළං එකමාලාගුළසදිසං අජ‍්ජ ජාතං සම‍්මාති. මාලා තාව පුප‍්ඵන‍්තු, තයා සො සත්‍ථා අක‍්ඛීනි පූරෙත්‍වා දිට‍්ඨොති. ආම, සම‍්ම, සත්‍ථා ච මෙ දිට‍්ඨො, ධම‍්මො ච සුතො, අමතඤ‍්ච පීතං. අහං “එතං අමතධම‍්මං තම‍්පි ජානාපෙස‍්සාමී”ති තව සන‍්තිකං ආගතොස‍්මි, සම‍්මාති. තෙසං අඤ‍්ඤමඤ‍්ඤං කථෙන‍්තානංයෙව උපාසිකා සිරිසයනතො උට‍්ඨාය නිසින‍්නා තං කථාසල‍්ලාපං සුත්‍වා සද‍්දෙ නිමිත‍්තං ගණ‍්හි. “අයං සද‍්දො උද‍්ධං, න හෙට‍්ඨා, අමනුස‍්සභාසිතො, නො මනුස‍්සභාසිතො”ති සල‍්ලක‍්ඛෙත්‍වා ඔහිතසොතා පග‍්ගහිතමානසා හුත්‍වා නිසීදි. තතො –

හේමවත තෙමේද යොදුන් තුන්දහසක් ඇති හිමවත අකල්මල් පිපී තිබෙනු දැක මගේ යහළු සාතාගිර සමඟ හිමව්කෙළි කෙළින්නෙමැයි තමන්ගේ පිරිස සමඟ රජගහ නුවර මත්තෙන්ම ගියේය. ඒ දෙදෙනාගේම අග්‍රබලකායෝ කුරරඝරිකවු කාලි උවැසියගේ නිවෙස මත්තෙහි ඒක රැස්ව ‘නුඹලා කාගේ පුරුෂයෝද? අපි සාතාගාරිගේය, නුඹලා කාගේ පුරුෂයෝද? අපි හේමවතගේයයි කිවාහුය. ඔවුහු තුටුපහටුව ගොස් යක්සෙන්පතියන්ට දැන්වූහ. ඔවුහු එකෙණෙහිම උපාසිකාවගේ ගෙය මත්තෙහි එකට මුණගැසුණාහ. සාතාගිර, ‘යහළුව ඔබ කොහි යන්නෙහිදැයි හේමවතගෙන් ඇසීය. ‘යහළුව ඔබගේ සමීපයටයි.’ ‘කුමක් නිසාද?’ ‘මල්පිපුණු හිමවත දැක ඔබ සමග එහි කෙළින්නෙමැයි යන අදහසිනි.’ ‘යහළුව ඔබ කොහි යන්නෙහිද?’ ‘යහළුව සමීපයටය.’ ‘නුඹ කවර කරුණක නිසා හිමවත මල් පිපුණු බව දන්නෙහිද?’ ‘නොදනිමි යහළුව,’ ‘සුදොවුන් මහ රජුගේ පුත් සිදුහත් කුමර තෙමේ දසසහස්සී ලොකධාතුව කම්පා කරවා අවබෝධ කළ සර්‍වඥතාඥාන ඇත්තේ දසදහසක් සක්වළ දේවතාවුන් මැද උතුම් ධර්‍මචක්‍රය පැවැත්වීය. එය පැවති බව නොදන්නෙහිද?’ ‘යහළුව නොදනිමි’ ‘නුඹ මෙපමණක්වූ කරුණින්ම මල් පිපිණැයි දනුව. ඒ පුරුෂයාට සත්කාර සඳහා අද සියලු දසදහසක් සක්වළ එකම මල් ගුලාවක් විය.’ ‘මල් පිපේවා! නුඹවිසින් ඒ ශාස්තෘන්වරයා ඇස් පුරා දන්නා ලද්දේද?’ ‘යහළු හේමවතය, එසේය, මවිසින් දක්නා ලද්දේය. ධර්‍මයද අසන ලද්දේය. අමෘතයද බොනලදී. මම මේ අමාදහම ඔබටද දන්වන්නෙමැයි යහළුව ඔබ සමීපයට එළැමියේ වෙමි’ ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ට කථා කරත්දීම උවැසිය සිරියහනින් නැඟිට ඒ කථා සල්ලාපය අසා ශබ්දයෙහි නිමිති ගත්තාය. මේ ශබ්දය උඩය, යට නොවේ. අමනුෂ්‍යභාෂිතයෙකි. මනුෂ්‍යභාෂිතයක් නොවේ’යි සලකා යොමු කළ කන් ඇතිව දැඩි කරගත් සිතින් යුතුව හුන්නීය. ඉනික්බිති -

“අජ‍්ජ පන‍්නරසො උපොසථො (ඉති සාතාගිරො යක‍්ඛො), දිබ‍්බා රත‍්ති උපට‍්ඨිතා; අනොමනාමං සත්‍ථාරං, හන්‍ද පස‍්සාම ගොතම”න‍්ති. (සු· නි· 153) –

“අද පසළොස්වක් පෙහෙවසයි (මෙසේ සාතාගිර යක්‍ෂ තෙමේ කීය) දිව්‍යමය රාත්‍රිය එළඹුණේය. ඒකාන්තයෙන්ම ලාමක නොවූ නමක් ඇති ගෞතම ශාස්තෘන්වහන්සේ දකිමු”

එවං සාතාගිරෙන වුත‍්තෙ –

මෙසේ සාතාගිර විසින් කීකල්හි,

“කච‍්චි මනො සුපණිහිතො (ඉති හෙමවතො යක‍්ඛො),

කිමෙක්ද? සිත මනාව පිහිටුවන ලද්දේද? (මෙසේ හේමවත යක්‍ෂ තෙමේ ඇසීය)

සබ‍්බභූතෙසු තාදිනො;

සියලු භූතයන් කෙරෙහි නොසැලෙන ගුණයෙන් යුක්තවීද?

කච‍්චි ඉට‍්ඨෙ අනිට‍්ඨෙ ච, සඞ‍්කප‍්පස‍්ස වසීකතා”ති. (සු· නි· 154);

කිමෙක්ද ඉෂ්ටානිෂ්ට දෙය පිළිබඳ සංකල්පයන් වසඟ කළ සේක්ද?

එවං හෙමවතො සත්‍ථු කායසමාචාරඤ‍්ච ආජීවඤ‍්ච මනොසමාචාරඤ‍්ච පුච‍්ඡි. පුච‍්ඡිතං පුච‍්ඡිතං සාතාගිරො විස‍්සජ‍්ජෙසි. එවං සත්‍ථු සරීරවණ‍්ණගුණවණ‍්ණකථනවසෙන හෙමවතසුත‍්තන‍්තෙ නිට‍්ඨිතෙ හෙමවතො සහායකස‍්ස ධම‍්මදෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

මෙසේ හෙමවත යක්‍ෂතෙමේ ශාස්තෘන්වහන්සේගේ කායසමාචාරයද ආජීවයද මනොසමාචාරයද විමසුවේය. ඇසූ ඇසූ දෙය සාතාගිර තෙමේ විසඳුවේය. මෙසේ ශාස්තාන්වහන්සේගේ ශරීරවර්‍ණනගුණවර්‍ණන කථන වශයෙන් හේමවත සූත්‍රය නිමි කල්හි හේමවත තෙමේ යහළුවාගේ ධර්‍මදේශනානුසාරයෙන් ඥානය මෙහෙයවා සෝවාන් පෙලෙහි පිහිටියේය.

අථ, කාළී උපාසිකා, පරස‍්ස ධම‍්මෙ දෙසීයමානෙ තථාගතං අදිට‍්ඨපුබ‍්බාව හුත්‍වා අනුස‍්සවප‍්පසාදං උප‍්පාදෙත්‍වා පරස‍්ස වඩ‍්ඪිතං භොජනං භුඤ‍්ජමානා විය සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සා සබ‍්බමාතුගාමානං අන‍්තරෙ පඨමකසොතාපන‍්නා සබ‍්බජෙට‍්ඨිකා අහොසි. තස‍්සා සහ සොතාපත‍්තිභාවෙන තමෙව රත‍්තිං ගබ‍්භවුට‍්ඨානං ජාතං, පටිලද‍්ධදාරකස‍්ස නාමග‍්ගහණදිවසෙ සොණොති නාමං අකාසි. සා යථාරුචියා කුලගෙහෙ වසිත්‍වා කුලඝරමෙව අගමාසි.

මේ කාලී උපාසිකාවද අන්‍යයකුට ධර්‍මය දෙසන කල්හි තථාගතයන් වහන්සේ නොදුටු විරූවූවාවී තොරතුරු ඇසීමෙන් ප්‍රසාදය උපදවා අනුන්ට එළවූ බොජුනක් බුදින්නියක මෙන් සෝවාන් පෙලෙහි පිහිටියාය. ඕ සියලු මාගමුන් අතුරෙහි පළමුව සෝවාන්වූවා සියල්ලට දෙටු තැනැත්තිය වූවාය. ඇයට සෝවාන් බවට පත්වීමත් සමඟ එම රැයෙහිම ගැබක් හටගැනීමක් විය. ලැබූ දරුවාට නම් තබන දිනයෙහි සෝණයයි නම් කළාහුය. ඕ කැමැති පරිදි කුලගෙහි වැස කුරරඝරයටම ගියාය.

තස‍්මිං සමයෙ මහාකච‍්චානත්‍ථෙරො තං නගරං උපනිස‍්සාය උපවත‍්තෙ පබ‍්බතෙ පටිවසති. උපාසිකා ථෙරං උපට‍්ඨාති. ථෙරො නිබද‍්ධං තස‍්සා නිවෙසනං ගච‍්ඡති. සොණදාරකොපි නිබද‍්ධං ථෙරස‍්ස සන‍්තිකෙ විචරන‍්තො විස‍්සාසිකො අහොසි. සො අපරෙන සමයෙන ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජි. ථෙරො තං උපසම‍්පාදෙතුකාමො තීණි වස‍්සානි ගණං පරියෙසිත්‍වා උපසම‍්පාදෙසි. සො උපසම‍්පන‍්නො කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත්‍වා ථෙරස‍්සෙව සන‍්තිකෙ සුත‍්තනිපාතං උග‍්ගණ‍්හිත්‍වා වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා සත්‍ථාරං පස‍්සිතුකාමො හුත්‍වා උපජ‍්ඣායං ආපුච‍්ඡි. ථෙරො ආහ – “සොණ, තයි ගතෙ සත්‍ථා තං එකගන්‍ධකුටියං වසාපෙත්‍වා ධම‍්මං අජ‍්ඣෙසිස‍්සති, ත්‍වං ධම‍්මං කථෙස‍්සසි. සත්‍ථා තව ධම‍්මකථාය පසීදිත්‍වා තුය‍්හං වරං දස‍්සති. ත්‍වං වරං ගණ‍්හන‍්තො ඉමඤ‍්ච ඉමඤ‍්ච ගණ‍්හාහි, මම වචනෙන දසබලස‍්ස පාදෙ වන්‍දාහී”ති. සො උපජ‍්ඣායෙන අනුඤ‍්ඤාතො මාතුඋපාසිකාය ගෙහං ගන‍්ත්‍වා ආරොචෙසි. සාපි “සාධු, තාත, ත්‍වං දසබලං පස‍්සිතුං ගච‍්ඡන‍්තො ඉමං කම‍්බලං ආහරිත්‍වා සත්‍ථු වසනගන්‍ධකුටියා භූමත්‍ථරණං කත්‍වා අත්‍ථරාහී”ති කම‍්බලං අදාසි. සොණත්‍ථෙරො තං ආදාය සෙනාසනං සංසාමෙත්‍වා අනුපුබ‍්බෙන සත්‍ථු වසනට‍්ඨානං ගන‍්ත්‍වා දසබලස‍්ස බුද‍්ධාසනෙ නිසින‍්නවෙලායමෙව උපසඞ‍්කමිත්‍වා අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. සත්‍ථා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි – “ආනන්‍ද, ඉමස‍්ස භික‍්ඛුස‍්ස සෙනාසනං ජානාහී”ති. ථෙරො සත්‍ථු අධිප‍්පායං ඤත්‍වා අන‍්තොගන්‍ධකුටියංයෙව භූමත්‍ථරණං උස‍්සාරෙන‍්තො විය අත්‍ථරි.

එසමයෙහි මහාකච්චාන තෙරුන්වහන්සේ ඒ නුවර ඇසුරෙහි පැවැති පර්‍වතයෙහි වාසය කරති. උවැසිය තෙරුන්ට උවටැන් කරන්නීය. තෙරුන්වහන්සේ නිබඳව ඇයගේ නිවසට වඩිති. සෝණ දරුවාද නිබඳව තෙරුන් සමීපයෙහි හැසිරෙන්නේ විශ්වාස ඇත්තේ වූයේය. හෙතෙම පසු කලෙක තෙරුන් සමීපයෙහි පැවිදිවිය. තෙරුන්වහන්සේ ඔහු උපසම්පදා කරනු කැමැත්තෝ තුන්වසක් ගණයා සොයාබලා උපසපන් කරවූහ. උපසපන්වූ හෙතෙම කමටහන් කියවා ගෙන විදසුන් වඩා රහත් බවට පැමින තෙරුන් සමීපයෙහි සුත්තනිපාතය උගෙන විසූ වස් ඇත්තේ වස් පවරා ශාස්තෘන්වහන්සේ දකිනු කැමැත්තෙවී උපාධ්‍යායයන් වහන්සේගෙන් ඇසීය. තෙරුන්වහන්සේ, ‘සෝණ, ඔබ ගිය කල්හි ශාස්තෘන්වහන්සේ නුඹව එකම ගඳකිළියෙහි වස්වා ධර්‍මය දෙසීමට ඉල්ලා සිටිනසේක. නුඹ ධර්‍මය දෙසන්නෙහි ශාස්තෘන්වහන්සේ නුඹගේ ධර්‍මකථාවෙන් පැහැදී නුඹට වර දෙන සේක. නුඹ වර ගන්නේ මේ මේ වර ද ගනුව. මගේ වචනයෙන් දශබලයන්වහන්සේගේ පාවඳුව’යි පැවසූහ. හෙතෙ උපාධ්‍යායයන් විසින් අනුදන්නා ලද්දේ මවුඋවැසියගේ නිවෙසට ගොස් සැල කළේය. ඕද ‘යහපති දරුව, නුඹ තථාගතයන්වහන්සේ දැකීමට යන්නේ මේ කම්බිලිය ගෙන ගොස් ශාස්තෘන්වහන්සේ වෙසෙන ගඳකිළියෙහි බුමුතුරණක් කොට අතුරුවයි මහත් කම්බිලියක් දුන්නාය. සෝණ තෙරුන්වහන්සේ එය රැගෙන සෙනසුන අත්හැර අනුකුමයෙන් ශාස්තෘන් වසන තැනට පැමිණ ශාස්තෘන්වහන්සේ බුද්ධාසනයෙහි හුන් වේලාවේදීම එළඹ වැඳ එකත් පසෙක සිටියහ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේ සමඟ පිළිසඳර කොට අනඳ තෙරුන්වහන්සේ ඇමතූසේක. ‘ආනන්‍දය, මේ භික්‍ෂුවට සෙනසුනක් දනුව’ යනුවෙනි. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ අභිප්‍රාය දැන ඇතුළු ගඳකිළියෙහිම බුමුතුරුණ ඔසවන්නාක්හු මෙන් ඇතුරූහ.

අථ ඛො භගවා බහුදෙවරත‍්තිං අජ‍්ඣොකාසෙ වීතිනාමෙත්‍වා විහාරං පාවිසි, ආයස‍්මාපි ඛො සොණො බහුදෙවරත‍්තිං අජ‍්ඣොකාසෙ වීතිනාමෙත්‍වා විහාරං පාවිසි. සත්‍ථා පච‍්ඡිමයාමෙ සීහසෙය්‍යං කප‍්පෙත්‍වා පච‍්චූසසමයෙ වුට‍්ඨාය නිසීදිත්‍වා “එත‍්තකෙන කාලෙන සොණස‍්ස කායදරථො පටිප‍්පස‍්සද‍්ධො භවිස‍්සතී”ති ඤත්‍වා ආයස‍්මන‍්තං සොණං අජ‍්ඣෙසි – “පටිභාතු තං භික‍්ඛු ධම‍්මො භාසිතු”න‍්ති. සොණත්‍ථෙරො මධුරස‍්සරෙන එකබ්‍යඤ‍්ජනම‍්පි අවිනාසෙන‍්තො අට‍්ඨකවග‍්ගියානි සුත‍්තානි (සු· නි· 772 ආදයො) අභාසි. කථාපරියොසානෙ භගවා සාධුකාරං දත්‍වා “සුග‍්ගහිතො තෙ භික‍්ඛු ධම‍්මො, මයා දෙසිතකාලෙ ච අජ‍්ජ ච එකසදිසාව දෙසනා, කිඤ‍්චි ඌනං වා අධිකං වා නත්‍ථී”ති පසන‍්නභාවං පකාසෙසි. සොණත්‍ථෙරොපි “අයං ඔකාසො”ති සල‍්ලක‍්ඛෙත්‍වා උපජ‍්ඣායස‍්ස වචනෙන දසබලං වන්‍දිත්‍වා විනයධරපඤ‍්චමෙන ගණෙන උපසම‍්පදං ආදිං කත්‍වා සබ‍්බෙ වරෙ යාචි, සත්‍ථා අදාසි. පුන ථෙරො මාතුඋපාසිකාය වචනෙන වන්‍දිත්‍වා “අයං, භන‍්තෙ, උපාසිකාය තුම‍්හාකං වසනගන්‍ධකුටියං භූමත්‍ථරණත්‍ථං කම‍්බලො පහිතො”ති කම‍්බලං දත්‍වා උට‍්ඨායාසනා සත්‍ථාරං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන ථෙරස‍්ස පබ‍්බජ‍්ජං ආදිං කත්‍වා සබ‍්බං සුත‍්තෙ ආගතමෙව.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ රාත්‍රිය බොහෝකලක් එළිමහනෙහි කල්යවා වෙහෙරට පිවිසිසේක. ආයුෂ්මත් සෝණ තෙරුණුවෝද රාත්‍රියෙහි බොහෝ කලක් එළිමහනෙහි ගතකොට විහාරයට පිවිසියහ. ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාව කොට උදෑසන නැගිට හිඳ මෙපමණ වේලාවකින් සෝණගේ කයෙහි වෙහෙස නිමියේ වන්නෙයයි දැන ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘භික්‍ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’යි වදාළසේක. සෝණ තෙරණුවෝ මිහිරිසරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්‍ගයන් දෙසූහ. කථාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාරදී ‘මහණ, ඔබ විසින් ධර්‍මය මනාව ගන්නාලදී. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැ’යි පැහැදුණුබව පැවසූසේක. සෝණ තෙරණුවෝද මේ සුදුසු වේලාවයයි සලකා උපාධ්‍යයයන්ගේ වචනයෙන් භාග්‍යවතුන්වහන්සේ වැඳ විනයධරයන් පස්දෙනකු පරම කොට ඇති ගණයා විසින් දෙන උපසම්පදාව ආදි කොට ඇති සියලු වරයන් ඉල්ලූහ. ශාස්තෘන්වහන්සේ (එමවර) දුන් සේක. යළි තෙරණුවෝ මවුඋවැසියගේ වචනයෙන් බුදුන් වැඳ ‘ස්වාමීනි, උවැසිය විසින් නුඹවහන්සේ වසන ගඳකිළියෙහි බිම ඇතිරීම සඳහා මෙම කම්බිලිය එවනලදැයි කම්බිලියදී අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේ නමැඳ පැදකුණුකොට පිටත්වූහ. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් වනාහි තෙරුන්ගේ පැවිද්ද ආදි කොට සියල්ල සූත්‍රයෙහි ආයේමය.

ඉති ථෙරො සත්‍ථු සන‍්තිකා අට‍්ඨ වරෙ ලභිත්‍වා උපජ‍්ඣායස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. පුනදිවසෙ මාතුඋපාසිකාය නිවෙසනද‍්වාරං ගන‍්ත්‍වා භික‍්ඛාය අට‍්ඨාසි. උපාසිකා “පුත‍්තො කිර මෙ ද‍්වාරෙ ඨිතො”ති සුත්‍වා වෙගෙන ආගන‍්ත්‍වා අභිවාදෙත්‍වා හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා අන‍්තොනිවෙසනෙ නිසීදාපෙත්‍වා භොජනං අදාසි. අථ නං භත‍්තකිච‍්චපරියොසානෙ ආහ – “දිට‍්ඨො තෙ, තාත, දසබලො”ති? ආම උපාසිකෙති. වන්‍දිතො තෙ මම වචනෙනාති? ආම වන්‍දිතො, සොපි ච මෙ කම‍්බලො තථාගතස‍්ස වසනට‍්ඨානෙ භූමත්‍ථරණං කත්‍වා අත්‍ථතොති. කිං, තාත, තයා කිර සත්‍ථු ධම‍්මකථා කථිතා, සත්‍ථාරා ච තෙ සාධුකාරො දින‍්නොති? තයා කථං ඤාතං උපාසිකෙති? තාත, මය‍්හං ගෙහෙ අධිවත්‍ථා දෙවතා දසබලෙන තුය‍්හං සාධුකාරං දින‍්නදිවසෙ “සකලදසසහස‍්සචක‍්කවාළෙ දෙවතා සාධුකාරං අදංසූ”ති ආහ – තාත, තයා කථිතධම‍්මකථං බුද‍්ධානං කථිතනියාමෙනෙව මය‍්හම‍්පි කථෙතුං පච‍්චාසීසාමීති. ථෙරො මාතු කථං සම‍්පටිච‍්ඡි. සා තස‍්ස අධිවාසනං විදිත්‍වා ද‍්වාරෙ මණ‍්ඩපං කාරෙත්‍වා දසබලස‍්ස කථිතනියාමෙනෙව අත‍්තනො ධම‍්මකථං කථාපෙසීති වත්‍ථු එත්‍ථ සමුට‍්ඨිතං. සත්‍ථා අපරභාගෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං කල්‍යාණවාක‍්කරණානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෙසේ තෙරුන්වහන්සේ ශාස්තෘන් සමීපයෙන් වරඅටක් ලැබ උපාධ්‍යායයන්ගේ සමීපයට ගොස් ඒ සියලු පුවත් සැළකළහ. දෙවන දිනයෙහි මවුඋවැසිගේ ගෙදොරට ගොස් පිඬුපිණිස වැඩසිටියහ. උවැසිය, ‘මගේ පුතා දොරටුවෙහි සිටියේයි අසා වේගයෙන් අවුත් නමැඳ අතින් පාත්‍රය ගෙන ඇතුළු නිවස්නෙහි හිඳුවා බොජුන් දුන්නීය. ඉක්බිති බත්කිස අවසන්හි, උන්වහන්සේගෙන්, ‘දරුව ඔබ භාග්‍යවතුන්වහන්සේ දක්නාලද සේක්දැ’යි ඇසුවාය. ‘එසේ, උපාසිකාවනි’, ‘ඔබ විසින් මගේ වචනයෙන් වඳනා ලද සේක්ද? ‘එසේය, වඳනාලද සේක. මා විසින් ඒ කම්බිලියද තතාගතයන්වහන්සේ වසන තැන බුමුතුරුණක්කොට ඇතුරන ලදී.’ ‘දරුව, ඔබ විසින් ශාස්තෘන්වහන්සේට ධර්‍මකථාව කියනලද්දේද? ශාස්තෘන්වහන්සේ විසින්ද ඔබට සාදුකාර දෙනලද්දේද?’ ‘උසිකාවනි, ඔබ විසින් එය කෙසේ දැනගන්නාලද්දේද?’ ‘දරුව මගේ ගෙහිඅධිගෘහීත දෙවියා දශබලයන්වහන්සේ විසින් ඔබට සාධුකාර දුන් දිනයෙහි ‘සියලු දසදහසක් සක්වළ දෙවියෝ සාධුකාර දුන්හ’යි කීවේය, දරුව ඔබ විසින් කියනලද ධර්‍මකථාව බුදුන්වහන්සේට කියනලද අයුරින්ම මටද කීම කැමැති වන්නෙමි’. තෙරණුවෝ මවගේ කථාව පිළිගත්හ. ඕ ඔහුගේ පිළිගැනීම දැන දොරටුවෙහි මණ්ඩපයක් කරවා දශබලයන් වහන්සේට දෙසූ අයුරින්ම තමන්ට ධර්‍මකථාව කියවා ගත්තාය යනුවෙන් මෙහි කථාවස්තුව මතුව සිටියේයි. ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි වැඩසිටිසේක් තෙරුන්වහන්සේ මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.