යෙදුමෙන් කියවන්න

කඞ‍්ඛාරෙවතත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

කඞ‍්ඛාරෙවතත්‍ථෙරවත්‍ථු

කඞ්ඛාරෙවත තෙරණුවෝ

ඡට‍්ඨෙ ඣායීනන‍්ති ඣානලාභීනං ඣානාභිරතානං. සො කිර ථෙරො යා ඣානසමාපත‍්තියො දසබලො සමාපජ‍්ජති, තතො අප‍්පතරං ඨපෙත්‍වා බහුතරා සමාපජ‍්ජති. තස‍්මා ඣායීනං අග‍්ගො නාම ජාතො. කඞ‍්ඛායනභාවෙන කඞ‍්ඛාරෙවතොති වුච‍්චති. කඞ‍්ඛා නාම කුක‍්කුච‍්චං, කුක‍්කුච‍්චකොති අත්‍ථො. කිං පන අඤ‍්ඤෙ කුක‍්කුච‍්චකා නත්‍ථීති? අත්‍ථි, අයං පන ථෙරො කප‍්පියෙපි කුක‍්කුච‍්චං උප‍්පාදෙසි. තෙනස‍්ස කුක‍්කුච‍්චකතා අතිපාකටා ජාතාති කඞ‍්ඛාරෙවතොත්‍වෙව සඞ‍්ඛං ගතො.

සයවැන්නෙහි ක්‍ධායිනං යනු ධ්‍යාන ශීලින්, ධයානයෙහි සිත්ඇල්වූවන් අතුරෙන්ය. ඒ තෙරුන් වහන්සේ වනාහි, තථාගතයන් වහන්සේ යම් සමාපත්තීන්ට සමවදින සේක්ද එයින් කිහිපයක් හැරෙන්නට බොහෝ සමාපත්තීන්ට සමවදිති. එහෙයින් ධ්‍යානීන්ගෙන් අග්‍ර නම් විය. සැකකරන බැවින් කංඛාරෙවතයයි කියනු ලැබේ. කංඛා යනු කුකුසයි. කුකුස් කරන්නේය යන අර්‍ත්‍ථයි. කිමෙක්ද වෙනත් කුකුස් කරන්නෝ නැත්ද! ඇති මේ තෙරුන් වහන්සේ වනාහි කැප වස්තුවෙහිද කුකුස් උපදවති. එබැවින් උන්වහන්සේගේ කුකුස් කිරීම බෙහෙවින් ප්‍රකට වූයේයයි කංඛා රෙවතයැයි ප්‍රසිද්ධියට ගියේය.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ පුරිමනයෙනෙව මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ඣානාභිරතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති දෙසනාවසානෙ සත්‍ථාරං නිමන‍්තෙත්‍වා පුරිමනයෙනෙව සත‍්තාහං මහාසක‍්කාරං කත්‍වා භගවන‍්තං ආහ – “භන‍්තෙ, අහං ඉමිනා අධිකාරකම‍්මෙන න අඤ‍්ඤං සම‍්පත‍්තිං පත්‍ථෙමි, යථා පන සො තුම‍්හෙහි ඉතො සත‍්තදිවසමත්‍ථකෙ භික‍්ඛු ඣායීනං අග‍්ගට‍්ඨානෙ ඨපිතො, එවං අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ඣායීනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සාසනෙ ත්‍වං ඣායීනං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර පරිද්දෙන්ම මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් ශාස්තෘන්වහන්සේ එක්භික්‍ෂුව ධ්‍යානයෙහි සිත් ඇලුණවුන් අතුරෙන් අග තනතුරෙහි තබනු දැක මාද අනාගතයෙහි මෙවැන්නකු වීමට වටීයයි දෙසුම් අවසන්හි ශාස්තෘන්වහන්සේට අරයුම් කොට පෙර පරිද්දෙන්ම සත් දිනක් මහ් සත්කාර කොට භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයෙන් වෙනත් සැපතක් නොපතමි. යම්සේ නුඹවහන්සේ විසින් මෙයින් සත්දිනකට මත්තෙහි ඒ භික්‍ෂුව ධ්‍යානීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ලද්දේද එසේම මම ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධ්‍යානීන්ට අග්‍රවන්නෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනාගාතය බලා පැතුම ඉටුවන බව දැන අනාගතයෙහි කල්ප ලක්‍ෂයක ඇවෑමෙන් ගොතම නම් බුදුන්වහන්සේ උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ ධ්‍යානීන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩි සේක.

සො යාවජීවං කල්‍යාණකම‍්මං කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථිනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො පච‍්ඡාභත‍්තං ධම‍්මස‍්සවනත්‍ථං ගච‍්ඡන‍්තෙන මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො දසබලස‍්ස ධම‍්මකථං සුත්‍වා සද‍්ධං පටිලභිත්‍වා පබ‍්බජිතො උපසම‍්පදං ලභිත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා ඣානපරිකම‍්මං කරොන‍්තො ඣානලාභී හුත්‍වා ඣානමෙව පාදකං කත්‍වා අරහත‍්තඵලං පාපුණි. සො දසබලෙන සමාපජ‍්ජිතබ‍්බසමාපත‍්තීනං අප‍්පතරා ඨපෙත්‍වා බහුතරා සමාපජ‍්ජන‍්තො අහොරත‍්තං ඣානෙසු චිණ‍්ණවසී අහොසි. අථ නං අපරභාගෙ සත්‍ථා ඉමං ගුණං ගහෙත්‍වා ඣායීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. “අකප‍්පියො, ආවුසො ගුළො, අකප‍්පියා මුග‍්ගා”ති (මහාව· 272) එවං පන කප‍්පියෙස‍්වෙව වත්‍ථූසු කුක‍්කුච‍්චස‍්ස උප‍්පාදිතතාය කුක‍්කුච‍්චසඞ‍්ඛාතාය කඞ‍්ඛාය භාවෙන කඞ‍්ඛාරෙවතොති සඞ‍්ඛං ගතොති.

හෙතෙම දිවි ඇති තෙක් පින්කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනුසුන් අතුරෙහි සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර මහධනකුලයක උපන්නේ පසුබතෙහි දහම් ඇසීම සඳහා යන්නාවූ මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දශබලයන් වහන්සේගේ ධර්‍මකථාව අසා සැදැහැ ඉපිදී පැවිදිවූයේය. පැවිදි වුයේ උපසම්පදාව ලැබ කමටහන් කියවාගෙන ධ්‍යාන පරිකර්‍ම කරන්නේ ධයානලාභියෙක් වී ධ්‍යානයම පාදක කොට ගෙන රහත්පලයට පැමිණියේය. හෙතෙම බුදුන්වහන්සේ විසින් සමවැදියහැකි සමාපත්තීන්ගෙන් අඩුප්‍රමාණයක් අත්හැර බොහේ සමාපත්තීනට සමවදින්නේ දිවාරැයෙහි ධ්‍යානයන්හි පුරුදු කරලද වසඟ බව ඇත්තේවිය. මෑතකාලයක භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ සලකා මොහු ධ්‍යානීන් අතුරෙන් අග තැන්හි තැබූසේක. ඇවැත්නි, සකුරු අකැපය. මුං අකැපයයි මෙසේ කැප වස්තූන්හිද කුකුස් උපදවන ලද බැවින් ඒ කුකුස් සංඛ්‍යාතවූ සැකබව නිසා කංඛාරෙවතයයි ප්‍රසිද්ධියට පත් වූයේය.

සොණකොළිවිසත්‍ථෙරවත්‍ථු

කොළිවිස සොණ තෙරණුවෝ

සත‍්තමෙ ආරද‍්ධවීරියානන‍්ති පග‍්ගහිතවීරියානං පරිපුණ‍්ණවීරියානං. සොණො කොළිවිසොති සොණොති තස‍්ස නාමං, කොළිවිසොති ගොත‍්තං. කොටිවෙස‍්සොති වා අත්‍ථො, ඉස‍්සරියෙන කොටිප‍්පත‍්තස‍්ස වෙස‍්සකුලස‍්ස දාරකොති අධිප‍්පායො. යස‍්මා පන අඤ‍්ඤෙසං භික‍්ඛූනං වීරියං නාම වඩ‍්ඪෙතබ‍්බං හොති, ථෙරස‍්ස පන හාපෙතබ‍්බමෙව අහොසි. තස‍්මා එස ආරද‍්ධවීරියානං අග‍්ගො නාම ජාතො.

සත්වෙනි වර්ගයෙහි ආරද්ධවිරියානං යනු දැඩිවගත් වීර්‍ය්‍ය ඇත්තවුන්, පිරිපුන් විර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන්ය. සොණො කොළිවිසො යන්නෙහි සොණො යන ඔහුගේ නමයි. කොළිවිසො යනු ගොත්‍රයයි. (ධනයෙන්) කෙළ පැමිණි වෛශ්‍යයෙකි යනු හෝ අර්‍ත්‍ථයි. ඓශ්වර්‍යයෙන් කෙළ පැමිණි වෛශ්‍ය කුලයෙහි දරුවෙක් යන අදහසයි. යම්හෙයකින් වනාහි අනෙක් භික්‍ෂූන්ගේ වීර්ය නම් වැඩිය යුත්තේ වෙයි. තෙරුන්ගේ නම් අඩුකළ යුත්තේ විය. එහෙයින් මෙතෙම පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්විය.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයං කිර අතීතෙ පදුමුත‍්තරබුද‍්ධකාලෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්ති, සිරිවඩ‍්ඪකුමාරොතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො පුරිමනයෙනෙව විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ආරද‍්ධවීරියානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති දෙසනාපරියොසානෙ දසබලං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා වුත‍්තනයෙනෙව පත්‍ථනං අකාසි. සත්‍ථා තස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං දිස‍්වා පුරිමනයෙනෙව බ්‍යාකරිත්‍වා විහාරං ගතො.

ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි පියුමුතුරා බුදුන් කල සිටු කුලයෙක්හි උපන්නේය. ඔහුට සිරිවඩ්ඨ කුමරුයයි නම් කළහ. හෙතෙම වියපත්වූයේ පෙර පරිද්දෙන්ම විහිරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් එක් භික්‍ෂුවක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි මෙබන්දෙකු වීම වටීයයි දෙසුම අවසන්හි බුදුන්වහන්සේට අරයුම් කොට සත් දිනක් මහදන් දී කියනලද ක්‍රමයෙන්ම ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ පැතුම ඉටුවනබව දැන පෙර අයුරින්ම විවරණදී විහාරයට වැඩිසේක.

සොපි සිරිවඩ‍්ඪසෙට‍්ඨි යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කප‍්පසතසහස‍්සං අතික‍්කමිත්‍වා ඉමස‍්මිං කප‍්පෙ පරිනිබ‍්බුතෙ කස‍්සපදසබලෙ අනුප‍්පන‍්නෙ අම‍්හාකං භගවති බාරාණසියං කුලගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. සො අත‍්තනො සහායකෙහි සද‍්ධිං ගඞ‍්ගායං කීළති. තස‍්මිං සමයෙ එකො ජිණ‍්ණචීවරිකො පච‍්චෙකබුද‍්ධො “බාරාණසිං උපනිස‍්සාය ගඞ‍්ගාතීරෙ පණ‍්ණසාලං කත්‍වා වස‍්සං උපගච‍්ඡිස‍්සාමී”ති උදකෙන සමුපබ්‍යූළ‍්හෙ දණ‍්ඩකෙ ච වල‍්ලියො ච සංකඩ‍්ඪති. අයං කුමාරො සහායකෙහි සද‍්ධිං ගන‍්ත්‍වා අභිවාදෙත්‍වා ඨිතො, “භන‍්තෙ, කිං කරොථා”ති පුච‍්ඡි. කුමාර උපකට‍්ඨෙ අන‍්තොවස‍්සෙ පබ‍්බජිතානං වසනට‍්ඨානං නාම ලද‍්ධුං වට‍්ටතීති. “භන‍්තෙ, අජ‍්ජෙව එකදිවසං අය්‍යො යථා තථා ආගමෙතු, අහං ස‍්වෙ අය්‍යස‍්ස වසනට‍්ඨානං කරිස‍්සාමී”ති ආහ. පච‍්චෙකබුද‍්ධො “තස‍්සෙව කුමාරස‍්ස සඞ‍්ගහං කරිස‍්සාමී”ති ආගතත‍්තා අධිවාසෙසි. සො තස‍්ස අධිවාසනං විදිත්‍වා ගතො පුනදිවසෙ සක‍්කාරසම‍්මානං සජ‍්ජෙත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස ආගමනං ඔලොකෙන‍්තො අට‍්ඨාසි. පච‍්චෙකබුද‍්ධොපි “කහං නු ඛො අජ‍්ජ භික‍්ඛාචාරං ලභිස‍්සාමී”ති ආවජ‍්ජෙන‍්තො ඤත්‍වා තස‍්සෙව ගෙහද‍්වාරං අගමාසි.

ඒ සිරිවඩ්ඪ සිටුතෙමේද දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කල්පලක්‍ෂයක් ගෙවා මෙකප කාශ්‍යප බුදුන්වහන්සේ පිරිනිවන් පෑකල්හි අපගේ භාගයවතුන්වහන්සේ නුපන්කල්හි බරණැස කුලගෙයක පිළිසිඳ ගත්තේය. හෙතෙම තමන්ගේ යහළුවන් සමඟ ගඟෙහි සෙල්ලම් කරයි. ඉක්බිති එකල්හි එක් දිරුණු සිවුරු ඇති පසේබුදු කෙනෙක් බරණැස ඇසුරු කොට ගංතෙරෙහි පන්සලක්කොට වස් එළඹෙන්නෙමැයි දියෙන් ගසාගෙන යන දඬු ද වැල්ද අදිති. මේ කුමර තෙමේ යහළුවන් සමඟ ගොස් නමැද සිටියේ ‘ස්වාමීනි, කුමක් කරන්නහුදැයි විමසීය. ‘කුමාරය, සමීපයෙහි ඇතුළුවස පැවිදිවූවන්ට වස්විසීමට තැනක් ලැබීමට වටීයයි පැවසූහ.’ ‘ස්වාමීනි. අද එක් දිනක් ආර්‍ය්‍යයන්වහන්සේ යම් යම් පරිද්දෙකින් පැමිණෙත්වා, මම හෙට ආර්‍ය්‍යයන් වහන්සේට විසීමට තැනක් කරන්නෙමි’යි කීය. පසේබුදුන් වහන්සේ ඒ කුමරුටම සංග්‍රහයක් කරන්නෙමියි පැමිනි බැවින් (ඔහුගේ ඉල්ලීම) ඉවසූසේක. හෙතෙම උන්වහන්සේගේ පිළිගැනීම දැන ඉවත්ව ගියේ දෙවෙනි දිනයෙහි සත්කාර සම්මාන පිළියෙළ කොට පසේබුදුන්වහන්සේගේ පැමිණීම බලපොරොත්තවෙමින් සිටියේය. පසේ බුදුන්වහන්සේද අද කවර තැනකින් හික්‍ෂාචාරයක් ලබන්නේදැයි සිහිකොට දැන ඔහුගේම ගෙදොරට වැඩිසේක.

කුමාරො පච‍්චෙකබුද‍්ධං දිස‍්වා සම‍්පියායමානො පත‍්තං ආදාය භික‍්ඛං දත්‍වා “ඉමං අන‍්තොවස‍්සං මය‍්හං ගෙහද‍්වාරමෙව ආගච‍්ඡථ, භන‍්තෙ”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ භත‍්තකිච‍්චං කත්‍වා පක‍්කන‍්තෙ අත‍්තනො සහායකෙහි සද‍්ධිං ගන‍්ත්‍වා එකදිවසෙනෙව පච‍්චෙකබුද‍්ධස‍්ස වසනපණ‍්ණසාලඤ‍්ච චඞ‍්කමනඤ‍්ච රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි ච කාරාපෙත්‍වා අදාසි. තස‍්සෙව පණ‍්ණසාලං පවිසනවෙලාය හරිතූපලිත‍්තාය භූමියා “පාදෙසු කලලං මා ලග‍්ගී”ති අත‍්තනො පාරුපනං සතසහස‍්සග‍්ඝනකං රත‍්තකම‍්බලං භූමත්‍ථරණං සන්‍ථරිත්‍වා කම‍්බලස‍්ස වණ‍්ණෙන සද‍්ධිං පච‍්චෙකබුද‍්ධස‍්ස සරීරප‍්පභං එකසදිසං දිස‍්වා අතිවිය පසන‍්නො හුත්‍වා ආහ – “යථා තුම‍්හෙහි අක‍්කන‍්තකාලතො පට‍්ඨාය ඉමස‍්ස කම‍්බලස‍්ස අතිවිය පභා විරොචති, එවමෙව මය‍්හම‍්පි නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ හත්‍ථපාදානං වණ‍්ණො බන්‍ධුජීවකපුප‍්ඵවණ‍්ණො හොතු, සතක‍්ඛත‍්තුං විහතකප‍්පාසපටලඵස‍්සසදිසොව ඵස‍්සො හොතූ”ති. සො තෙමාසං පච‍්චෙකබුද‍්ධං උපට‍්ඨහිත්‍වා පවාරිතකාලෙ තිචීවරං අදාසි. පච‍්චෙකබුද‍්ධො පරිපුණ‍්ණපත‍්තචීවරො ගන්‍ධමාදනමෙව ගතො.

කුමරුවා පසේබුදුන් දැක සතුටින් පිළිගනිමින් පාත්‍රය රැගෙන හික්‍ෂාවාදී ‘මේ ඇතුළුමස මගේ ගෙදොරටම වඩිනු මැනවි ස්වාමීනි’යි පිළිණ ගෙන පසේ බුදුන් වහන්සේ බත් කිස කොට වැඩිකල්හි තමන්ගේ යහළුවන් සමඟ එක් දිනකින්ම පසේබුදුන්වහන්සේට විසීමට පන්ලක්ද සක්මන් දිවාස්ථාන රාත්‍රිස්ථානයන්ද කරවා දුන්නේය. උන්වහන්සේ පන්සලට පිවිසෙන වේලාවෙහි තණපැතුරුණු බිමෙහි පාදයන්හි මඩ නොගැලේවායි තමන්ගේ ලක්‍ෂයක් වටනා පොරෝණයවූ රත් කම්බිලිය බුමුතුරණක් කොට අතුරා කම්බිලියෙහි පැහැය සමඟ පසේබුදුන් වහන්සේගේ සිරුරුපැහැය එක් සමානබව දැක අතිශයින් පැහැදුනේවි, ‘යම්සේ නුඹවහන්සේ විසින් පෑගූ කාලයෙහි පටන් මේ කම්බිලියේ පැහැය බෙහෙවින් බබළයිද එසේම මගේද උපනුපන් තන්හි අත්පාවල පැහැය බෙහෙවින් බබළයිද එසේම මගේද උපනුපන් තන්හි අත්පාවල පැහැය බදුවදමල් පැහැය වේවා? සියවරක් පෙළූ කපුපුළුනක ස්පර්‍ශය බඳු ස්පර්‍ශය වේවායි කීය. හෙතෙම තෙමසක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කොට (වස්) පැවරූ කල්හි තුන්සිවුරු දුන්නේය. පසේබුදුන්වහන්සේ පිරිපුන් පාසිවුරු ඇත්තේ ගන්‍ධමාදනයටම වැඩිසේක.

සොපි කුලපුත‍්තො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ කාළචම‍්පානගරෙ උපසෙට‍්ඨිස‍්ස ඝරෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස පටිසන්‍ධිග‍්ගහණකාලතො පට‍්ඨාය සෙට‍්ඨිකුලං අනෙකානි පණ‍්ණාකාරසහස‍්සානි ආගච‍්ඡන‍්ති. ජාතදිවසෙ ච සකලනගරං එකසක‍්කාරසම‍්මානං අහොසි. අථස‍්ස නාමග‍්ගහණදිවසෙ මාතාපිතරො “අම‍්හාකං පුත‍්තො අත‍්තනො නාමං ගණ‍්හිත්‍වාව ආගතො, රත‍්තසුවණ‍්ණරසපරිසිත‍්තා වියස‍්ස සරීරච‍්ඡවී”ති සොණකුමාරොත්‍වෙවස‍්ස නාමං අකංසු.

ඒ කුලපුත් තෙමේද දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන්වහන්සේගේ කාලයෙහි කාලචම්පා නුවර උසභසිටුගේ කුලයෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් කෙණෙහි සිට සිටු කුලයට නොයෙක් දහස් ගණන් පඬුරු පැමිණෙයි. උපන්දිනෙහි සියලු නුවර එකම සත්කාර සම්මානයක් වූයේය. ඉක්බිති ඔහුට නම් ගන්වන දිනයෙහි මවුපියෝ අපගේ පුතා තමන්ගේ නම රැගෙනම ආයේ රත්රන්රසයෙන් ඉසින ලද්දාක් මෙන් මොහුගේ සිරුරුසිවියයි සලකා සොණ කුමරුයයි නම් කළාහුය.

අථස‍්ස සට‍්ඨි ධාතියො උපනෙත්‍වා දෙවකුමාරං විය නං සුඛෙන වඩ‍්ඪෙසුං. තස‍්ස එවරූපං ආහාරවිධානං අහොසි – සට‍්ඨිකරීසමත‍්තං ඨානං කසිත්‍වා තිවිධෙන උදකෙන පොසෙන‍්ති. කෙදාරෙ පවිසන‍්තීසු උදකමාතිකාසු ඛීරොදකස‍්ස ච ගන්‍ධොදකස‍්ස ච අනෙකානි චාටිසහස‍්සානි ආසිඤ‍්චන‍්ති. සාලිසීසානං ඛීරග‍්ගහණකාලෙ සුකාදීනං පාණානං උච‍්ඡිට‍්ඨකරණනිවාරණත්‍ථං වීහිගබ‍්භානං සුඛුමාලභාවත්‍ථඤ‍්ච පරියන‍්තපරික‍්ඛෙපෙ ච අන‍්තරන‍්තරා ච ථම‍්භෙ නිඛනිත්‍වා උපරි දණ‍්ඩකෙ දත්‍වා කිලඤ‍්ජෙහි ඡාදෙත්‍වා සමන‍්තා සාණියා පරික‍්ඛිපිත්‍වා සබ‍්බපරියන‍්තෙ ආරක‍්ඛං ගණ‍්හන‍්ති. සස‍්සෙ නිප‍්ඵන‍්නෙ කොට‍්ඨෙ චතුජාතිගන්‍ධෙහි පරිභණ‍්ඩං කත්‍වා උපරි උත‍්තමගන්‍ධෙහි පරිභාවෙන‍්ති. අනෙකසහස‍්සපුරිසා ඛෙත‍්තං ඔරුය‍්හ සාලිසීසානි වණ‍්ටෙසු ඡින්‍දිත්‍වා මුට‍්ඨිමුට‍්ඨියො කත්‍වා රජ‍්ජුකෙහි බන්‍ධිත්‍වා සුක‍්ඛාපෙන‍්ති. තතො කොට‍්ඨකස‍්ස හෙට‍්ඨිමතලෙ ගන්‍ධෙ සන්‍ථරිත්‍වා උපරි සාලිසීසානි සන්‍ථරන‍්ති. එවං එකන‍්තරිකං කත්‍වා සන්‍ථරන‍්තා කොට‍්ඨකං පූරෙත්‍වා ද‍්වාරං පිදහන‍්ති, තිවස‍්සසම‍්පත‍්තකාලෙ කොට‍්ඨකං විවරන‍්ති. විවටකාලෙ සකලනගරං සුගන්‍ධගන්‍ධිකං හොති. සාලිම‍්හි පහතෙ ධුත‍්තා ථුසෙ කිණිත්‍වා ගණ‍්හන‍්ති, කුණ‍්ඩකං පන චූළුපට‍්ඨාකා ලභන‍්ති. මුසලඝට‍්ටිතකෙ සාලිතණ‍්ඩුලෙ විචිනිත්‍වා ගණ‍්හන‍්ති. තෙ සුවණ‍්ණහීරකපච‍්ඡියං පක‍්ඛිපිත්‍වා සතකාලං පරිස‍්සාවෙත්‍වා ගහිතෙ පක‍්කුථිතජාතිරසෙ එකවාරං පක‍්ඛිපිත්‍වා උද‍්ධරන‍්ති, පමුඛට‍්ඨානං සුමනපුප‍්ඵසදිසං හොති. තං භොජනං සුවණ‍්ණසරකෙ පක‍්ඛිපිත්‍වා පක‍්කුථිතඅප‍්පොදකමධුපායාසපූරිතස‍්ස රජතථාලස‍්ස උපරි කත්‍වා ආදාය ගන‍්ත්‍වා සෙට‍්ඨිපුත‍්තස‍්ස පුරතො ඨපෙන‍්ති.

ඉක්බිති ඔහුට කිරිමව්වරුන් සැටක් එළවා දෙවිකුමරකු මෙන් සුවෙන් වැඩුවාහුය. ඔහුට මෙබඳුවූ ආහාරවිධානයක් විය. කිරිය (කරිස) සැටක් පමණවූ තැනක් වපුරා ත්‍රිවිධවූ ජලයකින් පොෂණය කරත්. කෙතෙහි පිවිසෙන්නාවූ ජලමාර්‍ගයන්හි කිරිදියද සුවඳද සුවඳදියද සැලිදහස් ගණන් හෙලත්. ඇල්වී කිරිවදින කල්හි ගිරා ආදී ප්‍රාණීන්ගේ ඉඳුල් කිරීම වැලැක්වීම සඳහාත් වී ගැබේ සියුමැලි බව සඳහාත් කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා මත්තෙහි දඬුතබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල් ගනිත්. ශශ්‍ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවඳින් පිරිඬ ගන්වා මත්තෙහි උතුම් සුවඳ මුසු කරත්. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිඳ මිටි මටි කොට රැහැනින් බැඳ වියලවත් ඉක්බිති ගබඩාවෙහි යටම මහලෙහි සුවඳ අතුරුවා මත්තෙහි ඇල්වී කරල් අතුරුවත්. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසත්. තෙවසක් පැමිණිකල්හි ගබඩාව හරත්. ඇරුණුකල්හි සියලු නුවර සුවඳින් සුවඳවත් වෙයි. ඇල් කෙටුවිට ධූර්තයෝ දහයියා විකුණා ගනිත්. සහල් ඇගිටි සුළුසේවකයෝ ලබා ගනිත්. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගනිත්. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගත් කල්හි කකාරවන ලද ද පිඬු රසෙහි එක්වරක් බහා උඩට ගනිත්, රසයෙන් හැලුණු හැලුණු තැන සමන් මල් මෙන් වෙයි. ඒ භෝජනය රන් තලියෙහි බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියට මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ඉදිරියෙහි තබත්.

සො අත‍්තනො යාපනමත‍්තං භුඤ‍්ජිත්‍වා ගන්‍ධවාසිතෙන උදකෙන මුඛං වික‍්ඛාලෙත්‍වා හත්‍ථපාදෙ ධොවති. අථස‍්ස ධොතහත්‍ථපාදස‍්ස නානප‍්පකාරං මුඛවාසං උපනෙන‍්ති. තස‍්ස අක‍්කමනට‍්ඨානෙ වරපොත්‍ථකචිත‍්තත්‍ථරණං අත්‍ථරන‍්ති. හත්‍ථපාදතලානිස‍්ස බන්‍ධුජීවකපුප‍්ඵවණ‍්ණානි හොන‍්ති, සතකාලවිහතකප‍්පාසස‍්ස විය ඵස‍්සො, පාදතලෙසු මණිකුණ‍්ඩලාවත‍්තවණ‍්ණානි ලොමානි ජායිංසු. සො කස‍්සචිදෙව කුජ‍්ඣිත්‍වා “ආජානාහි භූමිං අක‍්කමිස‍්සාමී”ති වදති. තස‍්ස වයප‍්පත‍්තස‍්ස තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙ තයො පාසාදෙ කාරෙත්‍වා නාටකානි ච උපට‍්ඨාපෙසුං. සො මහාසම‍්පත‍්තිං අනුභවන‍්තො දෙවො මඤ‍්ඤෙ පටිවසති.

හෙතෙම තමාට පොහෝනා පමණක් වළඳා සුවඳ කැවූ දියෙන් මුව සෝදා අතපය සෝදයි. ඉක්බිති සෝදනලද අත්පා ඇති ඔහුට නොයෙක් ආකාර මුව සුවඳ ගල්වන ද එළවත්. ඔහු ඇක්මෙන (පිය තබන) තැන්හි උතුම් නියඳ වස්ත්‍රයෙන් කරනලද විචිත්‍ර ආස්තරණ අතුරත් ඔහුගේ අත්පාතලයෝ බදුවදමල් පැහැය වෙති. සියවරක් පෙළූ කපුපුළුනක මෙන් ස්පර්‍ශය වෙයි. පාදතලයන්හි මැණික් කුණ්ඩලාභරණයක් මෙන් කැරකුණු වර්‍ණ ඇති රෝමයෝ හටගත්හ. හෙතෙම කිසියම් දෙයකට කිපී දනුව මම බිම පාගන්නෙමැයි කියයි. වියපත් ඔහුට තුන් සෘතූන්ට ගැලපෙන ප්‍රාසාද තුනක් කරවා නාට්‍ය යෙදවූහ. හෙතෙම මහසැපත් විඳින්නේ දෙවියෙකු මෙන් වසයි.

අථ අම‍්හාකං සත්‍ථරි සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ රාජගහං උපනිස‍්සාය විහරන‍්තෙ පාදලොමදස‍්සනත්‍ථං රඤ‍්ඤා මාගධෙන පක‍්කොසාපෙත්‍වා අසීතියා ගාමියසහස‍්සෙහි සද‍්ධිං සත්‍ථු සන‍්තිකං පහිතො ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචි. අථ නං භගවා “අනුඤ‍්ඤාතොසි මාතාපිතූහී”ති පුච‍්ඡිත්‍වා අනනුඤ‍්ඤාතභාවං සුත්‍වා “න ඛො, සොණ, තථාගතා මාතාපිතූහි අනනුඤ‍්ඤාතං පුත‍්තං පබ‍්බාජෙන‍්තී”ති පටික‍්ඛිපි. සො “සාධු භගවා”ති තථාගතස‍්ස වචනං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා මාතාපිතූනං සන‍්තිකං ගන‍්ත්‍වා අනුජානාපෙත්‍වා සත්‍ථු සන‍්තිකං ආගම‍්ම අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො සන‍්තිකෙ පබ‍්බජි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනස‍්ස පබ‍්බජ‍්ජාවිධානං පාළියං (මහාව· 243) ආගතමෙව.

අපගේ ශාස්තෘන්වහන්සේ සර්‍වඥබවට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිව රජගහ නුවර ඇසුරු කොට වාසය කරන කල්හි පාදලෝම දැකීම සඳහා මගධ රජු විසින් කැඳවා අසූදහසක් ගැමියන් සමඟ ශාස්තෘන් සමීපයට යවන ලද්දේ ධර්‍මදේශනය අසා ලබන ලද සැදැහැ ඇත්තේ ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලීය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මවුපියන් විසින් අනුදන්නා ලද්දෙහිදැයි ඔහුගෙන් විමසා නොඅනුදත් බව අසා ‘සෝණය, තථාගතවරු මවුපියන් විසින් නොඅනුදත් පුතකු පැවිදි නොකරතියි ප්‍රතික්‍ෂෙප කළසේක. හෙතෙම ‘මැනවි, භාගවතුන් වහන්සැ’යි තථාගතයන්වහන්සේගේ වචනය මුදුනින් පිළිගෙන මවුපියන් ළඟට ගොස් අනුදන්වා ගෙන ශාස්තෘන්වහන්සේ සමීපයට පැමිණ එක්තරා භික්‍ෂුවක් සමීපයෙහි පැවිදිවිය. මෙය මෙහි සංක්‍ෂෙපයයි. මොහුගේ ප්‍රව්‍රජ්‍යාවිධානය පෙළෙහි විස්තර වශයෙන් ආයේයි.

තස‍්ස පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා රාජගහෙ විහරන‍්තස‍්ස සම‍්බහුලා ඤාතිසාලොහිතා ච සන්‍දිට‍්ඨසම‍්භත‍්තා ච සක‍්කාරසම‍්මානං ආහරන‍්ති, රූපනිප‍්ඵත‍්තියා වණ‍්ණං කථෙන‍්ති, අඤ‍්ඤෙපි ජනා පස‍්සිතුං ආගච‍්ඡන‍්ති. ථෙරො චින‍්තෙසි – “මම සන‍්තිකං බහූ ජනා ආගච‍්ඡන‍්ති, කම‍්මට‍්ඨානෙ වා විපස‍්සනාය වා කම‍්මං කාතුං කථං සක‍්ඛිස‍්සාමි, යංනූනාහං සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා සීතවනසුසානං ගන‍්ත්‍වා සමණධම‍්මං කරෙය්‍යං. තත්‍ර හි සුසානන‍්ති ජිගුච‍්ඡිත්‍වා බහූ ජනා නාගමිස‍්සන‍්ති, එවංසන‍්තෙ මම කිච‍්චං මත්‍ථකං පාපුණිස‍්සතී”ති සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා සීතවනං ගන‍්ත්‍වා සමණධම‍්මං කාතුං ආරභි. සො චින‍්තෙසි – “මය‍්හං සරීරං පරමසුඛුමාලං, න ඛො පන සක‍්කා සුඛෙනෙව සුඛං පාපුණිතුං, කායං කිලමෙත්‍වාපි සමණධම‍්මං කාතුං වට‍්ටතී”ති. තතො ඨානචඞ‍්කමමෙව අධිට‍්ඨාය පධානමකාසි. තස‍්ස සුඛුමාලානං පාදතලානං අන‍්තන‍්තෙහි ඵොටා උට‍්ඨාය භිජ‍්ජිංසු, චඞ‍්කමො එකලොහිතොව අහොසි. පාදෙසු අවහන‍්තෙසු ජණ‍්ණුකෙහිපි හත්‍ථෙහිපි වායමිත්‍වා චඞ‍්කමති. එවං වීරියං දළ‍්හං කරොන‍්තොපි ඔභාසමත‍්තම‍්පි නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො චින‍්තෙසි – “සචෙ අඤ‍්ඤොපි ආරද‍්ධවීරියො භවෙය්‍ය, මාදිසොව භවෙය්‍ය. අහං ඛො පන එවං වායමන‍්තොපි මග‍්ගං වා ඵලං වා උප‍්පාදෙතුං න සක‍්කොමි, අද‍්ධා නෙවාහං උග‍්ඝටිතඤ‍්ඤූ, න විපඤ‍්චිතඤ‍්ඤූ, න නෙය්‍යො, පදපරමෙන මයා භවිතබ‍්බං. කිං මෙ පබ‍්බජ‍්ජාය, හීනායාවත‍්තිත්‍වා භොගෙ ච භුඤ‍්ජිස‍්සාමි පුඤ‍්ඤානි ච කරිස‍්සාමී”ති.

පැවිද්දද උපසම්පදාවද ලැබ රජගහනුවර වසන ඔහුට නෑදෑයෝද දැකපුරුදු මිතුරෝද භක්තිය ඇත්තෝද සත්කාර සම්මාන ගෙනෙති. රූප නිෂ්පත්තියෙන්වූ වර්‍ණය ගැන කථා කරත්. වෙනත් ජනයෝද දැකීමට පැමිණෙති. තෙරුන්වහන්සේ, ‘මාසමීපයට බොහෝ දෙනෙක් එති. කෙසේනම් කර්‍මස්ථානයෙහි හෝ විදර්‍ශනාවෙහි කටයුතු කරන්නට හැකි වන්නේම්ද, යම්හෙයකින් මම ශාස්තෘන්වහන්සේ සමීපයෙන් කර්‍මස්ථාන කියවා ගෙන සීතවන සුසානයට ගොස් මහණදම් කරන්නේ නම් මැනවි. එහි වනාහි සොහොනකැයි පිළිකුල් කොට බොහෝ දෙනෙක් නො එන්නාහ. එසේ ඇති කල්හි මගේ කටයුත්ත මුදුන් පත්වන්නේය’යි සිතූහ. (එසේ සිතා) ශාස්තෘන් සමීපයෙහි කර්‍මස්ථාන කියවාගෙන සීතවනයට ගොස් මහණදම් කිරීමට පටන් ගත්හ. ‘මගේ සිරුර අතිශයින් සියුමැලිය. සුවයෙන්ම සුවයට පැමිණීමට නොහැකිය. කය වෙහෙසවාද මහණදම් කිරීමට වටීය’යි උන්වහන්සේ සිතූහ. ඉක්බිති ස්ථානචඞක්‍රමණයම අදිටන් කොට කෙළෙස් තැවීමේ වීර්‍ය්‍යය කළහ. උන්වහන්සේගේ සියුමැලි පාදතලයන්ගේ කෙළවරවලින් ගඩු නැගී බිඳීගියේය. සක්මන එකම ලෙහෙ ඇති තැනක් විය. පා නොඋසුලනවිට දනවලින්ද අත්වලින්ද වෑයම් කොට සක්මන් කරති. මෙසේ දැඩි වෙර දරමින්ද අවහාසමාත්‍රයක් පමණකුදු උපදවන්නට නොහැක්කෝ මෙසේ සිතූහ. ‘ඉදින් අන්‍යවූද පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙක් වන්නේනම් මා වැන්නෙක්ම වන්නේය. මම මෙසේ උත්සාහ කරන්නේද මාර්‍ගයක් හෝ ඵලයක් හෝ උපදවන්නට නොහැක්කෙමි. ඒකාන්තයෙන්ම මම උගඝටිතඤ්ඤු කෙනෙක්ද නොවෙමි. විපචිතඤඤු කෙනෙක්ද නොවෙමි. නෙය්‍යයෙක්ද නොවෙමි. මා පදපරමයකු විය යුතුය. මේ පැවිද්දෙන් මට කවර වැඩක්ද? ගිහිව සැපත්ද විඳිමි පින්දකරමි’ යනුවෙනි.

තස‍්මිං සමයෙ සත්‍ථා ථෙරස‍්ස විතක‍්කං ඤත්‍වා සායන‍්හසමයෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො තත්‍ථ ගන‍්ත්‍වා ලොහිතෙන ඵුට‍්ඨං චඞ‍්කමං දිස‍්වා ථෙරං වීණොවාදෙන (මහාව· 243) ඔවදිත්‍වා වීරියසමථයොජනත්‍ථාය තස‍්ස කම‍්මට‍්ඨානං කථෙත්‍වා ගිජ‍්ඣකූටමෙව ගතො. සොණත්‍ථෙරොපි දසබලස‍්ස සම‍්මුඛා ඔවාදං ලභිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තෙ පතිට‍්ඨාසි. අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ධම‍්මං දෙසෙන‍්තො ථෙරං ආරද‍්ධවීරියානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

එසමයෙහි ශාස්තෘන්වහන්සේ තෙරුන්ගේ විතර්‍කය දැන සවස්කාලයෙහි බික්සඟන පිරිවරන ලදසේක් එහි ගොස් ලෙයින් පැහැසුණු සක්මන දැක තෙරුන්ට වීණොවාදයෙන් ඔවදන් කොට ඔහුට විරියසමථය යෙදීම සඳහා කමටහන් කියවා ගිජුකුළු පව්වටම වැඩිසේක. සොණ තෙරුන්වහන්සේද දශබලයන්වහන්සේගේ සම්මුඛයෙන් අවවාද ලැබ නොබෝදිනකින්ම රහත්බවෙහි පිහිටියහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසුකලක දෙව්රමෙහි බික්සඟන පිරිවරන ලදසේක් දහම් දෙසමින් තෙරුන් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.