යෙදුමෙන් කියවන්න

ඛදිරවනියරෙවතත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

ඛදිරවනියරෙවතත්‍ථෙරවත්‍ථු

බදිරවනිය රේවත තෙරණුවෝ

පඤ‍්චමෙ ආරඤ‍්ඤකානන‍්ති අරඤ‍්ඤවාසීනං. රෙවතො ඛදිරවනියොති ධම‍්මසෙනාපතිත්‍ථෙරස‍්ස කනිට‍්ඨභාතිකො. සො යථා අඤ‍්ඤෙ ථෙරා අරඤ‍්ඤෙ වසමානා වනසභාගං උදකසභාගං භික‍්ඛාචාරසභාගඤ‍්ච සල‍්ලක‍්ඛෙත්‍වා අරඤ‍්ඤෙ වසන‍්ති, න එවං වසි. එතානි පන සභාගානි අනාදියිත්‍වා උජ‍්ජඞ‍්ගලසක‍්ඛරපාසාණවිසමෙ ඛදිරවනෙ පටිවසති. තස‍්මා ආරඤ‍්ඤකානං අග‍්ගොති වුත‍්තො.

පස්වැන්නෙහි ආරඤ්ඤකානං යනු ආරණ්‍යවාසීන්ගෙන් යනුයි. රෙවතො බදිරවනියො යනු දම්සෙනෙවි සැරියුත් තෙරුන්ගේ කනිටු බෑයායි. අරණෙහි වසන අනෙක් තෙරවරු යම්සේ වනයෙහි ගැලපෙන තැන දිය (සඳහා) ගැලපෙන තැන හා පිඬු පිණිස ගැලපෙන තැනද සලකා අරණෙහි වසත්ද මෙතෙම එසේ නොවිසිය. මේ ගැලපෙන තැන් නොසලකා කාන්තාර. ගල් කැබළිති, ගල් පර්‍වත ආදියෙන් විසමවූ බදිරවනයෙහි වෙසෙයි. එහෙයින් ආරණ්‍යකයන් අතුරෙන් අග්‍රයයි කියනලදී.

තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයං කිර අතීතෙ පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ නිබ‍්බත‍්තො මහාගඞ‍්ගාය පයාගපතිට‍්ඨානතිත්‍ථෙ නාවාකම‍්මං කරොන‍්තො පටිවසති. තස‍්මිං සමයෙ සත්‍ථා සතසහස‍්සභික‍්ඛුපරිවාරො චාරිකං චරන‍්තො පයාගපතිට‍්ඨානතිත්‍ථං සම‍්පාපුණි. සො දසබලං දිස‍්වා චින‍්තෙසි – “මය‍්හං කාලෙන කාලං බුද‍්ධදස‍්සනං නාම නත්‍ථි, අයං මෙ කල්‍යාණකම‍්මායූහනක‍්ඛණො”ති නාවාසඞ‍්ඝාටං බන්‍ධාපෙත්‍වා උපරි චෙලවිතානං කාරෙත්‍වා ගන්‍ධමාලාදාමානි ඔසාරෙත්‍වා හෙට‍්ඨා වරපොත්‍ථකං චිත‍්තත්‍ථරණං අත්‍ථරාපෙත්‍වා සපරිවාරං සත්‍ථාරං පරතීරං තාරෙසි.

උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි අතීතයෙහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේගේ සමයෙහි හංසවතී නගරයෙහි උපන්නේ මහා ගංගාවේ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන තොටුපලෙහි නැව්කම් කරමින් වසයි. එසමයෙහි ශාස්තෘන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවර ඇතිව චාරිකාවෙහි හැසිරෙනසේක් ප්‍රයාගප්‍රතිෂ්ඨාන තොටුපලට සපැමිණිසේක. හෙතෙම දසබලයන්වහන්සේ දැක මෙසේ සිතුවේය. මට කලින් කලට බුදුන් දැකීමක් නම් නැත. මේ මාගේ පින්කම් රැස්වන මොහොතයයි නැව් එක්කොට තබා බැඳ මත්තෙහි රෙදි වියනක් කරවා සුවඳමල්දම් රැස්කොට එල්වා නියඳවස්ත්‍රයෙන් කරනලද විසිතුරු ඇතිරිලි අතුරුවා පිරිවර සහිත ශාස්තෘන්වහන්සේ එතෙරට පැමිණවීය.

තස‍්මිං සමයෙ සත්‍ථා එකං ආරඤ‍්ඤකං භික‍්ඛුං එතදග‍්ගෙ ඨපෙසි. සො නාවිකො තං දිස‍්වා “මයාපි එවමෙවං අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ආරඤ‍්ඤකානං අග‍්ගෙන භවිතුං වට‍්ටතී”ති සත්‍ථාරං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙහි එතදග‍්ගෙ ඨපිතො සො භික‍්ඛු විය අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ආරඤ‍්ඤකානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා අනන‍්තරායං දිස‍්වා “අනාගතෙ ගොතමබුද‍්ධස‍්ස සාසනෙ ත්‍වං ආරඤ‍්ඤකානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා පක‍්කාමි. අන‍්තරා පන අඤ‍්ඤං කම‍්මං න කථියති.

එසමයෙහි ශාස්තෘන්වහන්සේ එක් ආරණ්‍යක භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ නැවියා එය දැක මාවිසින්ද මෙසේම අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන්ට අග්‍රවීමට වටීයයි සිතා ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත්දිනක් මහදන්දී ශාස්තෘ පාදමූලයෙහි වැදහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තැබූ එම භික්‍ෂුව මෙන් මමද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි යයි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි නුඹ ආරණයකයන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩිසේක. අනතුරු වෙනත් කර්‍මයක් නොකියනුලැබේ.

සො යාවජීවං කල්‍යාණකම‍්මං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධක‍්ඛෙත‍්තෙ නාලකබ්‍රාහ‍්මණගාමෙ සාරීබ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගහෙත්‍වා තිණ‍්ණං භාතිකානං තිස‍්සන‍්නඤ‍්ච භගිනීනං සබ‍්බකනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති, රෙවතොතිස‍්ස නාමං අකංසු. අථස‍්ස මාතාපිතරො චින‍්තෙසුං – “වඩ‍්ඪිතවඩ‍්ඪිතෙ දාරකෙ සමණා සක්‍යපුත‍්තියා නෙත්‍වා පබ‍්බාජෙන‍්ති, අම‍්හාකං පුත‍්තං රෙවතං දහරමෙව ඝරබන්‍ධනෙන බන්‍ධිස‍්සාමා”ති සමානකුලතො දාරිකං ආනෙත්‍වා රෙවතස‍්ස අය්‍යිකං වන්‍දාපෙත්‍වා, “අම‍්ම, තව අය්‍යිකාය මහල‍්ලකතරා හොහී”ති ආහංසු. රෙවතො තෙසං කථං සුත්‍වා චින‍්තෙසි – “අයං දාරිකා දහරා පඨමවයෙ ඨිතා, ඉමිස‍්සා කිර එවංවිධං රූපං මම අය්‍යිකාය රූපසදිසං භවිස‍්සති, පුච‍්ඡිස‍්සාමි තාව නෙසං අධිප‍්පාය”න‍්ති චින‍්තෙත්‍වා ආහ – “තුම‍්හෙ කිං කථෙථා”ති? තාත, “අයං දාරිකා අය්‍යිකා විය තෙ ජරං පාපුණාතූ”ති වදාමාති. සො “ඉමිස‍්සා රූපං එවංවිධං භවිස‍්සතී”ති පුච‍්ඡි. තාත, කිං වදෙසි, මහාපුඤ‍්ඤා එවංවිධා හොන‍්තීති.

හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙවිමිනිසුන් අතුරෙහි සරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි මගධක්‍ෂේත්‍රයෙහි නාලක බ්‍රාහ්මණග්‍රාමයෙහි සාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳගෙන සොහොයුරන් තිදෙනෙකුගේද සොයුරියන් තිදෙනෙකුගේද යන සියල්ලන්ගේ බාලයාවී උපන්නේය. ඔහුට රේවතයයි නමක් ළාහුය. ඉක්බිති ඔහුගේ මවුපියෝ මෙසේ සිතූහ. අපගේ වැඩුණු වැඩුණු දරුවන් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රැගෙන ගොස් පැවිදි කරවත්, අපගේ පුත් රේවත කුඩාවියේදීම සරණබන්‍ධනයෙන් බන්දවන්නෙමුයි සමාන කුලයකින් දැරියක ගෙන්වා රේවතගේ මිත්තණියට වන්දවා දරුව ඔබගේ මිත්තණියට වඩා වැඩිමහල්ලක වෙවයි කීවාහුය. රේවත තෙමේ ඔවුන්ගේ කථාව අසා මෙසේ සිතීය: මේ දැරිය කුඩාවකවූවා ප්‍රථමවයසෙහි පිහිටියාය. මැයගේ මෙබඳුවූ රූපය මගේ මිත්තණියගේ රූපය මෙන් වන්නේය. ඔවුන්ගේ අදහස විමසන්නෙමැයි සිතා නුඹලා කුමක් කියන්නහුදැයි ඇසීය. දරුව, ‘මේ දැරිය නුඹේ මිත්තණිය මෙන් ජරාවට පැමිණේවායි කීවෙමු’යි කීහ. හෙතෙම මැයගේ රූපය එබඳු වන්නේදැයි ඇසීය. දරුව කුමක් කියහිද? මහපින් ඇත්තෝ මෙබඳු වෙත්යයි කීහ.

සො චින‍්තෙසි – “ඉදං කිර රූපං ඉමිනා නියාමෙන වලිත‍්තචං භවිස‍්සති පලිතකෙසං ඛණ‍්ඩදන‍්තං, අහං එවරූපෙ රූපෙ රජ‍්ජිත්‍වා කිං කරිස‍්සාමි, මම භාතිකානං ගතමග‍්ගමෙව ගමිස‍්සාමී”ති කීළන‍්තො විය හුත්‍වා සමවයෙ තරුණදාරකෙ ආහ – “එථ, භො, විධාවනිකං කරිස‍්සාමා”ති නික‍්ඛමි. තාත, මඞ‍්ගලදිවසෙ මා බහි ගච‍්ඡාති. සො දාරකෙහි සද‍්ධිං කීළන‍්තො විය අත‍්තනො ධාවනවාරෙ සම‍්පත‍්තෙ ථොකං ගන‍්ත්‍වා පපඤ‍්චෙත්‍වා ආගච‍්ඡති. පුන දුතියවාරෙ සම‍්පත‍්තෙ තතො තුරිතං විය ගන‍්ත්‍වා ආගතො, තතියවාරෙ සම‍්පත‍්තෙ “අයං මෙ කාලො”ති ඤත්‍වා සම‍්මුඛට‍්ඨානෙනෙව පලායිත්‍වා පංසුකූලිකභික‍්ඛූනං නිවාසට‍්ඨානං අරඤ‍්ඤං ගන‍්ත්‍වා ථෙරෙ අභිවාදෙත්‍වා පබ‍්බජ‍්ජං යාචි. සප‍්පුරිස මයං තං න ජානාම “කස‍්සාසි පුත‍්තො”ති, ත්‍වඤ‍්ච අලඞ‍්කතනියාමෙනෙව ආගතො, කො තං පබ‍්බාජෙතුං උස‍්සහිස‍්සතීති. සො උභො බාහා පග‍්ගය‍්හ “විලුම‍්පන‍්ති මං විලුම‍්පන‍්ති ම”න‍්ති මහාරවං විරවි. ඉතො චිතො ච භික‍්ඛූ සන‍්නිපතිත්‍වා “සප‍්පුරිස, ඉමස‍්මිං ඨානෙ තව වත්‍ථං වා පිළන්‍ධනං වා කොචි ගණ‍්හන‍්තො නාම නත්‍ථි, ත්‍වඤ‍්ච ‘විලුම‍්පන‍්තී’ති වදසි, කිං සන්‍ධාය වදසී”ති? භන‍්තෙ, නාහං වත්‍ථාලඞ‍්කාරං සන්‍ධාය වදාමි, තිස‍්සන‍්නං පන මෙ සම‍්පත‍්තීනං විලොපො වත‍්තති, තං සන්‍ධාය වදාමි. මං තාව තුම‍්හෙ මා පබ‍්බාජයිත්‍ථ, භාතරං පන මෙ ජානාථාති. කොනාමො පන තෙ භාතාති? ගිහිකාලෙ උපතිස‍්සො නාම, ඉදානි පන සාරිපුත‍්තො නාම ජාතොති වදන‍්තීති. “ආවුසො, එවං සන‍්තෙ අයං කුලපුත‍්තො අම‍්හාකං කනිට‍්ඨභාතිකො නාම හොති, ජෙට‍්ඨභාතිකො නො ධම‍්මසෙනාපති පුරෙතරංයෙව ආහ – ‘අම‍්හාකං ඤාතකා සබ‍්බෙව මිච‍්ඡාදිට‍්ඨිකා, යො කොචි අම‍්හාකං ඤාතීති ආගච‍්ඡති, තං යෙන තෙනුපායෙන පබ‍්බාජෙය්‍යථා’ති. අයං පන ථෙරස‍්ස අජ‍්ඣත‍්තභාතිකො, පබ‍්බාජෙථ න”න‍්ති වත්‍වා තචපඤ‍්චකකම‍්මට‍්ඨානං ආචික‍්ඛිත්‍වා පබ‍්බාජයිංසු. අථ නං පරිපුණ‍්ණවස‍්සං උපසම‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානෙ යොජයිංසු.

‘මේ රූපය’ මේ ආකාරයෙන් රැලි නැඟුණු සම් ඇත්තේ පැසුණු හිස ඇත්තේ කැඩුණු දත් ඇත්තේ වන්නේය. මම මෙබඳුවූ රූපයක ඇලීකුමක් කරම්ද? මගේ සොහොයුරන් ගිය මඟම ගන්නෙමි’යි සිතීය. (එසේ සිතා) ගිහිගෙයි සිටින්නේ මෙන්වී සමවියෙහි සිටි තරුණයන්ට ‘යහළුවනි, එන්න. දිවීමේ ක්‍රීඩාව කරන්නෙමු’යි කියා නික්මියේය. ‘දරුව මඟුල් දිනයෙහි පිටත නොයව’යි (මාපියෝ කීහ) හෙතෙම තරුණයින් සමඟ සෙල්ලම් කරන්නෙකු මෙන් තමන් දුවන වාරය පැමිණිවිට ටිකක් ගොස් ප්‍රමාදවී ආපසු එයි. අනතුරුවාරය පැමිණිවිට ඊටවඩා දුරටමෙන් ගොස් ආපසු ආයේ තෙවෙනිවර මේ මාගේ කාලයයි දැන හමුවන තැනින්ම පළාගොස් පාංශුකූලික භික්‍ෂූන්ගේ නිවාසස්ථානයවූ අරණ්‍යයට ගොස් තෙරුන්වැඳ පැවිද්ද ඉල්වීය. ‘සත්පුරුෂය, අපි ඔබ කවරෙකුගේ පුතෙක්දැයි නොදනිමු. ඔබද අබරනින් සැරසුණු අයුරින්ම පැමිණියෙහිය. කවරෙක් නම් ඔබ පැවිදි කිරීමට උත්සාහ කෙරේදැ’යි ඒ තෙරවරු පැවසූහ. හෙතෙම දෙඅත් දැඩිව ගෙන මා පැහැරගනී මා පැහැරගනීයයි මහහ හඬින් හැඬීය. ඔබිනොබින් බික්‍ෂූහු රැස්ව, ‘සත්පුරුෂය, මෙතැන්හි ඔබේ වස්ත්‍රය හෝ අබරණ හෝ ගන්නාවූ කිසිවෙක්නම් නැත. ඔබද නටුවෙමැයි කියහි කුමක් නිසා කියහිදැයි ඇසූහ. ‘ස්වාමීනි, මම වස්ත්‍රාභරණ සඳහා නොකියමි. මාගේ ත්‍රිවිධ සම්පත්තීන්ගේ විනාශයක් වෙයි. එය නිසා කියමි. නුඹවහන්සේලා මාගේ සහෝදරයා දන්නහු නම් මා පැවිදිකරන්නහුයයි දනිමි’යි කීවේය. ඔබගේ සහෝදරයා කිනම් වූවෙදැයි ඇසූහ. ගිහිකල්හි උපතිස්ස නම් විය. දැන් සාරිපුත්ත නම් වූයේයි කියත්. ‘ඇවැත්නි, එසේ ඇතිකල්හි මේ කුලපුත් තෙමේ අපගේ කනිටු බෑයා නම් වෙයි. අපගේ වැඩිමහල් සොයුරු දම්සෙනෙවි කලින්මමෙසේ කියා ඇත: අපේ නෑදෑයෝ සියලු දෙනා මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෝය. යම් කිසිවෙක් අපගේ ඥාතියෙකැයි එයිද ඔහුව යම් කිසි උපායකින් පැවිදිකරවු’ යනුවෙනි. මෙතෙම වනාහි තෙරුන්වහන්සේගේ ආධයාත්මික සහෝදරයාය. මොහු පැදිකරවු’යි කියා තචපංචක කර්‍මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. ඉක්බිති පිරිපුන් විසිවස් ඇති මොහු උපසම්පදා කරවා කමටහන්හි යෙදවූහ.

ථෙරො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ආචරියුපජ‍්ඣායානං අවිදූරෙ ඨානෙ වුත‍්තප‍්පකාරං ඛදිරවනං පවිසිත්‍වා සමණධම‍්මං කරොති. තස‍්ස “අරහත‍්තං අප‍්පත්‍වා දසබලං වා භාතිකත්‍ථෙරං වා න පස‍්සිස‍්සාමී”ති වායමන‍්තස‍්සෙව තයො මාසා අතික‍්කන‍්තා, සුඛුමාලකුලපුත‍්තස‍්ස ලූඛභොජනං භුඤ‍්ජන‍්තස‍්ස චිත‍්තං වලීතං නාම හොති, කම‍්මට‍්ඨානං විමොක‍්ඛං න ගතං. සො තෙමාසච‍්චයෙන පවාරෙත්‍වා වුත්‍ථවස‍්සො හුත්‍වා තස‍්මිංයෙව ඨානෙ සමණධම‍්මං කරොති. තස‍්ස සමණධම‍්මං කරොන‍්තස‍්ස චිත‍්තං එකග‍්ගං අහොසි, සො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි.

තෙරුන්වහන්සේ කමටහන් ගෙන ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ට නුදුරුව පිහිටි කියනලද ආකාර ඇති බදිරවනයට පිවිස මහණදම් කරයි. රහත්බවට නොපැමිණ ශාස්තෘන්වහන්සේ හෝ සොයුරු තෙරුන් නොබලමැයි උත්සාහ කරන උන්වහන්සේට තෙමසක් ඉක්ම ගියේය. රළුබොජුන් බුදින සියුමැලි සත්වයකුගේ සිත ප්‍රණීත නම් නොවෙයි. කමටහන විමෝක්‍ෂයට නොගියේය. හෙතෙම වස් තෙමස අවෑමෙන් පවරා වසන ලද වස් ඇත්තේවී එතැන්හිම මහණදම් කරයි. පුරුදු කරන්නාවූ පුරුදු කරන්නාවූ ඔහුගේ සිත එකඟවිය. හෙතම විදසුන් වඩා රහත්බවට පැමිණියේය.

අථායස‍්මා සාරිපුත‍්තො සත්‍ථාරං ආහ – “භන‍්තෙ, මය‍්හං කිර කනිට‍්ඨභාතා රෙවතො පබ‍්බජිතො, සො අභිරමෙය්‍ය වා න වා, ගන‍්ත්‍වා නං පස‍්සිස‍්සාමී”ති. භගවා රෙවතස‍්ස ආරද‍්ධවිපස‍්සකභාවං ඤත්‍වා ද‍්වෙ වාරෙ පටික‍්ඛිපිත්‍වා තතියවාරෙ යාචිතො අරහත‍්තං පත‍්තභාවං ඤත්‍වා, “සාරිපුත‍්ත, අහම‍්පි ගමිස‍්සාමි, භික‍්ඛූනං ආරොචෙහී”ති. ථෙරො භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා, “ආවුසො, සත්‍ථා චාරිකං චරිතුකාමො, ගන‍්තුකාමා ආගච‍්ඡන‍්තූ”ති සබ‍්බෙසංයෙව ආරොචෙසි. දසබලස‍්ස චාරිකත්‍ථාය ගමනකාලෙ ඔහීනකභික‍්ඛූ නාම අප‍්පකා හොන‍්ති, “සත්‍ථු සුවණ‍්ණවණ‍්ණං සරීරං පස‍්සිස‍්සාම, මධුරධම‍්මකථං වා සුණිස‍්සාමා”ති යෙභුය්‍යෙන ගන‍්තුකාමාව බහුකා හොන‍්ති. ඉති සත්‍ථා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො “රෙවතං පස‍්සිස‍්සාමී”ති නික‍්ඛන‍්තො.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් මහතෙරුන්වහන්සේ, ‘ස්වාමීනි, මගේ කනිටු සොයුරු රේවත පැවිදි වූයේය. හෙතෙම (පැවිද්දෙහි) ඇලුනේ හෝ නොවේදැයි ගොස් ඔහු බලන්නෙමියි භාගයවතුන්වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ රේවතගේ පටන්ගන්නාලද විදර්‍ශකභාවය දැක දෙවරක් ප්‍රතික්‍ධෂප කොට තෙවෙනිවර අයදිනලද්දේ රහත්බවට පත්බව දැන ‘සාරිපුත්තය, මමද යන්නෙමි. භික්‍ෂූන්ට සැළකරවයි වදාළසේක. තෙරුන්වහන්සේ භික්‍ෂුසංඝයා රැස් කරවා ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙනු කැමැතිසේක. යනු කැමැත්තෝ පැමිණෙත්වා’යි සියල්ලන්ටම දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ චාරිකා සඳහා වඩිනකල්හි නොගොස් නවතින භික්‍ෂූහු නම් අල්පවෙති. ශාස්තෘන්වහන්සේගේ රන්වන් සිරුර බලන්නෙමු. මිහිරි දහම්කතා අසන්නෙමුයි යනු කැමැත්තෝම බෙහෙවින් අධික වෙති. මෙසේ ශාස්තෘන්වහන්සේ මහ බික්සඟන පිරිවරනලද්දෝ රෙවත බලන්නෙමුයයි නික්මුණුසේක.

අථෙකස‍්මිං පදෙසෙ ආනන්‍දත්‍ථෙරො ද‍්වෙධාපථං පත්‍වා භගවන‍්තං පුච‍්ඡි – “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ ද‍්වෙ මග‍්ගා, කතරමග‍්ගෙන සඞ‍්ඝො ගච‍්ඡතූ”ති. කතරමග‍්ගො, ආනන්‍ද, උජුකොති? භන‍්තෙ, උජුමග‍්ගො තිංසයොජනො අමනුස‍්සපථො, පරිහාරමග‍්ගො පන සට‍්ඨියොජනිකො ඛෙමො සුභික‍්ඛොති. ආනන්‍ද, සීවලි අම‍්හෙහි සද‍්ධිං ආගතොති? ආම, භන‍්තෙ, ආගතොති. තෙන හි සඞ‍්ඝො උජුමග‍්ගමෙව ගණ‍්හතු, සීවලිස‍්ස පුඤ‍්ඤං වීමංසිස‍්සාමාති. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝපරිවාරො සීවලිත්‍ථෙරස‍්ස පුඤ‍්ඤවීමංසනත්‍ථං අටවිමග‍්ගං අභිරුහි. මග‍්ගං අභිරුහනට‍්ඨානතො පට‍්ඨාය දෙවසඞ‍්ඝො යොජනෙ යොජනෙ ඨානෙ නගරං මාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස වසනත්‍ථාය විහාරෙ පටියාදෙසි. දෙවපුත‍්තා රඤ‍්ඤා පෙසිතකම‍්මකාරා විය හුත්‍වා යාගුඛජ‍්ජකාදීනි ගහෙත්‍වා “කහං අය්‍යො සීවලි, කහං අය්‍යො සීවලී”ති පුච‍්ඡන‍්තා ගච‍්ඡන‍්ති. ථෙරො තං සක‍්කාරසම‍්මානං ගණ‍්හාපෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගච‍්ඡති. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පරිභුඤ‍්ජි.

ඉක්බිති එක් පෙදෙසක අනඳ තෙරුන්වහන්සේ දෙමංසන්‍ධියකට පැමිණ, ‘ස්වාමීනි, මෙතැන්හි මාර්‍ග දෙකෙකි. කවර මාර්‍ගයකින් භික්‍ෂුසංඝයා යෙත්දැයි භාග්‍යවතුන්වහන්සේ පිළිවිසිසේක. ‘ආනන්‍දය, කවරමඟක් සෘජුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, සෘජු මාර්‍ගය තිස් යොදුනක් ඇත්තෙයි. (එය) අමනුෂ්‍ය පථයකි. වටින්යාමට ඇතිමාර්‍ගය සැටයොදුනක් ඇත්තේයි. බියරහිතය. සුලබ ආහාර ඇත්තේය’ ‘ආනන්‍දය, සීවලී අප සමඟ පැමිණියේදඝ’ එසේය, ස්වාමීනි පැමිණියේය’ එසේ වීනම් සංඝයා සෘජු මාර්‍ගයම ගනීවා! සීවලීගේ පින විමසන්නෙමු. ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරණ ලදසේක් සීවලී තෙරුන්ගේ පින විමසනු සඳහා වනමඟට පිවිසිසේක. මගට බට තැනසිටම දිව්‍යසමූහයා යොදුනෙන් යොදුනට නුවරක් මවා බුදුපාමොක් සඟනට විසීම සඳහා විහාරයන් පිළියෙළ කළේය. දිව්‍යපුත්‍රයෝ රජුන් විසින් යවනලද කම්කරුවන් මෙන්වී කැඳ කැවිලි ආදිය ගෙ ආර්‍ය්‍ය සීවලී කොහිද ආර්‍ය්‍ය සීවලී කොහිදැයි අසමින් යති. තෙරුන්වහන්සේ ඔවුන්ලවා සත්කාරසම්මාන ගන්වාගෙන ශාස්තෘන් සමීපයට යති. ශාස්තෘන්වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ වළඳන සේක.

ඉමිනාව නියාමෙන සත්‍ථා සක‍්කාරසම‍්මානං අනුභවන‍්තො දෙවසිකං යොජනපරමං ගන‍්ත්‍වා තිංසයොජනිකං කන‍්තාරං අතික‍්කම‍්ම ඛදිරවනියත්‍ථෙරස‍්ස සභාගට‍්ඨානං පත‍්තො. ථෙරො සත්‍ථු ආගමනං ඤත්‍වා අත‍්තනො වසනට‍්ඨානෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පහොනකවිහාරෙ දසබලස‍්ස ගන්‍ධකුටිං රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීනි ච ඉද‍්ධියා මාපෙත්‍වා තථාගතස‍්ස පච‍්චුග‍්ගමනං ගතො. සත්‍ථා අලඞ‍්කතපටියත‍්තෙන මග‍්ගෙන විහාරං පාවිසි. අථ තථාගතෙ ගන්‍ධකුටිං පවිට‍්ඨෙ භික‍්ඛූ වස‍්සග‍්ගෙන පත‍්තසෙනාසනානි පවිසිංසු. දෙවතා “අකාලො ආහාරස‍්සා”ති අට‍්ඨවිධං පානකං ආහරිංසු. සත්‍ථා සඞ‍්ඝෙන සද‍්ධිං පානකං පිවි. ඉමිනාව නියාමෙන තථාගතස‍්ස සක‍්කාරසම‍්මානං අනුභවන‍්තස‍්සෙව අද‍්ධමාසො අතික‍්කන‍්තො.

මේ ක්‍රමයෙන් ශාස්තෘන්වහන්සේ සත්කාරසම්මාන විදින්නාහු දිනපා යොදුනක් පරම කොට ගොස් තිස් යොදුන් කාන්තාරය ඉක්මවා බදිරවනීය තෙරුන්ගේ සහායස්ථානයට පැමිණිසේක. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ පැමිණිම දැන තමන් වසන තැන බුදුපාමොක් මහ සඟනට පොහෝනා විහාරයෙහි දශබලයන්වහන්සේට ගඳකිළියද රාත්‍රිස්ථාන දිවාස්ථානද සෘද්ධියෙන් මවා ශාස්තෘන්වහන්සේට පෙරගමන් කිරීම සඳහා ගිහය. ශාස්තෘන්වහන්සේ අලංකාර ලෙස පිළියෙළ කරනලද මගින් විහාරයට පිවිසිසේක. ඉක්බිති තථාගතයන්වහන්සේ ගඳකිළියට පිවිසිකල්හි භික්‍ෂූන්වහන්සේ වැඩිමහලු පිළිවෙළින් පැමුණුණු සෙනසුන්වලට පිවිසියාහුය. දෙවිවරු ආහාරයට අකාලයැයි අෂ්ටවිධපානයන් ගෙනාවාහුය. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන් සමඟ පැන් වැළඳූසේක. මේ ක්‍රමයෙන්ම සත්කාර සම්මාන විඳින්නාවූ බුදුන්වහන්සේට අඩමසක් ඉක්මගියේය.

අථෙකච‍්චෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛූ එකස‍්මිං ඨානෙ නිසීදිත්‍වා කථං උප‍්පාදයිංසු “සත්‍ථා දසබලො ‘මය‍්හං අග‍්ගසාවකස‍්ස කනිට‍්ඨභාතා’ති වත්‍වා එවරූපං නවකම‍්මිකභික‍්ඛුං පස‍්සිතුං ආගතො, ඉමස‍්ස විහාරස‍්ස සන‍්තිකෙ ජෙතවනමහාවිහාරො වා වෙළුවනවිහාරාදයො වා කිං කරිස‍්සන‍්ති. අයම‍්පි භික‍්ඛු එවරූපස‍්ස නවකම‍්මස‍්ස කාරකො, කිං නාම සමණධම‍්මං කරිස‍්සතී”ති? අථ සත්‍ථා චින‍්තෙසි – “මයි චිරං වසන‍්තෙ ඉදං ඨානං ආකිණ‍්ණං භවිස‍්සති, ආරඤ‍්ඤකා භික‍්ඛූ නාම පවිවෙකත්‍ථිකා හොන‍්ති, රෙවතස‍්ස අඵාසුවිහාරො භවිස‍්සතී”ති තතො රෙවතස‍්ස දිවාට‍්ඨානං ගතො. ථෙරො එකකොව චඞ‍්කමනකොටියං ආලම‍්බනඵලකං නිස‍්සාය පාසාණඵලකෙ නිසින‍්නො සත්‍ථාරං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා වන්‍දි.

ඉක්බිති ඇතැම් උඩඟු භික්‍ෂූහූ එක්තැනක හිඳ කථා ඉපදවූහ. තථාගතයන්වහන්සේ ‘මගේ අග්‍රශ්‍රාවකයාගේ කනිටු සොහොයුරුයි කියා මෙබඳුවූ විහාරගොඩනැගිලි සාදන්නාවූ භික්‍ෂුවක දැකීමට පැමිණිසේක. මොහුගේ විහාරය ඉදිරියේ දෙව්රම් වෙහෙර හෝ වෙළුවනවිහාරාදි හෝ කුමක් කෙරේද මේ භික්‍ෂුවද මෙබඳු විහාරගොඩනැගිලි සාදන්නේ කෙසේනම් මහණදම් කෙරේද’ (යනුවෙනි). ඉක්බිති ශාස්තෘන්වහන්සේ, ‘මා බොහෝකල් වසනකල්හි මෙතැන ආකීර්ණ වෙයි. ආරණ්‍යක භික්‍ෂූහු නම් විවේක කැමැත්තෝය. රේවතට පහසු පැවැත්මක් නොවන්නේය’යි සිතූසේක. ඉක්බිති උන්වහන්සේ රේවත තෙරුන්ගේ දිවාවිහාරයට වැඩිසේක. තෙරුන්වහන්සේ හුදෙකලාව සක්මන කෙළවර ආලම්බනබාහය (අත්වල) ඇසුරු කොට ගල්පුවරුවෙහි හුන්නේ දුරදීම ශාස්තෘන්වහන්සේ එනු දැක පෙරගමන් කොට වැන්දාහුය.

අථ නං සත්‍ථා පුච‍්ඡි – “රෙවත, ඉමං වාළමිගට‍්ඨානං, චණ‍්ඩානං හත්‍ථිඅස‍්සාදීනං සද‍්දං සුත්‍වා කින‍්ති කරොසී”ති? තෙසං මෙ, භන‍්තෙ, සද‍්දං සුණතො අරඤ‍්ඤරති නාම උප‍්පජ‍්ජතීති. සත්‍ථා තස‍්මිං ඨානෙ රෙවතත්‍ථෙරස‍්ස පඤ‍්චහි ගාථාසතෙහි අරඤ‍්ඤෙ නිවාසානිසංසං නාම කථෙත්‍වා පුනදිවසෙ අවිදූරෙ ඨානෙ පිණ‍්ඩාය චරිත්‍වා රෙවතත්‍ථෙරං නිවත‍්තෙත්‍වා යෙහි භික‍්ඛූහි ථෙරස‍්ස අවණ‍්ණො කථිතො, තෙසං කත‍්තරයට‍්ඨිඋපාහනාතෙලනාළිඡත‍්තානං පමුස‍්සනභාවං අකාසි. තෙ අත‍්තනො පරික‍්ඛාරත්‍ථාය නිවත‍්තා ආගතමග‍්ගෙනෙව ගච‍්ඡන‍්තාපි තං ඨානං සල‍්ලක‍්ඛෙතුං න සක‍්කොන‍්ති. පඨමං හි තෙ අලඞ‍්කතපටියත‍්තෙන මග‍්ගෙන ගන‍්ත්‍වා තංදිවසං පන විසමමග‍්ගෙන ගච‍්ඡන‍්තා තස‍්මිං තස‍්මිං ඨානෙ උක‍්කුටිකං නිසීදන‍්ති, ජාණුකෙන ගච‍්ඡන‍්ති. තෙ ගුම‍්බෙ ච ගච‍්ඡෙ ච කණ‍්ටකෙ ච මද‍්දන‍්තා අත‍්තනො වසිතසභාගට‍්ඨානං ගන‍්ත්‍වා තස‍්මිං තස‍්මිං ඛදිරඛාණුකෙ අත‍්තනො ඡත‍්තං සඤ‍්ජානන‍්ති, උපාහනං කත‍්තරයට‍්ඨිං තෙලනාළිං සඤ‍්ජානන‍්ති. තෙ තස‍්මිං සමයෙ “ඉද‍්ධිමා අයං භික‍්ඛූ”ති ඤත්‍වා අත‍්තනො පරික‍්ඛාරෙ ආදාය “දසබලස‍්ස පටියත‍්තසක‍්කාරො නාම එවරූපො හොතී”ති වදන‍්තා ආගමංසු.

ඉක්බිති බුදුන්වහන්සේ ‘රේවත, මෙය රුදුරු සතුන්ගේ වාසයකි. සැඩ ඇත් අස් ආදීන්ගේ ශබ්ද අසා කුමක් කරන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසූසේක. ‘ස්වාමීනි, ඔවුන්ගේ ශබ්ද අසන්නාවූ මට අරණ්‍යප්‍රීතිය උපදියි.’ ශාස්තෘන්වහන්සේ එතැන්හි රේවත තෙරුන්ට ගාථා පන්සියයකින් අරණ්‍යානිසංශයෙන් කියා දෙවෙනි දිනෙහි නොදුරු තන්හි පිඬු හැසිර රේවත තෙරුන් නවත්වා යම් භික්‍ෂූන් විසින් තෙරුන්ගේ නුගුණ කියනලද්දේද ඔවුනට සැරයටි පාවහන් තෙල්නැලි කුඩ ආදියේ මුළාවනබව (අමතකවීම) ඇතිකළසේක. ඔවුහු තමන්ගේ පිරිකර සඳහා ආපසු හැරුණාහු ආ මගින් යන්නෝ නමුදු එම ස්ථානය සලකා ගන්නට අසමත් වෙති. පළමුව ඔවුහු අලංකාර ලෙස පිළියෙළ කළ මගින් ගියහ. එදවස වනාහි විෂමමාර්‍ගයෙන් යන්නාහු ඒ ඒ තැන උක්කුටිකයෙන් හිඳිති. දනින් යති. ඔවුහු පඳුරුද ලැහැබ්ද කටුද මඬිමින් තමන් විසූ සභාගස්ථානයට ගොස් ඒ ඒ කිහිරි කණුවෙහි තමන්ගේ කුඩය හඳුනා ගනිත්, පාවහන සැරයටිය, තෙල් නැලිය හඳුනා ගනිත්, ඔවුහු එකල්හි මේභක්‍ෂුව සෘද්ධිමත්යයි දැන තමන්ගේ පිරිකර රැගෙන තථාගතයන්වහන්සේට පිළියෙළ කරනලද සත්කාරය නම් මෙබඳුයයි කියමින් ගියහ.

පුරතො ගතභික‍්ඛූ, විසාඛා උපාසිකා, අත‍්තනො ගෙහෙ නිසින‍්නකාලෙ පුච‍්ඡති – “මනාපං නු ඛො, භන‍්තෙ, රෙවතත්‍ථෙරස‍්ස වසනට‍්ඨාන”න‍්ති? මනාපං උපාසිකෙ නන්‍දනවනචිත‍්තලතාදිපටිභාගං තං සෙනාසනන‍්ති. අථ නෙසං සබ‍්බපච‍්ඡතො ආගතභික‍්ඛූ පුච‍්ඡි – “මනාපං, අය්‍යා, රෙවතත්‍ථෙරස‍්ස වසනට‍්ඨාන”න‍්ති. මා පුච‍්ඡ උපාසිකෙ, කථෙතුං අයුත‍්තට‍්ඨානමෙතං, උජ‍්ජඞ‍්ගලං සක‍්ඛරපාසාණවිසමං ඛදිරවනං එතං, තත්‍ථ සො භික‍්ඛු විහරතීති. විසාඛා, පුරිමානඤ‍්ච පච‍්ඡිමානඤ‍්ච භික‍්ඛූනං කථං සුත්‍වා “කෙසං නු ඛො කථා සච‍්චා”ති පච‍්ඡාභත‍්තෙ ගන්‍ධමාලං ආදාය දසබලස‍්ස උපට‍්ඨානං ගන‍්ත්‍වා, වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නා සත්‍ථාරං පුච‍්ඡි – “භන‍්තෙ, රෙවතත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං එකච‍්චෙ, අය්‍යා, වණ‍්ණෙන‍්ති, එකච‍්චෙ නින්‍දන‍්ති, කිං නාමෙතං, භන‍්තෙ”ති? විසාඛෙ රමණීයං වා හොතු මා වා, යස‍්මිං ඨානෙ අරියානං චිත‍්තං රමති, තදෙව ඨානං රමණීයං නාමාති වත්‍වා ඉමං ගාථමාහ –

විශාඛා උපාසිකාව කලින් ගිය භික්‍ෂූන් තමන්ගේ ගෙහි හුන්කල්හි, ‘ස්වාමීනි, රේවත තෙරුන් වසන තැන සිත්ගන්නාසුලුදැ’යි අසයි. ‘මහාඋපාසිකාව, සිත්ගන්නාසුලුය. සෙනසුන නන්‍දනවනචිත්‍රලතාවනාදියට සමානයය’යි කීහ. ඉක්බිති ඔවුන්ගෙන් සියල්ලන්ට පසුව ආ භික්‍ෂූන්ගේන්, ස්වාමීනි, රේවත තෙරුන් වසන තැන සිත්ගන්නාසුලුදැයි ඇසුවාය. ‘උපාසිකාව, නොවිමසන්න, මෙය කීමට නොසුදුසු තැනකි. ඒ බදිරවනය නිසරුය, ගල්කැට පර්‍වත ආදියෙන් විෂමය. එහි ඒ භික්‍ෂු වෙසෙයි’ කීහ. විශාඛා උවැසිය මුලින් ආ භික්‍ෂූන්ගේද පසුව ආ භික්‍ෂූන්ගේද කථාව අසා මේ කවරෙකුගේ නම් කථාව සත්‍යදැයි පසුබතෙහි ගදමල් රැගෙන තථාගතයන්වහන්සේගේ උවටනට ගොස් වැඳ එකත්පසෙක හුන්නා ‘ස්වාමීනි, ඇතැම් භික්‍ෂූන්වහන්සේ රේවතතෙරුන්වහන්සේ වසන තැනට පසසති. ඇතැම් භික්‍ෂූන්වහන්සේ නිගාකරති. මේ කිමෙක්ද ස්වාමීනි’යි බුදුන්වහන්සේගෙන් ඇසුවාය. ‘විශාඛාවනි, සිත්කලු වේවා හෝ නොවේවා! යම් තැනක ආර්‍ය්‍යයන්ගේ සිත ඇලෙයිද එතැනම සිත්කලු නම් වේය’යි පවසා මේ ගාථාව දෙසූ සේක.

“ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ, නින‍්නෙ වා යදි වා ථලෙ; යත්‍ථ අරහන‍්තො විහරන‍්ති, තං භූමිරාමණෙය්‍යක”න‍්ති. (ධ· ප· 98; සං· නි· 1.261);

‘ගමෙහි හෝ අරණෙහි හෝ පහත්බිමෙහි හෝ සමබිමෙහි හෝ යම් තැනක රහතන්වහන්සේ වෙසෙත්ද ඒ බිම සිත්ගන්නාසුලුය.’

අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං ආරඤ‍්ඤකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ජේතවන මහා විහාරයෙහි ආර්‍ය්‍යගණයා මධ්‍යයෙහිහුන්සේක් තෙරුන් ආරණ්‍යක භික්‍ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.