යෙදුමෙන් කියවන්න

භද‍්දියත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

භද‍්දියත්‍ථෙරවත්‍ථු

භද්දි තෙරණුවෝ

ඡට‍්ඨෙ උච‍්චාකුලිකානන‍්ති උච‍්චෙ කුලෙ ජාතානං. භද‍්දියොති අනුරුද‍්ධත්‍ථෙරෙන සද‍්ධිං නික‍්ඛමන‍්තො සක්‍යරාජා. කාළිගොධාය පුත‍්තොති කාළවණ‍්ණා සා දෙවී, ගොධාති පනස‍්සා නාමං. තස‍්මා කාළිගොධාති වුච‍්චති, තස‍්සා පුත‍්තොති අත්‍ථො. කස‍්මා පනායං උච‍්චාකුලිකානං අග‍්ගොති වුත‍්තො, කිං තතො උච‍්චාකුලිකතරා නත්‍ථීති? ආම නත්‍ථි. තස‍්ස හි මාතා සාකියානීනං අන‍්තරෙ වයෙන සබ‍්බජෙට‍්ඨිකා, සොයෙව ච සාකියකුලෙ සම‍්පත‍්තං රජ‍්ජං පහාය පබ‍්බජිතො. තස‍්මා උච‍්චාකුලිකානං අග‍්ගොති වුත‍්තො. අපිච පුබ‍්බපත්‍ථනානුභාවෙන චෙස අනුපටිපාටියා පඤ‍්ච ජාතිසතානි රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා රජ‍්ජං කාරෙසියෙව. ඉමිනාපි කාරණෙන උච‍්චාකුලිකානං අග‍්ගොති වුත‍්තො.

සවැන්නෙහි, ‘උච්චාකුලිකානං’ යනු උසස් කුලයෙහි උපන්නවුන් අතුරෙන්ය. භද්දියො යනු අනුරුද්ධ තෙරුන් සමඟ ගිහිගෙන් නික්මුණු ශාකය රජෙකි. ‘කාලිගොධාය පුත්තො’ යනු ඒ දේවිය කලුවන්ය. ගොධා යනු ඇයගේ නමයි. එබැවින් කාලිගොධායයි කියනු ලබන්නීය. ඇයගේ පුතාය යනු අර්‍ත්‍ථයි. කුමක් හෙයින් වනාහි මෙතෙම උසස් කුලයෙහි උපන්නවුන් අතුරින් අග්‍රයයි කියන ලද්දේද? කිම ඊට වඩා උසස් කුලයෙහි උපන්නාහු නැද්ද? එසේය නැත. ඔහුගේ මව ශාක්‍ය කුලකාන්තාවන් අතුරෙන් වයසින් සියල්ලන්ටම වඩා දෙටුවූවාය. හෙතෙමේද ශාක්‍යකුලයෙහි සපැමිණි රජසැපත් අතහැර පැවිදිවූයේය. එහෙයින් උසස්කුලයෙහි උපන්නවුන් අතුරෙන් අග්‍රයයි කියනලදී.

පඤ‍්හකම‍්මෙ පනස‍්ස අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි අතීතෙ පදුමුත‍්තරබුද‍්ධකාලෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො වුත‍්තනයෙනෙව ධම‍්මස‍්සවනත්‍ථාය ගතො. තංදිවසං සත්‍ථාරං එකං භික‍්ඛුං උච‍්චාකුලිකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ උච‍්චාකුලිකානං භික‍්ඛූනං අග‍්ගෙන භවිතුං වට‍්ටතී”ති තථාගතං නිමන‍්තෙත්‍වා සත‍්ත දිවසානි බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා, “භන‍්තෙ, අහං ඉමස‍්ස දානස‍්ස ඵලෙන නාඤ‍්ඤං සම‍්පත‍්තිං ආකඞ‍්ඛාමි, අනාගතෙ පන එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ උච‍්චාකුලිකානං භික‍්ඛූනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථයිත්‍වා පාදමූලෙ නිපජ‍්ජි.

තවද පෙර පැතුම් බලයෙන් හෙතෙම අනුපිළිවෙළින් ජාති පන්සියයක් රජ කුලයෙහි ඉපිද රාජ්‍යය කරවූයේමය. මෙකරුණියන්ද උසස් කුලවතුන් අතුරෙන් අග්‍රයයි කියනලදී. මොහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙමේද අතීතයෙහි පියුමතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි මහධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා ගියේ එදවස එක් භික්‍ෂුවක උසස් කුලිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි උසස් කුලික භික්‍ෂූන් අතුරෙන් අග තැන්පත්වීම සුදුසුයයි තථාගතයන් ආරාධනාකොට සත් දින බුදුපාමොක් බික් සඟනට මහ දන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් වෙනත් සැපතක් බලාපොරෝතු නොවෙමි. අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි උසස් කුලයෙහි වූ භික්ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි ප්‍රර්‍ත්‍ථනා කොට පාමුල වැදහොත්තේය.

සත්‍ථා අනාගතං ඔලොකෙන‍්තො සමිජ‍්ඣනභාවං දිස‍්වා “සමිජ‍්ඣිස‍්සති තෙ ඉදං කම‍්මං, ඉතො කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං තස‍්ස සාසනෙ උච‍්චාකුලිකානං භික‍්ඛූනං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා භත‍්තානුමොදනං කත්‍වා විහාරං අගමාසි. සොපි තං බ්‍යාකරණං ලභිත්‍වා උච‍්චාකුලිකසංවත‍්තනිකකම‍්මං පුච‍්ඡිත්‍වා ධම‍්මාසනානි කාරෙත්‍වා තෙසු පච‍්චත්‍ථරණානි සන්‍ථරාපෙත්‍වා ධම‍්මබීජනියො ධම‍්මකථිකවට‍්ටං උපොසථාගාරෙ පදීපතෙලදානන‍්ති එවං යාවජීවං බහුවිධං කල්‍යාණකම‍්මං කත්‍වා තත්‍ථ කාලකතො දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො කස‍්සපදසබලස‍්ස ච අම‍්හාකඤ‍්ච භගවතො අන‍්තරෙ බාරාණසියං කුටුම‍්බියඝරෙ නිබ‍්බත‍්තො.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් (පැතුම) ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය ඉටුවන්නේය. මෙයින් කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් උපදිති. නුඹ උන්වහන්සේගේ සසුන්හි උසස් කුලයෙහිවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙහියි විවරණදී භූත්තානුමෝදනාවකොට විහාරයට වැඩිසේක. හෙතෙමේද ඒ විවිරණය ලැබ උසස් කුලලාභයට හේතුවන කර්‍මයන් විමසා ධර්‍මාසනයන් කරවා ඒවායේපසු තුරුණු අතුරුවා දහම්විජනිපත්, ධර්‍මකථිකව්‍රත්ත, පෙහෙවස් ගෙහි පහන්තෙල් දීම් යන මෙසේ දිවි ඇති තෙක් බොහෝ ආකාරවූ යහපත් කටයුතු කොට එයින් කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේද අපගේ බුදුන්වහන්සේගේද කාල අතුරෙහි කෙළෙඹිගෙයක උපන්නේය.

තෙන ච සමයෙන සම‍්බහුලා පච‍්චෙකබුද‍්ධා ගන්‍ධමාදනපබ‍්බතා ආගම‍්ම බාරාණසියං ගඞ‍්ගාය තීරෙ ඵාසුකට‍්ඨානෙ නිසීදිත්‍වා පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජන‍්ති. සො කුටුම‍්බියො තෙසං නිබද‍්ධමෙව තස‍්මිං ඨානෙ භත‍්තවිස‍්සග‍්ගකරණං ඤත්‍වා අට‍්ඨ පාසාණඵලකානි අත්‍ථරිත්‍වා යාවජීවං පච‍්චෙකබුද‍්ධෙ උපට‍්ඨහි. අථෙකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්ති. නාමග‍්ගහණදිවසෙ චස‍්ස භද‍්දියකුමාරොති නාමං අකංසු. සො වයං ආගම‍්ම හෙට‍්ඨා අනුරුද‍්ධසුත‍්තෙ වුත‍්තනයෙනෙව ඡන‍්නං ඛත‍්තියානං අබ‍්භන‍්තරො හුත්‍වා සත්‍ථරි අනුපියඅම‍්බවනෙ විහරන‍්තෙ සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ විහරන‍්තො “මම සාසනෙ උච‍්චාකුලිකානං කාළිගොධාය පුත‍්තො භද‍්දියත්‍ථෙරො අග‍්ගො”ති අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

එකල්හි බොහෝ පසේබුදුවරු ගනධමාදන පර්‍වතයෙන් අවුත් බැරණැෂ ගංගා තෙරෙහි පහසුතැනක හිඳ පින්ඩපාතය වළඳිති. ඒ කෙළෙඹි තෙමේ උන්වහන්සේලාගේ නිරතුරුවම එතැන්හි දන් වැළදීම දැන පාෂාණ ඵලක අටක් අතුරා දිවි ඇතිතෙක් පසේබුදුවරුන්ට උපස්ථාන කළේය. ඉක්බිති එක් බුද්ධාන්තරයක් දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කිඹුල්වත් නුවරෙහි ක්‍ෂත්‍රිය කුලයෙක උපන්නේය. නම් ගන්වන දිනයෙහි ඔහුට භද්දිය කුමරුයයි නම් කළහ. හෙතෙම වියට පැමින යට අනුරුද්ධ සූත්‍රයෙහි කියනලද පරිද්දෙන්ම ක්‍ෂත්‍රියයන් සදෙනාට ඇතුළත්ව ශාස්තෘන්වහන්සේ අනුපිය අඹ වෙනෙහි වසන කල්හි ශාස්තෘන් සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වැඩවසනසේක් මගේ සසුනෙහි උසස් කුලයෙහි උපන්නවුන් අතුරෙන් කාලි ගොධාවගේ පුත් වූ භද්දිය තෙරුන්වහන්සේ අග්‍ර වෙතියි අග්‍රස්ථානයෙහි තැබූසේක.

ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරවත්‍ථු

ලකුණ්ඨක භද්දිය තෙරණුවෝ

සත‍්තමෙ මඤ‍්ජුස‍්සරානන‍්ති මධුරස‍්සරානං. ලකුණ‍්ඩකභද‍්දියොති උබ‍්බෙධෙන රස‍්සො, නාමෙන භද‍්දියො. තස‍්සාපි පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයම‍්පි හි පදුමුත‍්තරබුද‍්ධකාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො වුත‍්තනයෙනෙව ධම‍්මස‍්සවනත්‍ථාය විහාරං ගතො. තස‍්මිං සමයෙ සත්‍ථාරං එකං මඤ‍්ජුස‍්සරං භික‍්ඛුං එතදග‍්ගෙ ඨපෙන‍්තං දිස‍්වා “අහො වතාහම‍්පි අනාගතෙ අයං භික‍්ඛු විය එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ මඤ‍්ජුස‍්සරානං භික‍්ඛූනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති චිත‍්තං උප‍්පාදෙත්‍වා සත්‍ථාරං නිමන‍්තෙත්‍වා සත‍්ත දිවසානි බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා, “භන‍්තෙ, අහං ඉමස‍්ස දානස‍්ස ඵලෙන න අඤ‍්ඤං සම‍්පත‍්තිං ආකඞ‍්ඛාමි, අනාගතෙ පන එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ මඤ‍්ජුස‍්සරානං භික‍්ඛූනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථයිත්‍වා සත්‍ථුපාදමූලෙ නිපජ‍්ජි. සත්‍ථා අනාගතං ඔලොකෙන‍්තො සමිජ‍්ඣනභාවං දිස‍්වා “සමිජ‍්ඣිස‍්සති තෙ ඉදං කම‍්මං, ඉතො කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං තස‍්ස සාසනෙ මඤ‍්ජුස‍්සරානං භික‍්ඛූනං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා විහාරං අගමාසි.

සත්වැන්නෙහි ‘මඤ්ජුස්සරානං’ යනු මිහිරි හඬ ඇත්තවුන් අතුරෙන් යනුයි. ලකුණ්ටක බද්දියො යනු උසින් මිටිය. නමින් භද්දිය නම් වෙයි. උන්වහන්සේගේද ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේද පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන් දැක, ආශ්චර්‍ය්‍යයකි, ඒකානත්යෙන්ම මමද අනාගතයෙහි මේ භික්‍ෂූන් මෙන් එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රවන්නෙම් නම් යෙහෙකැයි සිත් උපදවා ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට සත් දිනක් බුදු පාමොක් බික්සඟනට මහදන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් අනෙක් සැපතක් නොතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍ර වෙම්’වායි ප්‍රර්‍ත්‍ථනා කොට පාමුල වැදහොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය සමෘද්ධ වන්නේය. මෙයින් කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඔබ උන් වහන්සේගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන්ට අග්‍ර වන්නෙහිය’යි විවරණදී විහාරයට වැඩිසේක.

සොපි තං බ්‍යාකරණං ලභිත්‍වා යාවජීවං කල්‍යාණකම‍්මං කත්‍වා තතො කාලකතො දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො විපස‍්සීසම‍්මාසම‍්බුද‍්ධකාලෙ චිත‍්තපත‍්තකොකිලො නාම හුත්‍වා ඛෙමෙ මිගදායෙ වසන‍්තො එකදිවසං හිමවන‍්තං ගන‍්ත්‍වා මධුරං අම‍්බඵලං තුණ‍්ඩෙන ගහෙත්‍වා ආගච‍්ඡන‍්තො භික‍්ඛුසඞ‍්ඝපරිවුතං සත්‍ථාරං දිස‍්වා චින‍්තෙසි – “අහං අඤ‍්ඤෙසු දිවසෙසු රිත‍්තකො තථාගතං පස‍්සාමි, අජ‍්ජ පන මෙ ඉමං අම‍්බපක‍්කං පුත‍්තකානං අත්‍ථාය ආගතං. තෙසං අඤ‍්ඤම‍්පි ආහරිත්‍වා දස‍්සාමි, ඉමං පන දසබලස‍්ස දාතුං වට‍්ටතී”ති ඔතරිත්‍වා ආකාසෙ චරති. සත්‍ථා තස‍්ස චිත‍්තං ඤත්‍වා අසොකත්‍ථෙරං නාම උපට‍්ඨාකං ඔලොකෙසි. සො පත‍්තං නීහරිත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපෙසි. සො කොකිලො දසබලස‍්ස පත‍්තෙ අම‍්බපක‍්කං පතිට‍්ඨාපෙසි. සත්‍ථා තත්‍ථෙව නිසීදිත්‍වා තං පරිභුඤ‍්ජි. කොකිලො පසන‍්නචිත‍්තො පුනප‍්පුනං දසබලස‍්ස ගුණෙ ආවජ‍්ජෙත්‍වා දසබලං වන්‍දිත්‍වා අත‍්තනො කුලාවකං ගන‍්ත්‍වා සත‍්තාහං පීතිසුඛෙන වීතිනාමෙසි. එත‍්තකං තස‍්මිං අත‍්තභාවෙ කල්‍යාණකම‍්මං, ඉමිනාස‍්ස කම‍්මෙන සරො මධුරො අහොසි.

හෙතෙමේත් ඒ විවරණය ලබා දිවි ඇති තෙක් යහපත් කටයුතු කොට එහි කළුරිය කළේ දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චිත්තපත්තකොකිල නම්වී නිර්‍භයවූ මිගදායෙහි වසන්නේ එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් ගෙන එන්නේ බික්සඟන පිරිවර කොට ඇති ශාස්තෘන්වහන්සේ දැක, ‘මම අන් දිනයන්හි හිස්ව තථාගතයන්වහන්සේ දකිමි. අද වනාහි මවිසින් මේ අඹගෙඩිය පුතුන් සඳහා ගෙන එන ලදී. ඔවුන්ට වෙනෙකක් ගෙනවුත් දෙමි. මෙය වනාහි දශබලයන් වහන්සේට දීමට වටනේය’යි සිතුවේය. එසේ සිතා බැස අහසෙහි ඔබිමොබ සැරිසරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ සිත දැන අශෝක තෙරුන් නම් වූ උපස්ථායකයා දෙස බැලූ සේක. (උන්වහන්සේ) පාත්‍රය ගෙනවුත් ශාස්තෘන්වහන්සේගේ අතෙහි තැබූහ. කොවුළා දශබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹගෙඩිය පිහිටවීය. ශාස්තෘන්වහන්සේ එහිම හිඳ අඹගෙඩිය වැළඳූසේක. කොවුළා පහන් සිත් ඇත්තේ නැවත නැවත් දශබලයන් වහන්සේගේ ගුණයන් සිහි කරන්නේ දශබලයන් වහන්සේ වැඳ සත්දිනක් සතුටු සුවයෙන් කල් හැරීයේය. ඒ ආත්මභාවයෙහි යහපත් කර්‍මය එපමණෙකි. මේ පින්කමින් ස්වරය මිහිරි විය.

කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ පන චෙතියෙ ආරද‍්ධෙ “කිංපමාණං කරොම? සත‍්තයොජනප‍්පමාණං. අතිමහන‍්තං එතං, ඡයොජනං කරොම. ඉදම‍්පි අතිමහන‍්තං, පඤ‍්චයොජනං කරොම, චතුයොජනං, තියොජනං, ද‍්වියොජන”න‍්ති වුත‍්තෙ අයං තදා ජෙට‍්ඨවඩ‍්ඪකී හුත්‍වා “එථ, භො, අනාගතෙ සුඛපටිජග‍්ගියං කාතුං වට‍්ටතී”ති වත්‍වා රජ‍්ජුං ආදාය පරික‍්ඛිපන‍්තො ගාවුතමත‍්තකෙ ඨත්‍වා “එකෙකං මුඛං ගාවුතං ගාවුතං හොතු, චෙතියං යොජනාවට‍්ටං යොජනුබ‍්බෙධං භවිස‍්සතී”ති ආහ. තෙ තස‍්ස වචනෙ අට‍්ඨංසු. ඉති අප‍්පමාණස‍්ස බුද‍්ධස‍්ස පමාණං අකාසීති. තෙන කම‍්මෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ අඤ‍්ඤෙහි හීනතරප‍්පමාණො අහොසි. සො අම‍්හාකං සත්‍ථු කාලෙ සාවත්‍ථියං මහාභොගකුලෙ නිබ‍්බත‍්ති. “භද‍්දියො”තිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො සත්‍ථරි ජෙතවනමහාවිහාරෙ පටිවසන‍්තෙ විහාරං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො අරහත‍්තං පාපුණි. අථ නං සත්‍ථා අපරභාගෙ අරියවරගණමජ‍්ඣෙ නිසින‍්නො මඤ‍්ජුස‍්සරානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චෛතය කර්‍මාන්තය පටන්ගත් කල්හි කවර පමණකින් කරමුද? සත්යොදුන් ප්‍රමාණය ඉතා මහත්ය. මෙය සයොදුනක් කොට තනමු. මෙයද ඉතා මහත්ය. පස් යොදනක් කරමු. සිවුයොදනක්. තුනයොදුනක්, දෙයොදුනක්යයි කීකල්හි, මෙතෙම එදවස්හි දෙටුවඩුවාවී ‘පින්වත්නි, එවු, අනාගතයෙහි පහසුවෙන් පිළිදැගුම් කිරීමට වටීයයි කියා රැහැනක් ගෙන වට කරන්නේ ගව්වක් මත්තෙහි සිට එක් එක් දොරටුවක් ගව්වක් ගව්වක් වේවා! චෛත්‍යය යොදනක් වට ඇත්තේද යොදනක් උස ඇත්තේකද වන්නේයයි කීවේය. ඔවුහු ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණවූ බුදුන්ගේ ප්‍රමාණය කළේයයි ඒ කර්‍මයෙන් උපනුපන් තන්හි අන්‍යයන්ගෙන් හීන ප්‍රමාණ වූයේය. හෙතෙම අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි මහධනවත් කුලයක උපන්නේය. භද්දියයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩවසන කල්හි වෙහෙරට ගොස් දම් දෙසුම අසා ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇත්තේ පැවිදිව ශාස්තෘන් සමීපයෙහි කමටහන් ගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි ආර්ය සංඝ සමූහයා මැද වැඩහුන්සේක් මෙම තෙරුන්වහන්සේ මිහිරි හඬ ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරවත්‍ථු

පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ

අට‍්ඨමෙ සීහනාදිකානන‍්ති සීහනාදං නදන‍්තානං. පිණ‍්ඩොලභාරද‍්වාජොති සො කිර අරහත‍්තං පත‍්තදිවසෙ අවාපුරණං ආදාය විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං ගන‍්ත්‍වා “යස‍්ස මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, සො මං පුච‍්ඡතූ”ති සීහනාදං නදන‍්තො විචරි. බුද‍්ධානම‍්පි පුරතො ඨත්‍වා “ඉමස‍්මිං, භන‍්තෙ, සාසනෙ කතබ‍්බකිච‍්චං මය‍්හං මත්‍ථකං පත‍්ත”න‍්ති සීහනාදං නදි. තස‍්මා සීහනාදිකානං අග‍්ගො නාම ජාතො.

අටවැන්නේහි ‘සීහනාදිකානං’ යනු සිංහහඬ නඟන්නවුන් අතුරෙන්ය. පිණ්ඩොලභාරද්වාජො අග්ගෝ යනු හෙතෙම වනාහි රහත්බවට පත් දිනයෙහි යතුරක් රැගෙන විහාරයෙන් විහාරයට පිරිවෙණන් පිරිවෙණට ගොස්, ‘යමකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇතිද හෙතෙම මා විමසාවා’යි සිංහ හඬ නගමින් හැසුරුනේය. බුදුන්වහන්සේගේද ඉදිරියෙහි සිට ‘ස්වාමීනි, මේ සසුනෙහි කළයුතු කිස මාගේ මුදුන් පැමිණියේය’යි සිංහනාදය නැඟුවේය. එහෙයින් සිංහනාදය ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම් වූයේය.

පඤ‍්හකම‍්මෙ පනස‍්ස අයමනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරබුද‍්ධකාලෙ පබ‍්බතපාදෙ සීහයොනියං නිබ‍්බත‍්තො. සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො තස‍්ස හෙතුසම‍්පත‍්තිං දිස‍්වා හංසවතියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං සීහෙ ගොචරාය පක‍්කන‍්තෙ තස‍්ස වසනගුහං පවිසිත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසීදි. සීහො ගොචරං ලභිත්‍වා නිවත‍්තො ගුහාද‍්වාරෙ ඨිතො අන‍්තොගුහායං දසබලං නිසින‍්නං දිස‍්වා “මම වසනට‍්ඨානං ආගන‍්ත්‍වා අඤ‍්ඤො සත‍්තො නිසීදිතුං සමත්‍ථො නාම නත්‍ථි, මහන‍්තො වතායං පුරිසො, යො අන‍්තොගුහායං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නො. සරීරප‍්පභාපිස‍්ස සමන‍්තා ඵරිත්‍වා ගතා, මයා එවරූපං අච‍්ඡරියං නදිට‍්ඨපුබ‍්බං. අයං පුරිසො ඉමස‍්මිං ලොකෙ පූජනෙය්‍යානං අග‍්ගො භවිස‍්සති, මයාපිස‍්ස යථාසත‍්ති යථාබලං සක‍්කාරං කාතුං වට‍්ටතී”ති ජලජථලජානි නානාකුසුමානි ආහරිත්‍වා භූමිතො යාව නිසින‍්නපල‍්ලඞ‍්කට‍්ඨානා පුප‍්ඵාසනං සන්‍ථරිත්‍වා සබ‍්බරත‍්තිං සම‍්මුඛට‍්ඨානෙ තථාගතං නමස‍්සමානො අට‍්ඨාසි. පුනදිවසෙ පුරාණපුප‍්ඵානි අපනෙත්‍වා නවපුප‍්ඵෙහි ආසනං සන්‍ථරි.

උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේ වනාහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක හංසවතියෙහි පිඬු පිණි හැසිර පසුබතෙහි සිංහයා ගොදුරු සඳහා පිටත්ව ගිය කල්හි ඔහුගේ වසන ගුහාවට පිවිස අහසෙහි පළක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක. සිංහයා ගොදුරු ලැබ ආපසු හැරී ආයේ ගුහා දොරකඩෙහි සිටියේ ඇතුළු ගුහාවෙහි වැඩහුන් බුදුන්වහන්සේ දැක, ‘මගේ වසන තැනට අවුත් හිඳීමට සමත් අන්සතෙක් නම් නැත. ඒකාන්තයෙන් මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙකි. ඇතුළු ගුහාවෙහි පළක් බැඳ හුන්නේයි. මොහුගේ ශරීර ප්‍රභාවද හාත්පස පැතිරී ගියේය. මවිසින් මෙබඳුවූ අසිරියක් නොදුටුවිරූය. මේ පුරුෂයා මේ ලෝකයෙහි පිදීමට සුදුස්සන් අතුරෙන් ශ්‍රේෂ්ඨයා වන්නේය. මා විසින්ද මොහුට හැකි පරිද්දෙන් සත්කාර කිරීමට වටනේයයි දියෙහි හටගන්නාවුද ගොඩ භටගන්නාවූද නොයෙක් මල් එක් කොට බිමසිට හුන් පළඟෙහි තැනට මලසුනක් අතුරා සියලු රැය අබිමුවෙහි තථාගතයන්වහන්සේ නමඳිමින් සිටියේය. දෙවැනි දිනයෙහි පරණ මල් ඉවත් කොට අලුත් මලින් ආසනය ඇතිරීය.

එතෙනෙව නියාමෙන සත‍්ත දිවසානි පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙත්‍වා බලවපීතිසොමනස‍්සං නිබ‍්බත‍්තෙත්‍වා ගුහාද‍්වාරෙ ආරක‍්ඛං ගණ‍්හි. සත‍්තමෙ දිවසෙ සත්‍ථා නිරොධතො වුට‍්ඨාය ගුහාද‍්වාරෙ අට‍්ඨාසි. සීහොපි මිගරාජා තථාගතං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා පටික‍්කමිත්‍වා අට‍්ඨාසි. සත්‍ථා “වට‍්ටිස‍්සති එත‍්තකො උපනිස‍්සයො එතස‍්සා”ති වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා විහාරමෙව ගතො.

මේ ක්‍රමයෙන්ම දිනසතක් මල් අසුන් පනවා බලවත් ප්‍රීතිය හා සොම්නස උපදවා ගුහාදොරටුවෙහි රැකවල් ගත්තේය. සත්වැනි දිනයෙහි භාග්‍යවතුන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට ගුහා දොරටුවෙහි වැඩ සිටි සේක. මෘගරාජවූ සිංහයාද තථාගතයන් වහන්සේ තෙවරක් පැදකුණු කොට සිවු තැන්හි වැඳ ඉවත්වී සිටියේය. ශාස්ථාන් වහන්සේ මොහුගේ උපනිශ්‍රය මෙපමණක් වටීයයි අහසට පැන නැඟී විහාරයටම ගියසේක.

සොපි සීහො බුද‍්ධවියොගෙන දුක‍්ඛිතො කාලං කත්‍වා හංසවතීනගරෙ මහාසාලකුලෙ පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා වයප‍්පත‍්තො එකදිවසං නගරවාසීහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සීහනාදිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා වුත‍්තනයෙනෙව සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා සත්‍ථාරා සමිජ‍්ඣනභාවං දිස‍්වා බ්‍යාකතො යාවජීවං කුසලං කත්‍වා තත්‍ථ කාලකතො දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. නාමෙන භාරද‍්වාජො නාම අහොසි. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගහෙත්‍වා පඤ‍්ච මාණවසතානි මන‍්තෙ වාචෙන‍්තො විචරති. සො අත‍්තනො ජෙට‍්ඨකභාවෙන නිමන‍්තනට‍්ඨානෙසු සබ‍්බෙසං භික‍්ඛං සයමෙව සම‍්පටිච‍්ඡි. එසො කිර ඊසකං ලොලධාතුකො අහොසි. සො තෙහි මාණවෙහි සද‍්ධිං “කුහිං යාගු කුහිං භත‍්ත”න‍්ති යාගුභත‍්තඛජ‍්ජකානෙව පරියෙසමානො චරති. සො ගතගතට‍්ඨානෙ පිණ‍්ඩමෙව පටිමානෙන‍්තො චරතීති පිණ‍්ඩොලභාරද‍්වාජොතෙව පඤ‍්ඤායි.

ඒ සිංහයාද බුද්ධ වියෝගයෙන් දුකට පත් වූයේය. කළුරිය කොට හංසවතී නුවරෙහි මහධනවත් කුලයක පිළිසිඳ ගෙන වියට පැමිණියේ එක් දිනක නුවරුන් සමඟ වෙහෙරට ගොස් දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක සිංහනාද ඇත්තවුන් අතුරෙහි අගතන්හි තබන්නාවූ ශාස්තෘන් වහන්සේ දැක කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන් පවත්වා ඒ තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් (පැතුමට) අනතුරක් නොදැක විවරන දෙන ලද්දේ දිවි ඇතිතෙක් කුසල් කොට එහි කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයෙක්හි උපන්නේය. නමින් භාරද්වාජ නම් වූයේය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන මානවකයන් පන්සියයකට මන්ත්‍ර උගන්වමින් හැසිරෙයි. හෙතෙම තමන්ගේ ජ්‍යෙෂ්ඨ භාවයෙන් ආරාදනා ලද තන්හි සියල්ලන්ගේ හික්‍ෂාව තෙමේම පිළිගනී. මෙතෙම වනාහි මඳක් ලොල් ස්වභාවය ඇත්තේ විය. හෙතෙම ඒ මානවකයන් සමඟ කැඳ කොහිද බත් කොහිදැයි කැඳබත් කනදෑම සොයමින් හැසිරෙයි. හෙතෙම ගියගිය තන්හි පිණ්ඩය (අහර)ම ගරු කරමින් හැසිරේයයි පිණ්ඩොලභාරද්වාජ යන නමින් ප්‍රකටවිය.

සො එකදිවසං සත්‍ථරි රාජගහමනුප‍්පත‍්තෙ ධම‍්මකථං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො අරහත‍්තං පාපුණි. අරහත‍්තං පත‍්තවෙලායමෙව අවාපුරණං ආදාය විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං ගන‍්ත්‍වා “යස‍්ස මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, සො මං පුච‍්ඡතූ”ති සීහනාදං නදන‍්තො විචරි. සො එකදිවසං රාජගහසෙට‍්ඨිනා වෙළුපරම‍්පරාය උස‍්සාපෙත්‍වා ආකාසෙ ලග‍්ගිතං ජයසුමනවණ‍්ණං චන්‍දනසාරපත‍්තං ඉද‍්ධියා ආදාය සාධුකාරං දදන‍්තෙන මහාජනෙන පරිවුතො විහාරං ආගන‍්ත්‍වා තථාගතස‍්ස හත්‍ථෙ ඨපෙසි. සත්‍ථා ජානන‍්තොව පටිපුච‍්ඡි – “කුතො තෙ, භාරද‍්වාජ, අයං පත‍්තො ලද‍්ධො”ති? සො ලද‍්ධකාරණං කථෙසි. සත්‍ථා “ත්‍වං එවරූපං උත‍්තරිමනුස‍්සධම‍්මං මහාජනස‍්ස දස‍්සෙසි, අකත‍්තබ‍්බං තයා කත”න‍්ති අනෙකපරියායෙන විගරහිත්‍වා “න, භික‍්ඛවෙ, ගිහීනං උත‍්තරිමනුස‍්සධම‍්මං ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙතබ‍්බං, යො දස‍්සෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (චූළව· 252) සික‍්ඛාපදං පඤ‍්ඤාපෙසි.

හෙතෙම එක් දිනක් ශාස්තෘන්වහනසේ රජගහ නුවරට පැමිනි කල්හි ධර්‍මකථාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. රහත් බවට පත් වේලෙහිම යතුරක් ගෙන වෙහෙරින් වෙහෙරට පිරිවෙණින් පිරිවෙණට ගොස් යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්නම් හෙතෙම මා විමසාවායි සිංහනාද නඟමින් හැසුරුනේය. හෙතෙම එක් දිනක් රජගහ සිටු විසින් උණ දඬුවලින් ඔසවා අහසෙයි එල්වන ලද බඳු වදමල් පැහැය ඇති සඳුන් හරෙන් කරනලද පාත්‍රයක් සෘද්ධියෙන් ගෙන සාධුකාර දෙන්නාවූ මහජනයා විසින් පිරිවරන ලද්දේ විහාරයට අවුත් තථාගතයන්වහන්සේගේ අතෙහි තැබුවේය. ශාස්තෘන්වහන්සේ (කරුණ) දන්නාසේක්ම, ‘භාරද්වාජ, ඔබ විසින් කොයින් මේ පාත්‍රය ලබන ලද්දැ’යි ඇසූසේක. හෙතෙම ලැබූ කාරණය පැවසීය. ශාස්තෘන්වහන්සේ, ‘ඔබ මෙබඳුවූ උත්තමසාරධර්‍මයක් මහාජනයාට දැකුවූයෙහිය. ඔබ විසින් නොකළයුත්තක් කරන ලදැයි නොයෙක් අයුරින් නින්දා කොට, ‘මහණෙනි, ගිහියන්ට උතුරුමිනිස්දමින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නොදැක්විය යුතුයි. යමෙක් දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත්වේ’යයි ශික්‍ෂාපදයක් පැනවූසේක.

අථ භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ කථා උදපාදි – “සීහනාදියත්‍ථෙරො අරහත‍්තං පත‍්තදිවසෙ භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ ‘යස‍්ස මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, සො මං පුච‍්ඡතූ’ති කථෙසි. බුද‍්ධානම‍්පි සම‍්මුඛෙ අත‍්තනො අරහත‍්තප‍්පත‍්තිං කථෙසි, අඤ‍්ඤෙ සාවකා තුණ‍්හී අහෙසුං. අත‍්තනො සීහනාදියභාවෙනෙව මහාජනස‍්ස පසාදං ජනෙත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා චන්‍දනසාරපත‍්තඤ‍්ච ගණ‍්හී”ති. තෙ භික‍්ඛූ ඉමෙ තයොපි ගුණෙ එකතො කත්‍වා සත්‍ථු කථයිංසු. බුද‍්ධා ච නාම ගරහිතබ‍්බයුත‍්තකං ගරහන‍්ති, පසංසිතබ‍්බයුත‍්තකං පසංසන‍්තීති ඉමස‍්මිං ඨානෙ ථෙරස‍්ස පසංසිතබ‍්බයුත‍්තමෙව අඞ‍්ගං ගහෙත්‍වා “තිණ‍්ණං ඛො පන, භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භාරද‍්වාජො භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකාසි – ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති. කතමෙසං තිණ‍්ණං? සතින්‍ද්‍රියස‍්ස, සමාධින්‍ද්‍රියස‍්ස, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස. ඉමෙසං ඛො, භික‍්ඛවෙ, තිණ‍්ණං ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භාරද‍්වාජො භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකාසි – ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’”ති (සං· නි· 5.519) ථෙරං පසංසිත්‍වා සීහනාදිකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

ඉක්බිති බික්සඟන මැද කථාවක් උපන්නේය: ‘සිංහනාද ඇති තෙරුන්වහන්සේ රහත් බවට පත් දිනයෙහි බික්සඟන මැද යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද හෙතෙම මා විමසාවායි කීය. බුදුන්වහන්සේගේ අබිමුවෙහිද තමන්ගේ රහත්බවට පැමිණීම කීහ. සෙසු සව්වෝ නිහඬවූහ. තමාගේ සිංහනාද ඇති බැවින්ම මහජනයාගේ පැහැදීම උපදවා අහසට පැනනැඟී සඳුන්හරෙන් කළ පාත්‍රයද ගත්හ’ යනුවෙනි. ඒභික්‍ෂූහු මේ ගුණ තුනම එක් කොට ශාස්තෘන්වහන්සේට පැවසූහ. බුදුවරු නම් ගැරහියයුතු දෙය ගරහති. පැසසිය යුතු දෙය පසසතියි මෙතන්හි පැසසිය යුතුවූ අංගම ගෙන, මහණෙනි, ඉන්‍ද්‍රියන් තුනක් වැඩූබැවින්, බොහෝකොට වැඩු බැවින් භාරද්වාජ භික්‍ෂුව ‘ජාතිය ක්‍ෂය විය. බඹසර වසනලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන්දෙයක් නැතැයි දනිමි’යි දන්නේ ප්‍රකාශ කළේය. කවර නම් තුන් දෙනෙකුගේද යත්? සති ඉන්‍ද්‍රියයාගේ, සමාධි ඉන්‍ද්‍රියයාගේ හා පඤ්ඤ ඉන්‍ද්‍රියයාගේයි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයන් තිදෙනා වැඩූ බැවින්, බොහෝකොට වැඩූ බැවින් භාරද්වාජ භික්‍ෂුතෙම ‘ජාතිය ක්‍ෂයවිය. බඹසර වසන ලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන් දෙයක් නැතැ’යි දනිමියි දන්නේ ප්‍රකාශ කළේය’යි තෙරුන්වහන්සේ පසසා සිංහනාද ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

මන‍්තාණිපුත‍්තපුණ‍්ණත්‍ථෙරවත්‍ථු

පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝ

නවමෙ පුණ‍්ණො මන‍්තාණිපුත‍්තොති නාමෙන පුණ‍්ණො, මන‍්තාණිබ්‍රාහ‍්මණියා පන සො පුත‍්තොති මන‍්තාණිපුත‍්තො. තස‍්ස පඤ‍්හකම‍්මෙ අයමනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරදසබලස‍්ස උප‍්පත‍්තිතො පුරෙතරමෙව හංසවතීනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ ගොතමොති නාමං අකංසු. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා සබ‍්බසිප‍්පෙසු කොවිදො හුත්‍වා පඤ‍්චමාණවකසතපරිවාරො විචරන‍්තො තයොපි වෙදෙ ඔලොකෙත්‍වා මොක‍්ඛධම‍්මං අදිස‍්වා “ඉදං වෙදත‍්තයං නාම කදලික‍්ඛන්‍ධො විය බහි මට‍්ඨං අන‍්තො නිස‍්සාරං, ඉමං ගහෙත්‍වා විචරණං ථුසකොට‍්ටනසදිසං හොති. කිං මෙ ඉමිනා”ති ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා බ්‍රහ‍්මවිහාරෙ නිබ‍්බත‍්තෙත්‍වා “අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකොකූපපන‍්නො භවිස‍්සාමී”ති පඤ‍්චහි මාණවකසතෙහි සද‍්ධිං පබ‍්බතපාදං ගන‍්ත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. තස‍්ස පරිවාරානි අට‍්ඨාරස‍්ස ජටිලසහස‍්සානි අහෙසුං. සො පඤ‍්ච අභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා තෙසම‍්පි කසිණපරිකම‍්මං ආචික‍්ඛි. තෙ තස‍්ස ඔවාදෙ ඨත්‍වා සබ‍්බෙපි පඤ‍්ච අභිඤ‍්ඤා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසුං.

නව වැන්නෙහි පුණ්ණො මන්තානිපුත්තො යනු නමින් පුණ්ණය. හෙතෙමේ මන්තානි බැමිණියගේ පුතාවේයයි මන්තානි පුත්ත නමි. ඔහුගේ ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය. හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන සියලු ශිල්පයන්හි දක්‍ෂවී මානවකයන් පන්සියයක් පිරිවරකොට ඇත්තේ හැසිරෙමින් ත්‍රිවේදයන්ද විමසමින් මොක්‍ෂධර්‍මයක් සොයන්නේ නොදැක මේ ත්‍රිවේදය නම් කෙසෙල් කඳන් මෙන් පිටින් මටය. ඇතුළතින් හරනැත්තේය. මෙය ගෙන හැසිරීම දහයියා කෙටීමක් බඳුවෙයි. මෙයින් මට කවර වැඩෙක්දැයි සෘෂි පැවිද්දෙන් පැවිදව බඹවිහරණයන් උපදවා නොපිරිහුණුධ්‍යාන ඇතිව බඹලොව සෙලවමින් යන්නේමැයි මානවකයන් පන්සියය සමඟ පර්‍වතපාදයට ගොස් සාෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහුට අටළොස් දහසක් ජටිලයෝ පිරිවරවූහ. හෙතෙම පංචාහිඥ අෂ්ට සමාපත්තීන් උපදවා ඔවුනටද කසිණ පරිකර්‍ම කියා දුන්නේය. ඔවුහු ඔහුගේ අවවාදයෙහි සිට සියල්ලෝම පංචාභිඥාඅෂ්ට සමාපත්ති ඉපදවූහ.

අද‍්ධානෙ අතික‍්කන‍්තෙ තස‍්ස ගොතමතාපසස‍්ස මහල‍්ලකකාලෙ පදුමුත‍්තරදසබලො පඨමාභිසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො භික‍්ඛුසතසහස‍්සපරිවාරො හංසවතීනගරං උපනිස‍්සාය විහාසි. සො එකදිවසං පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො ගොතමතාපසස‍්ස පරිසාය අරහත‍්තූපනිස‍්සයං ගොතමතාපසස‍්ස ච “අහං අනාගතෙ උප‍්පජ‍්ජමානකබුද‍්ධස‍්ස සාසනෙ ධම‍්මකථිකභික‍්ඛූනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනභාවඤ‍්ච දිස‍්වා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා අත‍්තනො පත‍්තචීවරං සයමෙව ගහෙත්‍වා අඤ‍්ඤාතකවෙසෙන ගොතමතාපසස‍්ස අන‍්තෙවාසිකෙසු වනමූලඵලාඵලත්‍ථාය ගතෙසු ගන‍්ත්‍වා ගොතමස‍්ස පණ‍්ණසාලාද‍්වාරෙ අට‍්ඨාසි. ගොතමො බුද‍්ධානං උප‍්පන‍්නභාවං අජානන‍්තොපි දූරතොව දසබලං දිස‍්වා “අයං පුරිසො ලොකතො මුත‍්තො හුත්‍වා පඤ‍්ඤායති, යථා අස‍්ස සරීරනිප‍්ඵත‍්ති යෙහි ච ලක‍්ඛණෙහි සමන‍්නාගතො අගාරමජ‍්ඣෙ වා තිට‍්ඨන‍්තො චක‍්කවත‍්තී රාජා හොති, පබ‍්බජන‍්තො වා විවට‍්ටච‍්ඡදො සබ‍්බඤ‍්ඤුබුද‍්ධො හොතී”ති ඤත්‍වා පඨමදස‍්සනෙනෙව දසබලං අභිවාදෙත්‍වා “ඉතො එථ භගවා”ති බුද‍්ධාසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. තථාගතො තාපසස‍්ස ධම‍්මං දෙසයමානො නිසීදි.

කල් ඉක්මුණු කල්හි ඒ ගොතම තාපසයාගේ මහළු කල්හි පදුමුත්තර දශබලයන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී නුවර ඇසුරු කර වාසය කළසේක. උන්වහන්සේ එක් දිනක උදෑසන කාලයෙහි ලොව බලා වදාරණසේක් ගෝතම තවුසාගේ පිරිසගේ රහත් බවට උපනිශ්‍රයද ගෝතම තවුසා ‘මම අනාගතයෙහි උපදින බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකභක්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි පතනබවද දැක උදයෙන්ම සිරුර පිළිදැගුම්කොට තමන්ගේ පාසිවුරු තෙමේම ගෙන අප්‍රකට වේශයකින් ගෝතම තවුසාගේ අතවැස්සන් වනමුල් පලවැල සඳහා ගියකල්හි වැඩම කොට ගෝතමගේ පන්සල් දොරටුවෙහි සිටිසේක. ගෝතම තෙමේ බුදුන්වහන්සේ උපන් බව නොදන්නේවුවද දුරදීම දශබලයන් වහන්සේ දැක මේ පුරුෂයා ලොවින් මිදුනෙක්වී පැනෙයි. මොහුගේ ශරීර නිෂ්පත්තිය යම්සේ වේද යම්වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූයේද (එබඳු පුද්ගලයා) ගිහිගෙහි සිටින්නේ හෝ සක්විති රජවෙයි. පැවිදිවන්නේ හෝ ඉවත්කරන ලද සසර පියසි ඇති සර්‍වඥවූ බුදු වේයයි දැන පළමු දැකීමෙන්ම දශබලයන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවැ’යි බුද්ධාසනයක් පනවා දුන්නේය. තථාගතයන්වහන්සේ තවුසාට දම් දෙසමින් වැඩහුන්සේක.

තස‍්මිං සමයෙ තෙ ජටිලා “පණීතපණීතං වනමූලඵලාඵලං ආචරියස‍්ස දත්‍වා සෙසකං පරිභුඤ‍්ජිස‍්සාමා”ති ආගච‍්ඡන‍්තා දසබලං උච‍්චාසනෙ, ආචරියං පන නීචාසනෙ නිසින‍්නං දිස‍්වා “පස‍්සථ, මයං ‘ඉමස‍්මිං ලොකෙ අම‍්හාකං ආචරියෙන උත‍්තරිතරො නත්‍ථී’ති විචරාම. ඉදානි පන නො ආචරියං නීචාසනෙ නිසීදාපෙත්‍වා උච‍්චාසනෙ නිසින‍්නකො එකො පඤ‍්ඤායති, මහන‍්තො වතායං පුරිසො භවිස‍්සතී”ති පිටකානි ගහෙත්‍වා ආගච‍්ඡන‍්ති. ගොතමතාපසො “ඉමෙ මං දසබලස‍්ස සන‍්තිකෙ වන්‍දෙය්‍යු”න‍්ති භීතො දූරතො ආහ – “තාතා, මා මං වන්‍දිත්‍ථ, සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලො සබ‍්බෙසං වන්‍දනාරහො පුරිසො ඉධ නිසින‍්නො, එතං වන්‍දථා”ති. තාපසා “න අජානිත්‍වා ආචරියො කථෙස‍්සතී”ති සබ‍්බෙව තථාගතස‍්ස පාදෙ වන්‍දිංසු. “තාතා, අම‍්හාකං අඤ‍්ඤං දසබලස‍්ස දාතබ‍්බයුත‍්තකං භොජනං නත්‍ථි, ඉමං වනමූලඵලාඵලං දස‍්සාමා”ති පණීතපණීතං බුද‍්ධානං පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථා වනමූලඵලාඵලං පරිභුඤ‍්ජි. තදනන‍්තරං තාපසොපි සද‍්ධිං අන‍්තෙවාසිකෙහි පරිභුඤ‍්ජි. සත්‍ථා භත‍්තකිච‍්චං කත්‍වා “ද‍්වෙ අග‍්ගසාවකා භික‍්ඛුසතසහස‍්සං ගහෙත්‍වා ආගච‍්ඡන‍්තූ”ති චින‍්තෙසි. තස‍්මිං ඛණෙ අග‍්ගසාවකො මහාදෙවලත්‍ථෙරො “කහං නු ඛො සත්‍ථා ගතො”ති ආවජ‍්ජෙන‍්තො “සත්‍ථා අම‍්හාකං ආගමනං පච‍්චාසීසතී”ති භික‍්ඛුසතසහස‍්සං ගහෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නමස‍්සමානො අට‍්ඨාසි.

එකල්හි ඒ ජටිලයෝ මිහිරි මිහිරි වනමුල් පලවැල ආචාර්‍ය්‍යවරයාට දී ඉතිරිය වළඳමුයි එන්නාහු උසසුන්හි හිඳිනා දශබලයන්වහන්සේසේද මිටි අසුනෙහි හිඳිනා ඇදුරුවරයාද දැක අපි මෙලොව අපගේ ඇදුරුවරයාගෙන් ශ්‍රේෂ්ඨවූවෙක් නැතැයි හැසුරුණෙමු. දැන් වනාහි අපගේ ඇදුරුතුමන් මිටි අසුනෙහි හිඳුවා උසසුන්හි හුන්නෙක් පැනෙයි. ඒකාන්තයෙන්ම මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේයයි (පලවැල) කුඩා රැගෙන ආවාහුය. (ගෝතම තවුසා) මොවුහු දශබලයන්වහන්සේ ඉදිරියෙහි මට වඳින්නාහුයයි බියපත් වුයේ, ‘දරුවනි, මට නොවඳින්න. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සියල්ලන්ගේ වැඳුමට සුදුසු වූ පුරුෂයා මෙහි හුන්නේය. උන්වහන්සේ වඳුව’යි කීවේය. තවුසෝ නොදැන ඇදුරුතුමා නොකියතියි සියල්ලෝම තථාගතයන්වහන්සේගේ පාදයන් වැන්දාහුය. දරුවනි, දශබලයන්වහන්සේට දිය යුතු අන් බොජුනක් අපට නැත. මේ වන මුල්පලාපල දෙන්නෙමුයි කියා මිහිරි මිහිරි දෙය බුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටවීය. ශාස්තෘන්වහන්සේ වනමුල්පලාපල වැළදූසේක. ඉන් අනතුරුව තවුසාද අතවැසියන් සමඟ වැළදුවේය. ශාස්තෘන්වහන්සේ බත්කිස කොට, ‘දෙඅගසව්වෝ භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන එත්වායි සිතූසේක. එසමයෙහි අගසව් මහාදේව තෙරුන්වහන්සේ ‘ශාස්තාන්වහන්සේ කොහි වැඩිසේක්දැයි විමසා බලන්නේ ශාස්තෘන්වහන්සේ අපගේ ගමන බලාපොරොත්තු වන සේකැයි භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන ශාස්තෘන් සමීපයට ගොස් වැඳ නමඳිමින් සිටියහ.

ගොතමො අන‍්තෙවාසිකෙ ආහ – “තාතා, අම‍්හාකං අඤ‍්ඤො සක‍්කාරො නත්‍ථි, භික‍්ඛුසඞ‍්ඝො දුක‍්ඛෙන ඨිතො. බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙස‍්සාම, ජලජථලජපුප‍්ඵානි ආහරථා”ති. තෙ තාවදෙව පබ‍්බතපාදතො වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ඉද‍්ධියා ආහරිත්‍වා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස වත්‍ථුම‍්හි වුත‍්තනයෙනෙව ආසනානි පඤ‍්ඤාපයිංසු. නිරොධසමාපත‍්තිසමාපජ‍්ජනම‍්පි ඡත‍්තධාරණම‍්පි සබ‍්බං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

ගෝතම තවුසා අතවැසියන්ට, දරුවනි, අපට වෙනත් සත්කාරයක් නැත. භික්‍ෂු සංඝයා දුකසේ සිටියේයි. බුදුපාමොක් බික් සඟනට මල් අසුනක් පනවන්නෙමු. දිය ගොඩමල් ගෙන එව්යයි කීවේය. ඔවුහු එකෙණෙහිම පර්‍වතපාදයෙන් පැහැයෙන් හා සුවඳින් යුත් මල් සෘද්ධියෙන් ගෙනවුත් සැරියුත්තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද අයුරින් අසුන් පැනවූහ. නිරෝධ සමාපත්තියට සමවැදීමද සත් දැරීමද සියල්ල කී ක්‍රමයෙන්ම දතයුතුය.

සත්‍ථා සත‍්තමෙ දිවසෙ නිරොධතො වුට‍්ඨාය පරිවාරෙත්‍වා ඨිතෙ තාපසෙ දිස‍්වා ධම‍්මකථිකභාවෙ එතදග‍්ගප‍්පත‍්තං සාවකං ආමන‍්තෙසි – “ඉමිනා භික‍්ඛු ඉසිගණෙන මහාසක‍්කාරො කතො, එතෙසං පුප‍්ඵාසනානුමොදනං කරොහී”ති. සො සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තීණි පිටකානි සම‍්මසිත්‍වා අනුමොදනං අකාසි. තස‍්ස දෙසනාපරියොසානෙ සත්‍ථා සයං බ්‍රහ‍්මඝොසං නිච‍්ඡාරෙත්‍වා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ ඨපෙත්‍වා ගොතමතාපසං සෙසා අට‍්ඨාරස සහස‍්සජටිලා අරහත‍්තං පාපුණිංසු.

ශාස්තෘන්වහන්සේ සත්වෙනි දිනයෙහි නිරෝධයෙන් නැඟිට පිරිවරා සිටි තවුසන් දැක ධර්‍මකථිකභාවයෙහි අග්‍රස්ථානයට පත් සව්වකුට ‘භක්‍ෂුව, මේ තවුස්ගණයා, විසින් මහත් බුද්ධසත්කාරයක් කරනලදී. මොවුනට මල් අසුන් අනුමෝදනාව කරන්නැ’යි පැවසූසේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ වචනය පිළිගෙන තුන්පිටකයන් සම්මර්‍ශනය කරමින් අනුමෝදනය කළේය. උන්වහන්සේගේ දෙසුම කෙළවර ශාස්තෘන්වහන්සේ තෙමේ බ්‍රහ්මස්වර විහිදුවා දම්දෙසූසේක. දෙසුමඅවසන්හි ගෝතමයන් හැර සෙසු අටළොස් දහසක් ජටිලයෝ රහත්බවට පැමිණියාහුය.

ගොතමො පන තෙනත‍්තභාවෙන පටිවෙධං කාතුං අසක‍්කොන‍්තො භගවන‍්තං ආහ – “භගවා යෙන භික‍්ඛුනා පඨමං ධම‍්මො දෙසිතො, කො නාම අයං තුම‍්හාකං සාසනෙ”ති? අයං ගොතම මය‍්හං සාසනෙ ධම‍්මකථිකානං අග‍්ගොති. “අහම‍්පි, භන‍්තෙ, ඉමස‍්ස සත‍්ත දිවසානි කතස‍්ස අධිකාරස‍්ස ඵලෙන අයං භික‍්ඛු විය අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ධම‍්මකථිකානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා පාදමූලෙ නිපජ‍්ජි.

ගෝතම වනාහි ඒ අත්බැවින් ප්‍රතිවේධ කිරීමට නොහැක්කේ භාග්‍යවතුන්වහන්සේට ‘භාග්‍යවතුන්වහන්ස, යම් භික්‍ෂුවක විසින් පළමුව ධර්‍මය දෙසන ලද්දේ? මෙතෙම නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක් නම් වේදැයි ඇසුවේය. ‘ගෝතමය, මෙතෙම මගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රයාය.’ ‘ස්වාමීනි, මමද සත්දිනක් කරනලද මේ ප්‍රාර්ථනාවගේ බලයෙලන් මේ භික්‍ෂුව මෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රවන්නෙමැ’යි ප්‍රාර්‍ත්‍ථනා කොට පාමුල්හි වැදහොත්තේය.

සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා අනන‍්තරායෙනස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං ඤත්‍වා “අනාගතෙ කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං තස‍්ස සාසනෙ ධම‍්මකථිකානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා තෙ අරහත‍්තප‍්පත‍්තෙ තාපසෙ “එථ භික‍්ඛවො”ති ආහ. සබ‍්බෙ අන‍්තරහිතකෙසමස‍්සූ ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරසදිසා අහෙසුං. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝමාදාය විහාරං ගතො.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව මොහුගේ පැතුම ඉටුවන බව දැන, ‘අනාගතයෙහි කල්ප ලක්‍ෂයක අවෑමෙවන් ගෞතම නම් බුදුකෙනෙක් උපදින්නාහ. නුඹ උන්වහන්සේගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍ර වන්නේය’යි විවරණදී ඒ රහත්වූ තවුසන්ට ‘එව්, මහණෙනි’යි වදාළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස් රැවුල් ඇත්තාහු සෘද්ධිමයවූ පාසිවුරු දරන්නාහු වස් සියයක් ඇති තෙරුන් මෙන් වූහ. ශාස්තෘන්වහන්සේ බික්සඟන සමඟ විහාරයට වැඩිසේක.

ගොතමොපි යාවජීවං තථාගතං පරිචරිත්‍වා යථාබලං කල්‍යාණකම‍්මං කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ කපිලවත්‍ථුනගරස‍්ස අවිදූරෙ දොණවත්‍ථුබ්‍රාහ‍්මණගාමෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ පුණ‍්ණමාණවොති නාමං අකංසු. සත්‍ථරි අභිසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුපුබ‍්බෙන ආගන‍්ත්‍වා රාජගහං උපනිස‍්සාය විහරන‍්තෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො කපිලවත්‍ථුං ගන‍්ත්‍වා අත‍්තනො භාගිනෙය්‍යං පුණ‍්ණමාණවං පබ‍්බාජෙත්‍වා පුනදිවසෙ දසබලස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා ආපුච‍්ඡිත්‍වා නිවාසත්‍ථාය ඡද‍්දන‍්තදහං ගතො. පුණ‍්ණොපි මන‍්තාණිපුත‍්තො මාතුලෙන අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරෙන සද‍්ධිං දසබලස‍්ස සන‍්තිකං අගන‍්ත්‍වා “මය‍්හං පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පාපෙත්‍වාව දසබලස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති කපිලවත්‍ථුස‍්මිංයෙව ඔහීනො යොනිසොමනසිකාරෙ කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතකුලපුත‍්තාපි පඤ‍්චසතා අහෙසුං. ථෙරො සයං දසකථාවත්‍ථුලාභිතාය තෙපි දසහි කථාවත්‍ථූහි ඔවදති. තෙ තස‍්ස ඔවාදෙ ඨත්‍වා සබ‍්බෙව අරහත‍්තං පත‍්තා.

ගෝතමද දිවිඇති තෙක් තථාගතයන් වහන්සේ ඇසුරු කොට ශක්ති පරිද්දෙන් පින්කම්කොට කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අපගේ බුදුන්වහන්සේගේ කාලයෙහි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්‍ථු බමුණුගමෙහි බමුණු මහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි පුණ්ණ මානවයායි නමක් කළාහුය. ශාස්තෘන්වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිව පිළිවෙළින් අවුත් රජගහ නුවර ඇසුරු කොට වාසය කරනකල්හි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ කිඹුල්වතට ගොස් තමාගේ බෑණණුවන් වන පුණ්ණ මානවකයා පැවිදි කරවා යලි බුදුන්වහන්සේ වෙත අවුත් උන්වහන්සේ වැඳ සැල කොට විසීම සඳහා ඡද්දන්ත විලට වැඩියහ. පුණ්ණ මන්තානිපුත්ත තෙමේද මයිලණුවන් වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් සමඟ බුදුන්වහන්සේ සමීපයට නොගොස් මගේ පැවිදිකිස මුදුන් පමුණුවාම බුදුන් සමීපයට යන්නේමැයි කිඹුල්වතෙහිම නැවතුනේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය. උන්වහන්සේ සමීපයෙහි පැවිදිවූ කුලපුත්‍රයෝද පන්සියයක් වූහ. තෙරුන්වහන්සේ තෙමේ දසවත්‍ථුකථා ලැබීම් ඇති හෙයින් ඔවුන්ටද දසවත්‍ථු කථාවන්ගෙන් අවවාද කරති. ඔවුහු උන්වහන්සේගේ අවවාදයෙහි සිට සියල්ලෝම රහත්බවට පත්වූහ.

තෙ අත‍්තනො පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්තං ඤත්‍වා උපජ‍්ඣායං උපසඞ‍්කමිත්‍වා ආහංසු – “භන‍්තෙ, අම‍්හාකං කිච‍්චං මත්‍ථකං පත‍්තං, දසන‍්නඤ‍්ච මහාකථාවත්‍ථූනං ලාභිනො, සමයො නො දසබලං පස‍්සිතු”න‍්ති. ථෙරො තෙසං කථං සුත්‍වා චින‍්තෙසි – “මම දසකථාවත්‍ථුලාභිතං සත්‍ථා ජානාති, අහං ධම‍්මං දෙසෙන‍්තො දස කථාවත්‍ථූනි අමුඤ‍්චන‍්තොව දෙසෙමි. මයි ගච‍්ඡන‍්තෙ සබ‍්බෙපිමෙ භික‍්ඛූ පරිවාරෙත්‍වා ගච‍්ඡිස‍්සන‍්ති, එවං ගණසඞ‍්ගණිකාය ගන‍්ත්‍වා පන අයුත‍්තං මය‍්හං දසබලං පස‍්සිතුං, ඉමෙ තාව ගන‍්ත්‍වා පස‍්සන‍්තූ”ති තෙ භික‍්ඛූ ආහ – “ආවුසො, තුම‍්හෙ පුරතො ගන‍්ත්‍වා තථාගතං පස‍්සථ, මම වචනෙන දසබලස‍්ස පාදෙ වන්‍දථ, අහම‍්පි තුම‍්හාකං ගතමග‍්ගෙන ගමිස‍්සාමී”ති.

ඔවුහු තමන්ගේ පැවිදි කිස මුදුන් පත්බව දැන උපාධ්‍යයයන් වෙත එළඹ, ‘ස්වාමීනි, අපගේ කිස මුදුන් පැමිණියේයි. දසකථාවත්‍ථුලාභිහුද වෙමු. අපට බුදුන් දැකීමට කාලයයි’ කීහ. තෙරුන්වහන්සේ ඔවුන්ගේ කථාව අසා, ‘මගේ දසකථාවත්‍ථුලාභිතාව බුදුන්වහන්සේ දන්නා සේක. මම දම් දෙසසන්නෙම් දසකථාවස්තූන් නොහැරම දෙසමි මා යනකල්හි මේ සියල්ලෝම මා පිරිවරා යන්නාහ. මෙසේ ගණසංඝනිකාවෙන් ගොස් බුදුන් දැකීමට මට නොසුදුසුය. මොවුහු පළමුව ගොස් බුදුන් දකිත්වා’යි (සිතා) ඇවැත්නි, නුඹලා කලින් ගොස් තථාගතයනවහන්සේ දකිවු. මගේ වචනයෙන් උන්වහන්සේගේ දෙපාද නමදිවු. මමද නුඹලා ගිය මගින්මයන්නෙමි’යි ඒ භික්‍ෂූන්ට කීහ.

තෙ ථෙරා සබ‍්බෙපි දසබලස‍්ස ජාතිභූමිරට‍්ඨවාසිනො සබ‍්බෙ ඛීණාසවා සබ‍්බෙ දසකථාවත්‍ථුලාභිනො අත‍්තනො උපජ‍්ඣායස‍්ස ඔවාදං අභින්‍දිත්‍වා අනුපුබ‍්බෙන චාරිකං චරන‍්තා සට‍්ඨියොජනමග‍්ගං අතික‍්කම‍්ම රාජගහෙ වෙළුවනමහාවිහාරං ගන‍්ත්‍වා දසබලස‍්ස පාදෙ වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. ආචිණ‍්ණං ඛො පනෙතං බුද‍්ධානං භගවන‍්තානං ආගන‍්තුකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදිතුන‍්ති භගවා තෙහි සද‍්ධිං “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීය”න‍්තිආදිනා නයෙන මධුරපටිසන්‍ථාරං කත්‍වා “කුතො ච තුම‍්හෙ, භික‍්ඛවෙ, ආගච‍්ඡථා”ති පුච‍්ඡි. තෙහි “ජාතිභූමිතො”ති වුත‍්තෙ “කො නු ඛො, භික‍්ඛවෙ, ජාතිභූමියං ජාතිභූමකානං භික‍්ඛූනං සබ්‍රහ‍්මචාරීහි එවං සම‍්භාවිතො අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා”ති දසකථාවත්‍ථුලාභිං භික‍්ඛුං පුච‍්ඡි. තෙපි “පුණ‍්ණො නාම, භන‍්තෙ, ආයස‍්මා මන‍්තාණිපුත‍්තො”ති ආරොචයිංසු. තං කථං සුත්‍වා ආයස‍්මා සාරිපුත‍්තො ථෙරස‍්ස දස‍්සනකාමො අහොසි.

බුදුන්වහන්සේගේ උපන් රටෙහි වසන්නාවූ ඒ සියලු තෙරවරුම සියල්ලෝ ක්‍ෂීණාශ්‍රව වූවාහු සියල්ලෝ දසකථාවත්‍ථුලාභිවූවාහු තමන්ගේ උපාධ්‍යායයන්ගේ අවවාදය කඩනොකොට තෙරුන් වැඳ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් සැටයොදුන් මඟ ඉක්මවා රජගහනුවරෙහි වෙළුවන විහාරයට ගොස් බුදුන්වහ්නසේගේ පා වැඳ එකත්පසෙක හුන්නාහුය. ‘ආගන්තුක භික්‍ෂුන් සමඟ පිළිසඳරෙහි යෙදීම භාග්‍යවත්වූ බුදුවරුන්ගේ පුරුද්දකි’යි භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුන් සමඟ ‘මහණෙනි, සුවදුක් කෙසේද’ ආදීවශයෙන් මිහිරි පිළිසඳර කොට ‘මහණෙනි, තෙපි කොහි සිට ආවුහුදැ’යි විමසූසේක. ඔවුන් විසින් ‘ජාතිභූමියෙන්’ යයි කී කල්හි, ‘මහණෙනි ජාතිභූමියෙහි ජාතිභූමකවූ භික්‍ෂූන්ට සබ්‍රම්සරුන් ලවා මෙසේ සම්භාවනා කරනලද්දේ තමාද අපිස්වූයේ භික්‍ෂූන්ට අපිස්කතා කළ තැනැත්තේ කවුරුදැ’යි දසකථාවත්‍ථුලාභීවූ භික්‍ෂුව ගරන විමසූසේක. ඔවුහුද ‘ස්වාමීනි, පුණ්ණ නම්වූ ආයුෂ්මත් මන්තානි පුත්‍රයයි සැළකළාහුය. ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ ඒ කථාව අසා තෙරුන් දකිනු කැමැත්තෝ වූහ.

අථ සත්‍ථා රාජගහතො සාවත්‍ථිං අගමාසි. පුණ‍්ණත්‍ථෙරො දසබලස‍්ස තත්‍ථ ආගතභාවං සුත්‍වා “සත්‍ථාරං පස‍්සිස‍්සාමී”ති ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියංයෙව තථාගතං සම‍්පාපුණි. සත්‍ථා තස‍්ස ධම‍්මං දෙසෙසි. ථෙරො ධම‍්මං සුත්‍වා දසබලං වන්‍දිත්‍වා පටිසල‍්ලානත්‍ථාය අන්‍ධවනං ගන‍්ත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. සාරිපුත‍්තත්‍ථෙරොපි තස‍්ස ගමනං සුත්‍වා සීසානුලොකිකො ගන‍්ත්‍වා ඔකාසං සල‍්ලක‍්ඛෙත්‍වා තං රුක‍්ඛමූලං උපසඞ‍්කමිත්‍වා ථෙරෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා සත‍්තවිසුද‍්ධික‍්කමං පුච‍්ඡි. ථෙරොපිස‍්ස පුච‍්ඡිතං පුච‍්ඡිතං බ්‍යාකාසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසු. අථ සත්‍ථා අපරභාගෙ භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

ඉක්බිති ශාස්තෘන්වහන්සේ රජගහනුවරින් සැවතට වැඩිසේක. පුණ්ණ තෙරණුවෝ එහි දශබලයන්වහන්සේගේ පැමිණීම අසා, ‘ශාස්තෘන්වහන්සේ දකින්නෙමි’යයි ගොස් ඇතුළු ගඳ කිළියෙහිදීම තථාගතයන්වහන්සේ වෙත එළඹුණහ. ශාස්තෘන්වහන්සේ ඔහුට දම් දෙසූසේක. තෙරණුවෝ දහම් අසා බුදුන් වැඳ විවේකය සඳහා අන්‍ධවනයට ගොස් එක්තරා රුක්මුලක දිවාවිහාරණයෙහි හුන්සේක. සැරියුත් තෙරණුවෝද උන්වහන්සේගේ පැමිණීම අසා හිස් අනුව බලමින් ගොස් අවස්ථාව සලකා ඒ රුක්මුලට ගොස තෙරුන් සමඟ සතුටු වී සප්ත විශුද්ධි පිළිවෙළ විමසූහ. තෙරුන්වහන්සේද සැරියුත් තෙරුන් විමසූ විමසූදෙය පැහැදිලි කළහ. ඔවුහු ඔවුනොවුන්ගේ යහපත් කථා පිළිබඳව සතුටුවූහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි බික්සඟන මැද වැඩසිටිසේක් තෙරුන් ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

මහාකච‍්චානත්‍ථෙරවත්‍ථු

මහාකච්චාන තෙරණුවෝ

දසමෙ සංඛිත‍්තෙන භාසිතස‍්සාති සංඛිත‍්තෙන කථිතධම‍්මස‍්ස. විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානන‍්ති තං දෙසනං විත්‍ථාරෙත්‍වා අත්‍ථං විභජමානානං. අඤ‍්ඤෙ කිර තථාගතස‍්ස සඞ‍්ඛෙපවචනං අත්‍ථවසෙන වා පූරෙතුං සක‍්කොන‍්ති බ්‍යඤ‍්ජනවසෙන වා, අයං පන ථෙරො උභයවසෙනපි සක‍්කොති. තස‍්මා අග‍්ගොති වුත‍්තො. පුබ‍්බපත්‍ථනාපි චස‍්ස එවරූපාව.

දසවැන්නෙහි සංඛිත්තෙන භාසිතස්ස යනු සැකෙවින් කියනලද ධර්‍මයාගේයිය. විත්‍ථාරෙන අත්‍ථං විභජන්තානං යනු ඒ දෙසුම විස්තර කොට අර්‍ත්‍ථය බෙදාදක්වන්නවුන් අතුරිනි. අන් අය වනාහි තථාගතයන්වහන්සේගේ සංක්‍ෂිප්ත වචනය අර්‍ත්‍ථවශයෙන් හෝ ව්‍යංජන වශයෙන් හෝ සපුරන්නට හැකිවෙත්. මේ තෙරුන්වහන්සේ, වනාහි දෙපරිද්දෙන්ම හැකිවන්නාහ. එබැවින් අග්‍රයයි කියනු ලැබෙත්. උන්වහන්සේගේ පෙර පැතුමද එබඳුමයි.

අයං පනස‍්ස පඤ‍්හකම‍්මෙ අනුපුබ‍්බිකථා – අයං කිර පදුමුත‍්තරසම‍්මාසම‍්බුද‍්ධකාලෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වුද‍්ධිප‍්පත‍්තො එකදිවසං වුත‍්තනයෙනෙව විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං අත‍්තනා සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං එකං භික‍්ඛුං දිස‍්වා “මහන‍්තො වතායං භික‍්ඛු, යං සත්‍ථා එවං වණ‍්ණෙති, මයාපි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති සත්‍ථාරං නිමන‍්තෙත්‍වා වුත‍්තනයෙනෙව සත‍්තාහං මහාදානං දත්‍වා, “භන‍්තෙ, අහං ඉමස‍්ස සක‍්කාරස‍්ස ඵලෙන න අඤ‍්ඤං සම‍්පත‍්තිං පත්‍ථෙමි, අනාගතෙ පන එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ඉතො සත‍්තදිවසමත්‍ථකෙ තුම‍්හෙහි ඨානන‍්තරෙ ඨපිතභික‍්ඛු විය අහම‍්පි තං ඨානන‍්තරං ලභෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා පාදමූලෙ නිපජ‍්ජි. සත්‍ථා අනාගතං ඔලොකෙන‍්තො “සමිජ‍්ඣිස‍්සති ඉමස‍්ස කුලපුත‍්තස‍්ස පත්‍ථනා”ති දිස‍්වා “අම‍්භො, කුලපුත‍්ත, අනාගතෙ කප‍්පසතසහස‍්සාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, ත්‍වං තස‍්ස සාසනෙ සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකරිත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි.

මේවනාහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි පිලිවෙළ කථාවයි. මෙතෙම පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාලයෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාසතෘන්වහන්සේ දැක, ශාස්තෘන්වහන්සේ යමකු මෙසේ වර්‍ණණා කරනසේකද මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෙකි මා විසින්ද අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මෙබන්දකු වීමට වටීයයි ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට (පෙර) කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන්දී, ස්වාමීනි, මම මෙම සත්කාරයාගේ බෙලෙන් අන් සැපතක් නොපතමි.’ අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මෙයින් සත්දිනකට මත්තෙහි නුඹවහන්සේ විසින් තනතුරෙහි තැබූ භික්ෂුව මෙන් මමද ඒ තනතුර ලබම්වා’යි ප්‍රාර්‍ත්‍ථනාකොට පාමුල්හි වැද හොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ‘මෙම කුලපුත්‍රයාගේ පැතුම ඉටුවන්නේය’යි දැක, පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් පහළ වන්නාහ. ඔබ උන්වහන්සේගේ සසුනෙහි සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂුන් අතුරෙන් අග්‍ර වන්නෙහියයි විවරණදී අනුමෙවෙනි කොට වැඩිසේක.

සොපි කුලපුත‍්තො යාවජීවං කුසලං කත්‍වා කප‍්පසතසහස‍්සං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා කස‍්සපබුද‍්ධකාලෙ බාරාණසියං කුලගෙහෙ පටිසන්‍ධිං ගහෙත්‍වා සත්‍ථරි පරිනිබ‍්බුතෙ සුවණ‍්ණචෙතියකරණට‍්ඨානං ගන‍්ත්‍වා සතසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණිට‍්ඨකාය පූජං කත්‍වා “භගවා මය‍්හං නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරං සුවණ‍්ණවණ‍්ණං හොතූ”ති පත්‍ථනං අකාසි. තතො යාවජීවං කුසලකම‍්මං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං දසබලස‍්ස උප‍්පත‍්තිකාලෙ උජ‍්ජෙනිනගරෙ පුරොහිතස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති. තස‍්ස නාමග‍්ගහණදිවසෙ “මය‍්හං පුත‍්තො සුවණ‍්ණවණ‍්ණසරීරො අත‍්තනාව අත‍්තනො නාමං ගහෙත්‍වා ආගතො”ති කඤ‍්චනමාණවොතෙවස‍්ස නාමං අකංසු. සො වුද‍්ධිමන්‍වාය තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන පුරොහිතට‍්ඨානං ලභි. සො ගොත‍්තවසෙන කච‍්චානො නාම ජාතො.

ඒ කුලපුතුද දිවි ඇති තෙක් කුසල්කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන ශාස්තෘන් පිරිනිවන් පෑකල්හි ස්වර්‍ණ චෛත්‍යය කරන තැනට එය ලක්‍ෂයක් වටිනා රන් උළුයෙන් පුදු කොට ‘භාගයවතුන්වහන්ස, උපනුපන් තන්හි මගේ සිරුර රන්වන් වේවා’යි ප්‍රාර්‍ත්‍ථනා කළේය. ඉන් දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ බුදුන්වහන්සේගේ උප්පත්ති කාලයෙහි උජ්ජයිනි නගරයෙහි පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි, මගේ පුතා රන්වන් සිරුර ඇත්තෙකි. තමා විසින්ම තමාගේ නමගෙන ආවෙකිසි ඔහුට කඤ්චනමානටකයායි නමක් කළාහුය. හෙතෙම වියට පැමිණ තුන් වේදයන් උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබුවේය. හෙතෙම ගෝත්‍ර වශයෙන් කච්චාන නම් වූයේය.

චණ‍්ඩපජ‍්ජොතරාජා අමච‍්චෙ සන‍්නිපාතෙත්‍වා ආහ – “බුද‍්ධො ලොකෙ නිබ‍්බත‍්තො, තං ආනෙතුං සමත්‍ථා ගන‍්ත්‍වා ආනෙථ තාතා”ති. දෙව, අඤ‍්ඤො දසබලං ආනෙතුං සමත්‍ථො නාම නත්‍ථි, ආචරියො කච‍්චානබ්‍රාහ‍්මණොව සමත්‍ථො, තං පහිණථාති. රාජා තං පක‍්කොසාපෙත්‍වා, “තාත, දසබලස‍්ස සන‍්තිකං ගච‍්ඡාහී”ති ආහ. ගන‍්ත්‍වා පබ‍්බජිතුං ලභන‍්තො ගමිස‍්සාමි, මහාරාජාති. යංකිඤ‍්චි කත්‍වා තථාගතං ආනෙහි, තාතාති. සො “බුද‍්ධානං සන‍්තිකං ගච‍්ඡන‍්තස‍්ස මහාපරිසාය කම‍්මං නත්‍ථී”ති අත‍්තට‍්ඨමො අගමාසි. අථස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සද‍්ධිං සත‍්තහි ජනෙහි සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. සත්‍ථා “එථ භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තංඛණංයෙව සබ‍්බෙව අන‍්තරහිතකෙසමස‍්සූ ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය ජාතා.

චණ්ඩප්පජ්ජොත රජතෙමේ ඇමතියන් රැස්කරවා, ‘බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. දරුවනි, උන්වහන්සේ වැඩමවා ගෙන ඒමට හැකි අය ගොස් වැඩමවාගෙන එවු’යයි කීවේය. ‘දේවයන්වහන්ස, දශබලයන් වහන්සේ වැඩමවාගෙන ඒමට අන් සමතෙක් නැත. ආචාර්‍ය්‍ය කච්චාන බ්‍රාහ්මණයාටම සමත්වෙයි. ඔහු යවනු මැනවැ’යි කීහ. රජතෙමේ ඔමු කැඳවා, දරුව බුදුන් සමීපයට යව’යි කීවේය. ‘මහරජ, ගොස් පැවිදිවීමට ලබන්නේ යන්නෙමි’යි බමුණා කිවේය. ‘දරුව, යම්කිසිවක් කොට තථාගතයන්වහන්සේ ගෙනෙව.’ හෙතෙම බුදුන් සමීපයට යන්නහුට මහපිරිසකගෙන් වැඩක් නැතැයි තමන් තමන් අටවැන්නා කොට ඇත්තේ ගියේය. ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුට ධර්‍මදේශනා කළ සේක. දෙසුම අවසන්හි සත්දෙනා සමඟ පිළිසිඹියා සහිත රහත් බවට පත්විය. ශාස්තෘන්වහන්සේ, ‘මහණෙනි, එවු’යයි අත දිගුකළ සේක. එකෙණෙහිම සියල්ලෝ අතුරුදන්වූ කෙස් රැවුල් ඇත්තෝ සෘද්ධිමය පාසිවුරු දරන්නාහු වස්සියයක්වූ තෙරවරුන් මෙන් වූවාහුය.

ථෙරො අත‍්තනො කිච‍්චෙ මත්‍ථකං පත‍්තෙ තුණ‍්හීභාවෙන අනිසීදිත්‍වා කාළුදායිත්‍ථෙරො විය සත්‍ථු උජ‍්ජෙනිගමනත්‍ථාය ගමනවණ‍්ණං කථෙසි. සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා “කච‍්චානො අත‍්තනො ජාතිභූමියං මම ගමනං පච‍්චාසීසතී”ති අඤ‍්ඤාසි. බුද‍්ධා ච නාම එකං කාරණං පටිච‍්ච ගන‍්තුං අයුත‍්තට‍්ඨානං න ගච‍්ඡන‍්ති. තස‍්මා ථෙරං ආහ – “ත්‍වංයෙව භික‍්ඛු ගච‍්ඡ, තයි ගතෙපි රාජා පසීදිස‍්සතී”ති. ථෙරො “බුද‍්ධානං ද‍්වෙ කථා නාම නත්‍ථී”ති තථාගතං වන්‍දිත්‍වා අත‍්තනා සද‍්ධිං ආගතෙහි සත‍්තහි භික‍්ඛූහි සද‍්ධිං උජ‍්ජෙනිං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ තෙලපනාළි නාම නිගමො, තත්‍ථ පිණ‍්ඩාය චරි. තස‍්මිං ච නිගමෙ ද‍්වෙ සෙට‍්ඨිධීතරො. තාසු එකා පරිජිණ‍්ණකුලෙ නිබ‍්බත‍්තා දුග‍්ගතා මාතාපිතූනං අච‍්චයෙන ධාතිං නිස‍්සාය ජීවති. අත‍්තභාවො පනස‍්සා සමිද‍්ධො, කෙසා අඤ‍්ඤාහි අතිවිය දීඝා. තස‍්මිංයෙව නිගමෙ අඤ‍්ඤා ඉස‍්සරසෙට‍්ඨිකුලස‍්ස ධීතා නික‍්කෙසිකා. සා තතො පුබ‍්බෙ තස‍්සා සමීපං පෙසෙත්‍වා “සතං වා සහස‍්සං වා දස‍්සාමී”ති වත්‍වාපි කෙසෙ ආහරාපෙතුං නාසක‍්ඛි.

තෙරුන්වහන්සේ තමාගේ කිස මුදුන්පත් වූ කල්හි නිහඬව නොහිඳ කාළුදායී තෙරුන් මෙන් ශාස්තෘන්වහන්සේට උජ්ජෙනිපුරට යාම සඳහා ගමන් වැණුම කළේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා කච්චාන තෙමේ තමන් උපන් රටට යාම බලාපොරොත්තු වේයයි දැනගත්සේක. බුදුවරුනම් එක්කරුණක් නිසා යාමට නුසුදුසු තැනට නොයති. එහෙයින් තෙරුන්ට, ‘භික්‍ෂුව, නුඹම යන්න. නුඹ ගිය කල්හිද රජතෙමේ පැහැදෙයි’යි කීසේක. තෙරුන්වහන්සේ බුදුන්වහන්සේලාගේ කථා දෙකක් නම් නැතැයි තථාගතයන් වැද තමන් සමඟ ආවාවූම භික්‍ෂූන් සත්දෙනා සමඟ උජ්ජියිනියට යන්නාහු අතරමග තෙලප්පනාලි නම් නියම්ගමක් වේ, එහි පිඬුපිණිස හැසිරුණහ. ඒ නියම්ගමෙහි සිටුදියණියන් දෙදෙනෙක්වූහ. එකියක් පිරිහුණු කුලයක උපන්නී දිළිඳුවූවා මව්පියන්ගේ ඇවෑමෙන් කිරිමව නිසා ජීවත්වෙයි. ඇයගේ ආත්මභාවය වනාහි සමෘද්ධිමත්ය. කෙස් අන්‍යයන්ට වඩා බෙහෙවින් දිගුය. ඒ නියම් ගමෙහිම අනෙක් ඉසුරුමත් සිටු කුලයෙහි දියණිය කෙස් නැත්තීය. ඕ එයින් පෙර ඇයගේ සමීපයට යවා සියයක් හෝ දහසක් හෝ දෙන්නෙමියි කියාද කෙස් ගෙන්වා ගැනීමට නොහැකිවූවාය.

තස‍්මිං පන දිවසෙ සා සෙට‍්ඨිධීතා මහාකච‍්චානත්‍ථෙරං සත‍්තහි භික‍්ඛූහි පරිවුතං තුච‍්ඡපත‍්තං ආගච‍්ඡන‍්තං දිස‍්වා “අයං සුවණ‍්ණවණ‍්ණො එකො බ්‍රහ‍්මබන්‍ධුභික‍්ඛු යථාධොතෙනෙව පත‍්තෙන ආගච‍්ඡති, මය‍්හඤ‍්ච අඤ‍්ඤං ධනං නත්‍ථි. අසුකසෙට‍්ඨිධීතා පන ඉමෙසං කෙසානං අත්‍ථාය පෙසෙසි. ඉදානි ඉතො ලද‍්ධඋප‍්පාදෙන සක‍්කා ථෙරස‍්ස දෙය්‍යධම‍්මං දාතු”න‍්ති ධාතිං පෙසෙත්‍වා ථෙරෙ නිමන‍්තෙත්‍වා අන‍්තොගෙහෙ නිසීදාපෙසි. ථෙරානං නිසින‍්නකාලෙ ගබ‍්භං පවිසිත්‍වා ධාතියා අත‍්තනො කෙසෙ කප‍්පාපෙත්‍වා, “අම‍්ම, ඉමෙ කෙසෙ අසුකාය නාම සෙට‍්ඨිධීතාය දත්‍වා යං සා දෙති, තං ආහර, අය්‍යානං පිණ‍්ඩපාතං දස‍්සාමා”ති. ධාති පිට‍්ඨිහත්‍ථෙන අස‍්සූනි පුඤ‍්ඡිත්‍වා එකෙන හත්‍ථෙන හදයමංසං සන්‍ධාරෙත්‍වා ථෙරානං සන‍්තිකෙ පටිච‍්ඡාදෙත්‍වා තෙ කෙසෙ ආදාය තස‍්සා සෙට‍්ඨිධීතාය සන‍්තිකං ගතා.

එදිනයෙහි ඒ සිටුදියණිය භික්‍ෂූන් සත්දෙනකු පිරිවර කොට ඇති මහාකච්චාන තෙරුන්වහන්සේ හිස් පාත්‍රය ඇතිව යනු දැක, ‘මේ රන්වනුවූ එක් බ්‍රාහ්මණභික්‍ෂුවක් සේදූ ලෙසින්මවු පාත්‍රයෙන් වඩියි. මටද වෙන ධනයක් නැත. අසුවල් සිටු දියණිය මේ කෙස් සඳහා (පණිවිඩ) එවයි. දැන් මෙයින් ලැබූ ඉපැයීමෙන් තෙරුන්ට දාන වස්තුවක් දීමට හැකිය’යි කිරීමව යවා තෙරවරුන් ආරාධනා කොට ඇතුළු ගෙහි වැඩහිඳෙව්වාය. තෙරවරුන් වැඩසිටි කල්හි ගැබට පිවිස කිරිමව ලවා තමන්ගේ කෙස් කප්පවා, ‘මෑණියනි මේ කෙස් අසුවල් නම් සිටුදියණියටදී ඕ යමක්දෙයිද එය ගෙනෙන්න. ආර්‍ය්‍යයන්ට පිණ්ඩපාතය දෙන්නෙමු’යි කීවාය. කිරිමව පිටිඅතින් කඳුළු පිස එක් අතකින් හෘදයමාංශය වළක්වා තෙරුන් සමීපයෙහි සඟවාගෙන ඒකෙස් ගෙන ඒ සිටුදියණිය සමීපයට ගියාය.

පණියං නාම සාරවන‍්තම‍්පි සයං උපනීතං ගාරවං න ජනෙති, තස‍්මා සා සෙට‍්ඨිධීතා චින‍්තෙසි – “අහං පුබ‍්බෙ බහුනාපි ධනෙන ඉමෙ කෙසෙ ආහරාපෙතුං නාසක‍්ඛිං, ඉදානි පන ඡින‍්නකාලතො පට‍්ඨාය න යථාමූලමෙව ලභිස‍්සතී”ති. ධාතිං ආහ – “අහං පුබ‍්බෙ තව සාමිනිං බහුනාපි ධනෙන කෙසෙ ආහරාපෙතුං නාසක‍්ඛිං, යත්‍ථ කත්‍ථචි විනිපාතා පන නිජ‍්ජීවකෙසා නාම අට‍්ඨ කහාපණෙ අග‍්ඝන‍්තී”ති අට‍්ඨෙව කහාපණෙ අදාසි. ධාති කහාපණෙ ආහරිත්‍වා සෙට‍්ඨිධීතාය අදාසි. සෙට‍්ඨිධීතා එකෙකං පිණ‍්ඩපාතං එකෙකකහාපණග‍්ඝනකං කත්‍වා ථෙරානං දාපෙසි. ථෙරො ආවජ‍්ජිත්‍වා සෙට‍්ඨිධීතාය උපනිස‍්සයං දිස‍්වා “කහං සෙට‍්ඨිධීතා”ති පුච‍්ඡි. ගබ‍්භෙ, අය්‍යාති. පක‍්කොසථ නන‍්ති. සා ච ථෙරෙසු ගාරවෙන එකවචනෙනෙව ආගන‍්ත්‍වා ථෙරෙ වන්‍දිත්‍වා බලවසද‍්ධං උප‍්පාදෙසි. සුඛෙත‍්තෙ පතිට‍්ඨිතපිණ‍්ඩපාතො දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං දෙතීති සහ ථෙරානං වන්‍දනෙන කෙසා පකතිභාවෙයෙව අට‍්ඨංසු. ථෙරාපි තං පිණ‍්ඩපාතං ගහෙත්‍වා පස‍්සන‍්තියායෙව සෙට‍්ඨිධීතාය වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා කඤ‍්චනවනුය්‍යානෙ ඔතරිංසු.

වෙළඳ බඩුව නම් හරවත්වූවත් තෙමේ යවන ලද්දේ ගෞරවය නොඋපදවයි. එහෙයින් ඒ සිටුදුව, ‘මම පෙර බොහෝ ධනයෙනුදු මේ කෙස් ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. දැන්වනාහි සිඳින ලද කාලයෙහි පටන් මිල පරිද්දෙන් ලබන්නේය’යි කිරීමවට කීවාය: මම පෙර ඔබගේ ස්වාමිදියණියට බොහෝ ධනයෙන්ද මේ කෙස්ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. යම් තැනකට යවන ලද ජීවකේශයෝ කහවණු අටක්ම අගය වෙතියි කහවණු අටක්ම දුන්නාය. කිරිමව කහවණු ගෙනගොස් සිටුදියණියට දුන්නාය. සිටු දුව එක් එක් පිණ්ඩපාතය එක් එක් කහවණුවක් කොට තෙරවරුන්ට දෙවෙව්වාය. තෙරුන්වහන්සේ නුවණින් සලකා බලා සිටුදියණියගේ උපනිශ්‍රය දැක සිටුදුව කොහිදැයි ඇසූහ. ‘ආර්‍ය්‍යයන්වහන්ස, ගර්‍හයෙහිය.’ ‘ඇය කැඳවන්න.’ ඕතොමෝ තෙරුන් කෙරෙහිවූ ගෞරවයෙන් එක් වචනයකින්ම අවුත් තෙරුන් වැඳ මහත් ශ්‍රද්ධාවක් ඉපදෙව්වාය. ‘යහපත් කෙතෙහි පිහිටුවනලද පිණ්ඩපාතය ඉහාත්මයෙහිම විපාකදේය’යි තෙරුන්ට වැඳීමත් සමඟ කෙස් පියෙවි බැව්හිම සිටියේය. තෙරවරු ඒ පිණ්ඩපාතය ගෙන සිටු දියනියබලා සිටියදීම අහසට නැඟී කංචනවනොද්‍යානයෙහි බටහ.

උය්‍යානපාලො ථෙරං දිස‍්වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “දෙව, මෙ අය්‍යො පුරොහිතො කච‍්චානො පබ‍්බජිත්‍වා උය්‍යානමාගතො”ති ආහ. රාජා චණ‍්ඩපජ‍්ජොතො උය්‍යානං ගන‍්ත්‍වා කතභත‍්තකිච‍්චං ථෙරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “කහං, භන‍්තෙ, භගවා”ති පුච‍්ඡි. සත්‍ථා සයං අනාගන‍්ත්‍වා මං පෙසෙසි මහාරාජාති. කහං, භන‍්තෙ, අජ‍්ජ භික‍්ඛං අලත්‍ථාති? ථෙරො රඤ‍්ඤො පුච‍්ඡාසභාගෙන සබ‍්බං සෙට‍්ඨිධීතාය කතං දුක‍්කරං ආරොචෙසි. රාජා ථෙරස‍්ස වසනට‍්ඨානං පටියාදෙත්‍වා ථෙරං නිමන‍්තෙත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා සෙට‍්ඨිධීතරං ආණාපෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. ඉමිස‍්සා ඉත්‍ථියා දිට‍්ඨධම‍්මිකොව යසපටිලාභො අහොසි.

උයන්පල්ලා තෙරවරුන් දැක රජු සමීපයට ගොස් දේවයන්වහන්ස, පුරෝහිත කච්චාන උතුමා පැවිදිවී උයනට ආවේයයි කීවේය. හටගත් කැමැත්ත ඇති චණ්ඩප්පජ්ජොත රජතෙමේ උයනට ගොස් කරනලද බත්කිස ඇති තෙරුන් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක හුන්නේ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ කොහිදැයි ඇසීය. ‘මහරජ, ශාස්තෘන්වහන්සේ තමන් නොපැමිණ මා එවූසේක’යි කීහ. ස්වාමිනි, අද කොයින් හික්‍ෂාව ලැබූසේකද? තෙරුන්වහන්සේ, රජුට සිටුදුව විසින් කරනලද සියලු දුෂ්කරක්‍රියාව සැලකළහ. රජතෙම් තෙරුන්ට විසීමට තැනක් පවරාදී තෙරුන් ආරාධනාකොට නිවෙස්නට ගොස් සිටුදියණිය ගෙන්වා අගමෙහෙසි තනතුරෙහි තැබීය. මේ ස්ත්‍රියගේ කීර්තිලාභයද මේ අත්බවටම අයත්විය.

තතො පට‍්ඨාය රාජා ථෙරස‍්ස මහාසක‍්කාරං කරොති. ථෙරස‍්ස ධම‍්මකථාය පසීදිත්‍වා මහාජනො ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජි. තතො පට‍්ඨාය සකලනගරං එකකාසාවපජ‍්ජොතං ඉසිවාතපටිවාතං අහොසි. සාපි දෙවී ගබ‍්භං ලභිත්‍වා දසමාසච‍්චයෙන පුත‍්තං විජායි. තස‍්ස නාමග‍්ගහණදිවසෙ ගොපාලකුමාරොති මාතාමහසෙට‍්ඨිනො නාමං අකංසු. සා පුත‍්තස‍්ස නාමවසෙන ගොපාලමාතා නාම දෙවී ජාතා. සා දෙවී ථෙරෙ අතිවිය පසීදිත්‍වා රාජානං සම‍්පටිච‍්ඡාපෙත්‍වා කඤ‍්චනවනුය්‍යානෙ ථෙරස‍්ස විහාරං කාරෙසි. ථෙරො උජ‍්ජෙනිනගරං පසාදෙත්‍වා පුන සත්‍ථු සන‍්තිකං ගතො. අථ සත්‍ථා අපරභාගෙ ජෙතවනෙ විහරන‍්තො මධුපිණ‍්ඩිකසුත‍්තං (ම· නි· 1.199 ආදයො) කච‍්චානපෙය්‍යාලං (ම· නි· 3.279 ආදයො) පාරායනසුත‍්තන‍්ති ඉමෙ තයො සුත‍්තන‍්තෙ අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

එතැන්පටන් රජතෙමේ තෙරුන්ට මහත් සත්කාර කළේය. තෙරුන්ගේ ධර්‍මකථාවට පැහැදී මහජනයා තෙරුන් සමීපයෙහි පැවිදි වූවේය. එතැන්පටන් සියලු නුවර එකම කසාවතින් බැබළුනේ සෘෂිගණයාගෙන් ගැවසුණු උඩු සුළං ඇත්තේ විය. ඒ දේවියද දරුගැබක් ලැබ දසමසක් අවෑමෙන් පුතකු වැදුවාය. ඔහුට නම්තබන දිනයෙහි ‘ගොපාල කුමාරයා’යි මවගේ පිය සිටාණන්ගේ නම කළාහුය. ඕ පුතාගේ නම වශයෙන් ගොපාලමාතාදේවී නම් වූවාය. ඕතොමෝ තෙරුන්කෙරෙහි බෙහෙවින් පැහැදී රජු කැමැති කරවාගෙන කංචන වන උයනෙහි තෙරුන්ට විහාරයක් කරවූවාය. තෙරුන්වහන්සේ උජ්ජෙනි නගරය පහදවා යළි ශාස්තෘන් සමීපයට ගියහ. ඉක්බිති ශාස්තාන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩවසනසේක් මධුපිණ්ඩික සූත්‍රාන්තය කච්චනපෙය්‍යාල සූත්‍රාන්තය පාරායන සූත්‍රාන්තය යන මේ සූත්‍රාන්ත තුන අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන්වහන්සේ සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

පඨමවග‍්ගවණ‍්ණනා.

පළමුවෙනි වර්‍ගයයි.