සුභූතිත්ථෙරවත්ථු අට්ඨකථා
සුභූතිත්ථෙරවත්ථු
සුභූති තෙරණුවෝ
තතියෙ අරණවිහාරීනන්ති නික්කිලෙසවිහාරීනං. රණන්ති හි රාගාදයො කිලෙසා වුච්චන්ති, තෙසං අභාවෙන නික්කිලෙසවිහාරො අරණවිහාරො නාම. සො යෙසං අත්ථි, තෙ අරණවිහාරිනො. තෙසං අරණවිහාරීනං සුභූතිත්ථෙරො අග්ගොති. කිඤ්චාපි හි අඤ්ඤෙපි ඛීණාසවා අරණවිහාරිනොව, ථෙරෙන පන ධම්මදෙසනාය එතං නාමං ලද්ධං. අඤ්ඤෙ හි භික්ඛූ ධම්මං දෙසෙන්තො උද්දිස්සකං කත්වා වණ්ණං වා අවණ්ණං වා කථෙන්ති, ථෙරො පන ධම්මං දෙසෙන්තො සත්ථාරා දෙසිතනියාමතො අනොක්කමිත්වා දෙසෙති, තස්මා අරණවිහාරීනං අග්ගො නාම ජාතො.
තෙවෙනි සූත්‍රයෙහි ‘අරණවිහාරීනං” යනු නිකෙලෙස් පැවතුම් ඇත්තවුන්ගෙන්ය. රාගාදීවූ කෙලෙස් රණයි කියනුලැබෙයි. ඒවා නැතිවීමෙන් නිකෙලෙස් පැවැත්ම අරණවිහාර නමි. එය යම් අයට තිබේද ඔවුහු අරණවිහාරීහුයි. ඒ අරණවිහාරීන් අතුරෙන් සුභූති තෙරහු අග්රයෝයි. එතෙකුදුවුවත් අනෙක් ක්ෂීණාශ්රවයෝද අරණවිහාරීහුමය. (මෙම) තෙරුන්වහන්සේ විසින් ධර්මදේශනාවෙන් මෙම නම ලබනලදී. සෙසු භික්ෂූහු දම්දෙසන්නාහු වෙන්කොට ගුණ හෝ අගුණ හෝ කියත්. මෙම තෙරණුවෝ වනාහි දහම් දෙසන්නාහු ශාස්තෘන් විසින් දෙසනලද ක්‍රමයෙන් නොයික්ම දෙසති. එබැවින් අරණවිහාරීන් අතුරෙන් අග්‍ර නම්වූහ.
චතුත්ථෙ දක්ඛිණෙය්යානන්ති දක්ඛිණාරහානං. තත්ථ කිඤ්චාපි අඤ්ඤෙපි ඛීණාසවා අග්ගදක්ඛිණෙය්යා, ථෙරො පන පිණ්ඩාය චරන්තො ඝරෙ ඝරෙ මෙත්තාඣානං සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය භික්ඛං ගණ්හාති “එවං භික්ඛාදායකානං මහප්ඵලං භවිස්සතී”ති. තස්මා දක්ඛිණෙය්යානං අග්ගොති වුත්තො. අත්තභාවො පනස්ස සුසමිද්ධො, අලඞ්කතතොරණං විය චිත්තපටො විය ච අතිවිය විරොචති. තස්මා සුභූතීති වුච්චති.
‘දක්ඛිණෙය්යානං’ යනු දක්ෂිණාවට සුදුස්සන් අතුරෙනි. එහි වැළිදු සෙසු ක්ෂීණාශ්රවයෝද අග්රදක්ෂිණාර්හයෝයි. තෙරණුවෝ වනාහි පිඬු හැසිරෙන්නාහු ගෙයක් පාසා මෛත්‍රීධ්‍යානයට සමවැද සමවතින් නැගිට මෙසේ දායකයන්ට මහත්ඵල වන්නේයයි හික්‍ෂාව පිළිගනිති. එබැවින් දක්ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයයි කියනලදහ. උන්වහන්සේගේ ආත්මභාවය මනාලෙස සැදුම්ලද්දේ හෝ සමෘද්ධවූයේ වෙයි. සැරසූ තොරණක් මෙන්ද චිත්‍රපටයක් මෙන්ද බෙහෙවින් බබළයි. එබැවින් සුභූතියයි කියනු ලැබේ.
තස්ස පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අයං කිර පදුමුත්තරෙ භගවති අනුප්පන්නෙයෙව හංසවතීනගරෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, නන්දමාණවොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා තත්ථ සාරං අපස්සන්තො අත්තනො පරිවාරෙහි චතුචත්තාලීසාය මාණවකසහස්සෙහි සද්ධිං පබ්බතපාදෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා පඤ්ච අභිඤ්ඤා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙසි, අන්තෙවාසිකෙපි ඣානලාභිනො අකාසි.
උන්වහන්සේගේ ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන්වහන්සේ පහළවීමට පෙර හංසවතී නගරයෙහි බ්‍රාහ්මණ මහාසාල කුලයෙක්හි උපන්නේය. ඔහුට නන්‍දමානවකයයි නම් කළහ. හෙතම වියපත්ව ත්‍රිවේදයන උගනෙ එහි රහයක් නොදක්නේ තමන්ගේ පිරිවරවූ සිවු සතළිස්දහසක් මානවකයන් සමඟ පර්‍වතපාදයෙක්හි සෘෂි පැවිද්දට පත්ව පංචාභිඥා අෂ්ටසමාපත්ති ඉපදවීය. අතවැස්සන්ද ධ්‍යාන ලභීන් කළේය.
තස්මිං සමයෙ පදුමුත්තරො භගවා ලොකෙ නිබ්බත්තිත්වා හංසවතීනගරං උපනිස්සාය විහරන්තො එකදිවසං පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො නන්දතාපසස්ස අන්තෙවාසිකානං ජටිලානං අරහත්තූපනිස්සයං නන්දතාපසස්ස ච ද්වීහඞ්ගෙහි සමන්නාගතස්ස සාවකස්ස ඨානන්තරපත්ථනං දිස්වා පාතොව සරීරපටිජග්ගනං කත්වා පුබ්බණ්හසමයං පත්තචීවරමාදාය සාරිපුත්තත්ථෙරස්ස වත්ථුම්හි වුත්තනයෙනෙව නන්දතාපසස්ස අස්සමං අගමාසි. තත්ථ ඵලාඵලදානඤ්ච පුප්ඵාසනපඤ්ඤාපනඤ්ච නිරොධසමාපත්තිසමාපජ්ජනඤ්ච වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එසමයෙහි පියුමුතුරා බුදුන්වහන්සේ ලොව ඉපිද හංසවතී නගරය ඇසුරුකොට වැඩවසනසේක් ඒක දිනෙක උදෑසන ලොව බලනසේක් නන්‍දතවුසාගේ අතවැසි ජටිලයන්ගේ රහත්බවට උපනිශ්‍රයද නන්‍දතවුසාගේ අංගදෙකකින් සමන්විතවූ ශ්‍රාවක තනතුරක් පැතීමද දැක උදෑසනම සිරුරු පිළිදැඟුම් කොට පෙරවරුයෙහි පාසිවුරු ගෙන සැරියුත් තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද ක්‍රමයෙන්ම නන්ද තවුසාගේ අසපුවට වැඩිසේක. එහි පලවැල දන්දීමද මලසුන් පැනවීමද නිරොධසමාපත්තියට සමවැදීමද කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
සත්ථා පන නිරොධා වුට්ඨිතො අරණවිහාරිඅඞ්ගෙන ච දක්ඛිණෙය්යඞ්ගෙන චාති ද්වීහඞ්ගෙහි සමන්නාගතං එකං සාවකං “ඉසිගණස්ස පුප්ඵාසනානුමොදනං කරොහී”ති ආණාපෙසි. සො අත්තනො විසයෙ ඨත්වා තෙපිටකං සම්මසිත්වා අනුමොදනං අකාසි. තස්ස දෙසනාවසානෙ සත්ථා සයං ධම්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සබ්බෙ චතුචත්තාලීසසහස්සාපි තාපසා අරහත්තං පාපුණිංසු. නන්දතාපසො පන අනුමොදකස්ස භික්ඛුනො නිමිත්තං ගණ්හිත්වා සත්ථු දෙසනානුසාරෙන ඤාණං පෙසෙතුං නාසක්ඛි. සත්ථා “එථ, භික්ඛවො”ති සෙසභික්ඛූනං හත්ථං පසාරෙසි. සබ්බෙපි අන්තරහිතකෙසමස්සූ ඉද්ධිමයපරික්ඛාරා වස්සසට්ඨිකත්ථෙරා විය අහෙසුං.
ශාස්තෘන්වහන්සේ වනාහි නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටිසේක් අරණවිහාරීය අංගයෙන්ද දක්ඛිණෙය්‍ය අංගයෙන්ද යන අංග දෙකින් සමන්විතවූ එක් ශ්රාවකයෙකුට සෘෂිසමූහයා සඳහා පුෂ්පාසන අනුමෝදනාව කරන්නැයි ඇණවූ සේක. හෙතෙම තමන්ගේ විෂයෙහි සිට ත්‍රිපිටකය සම්මර්ශණය කරමින් අනුමෝදනාව කළේය. ඔහුගේ දෙසුම අවසන්හි භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේම දම් දෙසූසේක. දෙසුම අවසන්හි සියලු සිවු සාළිස් දහසක් තවුසෝද රහත්බවට පැමිණියාහුය. නන්‍දතාපස තෙමේ අනුමෝදක භික්ෂුවගේ නිමිත්ත ගෙන ශාස්තෘන්වහන්සේගේ දෙසුම අනුසාරයෙන් ඥානය මෙහෙයවීමට නොහැකිවිය. ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණ’යැයි සෙසු භික්ෂූන්ට අත දිගු කළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස්රැවුල් ඇත්තෝ සෘද්ධිමය පිරිකර ඇතිව වස්සියයක් ඇති තෙරුන් මෙන්වූහ.
නන්දතාපසො තථාගතං වන්දිත්වා සම්මුඛෙ ඨිතො ආහ – “භන්තෙ, යෙන භික්ඛුනා ඉසිගණස්ස පුප්ඵාසනානුමොදනා කතා, කො නාමොයං තුම්හාකං සාසනෙ”ති? අරණවිහාරිඅඞ්ගෙන ච දක්ඛිණෙය්යඞ්ගෙන ච එතදග්ගං පත්තො එසොති. “භන්තෙ, අහම්පි ඉමිනා සත්තාහකතෙන අධිකාරකම්මෙන අඤ්ඤං සම්පත්තිං න පත්ථෙමි, අනාගතෙ පනාහං එකස්ස බුද්ධස්ස සාසනෙ අයං ථෙරො විය ද්වීහඞ්ගෙහි සමන්නාගතො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා අනන්තරායං දිස්වා බ්යාකරිත්වා පක්කාමි. නන්දතාපසොපි කාලෙන කාලං දසබලස්ස සන්තිකෙ ධම්මං සුත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ නිබ්බත්තො. ඉදමස්ස කල්යාණකම්මං. අන්තරා පන කම්මං න කථියති.
නන්‍දතාපස තෙමේ තථාගතයන් වහන්සේ වැඳ ඉදිරියෙහි සිටියේ මෙසේ කීය. ‘ස්වාමීනි, යම් භික්ෂුවක විසින් තවුස් ගණයාට මලසුන් අනුමෙවෙනි බණ දෙසන ලද්දේද එතෙම නුමවහන්සේගේ සසුනෙහි කවරනම් ඇත්තේද?’ ‘හෙතෙම අරණවිහාරාංගයෙහිද දක්ඛිණෙය්යංගයෙහිද එතදග්‍රස්ථානයට පැමිණියේයි. වදාළසේක. ‘ස්වාමීනි මමද මේ දිනසතක් කරනලද අධිකාර කර්මයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මේ තෙරුන් මෙන් අංග දෙකකින් සමන්විතවූයේ වන්නෙමැ’යි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක විවරණදී වැඩිසේක. නන්දතවුස් තෙමේද කලින් කලට බුදුන් සමීපයෙහි දහම් අසා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන්නේය. මෙය ඔහුගේ පුණ්යකර්මයයි. අතුරුකර්මයක් නොකියනුලැබේ.
සො කප්පසතසහස්සං අතික්කමිත්වා සාවත්ථියං සුමනසෙට්ඨිස්ස ගෙහෙ නිබ්බත්ති, සුභූතීතිස්ස නාමං අකංසු. අපරභාගෙ අම්හාකං සත්ථා ලොකෙ නිබ්බත්තො රාජගහං උපනිස්සාය විහරති. තදා අනාථපිණ්ඩිකො සෙට්ඨි සාවත්ථියං උට්ඨානකභණ්ඩං ගහෙත්වා අත්තනො සහායකස්ස රාජගහසෙට්ඨිනො ඝරං ගතො සත්ථු උප්පන්නභාවං ඤත්වා සත්ථාරං සීතවනෙ විහරන්තං උපසඞ්කමිත්වා පඨමදස්සනෙනෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථාරං සාවත්ථිං ආගමනත්ථාය යාචිත්වා පඤ්චචත්තාලීසයොජනෙ මග්ගෙ යොජනෙ යොජනෙ සතසහස්සපරිච්චාගෙන විහාරෙ පතිට්ඨාපෙත්වා සාවත්ථියං රාජමානෙන අට්ඨකරීසප්පමාණං ජෙතරාජකුමාරස්ස උය්යානභූමිං කොටිසන්ථාරෙන කිණිත්වා තත්ථ භගවතො විහාරං කාරෙත්වා අදාසි. විහාරමහදිවසෙ අයං සුභූතිකුටිම්බිකො අනාථපිණ්ඩිකසෙට්ඨිනා සද්ධිං ගන්ත්වා ධම්මං සුණන්තො සද්ධං පටිලභිත්වා පබ්බජි. සො උපසම්පන්නො ද්වෙ මාතිකා පගුණං කත්වා කම්මට්ඨානං කථාපෙත්වා අරඤ්ඤෙ සමණධම්මං කරොන්තො විපස්සනං වඩ්ඪෙත්වා මෙත්තාඣානං පාදකං කත්වා අරහත්තං පාපුණි. ධම්මං දෙසෙන්තො වුත්තනයෙනෙව ධම්මං කථෙති, පිණ්ඩාය චරන්තො වුත්තනයෙනෙව මෙත්තාඣානතො වුට්ඨාය භික්ඛං ගණ්හාති. අථ නං සත්ථා ඉමං කාරණද්වයං පටිච්ච අරණවිහාරීනඤ්ච දක්ඛිණෙය්යානඤ්ච භික්ඛූනං අග්ගට්ඨානෙ ඨපෙසීති.
හෙතෙම කල්ප ලක්ෂයක් ඉක්මවා සැවතෙහි සුමනසිටුගේ ගෙහි උපන්නේය. ඔහුට සුභූතියයි නම් කළාහුය. මෑතකාලයෙහි අපගේ ශාස්තාන්වහන්සේ ලොව පහළවූ සේක් රජගහනුවර ඇසුරු කොට වැඩවසනසේක. එකල්හි අනේපිඬු සිටුතෙමේ සැවතෙහි නිපදවූ බඩු රැගෙන තමන්ගේ යහලු රජගහ සිටුගේ ගෙට ගියේය ශාස්තෘන්වහන්සේ පහළවූ බව දැන සීතවනයෙහි වෙසෙන ශාස්තෘන්වෙත එළඹ පළමු දැකීමෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා ශාස්තෘන්වහන්සේට සැවැත්නුවරට වඩින ලෙස අයැද පස්සාළිස් යොදුන් මගෙහි යොදුනෙන් යොදුනට ලක්ෂයක් වියදමින් විහාරයක් කරවා සැවතෙහි රජමිනුමින් අටකිරියක් පමණවූ ජෙතරාජ කුමරුන්ගේ උයන් බිම කෙළගණන් ඇතුරූ මිලෙන් මිලදීගෙන එහි භාග්‍යවතුන්වහන්සේට විහාරයක් කරවා පිළිගැන්වූයේය. විහාරපූජාදිනයෙහි මේ සුභූති කෙළෙඹි තෙමේ අනේපිඬු සිටු සමඟ ගොස් දහම් අසන්නෙ සැදැහැලැබ පැවිදිවූයේය. හෙතෙම උපසපන්වූයේ මාතෘකා දෙකක් ප්‍රගුණකොට කමටහන් කියවා අරණෙහි මහණදම් කරන්නේ විදසුන් වඩා මෛත්රීධ්යානය පාදකකොට රහත්බවට පැමිණියේය. දහම් දෙසන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් දෙසීය. පිඬු හැසිරෙන්නේ කියන ලද ක්‍රමයෙන්ම මෛත්‍රී ධ්‍යානයෙන් නැගිට හික්‍ෂාව පිළිගනියි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ කරුණු දෙක ඇසුරුකොට මුන්වහන්සේ අරණවිහාරීවූද දක්ඛිණෙය්යවූද භික්ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.