චූළපන්ථකත්ථෙරවත්ථු අට්ඨකථා
චූළපන්ථකත්ථෙරවත්ථු
චුල්ලපනථෙක මහාපන්ථක තෙරවරු
දුතියස්ස පඨමෙ මනොමයන්ති මනෙන නිබ්බත්තිතං. “මනොමයෙන කායෙන, ඉද්ධියා උපසඞ්කමී”ති (ථෙරගා· 901) වුත්තට්ඨානස්මිඤ්හි මනෙන කතකායො මනොමයකායො නාම ජාතො. “අඤ්ඤතරං මනොමයං කායං උපපජ්ජතී”ති (චූළව· 333) වුත්තට්ඨානෙ මනෙන නිබ්බත්තිතකායො මනොමයකායො නාම ජාතො. අයමිධ අධිප්පෙතො. තත්ථ අඤ්ඤෙ භික්ඛූ මනොමයං කායං නිබ්බත්තෙන්තා තයො වා චත්තාරො වා නිබ්බත්තෙන්ති, න බහුකෙ. එකසදිසෙයෙව ච කත්වා නිබ්බත්තෙන්ති එකවිධමෙව කම්මං කුරුමානෙ. චූළපන්ථකත්ථෙරො පන එකාවජ්ජනෙන සමණසහස්සං මාපෙසි. ද්වෙපි ච ජනෙ න එකසදිසෙ අකාසි න එකවිධං කම්මං කුරුමානෙ. තස්මා මනොමයං කායං අභිනිම්මිනන්තානං අග්ගො නාම ජාතො.
දෙවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි, මනොමයං යනු මනසින් උපදවනලද යනුයි. ‘මනොමයෙන කායෙන ඉදධියා උපසඞ්කමි’ යි කියනලද තන්හි වනාහි මනසින් කරනලද කය (ශරීරය) මනොමයකාය නම් වුයේයි. ‘අඤ්ඤතරං මනොමයං කායං උප්පජ්ජති’යි කියනලද තන්හි මනසින් උපදවන කය මනොමයකාය නම්වූයේයි. මෙය මෙහි අදහස් කරනලදී. එහි අන්‍ය භික්ෂූහු මනොමයකාය උපදවන්නාහු තුනක් හෝ සතරක් හෝ උපදවත්. එකාකාරවූම කර්මයක් කරනු ලබන්නාවූ බොහෝ කායයන් එක සමාන කොටම නූපදවති. චුල්ලපන්ථක තෙරුන්වහන්සේ වනාහි එක් ආවර්ජනයකින් දහසක් මහණුන් මැවූහ. ඒකාකාර කර්මයක් කරනුලබන්නාවූද එකසමානවූද දෙදෙනකු නොකළහ. එහෙයින් මනෝමයකාය නිර්මාණය කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.
චෙතොවිවට්ටකුසලානම්පි චූළපන්ථකොව අග්ගො, සඤ්ඤාවිවට්ටකුසලානං පන මහාපන්ථකත්ථෙරො අග්ගොති වුත්තො. තත්ථ චූළපන්ථකත්ථෙරො චතුන්නං රූපාවචරජ්ඣානානං ලාභිතාය “චෙතොවිවට්ටකුසලො”ති වුත්තො, මහාපන්ථකත්ථෙරො චතුන්නං අරූපාවචරජ්ඣානානං ලාභිතාය “සඤ්ඤාවිවට්ටකුසලො”ති වුත්තො. චූළපන්ථකො ච සමාධිකුසලතාය චෙතොවිවට්ටකුසලො නාම, මහාපන්ථකො විපස්සනාකුසලතාය සඤ්ඤාවිවට්ටකුසලො නාම. එකො චෙත්ථ සමාධිලක්ඛණෙ ඡෙකො, එකො විපස්සනාලක්ඛණෙ. තථා එකො සමාධිගාළ්හො, එකො විපස්සනාගාළ්හො. එකො චෙත්ථ අඞ්ගසංඛිත්තෙ ඡෙකො, එකො ආරම්මණසංඛිත්තෙ. තථා එකො අඞ්ගවවත්ථානෙ ඡෙකො, එකො ආරම්මණවවත්ථානෙති එවමෙත්ථ යොජනා කාතබ්බා.
චෙතො විවර්තදක්ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන්ද චුල්ලපන්ථක තෙරණුවෝම අග්‍රවෙති. සංඥාවිවර්‍ත දක්ෂතාවෙන් යුක්තවූවන් අතුරෙන් මහාපන්ථක තෙරණුවෝ අග්‍රයයි කියනලද්දාහුය. එහි චුල්ලපන්ථක තෙරුන්වහන්සේ සතර රූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් චෙතොවිවට්ටකුසලයයි කියනලද්දාහුය. මහාපන්ථකතෙරුන්වහන්සේ සතර අරූපාවචරධ්‍යානයන් ලබා ඇති බැවින් සඤ්ඤාවිවට්ට කුසලයයි කියනලද්දාහුය. චුල්ලපන්ථක තෙරණුවෝම සමාධි දක්ෂතාවෙන් චෙතොවිවට්ටකුසල නම් වෙත්. මහාපන්ථක තෙරණුවෝ විදර්ශනාදක්ෂාවෙන් සඤ්ඤාවිවට්ටකුසල නම්වෙත්. මෙහි එක් කෙනෙක් සමාධිලක්ෂණයෙහි දක්ෂයෙකි. එක්කෙනෙක් විදර්ශනා ලක්ෂණයෙහි සර්ත්ථයෙකි. එක්කෙනෙක් අරමුණු හකුළුවා දැක්වීමෙහි දක්ෂයෙකි. එක්කෙනෙක් අංග විශ්ලේෂණය කිරීමෙහි දක්ෂයෙකි. එක්කෙනෙක් ආරම්මණ විශ්ලේෂණයෙහි දක්ෂයෙකියි මෙසේ මෙහි යෝජනා කටයුතු.
අපිච චූළපන්ථකත්ථෙරො රූපාවචරජ්ඣානලාභී හුත්වා ඣානඞ්ගෙහි වුට්ඨාය අරහත්තං පත්තොති චෙතොවිවට්ටකුසලො, මහාපන්ථකො අරූපාවචරජ්ඣානලාභී හුත්වා ඣානඞ්ගෙහි වුට්ඨාය අරහත්තං පත්තොති සඤ්ඤාවිවට්ටකුසලො. උභොපි පන්ථෙ ජාතත්තා පන්ථකා නාම ජාතා. තෙසං පඨමජාතො මහාපන්ථකො නාම, පච්ඡාජාතො චූළපන්ථකො නාම.
තවද චුලපන්ථක තෙරණුවෝ රූපාවචරධ්යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි චෙතොවිවට්ටකුසලයහ. මහාපන්ථක තෙරණුවෝ අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පැමිණියහයි සඤ්ඤාවිවට්ටකුසලයහ. දෙදෙනාම මාර්ගයෙහි උපන් බැවින් පන්ථක නම් වූවාහුය. ඔවුන් අතුරෙන් පළමුව උපන්නේ මහාපන්ථක නමි. පසුව උපන්නේ චූලපන්ථක නමි.
ඉමෙසං පන උභින්නම්පි පඤ්හකම්මෙ අයමනුපුබ්බිකථා – අතීතෙ කිර පදුමුත්තරබුද්ධකාලෙ හංසවතීනගරවාසිනො ද්වෙ භාතිකා කුටුම්බිකා සද්ධා පසන්නා නිබද්ධං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුණන්ති. තෙසු එකදිවසං කනිට්ඨො සත්ථාරං ද්වීහඞ්ගෙහි සමන්නාගතං එකං භික්ඛුං “මම සාසනෙ මනොමයං කායං අභිනිම්මිනන්තානං චෙතොවිවට්ටකුසලානඤ්ච අයං භික්ඛු අග්ගො”ති එතදග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා චින්තෙසි – “මහා වතායං භික්ඛු එකො හුත්වා ද්වෙ අඞ්ගානි පරිපූරෙත්වා චරති, මයාපි අනාගතෙ එකස්ස බුද්ධස්ස සාසනෙ අඞ්ගද්වයපූරකෙන හුත්වා විචරිතුං වට්ටතී”ති. සො පුරිමනයෙනෙව සත්ථාරං නිමන්තෙත්වා සත්තාහං මහාදානං දත්වා එවමාහ – “යං, භන්තෙ, භික්ඛුං තුම්හෙ ඉතො සත්තදිවසමත්ථකෙ මනොමයඞ්ගෙන ච චෙතොවිවට්ටකුසලඞ්ගෙන ච ‘අයං මම සාසනෙ අග්ගො’ති එතදග්ගෙ ඨපයිත්ථ, අහම්පි ඉමස්ස අධිකාරකම්මස්ස ඵලෙන සො භික්ඛු විය අඞ්ගද්වයපූරකො භවෙය්ය”න්ති පත්ථනං අකාසි.
මේ දෙදෙනාගේම ප්‍රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි: අතීතයෙහි පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරවැසිවූ දෙබෑ කෙළෙඹිකෙනෙක් ශ්‍රද්ධාවෙන් පැහැදුනෝ නිබඳ ශාස්තෘන් හමුවට ගොස් ධර්මය අසත්. එක්දිනක් ඒ දෙදෙනා අතුරෙන් කනිටුබෑයා අංගදෙකකින් යුත් එක් භික්ෂුවක ‘මගේ සසුනෙහි මනොමයකාය නිර්මාණය කරන්නවුන් අතුරෙන්ද චෙතො විවර්තනයෙහි දක්ෂයන් අතුරෙන්ද මේ භික්ෂුව අග්‍රයයි එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක මෙසේ සිතීය. ‘ඒකාන්තයෙන්ම මේ භික්ෂුව ශ්‍රේෂ්ඨයෙකි. එක්කෙනෙක්ම අංග දෙකක් සම්පූර්ණකොට හැසිරෙයි. මාවිසින්ද අනාගතයෙහි එක්බුදුකෙනෙකුන්ගේ සසුනෙහි අංගදෙකක් පුරන්නකු වී හැසිරීමට වටීය.’ යනුවෙනි. හෙතෙම පළමු ක්‍රමයෙන්ම ශාස්තාන් ආරාධනාකොට සත්දිනක් මහදන්දී මෙසේ කීවේය: ‘ස්වාමීනි, මෙයින් සත්දිනකයට මත්තෙහි නුඹවහන්සේ යම් භික්ෂුවක, මනොමය අංගයෙන්ද චෙතොවිවට්ට කුසලඅංගයෙන්ද මෙතෙම මගේ සසුනෙහි අග්‍රයයි ඒකදග්‍රස්ථානයෙහි තැබුවාහුද මමද මේ පුණ්යකර්මයාගේ විපාකයෙන් ඒ භික්ෂුව මෙන් අංග දෙක සපුරන්නෙක් වෙම්වායි ප්‍රාර්‍ත්‍ථනා කළේය.
සත්ථා අනාගතං ඔලොකෙත්වා අනන්තරායෙනස්ස පත්ථනාය සමිජ්ඣනභාවං දිස්වා “අනාගතෙ කප්පසතසහස්සාවසානෙ ගොතමො නාම බුද්ධො උප්පජ්ජිස්සති, සො තං ඉමස්මිං ඨානද්වයෙ ඨපෙස්සතී”ති බ්යාකරිත්වා අනුමොදනං කත්වා පක්කාමි. භාතාපිස්ස එකදිවසං සත්ථාරං සඤ්ඤාවිවට්ටකුසලං භික්ඛුං එතදග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා තථෙව අධිකාරං කත්වා පත්ථනං අකාසි, සත්ථාපි තං බ්යාකාසි.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවනබව දැන ‘අනාගතයෙහි කල්පලක්ෂයක අවසානයෙහි ගොතමනම් බුදුකෙනෙක් උපදින්නාහ. උන්වහන්සේ මොහු මේ තනතරු දෙකෙහි තබන්නාහ’යි ව්‍යාකරණය කොට අනුමෙවෙනිකොට වැඩමකළසේක. ඔහුගේ සහෝදරයාද එක්දිනක් සංඥාවිවර්‍තනයෙහි දක්ෂවූ භික්ෂුවක ඒතදග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක එසේම පුණ්‍යකර්‍මකෙට ප්‍රාර්‍ත්‍ථනා කළේය. ශාස්තෘන්වහන්සේද ඔහුට විවරණ දුන්සේක.
තෙ උභොපි ජනා සත්ථරි ධරමානෙ කුසලකම්මං කරිත්වා සත්ථු පරිනිබ්බුතකාලෙ සරීරචෙතියෙ සුවණ්ණපූජං කත්වා තතො චුතා දෙවලොකෙ නිබ්බත්තා. තෙසං දෙවමනුස්සෙසු සංසරන්තානංයෙව කප්පසතසහස්සං අතික්කන්තං. තත්ථ මහාපන්ථකස්ස අන්තරා කතකල්යාණකම්මං න කථියති, චූළපන්ථකො පන කස්සපභගවතො සාසනෙ පබ්බජිත්වා වීසති වස්සසහස්සානි ඔදාතකසිණකම්මං කත්වා දෙවපුරෙ නිබ්බත්ති. අථ අම්හාකං සත්ථා අභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො රාජගහං උපනිස්සාය වෙළුවනමහාවිහාරෙ පටිවසති.
ඒ දෙදෙනාම ශාස්තෘන්වහන්සේගේ ජීවමාන කාලයෙහි කුසල් කොට ශාස්තෘන් පිරිනිවන් පෑ කල්හි ශරීරචෛත්‍යයෙහි රන් පූජාව කොට එයින් සැවවූවාහු දෙව්ලොව උපන්නාහුය. මොවුන් දෙව්මිනිසුන් අතර සැරිසරද්දීම කල්ප ලක්ෂයක් ඉක්මුණේය. එහි මහාපන්‍ථකයන්ගේ අතරතුර කළ පින්කම් නොකියනු ලැබේ. චුල්ලපන්ථක වනාහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදිවී අවුරුදු විසිදහසක් ඔදාතකසිණකර්‍මයකොට දෙව්ලොව උපන්නේය. ඉක්බිති අපගේ ශාස්තෘන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිසේක් රජගහනුවර ඇසුරු කොට වෙළුවන මහාවිහාරයෙහි වාසයකරනසේක.
ඉමස්මිං ඨානෙ ඨත්වා ඉමෙසං ද්වින්නං නිබ්බත්තිං කථෙතුං වට්ටති. රාජගහෙ කිර ධනසෙට්ඨිකුලස්ස ධීතා අත්තනො දාසෙනෙව සද්ධිං සන්ථවං කත්වා “අඤ්ඤෙපි මෙ ඉමං කම්මං ජානෙය්යු”න්ති චින්තෙත්වා එවමාහ – “අම්හෙහි ඉමස්මිං ඨානෙ වසිතුං න සක්කා, සචෙ මෙ මාතාපිතරො ඉමං දොසං ජානිස්සන්ති, ඛණ්ඩාඛණ්ඩං කරිස්සන්ති, විදෙසං ගන්ත්වා වසිස්සාමා”ති හත්ථසාරං ගහෙත්වා අග්ගද්වාරෙන නික්ඛමිත්වා “යත්ථ වා තත්ථ වා අඤ්ඤෙහි අජානනට්ඨානං ගන්ත්වා වසිස්සාමා”ති උභොපි අගමංසු.
මෙතැන් සිට මේ දෙදෙනොගේම උපත කීමට වටී. රජගහනුවරෙහි ධනවත් සිටුකුලයක දියනියන් තමාගේ දාසයා සමඟ ඇසුරු කොට අන්‍යයෝද මගේ මේ ක්‍රියාව දැනගන්නාහුයයි බියවූවා මෙසේ කීවාය: ‘අපට මෙතැන්හි විසීමට නොහැකිය. ඉදින් මගේ මාපියෝ මේ වරද දැනගන්නාහු නම් මා කඩකඩ කරති. විදේශයකට ගොස් වසන්නෙමු’යි වටිනා ධනය ගෙන ප්‍රධාන දොරටුවෙන් නික්ම අන්‍යයන් විසින් නොදන්නා යම්කිසි තැනකට ගොස් වසන්නෙමු’යි දෙදෙනාම ගියාහුය.
තෙසං එකස්මිං ඨානෙ වසන්තානං සංවාසමන්වාය තස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨාසි. සා ගබ්භස්ස පරිපාකං ආගම්ම සාමිකෙන සද්ධිං මන්තෙසි – “ගබ්භො මෙ පරිපාකං ගතො, ඤාතිමිත්තාදිවිරහිතෙ ඨානෙ ගබ්භවුට්ඨානං නාම උභින්නම්පි අම්හාකං දුක්ඛමෙව, කුලගෙහමෙව ගච්ඡාමා”ති. සො “අජ්ජ ගච්ඡාම, ස්වෙ ගච්ඡාමා”ති දිවසෙ අතික්කමාපෙසි. සා චින්තෙසි – “අයං බාලො අත්තනො දොසමහන්තාය ගන්තුං න උස්සහති, මාතාපිතරො ච නාම එකන්තහිතා, අයං ගච්ඡතු වා මා වා, මයා ගන්තුං වට්ටතී”ති. තස්මිං ගෙහා නික්ඛන්තෙ සා ගෙහෙ පරික්ඛාරං පටිසාමෙත්වා අත්තනො කුලඝරං ගතභාවං අනන්තරගෙහවාසීනං ආරොචෙත්වා මග්ගං පටිපජ්ජි.
ඒක තැනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා ඇයගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඕ ගැබ මුහුකිරීමට පැමිණ ස්වාමියා සමඟ, ‘මගේ ගැබ මුහුකුරා ගියේය. නෑමිතුරන් නැති තැනක දරුප්‍රශූතිය නම් අප දෙදෙනාටම කරදයක්ම වේ. කුලගෙයටම යමු’යි කතා කළාය. හෙතෙම් අද යමු හෙටයමුයි දින ඉක්මෙව්වේය. ඕතොමෝ ‘මේ බාලතෙමේ තමාගේ වරද බලවත් බැවින් යාමට උත්සාහ නොකරයි. මවුපියෝ නම් ඒකානත්යෙන් හිතවත්ය. මෙතෙමේ ගියා හෝ නොගියා හෝ වේවා. මා යාමට වටීයයි සිතුවාය. ඔහු ගෙයින් පිටත්ව ගිය කල්හි ඕතොමෝ ගෙහි බඩු එකලස් කොට තමාගේ කුලගෙයට ගියබව ඊලඟ ගෙහි වැසියන්ට සැළකොට මගට පිළිපන්නීය.
අථ සො පුරිසො ඝරං ආගතො තං අදිස්වා පටිවිස්සකෙ පුච්ඡිත්වා “කුලඝරං ගතා”ති සුත්වා වෙගෙන අනුබන්‍ධිත්‍වා අන්තරාමග්ගෙ සම්පාපුණි. තස්සාපි තත්ථෙව ගබ්භවුට්ඨානං අහොසි. සො “කිං ඉදං භද්දෙ”ති පුච්ඡි. සාමි එකො පුත්තො ජාතොති. ඉදානි කිං කරිස්සාමාති? යස්ස අත්ථාය මයං කුලඝරං ගච්ඡාම, තං කම්මං අන්තරාව නිප්ඵන්නං, තත්ථ ගන්ත්වා කිං කරිස්සාම, නිවත්තාමාති ද්වෙපි එකචිත්තා හුත්වා නිවත්තිංසු. තස්ස දාරකස්ස ච පන්ථෙ ජාතත්තා පන්ථකොති නාමං අකංසු. තස්සා නචිරස්සෙව අපරොපි ගබ්භො පතිට්ඨහි. සබ්බං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං. තස්සපි දාරකස්ස පන්ථෙ ජාතත්තා පඨමජාතස්ස මහාපන්ථකොති නාමං කත්වා පච්ඡාජාතස්ස චූළපන්ථකොති නාමං අකංසු.
ඉක්බිති ඒ පුරුෂයා ගෙට අවුත් ඇය නොදැක ඇසුරු කරන්නවුන්ගෙන් අසා කුලගෙයට ගියායයි දැන වේගයෙන් ළුහුබැඳ ගොස් අතරමගදී මුණගැසුනේය. ඇයටද එහිදීම දරුප්‍රශූතිය වීය. හෙතෙම, ‘සොදුර, මේ කුමක්දැයි ඇසීය. ‘ස්වාමීනි, එක් පුතෙක් උපන්නේය’යි කීවාය. ‘දැන් කුමක් කරන්නෙමුද? යමක් සඳහා අපි කුලගෙයට යමුද ඒකාර්‍ය්‍යය අතරමගදීම සපිරිණි. එහි ගොස් කුමක් කරන්නෙමුද? නවතිමුයයි දෙදෙනාම එක් සිත්ව නැවැත්තාහුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පන්ථකයයි නම් කළහුය. ඇයට නොබෝකලකින්ම වෙනත් ගැබක් ද පිහිටියේය. සියල්ල පෙර පරිද්දෙන්ම විස්තර කළයුතුය. ඒ දරුවාටද මගෙහි උපන් බැවින් පළමු උපන්නාට මහාපන්ථකයයි නම් කොට අනෙකාට චුල්ලපන්‍ථකයයි නම් කළාහුය.
තෙ ද්වෙපි දාරකෙ ගහෙත්වා අත්තනො වසනට්ඨානමෙව ගතා. තෙසං තත්ථ වසන්තානං අයං මහාපන්ථකදාරකො අඤ්ඤෙ දාරකජනෙ “චූළපිතා මහාපිතා අය්යකො අය්යිකා”ති වදන්තෙ සුත්වා මාතරං පටිපුච්ඡි – “අම්ම, අඤ්ඤෙ දාරකා කථෙන්ති ‘අය්යකො අය්යිකා’ති, කිං අම්හාකං ඤාතකා නත්ථී”ති? ආම, තාත, තුම්හාකං එත්ථ ඤාතකා නත්ථි, රාජගහනගරෙ පන වො ධනසෙට්ඨි නාම අය්යකො, තත්ථ තුම්හාකං බහූ ඤාතකාති. කස්මා තත්ථ න ගච්ඡථ අම්මාති? සා අත්තනො අගමනකාරණං පුත්තස්ස අකථෙත්වා පුත්තෙසු පුනප්පුනං කථෙන්තෙසු සාමිකමාහ – “ඉමෙ දාරකා අතිවිය මං කිලමෙන්ති, කිං නො මාතාපිතරො දිස්වා මංසං ඛාදිස්සන්ති, එහි දාරකානං අය්යකකුලං දස්සෙමා”ති. අහං සම්මුඛා භවිතුං න සක්ඛිස්සාමි, තං පන නයිස්සාමීති. “සාධු සාමි, යෙන කෙනචි උපායෙන දාරකානං අය්යකකුලමෙව දට්ඨුං වට්ටතී”ති ද්වෙපි ජනා දාරකෙ ආදාය අනුපුබ්බෙන රාජගහං පත්වා නගරද්වාරෙ එකිස්සා සාලාය නිවාසං කත්වා දාරකමාතා ද්වෙ දාරකෙ ගහෙත්වා ආගතභාවං මාතාපිතූනං ආරොචාපෙසි.
ඔවුහු ඒ දරු දෙදෙනාම ගෙන තමන් වසන තැනටම ගියාහුය. එහි වසන්නාවූ මේ දෙදෙනාගෙන් මේ මහාපන්ථක දරුවා අනෙක් දරුවන් සුළුපියාය. මහපියාය, මුත්තාය, මිත්තණියයි කියනු අසා මවගෙන් ‘මෑණියනි, අනික් ලමයි මුත්තායයි කියත්, මිත්තණියන්ද කියත් කිම අපට නෑයෝ නැද්දැයි ඇසීය. ‘එසේය, දරුව නුඹලාට මෙහි නෑයෝ නැත. රජගහනුවර නුඹලාගේ මුත්තා ධනසෙට්ඨි නම්වේ. එහි නුඹලාගේ බොහෝ නෑයෝයි කීවාය. ‘මෑණියනි, කුමක් හෙයින් එහි නොයමුද?’ ඕ තමන් පැමිණි කාරණය නොකියා ඔවුන් යළියළිත් කියන කල්හි සැමියාට, මේ දරුවෝ බෙහෙවින් කරදරවෙත්, කිම මව්පියෝ අපදැක (අපගේ) මස් කත්ද? එව, දරුවන්ට මුත්තණුගෙය දක්වන්නෙමුයි කීවාය. මට මුහුණ දෙන්නට නොහැක්කෙමි. ඔබ යවන්නෙමි’යි හෙතෙම කීය. ‘මැනව, ස්වාමීනි, යම්කිසි ක්‍රමයකින් දරුවන්ට මුත්තණුගෙය දැක්වීමට වටීය’යි ඕ කීවාය. දෙදෙනාම දරුවන් රැගෙන පිළිවෙළින් රජගහ නුවරට පැමිණ නගර දොරටුවෙහි එක් ශාලාවක නැවතී දරුවන්ගේ මව දෙදරුවන් ගෙන ආබව මාපියන්ට සැළකෙරෙව්වාය.
තෙ තං සාසනං සුත්වා සංසාරෙ සංසරන්තානං න පුත්තො න ධීතා නාම නත්ථි, තෙ අම්හාකං මහාපරාධිකා, න සක්කා තෙහි අම්හාකං චක්ඛුපථෙ ඨාතුං. එත්තකං පන ධනං ගහෙත්වා ද්වෙපි ජනා ඵාසුකට්ඨානං ගන්ත්වා ජීවන්තු, දාරකෙ පන ඉධ පෙසෙන්තූති. සෙට්ඨිධීතා මාතාපිතූහි පෙසිතං ධනං ගහෙත්වා දාරකෙ ආගතදූතානං හත්ථෙයෙව දත්වා පෙසෙසි. දාරකා අය්යකකුලෙ වඩ්ඪන්ති. තෙසු චූළපන්ථකො අතිදහරො, මහාපන්ථකො පන අය්යකෙන සද්ධිං දසබලස්ස ධම්මකථං සොතුං ගච්ඡති. තස්ස නිච්චං සත්ථු සම්මුඛෙ ධම්මං සුණන්තස්ස පබ්බජ්ජාය චිත්තං නමි. සො අය්යකං ආහ – “සචෙ තුම්හෙ අනුජානෙය්යාථ, අහං පබ්බජ්ජෙය්ය”න්ති. “කිං වදෙසි, තාත, මය්හං සකලලොකස්සපි පබ්බජ්ජතො තවෙව පබ්බජ්ජා භද්දිකා. සචෙ සක්කොසි, පබ්බජ, තාතා”ති සම්පටිච්ඡිත්වා සත්ථු සන්තිකං ගතො. සත්ථා “කිං, මහාසෙට්ඨි, දාරකො තෙ ලද්ධො”ති? “ආම, භන්තෙ, අයං දාරකො මය්හං නත්තා, තුම්හාකං සන්තිකෙ පබ්බජාමීති වදතී”ති ආහ.
ඔවුහු එපුවත අසා, ‘සසර සැරිසරන්වුන්ට පුතෙක් නොවන්නෙක් දුවක් නොවනනෙක් නම් නැත. ඔවුහු අපට මහාපාරාධයක් කළ අයයි. ඔවුන්ට අපගේ ඇස් හමුවෙහි සිටීමට නොහැකිය. මෙපමණ නම් ධනයක් ගෙන දෙදෙනාමපහසු තැනකට ගොස් ජීවත් වෙත්වා! දරුවන් මෙහි එවත්වා’යි දැනවූහ. සිටුදියණිය මව්පියන් එවූ ධනය ගෙන දරුවන් ආවාවූ දූතයන්ගේම අතටදී යැවුවාය. දරුවෝ මුත්තණුගෙහි වැඩෙති. ඔවුනතුරින් චුල්ලපන්ථක තෙමේ ඉතා ළදරුය. මහා පන්ථක වනාහි මුත්තණුවන් සමඟ බුදුන්වහන්සේගේ ධර්මකථා ඇසීමට යයි. නිබඳවම ශාස්තෘන් හමුවෙහි ධර්මකථා අසන්නාවූ ඔහුගේ සිත පැවිද්ද දෙසට නැමුණේය. හෙතෙම මුත්තාට, ඉදින් ඔබතුමා පිළිගන්නහු නම් මම පැවිදි වන්නේමි’යි කීවේය. දරුව නුඹ කුමක් කියහිද? මට සියලු ලෝකයාගේම පැවිද්දට වඩා නුඹගේම පැවිද්ද මැනවි. ඉදින් හැකිනම් පැවිදි වන්න දරුව’යි පිළිගෙන ශාස්තෘන් සමීපයට ගියේය. ශාස්තෘන්වහන්සේ කිමෙක්ද මහසිටු, ඔබ විසින් දරුවෙක් ලබන ලද්දේයි ඇසූසේක. ‘එසේය, ස්වාමීනි, මේ දරුව මගේ මුණුබුරාය. නුඹවහන්සේ සමීපයෙහි පැවිදිවෙමැයි කියයියී කීවේය.
සත්ථා අඤ්ඤතරං පිණ්ඩචාරිකං “ඉමං දාරකං පබ්බාජෙහී”ති ආණාපෙසි. ථෙරො තස්ස තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛිත්වා පබ්බාජෙසි. සො බහුං බුද්ධවචනං උග්ගණ්හිත්වා පරිපුණ්ණවස්සො උපසම්පදං ලභි. උපසම්පන්නො හුත්වා යොනිසොමනසිකාරෙ කම්මං කරොන්තො චතුන්නං අරූපාවචරජ්ඣානානං ලාභී හුත්වා ඣානඞ්ගෙහි වුට්ඨාය අරහත්තං පාපුණි. ඉති සො සඤ්ඤාවිවට්ටකුසලානං අග්ගො ජාතො. සො ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙන්තො චින්තෙසි – “සක්කා නු ඛො ඉමං සුඛං චූළපන්ථකස්ස දාතු”න්ති. තතො අය්යකසෙට්ඨිස්ස සන්තිකං ගන්ත්වා “මහාසෙට්ඨි සචෙ තුම්හෙ සම්පටිච්ඡථ, අහං චූළපන්ථකං පබ්බාජෙය්ය”න්ති ආහ. පබ්බාජෙථ, භන්තෙති. ථෙරො චූළපන්ථකදාරකං පබ්බාජෙත්වා දසසු සීලෙසු පතිට්ඨාපෙසි. චූළපන්ථකසාමණෙරො භාතිකස්ස සන්තිකෙ.
ශාස්තෘන්වහන්සේ පිඬුහැසිරෙන එක්තරා භික්ෂුවකට මේ ද්රුවා පැවිදිකරවයි අණකළසේක. තෙරුන්වහන්සේ ඔහුට තචපඤ්චක කර්මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. හෙතෙම බොහෝ බුදුවදන් උගෙන පිරිපුන් වස් ඇත්තේ උපසම්පදාව ලැබුවේය. උපසපන් වූයේ යොනිසෝ මනසිකාරයෙහි කටයුතු කරන්නේ සතර අරූපාවචරධ්‍යානලාභීවී ධ්‍යානාංගයන්ගෙන් නැඟිට රහත්බවට පත්වූයේය. මෙසේ හෙතෙම සංඥාවිවර්තදක්ෂතා ඇත්තවුන් අතුරෙන් අග්රවූයේය. හෙතෙම ධ්යානසුඛයෙන්ද මාර්ගසුඛයෙන්ද ඵලසුඛයෙන්ද නිර්වාණසුඛයෙන්ද කල්ගෙවන්නේ මෙසේ සිතුවේය: ‘මේ සැපය චුල්ලපන්ථකට දීමට හැකිවේද’ යනුවෙනි. ඉක්බිති මුත්තණුසිටුවරයා ලඟට ගොස් මහ සිටුතුමනි, ඔබතුමා පිළිගන්නහු නම් මම චුල්ලපන්ථක පැවිදි කරවන්නෙමි’යි කීවේය. ‘ස්වාමීනි පැවිදි කරන්නැයි සිටුවරයා කීය. තෙරුන්වහන්සේ චුල්ලපන්ථක දරුවා පැවිදිකරවා දසසිල්හි පිහිටුවූහ. චුල්ලපන්ථක හෙරණ තෙමේ සොහොයුරාගේ සමීපයෙහි,
“පදුමං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (සං· නි· 1.123; අ· නි· 5.195) –
‘පදුමං යථා කොකනදං සුගන්ධං පාතො සියා ඵුල්ලමවිතගන්ධං අඩ්ගිරසං පස්ස විරෙචමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’
(සුවදැති, පිපුණු, පහනොවූ සුවද ඇති රත් පියුමක් උදෑසන යම්සේ වේද (එසේ) බබළන්නාවූ අඞ්ගීරසයන් (බුදුන්වහන්සේ) අහසෙහි බබළන හිරුමෙන් බලව)
ඉමං ගාථං ගණ්හාති. ගහිතගහිතපදං උපරූපරිපදං ගණ්හන්තස්ස නස්සති. තස්ස ඉමං ගාථං ගහෙතුං වායමන්තස්සෙව චත්තාරො මාසා අතික්කන්තා. අථ නං මහාපන්ථකො ආහ – “චූළපන්ථක, ත්වං ඉමස්මිං සාසනෙ අභබ්බො, චතූහි මාසෙහි එකගාථම්පි ගහෙතුං න සක්කොසි, පබ්බජිතකිච්චං පන ත්වං කථං මත්ථකං පාපෙස්සසි, නික්ඛම ඉතො”ති. සො ථෙරෙන පණාමිතො විහාරපච්චන්තෙ රොදමානො අට්ඨාසි.
මේ ගාථාව උගණියි. මතු පද උගන්නාවූ උන්වහන්සේගේ උගත් උගත් පදය නැසෙයි (අමතකවෙයි) මේ ගාථාවම උගෙනීමට වෑයම් කරන්නාවූ උන්වහන්සේට සිවුමසක් ඉක්මුණේය. ඉක්බිති මහාපන්ථක තෙමේ ඔහුට, ‘පන්ථකය, නුඹ මේ සසුනෙහි අභව්‍යයෙකි. සිවු මසකින් එකගාථාවකුදු උගෙනීමට නොහැකි වූවෙහි. නුඹ කෙසේ නම් පැවිදිකිස මුදුන්පත් කරන්නෙහිද? මෙයෙනි නික්ම යන්නැයි පැවසීය. හෙතෙම තෙරුන් විසින් නෙරපන ලද්දේ විහාර ප්‍රත්‍යන්තයෙහි අඬමින් සිටියේය.
තෙන සමයෙන සත්ථා රාජගහං උපනිස්සාය ජීවකම්බවනෙ විහරති. තස්මිං සමයෙ ජීවකො පුරිසං පෙසෙසි “පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං සත්ථාරං නිමන්තෙහී”ති. තෙන ඛො පන සමයෙන මහාපන්ථකො භත්තුද්දෙසකො හොති. සො “පඤ්චන්නං භික්ඛුසතානං භික්ඛං සම්පටිච්ඡථ, භන්තෙ”ති වුත්තො “චූළපන්ථකං ඨපෙත්වා සෙසානං සම්පටිච්ඡාමී”ති ආහ. චූළපන්ථකො තං කථං සුත්වා භිය්යොසොමත්තාය දොමනස්සප්පත්තො අහොසි. සත්ථා චූළපන්ථකස්ස ඛෙදං දිස්වා “චූළපන්ථකො මයි ගතෙ බුජ්ඣිස්සතී”ති ගන්ත්වා අවිදූරෙ ඨානෙ අත්තානං දස්සෙත්වා “කිං ත්වං, පන්ථක, රොදසී”ති ආහ. භාතා මං, භන්තෙ, පණාමෙතීති. පන්ථක, තුය්හං භාතිකස්ස පරපුග්ගලානං ආසයානුසයඤාණං නත්ථි, ත්වං බුද්ධවෙනෙය්යපුග්ගලො නාමාති ඉද්ධියා අභිසඞ්ඛරිත්වා සුද්ධං චොළඛණ්ඩං අදාසි “ඉමං ගහෙත්වා ‘රජොහරණං රජොහරණ’න්ති වත්වා භාවෙහි පන්ථකා”ති.
එසමයෙහි භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර ඇසුර කොට ජීවකම්බවනයෙහි වාසයකරනසේක. එකල්හි ජීවක තෙමේ ‘භික්ෂූන් පන්සියයක් සමඟ ශාස්තාන්වහන්සේ නිමන්ත්‍රණය කරව’යි පුරුෂයකු යැවීය. එකල්හි මහාපන්ථක තෙරණුවෝ භත්තුදේදසක වෙති. උන්වහන්සේ ‘ස්වාමීනි භික්ෂූන් පන්සියයකට හික්‍ෂාව පිළිගනුමැනවැ’යි කීකල්හි, ‘බාලපන්ථකයන් හැර සෙස්සන්ට පිළිගනිමි’යි කීහ. චුල්ලපන්ථක තෙමේ ඒ කථාව අසා බොහෝ සෙයින් දොම්නසට පත් වූයේය. ශාස්තෘන්වහන්සේ චුල්ලපන්ථකගේ ඛේදය දැක ‘චුල්ලපන්ථක තෙමේ මා ගිය කල්හි අවබෝධකරන්නේය’යි ගොස් නුදුරුතැනෙක තමන් දක්වා, ‘පන්ථකය, නුඹ හඬහිදැ’යි විමසූසේක. ස්වාමීනි, සොහොයුරා මා පිටමං කරයි’ යයි කීවේය. ‘පන්ථකය, නුඹේ සොහොයුරාට වෙනත් පුද්ගලයන්ගේ ආසයානුසය පිළිබඳ දැනීමක් නැත. නුඹ බුදුන් විසින් හික්මවිය යුත පුද්ගලයෙක් නම් වේයයි සෘද්ධියෙන් මවා පිරිසුදු රෙදි කඩක්දී, පන්ථකය, මෙය ගෙන රජෝහරණං රජොහරණංයි කියමින් භාවනා කරන්නැ’යි වදාළසේක.
සො සත්ථාරා දින්නං චොළඛණ්ඩං “රජොහරණං රජොහරණ”න්ති හත්ථෙන පරිමජ්ජන්තො නිසීදි. තස්ස පරිමජ්ජන්තස්ස ලොමානි කිලිට්ඨධාතුකානි ජාතානි. පුන පරිමජ්ජන්තස්ස උක්ඛලිපරිපුඤ්ඡනසදිසං ජාතං. සො ඤාණපරිපාකං ආගම්ම තත්ථ ඛයවයං පට්ඨපෙත්වා චින්තෙසි – “ඉදං චොළඛණ්ඩං පකතියා පණ්ඩරං පරිසුද්ධං, උපාදින්නකසරීරං නිස්සාය කිලිට්ඨං ජාතං, ඉදං චිත්තම්පි එවංගතිකමෙවා”ති. සමාධිං භාවෙත්වා චත්තාරි රූපාවචරජ්ඣානානි පාදකානි කත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සො මනොමයජ්ඣානලාභී හුත්වා එකො හුත්වා බහුධා, බහුධා හුත්වා එකො භවිතුං සමත්ථො අහොසි. අරහත්තමග්ගෙනෙව චස්ස තෙපිටකඤ්ච ඡ අභිඤ්ඤා ච ආගමිංසු.
හෙතෙම ශාස්තෘන් විසින් දෙනලද රෙදිකඩ රජොහරණං රජොහරණං (කිළිටි හැරීම) යි (කියමින්) අතින් පිරිමදිමින් සිටියේය. (එසේ) පිරිමදිමින් සිටියදී ලොම් කිළිටි ස්වභාවය ඇත්තේවිය. නැවත පිරිමදිනවිට ඇතිලි පිස්නාවක් සමානවිය. හෙතෙම නුවණමුහුකුරා යාමට පැමිණ එහි රළුබව හා ගෙවීයාම සලකා මේ රෙදිකඩ ප්‍රකාතියෙන් සුදුසුය. පිරිසුදුය. තෘෂ්ණාදිය විසින් ගන්නාලද ශරීරය ඇසුරුකොට කිළිටිවිය. සිතද මෙබඳු ස්වභාවය ඇත්තේමයයි සමාධිය වඩා සතර රූපාවචර ධ්‍යානයන් පාදකකොට පිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය. හෙතෙම මනොමය ඤාණලාභියෙක්වී එක්කෙනකු වී බොහෝ දෙනෙකුවීමටත් බොහෝ දෙනකුවී එක් කෙනකුවීමටත් සමත් වූයේය. අර්හත්මාර්ගය සමඟම ඔහුට ත්‍රිපිටකයත් අභිඥා යසත් (පිළිබඳ දැනුම) පැමිණියේය.
පුනදිවසෙ සත්ථා එකූනෙහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ගන්ත්වා ජීවකස්ස නිවෙසනෙ නිසීදි. චූළපන්ථකො පන අත්තනො භික්ඛාය අසම්පටිච්ඡිතත්තායෙව න ගතො. ජීවකො යාගුං දාතුං ආරභි, සත්ථා හත්ථෙන පත්තං පිදහි. කස්මා, භන්තෙ, න ගණ්හථාති? විහාරෙ එකො භික්ඛු අත්ථි ජීවකාති. සො පුරිසං පහිණි “ගච්ඡ, භණෙ, විහාරෙ නිසින්නං අය්යං ගහෙත්වා එහී”ති. චූළපන්ථකත්ථෙරොපි තස්ස පුරිසස්ස පුරෙ ආගමනායෙව භික්ඛුසහස්සං නිම්මිනිත්වා එකම්පි එකෙන අසදිසං, එකස්සපි ච චීවරවිචාරණාදිසමණකම්මං අඤ්ඤෙන අසදිසං අකාසි. සො පුරිසො විහාරෙ භික්ඛූනං බහුභාවං දිස්වා ගන්ත්වා ජීවකස්ස කථෙසි – “භන්තෙ, ඉමස්මිං විහාරෙ භික්ඛුසඞ්ඝො බහුතරො, තතො පක්කොසිතබ්බං භදන්තං න ජානාමී”ති. ජීවකො සත්ථාරං පටිපුච්ඡි – “කොනාමො, භන්තෙ, විහාරෙ නිසින්නභික්ඛූ”ති? චූළපන්ථකො නාම ජීවකාති. ගච්ඡ භො “චූළපන්ථකො නාම කතරො”ති පුච්ඡිත්වා ආනෙහීති. සො විහාරං ගන්ත්වා “චූළපන්ථකො නාම, භන්තෙ, කතරො”ති පුච්ඡි. “අහං චූළපන්ථකො අහං චූළපන්ථකො”ති භික්ඛුසහස්සම්පි කථෙසි. සො පුනාගන්ත්වා ජීවකස්ස කථෙසි “සහස්සමත්තා භික්ඛූ සබ්බෙපි ‘අහං චූළපන්ථකො අහං චූළපන්ථකො’ති කථෙන්ති, අහං ‘අසුකො නාම පක්කොසිතබ්බො’ති න ජානාමී”ති. ජීවකොපි පටිවිද්ධසච්චතාය “ඉද්ධිමා භික්ඛූ”ති නයතො ඤත්වා “පඨමං කථනභික්ඛුමෙව ‘තුම්හෙ සත්ථා පක්කොසතී’ති වත්වා චීවරකණ්ණෙ ගණ්හ තාතා”ති ආහ. සො විහාරං ගන්ත්වා තථා අකාසි, තාවදෙව සහස්සමත්තා භික්ඛූ අන්තරධායිංසු. සො ථෙරං ගහෙත්වා අගමාසි. සත්ථා තස්මිං ඛණෙ යාගුං ගණ්හි.
දෙවැනි දිනයෙහි ශාස්තෘන් වහන්සේ සාරසිය අනූනවයක් භික්ෂූන් මඟ ගොස් ජීවකගේ නිවසෙහි හුන්සේක. චූලපන්ථක තෙමේ වනාහි තමාට හික්‍ෂාව නොපිළිගත් බැවින් නොගියේය. ජීවක තෙමේ කැඳ දීමට පටන් ගත්තේය. ශාස්තෘන්වහන්සේ පාත්‍රය අතින් වැසූසේක. ස්වාමීනි, කුමක්නිසා නොගන්නා සේක්දැයි ඇසීය. ‘ජීවකය, විහාරයෙහි එක් භික්ෂුවක් ඇතැයි වදාළ සේක. හෙතෙම, ‘පින්වත, විහාරයෙහි හිඳිනා ආර්‍ය්‍යයන්වහන්සේ රැගෙන එව’යි සැළකොට පුරුෂයකු යැවීය. චුල්ලපන්ථක තෙරුන්වහන්සේද ඒ පුරුෂයාගේ පැමිණීමට පෙරම භික්ෂූන් දහසක් මවා එක්කෙනෙකු අන්කෙනකුගේ අසමානද එක්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගේ සිවුරු පෙරවීම් හැසිරීම් ආදී ශ්‍රමණ කටයුතු අන්කෙනකුගෙන් අසමානද කළහ. ඒ පුරුෂයා විහාරයෙහි භික්ෂූන් බොහෝබව දැක ගොස්, ස්වාමීනි, විහාරයෙහි භික්ෂූසංඝයා මේ භික්ෂුසංඝයාට වඩා වැඩිය. කැඳවිය යුතු භික්ෂූන් වහන්සේ නොදනිමි’යි ජීවකට කීවේය. ජීවක තෙමේ, ස්වාමීනි විහාරයෙහි හිඳිනා භික්ෂූන් වහන්සේ කවරෙකු නම් වේද’යි භාග්‍යවතුන්වහන්සේගෙන් අසූවේය. ‘ජීවකය, චුල්ලපන්ථක නම් වෙය’යි පැවසූසේක. ‘පින්වත, යන්න චුල්ලපන්ථක නම් කවරෙක්දැයි විමසා කැඳවා ගෙන එන්නැ’යි (පුරුෂයා නැවත යැවීය) හෙතෙම විහාරයට ගොස් ‘ස්වාමීනි, චුල්ලපන්ථක නම් කවරෙක්දැයි විමසීය. මම චුල්ලපන්ථකය, මම චුල්ලපන්‍ථකයයි භික්ෂූන් දහසක් දෙනාම ප්‍රකාශ කළහ. යළි ගොස් දහසක් පමණ භික්ෂුහු සියලුදෙනාම මම චුල්ලපන්ථක වෙමැයි පවසති. මම කැඟවිය යුත්තා අසුවලායි නොදනිමි’යි ජීවකට පැවසීය. ජීවක තෙමේ අවබෝධකළ සත්‍යය ඇති බැවින් සෘද්ධිමත් භික්ෂුවකැයි නයවශයෙන් දැන පළමුව (නම) කියන භික්ෂුවම ශාස්තෘන්වහන්සේ නුඹවහන්සේ කැඳවන සේකැයි කියා සිවුරුකොණින් අල්ලාගෙන දරුව’යි කීවේය. හෙතෙම විහාරයට ගොස් එසේ කළේය. එකෙණෙහිම දහසක් පමණවූ භක්ෂූහු අතුරුදහන් වූහ. ඒ පුරැෂයා තෙරුන්වහන්සේ ගෙන විහාරයට ගියේය. ශාස්තෘන්වහන්සේ එකෙණෙහි කැඳ පිළිගත් සේක.
දසබලෙ භත්තකිච්චං කත්වා විහාරං ගතෙ ධම්මසභායං කථා උදපාදි “යාව මහන්තා වත බුද්ධා නාම චත්තාරො මාසෙ එකගාථං ගණ්හිතුං අසක්කොන්තං භික්ඛුං එවංමහිද්ධිකං අකංසූ”ති. සත්ථා තෙසං භික්ඛූනං චිත්තාචාරං ඤත්වා ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසජ්ජ “කිං වදෙථ, භික්ඛවෙ”ති පුච්ඡි. න භගවා අඤ්ඤං කිඤ්චි කථෙම, චූළපන්ථකෙන තුම්හාකං සන්තිකා මහාලාභො ලද්ධොති තුම්හාකංයෙව ගුණං කථෙමාති. අනච්ඡරියං, භික්ඛවෙ, ඉදානි මය්හං ඔවාදං කත්වා ලොකුත්තරදායජ්ජලාභො, අයං අතීතෙපි අපරිපක්කඤාණෙ ඨිතස්ස මය්හං ඔවාදං කත්වා ලොකියදායජ්ජං ලභීති. භික්ඛූ “කදා, භන්තෙ”ති ආයාචිංසු. සත්ථා තෙසං භික්ඛූනං අතීතං ආහරිත්වා දස්සෙසි.
බුදුන්වහන්සේ බත්කිසකොට විහාරයට ගියකල්හි ධර්මසභාවෙහි බුදුවරුනම් ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෝය. සිවුමසකදී එක් ගාථාවක් උගෙනීමට නොහැකිවූ භික්ෂුවක මෙසේ මහත් සෘද්ධි ඇත්තකු කළහ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන්ගේ සිත් හසර දැන බුද්ධාසනයෙහි හිඳ මහණෙනි, කුමක් කියහුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, අන්කිසිවක් නොකියමු. චුල්ලපන්ථක විසින් නුඹවහන්සේ සමීපයෙන් මහත් ලාභයක් ලබන්ලදැයි නුඹවහන්සේගේම ගුණය කථාකරමු’යි පැවසූහ. මහණෙනි, දැන් මාගේ අවවාදය (අනුව කටයුතු) කොට ලෝකෝත්තර දායාදය ලැබීම පුදුමයක් නොවේ. පෙරද මෙතෙම නොමුහුකුරාගිය නුවණ ඇතිව මගේ අවවාදය පිළිගෙන ලෞකිකදායාදය ලැබීය’යි වදාළසේක. භික්ෂූහු, ‘ස්වාමීනි, කවදාද’යි ආයාචනය කළහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන්ට අතීතය ගෙනහැර දැකවූ සේක.
භික්ඛවෙ, අතීතෙ බාරාණසීනගරෙ බ්රහ්මදත්තො නාම රාජා රජ්ජං කාරෙසි. තස්මිං සමයෙ චූළකසෙට්ඨි නාම පණ්ඩිතො බ්යත්තො සබ්බනිමිත්තානි ජානාති. සො එකදිවසං රාජූපට්ඨානං ගච්ඡන්තො අන්තරවීථියං මතමූසිකං දිස්වා තස්මිං ඛණෙ නක්ඛත්තං සමානෙත්වා ඉදමාහ – “සක්කා චක්ඛුමතා කුලපුත්තෙන ඉමං උන්දූරං ගහෙත්වා දාරභරණඤ්ච කාතුං කම්මන්තෙ ච පයොජෙතු”න්ති. අඤ්ඤතරො දුග්ගතකුලපුත්තො තං සෙට්ඨිස්ස වචනං සුත්වා “නායං අජානිත්වා කථෙස්සතී”ති මූසිකං ගහෙත්වා එකස්මිං ආපණෙ බිළාරස්සත්ථාය දත්වා කාකණිකං ලභි. තාය කාකණිකාය ඵාණිතං කිණිත්වා එකෙන කුටෙන පානීයං ගණ්හිත්වා අරඤ්ඤතො ආගච්ඡන්තෙ මාලාකාරෙ දිස්වා ථොකං ථොකං ඵාණිතඛණ්ඩං දත්වා උළුඞ්කෙන පානීයං අදාසි. තෙ තස්ස එකෙකං පුප්ඵමුට්ඨිං අදංසු. සො තෙන පුප්ඵමූලෙන පුනදිවසෙපි ඵාණිතඤ්ච පානීයඝටඤ්ච ගහෙත්වා පුප්ඵාරාමමෙව ගතො. තස්ස තංදිවසං මාලාකාරා අඩ්ඪඔචිතකෙ පුප්ඵගච්ඡෙ දත්වා අගමංසු. සො නචිරස්සෙව ඉමිනා උපායෙන අට්ඨ කහාපණෙ ලභි.
මහණෙනි, අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් රජකම් කරවීය. එසමයෙහි චුල්ලසෙට්ඨි නම් පණ්ඩිතයෙක් ව්‍යක්ත වූයේ සියලු නිමිති දනියි. හෙතෙම එක් දිනක රාජඋපස්ථානය සඳහා යන්නේ ඇතුල් වීදියෙහි මළමීයකු දැක එකෙණෙහි නැකත් එක්කොට බලා මෙසේ කීවේය. ‘නුවණැති කුලපුතකු විසින් මේ (මළ) මීයා ගෙන අඹුදරුවන් රැකීමටත් කර්මාන්තයෙහි යෙදීමටත් හැකිවන්නේය’යි යනුවෙනි. එක්තරා දිළිඳු කුලපුත්‍රයෙක් සිටුවරයාගේ ඒ වචනය අසා ’මෙතෙම නොදැන නොකියන්නේ’යි මීයා ගෙන එක් අවන්හලක බළලුන් සඳහා දී කාකණික මිළක් ලැබීය. ඒ කාකණිකයෙන් සකුරු ගෙන එක් බඳුනකින් පැන් ගත්තේය. හෙතෙම වනයෙන් පැමිණෙන මල් කරුවන් දැක ටික ටික සකුරු කැබලිදි හැන්දෙන් පැන් දුන්නේය. ඔවුහු ඔහුට එක් එක් මල්මිටක් දුන්හ. හෙතෙම ඒ මල්මිලෙන් දෙවන දිනයේද සකුරුද පැන් කළයද ගෙන මල් උයනටම ගියේය. එදවස මල් කරුවෝ ඔහුට අඩක් නෙළූ මල්පැලෑටිදී ගියාහුය. හෙතෙම නොබෝදිනකින්ම මේ ක්‍රමයෙන් කහවණු අටක් ලැබීය.
පුන එකස්මිං වාතවුට්ඨිදිවසෙ ඡඩ්ඩිතඋය්යානං ගන්ත්වා පතිතදාරූනං රාසිං කත්වා නිසින්නො රාජකුම්භකාරස්ස සන්තිකා සොළස කහාපණෙ ලභි. සො චතුවීසතියා කහාපණෙසු ජාතෙසු “අත්ථි අයං උපායො මය්හ”න්ති නගරද්වාරතො අවිදූරෙ ඨානෙ එකං පානීයචාටිං ඨපෙත්වා පඤ්චසතෙ තිණහාරකෙ පානීයෙන උපට්ඨහි. තෙ ආහංසු – “ත්වං, සම්ම, අම්හාකං බහුපකාරො, කිං තෙ කරොමා”ති? සොපි “මය්හං කිච්චෙ උප්පන්නෙ කරිස්සථා”ති වත්වා ඉතො චිතො ච විචරන්තො ථලපථකම්මිකෙන ච ජලපථකම්මිකෙන ච සද්ධිං මිත්තසන්ථවං අකාසි. තස්ස ථලපථකම්මිකො “ස්වෙ ඉමං නගරං අස්සවාණිජකො පඤ්ච අස්සසතානි ගහෙත්වා ආගමිස්සතී”ති ආචික්ඛි. සො තස්ස වචනං සුත්වා තිණහාරකානං සඤ්ඤං දත්වා එකෙකං තිණකලාපං දිගුණං කත්වා ආහරාපෙසි. අථ සො අස්සානං නගරං පවිට්ඨවෙලාය තිණකලාපසහස්සං අන්තරද්වාරෙ රාසිං කත්වා නිසීදි. අස්සවාණිජො සකලනගරෙ අස්සානං චාරිං අලභිත්වා තස්ස සහස්සං දත්වා තං තිණං ගණ්හි.
නැවත එක් සුළංසහිත වැසි දිනෙක විසරුණු උයනට ගොස් වැටුණුදර එකතු කොට හුන්නේ රජුගේ කුඹුල්කරුගේ සමීපයෙන් කහවණු සොළසක් ලැබුවේය. හෙතෙම කහවණු විසිහතරක්වූ විට මේ උපාය මට ඇතැයි සිතා නුවර දොරටුවෙන් නුදුරු තැනක එක් පැන්සැළියක් තබා තණගෙනයන්නන් පන්සියයකට පැනින් උවටැන් කළේය. ඔවුහු, යහළුව, නුඹ අපට උපකාරකයෙකි. නුඹට අපි කුමක් කරමුදැයි ඇසූහ. හෙතෙම මට වැඩක් ඇති කල්හි කරන්නැයි කියා ඔබිමොබ හැසිරෙන්නේ ගොඩබිම් මාර්ග කාර්මිකයා හා ජගමාර්ග කාර්මිකයා සමඟ මිතුදම් පැවැත්වීය. ඔහුට ගොඩබිම්මාර්ග කාර්මිකයා හෙට මේ නගරයට අස්වෙළෙන්දෙක් අසුන් පන්සියයක් ගෙන එන්නේයයි සැළ කලේය. හෙතෙම ඔහුගේ වචනය අසා තණගෙනෙන්නවුන්ට සංඥාවක්දී එක් ඒක් තණමිටියක් දෙගුණ කොට ගෙන්වාගත්තේය. ඉක්බිති අසුන් නගරයට පිවිසි වේලාවෙහි තණමිටි දහස ඇතුල්දොරෙහි ගොනු කොට හුන්නේය. අස් වෙළෙන්දා සියලු නුවරෙහි අසුන්ට ගොදුරු නොලැබ ඔහුට දහසක්දී ඒ තණ ගත්තේය.
තතො කතිපාහච්චයෙනස්ස සමුද්දකම්මිකසහායකො ආරොචෙසි “පට්ටනං මහානාවා ආගතා”ති. සො “අත්ථි අයං උපායො”ති අට්ඨහි කහාපණෙහි සබ්බපරිවාරසම්පන්නං තාවකාලිකං රථං ගහෙත්වා නාවාපට්ටනං ගන්ත්වා එකං අඞ්ගුලිමුද්දිකං නාවිකස්ස සච්චකාරං දත්වා අවිදූරෙ ඨානෙ සාණිං පරික්ඛිපාපෙත්වා තත්ථ නිසින්නො පුරිසෙ ආණාපෙසි “බාහිරකෙසු වාණිජෙසු ආගතෙසු තතියෙන පටිහාරෙන ආරොචෙථා”ති. “නාවා ආගතා”ති සුත්වා බාරාණසිතො සතමත්තා වාණිජා “භණ්ඩං ගණ්හාමා”ති ආගමංසු. භණ්ඩං තුම්හෙ න ලභිස්සථ, අසුකට්ඨානෙ නාම මහාවාණිජෙන සච්චකාරො දින්නොති. තෙ තෙසං සුත්වා තස්ස සන්තිකං ආගතා, පාදමූලිකපුරිසා පුරිමසඤ්ඤාවසෙන තතියෙන පාටිහාරෙන තෙසං ආගතභාවං ආරොචෙසුං. තෙ සතමත්තාපි වාණිජා එකෙකං සහස්සං දත්වා තෙන සද්ධිං නාවාය පත්තිකා හුත්වා පුන එකෙකං සහස්සං දත්වා පත්තිං විස්සජ්ජාපෙත්වා භණ්ඩං අත්තනො සන්තකං අකංසු. සො පුරිසො ද්වෙ සතසහස්සානි ගහෙත්වා බාරාණසිං ආගන්ත්වා “කතඤ්ඤුනා භවිතුං වට්ටතී”ති එකං සතසහස්සං ගහෙත්වා චූළසෙට්ඨිස්ස සන්තිකං ගතො.
එයින් කිහිපදිනකට පසු ඔහුගේ මුහුදෙහි වැඩකරන යහළුවෙක් පටුනට (වරායට) මහනැවක් ආවේයයි සැළ කළේය. හෙතෙම මේ උපාය ඇතැයි කහවණු අටකින් සියලු පිරිවරින් යුත් තාවකාලිකරථයක් ගෙන නැව්තොටට ගොස් එක් ඇඟිලිමුද්රාවක් නැවට අත්තිකාරම් වශයෙන්දී නොදුරුතන්හි තිරයෙන් වටකරවා එහි හුන්නේ, පිටින් වෙළෙන්දන් පැමිණි කල්හි තෙවන හස්නෙන් සැළකරවුයයි පුරුෂයන්ට අණකරවීය. නැව පැමිණියේයයි අසා බැරණැසින් සියයක් පමණ වෙළෙන්දෝ බඩු ගන්නෙමුයි ආවාහුය. නුඹලා බඩු නොලබන්නහුය. අසුවල් තැන සිටිනා මහා වෙළෙන්දා විසින් අත්තිකාරම් දෙන ලදී. ඔවුහු ඔවුන්ගේ කථාව අසා ඔහුගේ සමීපයට ගියාහුය. සේවකයෝ පෙර සංඥාවශයෙන් තෙවැනි හස්නෙන් ඔවුන් ආබව සැළකළාහුය. ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක් දහස බැගින්දී ඔහු සමඟ හවුල්කරුවන්වී යළි එක් එක් දහස බැගින්දී මිළදීගෙන බඩු තමන් අයත් කරගත්හ. ඒ පුරුෂයා දෙලක්ෂය ගෙන බරණැසට අවුත් කෙළෙහිගුණ සලක්නෙකු වියයුතුයයි එක් ලක්ෂයක් ගෙන්වා ගෙන චුල්ලසෙට්ඨි වෙත ගියේය.
අථ තං චූළසෙට්ඨි “කිං තෙ, තාත, කත්වා ඉදං ධනං ලද්ධ”න්ති පුච්ඡි. සො “තුම්හෙහි කථිතඋපායෙ ඨත්වා චතුමාසබ්භන්තරෙයෙව ලද්ධ”න්ති ආහ. සෙට්ඨි තස්ස වචනං සුත්වා “ඉදානි එවරූපං දාරකං පරසන්තකං කාතුං න වට්ටතී”ති වයප්පත්තං ධීතරං දත්වා සකලකුටුම්බස්ස සාමිකං අකාසි. සොපි කුලපුත්තො සෙට්ඨිනො අච්චයෙන තස්මිං නගරෙ සෙට්ඨිට්ඨානං ගහෙත්වා යාවතායුකං ඨත්වා යථාකම්මං ගතො. සත්ථා ද්වෙ වත්ථූනි කථෙත්වා අනුසන්ධිං ඝටෙත්වා අභිසම්බුද්ධකාලෙ ඉමං ගාථමාහ –
ඉක්බිති ඔහුට ඒ සිටුතුමා ‘දරුව නුඹ විසින් කුමක් කොට මේ ධනය ලබන ලද්දේදැයි ඇසීය. හෙතෙම, ‘ඔබතුමන් විසින් කියලද උපායෙහි සිට සිටුමසක් තුළම ලබන ලදැ’යි කීවේය. සිටුතෙමේ ඔහුගේ වචනය අසා දැන් මෙබඳු දරුවකු අන්සතු කිරීමට නොවටීයයි සිතා වියපත් දියණිය දී මුළු පවුලටම හිමියා කළේය. ඒ කුලපුත්‍රයාද සිටාණන්ගේ ඇවෑමෙවන් ඒ නගරයෙහි සිටු තනතුර ගෙන දිවි ඇතිතෙක් සිට කම්වූ පරිද්දෙන් මිය ගියේය. ශාස්තෘන්වහන්සේ කථාවස්තු දෙක වදාරා අනුසන්ධි ගලපා බුදුවූ කල්හි මේ ගාථාව වදාළ සේක.
“අප්පකෙනපි මෙධාවී, පාභතෙන විචක්ඛණො; සමුට්ඨාපෙති අත්තානං, අණුං අග්ගිංව සන්ධම”න්ති. (ජා· 1.1.4);
“අප්පකෙනපි මෙධාවී පාහතෙන විචක්ඛණො සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගිංව සන්ධමං’’
(විචක්ෂණ බුද්ධිමත් තැනැතේ ස්වල්පවූද පඬුරකින් කුඩා ගින්නක් පිඹ අවුලුවන්නාක් මෙන් තමා නංවයි.)
ඉති සත්ථා ධම්මසභායං සන්නිසින්නානං ඉමං කාරණං දස්සෙසි. අයං ද්වින්නම්පි මහාසාවකානං පුබ්බපත්ථනතො පට්ඨාය අනුපුබ්බිකථා. අපරභාගෙ පන සත්ථා අරියගණපරිවුතො ධම්මාසනෙ නිසින්නො මනොමයං කායං අභිනිම්මිනන්තානං චෙතොවිවට්ටකුසලානඤ්ච චූළපන්ථකත්ථෙරං අග්ගට්ඨානෙ ඨපෙසි, සඤ්ඤාවිවට්ටකුසලානං මහාපන්ථකන්ති.
මෙසේ ශාස්තෘන්වහන්සේ ධර්මසභාවෙහි හුන්නවුන්ට මේ කාරණය දැක්වූ සේක. මේ මහාශ්‍රාවකයන් දෙදෙනාගේම පූර්ව ප්රාර්ත්ථනාවේ නාවේ සිට අනුපිළිවෙළ කථාවයි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ අර්ය්යසමූහයා විසින් පිරිවරණ ලද්දාහු ධර්මාසනයෙහි වැඩහුන් සේක. මනොමය ශරීරයන් නිර්මාණය කරන්නවුන් හා චෙතොවිවට්ට කුසල් ඇත්තවුන් අතුරෙන් චුල්ලපන්ථක තෙරුන් අග්‍රස්ථානයෙහි තැබූසේක. සඤ්ඤා විවට්ට කුසලයනල් අතුරෙන් අග්රවූවෝ මහාපන්ථක තෙරණුවෝයි.